Katha Ahura

පරවී | අනු එක්වන කොටස |නවකතා

කතාව කොහොමද?

පරවී
අනු එක්වන කොටස

මන් දන්නවා … රත්තරන් ……

මන් එන්නම් … යමූ අපි දෙන්නා …

මන් … දගකාර හිනාවක් මූනට අරගෙන ඇහැක් ඉගිමරලා …කිව්වේ …
❤️

ජීවිතේට වසන්තය ආවා වගේ ඉඩෝරේ ඉවර වෙලා කොල හැලුන ගස් වල පුන්චි දලු එක එක පූදින්න පටන් අරන් … තව ටික දවසකින් කොල හැලුනු අතු පිරෙන්න දලු ඉහිරෙයී … ඊටත් පස්සේ මල් වලින් හැම අත්තක්ම වැහෙයී …

මන් බලන් හිටියේ … කැම්පස් එකේ තෙල් බැම්මේ වාඩි වෙලා .. ඈත පේන කොට්ටම්බා ගහ දිහා … කොල හැලිච්ච කොට්ටම්බා අතු වල දලු දැනටමත් එක එක පූදීලා …

එක්සෑම් ඉවර නිසා ද මන්දා …ගොඩාක් අය … කැම්පස් එකෙන් ඉකමනට ම යන්න ගිහින් …
හේශීත් ගෙදර යන්න ඕන නිසාම … එක්සෑම් ලිව්ව ගමන්ම හොස්ටල් එකට දිව්වා …

දැන් කෙල්ලගෙයී මගේයී හිතේ තරහක් නැතී ගානයී … ඇත්තටම රැන්ඩි අයියා කිව්වා වගේම … හේශී මට වැරැද්දක් කරපු කෙනෙක් නෙමේ…

හැම්දේම වෙලා තියෙන්නේ මගේ හොදට මිසක් නරකට නෙමෙයී … පලවෙනි ආදරෙ අවසාන ආදරේ කරගන්න දගලපූ මට .. ඇත්තටම දැන් ජීවිතේ කියන්නෙර් මොකද්ද. කියලා දැනෙන්න පටන් අරන් …

ආදරේ කියන්නේ සහයෝගය අවබොදය කියන හැමදේම එකතු වෙච්ච තැනක් ..කියලා ..මට කියලා දුන්නේ රැන්ඩි අයියා .නෙමේද … ඉස්සර කොච්චර උනත් වහකදුරු වගේ උන අය ..අද මගේ ජීවිතේ වැදගත් අය වෙලා …
රැන්ඩි අයියා කිව්වා වගේ කාගෙවත් දෛවය අමුතුවෙන් ලියන්න අපිට බෑ තමයී …
නොදැනුවත් ව කරන සමහර දේවල් .. මුලු ජීවිතේම වරද්දනවා …
ඒ දේවල් එක්ක අපිට වෙනස් වෙන්න අමාරු උනත් .. අමාරුවෙන් හිත හදාගත්ත එකම ලොකු දෙයක් මට ..නම්… ජීවිතේම උනත් දාලා යන්න හිතුන අවස්තා ගොඩක් තියෙද්දී. …ඒ හැමකට්ටම කාලා ජීවිතේ ඉගෙන ගත්ත කෙල්ලේක් නේද කියලා දැනෙද්දී මට දැනුනේ සියුම් ආඩම්බරයක් …

බිම බලාගෙනම කල්පනා කරද්දී .. මාව පහු කරන් යන. පහල බැජ් වල ලමයී දිහා මන් බලන් හිටියේ …

මගේ ඉස්සර දවස් මේ තරම් නම් සැහැල්ලුවක් තිබුනේ නෑ …
ඒ දවස් ආයෙම අරන් හැම තැනක්ම හදන්න හිතුනා මට …

