Katha Ahura

නොපැතූ සෙනෙහෙ | හතලිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~හතලිස්වන දිගහැරුම~

“ටෙඩියා තරම් නම් නෑ.. ”

එහෙම කිවුවාම දේව් මාව ලගට අරන් මගෙ නලලට kiss එකක් දුන්නා..

“අනිත් present එක බලන්නෙ නැද්ද?”

මං මගේ අතේ තිබ්බ box එක ඇරලා බැලුවා.. එකේ තිබ්බෙ ලස්සන watch එකක්.. සුදු පාට ගල් වලින් හැඩ කරලයි තිබ්නෙ ඒක..

කවුද ඉන්නෙ කියලවත් නොබලා මං දේව්ව බදාගත්තේ මහ ගොඩක් ආදරේ මේ හිත ඇතුලෙ තෙරපෙද්දි..

දේව්ත් මාව තුරුලු කරගෙන ඔලුව අත ගලා මට තව kiss එකක් දුන්නා..

ගොඩක් වෙලා ඒ උණුහුමේ ඉන්න මං ආස කලත් ඉන්න තැන ඇනුව එහෙම ඉන්න බැරි උනා.. මං දේව්ගෙන මිදිලා ගියේ අනිත් අයත් එක්ක කතා කරන්න..

වෙලාව සවස 2 ඔරලෝසුවෙ සටහන් වීගෙන එද්දි අපේ බඩගින්නත් අපිව වෙලාගත්තා.. එතකොටම වගේ අම්මගෙ ආරධනාවත් එක්කම අපි කන්න ලෑස්ති උනා..

කෑම කාලා ඉවර වෙලා කට්ටිය කතා කර කර ඉද්දි තමයි මට මිනූවයි,චනුකවයි නෙත ගැටුනේ.. මෙච්චර කට්ටිය ඉද්දි ඒ දෙන්නා පැත්තකටවෙලා බර කතාවක.. පේන විදිහට දෙන්නා set වගේ..

“චනුකයෝ.. උඹ අපිට කිවුවෙ නෑනේ උඹෙ අලුත් කෑල්ල ගැන..”

“මොන කෑල්ලද.. මං මේ.. මිනුලි එක්ක කිවුවේ party එක ෂෝක් කියලා..”

“ඔව් ඔව්.. උඹ ඒකම කියන්නැති.. අනෙ පලයන් බං යන්න.. අපි නොදැන්නවෑ උඹ ගැන..”

චනුකයි,සලිතයි ඔහොම කෑගහන්නේ.. ඒත් එක්කම වගේ කට්ටියට නටන්න ඕනි කිවුව නිසා සිංදු ටිකලුත් දැම්මා..

අපිනම් ඉතිං ඉස්කෝලෙදි උනත් trip එකක් යන්නේ නටන්න මිසක් සිරි නරඹන්න නෙවෙයිනේ..

කට්ටිය පැය තුනක් විතර නටන්නැති.. කට්ටියට මහන්සි පාටයි වගේ දැන්නම්.. දැන්නම් අහුවෙන අහුවෙන තැන ඉදගෙන..

එතකොටම අම්මා කේක්,කෙසෙල් එක්ක ටීත් අරන් ආවා.. ඒවා දැක්ක පාරනම් කට්ටිය කොහෙන් නැගිට්ටද මංදා.. බඩජාරියෝ ටිකනෙ.. කෑම කිවුවොත් ඉවරයි..

හවස 6 විතරක්වෙද්දි ඔක්කොමලම එයලගෙ ගෙවල් වලට යන්න ගියා.. මට නම් ගොඩක් සතුටුයි..

මං room එකට ගිහින් දේව් දුන්න watch එකත් දාලා ලස්සන බලලා ටෙඩියවත් තුරුලු කරගෙන හිටියා..

*********************************

“හෙලෝ තෙනුවෝ.. result ඇවිල්ලලු..”

“මොකක්.. අනේ මේ.. ඔහොම විහිලු කරන්න එපා යකූ..”

“විහිලු නෙවෙයි බං.. මාත් මේ රත්වෙලා ඉන්නේ..”

