Katha Ahura

පරවි | අනූවන කොටස | නවකතාව

3.9/5 - (13 votes)

පරවි
අනූවන කොටස

සු…ද්..දී … මෙහෙම ..මා…ව … ටෙස්ට් ක…රන්න…එපා…

කදුලු එක්ක පොර බදින එයාගේ හැගීම් …මන් තවත් සෙල්ලම් කරනවාදෝ කියලා වරදකාරි හැගීමක් දැනුනේ …

එකපාරම එයා මගේ මූනට බර උනේ ..තවත් ඉවසන් ඉන්න බැරි තැන කියලා මට නොතේරුනා නෙමේ … රැන්ඩි අයියාට ඉඩ දීලා මන් දෑස් පියාගත්තේ ඒ නිසා. නොරිදෙන්න දුන්නූ හාදුවට. සුසුම් එක්ක යා වෙලා …
තප්පර ගානක් දෑස් පියවෙන්නැතී ..ඇතුලෙන්ම පොරබදන නුහුරු හැගුම් වලට ඔහේ පාවෙන්න මන් ඉඩදුන්නා….තප්පර ගානකට පස්සෙ රැන්ඩි අයියා … මගෙන් ඈත් උනේ ..නලලට දුන්නූ සියුම් හාදුවකුත්. දීලා … මන් ටිකක් වෙලා ඒ ඇස් දිහා බලාගෙන හිටියා … එයා යන්තමට හිනාවෙලා බැලුවෙ ආදරේ පිරිච්ච ඇස් වලින් … මන් ඒක හිත ඇතුලෙන්ම විදගත්තේ … අලුතෙන් පටන් ගත්ත ජීවිතේ කිසිම විදියකින් අලු කරගන්නේ නෑ කියලා හිතාගෙන … .තවත් මොකටද … මෙච්චර ආදරයක් ඇරුනාම ..මගේ අප්පච්චී ගෙත් හිතට නිදහසක් ඇති කොහේ හරී ඉදන් බලන් ඉන්නවනම් …

❤️
දවස් ගෙවුනේ වේගෙන්මයී … හිතේ හැගීම් දවසින් දවස. විසිර යද්දී … අතීතයට සාපේක්ෂව අනාගතයට ලොකු වෙනසක් වෙනවා කියලා මට ඉබෙටම දැනුනා .හැමදේම මට දැනෙන්නෙ දැන් වෙනස් විදියට … දවසින් දවසම මන් ඒකට හිතලම හුරු උනා කියලා හිතුනා … හැමදේම වෙනස් වෙන්න කොච්චර ටික කාලයක් ද ගියේ ..මාස ගනන් ගෙවිලා යනවා දැනුනේ වත් නෑ …

මන් ජනේලේ ලග ඉදන් පාඩම් කරන ගමන් හිටියේ …
පටන් ගත්ත එක්සෑම් එකේ අවසානම .. සබ්ජෙක්ට් එක විතරයී ඉතුරූ … මේ සබ්ජෙක්ට් එකත් ඉවර උනාම
රැන්ඩි අයියා එක්ක වැක්ශන් එකේදී ගෙදර යනවා අම්මා බලන්න …
මන් එලියේ ඉන්න රැන්ඩි අයියා දිහා බලලා. එහෙම හිතුවා …
රැන්ඩි අයියා මට. ගොඩක් උදව් කලා ඉගෙනගන්න … හැමවෙලේම ..මගේ පස්සෙන්ම. ඉදගෙන මාව කැම්පස් එක්කන් යන්න පාඩම් කරන්න මට ගොඩක් උදව් දුන්නා … එයාගේ නෝට්ස්. උනත් කොහෙන් කොහෙන් හරි හොයලා මට ගෙනත් දුන්නා
මන් ඒ දෙවල් දිහා බලාගෙන හිටියේ .. කටින් නොකිව්වත් හිත ඇතුලෙන් දවසින් දවස වැඩෙන ආදරෙත් එක්ක …
දැන් .. මේ ගෙවෙන්නේ සාමන්‍ය ජීවිතයක් … හිතින් ලන් වෙන්න උත්සහ ගත්ත කාලයක් … මට ම දැනුනා ..ටිකෙන් ටික අපි ලන් වෙලා කියලා …
ඒත් තවමත් අපි දෙන්නම ගතින් දුරස් ..
සියුම් හාදු එක්ක ආදරේ එකතු උනාට .. රැන්ඩි. අයියා මාව නොසෑහෙන්න පරිස්සම් කලා … ඒක මට තේරුනා …

