Katha Ahura

මරණයේ දියකදක් | 05 කොටස | හොල්මන් කතා

2.5/5 - (11 votes)

මරණයේ දියකදක් ? 05 කොටස

ත්රී වීල් කාරය යලිත් කතාව කියන්ඩ පටන් ගත්තේ නිහඩ බව නැතිකරමින්.

“හිතපු විදිහටම පාලිත් බිරිදත් එක්ක ගමේ ගෙයක් හදාගෙන පදින්චියට ගියා. ඒක් පොල් අතු සෙවිල්ලපු පොඩි මැටි ගෙයක්. ඒ පැත්තෙ ගෙවල් තිබ්බෙත් ඈතින් ඈත. හිතුවක්කාරකමට පාලිත් කරගත්ත කසාදය හින්ද දෙමව්පියො හිටියෙත් පාලිත එක්ක තරහින් වගේ. පාලිත බැදපු කෙන පහත් කුලයක් කෙනෙක් හින්ද ඒ තරහ තවත් වැඩි වෙලා තිබ්බා. ඒ හින්ද අඩුම තරමේ මේ ගෙදරට ඒ අය පය තිබ්බෙවත් නෑ.

එත් පාලිතට ඒ ගැන ගානක් තිබ්බෙ නෑ. ඒ හැමදේකිම්ම වුනේ පාලිතට නිලා ගැන තිබ්බ ආදරය වැඩි වුන එක විතරයි. ඒ දවස්වල ත්රී වීල් එච්චර තිබුනෙ නැති හින්ද පාලිතට හයර් කරලම සෑහෙන්ඩ ගානක් හොයාගන්ඩත් පුලුවන් වුනා. සමහරදවස් වලට පාලිට් හෙට්ටිපොල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ත්රී වීල් එක තියාගෙනත් හයර කෙරුවා.

පාලිත කොලඹින් ගමට ඇවිල්ල පදිංචිවුනාට එයාගේ සහෝදරයො දෙමව්පියො කවදාවත් ඒ ගෙදරට ගොඩ වුනේ නැති වුනාට වෙන දෙන්නෙක්නම් නිතරම එන්ඩ පටන් ගත්තා. ඒ වෙන කවුරුවත් නෙමේ පාලිතගේ යාලුවෝ දෙන්නෙක්. ඔවුන් දෙන්නාගේ පැමිනීමත් සමග #පාලිතගේ ජීවිතය කනපිට පෙරලුනා. එතකොට පාලිතගෙ බිරිදගෙ බඩට දරුව ඇවිල්ලා මාසයක් විතර ඇති.”

ත්රීවීල් කරු මදක් නිහඩ වුනා. වැස්ස වමත් නොනවත්වා ඇද හැලේ.තීරී වීල කාරයා කියන වාග් විලාශයට මලිත්ටත් දැන් දැන් කතාවට සවන් දුන්නෙ මදක් ඕනාකමින්.

“මේ යාලුවෝ දෙන්න ඕනවටත් වඩා අරක්කු වලට ඇබ්බැහි වුන දෙන්නෙක්. කලින් කටේ වත් අරක්කු බිදක් තියල නැති පාලිතත් මේ දෙන්නගේ අශ්රය හින්ද ඒකට ඇබ්බැහි වුන. ඒ විතරක් නෙමේ පාලිතට තිබුනෙ අරක්කු පොඩ්ඩක් කටේ ගෑවුනත් වෙරි වෙන ගතියක්. එතකොට වෙන දේවල් කරන කියන දේවල් ගැන කිසි තේරුමක් පාලිතට තිබුනේ නෑ. මේ ගැන පාලිතගේ බිරිද හිටියේ ගොඩක් කනස්සල්ලෙන් , අරක්කු බොන එක නතර කරන්ඩ කියල පාලිතට කොච්චර කිව්වත් පාලිත බිරිද කියන දේ තබ සතයකට ගනන් ගත්තේ නෑ.

පාලිතට වෙරි වෙන කම් බිව්වට අර යාලුවො දෙන්නට එහෙම වෙරි වුනේ නෑ. උන් දෙන්න පාලිත වෙරි වෙනකම් බලල පාලිතගෙ බිරිදට කෙරුවේ එක එක නරක වැඩ. ඒ කිව්වෙ බලහත්කාරකම්. අතින් ඇල්ලුවා,, ඊටත් වඩා පිලිකුල් හිතෙන වැඩ කෙරුවේ. මේ ගැන කිසිම ##දෙයක් පාලිතට තේරුනේ නෑ. ඒ හැමවෙලාවෙම පාලිතහිටියේ මෙලො සිහියෙන් නෙමේ.

