Katha Ahura

පරවී | අවසාන කොටස | නවකතා

3/5 - (37 votes)

අවසාන කොටස
අනූ හත්වන කොටස

කාර් එකේ … ගෙදරට එද්දීම …
ගෙදර තිබ්බේ .. පුන්චි කලබලයක් …

අමුතුම .. විදියක් … මට හිතාගන්න බැරිඋනා… මෙච්චර වෙනසක් කලේ කොහොමද කියලා …මන් යද්දික් තිබ්බ ගෙදර සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා

මාව එද්දීම පිලිගන්න හිටියේ …. මන් හීනෙකින්වත් හිතුව නැති කෙනෙක්….
පුන්චී පුතාව වඩාගෙන ඉන්න මගේ අම්මා…

ඒ ඇස් වල කදුලු පිරිලා … මට බදාගන්න හිතුනා … ඒත් ඇදගෙන හිටපු ඇදුම … නිසා මට අම්මා ලගට දුවගන්නවත් විදියක් නෑ ….මන් .. අම්මා ලගට ගිහින් ඉකමනට මගේ අම්මාගේ කකුල් දෙක අල්ලලා වැන්දා…

මගේ…දෝ…නී…..
රත්නත්තරේ. පිහිටයී .. මගේ කෙල්ලට …

අම්මා මගේ කම්මුල් දෙකත් ඉබින ගමන් කිවේ … ඇත්තටම මන් දෑක්කා ඒ ඇස් මන් වෙනුවෙන් .. තියෙන සතුට … සාරි පොටේ අගින් .. කදුලු පිහන අම්මා ..ව මන් බදාගත්තේ ආදරෙන් .

පුතා අත දික් කර කර මගේ ලගට එන්න හැදුවත් අම්මා පුතාව එන්න නොදී තියාගත්තේ මගේ අතේ තිබ්බ මල් බොකි එකත් නිසා පුතා එක්ක මට මේ වෙලාවේ ඔට්ටු වෙන්න බැරිවෙයී කියලා හිතලා…
චූටී පුතාට ලස්සනට ක්‍රීම්. පාට ඇදුමක් අන්දවලා … කොල්ලගේ හැඩ බලන්නත් ලස්සනයී … …අම්මා එක්ක … ඉන්න පුතාගේ ..අකමැත්තක් නෑ වගේ … මන් ඒ නිසාම ..පුතාව අම්මා ලගම තියලා … රැන්ඩි අයියාව හෙව්වේ

මෙච්චර වෙලාවක් … මගේ ඇස් නොගැටුන … රැන්ඩි අයියා …
මන් කලබල නොකරම .. රැන්ඩි අයියාව හෙව්වා …

මන් හේශී ගේ අතින් අල්ලගෙන … වාඩි උනේ …
මට රැන්ඩි අයියා ගැන බයක් දැනෙන නිසා …

ඉවසලා හිටපන් හරිද ……

මගේ.. බය නිසාම … මන්. හේශී එක්ක කියද්දී හේශී කිව්වේ එහෙම … උදේ කොහෙද ගියේ කියලාවත් මට කිව්වෙ නෑ … අම්මාව එක්කන් ආවෙ කොහොමද …
හැමදේම තනියම කරලා …
මට ඒ ගැන නම් දුකක් දැනුනේ

මන් තවත් බලන් ඉන්න බැරි නිසා … හිර කරන් ඉන්න කදුලු පිට කරන්න ..මන් කාගෙවත් ඇස නොගැටී .. දිව්වේ … ඉහල මාලේ තිබ්බ අපේ කාමරේට ……
රැන්ඩි අයියා මේ දේවල් කරලා මගෙන් ඈත් වෙන්නද හදන්නේ … එයා කොහෙද ගියේ .. ඇයී මේ දේවල් මට නොකිව්වේ … මගේ .. ඇස් වල තිබුනේ .. පුපුරන ..තරම් කදුලු පොදියක්…. මන්. අඩවන් කරලා තිබ්බ කාමරේ ..දොර තල්ලු කරගෙනම .. ඇස්වලින් වැටෙන කදුලු ඇගිලි වලින් පරිස්සමට අයින් කර කර ආවේ …

සු…ද්..දී…..

මන් ගැස්සුනා …. එකපාරම එයා හැරිලා බලද්දී …
ඒ මූනේ තිබ්බ පිලිවෙල … මට බලන් ඉන්න හිතුනා … මගේ ඇස් වල මෙච්චර වෙලා පිරුනු කදුලු ..තවත් .. එකින් එක ඇස් වලට එනව

මම දැක්කේ නෑ … ඇත්තටම …
මට …රැන්ඩි අයියා දැක්ක ගමන් දරාගන්න බැරිඋනා … මන් බලාපොරොත්තු උනේ නෑ එවෙලේ

තනි සුදු ඇදලා කෝට් එකක් දාගෙන හිටපු එයා …. කෝට් එක දාගන්න යද්දීමයී මන් ආවේ

කෝට් එක ඇදට විසි කරලා … මාව එකපාරම. එයා තුරුල් කරගත්තා …

මගේ සුද්දී ඇයී මේ …

මාව බදාගෙන සනසවද්දී ඒ කටහඩ ඇහුනේ හරි හිමීට …මන් .. රැන්ඩි අයියව අතෝරක් නැතුව සිපගත්තේ ..මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ නොසන්සුන් කම හින්දා …

බ…ය… උනා…ද…

ම්හ්…

ඇයී… ඒ …

ඇයී මාව දාලා ගියේ …

මන් අඩ අඩම ඇහුවා…

මන් දාලා ගියේ නෑ ..ං ඔයා තමයී මාව දාලා යන්න හැදුවෙ …

රැන්ඩි අයියා ඇදේ තිබ්බ කොට් එක ආයම අරගෙන ඇගට දාගන්න ගමන් කිව්වේ එහෙම

පිස්සු කෙල්ලෙක් …
ආදරේ තියාගෙන නෑ කිය කිය මාවත් මරවනවා

මන් අඩ අඩම තවත් එයාට තුරුල් උනා …

ඔයාව දාලා මන් කොහෙ යන්නද… සුද්දී …

අද මගේ කෙල්ලගේ ලස්සන …

අපේ පුන්චි පවුල … මේ හොදටම ඇතී …

රැන්ඩි අයියා … මාව ආදරෙන් සිබින ගමන් කිව්වේ .. මගේ පපුව පිච්වුන …එක නතර උනේ රැන්ඩි අයියා. දැක්කයින් පස්සේ …

යමු පහලට .. බලාගෙන ඇතී කට්ටිය

කන්නාඩියෙන් ආයම පාරක් අපි දෙන්නම දිහා එයා බැලුවා ..මට ලැජ්ජා හිතුනා. එයා බලන් හිටපු විදියට ..

යමූ….

ආයෙම පාරක් මගේ කම්මුලක් සිප ගෙන රැන්ඩි අයියා මාව අතින් අල්ලගෙන පඩිපෙල බැස්සේ … හරි හිමිට … කැන්ඩියන් ඇදලා හිටපු මට … ඒ ඇදම ටිකක් බර වැඩි උනත් . මන් ඒ ඇදුම අදින්න පින් කරලා තිබ්බා ..

පහලට එද්දීම මන් ඈත තියාම දැක්කේ … සුරා අයියාගේ අතින් අල්ලන් ඉන්න හේශී වගේම ..කලුවා අයියා එක්ක ඉන්න … පැංචී … ඒත් එක්කම
රෑන්ඩි අයියාගේ යාලුවෝ.. කීප දෙනෙක් ඇවිත් හිටියා …

රැන්ඩි අයියා හැමදේම ලස්සන ට ප්ලෑන් කරලා …
ෆොටෝ ගන්න අය වගේම … සැරසිලී හැමදේම ලස්සනයී

හැමෝම අපිට සුබ පැතුවා .. පුතාගේ මූනේ තිබ්බ හිනාව .. කොයි වෙලෙත් මගේ .. මාල වල එල්ලී එල්ලී හැඩ බල බල දග වැඩ ගොඩයී … . ඔක්කොටම වඩා රැන්ඩි අයියා හිටියේ ගොඩක් සතුටෙන් …

තා…ත්… තා..හ්හ්… අම්මී මේ …

පුතා .. අමාරුවෙන් කකුල් තිය තිය මගේ ඔඩොක්කුවට නගින්න හදනවා …මන් පුතාව ඔඩොක්කුවෙන් තියාගත්තා

පුතාව … දවසකට මගෙන් ඈත් කරන්න .. රැන්ඩි අයියා … හිතුවත් ..මට ඒක කරන්න බැරි තරම්… ඒත් … පැංචිගේ වගේම … හේශීහේ පෙරැත්තය නිසාම .අම්මා එක්ක පුතාව තියන්න සිද්ද උනා …

හේශී මන් ලග ඉදගෙන මගේ සහෝදරියෙක්ට වගේ ..ගොඩක් දේවල් මට කිව්වා …
සමහර දේවල් එක්ක මන් ගනුදෙනු කරන්න ඕන විදිය ..හැමදේම … ඒ නිසාම අපි හැමෝගෙම ..අශිර්වාදය මැද්දෙ අපි පිටත් උනේ .. රැන්ඩි අයියාගේම … කාර් එකෙ … කොලබ ට නුදුරු හෝටලයකට ….

අපි දෙන්නා විවාහ වෙලා .. අවුරුදු දෙකකටත් වැඩී දැන්….
ඒ උනාට … මට මේ විවාහා සැමරුමත් එක්ක … හිතට දැනුනේ මොකද්දෝ අමුතු හැගීමක් ….

ඔහේ පාර දිහා බලාගෙන ඩ්‍ර්‍යිව් කරන රැන්ඩි අයියාගේ අත උඩින් මන් මගේ දකුනු අත තිබ්බේ …
මට කොහෙන්ද මන්දා ආපු අමුතු හැගීම නිසා …

මො…කද…

ම්හ්ම්හ්

මන් ඔලුව හොලවලා කිව්වේ මුකුත් නෑ කියනන….

හ්ම්ම්…

මට ඕනේ අලුතින් ජීවිතයක් සුද්දී ..

ආය මේ ජීවිතේ ඉන්න ඕනේ … ඔයයී මායී පුතයී අම්මයී විතරයී ….

මට ඕනේ ඒ ජීවිතේ පටන් ගන්න …

රෑන්ඩි අයියා ස්තිර වම කිව්ව දේ මට තේරුනා ….

මටත් ඇත්තටම ඕනේ අලුත් ජීවිතයකට ..යන්න … මුලු ජීවිතයම විදවන්නේ නැතුව ..අපේ දරුවා වෙනුවෙන් … ලස්සන ජීවිතයක් … හදන්නේ … තව පුන්චි දුවෙක් ව මේ පවුලට ගෙන්න … මගේ පුතාව තනි නොකරන්න …

මන් රැන්ඩි අයියාගේ අත තද කරලා . එයා කිව්ව දේට මන් එකග උනා … රැන්ඩි අයියා මේ හැම්දේම කරන්න ඇත්තේ .. ඒ ජීව්තෙට යන්න වෙන්නැතී …….

කතාවෙන් කතාව හිමීටම ..අපී ලගා උනේ ..අපිට නතර වෙන්න තිබ්බ .. හෝටලය ලග …
උනුසුම් පිලිගැනීමක් එක්ක … අපිට අවශ්‍ය හැමදේම ලෑස්ති කරලා තිබ්බා …
මන් රැන්ඩි අයියාගේ අතේම එල්ලුනේ … මන් මේ කොලබට ආගන්තුකයෙක් නොවුනත් ..මට ඒ සමාජය තරමක් අමුතු නිසා …

හිතේ තිබ්බේ පුන්චි ගැස්මක්….

රෑන්ඩි අයියා එක්ක කොච්චර. තනි උනත් ..මෙහෙම ..හැගීමක් මට මීට කලින් දැනිලා තිබ්බේ නෑ …

බයවෙලාද ….

නෑ….

එහෙනම් …ඇයී මේ සීතල වෙලා …

නිකන්.. එහෙම නෑ ….

අපිට වෙන් කරපූ කාමරේ … ලස්සනම ලස්සනට හදලා .. ඇද උඩ හදපූ පුන්චි හංසයෝ දෙන්නේක් …

හැපි වෙඩඩ් ලයිෆ් මිස්ට ඇන්ඩ් මිසිස්

හිතට මොකද්දෝ අමුත්තක්….මන් ඒක ලගට වෙලා බලාගෙන හිටියා …
මෙච්චර දවසක මන් රැන්ඩි අයියා ලග හිටියාට අපි විවාහ වෙලා කියලා මට දැනිලා තිබ්බේ නෑ … ඒත් මේ වචන ටික ..මගේ පපුව ඇතුලටම ගෙනාවේ ..මන් බිරිදක් කියලා

දෑක්කද සුද්දී … පැංචී පටන් අරගත්ත ජීවිතේ …
එයා අපේ කලූ එක්ක කොච්චර සතුටින්ද කියලා දැක්කාද ….
හේශී … නන්ගී … අපේ සුරා එක්ක ..කොච්චර සතුටින්ද … .
ඔයත් ආස නැද්ද එහෙම ….

මන් ඒක දිහා බලන් ඉද්දී රැන්ඩි අයියා මගේ පිටිපස්සෙන් ඉදන් කිව්වේ …

රැන්ඩි අයියා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවාම … මන් එයාගේ එක කම්මුලකින් අත තියලා පිරිමැද්දේ ගොඩක් ආදරෙන්….

