Katha Ahura

පරවි |අනූ දෙවන කොටස | නවකතාව

කතාව කොහොමද?

පරවි
අනූ දෙවන කොටස

එකපා…ර…ක් කි..ව් ….වාම ….ප…ල…ය…න් … සුද්දී ….

රැන්ඩි අයියා ..මාව තල්ලූ කරලා .. එයා .. දිව්වේ ඇතුලට …. මාත් ඒ පස්සෙම දිව්වේ … කකුල පැටලිලා වැටෙද්දී. … එහෙමම නතර උනා මම
පැන්චී. කොහෙද දන්නේ නෑ ..

මන් නිකමට බැලුවේ වටපිට … මූනේ පැත්තකින් බේරෙන දාඩිය බින්දු අතින් පිහලා දාද්දී ඇගට විසි උනේ .. ලේ බින්දුවක් …
මන් මූන පිහපු අත දිහා බැලුවේ … මගේ ඔලුව දිගේ ලේ ගලනවා… මට දැනුනේ වත් නෑනේ …
කොයී වෙලේද මේක උනේ … මට හිතාගන්න බැරිඋනා … ආපහු මතකෙන් මන් පිටිපස්සට ගියා ..

වීල් එකේ දිද…

එච්චර සිහියක් නැද්ද මට … පැංචිගේ වේදනාව එක්ක ඔට්ටු වෙච්ච මට වේදනාව මට දැනිලාවත් නෑ …
මන් ලේ පැල්ලම ඇගේ පිහදාගෙන ඇතුලට දුවන්න හදදීම … මා එලියෙන් ඇද්ද වේගෙට … මන් හැරිලා බැලුවේ … ගැස්සිලා ..

මන් බය උන තරමක් … පැංචී මන් පිටිපස්සේ ඉදන් අතින් සන් කලේ යන්න එපා කියලා …එ මූනේ දාඩිය බින්දූ බේරෙනවා

උ…න් මි..නී… ම..රු…වෝ….

පැංචී වෙවුලනවා .. ඒ ඉගිය මට යන්න එපා කියන්න …
ඒත් මගෙ හිත නතර වෙන්න කියන්නේ නෑ …
මන් පැංචී ට ඔලුවෙන් සන් කරලා කිව්වේ. ඒ ගැන වගක් නෑ කියලා ..
මෙච්චර හයියක් කොහෙන්ද කියන්න දන්නේ නෑ මන් … ඒත් මගේ හිතට මෙච්චර හයියක් ලැබුන එකට මන.දෙවියන්ට පින් දුන්නා. මන් ඇතුලට ආව වේගෙන්ම … නතර උනේ … ඇතුලේ වෙන දේ ගැන හිතාගන්නවත් බැරුව…

මගේ පපුව … පිච්චීලා අලු වුනා …
මන් දැක්ක ගාම්බීර මූන … දෙකට බර වෙලා … කෙලින් හිටන් ඉන්න පනක් නෑ ..
තිසූ අයියා… ට දස වද දීලා … කනුවක .. ගැටගහලා … ඇග හැමතැනම තුවාල …ඇදුම ඉරිලා …
..මට බලන් ඉන්න බැරි තරමට … මගේ හිත වද උනා….
මොන අසරන වීමක්ද… මට දවසින් දවස මැවෙන්න ගත්තේ … ආයෙම කැම්පස් එකෙදී තිසූ අයියාව දැක්ක කාලේ මතක් වෙලා …

තෙල්බැම්ම ලග වාඩි වෙලා .. කොල්ලෝ එක්ක උසුලු විසුලු කරපු තිසූ අයියා … මෙච්චර අසරන උනේ කොහොමද … ආදරේ කරන එක මෙච්චර වරදක්ද දෙයියනේ
මෙච්චර වද හින්සා කරන්න තරම් .. තිසූ අයියා කරපු වැරැද්ද මොකද්ද …
ආදරේ කරපු එක නේද