මන් තෙල් බැම්මෙන් නැගිටලා … විකර්නේ දිගේ .. ගේට් එක පැත්තට ආවේ හිමීට … එක්සෑම් ඉවර උනාට මොකද …. එකේ අමාරුවක් දැනුනේම නෑ .මට … වැකේශන් එක නිසා .. අම්මා බලන්න යන්න.. ලැබෙන එකයී .. මට තියෙන සැනසීම …

අම්මා උනත් සතුටු වෙයී … ඉවසිල්ලක් නෑ ඇත්තටම ඒ මූන දකිනකන් …මට තනියම යද්දී මන් ගැනම දැනුනේ ආඩම්බරයක් ….
අහ්… පා..රෝ…

කල්පනා කර කර ආපු මන් එකපාරම හැරිලා බැලුවේ … ගේට් එකෙන් එලිය…
ඒ මූන දැක්කම මගේ මූන වෙනස් උනේ හිතාගන්නවත් බැරි විදියට … ඒ මූන නම් මැලවිලා …

දෙයියනේ …..

පැං…චී …

මට ඉබේටම මිමිනුනා …
රැන්ඩි අයියා ආවොත් … බැනුම් අහන්න වෙයී මට …
පැ..න්…චි…ටත් …

ගොඩ කාලෙකින් මන් මේ දැක්කේ … මේ මුන ගැසීම සිද්ද නොවුනනම් කියලායී මට හිතුනේ …

මන් තවමත් හිටගෙන .. එයා ඉස්සරහ… මම යන්න හැදුවේ කතා නොකරම … මෙච්චර හදාගත්ත හිත පාරව ගන්නේ කොහොමද … ..

ප්ල්ස්ස්…. පා..රෝ… එක පාරක් අහන්න …

මන් යන්න හද්ද්දී එයා එහෙමම මගේ අත අල්ලගත්තා …
මට දැනුනේ දුකක් … කදුලු පිරිච්ච ඒ ඇස් යදින්නේ අයියා වෙනුවෙන් නේද කියලා මට මොහොතකට මතක් කෙරෙව්වා …
මට ඉබේටම ඇස් වලට කදුලු ආවේ … මන් ඒක පැන්චිට නොපෙනෙන්න. පැත්තකට හැරිලා පිහලා දැම්මා …

මගේ අයියා ට…මැ…රෙ…න්…න ..දෙ..න්…න.. එපා…

පැංචී අඩ අඩ මගේ අත අල්ලන් එහෙම කියද්දි …. මගෙ පපුව මොනවා උනත් පිච්චිලා යනවා දැනුනා …

තිසූ අයියාට කරදරයක් වෙනවට මගේ තුන් හිතකවත් ..කැමැත්තක් කවදාවත් තිබ්බේ නෑ ….

එයා මට කොච්චර වෛර කලත් ..මන් එයාට වෛර කරලත් නෑ … එයා නිසා මන් කොහොමහරී හොද ජීවිතයක් හදාගෙන … ඉස්සරහට ආවා …

පැංචී මාව හම්බෙන්නම ආපු ගමනක් …
මට පැංචී ගේ මුන බලද්දී හිතුනා …

මේ බලන්න පා…රෝ….

මේ…හ්….

පැංචී කලබලෙන් වගේ … මගේ අතේ තිබ්බේ ලියුමක් … ඒක මන් උනන්දුවෙන් ගත්තේ නැති උනාම එයා කලබලෙන් වගෙ … දිගෑරියේ … පොඩි එකෙක් වගේ

එයා තව කොල කීපයක් … පොතක් අස්සෙන් ගත්තත් … ඒවා එයාගේ කලබලේටම බිමට වැටුනා …. මට ඒවා ඇහිදින්නවත් උවමනාවක් ආවේ නෑ … ඒත් පැන්චි බිම වැටිච්ච කොල එකින් එක ඇහිදින්න ගත්තා …මන් පැංචී මගේ අත උඩ දිගෑරපු කොලේ මන් උවමනාවක් නැතුවම කියෙව්වා…

නංගී….

