Katha Ahura

පරවි | අනූ පස්වන කොටස | නවකතාව

5/5 - (2 votes)

පරවි
අනූ පස්වන කොටස

ශට් අප්….
මන් මෙච්චර දවසක් ඉවසුවේ. .ඔයාගේ …එක්සෑම් නිසා සුද්දී …
ත..ව…ත්… මට…ඉවසන්න තියන්න එපා …

විදානයක් වගේ කිව්වම මට කරගන්න දෙයක් නැතිඋනා

රැන්ඩි ..අයියා … මොනා ගැනද මේ කියන්නේ .. මට හිතාගනන් බැරිඋනා …
මෙච්චර තරහක් ඇයී .. මෙහෙම බොන්න තරම් මොකද්ද රැන්ඩි අයියාට තියෙන ප්‍රශ්නේ ..මන් රැන්ඩි අයියාව ඇදගෙන එලියට ආවේ .. මොනා උනත් ලොකු ප්‍රශ්නයක් කියලා මට තේරුන නිසා…මේ නිසා පුතාට ඇහැරෙන්න දෙන්න බෑ …

මො…නා…ගැ…න…ද … අහන්නේ … අයි..යේ …

මොනා…ගැනද….
ම්හ්….දන්නේ නෑ …

තිසුලයා ගැන තාම හිතනවාද … ..

රැන්ඩි අයියා එකපාරම මගේ ඇස් දෙක දිහා බලාගෙන ප්‍රශ්නේ අහපුවාම මන් අසරන උනා … මෙච්චර දවසක් … මාත් එක්ක හිතේ තරහින් ද හිටියේ …
එතකොට ….
ඒත් …
එක තප්පරයක් වත් .. පෙන්නෙ නැතුව හිටියේ කොහොමද … එච්චර රගපෑමක් …

නෑ .. …

මට කෙල ගිලෙන්නෙ වත් නැති තරමට ..බය හිතුනා ..ඒ නිසාම කෙටි උත්තරයක් දුන්නා මම

සුද්…දී…මට බොරු කරන්න එපා …

අ…යි….

ඇ…ත්…..ත….ඔනේ…මට … වෙන මුකුත් එපා … .

අනේ …හ් අයියේ …

මගේ ඇස් වලට කදුලු පිරුනේ … මෙහෙම ප්‍රශ්නයක් එකපාර අහන්න තරම් … මොකද්ද උනේ … කියලා දෑන ගන්න

පුතාටත් .. එයාව අමතක වෙලා .. ඒත් … ඔයාට තාම අමතක කරගන්න බැරිඋනාද …. අහ්..

මන් කොච්චර විදවනවද කියලා දන්නවාද …
මන් රන්ඩු කරන්නේ නැත්තේ ….ඔයාගේ ආදරේ මට ගන්න බැරි නිසා …

කෑගහලා අහපු ප්‍රශ්නයක් උනත් අන්තිම. ටික කිව්වේ..රැන්ඩ් අයියා කට හඩ බාල කරලා …මෙච්චර වෙලා වචන වල තිබ්බ හයිය අඩුවෙලා

එහෙම දෙයක් නෑ අයියේ …

නෑ … ඒක එහෙම තමයී…
මන් බිවට ..හොද මීටරෙන් ඉන්නේ සුද්දී මට බොරු කරන්න ඔයාට බෑ ….

රැන්ඩි අයියා සමච්චල් හිනාවක් මූනට අරන් කිව්වේ …

දරුවා ද …ඔක්කොටම හේතුව ….
අරූගේ පුතාද ඔක්කොටම හේතුව …

රැන්ඩි අයියාට ආයෙම කේන්ති ගිහින්…

අනේ දෙයියනේ ..මේ අපේ දරුවාට ..වෙනස් කමක් කරන්නද …
නෑ … එහෙම වෙන්න දෙන්න බෑ …

මට ඉහිලුම් නැති උනා ඒකට නම් …

අයියේ … ශට් අප්… මේ දරුවා … අපේ ….
ඒ ගැන කතා එපා …
ඔයාට දරුවා එපා. නම්. මට පුලුවන් එයාව තනියම හදන්න …

මොකද්ද … උබ …කියන්නේ …

කට….

එකපාරම සැරෙන් ආව … රැන්ඩි අයියාගේ අත … මගේ කම්මුල ලග නතර උනේ ඉබේටමයී… මන් බයට .. පාත් උනා …

අනේ..හ්… අනේ …මගේ … සුද්දී ….

රැන්ඩි අයියා එකපාරම මාව බදාගත්තේ .. අඩ අඩමයී … පාලනය. කරගන්න බැරිතරම් තිබ්බ කේන්තිය එකපාරම ඉකියක් වෙලා ..මාව තුරුල් කරන් රැන්ඩි අයියා අඩන්න ගත්තා …
ඒ පෞර්ෂයට ඒක ගැලපුනේ නෑ … රැන්ඩි අයියාට වගේම මටත් ඒක දරාගන්න බැරිඋනා

මට කරකියාගන්න දෙයක් නැතිඋනා …
ඇඩුනා මට හොදටම …

මන් රැන්ඩි අයියාව තුරුල් කරන් හොදටම ඇඩුවා …

ඇයි….මගේ …රත්.ත…රනේ…
එහෙම කරන්නේ …

ඔයා විදෙව්වාට .. දරුවා .. තිසුලයාගේ නෙමේ සුද්දී … ඔයා මෙහෙම විදවනවා මට බලන්න බෑ ….