හ්ම් ලොකු කාලයක් ගත උනා …
අද මගේ අලුත් ජීවිතයක ආරම්භය …

මන් හිතුවේ ඒ මූන දිහා බලගෙන … වෙනසක් නැතුව තවමත් ඒ ඇස් මන් දිහාට එල්ල වෙලා …

ස..තු..ටින්… ඉමු…අයි…යේ හැමදාම…
මටත් ..ඕනේ …

මන් ඇත්තටම කිව්වේ මගේ තුන් හිත ඇතුලෙම තිබ්බ හැගීම …
ඇස් වල කදුලු පිරුනා …
රැන්ඩී අයියාගේ …
මගේ ඇස්වල කදුලු පිරුනු වේගෙන්ම …….

ම..ගේ… සුද්දී…

ආදරේයීද …මට ….

හ්ම්ම් ගොඩක් ….

මාව හිතින් අතාරින්න එපා …මට ඔයා විතරයී ඉන්නේ ….

රැන්ඩි අයියා එකපාරම මාව තුරුල් කරගෙන එහෙම කිව්වමයී..මට අමතක වෙච්ච දෙයක් මතක් උනේ මෙච්චර දවසක් අමතක වෙල තිබ්බ දේ……
ඇත්තටම රැන්ඩි අයියාට හිටියේ මම විතරයී නේද කියලා දැනෙද්දී … මට. .. ආයෙ ආයෙම මතක් කලේ … මන් ලොකු වැරැද්දක් ආයෙම කරා වගේ …
ඇයි මට ඒක අමතක උනේ …

මන් රැන්ඩි අයියාගේ හිත රිද්දවන් නෑ කියන පොරොන්දුව මන් මගේ හිතටම පොරොන්දු උනා … මෙච්චර දවසක් තනිවෙලා හිටපු මට … එයා උදව් කලාට … මගෙන් එයාට කිසිම සහයෝගයක් තිබ්බෙ නැති තරම්

මන් …රැන්ඩි අයියා එක්ක කතාකර කර ඉදලා … ගියේ …බාත් රූම් එකට
මන් බාත් රූම් එකට වෙලා ඇදුම් උනා දැම්මේ දවසම ඇදන් හිටපු … අමාරුව නිසා …
ශවර් එක යටට වෙලා මන් හිතේ වගේම කාන්සිය වගෙම ගතේ මහන්සියත් ..මන් යවලදැම්මා …
සීතල වතුර යට … ගොඩක් වෙලා ඉන්නැතී… අලුත් ජීව්තේ මේ තරම් නැවුම් බවක් තියෙනවා නම් …
කොච්චර හොදද…
එහෙම තියේවී ඇත්තටම

වැඩිවෙලාවක් නැතුවම … මන් නාගෙන නාන කාමරෙන් එලියට ආවා …
රැන්ඩි අයියා මන් එද්දී කාමරේ හිටියේ නැති නිසා මන් ඇදුමක් දාගෙන හෝටලේ වැරෙන්ඩා එකට ආවේ … රැන්ඩි අයියා කොහෙද ගියේ බලන්න …

මටත් නොකියා .. කොහෙද යන්න ඇත්තේ …
මන් කොන්ඩෙ පිහන ගමන් .. එයාව හෙව්වේ මුලු ගාඩ්න් එක පුරාම ඇස් යවලා… එතකොටයී මන් දැක්කේ ….පූල් එක ලග …තියෙන බෙන්ච් එකේ ඉදන් කලුවරෙ සිගරට් එකක් දල්වගෙන ඉන්න රැන්ඩි අයියා …එදා වගේ කේන්තියක් ආවේ නෑ මට …
සීතලේ ඇයී කියන්න දන්නේ නෑ

මොනා නමුත් රැන්ඩි අයියා ප්‍රශ්නයක දෝ කියලා මට හිතුනා…
මම .. මෙච්චර හිටපූ දවසකට එයා .. සිගරට් බොනවා මන් දැකලා නෑ …අන්තිම පාරට මම දැක්කේ .. අනුරාධපුර යද්දී… ඒත් හොදාකාරවම .. එයා පුරුද්දක් විදියට බොන්නේ නෑ කියලා මන් දන්නවා … ඒ නිසාම මට තරහ ගන්න හේතුවක් ..තිබ්බේ නෑ

මන් … හිමීට තෙත කොන්ඩේ අතින් හදන ගමන් පඩිපෙල බැහැලා … හිමීට ආවෙ එයා ලගට … රැන්ඩි අයියාට ඉවෙන් වගේ දැනෙන්න ඇතී …
මන් එනවා … එයා අතේ තිබ්බ දුම් වැටිය හන්ගගත්තා … ඒක පරක්කු උනත් ..මන් ඉස්සරහ එහෙම ..නොබොන එකම මට ලොකු දෙයක්

මන් ඒ ගැන අහන්නේ නැතුවම .. එයාගේ ලග වාඩි උනා …

ඇයී පහලට ආවේ …

ඔයාව හොයන්න …

අහන හැටි විතරක් ..හොරා වගේ පහලට ඇවිත් ඇයී ආවේ අහනවා …

මන් මගේ හිතටම … කියාගත්තා

ඇයී … ඒ …

පාලුයී මට …
හ්ම්ම්

මටත් ….

පුතා අම්මා එක්ක ඇති නේද ….

හ්ම්ම් අම්මා ලග ඉන්නේ …

රැන්ඩි අයියා මාත් එක්කම බෙන්ච් එකේ ඉදන් .. ඈත බලාගෙන කිව්වෙ
යමූ ..සීතලේ ..ඉන්න හොද නෑ … ඔයා අසනීප වෙයී …

එහෙම කියලා රැන්ඩි අයියා බෙන්ච් එකෙන් නැගිටිද්දීම .. මන් එයත් එක්කම නැගිට්ටා .. තැනින් තැන ඉන්න කපල්ස් දෙක තුනක්ම .. එලියට වෙලා… කෑම ගන්නවා…
මට නම් කන්න තරම් බඩගින්නක් ඇත්තේම නෑ රැන්ඩි අයියාටත් එහෙම වෙන්නැතී …
රැන්ඩි අයියා මගෙ අතින් අල්ලගෙනම … අපේ කාමරේ පැත්තට

රැන්ඩි අයියා ලොකු දෙයක් ගැන කල්පනා කරනවා … මට ඒක දැනුනත් .මේක ඒ දේ අහන්න හොද වෙලාවක් නෙමේ කියලා මන් හොදටම දන්නවා …

ඒ නිසා මන් නිස්සද්දවම එයා එක්ක .. අපේ කාමරේට ආවා … ආව ගමන් ටවල් එකත් අරන් රින්ගගත්තේ … බාත් රුම් එකට ….

මම ලොකු හුස්මක් අරගෙන … ඇදට පැන්නේ …
මහන්සියටත් නෙමේ .. පාලු නිසා …

චුට්ට වෙලාවකට මට ඇහැපිය වෙන්නැතී …

එකපාරම බෙල්ල ලගින් දැනුන සීතල හාදුවට මන් ඇහෑරුනේ කලබලෙන් ….
පිටිපස්සේ හිටපු කෙනාව තල්ලු උනා මගේ අතින් … මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නෑ .. මට බයක් දැනුනේ ඉන්නෙත් පිට තැනක නිසා මන්.. නැගිට්ටේ කවුද බලන්න …

දැනුනේ ලැජ්ජාවක් … රැන්ඩි අයියා මාව බෙල්ලෙන් අල්ලගෙන ..ලගට ගත්තේ කාමරේ තිබ්බ දැඩි සීතලට වෙන්නැතී…

අදත් හදන්නේ මගෙන් ඈත් වෙන්නද ආහ් … ඒක නම් කරන්න බෑ ඔන්න

මෙච්චර ලන්වෙලා… මේ වගේ වෙලාවක… නුපුරුදු හැගීම් ගොඩක් හිත ඇතුලේ පොරකනවා

මට හිනා ගියා .. එතකොට …නම් ….

ඇයී හිනාවෙන්නේ …
මීට වඩා ලන් වෙන්න දෙන්නේ නැද්ද මට …
ඕනේ නැද්ද ඔයාට …

මගෙන් උත්තරයක් එයා බලාපොරොත්තු උනේ …

උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ..ආදරේ ඕන නැත්තේ කාටද … මටත් .. ආසයී .. බාහු දෙකක හිර වෙලා .. ආදරෙ විදින්න .. හාදු වැස්සක ..නතර වෙන්න …

රැන්ඩි අයියා කියන කතාව ඇත්ත … ….
අවුරුදු දෙකක් මන් ලග ඉද්දී … මාව බලාගත්ත විදිය මට අමතක නෑ …
ඒ ඇත්තටම … රැන්ඩි අයියා ..මාව චෙක් කලාදෝ කියලා මට හිතුනා … මොකද … … එයාට ඇත්තටම ඕන කම තිබ්බා මාව …තිසූ අයියාට දෙන්න නැත්නම් එයා මාව මෙච්චර පරිස්සම් කරන එකක් නෑ …

හ්ම්ම් කියන්නකෝ සුද්දී මොනාහරි ….

මගේ නිශ්ශබ්ද බව නිසාම රැන්ඩි අයියා ඇහුවේ …

ඔයා ගොඩක් හොදයී…

මන් හිතන්නත් කලින් එකපාරම මගෙ කටින් පිට උනේ ඒක …

ම න් හිතලා කිව්ව දෙයක් නේමෙ … ඒත් එකපාරම මට කියවුනා …

ලැජ්ජාවට ඇත්තමයී මූන රතු උනා හොදටම …

හ්ම්ම් හොදයී තමයී … මෙහෙම කොල්ලෙක් ආය හම්බෙන්නෙ නෑ ඉතින්…

රැන්ඩි අයියා ඇහැක් ඉගිමරලා කිව්වේ මට

හ්ම්ම් ඒ කතාව මන් කටින් නොකිව්වත් හිතින් පිලිගත්තා මන් …මාව පරිස්සම් කරපු එකම ඇතී කියලා …මට හිතුනා …
එයාගේ හැගීම් මන් ඉස්සරහ පොඩි කරලා දාපු විදිය මට හොදටම මතකයී…
එයා මාව මගෑරපු තැන් මට මතකයී … ඒ එයාට එයාව පාලනය කරගන්න බැරිඋන .. වෙලාවල මිසක් .. ඒ කිසිම දේකින් මට හානියක් නොකර ..එයා මාව බලාගත්ත එකට මන් ණය ගැතී .. ඒ හැමදෙයින්ම .. එයා මගේ හීනේට පාර කැපුවේ හරී සීරුවට …
ඉතින් මන් එයා වෙනුවෙන් ..මේ ජීවිත කාලෙම නොහිටියොත් ඇත්තටම මට පවු පිරෙයී…
ඉතින් මේ ජීවිතේම එයා වෙනුවෙන් ..කැප වෙන්න මම.. ලෑස්ති වෙන්න ඕනේ …
මන් දැස් පියා ගත්තේ රැන්ඩි අයියා කියන දේවල් ඕනවටත් වඩා හොදට .. හිතින් විදින්න ඒත්. මට
රැන්ඩි අයියාගේ සුසුම්වැල් ඕනවත් වඩා මට දැනුනා ..මන් ඇස් ඇරලා ආයම .මන් දෑස් පියාගත්තේ .. ඇස් වලින් වැටෙන කදුලු බින්දු වලක්වගන්න ඕනේ නිසා … ..
එයාගේ සුසුම් වෑල් හිතුවක්කාර වෙලා … මට දැනුනා .. මන් එයාව වලක්වන්න උත්සහ කලේ නෑ … කසාදයකින් බැදුනු අයිතිය එයාට තියෙනවා …
රැන්ඩි අයියා .. මට යන්තමින්වත් රිදෙව්වේ නැති තරම් .. ඒත් තප්පරෙන් තප්පරේ වැඩිවන එයාගේ හුස්ම වල වේගේ … මට … අනාවැකි දහසක් කිව්වා …
තප්පරයක් වත් යන්න නොදී එයා මාව හිරකරගත්තේ … මත් වෙච්ච තොල්පෙතී ආදරේන් මුලු සිරුර පුරාම දුවලා … …
ජීව්තේ ගොඩක් බලාපොරොත්තු එක්ක .. මෙච්චර කාලයක් එක වහලක් යට හිටපු හිත් දෙකක්.උනත් අද එක හිතකට අයිති වෙන්න … පාර කපාගෙන ලස්සන ගමනක් යනවා … හිතින්වගේම ගතිනුත් .. මන් රැන්ඩි අයියාගේම වෙලා ඉවරයී …

❤️

විවාහ උත්සවයෙන් දවසකට පස්සේ අපි ආයෙම ආවේ අපේ ගෙදරට …

පුතා ආවගමන් එල්ලුනේ … මගේ ඇගේ .. කොල්ලා හොදටම අඩන්න ගත්තා … මට දැනුනේ ලොකු ලැජ්ජාවක් … මන් රැන්ඩි අයියා දිහා රවලා බැලුවේ වෙන කරන්නම දෙයක් නැති නිසා ..ඒක දැකලා රැන්ඩි අයියාට හිනා ගියා …
ඒත් එක්කම එයා පුතාව වඩාගෙන හුරතල් කර කරම ගේ ඇතුලට යන ගියා …
මට රැන්ඩි අයියා ගැන දැනුනේ ලොකු ආදරයක්… මෙච්චර ඉවසන්න පුලුවන් මනුස්සයෙක් ……

මට ඒ ගැන නම් පුදුම හිතුනා …

යමූ දෝනී ඇතුලට … .
මන් දොර ලගම හිටන් ඉද්දි… අම්මා මාගෙ අතින් අල්ලගෙන කිව්වෙ….