මට උදව් කරන්න පුලුවන් උබට විතරයී ..එකපාරක් ..පුලුවන්නම් මට ඒ උදව්ව කරපන් බුදු නන්ගියේ … මට …

මට..ඒ වචන කියවගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ .. කොච්චර හිත හදාගත්තාත් … ආයෙම මගේ හිත දුර්වල වෙන්න යනවා නේද කියලා හිතුනා … මන් ඒ හින්දම කියවන එක නවත්තලා පැංචී දිහා බැලුවේ … අයියා කෙනෙක් කොහොමද නන්ගි කෙනෙක් මෙච්චර ඉස්සරහ අසරන වෙන්නේ..පැංචිත් මෙච්චර අසරන ඒ නිසාද …

ඒ මූන රතු වෙලා …

ඒ මදිවට හොදටම අඩලා …

සු….ද්…දී….
යමූ

එකපාරම ලගින් ඇහුන ගොරොසු කට හඩත් එක්ක … මගේ අත හයියෙන් අල්ලගන්නවා දැනුනේ …

මන් හැරිලා බැලුවා … රාකුසෙක් තරමට ඒ මූන කලුවෙලා … ඇස් වල තිබ්බ තරහා .. එයා පිට කලේ සුසුම් වලින් විතරයී …වෙනදා වගේම මාව වෙලාවට එක්කන් යන්න ඇවිත් හිටපු රැන්ඩි අයියා … ඒත් වෙනදා මූනේ තියෙන හිනාව කොහෙද ගිහින් .. ඒකටත් එක්ක තරහාව ඒ මූනේ පිරිලා

න..ගි….න්…න …. වාහනේට …

දත්මිටිකාගෙන කිව්ව වචන ටික … මට ඉවසගන්න බැරිඋනා … …වටපිට බලලා කිව්වේ ..කැම්පස් එක ඉස්සරහ නිසා වෙන්නැතී …
ඒත්
පැංචී අසරන වෙලා ඉද්දී මන් කොහොමද එහෙම කරන්නේ … මනුස්සයෙක්ට උනත් හිතක් තියෙන්න ඕන …

මට ඒ වෙලාවේ රැන්ඩි අයියාට අවනත වෙන්න හිත දුන්නේ … නෑ …. මගේ අතත් රැන්ඩි අයියාට සාපෙක්ශවම .. දරදඩු වෙලා … මගෙ ඇස් වලත් තිබ්බේ කේන්තියක්… මන් .. උදුරලා ගත්තේ මගෙ අත …

ප්….ල්…ස්….

පා…ර…මී…… යමූ…

පැංචී මට ලග ඉදන් ඇවිටිලි කරනවා … මට … ඉවසගන්න බැරිඋනා ඒකට නම් … මන් රැන්ඩි අයියාගේ අත අතෑරලා … පැංචිවත් ඇදගෙන .. එතන තිබ්බ වීල එකකට නැග්ගේ … රැන්ඩි අයියාට .. තේරුම කරවන්න බැරිවෙයී කියලා මට හිතුන නිසා … මට මේ වෙලාවේ හිතුවක්කාර වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ …

පැංචී කොහෙද මන්දා පාරක් …කිව්වා .. මන්. පැංචීගේ අත හයියෙන් හිරකරගත්තේ තවමත් එයා අඩන නිසා …
වීල් එක වේගෙන්ම යන්න ගත්තේ … පාරේ වාහන ගැනවත් නොහිතා .. පැංචී .. කලබල කලා .. ඒ මනුස්සයා ව …. මට තිබ්බේ රැන්ඩි අයියා ගැන බයක් .. එයා මොන විදියට හැසිරෙයිද කියන එක ගැන කුතුහලයක්

මිස්ස්… පිටිපස්සෙන් එන වාහනේ … මිස්ලගෙද …

වේගෙනම .. යන ගමන් .. වීල් එකේ හිටපු මනුස්සයා ඇහුවේ සයිඩ් කන්නාඩිය බලන ගමන් …
මන් වීල් එකෙ පිටිපස්සේ වීදුරුවෙන් බැලුවා …