එකපාරම ..මට ඒ කතාව ඇහුන ගමන් … මන් …රැන්ඩි අයියාගේන් ඈත් උනේ .. කියන අගක් මුලක් තේරුම් ගන්න බැරුව…

අ…යි….යේ…… මොනාද ඔය කියවන්නේ ..
මොකද්ද ඔවා කියලා බලාපොරොත්තු වෙන්නේ …
මැරුනු මනුස්සයා ට .. පව් පුරවන්න එපා අයියේ

මන් කේන්තියෙන්ම කෑගැහුවා

ඇත්ත.. ඒක ..
තිසුලයා ගේ නෙමේ ….
පව්… ඌ… කොහෙවත් යන එකියෙක් නිසා … ඌ විනාස උනා . ….

මට දරුවා ඈත් කරන්න ඕනේ නෑ
එච්චරයි පුලුවන් නම් තේරුම් ගන්න …

එහෙම කියලා රැන්ඩි අයියා ..කතාකරන එක නැවැත්තුවා …

මට .. ඒ කතාව තවත් තේරුම් ගන්න බැරිඋනා …
මොකද්ද ඒ කියන්නෙ. මන් තවමත් බයවෙලා බලාගෙන හිටියේ රැන්ඩි අයියා දිහා ..

මේ දරුවට .. වෙනස් කමක් කරනවා කියලා හිතන්න එපා … මටවත් ඔයාටවත් දරුවා වැඩියක් නෑ … ආදරේ අඩුවක් නෑ … ඒක මන් දන්නවා …

ඒත් ඔයා විදවන්නේ .. දරුවා දිහා බලන් තිසුලයා ගැන හිතලනම් … ඔයා ඒ ජීවිතේ නවත්තන්න ඕනේ දැන්ම …

මේ … දැන් ම….

මට ඒක ඇහුනේ විදානයකටත් වඩා තර්ජනයක් විදියට …

අපි ලග ඉන්නෙ. තිසුලයාගේ දරුවා ….නෙමෙ සුද්දී ….

මට ඒක ඇහෙන්න ඇහෙන්න ආයෙම පිච්චුනා

එතකොට මොකද්ද මේ උනේ …
චායා ඒක්ක ඇයී රැන්ඩි අයියා තරහා … එහෙනම් ඒකද … මගහැරියේ එයාව ඒ නිසාද …
මෙච්චර කල් චායගේ හොද කිව්ව රැන්ඩි අයියා … මොනා ද දැන් කියන්නේ මේ …

මට මුකුත් අහන්න වචන එකතු කරගන්න බැරිඋනා … …

එ…ත…කො. .ට…. මේ .දරුවා… කාගෙද….
තිසූ අයියා … දුක් වින්දේ ඇයී එහෙනම් …..
මට දෙන්න මේවට උත්තර …

මන් වේදනාවෙන් කැගැහුවේ ..දරුවට අසාදාරනයක් වෙයී කියලා බයට ….

මන් එහෙම කෑගහද්දී … එකපාරම … රැන්ඩි අයියා … ඔලුවත් කස කසම එහාට උනේ … අපිලිවෙල ට තිබ්බ ශර්ට් එකෙ බොත්තම් එකින් එක ගලවන ගමන් ….

වෙන කාගෙද …
චායාගේ අයියා කියලා අපිට පෙන්නපු බොරු මිනිහගේ …

දෙයියනේ … මොනාද මේ ඇහෙන්නේ මට ….
මගේ අත ඔලුවට අත ගියේ ඉබේටමයී

මො…ක…ක්….

ශිට් …
ඒ කරුමෙට .. අන්තිමට අහු උනේ අපේ එකා …

ඈන්ඩි අයියා පසු තැවුනා ….
එයා තවමත්. මගෙන් එපිට බලාගෙන … මුලින් තිබ්බ තරහා .. නැත්තටම නැතිවෙලා. ඒ කට හඩේ තිබ්බේ කලකිරිමක් විතරයී

ඇයී චායා එහෙම දෙයක් කලේ …
නෑ … එහෙනම් …
කවුද. ..මට බොරු කිව්වේ …
ඇයී … මාව තිසූ අයියා මගෑරියේ … දරුවත් එයාගේ නෙමේ නම් ඇයී එයා එහෙම දෙයක් කලේ..

මට ආයෙ ආයෙම ඒ මතකේ අවදි වෙද්දී. .. මට දුකක් දැනුනේ ….රැන්ඩි අයියා කිව්ව විදියට … තිසූ අයියා … චායා ගැන බැලුවේ කරන්න දෙයක් නැති නිසාද එතකොට ..
එයාට ඕන කලේ … එතනින් ගැලවිලා මන් ලගට එන්නද …
මට දැනුනේ ලොකු දුකක් …
මා..ත් … එක්ක… එක…පාරක් ..මේ දේවල් නොකිවෙ ඇයී … අයියේ ….
ඇයී එච්චර දුකක් වින්දේ …
අපි දෙන්නම .. නිකන් … දුක් වින්දා නේද …

ඌ හැදුවේ ඔයාව බේරගන්න … සුද්දී ….