ඔයා ඉගෙන ගන්න ඕනේ සුද්දී …
ඊට පස්සේ ..ලොකු කෙල්ලේක් වෙන්න බැරියෑ …

මන් ගෙදර අස් කරන දවස් වලට …මගෙන් කොස්ස උදුරගෙන අතු ගාපු අවස්තා එමටයී …

හැමදාම ඕක කියලාම .. රැන්ඩි. අයියා ගොඩක් දේවල් වලින් මාව ඈත් කලා
ගෙදරක මගෙන් වෙන්න ඕනේ ගොඩක් දේවල් .. උනේ රැන්ඩි අයියා අතින් …
වරද්දන්නේ නැතුව පාඩම් කරන වෙලාවට රැන්ඩි අයියා ලගටම තේ එකක් ගෙනත් දෙන්න පුරුදු වෙලා හිටියා .. කොහෙන් පුරුදු උනාද මන්දා …එයාගෙ පිලිවෙල මට වෙලාවකට පුදුමත් හිතුනා …
රසට උයන්න එහෙම රැන්ඩි අයියා. හොදටම දන්නවා … මන් හිතුවටත් වඩා රැන්ඩි අයියා සමහර දේවල් ගැන ඕනවටත් වඩා දැනගෙන හිටියා … ඩිග්‍රියත් ඉවර කරලා … ඉන්න රැන්ඩි අයියාට ..ජොබ් එකක් කරන්න ඕනේයී කියන ලොකු උවමනාවක් මන් දැක්කේ නෑ … මන් ඒකට හේතුවක් වත් ඇහුවේ නෑ ..මට එයාට එහෙම කරන්න කියන්න ඕන උනෙත් නෑ ….. මන් දැක්ක විදියට ..රැන්ඩි අයියා දුක් විදපු කෙනෙකුත් නෙමේ … ඒත් එහෙම කෙනෙක් නොකරන දේවල් පවා රැන්ඩි අයියා හොදටම කලා …මාව ඇහැරවලා පාඩම් කරවද්දී … රැන්ඩි අයියා එලියට වෙලා …පොතක් දෙකක් කියවන්න පුරුදු උනා .. සමහර දාට … මිදුල අතුගාන්න පවා .. රැන්ඩි අයියා පසු බට උනේ නෑ .. මන් නිසා එයා වෙනස් උනාද නැත්නම් රැන්ඩි අයියාගේ සාමාන්‍ය විදිය ඒකද කියන්න දන්නේ නෑ .. ඒත් ඒ විදියට මන් කැමති.

මන් දැක්ක සංකීර්ණ මනුස්සයා ඇතුලේ දැන් මට පේන්නේ සරලම කෙනෙක් … ඊටත් වඩා සැහලුවෙන්ම ජීවිතය ගෙනියන කෙනෙක් … ඉදලා හිටලා මල් පැලේකට උනත් සාත්‍තූ කරන්න රැන්ඩි අයියා පුරුදු වෙලා .. එතකොට නම් මට පුදුමත් හිතුනා …

සමහර දේවල් දිහා මන් හොරෙන් බලන් හිටපු අවස්තා ගොඩයී …

මොනාද බලන්නේ …

එහෙම අවස්තා වල හොරහැට මාව අල්ලගෙන … රැන්ඩි අයියා මාව හුරතල් කරපු අවස්තා ත් තිබ්බා …

ඒ හැම සැරේම මට ඇති උනේ රැන්ඩි අයියා ගැන පැහැදීමක් ..

“හැමදේම වෙන්නේ හොදට”

මන් .. සුසුමක් පිටකරන ගමන් එලියේ වාඩි වෙලා සරමක් ඇදගෙන ..මිදුලේ ඇවිදින ගමන් පොතක් කියවන රැන්ඩි. අයියා දිහා බලල හිතුවා … … මන් තවමත් එදා හිටපූ පාරමී වෙද්දී රැන්ඩි අයියා දවසින් දවස ඉස්සරහට ගියේ මාවත් එයාගේ පාරෙම තියාගෙන …… මන් ජනේලේ ලගට වෙල බලන් හිටියා…එයා දිහා