දෙයියනේ ..රැන්ඩි අයියා ….
අද එයාගේ තරහා මන් මූනෙන්ම දැක්කා.. මගේ ඇග වෙවුලුවා .. මෙච්චර හිතුවක්කර වෙලා නෑ කවදාවත් … මන් බයටම පැංචිගේ අත හයියෙන් අල්ලගත්තා … රැන්ඩි අයියා ආදරේ උනත් .. තරහා ගියාම එයාගේ හැසීරිම මන් හොදටම දන්නවා …

එකපාරම රැන්ඩි අයියාගේ කාර් එක .. වීල් එක ඉස්සර කරලා පාර හරස් කලේ .. වීල් එකේ ලොකු බ්‍රේක් එකක් වැදෙද්දී ………

මගේ ඔලුව ..වීල් එක ඇතුලේ බාර් එකේ වැදුනේ හයියෙන් …රැන්ඩි අයියා වාහනෙන් බැහැලා … ආවේ … වීල් එක ලගට ..මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ. රැන්ඩි අයියා ගහයී කියන බයට

වාහනේට නගින්න …

රැන්ඩි අයියාගේ අණට .වීල් එකේ මනුස්සයත් පිටිපස්ස හැරිලා බැලුවේ අසරන වෙලා … අපි දෙන්නා ම වීල් එකෙන් බැස්සේ රැන්ඩි අයියාව තවත් කේන්ති ගස්සන්න බැරි නිසා…
වීල් එකේ මනුස්සයාට.. රුපියල් පන්සීයක කොලයක් දීලා .. රැන්ඩි අයියා අපිට ඉස්සර වෙලා දිර ඇරලා දුන්නේ නගින්න … මන් මෙච්චර වෙලා හිතුවක්කාර වෙච්ච හිත ඕනවටත් වඩා මෙල්ල කරගෙන … වාහනේට නැග්ගා …
පැංචී ත් නැග්ගේ මාව අනුගමනය කරල මන් පිටිපස්සෙන්ම නැග්ගා …

කොහාටද යන්න ඕනේ …

මගේ මූන දෙකක් උනේ .. ?රැන්ඩි අයියා අහපු ප්‍රශ්නෙට ..පැංචිත් එක්ක එයාට තිබ්බේ තරහක් .. ඒකට හේතුව ..මට අමුතුවෙන්. හිතන්න ඕන උනේ නෑ..තිසූ අයියා එක්ක තියෙන තරහා .. පැංචිටත් පොදුයී රැන්ඩි අයියාගේ හිතේ …

පැංචි එක පාරම කලබලෙන් උත්තර දුන්නේ පාරක නමක් කියලා … මන් මේ පැත්ත ගැන හරියට දන්නේ නැති නිසා කොහෙට යනවද කියන්න මට එච්චර තේරුමක් තිබ්බේ නෑ …

ඒත් … රැන්ඩි අයියා වේගෙන්ම යන්න පටන් ගත්තේ පාර හුරු කෙනෙක් වගේ …
ඉස්සරහ කන්නාඩියෙන් සැරේන් සැරේ මට රවන ඒ මූනේ තිබ්බේ .. විදානයක් …
මන් ඒ බලපු හැමපාරම එයාගේ ඇස් වලින් මිදිලා … මගෑරියේ … ඒ ඇස්වල හිරවෙලා මැරෙන්න බැරි නිසා …

පැය භාගයක් විතර ගිහින් … නතර උනේ … පුන්චි අඩිපාරක… කොලබින් අපි ගොඩක් දුර ආවා … කලින් තිබ්බ කලබල කාරී පරිසරයක් මේ පැත්තේ දැක්කේ නෑ …