මන් හිතින් විලාප තියද්දී ..රැන්ඩි අයියා එහෙම කිව්වා …මට ඒක ඇහෙද්දී … කොහෙන්දෝ මන්දා ආව ඉකියක් … පාලනය කර ගන්න බැරි තරමටයී ආවේ …

අපි කවුරුත් ආශ්‍රේ කරන්නේ .. පවුල් බලලා නෙමෙන්හ් සුද්දී …
මම උනත් එහෙමනේ .. මෙහෙම හිටියාට ..කොච්චර හිතින් විදවනවද …

අම්මා වෙනම ෆැමිලි එකක් ….. අවුරුදු ගනකින් දැකලා නෑ … මට මෙහෙ එයාලා හදපු දේවල් වලින් ආදායම එනවා මිසක්.. මන් ඒදේවල් නිකමටවත් බලන්න යන කෙනෙක් ද ….
ඒත් හැමෝම හිතන්නේ ..
අපි හෙන සතුටින් ඉන්න මිනිස්සු කියලා ..

ඉතින් … චායා ගැනත් අපි දන්නේ ඔච්චරයි …
චායාගේ මස්සිනා …තමයී ඒ ..
එයාගේ මස්සිනාගෙ කරදරෙන් එයා ඉදලා තියෙන්නෙ … ඌ පාතාලේ … ක්‍රිමිනල් කේස් වලට හිරේ ලැග්ග එකේක්
එ කෙල්ලව රේප් කරලා ඒ මනුස්සයා …
ඒක … තිසුලයා ටවත් කියලා නෑ … ඒකී…

මට මතක් උනේ .. රැන්ඩි අයියා කිව්ව කතාව …
චායා ගෙදර ඉන්න දවස් වලවත්. රැන්ඩි අයියා එක්ක එච්චර කතා බහක් කරලා නෑ. … ඒ මේ නිසා වෙන්නැතී …
තිසුඉ අයියාත් බලන්න නොයෙන්න ඇත්තේ ඒ නිසා වෙන්නැතී …

ඒත් අන්තිමට …කොහොමහරී
චායා … අපේ තිසුලයා එක්ක ඔය දේවල් කියලා … තියෙන්නෙ … දරුවා ලැබෙන්න ඉද්දී …
එතකොට … අපේ එකාට හිත හදාගන්නත් පරක්කුයී … අනික .. චායා දැන දැනම අපේ එකාව අමාරුවේ දැම්මා ….ඌ පාතාලේ කියලා දන්නවානම් … චායාට තිබුනා .. අපේ එකාට ලන් නොවී ඉන්න . ..

ඒ මනුස්සයා …. හිතලා තියෙන්න් දරුවා අපේ එකාගේ කියලා …ඌ නොසැහෙන්න … අපේ එකා පස්සේ පැන්නුවා … කීප සැරයක්ම .. මගදී .. ගැහුවා …
අපි හැමෝම හිටියේ උගේ. උදව්වට .. එත් තිසුලයා නිකන් වත් ඒ කිසි දෙයක් කිව්වෙ නෑ .. … අපි අත දැම්මේ ඒ වට … අපි හිතුවේ .. අයියා නන්ගී ප්‍රශ්නයක් කියලා මිසක් එහෙම දෙයක් … දන්නවනම් ..අපේ එකාව අයින් කරලා තියාගන්නවා බලෙන් හරී …. ඒත් ඒ මිනිහට ඔන කලේ චායාව විතරයී දරුවව නෙමේ යී ….ඒකයී දරුවව අපේ එකාට බාරගන්න කිව්වේ

දෙයියානේ ..එහෙම කරන්නේ කොහොමද….
අනේ අපේ පුතා කොච්චර හුරතල් ද … කොහොමද .. එයාව එපා කියන්න ..හිත හදාගන්නේ. .. නුපන් දරුවව උනත්

මගේ හිත පිච්චුනා …. රැන්ඩි අයියා. කතාව ඔහේ කියනවා … මන් ඒ හැමදේම අහගෙන හිටියේ සිද්ද වෙච්ච හැමදේම තේරුම් ගන්න ඕනේ නිසා

අනේ මන්දා .. ඒකෙන් ඒකෙන් තිසුලයා දුක් වින්දා නොසෑහෙන්න … අන්තිමට ..ඌට සිද්ද උනේ ..නොකරපු වරදකට … මැරෙන්න …

ඉස්පිරිතාලෙ … ඉදලා … ඉදලා දුක් විදලා මැරුනේ …


මට….ඌව බේරගන්න බැරිඋන එකයී වේදනාව … එහෙම උනානම්… මන් …

ඌට…. ඔයා…ව දෙනවා සුද්දී. ….