දුක් විදලා … ඒ ඇග වියපත් වෙලා හොදටම …

අම්මගේ හිතෙත් බර සැහැල්ලුවෙන්නැති… මුලින් දැකපු රැන්ඩි අයියායී මමයී නෙමෙ කියලා අම්මාට හිතෙන්නැතී…
ඒක මගේ හිතටත් සැහැල්ලුවක් …

මේ හැමදේම එක්ක අම්මාව .. රැන්ඩි අයියා. කවද්ද කොහොමද එක්කන් අවෙ කියලා මට තාම ප්‍රශ්නයක් . මන් එයාගැන මේ විදියට එකම එක දවසක් හරී හිතලා තියෙනවාද කියලා මන් කල්පනා කලා …
ඇත්තටම එහෙම නැති තරම් …. ඇත්තටම රැන්ඩි අයියාගේ ආදරේ පරිත්‍යාගයක් …

මන් අම්මා එක්කම .. කුස්සියේ වාඩිවෙද්දී

තාත්තා ගෙයී පුතාගෙයී හුරතලේ සද්දෙට මට පහලට ඇහුනා …

මගේ මූනට ඉබේම ඇදුනේ හිනාවක් …

ශෝක් කොලුපැටියා දුවේ …
මෙච්චර හිටියා ..මට කරදර කලේම නෑ … නේ ……

අනේ … පව්…. අඩුවක් නම් ක්‍රන්න එපා …

අම්මා ගොඩක් දුකින් කිව්වේ …
ඒ වචන වල තිබ්බේ ලොකු කතාවක්
අමමගේ කතාවෙ හැටියට රැන්ඩි අයියා අම්මාට කියන්න ඕන විස්තර ඔක්කොම කියලා …

ඒ මගේ පුතා අම්මේ …
අම්මා ඒ ගැන හිතලා දුක් විදින්න එපා … ..
එයාගේ අම්මා මම

හ්ම්ම්
සීදේවී දරුවා …
මගේ අහිතක් .. නෑ .දෝනී…
කාගේ උනත් දරුවෙක් … මේ ලේ වල වෙනසක් නෑ ….

අම්මා එහෙම හිතපු එක මගේ හිතට ලොකු සහනයක් …. ඇත්තටම ….

රැන්ඩි අයියා අම්මා හැර මගේ ජීවිතේට .. වෙන සම්බන්ධ වෙලා හිටියේ රැන්ඩි අයියාගේ මමායී තාත්තා ‍යී විතරයී .. ඒ දෙන්නගේන් කිසි කරදරයක් වෙන එකක් නෑ කියලයී අයියා මට කිව්වේ … … මාත් ඒ නිසාම ඒ දේවල් ඔලුවට බරක් කරගත්තේ නෑ

❤️

දින සති ගෙවුනේ … එක දිගටමයී …
අපේ ජීවිත ඉබේටම සාමාන්‍ය උනා … පුතා ඒකට ලොකු හයියක් උනා කියලා මන් දැක්කා .. පුන්චී පුන්චී රන්ඩු වලදී අපිව එකතු කලේ … පුතා …
එයා අපිව නිතරම .. සතුටින් තිබ්බා …
අම්මා… උනත්… දැන් ආයෙම හිනාවෙනවා … දරුවෙක්ගේ හිනාවක්.. තියෙන්නම ඕනේ ඒ අයගේ අඩුව පුරවන්න …කොච්චර දෙයක්ද ඒක ….

කෝ…අ….ම්මිහ්..කන්නකෝ….

තා..ත්…තීතී…

රැන්ඩි අයියායී මායී ..තරහා වෙලා දෙපැත්තට උනාම ..පුතා මැද ඉදන් හොයන්නේ එයාට අඩුවෙච්ච ආදරේ .. දෙන්නම හුරතල් කර කර කවන එක නම් පුතාට ඕන මයී ….ඉතින් අපි දෙන්නගේ තරහා ..පොඩි වෙලාවක්වත් තිබ්බේ නෑ …. …
කොහෙ තියාගන්නද …
කොල්ලාගේ .. දග වැඩ එක්ක …

තිසූල ආදිත්‍ය…
රැන්ඩි අයියා දැම්ම නම … ඇයි කියන්න දන්නේ නෑ …. ඒත් … පුතාට එහෙම දැම්මේ මන් ගැන හිතලා වෙන්නැතී …
ඒ වුනාට හැමවෙලේම එයාගේ නම ආදිත්‍ය කියලා මම එයාට කියන්න පුරුදු උනේ .. රැන්ඩි අයියාගේ හිත රිද්දවන්න ඕනේ නැති නිසා …. ඒත් එයාගේ හිතෙනුත් තිසූ අයියා ගිහින් නෑ කියන එක මට ඒකෙන්ම ඔප්පු උනා …මන් ඒ නිසා එ නමට විරුද්ද වුනේ නෑ..

කීප දවසක ඉදන්ම … මේ හැමෝම එක්ක ආයෙම ගමට .ගිහින් එන්න ..හිතේ තිබ්බේ ..ලොකු ආසාවක් … මන් ඒක අම්මාට කියන්න කියලා හිතාගෙන … ආවේ කුස්සියට …

අම්මා…

හ්ම්ම් දෝනී….

මන් අම්මට කතා කලේ .. කුස්සියේ උය උය ඉද්දී … කොච්චර එපා කිව්වත් අහන එකක් නෙමේ .. ගෙදර වැඩ එක්ක කොයි වෙලේත් ඔට්ටු වෙනවා … ඒ නිසා දැන් මම අම්මාට එපා කියලා වද කරන්නේ නෑ …
අම්මාගේ කැමැත්තට ඉඩ දීලා මන් හිටියේ

ගමේ අය කොහොම්ද අම්මා …

මොකද එකපාරම එයාලව මතක් උනේ ….
හොදින් ඉන්නවා දෝනී …
කෙල්ලෝ දෙන්නම … මට හොදටම සැළැකුවා … දුවේ …. ..
අනේ ඉතින් ඒකෙත් හැටී…

අපිට ඒවල ඉන්න පින නැති උනානේ …
උබලගේ අප්පච්චිත් නැතිඋනදා ඉදන්
ගරාවැටෙන ගේ දිහා බල බල ඉන්න පුලුවන් කමක් තියෙනවයෑ…

ඒක නම් ඇත්ත කියලා හිතුනා .මට උනත් ..ඒ දේවල් දිහා බලන් ඉන්න බැරි තරම්… උපන් තැන එහෙම නැති දෙන්න දෙන්න. හිතුනේ නෑ …
ඒත් මොනා කරන්නද .. කොච්චර දේවල් නැතිවෙනවාද …
ඒවට අපිට හුරුවෙන්න වෙනවා

ඉස්සර කොච්චර සතුටක් තිබ්බ ගෙදරක් ද … දෝනී

හ්ම්ම් ඒකනම් එහෙම තමයී අම්මා …

දෑන් ඉතින් මගේ දොනි මෙහෙ සතුටින් න්හ්හ් . ඒ හින්දා හිතේ දුකක් නෑ …..

අම්මා කපන එක නතර කරලා .. මගෙ හිස අතගාලා කිව්වේ එහෙම …

ඒත් අම්මා සාමලී අක්කා කතාකලේ වත් නෑනේ…

ඒ ..දරුවා… පව්… මට කියන්න බැරි උනානේ දෝනීට …

මොකද්ද අම්මා

ලොකුහුස්මක් අරගෙම නතර කරපු කතාව .. ගැන.. මට තිබ්බ කුතුහලෙන්ම මන් ඇහුවා

ඒ දරුවා අපේ කොල්ලා මත්තෙම නැහුනා …
එහෙමයී කියලා හොද කොල්ලෙක් වත් .. හම්බුනේ නෑනේ … ඒ දුවට. .. හැමදෙයිනම් කෙල්ල බැලුවේ අපේ කොල්ලවම තමයී..ඒකෙත් හැටී කියන්නේ
ආරාමෙට .. ගියා … ඒ ලමයා …

මාත් එක්ක කීප වතාවක් කිව්වා …
නවත්තන්න හොද නෑ නේ ඒ වගේ ගමනක් … පව් පිරෙන වැඩ…
අපිට එහෙම ..පිනක් නැතිඋනාට ඒ දරුවා … ඒ ගමන ගියා …

අම්මා එහෙම කිව්වම
මට මොකද්දෝ දුකක් දැනුනේ …
මගේම අක්කා කෙනෙක් වගේ …හිටපු .. සාමලී අක්කා එහෙම තීරනයක් අරගෙන .. මට කිව්වෙත් නෑ …. …මාව අන්තිමට වත් ..මතක් උනානම් කියන පසු තැවීම මට තිබුනා …

මන් ඒ ගැන මුකුත් කතා කරන්න ගියේ නෑ ලොකු සුසුමක් පිට කරා ඇරෙන්න …

එක අතකට ඒක හොදයී කියලත් මට හිතුනා ….

සාමලී අක්කා ගොඩක් නිවිච්ච කෙනෙක්…
එයාට ඒ ගමන හොදින් යන්න පුලුවන් වෙයී …. අපි වගේ බැදීම් එක්ක ඔට්ටු වෙන්නෙ නැතුව

සුමනාගේ කෙල්ලනම් පෙලවහක් කරගනි ලගදිම
ඒ කෙල්ලටත් යන කල දසාවක් තියෙන්නෙ එපැයී.ඒකත් සුමනා පිලිවෙලක් කරන්න යන්නේ …
කතාකරපු ලමයාට ඒ කෙල්ලගේ අකමැත්තක් නෑ …
ඉකමනට ඒක කරලා දෙයී මයේ හිතේ …

අම්මා ගමේ මතක් වෙච්ච දේවල් මාත් එක්ක එකින් එක්ක කිව්වා

අනේ කොච්චර දෙයක් ද … සේපාලී අක්කටත් එහෙම හරියන එක …
හැමදාම ලගින් හිටියේ නැති උනත්… මගෙම ..අක්කාලා දෙන්නා ඒ …

ඒ අයගේ ඉරනම එහෙම විසදෙන්න තියෙන්න ඇති … …
ආය ගම මට දුරයී කියලා හිතුනේ …

මගේ ජීවිතේ .. කොලොබට නුදුරින් තිබ්බ මේ ගෙදරම ස්තිර වෙලා ඉවරයී …. ගමට ගිහින් බලන්න කවුරුත් අපිට ආය නෑ කියලා මට හිතුනා

සුද්දී …

අම්මාගේ කතාව නතර වෙද්දීම … මන් බැලුවේ හදිස්සියෙන් වගේ ඇවිත් කතාකරපු රැන්ඩි අයියා දිහා …

අයියේ … කොහෙද යන්නේ ..කිව්වේ වත් නැනේ

මන් එලියට යනව ..පුතා උඩ … චුට්ටක් බලන්න ….. හදිස්සි වැඩක් සුද්දී … ඉකමනට එන්න බලන්නම් හොදද

හ්ම් පරිස්සමට ….
රැන්ඩි අයියා මාව ලගට ..අරගෙන හිස සිම්බා … ඒත් එක්කම .. එයා … අම්මටත් වැදලා යන්න පිටත් උනේ … හදිස්සිය නිසාමයී

මොන හදිස්සිය උනත් හිමින් යන්න අයියේ …

මට කියන්න බැරිඋන දේ මන් හිතින්ම කිව්වා …

සීදේවී දරුවෙක් …. මගේ දුවගේ වාසනාව ……

අම්මා එහෙම කියලා ආයම උයන්න ගත්තා .
අම්මා කිව්ව දේම මන් ස්තිර කලේ … හිනාවකින් ….
රැන්ඩි අයියා. නැති නිසා …
මන් උඩට ගියේ පුතා මොකද කරන්නේ බලන්න … ..
යද්දී පුතා ඔහේ ..සෙල්ලම් කරනවා …
මගේ හුරතල් කෝලම ලගට අරන් ඉම්බත් ගානක් වත් නෑ පුතාට

ඇදේ තියෙන … රැන්ඩි අයියාගේ .. ඇදුම් කොල්ලා එහෙ මෙහෙ දාලා …

ඇදුමක් තෝරන්න ගියාම මුලු අල්මාරිය ම ඇදට දාන එක පුරුද්ද එයාගේ තාම ඇරිලා .නෑ … දැන් මන් ඉන්න නිසා ඉස්සර තිබ්බ පිලිවෙලත් නෑ …

රැන්ඩි අයියා නම්…..

මන් හිතින්. එහෙම හිත හිතම …
මන් හිමිට එකින් එක නමන්න ගත්තේ … පුතාවත්… හුරතල් කරන ගමන් ….

සෑරින් සැරේ රැන්ඩි අයියාගේ … කෝලම් මතක් වෙලා මට .. හිනා ගියා … පුතත් ඒවා කරන්න පුරුදු වෙලා දැන් …
රැන්ඩි අයියා වගේම … ඇස් වලින් කරන කෝලම් මටත් පෙන්නන .. පුතා හරී දක්ශයී …

මන් පුතාව අරගෙන … ඔඩොක්කුවේ තියාගෙන … ඇදුම් ටික පිලිවෙල ට නැමුවා ….