රැන්ඩි අයියා … ආයෙම .. තිසූ අයියා වෙනුවෙන් ඉදිරිපත් වෙලා … වටේටම ඉන්න මිනිස්සු එක්ක රැන්ඩි අයියා තනියම ..සටන් කරනවා. … මට රැන්ඩි අයියා. ගැන දැනුනේ ආඩම්බරයක් … ඒත්
එයාගේ ඇස්තිබ්බේ මන් ලග …
මන් ගැන බයක් ඒ මූනේ …ඒත් එයා මේ හැමදේම කරන්නේ තිසූ අයියවෙනුවෙන් නේද
කියලා දැනෙද්දී … මට රැන්ඩි අයියා ගැන .. දුකක් දැනුනේ …

චා..යා ට තිබුනේ .. මේ හැමදේම විසදන්න … රැන්ඩි අයියා කිව්ව සිද්දියේ අවසානයද මේ

මට එතනින් එහාට වත් මෙහාටවත් යන්න බැරි තරමට හරස් වෙලා …

මන් කල්පනාවෙනම බැලුවේ වටපිට

එතකොටයි දැක්කේ …රැන්ඩි අයියා එක්ක ගහගන්න .. මනුස්සයාව …
අපේ ගෙදරට ඇවිත් තර්ජනය කලේ … කැම්පස් එකේදී මට තර්ජනේ කලේ මේ මිනිස්සූ … මේ හැමදේම..තිසු අයියාගේ වැරැදි නිසාද …

චා…යා…ගේ … අයියා ….

මොනාද මේ වෙන්නේ කියලා මට හිතාගන්න බැරිඋනා ….

දෙයියනේ .. ..

අවුරුදු ගානක පලි ගැනීමක්ද
මේ…. ගහගන්න .. මිනිස්සු අස්සේ කෑගගහා
පැත්තක දණ ගාන ..පුන්චී පුතා … යට ගිරියෙන් කැගහන එයාගේ සද්දේ වටේම දෝන් කාරේ දෙනවා
කාටවත් වගක් නැති හැටී …
අනේ මේ කිරිසප්පයා මොන වරදක් කලාටද දෙයියනේ …

මගේ පපුවට ඉහිලුම් නැතිවුනා …

තිසූ අයියාගේ ඇස් තිබ්බේ පුන්චී පුතා ලග
අනේ තිසූ අයියා … අතදික් කරන්න හැදුවත්. පුතාට ඒ ගැන වගක් නෑ … තිසූ අයියා දිහා බලාගෙන .. කෑගහද්දී මගේ පපුව පිච්චුනා …

අනේ පුතාව .. අල්ලන්න දෙන්න … පුලුවන් නම් … තිසූ අයියා ට …
මන් බයෙන් වෙවුල වෙවුල බලන් හිටියේ…

අ…හ්….
එ…කෙ…ක් ලගට එන්නේ නෑ ….

සු…ද්…දී…

එකපාරම හයියෙන් කෑගැහුවේ රැන්ඩි අයියා ….
මන් ගල් ගැහිලා බලන් හිටියේ ..එකපාරම හිමින් හිමින් පිටිපස්සට ඇවිත් ..මාව හයියෙන් එක අතකින් හිරකරගත්තා …
පිස්තෝලය අමෝරාගෙන ම … තිසූ අයියා ලගට ආවා පිස්තෝලය අමෝරාගෙන … හිටියේ … චායාගේ අයියාගේ පපුවට ……..

කතා..ක….ර…ප…ල්ලා…
උබ…ලා…ව…
බා…ව…න…වා…

ඉවරයක් නැද්ද ..මේක…

රැන්ඩි අයියා දත්මිටී කාගෙන කිව්වේ …

ඒ මූනේ ..තිබ්බ නපුරු කම … එතන හිටපු හැමෝම දවා අලු කරන්න පුලුවන් තරම් …සීසිකඩ වැටිච්ච පිස්තෝල එක්ක …. රැන්ඩි අයියාට කීකරු වෙන්න ඒ මිනිස්සුන්ට සිද්ද උනා …

ත…ව …මො…නාද …. මු..ගෙන් …ඔන….

රැන්ඩි අයියා … තිසූ අයියාගේ පපුවට අත තියලා පෙන්නලා ..කිව්වේ .. මාව…වෙවුලනවා. .. ඊටත් වඩා … බයටයී දුකටයී දෙකටම … ඇස්වලින්. කදුලු බේරෙන්න ගත්තේ ..

