Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 19 වන කොටස| ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-19 වන කොටස-

“උඹලා එහෙනම් වරෙන්කො.. මං මොකක් හරි බලන්නම්..”

මං පෝන් එක කට් කරලා ගියේ සාලෙට.. ගෙදර හිටපු අනිත් අයටත් කතා කරලා මං සැටි එකෙන් ඉදගත්තා..

“ඇයි බං කතා කලේ.. මොකෝ අවුල??”

“අංකල්ගේ account එකෙන් සල්ලි ගන්න බෑලු බං… block කරලලු.. ඩෙවෝන් ආවහම තව විස්තර ටිකක් දැනගන්න පුලුවන් වෙයි..”

“ඕක වෙන්නැති අර ප# බල්ලා නිසා තමා… ඌ මගේ එකෙන් සල්ලි ගන්න ට්‍රයි කරන්නැති… ඒක නිසා block කරන්නැති..”

අංකල් කේන්තියෙන් දත්මිටි කකා කතා කලේ ආවේගෙන්…

“අපි මොකක් හරි කරමු අංකල්… දැන් මේ වතුර එක බීලා ඉන්නකෝ..”

මං අංකල්ට වතුර එකකුත් දීලා සාලේ ඇවිද ඇවිද කල්පනා කලේ මොකද කරන්නෙ කියලා…

“අඩේ බං.. බුවනෙකයගෙ අම්මා වැඩ කරන්නෙ බෑන්ක් එකක නේද.. හැබැයි මං බෑන්ක් එක මොකද්ද කියලා දන්නෙ නෑ..”

“ඔව් මනේ.. උඹ කියනකන් මට මතක් උනේ නෑ.. උන් දෙන්නා ආවාම අපි ඒ ගැන අහලා බලමු…”

එතකොටම වගේ ඩෙවෝනුයි,චනුකයි ආවා..

“මාර වැඩේනෙ බං වෙලා තියෙන්නේ… කවුදෝ මංදා කට්ටියක් ආවිල්ලා කොල්ලෙක්ට හොදටම නෙලලලු.. ඌට හොදටම අමාරුයිලු…”

ආපු ගමන් ඩෙවෝන් එක හුස්මට කියෝගෙන යනවා..

“ආරංචියෙ හැටියටනම් උන් සොංගගේ සෙට් එකේ කට්ටියක්…”

“ඉතිං බං ටව්න් එකේ මිනිස්සු කොච්චරනම් ඉන්නවද… ඒ ඉදලද බේරගෙන නැද්ද?”

“සිංගගේ නම ඇහුනත් කවුරුත් බයයිලු… බේරගන්න තියා ලගටවත් යන්නෙ නෑලු…”

“ම්ම්ම්ම්ම්… එහෙමත් එකක්ද.. අපිට හැප්පෙන්න වෙලා තියෙන්නෙ ලේසි පහසු බඩුවක් එක්ක නෙවෙයි නේද…”

“ඔව් බං… මෙහෙම ඉදලනම් ගේමට බැහැලා බෑ.. අපේ සටන් කලාව වගේම,වෙඩි තිවීමේ හැකියාවත් දියුනු කරගන්න වෙයි වගේ…”

“මේ ගේම් එක ඉක්මනටම අපි close කරලා දාමා.. එහෙනම් දැන්ම ඉදන්ම වැඩ පටා….න් ගමු guys…”

අංකල් හොද මාෂල් ආට් කාරයෙක්… අංකල්ට දන්න තරමින් කරන්න බැරි දෙයක් නෑ.. ඒක නිසාම අපිට අංකල් හැමදේම කියා දෙන්න තීරණය කලා..

ඔය අතරේ මට ලාවට වගේ ඇහුනේ කවුරු හරි ගේ දිහාවට දුවගෙන එන සද්දයක්..

ඒත් එක්කම වගේ මං එලියට ගියේ කවුද බලන්න.. ඒත් එක්කම මං දැක්ක දේ නිසා මගේ හදවත තත්පරේට එකසිය ගානට ගැහෙන්න ගත්තෙ මොකක් නමුත් ලොකු කරදරයක් කියන මූසල හැගීමෙන් හිත වෙලාගනිද්දි..

මං දැක්කේ ඈත ඉදන් හති දදා දුවගෙන එන සලිතව… මං උගේ නමත් කියාගෙන ඌ ලගට දුව ගෙන ගියේ හිතට එක එක ප්‍රශ්න ගොඩක් ගලාගෙන එද්දි..

මං කෑගහපු සද්දෙටද කොහෙදෝ අනිත් අයත් දුවගෙන අපි ළගට ආවා…

අහන්න ප්‍රශ්න කෝටියක් තියෙද්දි මං මොනාද අහන්න ඕනි කියලා මට හිතාගන්න බැරිඋනා.. ඒ නිසාම මං බලන් හිටියෙ සලිත දිහා..

“ඇයි මේ උඹ තනියම.. කෝ බුවනෙකයා…”

මගේ හිතේ තිබ්බ එක ප්‍රශ්නයක් චනුක සලිතගෙන් අහද්දි ඒ මූණ වෙනස් වෙලා ගියේ ක්ෂනිකවම…

“කියපන් බං.. මොකද උනේ?”