“හපොයි.. අන්න අම්මයි තාත්තයි කතා කරනවා.. එයලත් දැනගෙන වගේ.. මං යනව මිනුවො.. බයවෙන්න එපා උඹට හොද result එකක් ඇති.. මට sure..”

“හරි හරි බං.. උඹත් අවුල් ගන්න එපා.. උඹතටත් හොද result එකක් ඇති මචෝ..”

“අහ් එන්න එන්න ලොකූ.. result ඇවිල්ලලු.. ඉක්මනට බලන්න දරුවෝ..”

“හරි අම්මා.. පොඩ්ඩක් ඉන්න..”

ගැහෙන ඇගිලි තුඩු වලින් මං මගේ index number එක ඇතුලත් කලා.. ඒක දැක්කමනම් හිතට දැනුනේ සතුටක්..

“අම්මේ,තාත්තේ මං පාස්.. A4,B2,C3යි..”

අම්මයි,තාත්තයි මාව බදාගත්තා..

මං room එකට ගියේ දේව්ගෙ result අහන්න..

“Manika.. result awa ned? Mnnm baluwa.. mt A6,B2,C1i.. oyage result monad babo”

“Wow.. marune.. congratulation..”

“Ithi oyage result kiyanne nadd mt?”

“Mt A4,B2,C3i..”

“Hodai.. mage manikath passene.. dan thama mata sathutu..”

“Minugen Result ahanna bariunane babo thm..”

“Ah eyagen ahl enn manika..”

“Hari matto..”

මං මිනූට call එකක් ගත්තෙ result අහන්නෙ..

“හෙලෝ මිනූ.. result බැලුවද?”

“බැලුව කෙල්ලේ.. A5i,B1i,C3i..”

“මරුනේ.. ඔය තියෙන්නේ.. මගෙන උණුසුම් සුභ පැතුම්..”

“කෝ ඔයගේ result කිවුවෙ නෑනේ..”

“මට A4i,B2i,C3i..”

“ඔය තියෙන්නේ.. අපි ඔක්කොම පාස්නේ..”

“ඔව් මිනූ.. එහෙනම් හෙට meet වෙමු.. බායි.. බුදු සරණයි..”

“බායි..බුදු සරණයි මැණිකෝ..”

දැන් ඉතිං මං busy අනිත් අයට result කියන්නයි.. school එකේ අනිත් යාලුවන්ගෙන් result අහන්නයි.. එපා වෙනවා අෆ්ෆා..

එදා දවසෙම හැම තැනින්ම ඇහෙන්නෙ result result result කියන වචනෙම තාමා..

එදා දවසත් ගෙවුනා ඔන්න.. හිතේ තිබ්බ බරලකින් නිදහස්වෙලා..

දවස් ටිල ගෙවුනේ හීනෙන් වගේ.. අද special දවසක්.. කලෙකට පස්සෙ shool යනවා.. අද තමා අපිට උසස් අධ්‍යාපනයට පය තියෙන දවස..

O/L result කියන්න ආවට පස්සෙ අද තමා ආවේ.. ඒ බලාපොරොත්තු ගොඩකින් හිත පුරෝගෙන වගේම ගොඩක් සතුටින්..

ඒත් ඉතිං පරණ යාලුවො ටික නැති එකනම් දුකක්.. සමහර අය වෙන school වලට ගිහින්.. තවත් අය කරන්නෙ වෙන subjects.. ඒත් අලුත් යාලුවො එනවනෙ..

මං තාම මගේ කලින් school එකේම තමා.. දේව් school එකට යන්න මගෙ result මදි උනා.. ඒකටනම් ඉතිං දුකයි.. මිනූනම් ඒ school එකට ගියා.. හැමදාම දකිනවට වඩා ඉදලස් හිටලා දකිද්දි අගේ වැඩිලුනේ.. මං එහෙම කියලා හිත හදාගත්තා..

❤️❤️❤️

හතලිස් එක්වන කොටසින් හමුවෙමු..

3 thoughts on “නොපැතූ සෙනෙහෙ | හතලිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.