ඒත් එක්කම … මන් දැක්කේ ශර්ට් එකක් අස්සේ දෙකට නමලා තියෙන .. කොල කීපයක් … ඇදුම් අස්සේ .. මොනාද මේ …
බයක් දැනුනේ හිතට …

මන් …ඒ කොල ටික .. ඇදලා අරගෙන එකින් එක බැලුවා. උඩින්ම තිබ්බේ .. මගේ නම…මන් පහලට කියවගෙන ගියා .. පැහැදිලි මදී මට …
මන් නතර වෙලා හිටපු පෞද්ගලික රෝහලෙන් නිකුත් කරපුවා … මගේ මතකය මීට අවුරුදු තුන හමාරක් කට … උඩදී අසනීප උන වෙලාවේ. රිපෝට් කියලා හිතුනත් …. ..ඒකේ තිබ්බේ මන් අන්තිමට හොස්ටල් නතර උන.. වෙලේ ඩේට් වගයක් …
මන් එකින් එක බැලුවා … මන් හිතපු විදියටම .. මගේ උදරයේ ..ස්කෑන් කීපයක් ඒකේ තිබුනේ …

වසරකට කලින් .. ගත්ත … රිපෝට් …

මට ඕන කලේ මේ මොනවද කියලා දැනගන්න …
රෑන්ඩි අයියා මට නොපෙන්නුවේ ඇයී කියලා … මට ලොකු ප්‍රශ්නයක් …. එයා කිව්ව විදියට ..මන් දැන් හොදටම සනීපයී… ඒත් මේ රිපෝට්ස් කිසිම දෙයක් මන් මීට කලින් දැකලා තිබ්බේ නෑ…
මගේ හිතට ආවේ බයක් …
තවත් මම අසනීපෙන්ද …
මෙච්චර කාලයක් ගිහින් ආයම මේවා කොහොමද මෙතනට ආවේ …

මන් දුවලා ගියේ … රැන්ඩි අයියාට කෝල් එකක් ගන්න … කීප පාරක්ම .. ගත්තාත් ආන්සර් නොකරපු නිසා …
මන් ආයෙ ආයෙ ගත්තා ….

සුද්දී .. ඇයී මේ ….

නෑ …හ් කොහෙද ඉන්නේ අයියේ …

අහ් … මන්. ටී ස්ටේට් එකට ආවා … ටිකක් එන්න පරක්කුවෙයී සුද්දී. හදිස්සියක් ද ….

රැන්ඩි අයියා කතාකලේ ඩ්‍ර්‍යිව් කරන ගමන් නිසා මන් එයාව කලබල කලේ නෑ

නෑ නෑ …. පරිස්සමින් එන්න අයියේ …

හරී බබා පරිස්සමින් මගේ අම්මායී පුතයී දෙන්නම …

ලව් යූ…

රැන්ඩි අයියා ඒ පැත්තෙන් ෆෝන් එක කට් කලා …. මගේ හිත ඕනවටත් වඩා කලබල වෙලා …

මට ඕන දේ අහන්න. බැරි උනත් එයා එන්න .. තව පරක්කු වෙනවා .. එච්චර වෙලා මට මේක හිතේ තියන් ඉන්න බෑ ….

මන් ඉකමනට පුතාව ලෑස්ති කරගත්තේ …
මේ රීපෝට්ස් ඔක්කොම …
ලගම තිබ්බ … ප්‍රයිවට් චැනලින් එකට පෙන්නන්න..

අම්මටත් කියලා මන් ඉකමන්ට පුතා වත් ලෑස්ති කරන් … පිටත් උනා …. අම්මා .. මගෙන් විස්තරයක් ඇහුවත් මට අම්මාව කලබල කරන්න හිත දුන්නේ නෑ…

විනාඩී දහයක් යන්න කලින් මට එතනට යාගන්න පුලුවන් උනේ .. හදිස්සිය නිසාමද මන්දා …
ඒත් ගැහෙන මගේ හිතේ කාරනා ගොඩක් එක දිගට … පෙල ගැහෙන්න ගත්තා ……

මිසිස් පාරමී …

ඩොක්ටර් මගේ රිපෝට්ස් ඔක්කොම චෙක් කරලා .. මන් දිහා බැලුවේ බැරෑරුම් විදියට…

මේක කියලත් බෑ නොකියත් බෑ …
මිසිස් පාරමී…

මගේ හිතේ ගැස්ම වැඩි උනා …
බයක් දැනුනේ ..මන් ජීව්තේ පටන් ගත්තා විතරයී. .. මගේ අම්මාගේ පුතාගේ අයියාගේ සතුට ..මන් ලග … ඒ සතුට ..නැති කරගන්න බෑ…

මේ රිපෝට්ස් අරගෙන අවුරුද්දකට වැඩී නේද … පාරමී

ඔව් .ඩොක්ටර් …

මම. කියන්නෙ අපි ආයෙම ස්කෑන් එකක් කරමූ… මට මේක බලලා හරියටම දැන් තත්වේ මේකයී කියලා කියන්න බෑ …
ඒ නැතත් බයවෙන්නෙ මොකටද …
පාරමීට දරුවෙක් ඉන්නවනේ

මට ඇහුන දේ …
ඔලුව .. පුපුරන්න වගේ … ඒ හීනයක් ද … ඒ කියන්නේ … මට … අම්මා කෙනෙක් වෙන්න බැරිද …
මන් ..එච්චරටම පව් කරලද….
මගෙ ඇස් වලට කදුලු පිරුනෙ … එකපාරමයී…

අ…ම්…මී…අඩනවා…

මගේ කදුලු පුතාගේ මූනට වැටුන නිසා පුතත් කලබල වෙලා … චූටි අත් වලින් මගේ ..කදුලු පිහදනවා …
මන් ඒ අත් දෙක අල්ලගෙන ..එ අත්වල කදුලු පිහලා දැම්මා

මට මේ රිපෝට්ස් වලින් හරියට මොකද්ද වෙලා තියෙන්නෙ කියන්න පුලුවන් ද … ඩොක්ටර්

ඩොක්ටර් මන් දිහා බලලා බැරෑරුම් විදියට බැලුවේ … ආයම

මේ මිස්ගේ පලවෙනී බබාද ….

ඔව් .ඩොක්ටර්

මන් වැදුවේ නැති උනත් මගේ පුතාට එහෙමවත් වෙනස් කමක් කරන්න මට හිතුනේ නෑ ….ඒ නිසා මන් එහෙම කිව්වා

මේකේ හැටියට මිසිස් පාරමී … මිස්ට ආය අම්…මා කෙ…නෙ… ක් වෙන්න … බෑ

ඒක ඇහන්න තරම් මන් .. පව් කෙරුවද දෙයියනේ …
ඇයී .. එහෙම දෙයක් ..උනේ ..අනේ මගේ අයියා .. මොන දුකක්ද … මේක …

මගේ ඇස් වලින් එක දිගට කදුලු වැටෙද්දී මට මැවි මැවි පෙවුනේ ..
රැන්ඩි අයියාගේ ආදරෙන් පිරුනු මූන … ..
මොන දුකක්ද එයා විදවන්නේ …

වද ගෑනියෙක් ගන්න තරම් රැන්ඩි අයියාට මොකද්ද තිබ්බ අඩුපාඩුව …
දෙයියනේ …

ඇයි මට මේ හැමදේම හැංගුවේ … ඇයී එහෙම කලේ … මන් ඉකිගගහා ඇඩුවා… මට ඉන්න තැනවත් මතක තිබ්බේ නෑ …
පුතා මගේ බෙල්ලෙ එල්ලෙද්දී මට එයා ගැන වගක් තිබ්බේ නෑ…

ඩොක්ටර් ගොඩක් අසරන උනේ මන් ඉස්සරහ..

ඔයා වගේ අම්මා කෙනෙක්ට එච්චර ලොකු දඩුවමක් දෙවියෝ දෙන්නේ නෑ … අම්මා …
අපි තව ස්කෑන් එකක් කරලා බලමූ ….
මන් කියනවට එකපාරක් බලමූ…

මගේ ඇඩිම නවත්තන්න ඒ ලේඩී ඩොක්ටර් මන් ලගට ඇවිත් මාව සැනසෙව්වා … මගේ බලාපොරොත්තු ඔක්කොම සුනු විසුනු වෙලා ගිහින් ඉවරයී ..තවත් ජීව්තේ ආසාවක් මට තිබුනේ නෑ..මන් වෙනුවෙන් රැන්ඩි අයියා මොන හේතුවක්නිසා. ඉවසුවද දන්නේ නැ …
ඒත් මට තවත් එයාට දුක් දෙන්න බෑ ….
ලමයෙක් වදන්න බැරි වද ගෑනියෙ ක් කියලා දැන දැනත් එයා මාව සතුටින් තියන්න හැදුවා .. මට ඒක තවත් ඉවසන්න බැරිඋනා …

පුතා කලබල වෙලා මගේ ඇදුමෙන් .. එල්ලි එල්ලී … මාව සනසවන්න හදනවා …
මම ඩොක්ටර් ගේ පෙරැත්තය නිසාම … ස්කෑන් එකක් කරන්න එකග උනා … ඒ වෙන කරන්න දෙයක් නැති නිස …

මන් පුතාවත් අරගෙන චැනල් සෙන්ටර් එකෙන් එලියට බැස්සේ …පිස්සියෙක් වගේ …
කසාද බදින හැම ගැහැනියෙක්ගෙම හීනය වෙන්නේ ..දරුවෙක් … පිරිමියෙක් උනත් බලන් ඉන්නේ තාත්තා කෙනෙක්ගේ වගකීම දරන්න … මන් ඒ හැමදේම නැති නිකන්ම නිකන් වද ගෑනියෙක් විතර්‍යී …

මන් … හරියට ඉමක් කොනක් වත් දන්නේ නැතුව ගෙදර ආවෙ පුරුද්දට …

මට අයියා ගැන වෙලාවකට දැනුනේ කේන්තියක්.. ඇයී මෙච්චරටම මාව අසරන කලේ … මට කෑගහලා අහන්න හිතුනා …

දෝනී….
ඇයීමේ …මූනත් තඩිස්සී වෙලා …

මුකුත් නෑ අම්මා ඔලුව ටිකක් රිදෙනවා …

අච්චම්මා ඔය බොලූ ….අම්මී ඇඩුවා හොදටෝම ….

මන් එහෙම කියද්දී පුතා අම්මාගේ ඇගේ එල්ලිලා ..
එහෙම කිව්වම … අම්මා ඒක හිනාවකින් පිලිගත්තා…

දෝනී යන්නකෝ මන් පුතාව ඇග සෝදවන්නම් ගිහින් ටිකක් ඇල වෙන්න …
ඔක්කොම අසනීප හරියයී …

අම්මා මාව තේරුන් අරන් වගේ. ප්‍රශ්න අහන්නේ නැතුවම .. මාව එතනින් යැව්වා …
ප්‍රශ්න හරියන්නේ නෑ කියලා මන්දන්නවා … ඒත් … මට මෙවෙලාවේ ඕන කලේ ටිකක්.. නිදහසේ ඉන්න .
අයියා එනකන් වත් මට ..ඉන්න බැරි තරම්… එයාගෙන ..මේ හැමදේම අහන්නයී මට ඕන … මෙච්චර වේදනවක් … දරාගත්තේ කොහොමද කියලයී මට අහන්න ඕනේ …
මන් කාමරේට ගිහින්… වොශ් එකක් දාගෙන ..ම ඇදට ආවෙ ටිකක් නිදහසේ කල්පනා කරනන….
අයියා කීයට එයිද කියනන දන්නේ නැති නිසා ..මන් එයා එනකන් එලියට වෙලා හිටියේ. නෑ …
ඇදේම පෙරලි පෙරලි හිටියේ කීයට ආවාත් මන් ඇහැරිලාම ඉන්නවා කියලා හිතාගෙන …

සු…ද්…දී…

මොකද මේ … තනියම ..නිදී …
පුතා කෝ ….

මාව ගැස්සිලා ඇහැරුනේ අයියාගේ කටහඩට … ඉකමනට බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුවා ..
එකොලහටත් කිට්ටුයී …

දෙයියනේ මෙච්චර වෙලාවක් මට නින්ද ගිහින් ද ..

සු..ද්.දී… ඇයී..මේ ..කෝ පුතා….

රෑන්ඩි අයියා මගේ උරහිසෙන් හොලවලා අහද්දික්…මන් එකපාරම අනිත් අතින් එයාගේ අත ගසලා විසි කලා …

සු….ද්….

එන්න එපා මන් ලගට …

මොකද…මේ… මොකද්ද උනේ ..
කෝ දරුවා …

ඉන්නවා …. ඇයී…

මට ආව කේන්තියට ..මන් එක්ට එකම කිව්වා …

මොකද්ද උනේ කියනවද .. ඇයී මාව මරන් කන්න හදන්නේ

මගෙන් ඈත් වෙන්න අයියේ .. එපා . තවත් මට ඔයාව …

මන් එකපාරම එහෙම කිව්වේ දෙපාරක් නොහිතමයී…
ඒකට අයියාගේ මුන වෙනස් වෙනවා මන් දැක්කා …

මො..ක්…ද්දී සුද්දී උබ කිව්වේ …
උබට. මාව පේන්නේ ..$@:$#*]£. ක් වගේද… ආහ්…

හිතෙන හිතෙන වෙලාවට මාව ඈත් කරන්න …
කතාකරපන් .. නන්හී උබට පේන්නේ මාව එහෙමද …

රැන්ඩි අයියාගේ ඇස් වල කදුලු පිරිලා ..මන් කෑගහපු වේදනාවට … රැන්ඩි අයියාගේ හිත හොදටම කැඩිලා …
උබට ඕනේ … මගෙන් ඈත් වෙලා යන්නද නන්ගී…
අහ්… යන්නද ඔනේ …
හෑබැයී. පලයන් ආය එනු බෑ ….