තිසූ අයියාට වචනයක් වත් කතාකරගන්න බැරි තරම්…

එ..කාට … එකාට වෙඩි තියන්නේ …

ගුගුරලා .. කිව්ව .. ඒවචන ටික ගේ ඇතුලේ දෝන්කාර දෙද්දීම . රැන්ඩි අයියාගේ අතේ තිබ්බ පිස්තෝලයෙන් උන්ඩයක් ගිහින් පිට උනේ .. බිත්තිය පසාරු කරගෙන…

චා…යාගේ අයියා … වගක් වත් නැතුව අත බැදගෙන … බිත්තියට … හෙත්තු වෙලා .. මන් දිහා හෙලුවේ .. කෑදර බැල්මක් …

රැන්ඩි අයියා ..මාව අල්ලන් හිටපු අතින් … මාව අතෑරලා … තිසූ අයියාගේ බැමී ලෙහද්දී
හැමෝම බලන්. හිටියේ කර කියාගන්න දෙයක් නැතුව …ඒත්
චායාගේ අයියා … විතරක් … තවමත් හිටියේ … මේකිසිම දෙයක් .. නවත්තන්න ඕන කමකින් නෙමේ ..
මන් … එතන හිටපු මිනිස්සු දිහා සීරුවට බැලුවා.

එතකොටමයී දැක්කේ …… කනුවකට මුවා වෙලා … ඉන්න. කවුදෝ මිනිහෙක් ..බිම දණගාන ..පුතාට දික්කරන් ඉන්න. පිස්තෝලය….

මගේ පපුව පිච්චුනා ..අන්හ්හ්….

පොඩි එකාට වගක් වත් නෑ … ඒ ගැන … ලාවට ගෑහන … පුතා හෙම්බත් වෙලා … තිසූ අයියාගේ මූන .. මන් බැලුවේ … එච්චර අසරන වීමක් … අතපය උස්සන්නවත් බැරුව… මන් දැක්කා .. එයාටත් ඕන පුතාව බේරගන්න

මම .. කෑගන්න හැදුවත් කෑගැහුනේ නෑ …

අ…හ්… අ…හ්
….මම අතින් ගැහුවේ රැන්ඩි අයියාට …. එයා තිසූ අයියාව ලිහනවා …

මන් ආයෙම …රැන්ඩි අයියාව හෙලෙව්වත් … රැන්ඩි අයියාගෙන් උත්තර ලැබුනේ නෑ මට …. එයා වේගෙන් වේගෙන් … තිසූ අයියාව ලිහනවා
තවත් වෙලාව ගන්න බැරි තැන මම දෙපාරක් නොහිතම …
දණගාන පුතාගේ ඇග උඩින්ම මම වැටුනේ. වෙන කරන්නම දෙයක් නොතිබුන නිසා …
ඒ කිරි සප්පයාව ජීවත් කරවන්න … මගේ හිතින් කෑගහලා කිව්වා … කවුදෝ මාව තල්ලු කරනවා මට දැනුනා මන් පුතාව හයියෙන් තුරුල් කරගත්තා ….. කැගැහිල්ල ඉබේම නතර වෙලා මගේ තුරුලට එද්දීම මන් දැක්කා … ලස්සනට හිනාවෙන ..පුන්චි ඇස් … සෙනෙහසක් ලැබිච්ච සතුටෙන් … උදම් වෙනවා …

ගත වෙච්ච නිමේශයකින් …

ඇග හරහා ඇතුල් වෙච්ච උන්ඩේ … මුලු ලෝකෙම බොද කරලා ..මගේ තිබ්බ ශක්තිය ඔක්කොම අඩපන කරනවා මට දැනුනා …
හැමදේම හිමීට සිද්දවෙනවා වගේ පේද්දී ..රෑන්ඩී අයියාගේ කලබල වීම මන් දැක්කා …

සු….ද්….දී…

යටගිරියෙන් ඇහුන හඩ බොදවෙලා යන්න තප්පර ගානක් ගත වෙන්නැතී

එක දිගටම එතන ගෝශාවක් වෙද්දී .. වෙඩි උන්ඩ කීපයක් පත්තු උනේ …
පුතාගේ ..කෑගැහිල්ල මහ විලාපයක් කරලා …
ඒත් එක්කම හැමදේම … නොපෙනී නොඇසී යන්න ගියා ….