මේව තවත් දරාගෙන ඉන්ඩ බැරි තැන නිලා පාලිත සිහියෙන් ඉන්නකොට අරුන් දෙන්න කරන ඩේවල් පාලිතට කිව්වා. පාලිත මේවා මුලින් විශ්වාස කෙරුවේ නෑ. ඒත් පාලිතගේ බිරිද දිව්ර දිව්ර කියන දේවල් වල ඇත්තක් තියෙනවද කියල බලන්ඩ පාලිත දවසක් උප්ක්රමයක් පාවිච්චි කෙරුවා.

එක දවසක් රෑක පාලිතගෙ යාලුවෝ පුරුදු විදිහටම පාලිතගෙ ගෙදර ආවා. ඒ අරක්කු බීල පොඩි විනෝදයක් ගන්ඩ. පාලිත එදා හොදට බොන විදිහට අගවල නොබී හිටියා. එක අරක්කු උගුරක්වත් බිව්වේ නෑ. වෙරි වෙලා වැටුන වගේ බිම වැටිලා රගපෑවා.

ටික වෙලාවක් පාලිත දිහා බලන් හිටපු අරුන් දෙන්න කෙලින්ම ගියේ පාලිතගෙ බිරිද හිටපු කාමරේට. ඒ වෙලාවේ නිලා හිටියේ ගොඩක් කලබලවෙලා, කොහොමත් නිලා කියන්නෙ ගොඩක් අහින්සක් කෙනෙක්. පාලිතත් නැගිටල් අරුන් දෙන්න පිටිපස්සෙන් හොරෙන්ම ගියා. දැකපු දේ පාලිතට හිතාගන්ඩත් බැරිවුනා.

නිලාගේ කට බැදල ඇයව ගෙදර තිබ්බ එකම ඇදේ පෙරලගෙන හිටියේ නිලා දගලද්දි. එකෙක් ###පිස්සු හැදිල වගේ නිලාව ඉබගෙන ඉබගෙන ගියා. පාලිතට මේ දේවල් තවත් ඉවසන් ඉන්ඩ පුලුවන් කමක් තිබුනේ නෑ. පාලිත හිටියේ හොදටම යක්ශයා අරූද වෙලා. ඉස්සරවෙලාම අතට අහුවුනේ දොර පොල්ල. පාලිත හිත හිතා හිටියේ නෑ. හොරෙන්ම උන් පිටිපස්සෙන් ගිහින් දොත බදල එකෙකුගෙ ඔලුවට ගැහුවා. ඌට හිතාගන්ඩත් බැරි වෙන්ඩ ඇති. ඒ පාරට ඌ ඔලුව අල්ලගෙන කෑ ගහගෙන බිම වැටුනෙ සිහිනැති වෙල. අනිත් එකාගේ ඇස් උඩ ගියා. ඌටත් පාලිත කෙරුවේ ඒ දේමයි. උන්ව මරන්ඩ තරම් ආවේගයක් පාලිතට තිබ්බට් පාලිත ඒල කෙරුවේ නෑ, එකක් නිලාගේ බඩේ ඉන්න දරුවා. අනික නිලා.

පාලිත අරුන් දෙන්නව ත්රී වීල් එකට දාගෙන ගිහින් පාලු තැනක දාල ආවා. ඊට පස්සෙ උන්පාලිතව දකින්ඩවත් ඉස්සරහටවත් ආවේ නෑ. පාලිත හිතුවේ උන් උන් කරපු වැරද්ද ගැන පසුතැවිලි වෙනවදෝ කියලා. ඒත් එහෙම වෙලා තිබුනේ නෑ.”

ත්රී වීල් කාරයා මදකට කතාව නැවත්තුවා. ඒ සමගම ඔහුගේ මුවින් පිටවුනේ සුසුමක්. මලිත් පමනක් නෙමේ චන්දුලිත් මේ කතාව අහන් හිටියේ නලල රැලි කරන්. Phone එකෙන් වෙලාව බලද්දි මලිත් දැක්කෙ ඒ වෙලාව ####හරියටම රෑ එකොලහයි හතලිස් නමය විදිහට.

තීරීවීල් කාරයා යලිත් කතාව පටන් ගත්තා.

“එතකොට පාලිතගේ බිරිදගෙ දරුව බඩට ඇවිල්ල මාස තුනක් විතර. අර සිදුවීමෙන් පස්සෙ පාලිත් හැමදාම රෑ වෙන්ඩ කලින් ගෙදර ගියා. ඒ නිලාට මොකක් හරි කරදරයක් වෙයි කියලා.