මන් තනියම හිනාවෙලා ආයෙම පුටුවේ ඉදගත්තේ .. පාඩම් කරන්න හිතගෙන …

හැමදේම සාමාන්‍ය වෙලා … හිත්වල කරදර අඩු වෙලා … රැන්ඩි අයියා .. ඒ හැමදේටම මාත් එක්කම හිටියා කියන්න මන් දන්නවා …

හේශී නැනී … තිලූ … මගේ ලගිනම් හිටපු තුන් දෙනා … තවමත් .. හොස්ටල් එකේ … ඒ ජීව්තේම ගෙවනවා … මතක් වෙද්දීත් ආයෙම යන්න හිතුන වාර අනන්තයී …. ඒත් එහෙම හිතුනාම … ඉබේටම මගේ හිත රැන්ඩි අයියා ලග නතර වෙනවා … ඒ හැමදේටම වඩා මන් රැන්ඩි අයියාට ආදරෙයී … මන් කටින් නොකිව්වත් ..මගේ හිත ඒක හොදටම දන්නවා …

කල්පනාව බිදුනේ එකපාරම ගේට් එක පැත්තෙන් ඇහුන බෙල් එක නිසා .මන් ඉකමනට ජනේලේ පැත්තෙන් ඔලුව දාලා බැලුවා … …

රැන්ඩි අයියා පොත බලන එක පැත්තක දාලා … එහෙමම ගේට් එක ඇරලා … ගත්තේ ලියුමක් … මන් දැක්කා … ලියුම දුන්නූ කෙනාට හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කලේ නෑ එයා … සියුම් ආඩම්බරයක් දැනුනේ … මගේ අප්පච්චී වගේමයී … මට හිතුනා … මන් ආයෙම පුටුවේ වාඩි වෙලා පොත පෙරලගත්තා

මේක තමයී ..මට ලැබෙන්න තිබ්බ ජීවිතය … දෛවය කාටවත් බලෙන් ලියන්න බෑ …

මට අන්තිමට ගොඩක් දේවල් කියලා දුන්නේ මට අතරමගදී හම්බුන මිනිස්සූ …

සුද්දී …

මන් කල්පනාවෙන් මිදුනේ රැන්ඩි අයියාගේ කටහඩට …

ම්හ්හ්… කියවලා බලන්න …

රැන්ඩි අයියා මුකුත් නොකියා මගේ අතින් තිබ්බේ ලියුමක් …
මගේ හිත ගැස්සුනා ඒ මූනේ සතුටක් තිබුනේ නෑ ඇත්තටම … මම ඒ අතින් ලියුම අරන් දිගෑරියේ ගැහෙන හිතත් එක්ක ..

යුනිවර්සිටි ඔෆ්…….

48 th convercation

මට එච්චරයි කියාගන්න පුලුවන් උනේ …
මට සතුටට ඇඩුනා … මන් බැලුවේ රැන්ඩි අයියාගේ මූන … ඇත්තටම මන් පුටුවෙන් නැගිටලා. එල්ලුනේ එයාගේ බෙල්ලේ.. රැන්ඩි අයියාට පුදුම හිතෙන්න ඇතී …

මට. දැනිච්ච සතුටට .. එකතු කරන්න වචන තිබ්බේ නෑ ඇත්තටම …

මයී කන්ග්‍රැජුලේශන්ස් …

මන් රැන්ඩි අයියාව බදාගෙනම කිව්වා …

තැන්කී යූ සුද්දී …

රැන්ඩි අයියා එච්චර ම සතුටකින් ඒක නොකිව්වම මට ලොකු වෙනසක් දැනුනේ …

ඇයී අයියේ මේ ….
හ්ම්ම් …

මුකුත් නෑ …

මම රැන්ඩි අයියාගෙන් අහද්දී එයා මූන හොලවලා හිනාවෙලා කිව්වේ එහෙම …
මන් ගස්සගෙනම අනිත් පැත්ත හැරුනා …

එහෙනම් මොකද මේ … මූන දෙකක් කරගෙන ..මෙච්චර සතුටක් තියෙද්දීත් …

නෑ …. යන්න කෙනෙක් නෑ …

මන් තරහෙන් වගේ අහද්දී රැන්ඩි. අයියා උත්තර දුන්නේ හරී හිමීට …

අනේහ්හ් එහෙම කිව්වම මගේ පපුව පිච්චිලා ගියා …

මන් එයාගේ පැත්ත හැරුනේ මූනේ තිබ්බ තරහා ඔක්කොම. නැති කරගෙන …

අ..න්හ්හ්හ්හ්…..
සො……රී….අ…යි…යේ…

ම….ම…. ඉන්…නවා…නේ…

මන් එයාගේ පැත්ත හැරිලා අත් දෙකම මගේ අත් දෙකට හිර කරගන්න ගමන් කිව්වේ .