රැන්ඩි අයියා …කතාව ඉවර කලේ ..බොර වෙච්ච කට හඩින් ….

අනේ රැන්ඩි අයියා….
මගේ මූන දිහේ එක දිගට කදුලු පෙරෙනවා…

මට ඒ දේවල් ටික ඇහුනේ හීනෙන්වගේ …

මේ දේවල් රැන්ඩි අයියා දන්නේ පස්සේද …. එතකොට ..කවුද කිව්වේ …
මන් කල්පනා කලේ එයා දිහා බලාගෙන …

මේවා දන්නේ කොහොමද ඔයා ….

මන් අඩ අඩම ලගට ගිහින් ඇහුවා…

තිසුලයාගේ නන්ගී කිව්වේ සුද්දී….
මට එකපාරම මතක් උනේ
එදා පැංචී මට පෙන්නන හදපූ. ලියුම් ටික …
ඒ ටිකද … ඒ …
ඇයී මන් ඒ දේවල්. බැලුවේ නැත්තේ …
මට පසු තැවීමක් දැනුනේ …

මට ඇඩුනා …

ඌ පව් තමයී සුද්දී … ඒත් අපිට පුලුවන් දේ අපි කලේ …

එතන කාටවත් වැරැද්දක් කියන්න අපිට බෑ

මට ඕන කලේ ඔයාව ඒ ප්‍රශ්නේන් ගලවන්න විතරයී …
ඒක මන් කලා …

ඌ මට උනත් කිසිම දෙයක් කිව්වේ නෑනේ …
එහෙම උනානම් සමහර විට මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බ …

හ්ම්ම් දැන් මොනා කරන්න ද සුද්දී …

එහෙමයී කියලා අපේ ජීවිත විනාස වෙන්න දෙන්න බෑ නේද …
ඔයා විදවද්දී මාත් විදවනවා … ඒක නවත්තන්න එකම දෙයයි කරන්න පුලුවන්

තිසූ ට ඔය හිතෙන් යන්න දෙන්න සුද්දී…. ප්ල්ස් මන්වෙනුවෙන් දරුවා වෙනුවෙන් එයාට යන්න දෙන්න …

රැන්ඩි අයියා එහෙම කියලා එතනින් යන්න ගියේ මාව … එතන තනි කරලා …
රැන්ඩි අයියාගේ හිතේ දුක .. මට නොතේරුනා නෙමේ.

තිසූඅ අයියා ගැන වේදනාවක්. .. දැනුනා මට

මෙච්චර දවසක් ..තිසූ අයියා ගැන හිතපු හැම්දේම බොරූ … ඒත් පැංචී … තිසූ අයියාගේ හැමදේම .. දන්න එකම එක්කෙනා …
අන්තිම වතාවට … තිසූ අයියා මාව හම්බෙන්න ආපු වෙලාවේ ..මට එයාට චාන්ස් එකක් දෙන්න තිබ්බා … කතාකරන්න එකම එක අවස්තාවක් දෙන්න තිබ්බා …

ඇයී මන් එහෙම නොකලේ …
අඩුම .. පැන්චී ටවත් … එය මට පෙන්නන්න හදපු ලියුම් වල ..මේ හැමදේම තියෙන්න ඇතී …

තිසූ අයියා විදවන්න ඇත්තේ ..මන් එයා නිසා විදවන නිසා …
මට අන්තිම වතාවට .. හිතන්න පුලුවන් වුන එකම දේ … තිසූ අයියා .. මට. ගොඩක් ආදරේ කරලා …

එයා එ හැමදේම කලේ ..මාව එයාගේ ප්‍රශ්නේන් ඈත් කරන්න ….
එයාට පුලුවන් හැමවෙලේම ..එයා මන් ලග හිටියා …
මන් ඒ හැමවෙලේම එයාට නපුරු උනා …

මට ලොකු පසු තැවීමක් දැනුනේ ..

තිසූ අයියාට .. වේදනාවක් දැනෙන්න ඇතී … මගේ අප්පච්චිගේ මිනිය ඉස්සරහම එයාව තල්ලු කරලා දාද්දී …
ඒත් … එයාගේ හිත ඇතුලේ ඊට වඩා වේදනාවක් තියෙන්න ඇතී …

කිරිසප්පයෙක් එක්ක …. තනිවෙච්ච එයා .. එයාගේ නොවෙච්ච දරුවෙක්ට අප්පච්චියෙක් වෙන්න උත්සහ කරන්න ඇතී … ඒත් … චායාගේ නැතීවීමත් … එක්ක .. කොහොමහරී අපේ ගෙදර එන්න ඇත්තේ … ඒ හැමදේම අස්සේ වෙන්නැතී …

අතීතයේ දවස් වලට ගියොත් හිත පාරන රිදවීම් ගොඩක් මගේ ජීවිතේට මන් එකතු කරගෙන ….