රැන්ඩි අයියාගේ අයියා ගේ වචන වල සැර මට අහන් ඉන්න බැරි තරම් …
ඒ වචන වල … තිබ්බ කේන්තිය … මාව මරන්න තරම්
කේන්තියක් … ඒ ඇස් වල …
මට තවත් ..හිතේ දුක තද කරන් ඉන්න බැරිඋනා ..කතාකරන්න යද්දිම … මට ඇඩුනේ හයියෙන්මයී. …

මොන එහෙකට මාව කසාද බැන්දේ දෙයියනේ. …

දෙ….පා….ර…ක්….
දෙපාරක් …

ඇයී එහෙම කලේ …

මන් අඩ අඩම ගැහුවා ඒ පපුවට …එයා කේන්තිය අඩු කරගත්තා…
මගේ කදුලු ඉස්සරහ එයාට දරදඩු වෙන්න බැරි උනා

මොකද්ද .. වෙලා තියෙන්නේ .. අහ්…

මේ මොනාද .මේ ..මොනාද … ඇයී මට මේවා හැන්ගුවේ …

මන් මගේ ලග තිබ්බ කොල ඔක්කොම එකින් එක අරගෙන .. පෙන්නුවේ .. එයාට … එයා එකපාරම .. අතින් මූන වහගත්ත්තේ … කරන්න දෙයක් නෑ වගේ …

දෙන්න ඔය ටික මෙහාට …

බෑ … මට දෙන්න මේවට උත්තර …

මන් හිතුවක්කර උනා නොසෑහෙන්න .එතකොටම රැන්ඩි අයියා මාව බදාගත්තේ .. තවත් මාව පාලනය කරගන්න වෙන විදියක් නැතුව … වගේ ……

සුද්දී… දෙන්න ඕක මෙහාට …
මට ඔයාව ඇති රත්තරන් … මට ඔයාව ඇතී….
කෝ නාඩා ඉන්න ..මගේ … හොද කෙල්ලනේ …

රැන්ඩි අයියා ඉකිගහන මාව ඒ පපුවේ හිර කරගත්තේ මට දුකක් දැනෙයී කියලා ..බයට .. එයා මගේ හිස අතගාලා නොසෑහෙන්න මාව සැනසුවා ….

මන් රැන්ඩි අයියාගේ වචන නිසාම හිත හදාගත්තේ හරි අමාරුවෙන් …වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ .. මට …

ඔයාගේ වැරැද්දක් නෑ සුද්දී …
මන් ඒකට හිත හදාගෙන ඉවරයී ..මේ ඇතී මට … ඔයා හිනාවෙන එකම ඇතී මට…
වෙන ඕනේ නෑ ..කිසි දෙයක් …

රැන්ඩි අයියා මගේ ඇස් දිහා බලාගෙන කිව්වෙ ගොඩක් ආදරෙන් … …
රැන්ඩි අයියාගේ ආදරේ තරම .. මට කියන්න වචන තිබ්බේ නෑ … ඒ ආදරේ ඉස්සරහ හැම්දේම පරාද වෙලා ..
අපේ දෙන්නට කොච්චර බාදක එන්න ඇත්ද ..ඒත් රැන්ඩි අයියාගේ ආදරේ ..නතර වෙන පාටක් නෑ …
ඒක මට සැනසීමක් …

අපිට කවදාවත් ..වරදින එකක් නෑ ..සුද්දී …

මන් ඒක විශ්වාස කරනවා …

අයියා මගේ හිස සිබලා මාව ආයෙම පපුවට හිරකරගත්තා …

❤️

ජීවිතේ කියන්නේ මේකට … මන් ඒක තේරුම් ගත්තේ රැන්ඩි අයියා නිසා.. ගොඩක් දේවල් අමතක වෙලා ගිහින් … සමහර දේවල් හිත රිද්දන මතකයක් විතරයී … ඒත් දැන් ඒ හැමදේම හිතට අලුත් දෙයක් නෙමෙ… රිදෙන්නේ නැති තරමට හිත ගලක් වෙලා …

දැන් රැන්ඩි අයියා මහන්සියෙන් අපේ දේවල් ගොඩ නගන්න පටන් අරන් .. එයාට .. ලැබුනු ගොඩක් දේවල් වගකිම් එක්ක බලාගන්න පටන් අරන් … ඒ නිසාම රැන්ඩි අයියා සතියට දවස් දෙකක් වගේ ටී ස්ටේට් එක බලන්නත් යන්න පුරුදු උනා … මට පාලු උනත් …ඒ දේවල්. අපේ පුතා වෙනුවෙන් රැකගන්න ඕනේ කියලා එයාට ම දැනිලා … ඒක ලොකුදෙයක් … මගේ හිතටත්

අම්මට මේහේ ජීවිතේ තවමත් එච්චර ම පුරුදු නැති උනත් …මත් එක්ක ඉන්න නිසා අම්මා මේ ජීවිතේට කැමතී ..ගොඩක්ම .. පුතාට දැන් අච්චම්මා නැතුවම බෑ …
ඒ නිසා ..මන් පුතා අම්මත් එක්ක ඉන්න වෙලාව ..අයියා වෙනුවෙන්. අලුත් අලුය්හ් දේවල් කලා ආස කෑම වගේ දේවල් හැදුවා
කාලෙ ගෙවුනේ .. වේගෙන්මයී … දින සති එක්ක පුත ටික ටික ලොකු වෙනවා …
අවුරුදු හතරක් වෙන්න කිට්ටුයී …
දග වැඩ වල නම් කොල්ලගේ කෙලවරක් නෑ .. අයියා ඉන්න වෙලාවට එයා එක්ක ඔට්ටු අල්ලනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න බෑ …
මන් මේ දේවල් දිහා බලාගෙන හිටියේ .. හිත පිරිච්ච සතුටකින් …

දෝනී….

අම්මා කෑගැහුවේ සාලේ ඉදන් …

මොකද අම්මා

වෙනදට පුතාගේ දග වැඩ පෙන්නන්න අම්මා මට කතාකරන එක අමුතු දෙයක් නෙමේ …
ඒ නිසාම මන් ඒ පැත්තට ගියේ .. පුතාගේ … කෝලම් බලලා ..පුතා එක්ක ටිකක් හුරතල් වෙන්න ..

දෝ…නී …මේ….

එකපාරම අම්මා ම. ලගට ඇවිත් හිටගෙන පෙන්නුවේ. දොර පැත්ත … මට පුදුම හිතුනා .. එකපාරම ….
නවීන පන්නෙට ඇදගත්ත ගැහැණු කෙනෙක්…
එයා දොර ලග ඉදන් … බැලුවේ ගේ ඇතුල …මිදුලේ .. නතර කරපූ සුපිරී මෝටර් රථය මන් ගේ ඇතුලට දැක්කා…
පෙනුම හුරු උනත්… මන් මතක් කරේ කවුද කියලා ..
හිතට බයක් නොදැනුනාම නෙමේ ..අයියාත් ගෙදර නැති… එකේ …

ඔ ..හ්…ගො.ඩ්. වෙයාස් මයී සන්….

ඒ ගෑනු කෙනා … ඇතුල විපරම් කරලා … එහෙම ඇහුවාමයී මට මතකෙට ආවේ …

මේ අයියාගේ අම්මා කියලා … මන් දෙපාරක් නොහිතම වැන්දා …
ඒත් එච්චර හොද ප්‍රතිචාරයක් තිබුනේ නෑ …
මන් එහෙමම ..ආවේ පිටිපස්සට… කොහෙදෝ මන්දා ඉදලා පුතත් ඇවිත් මගේ ඇගේ එල්ලුනා …

අ ….ම්….මා…මේ…. වාඩිවෙන්න …

මන් බයෙන් බයෙන් කිව්වෙ අයියාගේ අම්මාට…අයියාත් ගෙදර නැති වෙලාවේ … අපේ අම්මා සිනාමුසුමූනීන් බැලුවේ රැන්ඩි අයියාගේ අම්මා දිහා …

අම්මා…කොයි වෙලේද ආවේ….

රැන්ඩි අයියා කොහෙදෝ මන්දා ඉදලා එකපාරම ගේ ඇතුලට ආවේ එහෙම අහගෙන …
උදේ … ස්ටේට් එකට යනවා කිව්ව කෙනා කොහොමද මෙච්චර ඉකමනට …

මට කර කියාගන්න දෙයක් නැති තරම් …රැන්ඩි අයියා අම්මාට වැදලා…

මන් ලගින් ඇවිත් හිටගත්තා …

අම්මා හදිස්සියෙම …

රෑන්ඩි අයියා මන් ලග ඉදගෙනම එහෙම ඇහුවේ …

හදිස්සියක් නෑ …
ඒත් .. ආපු කාරනේ කතාකරන්න පරක්කු වැඩී .. .

අම්මා රැන්ඩි අයියා දිහා බලන් කිව්වේ මගේ මූනවත් බලන්නේ නැතුව …

යමු අම්මා කාමරේට …
වොශ් එකක් දාගෙනම කතාකරමූ මහන්සි න්හ්හ් …

නෑ පුතා …බ්‍රයන් ආවා මාත් එක්ක .. එයා හොටෙල් එකේ …
තාත්තා කතාකලාද පුතාට …

නෑ අම්මා…

හ්ම්ම්
මෙහේ දේපල ටික පිලිවෙලක් කරලා යන්න ආවෙ…

අම්මා මොකද්දෝ දුකකින් කතාකලේ…

…රැන්ඩි අයියා මුකුත් නොකියා බිම බලාගෙන හිටියේ … හරිම ආගන්තුක බවක් .. තිබුනේ …

මේ…වා…අ..පේ …වැ…ර..දී පුතා…

පුතා දුක්..වින්දා….

අම්මා එකපාරම ඇඩුවේ ..කතාකර කර ඉද්දිමයී…
මට ඒක වාවගන්න බැරි තැන එකපාරම අම්මා ලගට ගිහින් ..මන් අම්මාගේ උරහිසින් අල්ලගත්තා… …

අම්මා කදුලු එක්කම බැලුවේ මගේ මුන … මෙච්චර වෙලා තිබ්බ ආගන්තුක මූන .. මාත් එක්ක යන්තම් හිනාවුනා … මට ඒකම ඇති හිත පිරෙන්න ..මෙච්චර වෙලා තිබ්බ බය කොහෙන් ගියාද මන්දා …
පුතත් බයෙන් බයෙන් ඇවිත් ..මන් ලගම හේත්තුවෙලා…
අම්මා පුතාගේ අතින් අල්ලද්දී කොල්ලා මන් පිටිපස්සේ හැන්ගෙනවා …

අපේ …මිහිදූ වගේ …

අම්මා පුතාව. අල්ලද්දී කිව්වේ …
මට බැලුනේ අයියා දිහා …
එයා කවදාවත් නැතුව …
බිම බලාගෙන … දුක ඇති කියලා හිතුනේ මට …

අම්මා … එතනින් නැගිටලා .. ගියේ .. රැන්ඩි අයියා ..ලගට ..මන් බලන් හිටියා … මගේ ඇස්වල කදුලු …
අයියා ඒ ආදරේට බයයී වගේ .. මට ඒ ක ඒ මූනෙන් දැනුනා …

දුව එක්ක සතුටින් ඉන්න පුතේ …

අමම අයියාගේ ඔලුව අතගාලා කියඩද්දී මට වාවගන්න බැරි තරම් …

අයියාටත් ඒක දරාගන්න බෑ කියලා මට දැනුනා … කොහොම ඉවසන්නද…අම්මා කෙනෙක් ගෙන් .. ලැබෙන්න ඕනේ ආදරේ අහිමි වෙලා ඉද්දී ආයේම ලැබුනාම …

මන් පුතාව වඩාගෙන ඉම්බේ මගේ පුතාව …
මට දැනුනේ ඒ අම්මාගේ වේදනාවම .. මගේ නාමයෙන් …

මගේ පුතා ගැන දැනෙන කැක්කුම පරක්කුවෙලා හරි මොන විදියකින් හරී ඒ අම්මාට ආයෙම දැනිලා …
ඒකට..මන් හිතින් සතුටු උනා … …
?

අම්මා එදාම යන්න ඕන කිව්ව හින්දා … පෙරැත්තයෙන් තියාගන්න හැදුවත් .. අම්මා ගියා …
එයා එහෙදී තාත්තා එක්ක තිබ්බ විරසකේ නිසා .. ලොකු දේවල් .. එක්ක .. අන්තිමට ඒ දෙන්නාගේ වෙන්වීම එක්ක .. අම්මා වෙන කෙනෙක්වම..මැරි කරලා …

ඒක අම්මා…නොකිව්වත් …රැන්ඩි අයියා කිව්ව දේවල් .. එක්ක … මට … ගොඩක් දේවල් තේරුනා …
මන් ඒ නිසා අයියාගේ හිත රිදෙන කතා කිසිම දෙයක් එයාගෙන ඇහුවේ නෑ …

සු…ද්…දී…

ම්හ්…

අයියා කල්පනා කර කරම මාත් එක්ක කතාකලේ … මෙච්චර වෙලා තිබ්බ නිශ්ශබ්ද තාවය බිදලා ..

මොකද ..හිතුනේ….

මොනා ගැනද…

මුකුත් නෑ…

හ්ම්… එපා උනාද…

නෑ….

එහෙනම්….

ඒ වේදනාව විදින්න හිතුනා….

මොකක්….

