Katha Ahura

නොපැතූ සෙනෙහෙ | විසිහත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~විසිහත්වන දිගහැරුම~

අද දවස ඉවරවෙනකන් මං බලාගෙන හිටියේ හෙට දේව්ව බලන්න යන්න ඕනි නිසා..

ඊයෙ දවසෙ වගේම අද දවසත් අඩල අඩලම හිටපු නිසා ඇගටත් නිකන් පණ නෑ වගේ..

ඒක නිසා ඉක්මනට wash එකකුත් දාගෙන ඇදට ඇවිල්ල හන්සිඋනා..

******************************

සුදු පාට පසුබිමේ රතු පාට ලොකු මල් වලින් සැරසුනු දනහිස ලගට උස ගවුමත් ඇදලා කොන්ඩෙ පෝනිටේල් එකකුත් දාලා මං ලෑස්ති උනේ දේව්ව බලන්න යන්න..

අදනම මට දැනුනේ හරි අමුතුම සතුටක්..ඉක්මනට ලෑස්තිවෙලා මිනූලගෙ ගෙදරට ගිහින් ඉක්මනට එයාවත් එක්කගෙන පාරට ආවේ බස් එකට නගින්න..

“ඔහොම හිටපන් යකූ දුවන්නෙ නැතුව..”

මිනූ හති දදා මට බැන බැන එනවා..

“මොන යකෙක්ද බං උඹට මේ උදේ පාන්දර වැහුනේ?”

“මට වැහුන යකෙක් නෑ..”

“එහෙනම් මොකෝ බං නැට්ට පාගෙගෙන දුවන්නේ? ඊයෙ අඩ අඩ හිටියා..අද හිනා වෙවී ඉන්නවා..අනේ මංදා..”

“අයියෝ..මං මේ දේව් ගාවට යන්නෙ කොයිවෙලේද කියලා බලන් ඉන්නෙ..”

“අහ්..මේ ඒකද..ඔහොම හදිස්සිවෙන්න එපා බං..කවුරුත් දේව උස්සගෙන යන්නෙ නෑ..”

එතකොටම බස් එකකුත් ආවා ඒකට නැගලා ඉඩ තිබ්බ seat එකකිනුත් අපි දෙන්නා වාඩෙ උනා..

බස් එකට නැග්ගවෙලේ ඉදන් මට දැනුනෙ බස් එක නිකන් නවත්තගෙන් ඉන්නවා වගෙ..බස් එකෙන් බහිද්දි විනඩි 45 ගමන දැනුනේ පැය 5ක් ගමනක් වගේ..

රත්නපුර town එකෙන් බැස්සගමන් මං මිනූවත් ඇදගෙන දිවුවේ shop එකකට..ඒකට ගිහින් මං ලස්සන මල් බොකේ එකක් ගත්තේ දේව්ට ඒක දීලා මගේ හිතේ එයාගැන තියෙන ආදරෙත් අද කියනවා කියලා හිතාගෙන..

ඒවගේම කොල්ලෝ කැමති කියලා හිතන එක එක දේවල් ටිකක් මං දේව්ට ගෙනියන්න ගත්තා..

මිනූ කටත් අරගෙන මං දිහා බලාගෙන ඉන්නවා..

“ඔය කටවහ ගන්න..මැස්සෙක් යයි..”

එහෙම කියද්දි මිනූගේ මූන ඇඹුල්වෙලා වගේ ගියේ මං බලාගෙන ඉද්දිමයි..

මිනුත් මොනදෝ දෙයක් ගත්තා දේව්ට දෙන්න..

ඉටපස්සෙ අපි hospital එකට යන්න පිටත් උනා..

විනඩි 15න් විතර පස්සේ අපි දෙන්නා දේව් ඉන්න තැනට ආවා..

අපි යද්දි දේව්ගෙ පවුලෙ අය වගේම යාලුවොත් ඇවිල්ලා හිටියා..මායි මිනුයිත් දේව් ලගින් ගිහින්හිටගත්තා..එතකොටම අනිත් අය එලියට ආවා..

මං මුලින්ම මිනූට දේව් එක්ක කතා කරන්න අවස්තාව දුන්නෙ මට එයත් එක්ක ගොඩක් දේවත් කතා කරන්න තිබ්බ නිසා..

දේව් හිනා වෙලා මිනූ දුන්න present එක ගත්තා..මාත් ඉටපස්සෙ දේව් ලගට ගිහින් මන් ගෙනපු ඔක්කොම ටික එයාට දුනා..එත් එයා මාත් එක්ක හිනාඋනෙ ඕනිවට එපාවට..

ඒකටනම් මගේ හිත රිදුනා..ඒත් මං ඒක ගැන නොහිතා ආයි දේව් එක්ක කතා කරන්න හැදුවෙ..

“ඔයාට දැන් කොහොමද දේව්..”