මේ හැමදුකක්ම ..ලොකු හුස්මකට පිට කරන්න .. පුලුවන්නම් …

මන් කොච්චර කල්පනා කරත් ..මේ හැමදේම තවත් හරි ගස්සන්න බෑ මට …
චායා වැරැද්දක් කරලා නෑ … ඇත්තටම .. එයා ත් ආදරේ කරන්න ඇතී තිසූ අයියාට …

ඒත් … තමන් හිතපු කෙනා නැතිඋනාම .. ඈත් වෙන්න උත්සහ කරත් .. තිසූ අයියාගේ කරුමෙට .. එයා ඒ ප්‍රශ්නේ ඇතුලේම පැටලිලා ..ජිවිතෙනුත් වන්දී ගෙව්වා …

මට මේ දේවල් වල මතකය .. පුච්චලා අලු කරලා දාන්න පුලුවන් නම් කියලා හිතුන වාර අනන්තයී … ඒත් කොහොමද … කරන්නේ …

පපුවෙන් භාගයක් වෙච්ච කෙනෙක්ව .. කොහොමද .. ඈත් කරන්නේ …
ඒත් .. ඒක කරන්න ඕන … මන් …
ඒ අත්මේ නිදහස් කරන්න ඕනේ ..මන් …
මගේ ජීව්තේ .. ලස්සන ට තියන්…

ඒකයී තිසූ අයියාගේ සතුට …

අම්….මී…. අ..ඩ…නො…හ්….

සුදු…ම…හ..ත්තයා…. බයි බඩගිනිද …

ම්හ්….ම්හ්…

මන් කුස්සියේ ඉදන් උය උය ඉද්දී …පුතස් ඇවිත් මගේ කකුල් දෙක බදාගෙන එහෙම කිව්වම .. මන් .. පුතාගේ උසටම පාත් උනා …
හරියට වචන එකතු කරගන්නවත් බැරි පුතාගේ හුරතලේ නම් අඩුවක් නෑ …

මන් .. පුතාට නොපෙනෙන්න ඇස් වල තිබ්බ කදුලු පිහ දාගත්තා …

තා….ත්..ති…. මෙ..න්ඩෝ…..

මන් එතකොටමයී බැලුවේ … පුතා මාව අල්ලන් පිටිපස්සට අත දික්කරද්දී …
මෙච්චර වෙලාවක් දොර ලග ඉදගෙන … මන් දිහා බලන් ඉන්න රැන්ඩි අයියා …

පුතාව එවන්න ඇත්තේ රැන්ඩි අයියා …

අ..යි…යේ…ම්හ්….

මන් පුතාවත් අරගෙන නැගිට්ටේ. එයාව වඩාගෙනමයී… ඇත්තටම මන් අසරන උනා … මගේ කදුලු වසන් කරන්න බැරිඋන අඩුව මට මගේ කලබල කමින් එයා තේරුම් ගන්නැතී …

බ..ඩ…ගි….නිද….

නෑ …. හ්….

කෝ දෙන්න පුතාව ….

ගානකටවත් ගන්නේ නැතුව කිව්ව රැන්ඩි අයියා මගේ අතින් ඉල්ලුවේ .. පුතාව …
මට දුක හිතුනා ඒකට නම් ….

ඔයා අඩලා ඉවරයක්. වෙන්නකෝ …
මගෙන් වැඩක් නෑනේ ….
මන් පුතා එක්ක එලියට යනවා …

අ..හ්…‍යි…

මන් කියන කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව රැන්ඩි අයියා පුතාවත් මාගෙ අතින් බලෙන් වගේ අරන් … ගෙදරරින් එලියට ගියේ …
ඊට ටික වෙලාවකින්
වාහනේ රේස් කරලාම යන සද්දේ මට ඇහුනා …

මන් එහෙමම බිම වාඩි උනේ කර කියාගන්න දෙයක් නැතුව …
ඇඩුනා මට …

රැන්ඩි අයියා … රිකි අයියාලා එක්ක ..ඉදලා ආව දවසේ ඉදන් ගොඩක් වෙනස් වෙලා .. මාව ගනන්ගන්නේ නැති තරම් .. වෙනදට මාත් එක්ක පැය ගනන් කතාකරන්න දගලන එයාට දැන් මගෙන් වැඩක් නෑ වගේ …

මන් ඉකි ගගහා ඇඩුවේ .. බිම වාඩි වෙලා කකුල් දෙකට බර දීලා …

රැන්ඩි අයියා මගේන් ඈත් වෙන්න යන්නේ කියන එක මට ඇත්තටම දැන් දැනිලා … පුතාවත් මගෙන් වෙන් කලොත් මට ජීවත් වෙන්න බැරිවෙයී … ජීවිතේ ම මට එපා වෙයී …
හැමදාම හිතින් වෙදනා විදින එක දැන් මට අඩුවක් නැතුවම .. වෙනවා …
ලොකු පසුතැවිල්ලක් එක්ක. ගෙවෙන්නේ …
රෑන්ඩි අයියා කොච්චර දේවල් කිව්වත් … මන් හිත හදා නොගන්න එකම එයාට ප්‍රශ්නයක් වෙලා …
හිතින් වගේම ගතිනුත් … තවම … දෙන්නේක් …
එයා ලග හිටියත් … අපි දෙන්නම ජීවත් උනේ ලෝක දෙකක …

පා…රෝ….