එදා හරි අමුතු දවසක් අදවගේ හොදට වහිනවා. ගමේ ගෑනු කෙනෙකුට බබෙක් හම්බවෙන්ඩ අමාරුවෙලා පාලිතව හොයාගෙන කෙනෙක් එදා ආවා. එතකොට රෑ දහයත් පහුවෙලා. පාලිතට කරන්ඩ දෙයක් තිබිනේ නෑ. නිලාව ගෙදර තනිකරපු පාලිත අර බබා හම්බවෙන්ඩ හිටපු ගෑනු කෙනයි එයාගේ මනුස්සයයි එක්ක මහ රෑම තීරීවීල් එකෙ ඉස්පිරිතාලෙට ගියා.

මහවැස්ස නිසා කොලමුනු ඔය හොදටම ගලලා. වෙන්ද යන ලග පාරෙන් ත්රීවීල් එකට කොහොමවත් යන්ඩ බෑ. ඒ හින්ද පාලිත් ගියේ මදුල්ල පැත්තෙන්. එහෙන් යද්දිත් කොලමුනු ඔය හම්බවෙනවා . ඒත් ඒ හරියෙ අර පැත්තෙ වගේ වතුර එච්චරම පාර උඩින් දාන්නෙ නෑ කියල පාලිත දැනන් හිටියා. හිතපු විදිහටම පාලිතට ත්රීවිල් එක අමාරුවෙන් හරි එතනින් අරන් යන්ඩ පුලුවන් වුනා.

බබා හම්බවෙන්ඩ හිටපු ගෑනු කෙනාව #####ඉස්පිරිතාලේ නවත්තපු පාලිත ආපහු ආවේ තනියම. ඒ අර ගිය පාරෙමයි.එතකොට රෑ එකොලහත් පහු වෙලා. හොදටම නා කපන වැස්ස. මේ අද දවස වගේ.

කොලමුනු ඔය ලගට යද්දි පාලිත දැක්කෙ යද්දි තිබුනටත් වඩා වතුර පාර සැරයි වගේ. ත්රී වීල් එකෙ යන්ඩ බැටිතරමටම ඒ ටිකට වතුර පාර පාර උඩින් දාලා.

පාලිතට සැකයක් ආවා ත්රී වීල් එක වතුරට අහුවෙලා පාර මැද නතර වෙයිවත්ද කියලා. ඒත් පාලිතට වෙන කරන්ඩ දෙයක් තිබ්බෙත් නෑ, නිලා ඉන්නෙත් ගෙදර තනියම. මොනව වුනත් කමක් නෑ කියලා පාර උඩින් දාල තිබ්බ වතුර පාර මැද්දෙන් පාලිත ත්රී වීල් එක එලවගෙන ඉස්සරහටම ගියා.

*** ත්රී වීල් කාරය මදකට කතාව නැවත්තුවා. සමහර විට එක දිගටම කියන් ගිය හින්ද මහන්සි ඇති. මලිත්ට සිතුනේ එහෙම. ත්රී වීල් කාරය කියන ඔය කොලමුනු ඔය හමුවෙන හරියෙදි තමා එදා තම තාත්තයි තාත්තගෙ හොදම යාලුවෙකුයි වතුරෙ ගහන් ගිහින් මැරුනේ. මලිතට එය සිහිවෙද්දීනම් දැනිනේ යම්කිසි අමුත්තක්.

“ඊ…. ඊ…. ට පස්සෙ මොකද වුනේ “

මලිත් පුදුමයට පත් කරමින් ඇහුනේ චන්දුලීගේ හඩයි. මෙච්චර වෙලා කතාව අහන්ඩ බයයි බයයි කියපු ඇය ඉස්සරහට කතාවේ වෙන්නෙ ##### #මොකක්ද කිය දැන ගන්ඩ හිටියේ නොසන්සුන් වෙලා.

ත්රී වීල් කාරයා යලිත කතාව් කියන්ඩ පටන්ගත්තා.

“පාලිතට ඒ වතුර පාර උඩින් එච්චර දුරක් යන්ඩ හම්බවුනේ නෑ. වතුර ගිය හින්ද ත්රීවීල් එකේ එන්ජිම නතර වුනා. වටේටම විදුලි කොට කොටා ගොරව ගොරවා වහිනවා. කාගෙන්හරි උදව්වක් ගන්ඩ ඕනම වෙලාවකයි පාලිත හිටියේ. ඒත් ඒ හරියේ ආසාවටවත් ගෙයක් දොරක් නෑ. පාලුම පාලුයි. කවුරු හරි ඉතින් පාරේ යන කෙනෙක් ආවොත් තමා. ඒත් කවුද මේ වෙලාවය මේ ඔය මැදින් එන්නෙ .පාලිත හිටියේ කරකියාගන්ඩ දෙයක් නැතිව. , ත්රී වීල් එකෙන් බැස්සෙ තවත් බලන් ඉන්ඩ බැරි හින්ද. සීතලම සීතල කොලමුනු ඔයේ වතුරට පාලිතගේ කකුල් තෙමෙද්දී, මහ වැස්ස හිස තෙමුවා. ඔහු කවුරු හරි එනවද කියල බලන් හිටිය පොඩ්ඩ වෙලාවක්.