දේව් මට උත්තරයක් නොදී මට රවලා මිනූ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ මුහුණකින්..

“මේ කවුද මිනූ..මෙයා මාව දන්නෙ කොහොමද?”

දෙයියනේ..දේව් මිනූගෙන් එහෙම ඇහුවාම මට නිකන් දැනුනේ මගෙ ලග හෙන හත අටක් පිපිරුනා වගේ..

මගේ ඇස් දෙකෙන් කදුලු කැට කඩාගෙන වැටුනේ ඉබේටමයි..

“දේව් මං තෙනුෂි..ඔයාට මාව මතක නැද්ද? ඔයා මාත් එක්ක fb එකෙනුත් chat කලේ..අපි හොදම යාලුවොනේ..”

“මිනූ මෙයාට මෙතනින් යන්න කියන්න මට වද නොදී..”

“අනේ..ඔයා මට ආදරේ කලා නේද දේව්..ඒත් දැන් එහෙම නැද්ද..ඇයි මාව විතරක් මතක් නැත්තෙ?”

“ප්ලීස් ගෙට් අවුට්..”

“හරි දේව්..මං යන්නම්..සොරි වදයක් උනාට..”

දේව් මගෙ දිහා එක පොඩ්ඩක් බැලුවෙ නැ..අහක බලාගෙන හිටියේ..

මං එන්න හදද්දි එකපරම මගෙ ඉස්සරහට වැටුනෙ මං දේව්ව බලන්න එද්දි ගෙනාපු දේවල්..එයා ඒ ඔක්කොම විසික් කලා..

“ඔය ටිකත් අරගෙන යන්න මෙතනින්..”

මං එහෙම්මම අඩාගෙන එලියට ආවා..එතන එලියෙ කවුරු හිටියාද දන්නෙ නෑ..මං අඩාගෙනම දුවලා ආවේ ගාඩ්න් එකේ තිබ්බ බංකුවක් උඩට..

“තෙනූ ඔයා කොහෙද යන්නෙ?? ඇයි අඩන්නෙ?”

මං එතනින් එද්දි දේව්ගෙ යාලුවොද කොහෙද මගෙන් එහෙම ඇහුවා..ඒත් මට එයාලට උත්තර දෙන්න තරම් මානසුකත්වයක් තිබ්බෙ නෑ..

මං කලේ මගේ දුක නැතිවෙනකන් අඩපු එක..ඒත් දුකනම් අඩු උනේ නෑ..

එයාට මාව විතරක් අමතක් උනේ කොහොමද..මිනූව හොදට මතකයි.. ඇයි දෙවියනේ මට මෙහෙම දඩුවමක්..මං අද එයාව බලන්න ආවේ කොච්චර සතුටින්ද..මගේ ආදරේ ගැනත් කියන්න හිටියේ..

ආදරේ කියන්නත් කලින් මට ඒ ආදරේ අහිමි වෙන්න යන්නෙ..

මං කොහොම හරි හිත හදාගන්න ඕනි..මෙහෙම් ඉදලා බෑ..එයාව කොහොම හරි හොද කරගන්න ඕනි..

මං කදුලුත් පිහදාගෙන ආයිත් දේව්ගෙ අම්මා එහෙම ඉන්න තැනට ගියා..

“කොහෙද බං ගියේ..මං උඹව හෙවුවා..මං ඒත් හිතුවෙ උඹ ගියාද දන්නෙ නෑ කියලා..”

“නෑ මිනූ..මං එලියට ගියා පොඩ්ඩක්.. දේව් මොනාද කිවුවෙ..”

“එහෙම මුකුත් කිවුවෙ නෑ..ඔයා ආවාම මාත් එහෙම්මම ආවා..”

“හ්ම්ම්ම්ම්..”

“මං ආන්ටි එක්ක කතා කරලා එන්නම් මිනූ..”

“හිටපන් මාත් එනවා..”

මායි මිනුයි ආන්ටි ඉන්න තැනට ගියා..

“අහ් දූලා පුතා එක්ක කතා කලාද?”

“ඔව් ආන්ටි..කතා කලා..ඩොක්ටර් මොනාද කිවුවෙ ආන්ටි..”

“මතකය එන්නනම් ගොඩක් කල් යයි කිවුවා..හරියටම කාලයක් කියන්න බැරිලු..”

“එයාට ඉක්මනට හොදවෙයි ආන්ටි..”

❤️❤️❤️

ඊළග කොටසින් හමුවෙමු..

?Nawanjanawa Dawanshi?

4 thoughts on “නොපැතූ සෙනෙහෙ | විසිහත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. අනේ ඇයි අනේ මෙහෙම කරේ. අනේ තෙනු පව් ..
    දෙව්ගේ මතකේ වැඩියෙන්ම හිටියේ තෙනු නිසා දෙව්ට තෙනුව අමතක වෙලා ගියද අයියෝ..
    ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.