මන් ඇස් වල කදුලු පිහදාගත්තේ …
මගේ නමින් කතාකරලා … ගෙදර බෙල් එක වැදුනු නිසා …

මෙච්චර කාලෙකට මේ ගෙදරට … කිසිමකෙනෙක් ආවේ ගියේ නෑ …

මන් කදුලු පිහගෙනම .. හිනාවක් මූනට අරගෙන … ගියේ … දොර අරින්න…

හීනෙකින් වත් හිතපු කෙනෙක් නෙමෙ …
මන් ඉස්සරහ හිටියේ. ….

හේශී…..

අනේ….හ් කෙල්ලේ …
බලන්න එන්න බැරිඋනාට සොරී …

පැංචී … කොහෙද ඉතින් … දෙන්නම එකට….

මන් දොර අරිද්දී හේශී එක්ක දොරන්ලග හිටියේ පැංචී
මන් බලද්දී මිදුලේ නවත්තපු කාර් එකක්

කාත් එක්කද ආවේ

හ්ම්ම් ඉන්න තව දෙන්නෙක් ඉන්නවා එයී …

හෙශී කිව්වේ හිනාවෙලා ..මන් බයවෙලා වගේ බලන් හිටියේ ගොඩ කාලෙකින් ආයෙම .. හේශීව මන් දැක්කේ … ෆයිනල් එක්සෑම් වලින් පස්සේ හේශී මන් දන්න තරමිම් ගෙදර ගියා … ආයේ මේහේ ඇයී කියන්න මන් දන්නේ නෑ

ඉන්න මන් කතාකරන්නම්

අයි..යේ එන්න ….

හේශී දොර ලග ඉදන්ම … කතාකලේ .. මිදුලේ නවත්තලා තිබ්බ කාර් එකේ. හිටපු කෙනෙක්ට …

ඒත් එක්කම … කාර් එකෙන් බැහැලා ආවේ … සුරා අයියාත් එක්ක … කලුවා අයියා …

මගේ ඇස් ලොකු උනේ …

කොහේ හරී … රැන්ඩි අයියාත් ඇති කියලා හිතලා ..මීට කලින් ගිය අයියා යන්න ඕනේ මේ අය හම්බෙන්න. .ඒත් ඇයී. එයා නැත්තේ

මොකද … නන්ගී එන්න එපාද … අපි …

නෑ…හ්..මේ … එන්න එන්න …
ඒත් … මේ .. අයියා .. නෑනේ …

හ්ම්… ඒක දන්නවා ඉතින්….

ගෙට එන්නකෝ….

ඉතින් තමයී …අපිටම මතක් වෙන්න ඕනේ … ලොකු ලොකු මිනිස්සුනේ …
ඉතින් කොහෙද අපිව මතක් වෙන්නේ …

නේද ….

හේශී කටර් එකක් වගේ කියවනවා …
එයාට නම් ලොකු සතුටකින් කතාකලේ … පැංචිත් ජීවිතේ අලුතින් හිතන්න පටන් අරන් …
එයාගේ මූනෙත් ලොකු හිනාවක් …
හේශීත් එහෙමයී

අපී ආවේ මොනාද වෙන්න ඕනේ අඩු පාඩූ එහෙම බලන්න …

අ…ඩු…පාඩු… කිව්වෙ….

මට පුදුම හිතුනා …හේශී හතර දෙනාම හොදටම අදුනනවා …

රැන්ඩි අයියාගේ යාලුවෝ මෙච්චර හොදට හේශීව අදුනන එකට නම් …
පැංචී තිසූ අයියා නිසා ..මේ අය අදුනනවා කියලා … මන් කලින් දැනගෙන හිටියා …
ඒත් වෙන්නේ මොකද්ද. කියලා මට හිතාගන්න බැරුව හිටියේ …

අ…පි … ආවේ ..පුතාව අරන් යන්න …

මන් දිහා එකපාරම බලලා … පැංචී කිව්වේ …
මගේ පපුව පිච්චිලා ..ගියා … මූනේ තිබ්බ හිනාව කොහෙද ගියා ..

මගේ …පුතාව …

මන් කොහොමද .. එයාව දෙන්නේ …. මාව මැරෙයී…
පැංචී ආවේ අයිතිය ඉල්ලගෙනද …
මේ හැමෝම් ආවේ ඒකද .. රැන්ඩි අයියා නැති වෙලාවෙම .. මගේ පපුවේ ගැස්ම වැඩි වෙලා හීන් දාඩියක් දැම්මේ …

මගේ ඇස් වල කදුලු පිරුනා …

ම…ගේ …පු…තා…
දෙන්න .. බෑ …මට ….

මට තවත් කතාකරන්න බැරි තරමට වචන හිරවුනේ …
මට හැඩුම් එනවත් එක්කම මන් … එතනින් කට්ටියම ම්ගෑරලා කුස්සියට … දුව්වා …..