එතකොටම රැන්ඩි අයියා මූනට මවාගත්ත හිනාවක් එක්ක හුරකරන් හිටපු අත අරගෙන මගේ හිස අතගෑවා

මන් දන්නවා … රත්තරන් ……

මන් එන්නම් … යමූ අපි දෙන්නා …

මන් … දගකාර හිනාවක් මූනට අරගෙන ඇහැක් ඉගිමරලා …කිව්වේ …

ඊලග කොටසට …

පොඩි කොටසක් නේ හ් සතියම කතාවත් නෑ න්හ්හ් ….
මෙ දවස් ටිකේනම් එක දිගටම කතාව දාන්න බැරිවෙයී සුදූ ලා ..තරහා වෙන්න එපා .. හොදද කොහොමහරී දාන්නම්කෝ ….

පියුමි සේනාදී

8 thoughts on “පරවි | අනූවන කොටස | නවකතාව”

  1. අනේ… දෙයියනේ පරවි දාලා….තැන්කූ අනේ කතාව දැම්මට….. සතුටට මැරෙයිද මන්දා……උම්ම්ම්…….මා…හ්….

  2. Hmvkkalpani

    Ane akke shoi ane kathawa dammata mare maru hamadama kathawa dalada kiyala balanawa….ammmoooo kathawa amathaka wela hitiye ane mehemawath damma eka lokuma loku deyak………. thanks akkiyo ??????

  3. Ranmali subasinghe

    adanam marama happy… ????????kathawa dalaaaaa hure…????????? Thiyana weda tika serama iwara karan kelle ikmanatama set wennako app ekata…. palui halo oya nethuwa… ikmanatama enna… wenada wagema lassanai kathawa…. good luck!!!! ???????

  4. Priyadarshani

    අනේ අක්කියෝ මට දැන්නම් ඔයාව හොයාගෙන එන්න හිතෙනවා ???? කතාව දැම්මට…
    අක්කියෝ පිං ඔයාට මේ සතුට නම් පාරෝගෙන් ඈත් කරන්න එපා….?

  5. අම්මෝ ඇතියන්තන් කතාව දාලා .
    අක්කියෝ ඔයා අපේ ඉවසීම පරික්ෂා කරනවා නේද කතාව පරක්කු කරලා.
    හැමදාම වගේ කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි .
    පාරෝවයි රැන්ඩි අයියාවයි හැමදාම මේ විදිහටම සතුටින් තියන්න අක්කියෝ .
    හැමදාමත් වගේ ඔයාටයි පරවි කතාවටයි ගොඩාරියක් ආදරෙයි .
    All the best
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  6. Ammo adanam parawi dala. ?????
    Katawa balanna hamadama app ekata awa…Hari paluwen hitiye katawa danakam.
    Akkiyo oyage wada iwara unu gaman digaaaaaaaaaa kotas danna hodada.
    Katawa godaaaak lassanai.
    Good luck. ?????????

  7. ammo… athi yanthan.. paro kohom hari hitha hadagen… ainm e dennawa wen krl dukaknm denn epa akkiyo… paro amaruwen hitha hadagenane… kathawa godaaaaaaaaaaaaaaaaaaaaak lassanai…
    ❤️❤️❤️❤️❤️❤️❤️

    1
  8. kasuni chamalka

    ගොඩාක් කාලෙකින්.. කතාව නැතුව පිස්සුවෙන් වගේ හිටියේ.. ඒ තරන්ම කතාව අපේ හිතට කා වැදිලා.. අනේ කතාව පුළුවන් විදිහට ඉක්මනට දාන්න.. නැත්තන් Mental hospital තමා යන්න වෙන්නෙ..

    කතාව ගොඩාක් ලස්සනයි.. අනේ පරෝවයි රෑන්ඩ් අයියවයි වෙන් කරන්න එපා.. රෑන්ඩ් අයියගේ ආදරේ හැමදාම පරෝට් දෙන්න.. කොච්චර කරදර ආවත් මොන දේ උනත් කතාවට ලස්සන අවසානයක් දෙයි කියලා විස්වාස කරනවා..

    ♡♡♡♡♡__Ğøøđ Łųćķ__♡♡♡♡♡

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.