මන් දෙපාරල් නොහිතා කිව්ව දෙට එකපාරම ..රැන්ඩි අයියා … හයියෙන් ඇහුවේ …

දෙවියනේ … එච්චර කේන්තියන්න තරම් …

ශිට් …..

රෑන්ඩි අයියා එහෙම කියලා .. එහෙමම අහක බලාගත්තා…
මන් දන්නවා එයා එහෙම කලේ මට ගන්න බනින්න බැරි නිසා කියලා…
මන් එච්චර නොහිතා ඒ දේ කිව්වත්… රැන්ඩි අයියා හිතපු දේ මට තේරුනා…
මන් ඒ හින්දා .. එක කකුලක් රැන්ඩි අයියාගේ පිට දාලා .. මූන තියාගත්තේ .. ඒ පපුවේ …

වේදනාවෙන් ..ගැහෙන ඒ පපුවේ ශබ්දේ ..මට දැනුනා …
මන් ඇස් පියාගෙන ඒක විදගත්තේ …
රැන්ඩි අයියාගේ ක්‍රමක්‍රමයෙන් පහල බහින ඒ පපුවෙ හඩ ආයෙම අහගෙන…

මට ඔයාට කියන්න දෙයක් … තියෙනවා …

එකපාරම … රැන්ඩි අයියා කිව්වේ අපේ නිහඩ බව බිදලා …

මන් දැනගත්තා ඒ කතාවත් හිත රිදෙන කතාවක් කියලා…
ම්න් ඒ නිසාම ..එයාගෙ පපුවෙන් ඔලුව මෑත් කරලා ..මගේ ඇගිල්ලක් එයාගේ දෙතොල් වලට තියලා කිව්වේ .
එපා කියලා…

එහෙමම .. එකපාරම .. නැගිට්ට එයා …
මාව … බදාගත්තේ .. මුවෙක් අහුවෙච්ච කොටියෙක් වගේ …
මට වෙච්ච දෙයක් හිතාගන්න බැරිඋනා …
එකපාරම එයා මාව එයාවේ ග්‍රහනෙට අල්ලගෙන .. මගේ දෙතොල් එයාගේ දෙතොල් වලට හිරකරගෙන .. මට රිදෙන තරම් ..මට තද උනා …

ඇත්තටම මට කැගහන්නවත් බැරි තරම් … ඒ ඇගේ ..තිබ්බ ශක්තිය මට හිතාගන්නවත් බැරි තරම් …
ඒත් මට ..එයාව නවත්තන්න හිතුනේ නෑ …

මන් දැක්කා එයාගේ දිලිසෙන ඇස් .. ඒ ඇස් වල සතුට … ජිවිතේ ආයෙම ලැබිලා වගේ …
අම්මා නිසාද … මේ හැමදේම …

මට හිතුනේ එහෙම.. මගේ ඇගපුරා දුවර එයාගේ ඇගිලි … හරිම සියුම්.. විදියට … මාව ලන් කලා එයාට …

එකපාරම නතර උන .. රැන්ඩි අයියා .. මගේ කම්මුල හිස වගෙම .. බෙල්ල .. උරහිස අතෝරක් නැතුව සිපගත්තේ … මාව එයාට ගොඩාක් තද කරගෙන …
….

සුද්දියේ .. උබ ..අම්මාකෙනෙක්… වෙනවා…

රැන්ඩි අයියා එකපාරම .. මාව ඈත් කරගෙන .. එහෙම කිව්වාම ..මට කියන අගක් මුලක් හිතාගන්න බැරි උනා …

රෑන්ඩි අයියා කියන්නේ මේ මොකද්ද ..

ම..ම… අම්මා කෙනෙක්…
එහෙම කොහොමද වෙන්නේ ..මට දරුවෙක් වදන්න බෑනේ …

මන් ඇස් වලට කදුලු පුරව ගත්තේ මීට කලින් දවසක.. මට අහන්න ලැබුන දේ හින්දා ….

මොකද්ද මෙකේ තේරුම …

මො..ක..ද්ද ..අයි..යේ …

මන්… කදුලු පුරවන් ඇහුවේ .. මන් ඒ හීනේ අතෑරපූ ගෑනියෙක් නිසා…

මගේ සුද්දීට අම්මා කෙනෙක් .. වෙන්න පුලුවන් ලූ… උබ ගොඩක් පරිස්සම් වෙලාලූ… තව ටික කාලෙකින්… උබට .. පුලුවන් … කිව්වා ..මගේ රත්තරන්…

දෙයියනේ .. කොහොමද .. මන් ඒක දරාගන්නේ ..
සතුටට රැන්ඩි අයියාගේ ඇස් වල කදුලු එක සීරුවට …
මන් බදාගත්තා .. ඒ දෙතොල් තදින් සිපගෙනම ..
මෙ ජීවිතේ මන් අහපු වාසනාවන්තම .. දේ ..

මට වාවගන්න බැරිතරම් සතුටක් ..

රැන්ඩි අයියා .. මාව.. එයාගේ ග්‍රහනයෙන් ගැලවෙන්න දෙන්නෙම නැති තරම්…

උබ එච්චර පව් කරලා නෑ කියලා මන් දන්නවා රත්තරන්… මන් විශ්වාස කලා මේක …
ඒකයී මන් මගේ කෙල්ලට මෙක නොකිව්වේ …

රැන්ඩි අයියා සතුට වැඩි කමට ඔහේ කියවනවා …

මට ..ඩොක්ටර් කතාකරලාම .. කිව්වා … සුද්දී…

එතකොටයී මට මතක් උනේ .. එදාම මන් අත් හැරපු ජීවිතේ නිසා ආයෙම ඒ ගැන බැලුවේ නෑ කියල…

ඒත් … මේ පාර දෙවියෝ .. මන් වෙනුවෙන් ඉදලා…
මට .. ඒසතුට ඇතී.. මේ ජීවිත කාලෙම … මගේ පුතා .. අයියා .. අම්මා.. මගේ ජීව්තේ ආයෙම ගෙනාව …
මට දැනුනේ එච්චරයි …ශුංගාරය එක්ක ..ගෙවුන ..ආදරනීය හෝරා කීපය .. අලුත් බලාපොරොත්තු වක්. . අපි දෙන්නාගෙම. හිත් වල ..

මගේ ..පණ … පුතා…
ඊටත් වැඩියෙන්. උබ..

මගේ ලගම ඉන්න මගේ සුද්දී…
හැමදේම හරියනවා … ඒකයී මගේ විශ්වාසය …

රෑන්ඩි අයියා මගේ කොපුල් අතෝරක් නැතුව සිපගෙන කිව්වේ … රාත්‍රී. ගෙවුන.. පාන්දර … අලුත් ම ජීවිතයක් .. අපි දෙන්නටම .. හෑමදාම ..මේ සතුට ..රැකදෙන්න…
මගේ හිතේ තිබුන එකම ප්‍රාර්ථනා ව …

❤️❤️❤️❤️නිමි❤️❤️❤️❤️

❤️පසු වදන ❤️

ඔන්න කතාව ඉවර කලා …
ලොකු කාලයක් ගිය කතාවක් …
මේ ඇප් එක පටන් ගත්ත දවසේ ඉදන් මේ වෙනකන්ම ඇදුනු එකම කතාව මේක වෙන්නැතී …
මාත් එක්ක තරහෙන් ඉන්න ඇතී ..
කොටස් 50කට පැලැන් කරලාත් විස්තර කරීම් වැඩි වෙලා
කොටස් 98 පුරාවට ගිය තුන් කොන් ආදර කතාවක් … (කොටස් දෙකක්එකම නම්බර් එකෙන් තිබ්බා)

මේ මොන කරුමයක් ද මේකිගේ කතා කියවනවට වඩා හොදයී පොතක් කියවනවා … වෙලවක් කලාවක් නෑනේ කියලා අතෑරලා දාපු අයත් ඇතී … ඉවර වෙනක්න් ඉන්නවා ඊට පස්සේ කියවනවා කියලා හිතපු අයත් ඇතී … ඒ කොහොම වෙතත් .. ඉතින් හැමෝම කියෙව්වනේ .. ඒ නිසා ඉස්කෝතුයී හොදේ …
සමහර තැන් වලදී ඔයාලව මන් නොමග යවන්න ඇති .. අවසාන එපිසෝඩ් එක වෙනකන් ම මේකි කරන මල මගුලක් අපිට හිතාගන්න බෑ කියලා හිතෙන්නත් ඇතී …

චුට්ටක් මන් කතාව ආය මතක් කරන්නම්. . චරිත ටික මතකද බලන්න

මේක මමත්වයෙන් ලිව්ව කතාවක් නිසා පාරෝ තමයී ප්‍රධන චරිතය උනේ …ඒ මේ කතාව ලියපූ මම ..මේ කතාව කියවපු ඔයා … තමයී … පාරෝ

පාරෝ කියන්නේ පදවියේ කියන දුශ්කර ගමක ඉදන්…

අමාරුවෙන් ඉගෙන ගෙන .. කැම්පස් එන කෙල්ලෙක් .. අම්මයී අප්පච්චී ඉන්න .. ගෙදරක ..ඉන්නේ අයියායී පාරෝයී … විතරයී

අයියා යුද්දෙන් නැතිවෙද්දී … පාරෝ අම්මා තාත්තා එක්ක තනිවෙනවා … ..

අයියාගේ හීන නිසා පාරෝ ඉගෙනගන්නවා … …
කැම්පස් පාස් වෙලා කොලබට . එන පාරමී … එන්නේ තනී කැමත්තට …
අම්මා අප්පච්චී ගේ හීන හැබෑකරන්න ..

ඒත් අම්මට අප්පච්චී ට තියෙන බය තමන්ගේ දුව … මේ කොලබ කොහොමද තනියම ඉන්නේ කියන එක .. ඒ දෙන්නට ඕනේ දුවව කාට හරී බන්දලා දීලා ඒ බරින් නිදහස් වෙන්න ඒ වෙන දේකට නෙමේ .. ඒ දෙන්නා නැති උනොත් දුවට කවුරුත් නැති නිසා … ඒත් දුව එන්නේ අම්මා අප්පච්චී ව දුකින් ගලවගන්න …

ඒ උනාට කොලබට ආවාම පාරමීට වෙන්නේ ගොඩක් ලමයින්ට වෙන දේම තමයී

අද ..ගොඩක් දුශ්කර පාසල් වලින් කොලබට නාගරික. පරිසරයකට ආවාම .. කරන්න ඕන දේ හිතාගන්න බැරිවෙනවා ..

අන්න ඒ වගේ .. පාරමීටත් වෙන්නේ ඒක … එක කරදරයක් නෙමේ … එයාට කරදර එන්නේ පෝලිමට …

කෝ බලන්න ජපුරේ අය … අත උස්සන්න …✋✋✋.

හ්ම්ම් හරී

මේ කතාවේ මුල හැදුනේ .. විජෙරාමේ ..ජපුරෙ කැම්පස් එක … කසේ පෙන්ටේ .කලු කඩේ කැලේ කඩේ ..ඔය වගේ ගොඩක් දේවල් මන් මේ කතාවෙදී ගලපන්න ඇතී …

උදේ හවස දකින කැම්පස් එක දිහා බලන් ලිව්ව කතාවක්. මමත් ගොඩක් ආදරේ කරන තැනක් …
ජපුර…
මන් හිතින් ගෞරව කරන මගේ නොවන .. මට අයිති නැති මන් ආසම කැම්පස් එක …
ඉතින් මන් පාරොව ගෙනාවේ එතනට ..

ඉර විරිත්තන කොලොපුරේ හින්දා .. පාරෝ ජීව්තේ ශක්තිවන්ත කෙනෙක් උනා. හැමදේම දරාගත්තා …
අප්පච්චි නැතිවෙද්දී අඩපු කදුලු වලින් කෙල්ල හිත ගල් කරගත්තා .. ඊට පස්සේ වෙන හැමදේම එයා දරාගත්තා …
ගොඩක් දේවල් අතාරින්න හදන හැමවෙලේම … එයා ට හයියක් වෙන ගොඩක් අය හිටියා … හේශී ඒත් එක්කම රැන්ඩි … සාමලී සේපාලී … පස්සේ වෙනස් උන නැනී වගේම තිලූ …

ඒ ඔක්කෝටම වැඩියෙන් .. එයාගේ අම්මා … ලග හිටියා දුර හිටියත්

මුලින්ම .. කියන්න ඕනේ දෙයක් තියෙනවා …

මේ කතාව තුන් කොන් ආදරයක් තමයී …
හැබැයී … …
මේ ජීවිතේ අපිට බොලද වෙලා තීරන ගන්න බෑ …කියන එක මන් ගොඩක් පෙන්නපු කතාවක් …
අපි අලුත් කෙනෙක් එක්ක පටන් ගන්න .. අලුත් ජීවිතේ එහෙම නැත්නම් දෙවෙනි ඉපදීම ..විවාහය වෙනවා ….
ඒකෙදී අපි මුලින් ම තේරුම් ගන්න ඕන එක දෙයක් තමයී .. පලවෙනී ආදරේ අන්තිම ආදරේ කරගන්නවත් …. මතකයක් නිසා ජීවිතේ ගොඩක් දේවල් නැති කරගන්නවත් නෙමේ …