ඊලග කොටසට ….

කතාව අවසන් වෙනවා කොටස් දෙකකින් වගේ …. විස්තර කිරීම් වැඩි උනොත් … කොටස් 3ක් වෙයී

පියුමි සේනාදී

12 thoughts on “පරවි |අනූ දෙවන කොටස | නවකතාව”

  1. kasuni chamalka

    අනේ පව් පරෝ.. එයාට මුකුත්ම වෙන්න දෙන්න එපා.. රෑන්ඩ් අයියවයි පරෝවයි වෙන් කරන්න නම් එපා.. ඒ දෙන්නගේ ආදරෙ පටන් ගත්තා විතරයිනෙ.. හැමදේම හොදින් වෙයි කියලා හිතනවා.. කතාව ඉවර වෙනවා කිව්වාම ගොඩක් දුකයි.. ඒ තරම් අපි පරවීට ආදරේ කරා.. ඒක නිසා අවසානෙට ලස්සන අවසානයක් දෙන්න..

  2. Chathu indeewaree

    ලස්සනයි පියුමි කතාව. ඒත් මේ වගේ දේවල් වෙයි කියලානම් හීනෙකින්වත් හිතුවෙ නෑ..පාරොට මැරෙන්න දෙන්න එපා. ප්ලීස් බබී. දැන් මොන දේ වුණත් ලස්සන අවසානයක් දෙන්න මේ කතාවට. පාරෝ & රැන්ඩි අයියව එකතු කරන්න .තවත් ලස්සන කතා ලියන්න අපි වෙනුවෙන්. බුදු සරණයි!

  3. Ane… parowanm marann epa..kuruthm mrnn epa akkiyo… me dennata sathutak aththem nadd… adare krnn ptangaththa witharaine… kathawa godak lassanai akkiyo…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. Ranmali subasinghe

    adath kathawa demmata thanks petto… ????
    Kohoma hari kamak ne lassana awasanayak denna…?????? ikmanatama thawa kathawak apita denna….
    All the best !!!! ????????????

  5. අනේ පාරෝව අතාරින්න එපා.එයාට රුන්ඩිව ⁣දෙන්න…දුක හිතෙන අවසානයක් දෙන්න එපා කතාවට.මෙච්චර දවසක් ආදරෙන් කියවපු කතාව ලස්සනට ඉවර කරන්න…තව ලස්සන කතාවකුත් ඉක්මනටම ඕනෙ…හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගත කටයුතු වලට…බුදු සරණයි…

  6. පාරෝගෙ ජීවිතේට අනතුරක් කරන්න එපා අක්කියෝ .
    පාරෝවයි රැන්ඩි අයියාවයි වෙන් කරන්න නම් එපා සුදු අක්කියෝ.
    මන් හිතන විදිහට චායාගේ බබාව ඒ දෙන්නා බලා ගනී.
    කතාව ඉවර වෙන එකට නම් ගොඩාරියාක් දුකයි .
    හැබැයි අපිට ඔයාගෙන් තවත් ලස්සන කතාවක් ඕනි .
    ඊලග කොටසත් පුලුවන් ඉක්මනින්ම දාන්න බලන්න.
    හැමදාම වගේ පරවිටයි ඔයාටයි දෙන්නටම ගොඩාක් ආදරෙයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  7. Nirosha Lakmali

    Ane me monada wenne. Monawa unath parwita godak adarei. Rendi aiyawai parowai ekathu karanna. Thisu aiya methanin merei. Punchi puthawa rendi aiyai paroi adaren balagani. Godak dukai kathawa iwara wena nisa. Me wagema lassana kathawak ayeth aran anna. Wish your all the best dr ……..

  8. Sudu menikaH.m.v.kalpani

    Aiyo akki oya parowo maruwada aneeeee ai ehema kare eyata adare labuna vitharai ane dukai appa……????? lassanai ithin kathawa hithata wadinawa akki

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.