මගේ පණ ගෙනියන්න ඇවිත් … මන් කොහොමද … ඒකට ඉඩ දෙන්නේ …
මන් ඇඩුවා හොදටම … රැන්ඩි අයියා හදන්නේ මගෙන් පලි ගන්නද … මගේ දරුවා … අරන් යන්නද … නැත්නම් ඇයී ..මේ අය මෙහෙම ආවේ …

මන් … කුස්සියේ ටැප් එක ඇරගෙන හැඩුම් ඇහෙන්නේ නැතිවෙන්න ඉකි ගගහා ඇඩුවා ….

පා…රෝ……

ඊලග කොටසට……

මන් මේ කතාවේ හැම වචනෙකටම අර්තයක් දීලා තියෙන්නෙ … අන්තිම වෙනකන් ..කතාව .. කියවන්න .. මන් ප්‍රශ්නයක් ඉතුරු කරලා කොහොමත් කතාව නවත්තනේ නෑ …
හොදද…
මේක වෙල් ප්ලෑන්ඩ් කරපු කතාවක් …
ඒ නිසා ඔයාලගේ ප්‍රශ්න හැම එකටම උත්තර… හැම චරිතෙකටම … වෙන දේවල් .. මන් මේ කතාවේ කියනවා …

මොකද .. නැත්තන් ඔයාලට ඒ අයට වෙච්ච දේ ….ප්‍රශ්නයක් නිසා ..මොකද ..මේ කතාවට ඒ චරිත ආපු හේතූ තියෙන්න එපැයී නේද …

හ්ම්ම් ඒ නිසා ඉවසලා ඉන්න වෙනවා සුදූලා … කතාවේ ..ලාස්ට් එක තමයී මේකෙන් ගේන්න හැදුවේ ඒ ත් අමාරුයී .. තව ටිකක් තියෙනවා .. විසතර වැඩි න්හ්හ් …
ඒකයී …
මන් කතාවෙ අවසාන එපිසෝඩ් එක ලියලා නැතිඋනාට පසුවදන ලියලා ඉවරයී … ඒ කියන්නේ කතාව .. මන් ලියලා ඉවරයී.. පසු වදන මන් ලිව්වේ .. මේකේ කොටස්. පනහ වගේ යද්දී ..මේ කතාව වෙනස් උනේ නෑ … මේ මන් හිතපු විදියමයී …

තිසූට ආදරේ කරන අය රැන්ඩි ට ආදරේ කරන අය හැමෝම ඉවසීමෙන් බලන් ඉන්න … නමින් හරී ආව චරිත වලට .. කතාව අවසානේ. මොකද වෙන්නෙ කියලා … තව කොටස් දෙකකට හෝ එකකට මට ඉඩ දෙන්න … එක එපි එකක .දාන්න අමාරුයී..එතකොට පසු වදනත් දැම්මොත් ගොඩක් දික් වෙනවා කොටස … මේ තියෙන්නෙත් කොටස් දෙකක් එකතු කරලා .. ??? තව එකක්. වගේ දාලා පුලුවන් තරම් ඉකමනට ඉවර කරන්නම්. ලස්සනට පිලිවෙලට …පියුමියා කපටී හොදේ .. බලමූ අවසානේ .. කතාව ඉවර වෙද්දී හාට් එකේ නට් බුරුල් වෙයීද දන්නේ නෑ බය කරලා .??????

පියුමි සේනාදී

12 thoughts on “පරවි | අනූ පස්වන කොටස | නවකතාව”

  1. Please…please…please… Randita dan wath parowa dennako… puthath ekkama.. wen karanna nm epa e thun dena. Kathawa godama godama godaaariyak lassanai. Iwara wenna lan weddi dukai.. “Paravi” mata hoda yaluwek… hamadama..

  2. Nirosha Lakmali

    අනේ පැටියෝ කතාව පුදුමම ලස්සනයි. කියන්න වචන නැ. ඔයා අපිට ප්‍රශ්නයක් ඉතුරු කරලා කතාව ඉවරයක් කරන්නේ නැ කියලා හොදටම විශ්වාසයි. ඔයාට ගොඩාක් පින් අපි වෙනුවෙන් මෙච්චර කල් කතාව දැම්මට. ඒත් කතාව ඉවර වෙනවා කිව්වම ගොඩාක් දුකයි. රැන්ඩි අයියගේ ආදරේ ඉක්මනට රැන්ඩි අයියට දෙන්න. ආයෙත් මේ වගේම ලස්සනම ලස්සන කතාවක් අරන් එන්න. හැමදාමත් පරවි ට මහා ගොඩාරියක් ආදරෙයි. ඒ වගේම ඔයාටත් ආදරෙයි. හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථකම වේවා කියලා…… ????????? ??????????????????????????????????????????