මේ කතාවේ … පාරෝ කොච්චර දේවල් නැති කරගන්නවද ….එයා මනසිකව කොච්චර දුක් විදිනවද

ඒ උනාට … හැමදේටම ලගින් ඉන්නේ … රැන්ඩි අයියා නේද ……
ඒත්. කෙල්ල හිතන්නෙ තිසූ ගැන විතරයී … පවුලට හයියකුත් නැතුව කෙල්ලගේ කොච්චර දේවල් වලට … රැන්ඩි අයියා ඉන්නවද … එච්චර කැමති නැති උනත් … පරෝට රැන්ඩි ගේ උදව් ගන්න බැරිව ඉන්න විදියක් නැතිවෙනවා … කෙල්ලෙක්ට ශක්තිවන්ත වෙන්න පුලුවන් … ඒත් පිරිමියෙක් තරම්ම අමාරුයී … ඉතින් ඒ නිසා .. ඒ දේවල් මන් මේ කතාවෙදි කලා
කෙල්ල නොදන්න ගොඩක් දේවල්. රැන්ඩි අයියා දන්නවා උනත් පස්සේ ඒ කිසිම දෙයක් නෙමේ .. ඇත්ත වෙන්නේ… ඒත් රැන්ඩි අයියාත් හැමදේම දන්නේ නැති උනත් .. පාරෝ කරදරේ නොවැටෙන්නේ … රැන්ඩි අයියා නිසා …

තමන් වැඩිපුර ආදරේ කරන කෙනෙක් ඉද්දී .. වෙන කෙනෙක්ව බදින්න උනු කී දෙනෙක් ඇත්ද …
ඒත් ඒ අය. එයාලගේ හිතේ තියෙන හැගීම එලියට දානවාද …
හැබැයී හොරෙන් කොච්චර දුක් වෙනව ඇත්ද … කසාද අයිතිය නිසා ඉන්නවා ඇත්ද… ඒක තමයී අපි කවුරුත් දකින්න අකමැතී තිත්ත ඇත්ත …. ඒත් මේක මමත්වයෙන් ලියපු කතාවක් නිසා
ඉතින් පාරෝගේ හිතේ තිබ්බ හැමදේම ..කතාව කියවන ඔයාලා දැනගත්තා …
අපිට පාරෝට බනින්න හිතුන අවස්තා බොහොමයී …හැබැයි හිතලා බලන්න ඔයාටත් එහෙම වෙන්නේ නැද්ද ඔයා පාරෝ උනානම්… ඔයාගෙ හිත ඇතුලට රිංගුවානම් මොනා ලියන්න වෙයිද …

ම් ම් චුට්ටක් හිතන්න …
අපි කැමැති නෑ … අපි වැඩියෙන් ආදරේ කරන කෙනාව රීප්ලේස් කරන්න ..
ඒත් කරන්න වෙනවා … ඒත් ඒක පාරෝ කරන්න කොච්චර දුක් විදිනවාද ….

මම පෞද්ගලිකව අත් දැක්ක කතා තියෙනවා … ..
මේ වගේම කතා … ඉතින් කොච්චර දුකක්ද ඒක ..
අද තමන්ගේ දරුවා වෙන කෙනෙක්ට දාව කෙනෙක්…
එතනින් තමයී එයාලගේ බැදීම ඇතිවෙන්නේ .. ඒ දරුවා නිසා … එහෙම දේවල් දැකලා ඇතී

අම්මා කෙනෙක්ගේ ඇගෙන් කොටසක් තමයී දරුවෙක් කියන්නේ …
ඒත් මේ කතාවේ බලන්න .. පාරෝ කොච්චර ආදරේ කරනවාද එයාගේ නොවිච්ච ඒ දරුවට …

අම්මා කෙනෙක්ට පෙකනි වැලෙන් දරුවව වෙන් කරද්දී දැනෙන දුක ..පාලුව තනිකම ..කොච්චරක්ද කියලා … මට කියන්න බැරිවෙයී ඔයාලට … ඒත් හිතලා බලන්න ..මාස නමයක් බඩේ තියන් හදන ඒ දරුවා වෙනුවෙන් හීන බලන අම්මා ඒ දරුවව තමන්ගේ ඇගෙන් වෙන් කරනවා. දරුවගේ මූන දකින්න අම්මා කෙනෙක් ට කොච්චර බලන් ඉන්නවාද .. ඒ තරම්ම තමයී මාස නමයක් දරාගෙන හිටපු කුස නැතිවෙද්දී ඒ අම්මාගේ ඇගෙන් කොටසක් ඒ අයින් වෙන්නේ …

ඒ දුක වේදනව එක්ක .. අම්මා කොච්චර දරුවට බැදෙනවාද ..

ඒත් මේ පාරෝට ඒ මුකුත් නෑ …

ඒයා තිසූගෙත් නොවුන රැන්ඩිගෙත් නොවුන පුතෙක්ට අම්මා වෙනවා … ඒත් අවසානයේ

ඒත් මට ලියන්න වෙච්ච දුකම කොටස තමයී .. පාරෝට අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා …
ලියන්න වුන එක …… මට ඒක ලියනන් විදියක් තිබ්බේ නෑ … ඒකට හේතුව … එයාට වෙන ඩැමේජ් එකත් එක්ක ..මන් ඒක කලොත් … මේ කතාව අතාත්ත්වික වෙනවා …
හැබැයී … කොච්චර අවාසනාවන්ත කෙනෙක්ට උනත් එකම එක වාසනාවක්. තියෙන්න පුලුවන් …. ඒත් එයා අන්තිමට … ඒකට පුන්චි බලාපොරොත්තුවක් ඇතිවෙනව…මෙතනදී රැන්ඩි අයියා ඒ දැනගෙනත් පාරමීට නොසැහෙන්න ආදරේ කරනවා … ඉතින් මට කියන්න ඕන කලේ පාරමීට වැරදුනේ නෑ කියන එක …. ඒත්
ඒක මට ලියද්දී මගේ පපුවටම දැනුනා … මන් ඇඩුවා ..එයා අඩද්දී .. මන් හිතනවා මෙතන කියවපු එක්කෙනෙක්ට හරී ඒ වේදනාව දැනෙන්න ඇතී කියලා … ..

කොච්චර දුරට ගැලපුවද. දන්නේ නෑ .. අතකැඩෙනකන් ටයිප් කලේ ඒකට සාදාරනයක් කරන්න …

හ්ම්ම් දැන් ඔයාලා ආදරේ කරන …වෛර කරන ඊලග චරිත දෙක
රැන්ඩි(මිහිදු)/(රැපා) තිසුල

රැන්ඩි අයියා … වෙන කෙල්ලෙක්ට ආදරේ කරලා .. ඒ ආදරේ අතාරින්නේ තමන්ගේ යාලුවා නිසා ..
ඒ අතාරින්නේ … එයාට කාත් කවුරුත් කියලා නැතිවෙද්දි…
රැන්ඩි අම්මා තාත්තා වෙන්වෙච්ච පවුලක පෝසත් කොල්ලෙක්… පොලවේ පය නොගහන පවුලක පොලවේ පයගහන කොල්ලෙක් …

මන් රැන්ඩි ව දැක්කේ එහෙම … එයා පාරෝට ලන් වුනේ … ඇත්තටම තිසූගේන් ඈත් කරන්න .. ඒ .. රැන්ඩි දැනන් හිටපූ දේවල් එක්ක .. තිසූ ඒ වෙද්දීත්. රැන්ඩි දන්න වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුන නිසාත් ..එයාට තිසූ හින්දා දරුවෙක් ලැබෙන්න හිටපූ නිසා …
ඒ තත්වෙම පාරෝට වෙන්න දෙන්න බැරි නිසා …
එතනදී හැමෝම … රැන්ඩි ට බනිද්දී මම ගත්තේ ..රැන්ඩිගේ පැත්ත … කතාවෙ හැංගුන එයාගේ සිතුවිල්ල දන්න නිසා ඉතින් වෙන දෙයක් නෙමෙ…

හරී … ඉතින් …

කොහොමහරී රැන්ඩි පාරෝගේ හැමදේටම ලග ඉන්නවා වගේම … වෛර කලත් තිසූගේ හැමදේටමත් ලග ඉන්නවා …
මතක ඇතී .. රැන්ඩි එන එක කෝල් එකට යන්නේ …තිසූ කරදරේ ඉද්දී

ඉතින් රෑන්ඩි අයියා නපුරුයී තමයී .. ඒ උනාට ..කොල්ලා ආදරෙයී පාරෝට …
එයාටත් ඕනේ .. පාරෝගෙන් ආදරේ …
කෙල්ලෙක්ට වගේ නෙමේ .. කොල්ලෙක්ට ගොඩක් දේවල් දරන්න බෑ …
ශක්තියක් නෑ … හිතේ …
ඉතින් එයා උත්සහ කරනවා පාරෝගෙන් ආදරේ ගන්න …

ඒ කරලාත් එයා කෙලින්ම ඉල්ලනවා …

ඒ වෙලාවෙ. පාරෝ මගේ හිතෙත් වැරදී කාරියක් වෙනවා …
ඇයී මෙච්චර එකට ඉදලත් … රැන්ඩි ට ආදරේ දෙන්න බැරි නිසා …

අනික කියන්න ඕනම දේ … රැන්ඩි පාරෝව කසාද බදින්නේ … පාරෝගේ අප්පච්චී ඉස්සරහ…
ඒ අප්පච්චී ට සැනසීම දෙන්න …
මිසක් .පාරෝව ඩැහැගන්න නම් නෙමේ … බැන බැන ඒ කොටසට වෛර කරපු අය නම් ගොඩයී

රැන්ඩි අයියා ආදරේ පෙන්නන්නේ නෑ අන්තිමට .. ඒ උනාට … එයා … පුතාට ..හොද තාත්තෙක් වෙනවා..පාරෝට හොද සැමියෙක් වෙනවා

ආදරේ දී හැමෝම අන්දයී නේ

එහෙම නේද ඉතින් … මේ කතාවෙත් ඒ විදියමයී … අපි ආදරේ කරන්න ඕනෙ .. නැත්නම් ..අපි මැරෙනකන්ම ගෙවන ජීවිතේ සතුටක් තියේවිද …
පාරෝගේ පලවෙනී ආදරේ තිසූ වෙද්දි එයාට ආදරේන් අයිතිවෙන්න වෙන්නේ රැන්ඩිට ..ඒත් එයාගේ හිතින් මන් හිතන්නේ නෑ තිසූ අයින් වෙයී කියලා.. මේ මුලු කතාවෙම එයාට අමතක කරන්න බැරිඋන එකේ එයාට මතක් වෙයී … ඒ එයාගේ ආදරෙ අවංකයී වගේම … තිසූ ත් පාරෝ වෙනුවෙන් … නොපෙන්වා පෙන්වූ ආදරයක් තිබ්බ නිසා … රැන්ඩි පාරෝට .. ආදරෙ පෙන්නුවේ … සාමාන්‍ය විදියට ..එත් තිසූගේ ආදරේ හරී වෙනස්…
අහලා ඇතිනේ …

” ප්‍රේමය යනු එක්වූවන්ගේ රජදහන නොවේ …වෙන්වූවන්ගේ හදගැස්මයි.. ”

ඉතින්

පාරෝ කිසිම දෙයක් නොදැන එහෙම ආදරේ කරපු එක හොදයී … තිසූ ගේ වැරදී දැනගන්න කලින් … … මොකද ඇත්තටම එයා කතාවේ වැරදී නෑ ….ඒත් එහෙමයී කියලා ගැලපීම හරියන්නේ නෑනේ අනික හැමෝටම හරි කෙනාව හම්බෙන්නේත් නෑනේ .. ඒ වගේ පාරෝටත් මුලින් හම්බුනේ හරි කෙනා නොවෙන්න. ඇතී …. දෛවයේ කෙනාව නෙමේ වෙන්නැතී නැත්නම් තිසූ උනත් එතනින් ගැලවිලා එනවා කොහොමහරී ..ඒත් එයාට ඒක බැරිඋනා

තිසූ ජීව්තේ පසු තැවෙන්න තිරන ගත්ත නිසා තමයී එයා ඇත්තටම ආදරේ කලත් … පාරෝව එයාට අහිමි උනේ …

එයාට ජීවිතේම විදවන්න උනේ .. එයා කරපු මොනවා හෝ වැරදී නිසා … කාටවත් නොපෙනුන රැන්ඩිගේ තිබ්බ එකම දේ මන් දැක්ක අම්මෙක්ගේ තාත්තෙක්ගේ සෙනෙහසක් නැතුව .. හැම දේම හිතේ තියාගෙන පාරෝටත් වඩා විදවපූ එක … එයා මුලින් ආදරෙර් කරපු කෙල්ල … තිසූ නිසා අනාත වෙලා කියලා ; හිතලා ආය එහෙම දෙයක් නොවෙන්න .. එයා …පාරෝව බලාගත්ත එක … පලවෙනි පාරදී බේරගන්න බැරිඋන ජීවිතේ වෙනුවෙන් .. එයා දෙවෙනි පාර උත්සහ කරන එක .. … ඇත්ත ඒම නෙමේ උනත් එයා ඒ කරන දේවල් මදිද

ඒ හැම්දේම එක්ක .. රැන්ඩිට ලැබෙන්නේ සතුටින් ඉන්න … එයා පාරෝට ආදරේ කලේ ඇත්තටම කියලා අවසාන දේවල් වලින් මට ඔප්පු උනා … ඒ ටිකට නම් මන් ගොඩක් ආදරෙයී …