ඒත් පාලිතට එච්චර වෙලාවක් ඉන්ඩ ලැබුනේ නෑ. එකපාරටම පාලිත දැක්කා අනිත් පැත්තෙන් හීරෝ හොන්ඩ වර්ගේ බයික් එකක් මේ පැත්තට එනවා. විදුලි කොටපු එලියෙන් එයා දැක්කෙ ඒ බයික් එකේ ඉදන් එන්නෙ පිරිමි දෙන්නෙක් කියලා. ඒ කවුද කියල අදුන ගන්ඩනම් පාලිතට පුලුව්න් වුනේ නෑ. කවුරු වුනත් පාලිතට ඒ ##### ##වෙලාවෙනම් දැනුනේ හිතට සැනසුමක්.

ටිකකින් අර දෙන්න බයික් එක නැවත්තුව. ඊට පස්සෙ වතුර මැද්දෙන් ආවේ ඒක තල්ලු කරගෙන. පාලිතට ඒ දෙන්න ටික ටික ලන්වෙද්දී එකපාරටම මුලු පැතතම එලිය කරන් විශාල විදුලියක් කෙටුවා. ඒ එලියෙන් පාලිත දැකපු දෙයින් ඇසුත් එක්ක උඩ ගියේ දැකපු දේ අදහගන්නත් බැරුව වගේ.**************************************************ඊලග කොටසට Maranaye Dhiyakadhak

පාලිත දැක්කෙ කවුද කියල ඊලග කොටසින් බලමු… අනුමාන කරන අය අනුමාන කරන්ඩ.

අද කොටස ටිකක් විකාරයක් වගේද දන්නෙත් නෑ.?????

මේ කතාවේ කලින් කොටස් කියවන්ඩ බැරි වුන අයට ඕනමනම් ” නිල් සයුරේ කතා කොදෙව්ව ” පේජ් එකෙන් කියවන්ඩත් පුලුවන් , හැබයි ඒකෙ තියෙන්නේ ලින්ක් තමා ඉතින්. මෙහෙම කතාව පෝස්ට් කරන්නෙ නෑ. කතා දාන ගෲප් වලට මුල් තැන දෙන්ඩ ඕන හින්දා.???????

රාස් ( සාගර සම්පත් )

5 thoughts on “මරණයේ දියකදක් | 05 කොටස | හොල්මන් කතා”

  1. K.K.Damayanthi

    බයික් එකේ ආවෙ පාලිතගෙ යාලුවෝ දෙන්නා වෙන්න ඕනි… ඒකියන්නෙ මලිත්ගෙ තාත්තයි එයාගෙ යාලුවයි… ඒ දෙන්නා එනවා ඇත්තෙ නිලාට කරදරයක් කරලා ..
    කතාව නියමෙට තියෙනවා…
    ??????

    Good luck???? ………

  2. අනිවාරෙන් අර යාලුවො දෙන්නා තමා ආවෙ…. අනික මට හිතෙනවා මේ වීල් එකේ ඉන්නෙ පාලිත , නිලා කියන්නෙ නිලන්ති කියලත්…. අර කොලේ ලියලා තියෙන්නෙත් ඒක වෙන්න ඇතී….

  3. Chathu indeewaree

    අදත් කතාව ලස්සනයි. විකාරයක් වගේනම් නෑ යාළු. මොකද හැම සිදුවීමක්ම එකට බැඳිලා තියෙන නිසා. පාඨක අපේ හිත්වල කුතුහලයක් ඉතුරු කරලා තමයි ඔයා හැමදාම කතාව ඉවර කරන්නේ. චන්දුලීට වගේම මටත් ගොඩාක් හදිස්සියි අනේ සම්පූර්ණම කතාව දැනගන්නකල්. අනේ ඒත් ඒ දෙන්නටනම් කරදරයක් කරන්න එපා හොඳද…? ඔන්න ප්‍රොමිස් වෙන්න ඕන ඒක. හා ද?..අනේ හා ද???

  4. lakmali kumarasinghe

    මලිත්ගෙ තාත්තයි යලුවයි නෙද හම්බෙන්නෙ අනෙ මටනම් ඉවසිල්ලක් නෑ ඊලග කොටස බලනකම් ඒ දෙන්නටනම් මුකුත් කරන්න එපා හොදද ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.