පාරේ එතනින් එහාට වාහනේ ගන්න බැරි නිසා … රැන්ඩි අයියා කාර් එක පාරේ පැත්තට වෙන්න නවත්තලා ..බහින්න හදද්දී ..පැන්චී මටත් කලින්. බැහැලා ඒ පොඩි පාර දිගේ දුවන්න ගත්තා … මට එකපාරම හිතාගන්න බැරිඋනා ..මොකද්ද උනේ කියලවත් .. රැන්ඩි අයියා වගේම මාත් ඒ පිටිපස්සෙන් දිව්වා …
කොහෙන් ආපු ශක්‍තියක්ද මන්දා … මට මහන්සියක් දැනුනේ නෑ … පැන්චී කොන්ඩෙත් කඩාගෙන … දිව්වේ … ඇත්තටම හිතේ තිබ්බ ලොකු අවුල් ජාලයක් නිසා… කියන එක මට තෙරුම් ගන්න පුලුවන් උනේ දැන් …
රැන්ඩි අයියා මගේ අතකින් අල්ලගෙන ඒ පිටිපස්සෙම දිව්වා …
දුවලා ගිහින් නතර උනේ … වත්තක් මැද තිබ්බ .. හුරුබුහුටි ගෙයක් ලග .. මට දැක්ක ගමන් මතක් උනේ … පදවියේ අපේ ගෙදර …

ඒත් .. හයියෙන් කෑගහන බබෙක්ගේ සද්දේ මුලු වත්තම දෙවනත් කලා .. මායී පැංචී බලාගෙන ඉද්දී .රැන්ඩි අයියා ..අපි දෙන්නම ඉස්සර කරගෙන වහලා තිබ්බ දොරට තඩි බෑවේ ඇතුල් වෙන්න විදියක් … හොය හොය … ඒත් දොර ඇරුනේ නැති හින්දා .. එයා දිව්වේ ගේ පිටිපස්සට ..මමත් එයා පස්සෙන්ම ගේ පිටිපස්සට දිව්වේ … කෑගහන දරුවට කරදරයක් කියලා මට දැනුන නිසා …
පපුව .. පිච්චුනෙ .. යටගිරියෙන් කෑගහන ..පුන්චි බබාව දකින්න …

පිටිපස්සෙ තිබුන දිරාපු… දොරට ගහද්දීම ඒ දොර … කැඩිලා … දොර ඇරුනා …
එතකොට ම …රැන්ඩි අයියාගේ ඇගට පැන්න … කලු මනුස්සයෙක් … රැන්ඩි අයියාට ගහගෙන ගියේ … අනපේක්ෂිත වෙලාවක රැන්ඩි අයියාට සූදානමක් වත් නැති නිසා වෙන්නැතී …

මට කර කියාගන්න දෙයක් නැති උනා … ‍රැන්ඩි අයියා පොර බැද්දා විනාඩී කීපයක් ….මන් වෙවුල වෙවුල බලන් හිටියේ … මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව …

සු…ද්…දී….

රැන්ඩි අයියා යට ගිරියෙන්ම කැගහපු පාරට ..මන් .. එතනින් පැන්නේ ඇතුලට … ඒත් එක්කම .. මන් හිටපු තැනට වේගෙන්ම ඇවිත් වැදුනේ පිහියක් …

දෙ…වි…යනේ ….

මට හීල්ලුනා …

රැන්ඩි අයියා ..මට කිව්වේ එතනින් පැනලා යන්න උනත් ..මට රැන්ඩි අයියාව දාලා යන්න හිත දුන්නේ නෑ ඇත්තටම ….තිසූ අයියා කොහේ හරී ඇති කියලා හිතුනා .. හයියෙන් කෑගහන දරු පැටියාගේ ඇඩිල්ල තවමත් වෙනසක් නෑ … රැන්ඩි අයියා එතන හිටපු දෙතුන් දෙනාටම ඇති තරම් තඩිබාලා .. මාවත් ඇදගෙනම ඇතුලට ආවේ … දරුපැටියාගේ ඇඩිල්ල ඇහෙන පැත්තට …. ..