  3. අම්මෝහ්…. පිස්සු හැදෙයි….කතාව ඉවර වෙද්දි මොනා වෙයිද දන්නැ…

    1
  4. Hemanthi ruwan kumari

    Thank you very much.මගෙ තිසු අයියා ව පව්කාරයෙක් නෙමෙයි කියලා ඔප්පු කරාට.අතෙ පිරිත් නූල් බැඳගෙන ඉන්නෙ කිව දවෙසෙම මං දැන් ගත්තා එයා මොන වගේ කෙනෙක්ද කියලා.
    මගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණා.දැන් ආයෙත් තිසු අයියා ඒවි නෙද? එයා මැරුන්නෑ.
    පියුමි නංගියේ ඔයා නම් ටුට්ටක් නෙමෙයි හොදමටම කපටියි.සතුට වැඩි කමට අඩනවා .මං දන්නවා දැන් ඔයා පාරොගෙ ආදරය ට අසාධාරණ ක් කරන්නෑ කියලා.
    You are excellency.l love ????you.ummmmma.?????????

  5. Thakshi Deepali Jayasuriya

    ???? කෝම ඉවසන්නද මේ වේදනා…
    අනේ පියුමි අක්කියෝ…
    අපිව අඬවන්න නම් එපා…
    එච්චරයි ඉල්ලන්නේ

  6. රැපා අයියා මැරිලා නෑ. එයා එක්ක එන්න තමා රැන්ඩි අයියා ගියේ.පාරො මේ වෙද්දි රැපාට අයිතිවෙලා ඉවරයි. මේ තරම් කාලයක් එක ගෙදර ඉදලත් ඒ දෙන්න අතරෙ මුකුත් උනේ නැත්තෙ පාරො හැමදාටම රැපා අයියගෙම විතරක් නිසා

  7. Ashka Rashmi

    අනෙ මගෙ රැපා අයියා….ඉස්සර ඉදන්ම කතාවෙ මං ආදරේ කරපු චරිතය…කවුරු මොන දේ කිව්වත් එයා වැරදි නෑ කියලා හිතපු කෙනෙක් මං…අන්තිමේදි මගේ සිතුවිල්ල හරි ගියා…රැපා අයියාගෙ අතේ වැරැද්දක් නැහැ….හරියටම බැලුවොත් කතාවෙ වටිනම චරිතය තමා රැපා අයියා….ඒත් පාරෝට පින තිබුන්නෑ රැපා අයියාගෙ වෙන්න…ඔයා කියන රැපා අයියා මැරිලා නැත්තං හොදයි කියලා මට හිතෙනවා…එතකොට අනේ පාරෝට රැපා අයියව ලැබේවිනෙ…රැන්ඩි අයියා කොච්චර පාරෝට ආදරේ උනත් පාරෝගෙ ආදරේ තවමත් රැපා අයියට විතරක් වෙන්නැති…ඒකනෙ එයාට තාමත් බැරි රැපාව අමතක කරන්න.කොහොමහරි කමක් නෑ අක්කෝ කතාවෙ ලස්සන අවසානයක් ඕන….all the best.❤

  8. Ranmali subasinghe

    අනේ කෙල්ලෙ පාරෝව රැන්ඩි අයියටම දෙන්න… හොදද….. අනේ ප්ලීස් වෙන් කරන්න එපා දෙන්නව… ????????????

    මට නම් හිතා ගන්න බෑ අවසානය කෙල්ලෙ.. ????

    මට බයයි ඔයා ඒ දෙන්නව වෙන් කරයි කියලා… ???? අනේ මගේ පැට්ටෝ එහෙම කරන්න එපා… හොදේ… ?????????????

    සුබපැතුම්!!!!! ???????????

  9. Ranmali subasinghe

    උඩ තියන කමෙන්ට් කියවද්දි බයයි මට ?????????

    ඔයා පරෝව තිසූට දෙයි කියලා… ???????????

    අනේ අනේ එහෙම කරන්න එපා…. පියුමියෝ… එහෙම කරන්න එපෝ…. මම මැරෙයි බන් කෙල්ලේ… ?????????????????????

    රැන්ඩි අයියටම දෙන්න හොදද….. ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් ??????????????

  10. kasuni chamalka

    අනේ නට් නම් බුරුල් කරන්න එපා හොදේ.. කතාව නම් සුපිරි..
    හිතට ගොඩාක් දැනුනු කතාවක්..
    පිස්සුවෙන් වගේ කියෙව්ව කතාවක්..
    ගොඩාක් දේවල් කියලා දුන්න කතාවක්..
    හැම කොටසක්ම සමබර උනා කතාවක්..
    කියන්න වචන නැ සුපිරිම කතාවක්..

    රැපා අයියට උන දේට ගොඩාක් දුකයි.. ඒත් එහෙම උනේ නැත්තන් කතාව බැලන්ස් වෙන්නේ නැහැනේ.. පරෝ තවමත් දුක් විදිනවා.. මම හිතනවා ඒ දුක ඉක්මනට නැති වෙලා යාවි කියලා.. රෑන්ඩ් අයියයි පරෝයි ඉක්මනට එකතු කරන්න.. චුටි පුතත් එයාලටම දෙන්න..

    •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

  11. අක්කේ ඔයා තමයි කතා අහුරේ කතා ලියන මන් කැමතිම රචිකාව ඔයාගේ කතා හරීම ලස්සනයි .වෙනස්ම අදහස් තියේන්නේ කතා වල .පරවි කියන්නේ මන් ආසම කතාවක්. ?
    සුභ පතනවා අක්කේ …….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.