සලිතගේ නිශ්ශබ්ද තාවය දරාගන්න බැරිනිසාම මං උගෙ දෙවුරින් හොලෝ හොලෝ ඇහුවේ මේ වෙච්ච දේවල් දැනගන්න ඕනි නිසයි..

“පුතා.. එයාව ගෙට එක්කන් එන්නකෝ… මහන්සිත් ඇති…”

මේ හැම දෙයක් දිහාම සාවදානෙන් බලාහිටපු අංකල් එහෙම කියද්දි මාත් ඒකට එකග වෙලා සලිතයව ඉන්දෝලා වතුර එකකුත් බොන්න දුන්නා…

“දැන්වත් උනේ මොකද්ද කියලා කියපන් හු###… මොන රෙද්දක්ද..”

මිනුරයට යකා නැගලා සලිතයට බනින්න පටන් ගත්තා… මාත් හිටියෙ හෙනම කේන්තියෙන්.. ඇයි යකූ අපි මෙගෙ බයවෙලා ඉන්නවා.. මූ මුකුත් නොකියා කට පියාගෙන ඉන්නවා…

“මචං බු.. බුවනෙක… ඌ.. ඌට කට්ටියක් ගැහුවා… හොදටම ගැහුවා.. සි.. සිංගගේ ගෝලයො ටිකක්ලු බං…”

මට එකපාරම ඩෙවෝන් දිහා බැලුනේ ඌ කියපු කතාව මතක් වෙලා..

“එ.. එතකොට ගුටිකෑවේ බුවනෙකයද.. ඕ ෂිට්… ඒත් ඇයි උන් එහෙම කලේ?”

“අපි අර මිනිහව follow කලා… ඒ අතරේ තමා ඔය සීන් එක උනේ…”

“උඹ බේරුනේ කොහොමද?”

“අපි ගිහිපු බයික් එකේ පෙට්‍රල් ඉවර උනා මගක් දුර යද්දි… මනිස්සයෙක්ගෙන් ඇහුවාම කිවුවා සෙඩ් එක තියේන්නේ 2kmක් විතර දිරින් කියලා.. ඒක නිසා මං බුවනෙකට ඉන්න කියලා බස් එකක නැගලා සෙඩ් එකට ගිහින් පෙට්‍රල් අරන් එද්දි කවුදෝ කට්ටියක් කටද මන්දා හොදටම ගහනවා…”

ටිකක් වෙලා සද්ද නැතුව හොටපු සලිත දිග සුසුමක් වාතයට පා කරලා ආයිත් එයාගේ කතාව පටන් ගත්තා..

“මං බයික් එක ලගට ගියත් බුවනෙක හිටියෙ නෑ.. ඒත් එක්කම මං අර මිනිස්සු ගහන හරියට ගියෙ එතනවත් ඉන්නවද බලන්න.. ඒත් මං දැක්ක දෙයින් මගේ කකුල් පවා පන නැතුව ගියා වගේ දැනුනේ.. අර තිරිසන්නු ටික බුවනෙකට හොදටම ගහනවා… එතන 10 දෙනෙක් විතර ඉන්නැති…ඒත් එක්කම මට ඇහුනෙ එක මැරයෙක් කෑ ගහනවා “මූත් එක්ක ආපු අනිත් එකත් හොයපල්ලා” කියලා…”

“උඹ පැනගත්තෙ කොහොමද?”

“එතන හිටපු මැරයන්ට මේ තනි මට ගහන්න බෑ කියලා මං දන්නවා.. මාත් එතන්ට ගියානම් අර වගේ ගුටි කනවා.. එහෙම උනානම් අපි හියාගත්ත ඒවා කොහොමද ඔයාලට කියන්නේ.. ඒක නිසාම මං එතනින් දුවලා ඇවිත් එවලේ අපූ බස් එකට නැග්ගෙ දෙවරක් නොහිතමයි..

කොහොම හරි උන්ට මාව හොයගන්න බැරි උනා.. මං කොහොම හරි බේරුනා.. ඒ.. ඒත් මං මොකද්ද ඒ කලේ… මං මගෙ යාලුවා වෙනුවෙන් මුකුත්ම කලේ නෑ.. මං ඌට ගහන්න දීලා පැනලා ගියා.. මං මොනවගේ එකෙක්ද.. ෂිට්..”

සලිත උගේ කොන්ඩෙ අතින් ඇද ඇද කියෝනවා.. ඌ කරපු දේ වැරදි කියන්න බෑ… ඌ අද බේරිලා අපු නිසානේ මෙහෙම විස්තරයක් හරි දැනගත්තෙ..

❤️❤️❤️

ඔන්න මිෂන් එක පටන්ගන්නයි යන්නේ..

ඔයාලා මොකද හිතන්නේ?? බුවනෙක මැරිලද,නැත්තන් ජීවත් වෙයිද?

මගේ කතාව ගැන අදහස්,උදහස් කියාගෙන යන්න ළමයි… 20ත් අරගෙන මං හෙට එන්නම්..

බුදු සරණයි!!!

මං,
Nawanjana

2 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 19 වන කොටස| ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    එයාව මරන්න එපා… කතාව ලස්සනයි.. ටිකක් දිගට දාන්න… සුබ පැතුම්!!! ???????????

  2. එයා මැරිලා නැතුව ඇති .
    කතාව ගොඩාක් ලස්සනයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ??????????

Leave a Comment