ඔ…යා… යන්න … න…ං…ගි…

රැන්ඩි අයියා මගේ මූන අල්ලගෙන තදින් නලල සිපගත්තේ … හරි බයකින්
ඒ තොල් වෙවුලනවා … මන් දැක්කා …

මන් ඔලුව වනලා බෑ කිව්වේ අඩ අඩමයී …

යන්න…සු…ද්..දී…

බෑ … බෑ …බෑ …

මාව දාලා එයා යන්න හදද්දී මන් එයාගේ ඇගේම එල්ලුනා …
ඒයාට තවත් මාත් එක්ක කතාකරන්න බැරි නිසාම ..එයා මාව තල්ලු කලේ ..මාන් එයාගේ ඇගේ එල්ලිලා ඇතුලට එන එක වලක්වන්න …
ඒත් එක්කම ඇතුලෙන් ඇහුන වියරු හිනාවට … රැන්ඩි අයියා ..කේන්ති පිටකලේ මගෙන් …

එකපා…ර…ක් කි..ව් ….වාම ….ප…ල…ය…න් … සුද්දී ….

ඊලග කොටසට ….

හ්ම්ම්. තව කොටස් දෙකකින් වගෙ ..විසදෙයී ඔක්කොම … අවසානය නම් .. කොටස් කියද මන්දා .. 5ක් වගේ දාගන්නකෝ …

කතාව ලේට් කියලා රේට් නොදා ඉන්න එපා … හොද්ද ..මගෙ කාර්යබහුලත්වය නිසා මට ලියන්න වෙලාවක් දැන් හොයාගන්නම බැරි තරම් ……

මොකද හිතෙන්නේ ..කතාවේ අවසානය ගෙස් කරන්න බලන්න … ???

පියුමි සේනාදී

ඊලග කොටසට …

8 thoughts on “පරවී | අනු එක්වන කොටස |නවකතා”

  1. අම්මෝ.. ඒ මොකද්ද උනේ… ඒ කෑ ගැහුව පොඩි ළමයා චායගේ ළමයද… එතකොට ඒ ඇවිත් ඉන්නේ අර චායාගේ අයියා වෙන්නැති… අනෙ මන්දා… මොනා වෙනවාද කියලා..

    මොනා නැතත් කතාවනම් පට්ට අක්කියෝ… ඊළග කොටසත් ඉක්මනට දාන්න බලන්න…

  2. Ranmali subasinghe

    Monawa weida kiyala hitha ganna be.. mama mehema kiyannam thisu aiyai chayai ekathuwei paroi rendi aiyai ekathu wei neththam chayai thisui merei.. babawa paroi rendi aiyai hada gani… ???????? mama harida???? Kohoma hari kamak ne parowa rendi aiyagen wen karanna epa nangooo plzzz…. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    Ikmanatama kathawa Danna aye….. ?? wenada wagema Hugaaaak lassanai…. ??????? good luck!!!!! ????????????

  3. රැන්ඩි අයියට කරදරයක් නම් කරන්න එපා අක්කියෝ .
    ඒ චායාගේ බබා වෙන්න ඇති .
    මොන දේ උනත් පරෝවයි රැන්ඩි අයියාවයි වෙන්කරන්න එපා සුදු අක්කියෝ .
    කතාව වෙනදා වගෙම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ලස්සනයි .
    පරවිටයි ඔයාටයි වෙනදා වගේම ගොඩාක් ආදරෙයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. Vall eke? පරවි ? දාලා තීනුවා දැක්කමත් හිතට අමුතු මෙව්වා එකක් එනවා…?කොහොම හරි අක්කේ ඔයාගේ උත්සහය 100% සාර්ථකයි..ඔයා ගොඩාක් දක්ශයි ඔයාගේ’ නපුරු නිලමේ’ කතාවත් ගොඩක් හිතට වැදුනා හරීම සජීවීයි හැමෝටම එහෙම කතා ලියන්න බැ ..මේ කතාවෙන් පස්සෙත් ඔයා තවත් අලුත් කතාවක් කෝමහරි app එකට දාන්න .අපි බලාගෙන ඉන්නවා ?( සොරි …සොරි මං බලාගෙන ඉන්නවා) ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා wish you all the best ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.