ඇත්තටම ආදරේ කියන්නේ ඒක නේද … කිසිම දෙයක් නිසා වෙනස් නොවන පරිත්‍යාගයක්

කතාවේ මුල ඉදන් අගට වෙනකන්ම තිසූට ආදරේ කරපු අය හිටියා ..මේ මම වගේ …ඒත් මට ඒයාව ආයම ගේන්න බෑ ප්‍රවීනා වගේ … එතකොට ..මේකත් නිකන් .. හින්දී කතාවක් වෙනවා … ඒ කොහොම උනත්
තිසූට ආදරේ කරලා රැන්ඩිට ආදරේ කරපු අය හිටියා .. ඒක තමයී එක එක්කෙනාගේ හැටී … හැමෝම එක ම කෙනාට ආදරේ කරන්වාට වඩා ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවානේ නේද …

නැනී තිලූ ඒ අය එයාලගෙ ජිවිත හදාගෙන වෙන් උනේ කැම්පස් එකෙන් අවුට් වෙද්දී මයී…

හේශී … පාරෝගේ හොදම යාලුවා උනත් ..පාරෝ හැදුවේ තනියම ඉන්න … ඒත් හේශී පුලුවන් හැම විදියටම පාරෝට උදව් කලා … අන්තිමට හේශී සුරා එක්ක .. යාලුවෙද්දී .. පැංචී තිසූ අයියා එක්ක හිටපූ කලුවා අයියා එක්ක … යාලු උනා …. … ඒ දෙන්නා මේ කතාවේ විශේශ චරිත දෙකක්

ඒ අය හැමොම මේ දෙන්නටම ලොකු හයියක් උනා පාරෝට ජීවිතේ හදාගන්න උදව් කරා …

සාමලී අක්කා … ආයෙම කෙනෙක්ට ලන් වෙන්න බැරි නිසා ආරමෙකට ගියේ මෙහෙනි කෙනෙක් වෙන්න හිතාගෙන .. පාරෝගේ අයියාගේ ආදරේ එක්ක.. එයාට තව කෙනෙක් ලගට යන්න බැරිවෙන්නැතී … ඒත් එයා .. පාරෝගේ අම්මාට … ගොඩක් හොදට සැලකුවා … සාමලී අක්කත් ඒ විදියමයී අසල්වැසියෝ විදියට … යුතුකම් කලා … පාරමීගේ කසාදෙත් එක්ක … කනිෂ්ක ඉබේටම ඈත් උනා .. ඇත්ත තේරුම් අරගෙන…

ගොඩක්ම වැරදී කරපූ .. චායාගේ මස්සිනා … රැන්ඩි කාටත් හොරෙන් …. හැම ඔත්තුවක්ම …දීලා … පොලීසියට අල්ලලා …දුන්නා… ජීව්තාන්තය දක්වා සිර දඩුවම් විදින්න එයාට සිද්ද උනා ….

ඒ කොහොම උනත් … ඉතින් දුකක් ඉතිරි කරලා තමයී කතාව අවසන් උනේ .. දුක හිතෙන අවසානයක් එක්ක මට ඉවර කරන්න වෙච්ච පලවෙනි කතාව … මන් ඒක කතාව පටන් ගද්දීම හිතලා ඉවර නිසා ඒක මට අවසානේ වෙනස් කරන්න උනේ නෑ … මොකද .. මන් කතාව අවසානයක් නැතුව ආරම්භ කරන කෙනෙක් නෙමේ … එහෙම කරලා තේරුමකුත් නැති වෙනවා …

?අන්තිම පාරට තිසූ පාරෝව දාලා යන තැනදී .. රැන්ඩිට හේශීගේ මාර්ගෙන් ගෙදර යන්න බැරිවෙනවා … පාරෝගේ තාත්තාට උදව් කරන්න බැරිවෙනවා …

?කෙල්ලව හොස්පිට්ල් ඇඩ්මිට් කරද්දී .. පරෝ දකින රැන්ඩි ගේ බෙල්ලේ තියෙන තුවාලේට හේතුව… පැංචීගෙන් දැනගන්න බැරිවෙනවා …

?ඒ වගේම පාරෝගේ කසාදේ …
පාරෝවයී අම්මාවයී කොලබ එක්කන් එන වෙලාවේ රිකී එක්ක .. පාරෝලව නතර වෙන ගෙදරට. එක්කන් එද්දී … රැන්ඩි ට තිසූගේ උදව්වට යන්න බැරි වෙනවා …

?පාරෝ රැන්ඩි ට අම්මලා ප්‍රපෝස් කරපු නිසා … අඩද්දී. හේශී ෆෝන් එක ආන්සර් කරලා ..රැන්ඩිට අහන් ඉන්න දෙන්න බැරිවෙනවා …

ඒ නිසා තමයී මේ හැමදේම හොදට ප්ලෑන් කරලා ලියන්න උනේ …

ඉතින් මගේ කතාවේ අවසානේ වත් වෙනසක් නෑ මන් හිතපු විදියටම ඉවර කරා … පොඩි පොඩි මිස්ටෙක් වෙන්නැති .ඔක්කොම මතකේ තියාගෙනනේ ලියන්නේ .. කොච්චර වෙලාවක් නෑ කිව්වත් මේවා අස්සේ තව කතා දෙක තුන ලියනවා .. ඒවා පබ්ලිශ් නොකලට .. මගේ තෘප්තියට ලියනවා ..ඒවා. අනිත් වැඩ වගේම දවසේ කොටස් වෙලා …

ම්ම් තව මොනාද … කියන්න තියෙන්නෙ …
මගේ කතා කිසිම තැනක ඔයාලට පිලිවෙලට හොයාගන්න විදියක් නැතුව ඇති .. ඇත්තටම ඒක මන් පිලිවෙලක් කරන්න හිටියා ඒක මට කරන්න බැරිඋන … ඒකට සමා වෙන්න ඕනේ …වෙබ් පිටුවත් මන් අයින් කරපු නිසා දැන් මගේ කතා සයිබර් තීරේ නම් … හොයාගන්න බැරිවෙයී

ඉතින් .. මන් කතාවට සාදාරනයක් කලාද දන්නේ නෑ ..ඒ අදරේ දුක සතුට ලැබුනද දන්නේ නෑ … ඒ හැමදේම කමෙන්‍ට් එකක් විදියට පල කරන්න පුලුවන් …නම් හොදයී
මොකද අන්තිමට මම ලබා ගන්න වත්කම …
තමයී ඒ සතුට …

මේ මගේ … අවසාන එපිසෝඩ් නවකතාව … කතා අහුරට වගේම .. ෆ්බ් දාන එකක් නැතිවෙයී .. කියලා මන් හිතනවා
එකට හේතු ගොඩක් තියෙනවා … ඇත්තටම. ෆ්‍රී වෙලාවක් ලැබුනොත් ලියන්වා මිසක් … වෙනම හැමදාම ලියන්න වෙලාවක් හදාගන්න අමාරුයී .. කොටි වලිගේ අල්ලගත්තා වගේ න්හ්හ් ???

ඇයී හිතුනාම නවත්තන්නද ..

කියවන අයට නම් මොකො න්හ්හ් … විනාඩි පහෙන් කියවනවා ….
ලියනකොට … ෆෝන් එක අතේ තියාගන්න බැරි තරම් හිරි වැටෙනවා … ඉතින් ඒක ගොඩක් අමාරුයී .. එක දිගට හැමදාම ලියන්න ඉතින් …
මන් මේ කතා ලියන්නෙ .. ඔයාලට තියෙන පැය විසි හතරෙ ඇතුලේ මගේ ලගම ඉන්න අය එක්ක තියෙන කාලය ඇත්තටම අයින් කරලා .. නැත්නම් නින්දක් නැතුව .ඉතින් එහෙමත් කරන්න අමාරුයී න්හ්හ් ….ඉදිරියට .. මගේ කතා දෙකක් .. එලි දැක්වෙයී .. ඒක සයිබර් හෝ කෘති විදියට එලියට එන්න සූදානමින් තියෙනවා … ඒවා එඩිට් කරගන්නවත් හිතෙන්නේ නෑ …කම්මැලී කම හින්දා …. ඉතින් මට කමෙන්ට් කරලා රේට් කරලා ..කතාවට දිරි ගන්නලා ..ඔයාලා දුන්න සහයෝගයට ගොඩාක් ස්තූතී … කමෙන්ට් කරන්න අමාරු නම් ඇප් එකේ … ෆ්බී එකේ Piumi prabodha senadheera මේ නමින් ඉන්නේ මම .. ඔයාලගේ වටිනා අදහස් දැන ගන්න කැමතී (කතාවට සාදාරනයක් කලා කියලා හිතෙනවානම් විතරම් )… ..ඉතින් ගිහින් එන්නම් … කතා අහුරට කතාවක් ලියන්න කියලා ආරාදනා කරපු .. ඇඩ්මින් මල්ලිට .. ගොඩාක් ස්තූතී .. කැම්පස් සෙට් එක පේජ් එක හරහා .. අදුනගෙන පෞද්ගලිකව කරපු ඉල්ලිමට .. මන් සාදාරනයක් ඉශ්ට කලා කියලා හිතනවා … ..

ඉතින් තිසූට පාරෝව දෙනකන් බලන් හිටපු .. අයට කියන්න තියෙන්නේ

අප්‍රකාශිත ආදරය සේම හිමි නොවූ ආදරය ද … හිමි වූ ආදරයටත් ප්‍රකාශිත ආදරයටත් වඩා ඉහල තැනක රැදෙන්නේ හිමි නොවූ ආදරයේත් අප්‍රකාශිත ආදරයේත්.. හදගැස්ම…වෙන්වූවන්ගේ වේදනාවන් නිසාවෙනි❤️

ගිහින් එන්නම් … පරිස්සමින් ඉන්න ..මගේ කතාව කියෙව්වට ගොඩාක් ස්තූතී …කතා අහුර එක්ක රැදෙන්න .. ඇඩ්මින් මල්ලිට සපෝට් කරන්න ..කියවන ඔයාලත් … ලස්සන කතාවකට … මුල පුරන්න අනිවාර්යයෙන් ම .. මන් උදව් කරන්නම් ඕනවෙලාවක මට පුලුවන් දේකින් … ඔයාලටත් හැකී ඒ දේ කරන්න …

(ඔන්න කොටස් අටක විතර කොටසක් එකට දැම්මේ … ???)

බුදුසරණයී හැමෝටම

මම
පියුමි සේනාදී

15 thoughts on “පරවී | අවසාන කොටස | නවකතා”

  1. Buddhika subhashini

    කතාව ඉවර වුන එකට නම් දුකයි අක්කි ? ඒත් හිතුවේවත් නැති ලස්සනම ලස්සන අවසානයක් දුන්නට thanx අක්කි ❤️❤️අන්තිමේදි රැන්ඩි අයියගෙම වුනා පාරමී ❤️❤️❤️.ගොඩක් ලස්සනයි කතාව අක්කි .ආයෙත් ලස්සන කතාවක් ඕනි අක්කි.❤️❤️❤️❤️ good luck අක්කි ??

  2. Kathawa iwara una ekatanm dukai akkiyo…. kathawa godak lassanai… mth e kathawa athule jiwath una wage… puluwannm api wenuwen thawa kathawak aran enn.. akkige katha godak lassanai…hithata danennama liyanawa… mn prarthana karanawa idiri jiwithe hamadema sarthaka wenna kiyala…
    All the best akkiyo…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1
  3. රැන්ඩි අයියාවයි පාරෝවයි එක්තු කරපු එකට නම් ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටුයි.
    කතාව ඉවර වුන එකට නම් දුකයි.
    මොකද ගොඩාක් ආසාවෙන් කියවපු කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටපු කතාව නිසා.
    පුලුවන් නම් අපිට කියවන්න තවත් ලස්සන කතාවක් අරන් එන්න.
    ඔයාගෙ වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙලා හිතන පතන හැමදෙයක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පියුමි අක්කියෝ .
    ඔයටත් පරවිටත් හැමදාමත් ආදරෙයි .
    ❤❤❤❤❤❤❤❤
    ????????

  4. හොඳම යාලුවෙක් වෙන් වුනා වගේ දැනෙන්නෙ ?…. කතාව කියවන්න පටන් ගත්තෙ 2වෙනි කොටසෙ ඉඳල. එදා ඉඳන් මං නම් දුක් වින්දෙ කතාව කියවන්න. මොකද ඔයා සෑහෙන්න අපිව ඇඬෙව්ව කතාව දාන්න බැරිවුනාම. කතාව තිබුනෙ නැති වුනාම app එක uninstall කලා තරහට,දුකට. ඒත් කතාව එක්ක තරහ වෙන්න බෑනෙ. Reinstall කරනව ඉතිං… හ්ම්ම්… කතාවට ලස්සන අවසානයක් දුන්න ඔයා. ඒ වගේම තිසූ අයියා ගැන තරහ නොවී කතාව ඉවර කරන්න තරම් ඔයා දක්ශ වුනා… කැමති තවත් ඔයාගෙ කතාවක් අපිට දෙනව නං….Good Luck! ❤

    1
  5. පියුමි නංගියේ පලමුවෙන් ම මං ඔයාගේ න් සමාව ඉල්ලනවා මගේ සමහර comments වලට ඔයාගේ හිත රිදුන නම්.ඇත්තටම මං සමහර comments ටිකක් rough විදිහට දැම්මෙ එක වෙලාවකදී හිතුනා ඔයා ආදරය කියන හැඟීම ට අඩු තක්සේරුවක් කරන්න හදනවාද කියලා.

    මං දකින ආදරය නම් සල්ලි,බලය, ආකර්ශනය වත්, නෙමෙයි.විශ්වාශය, පරිත්‍යාගය, කැපකිරීම් එක්ක එන හරි ලස්සනයි හැගීමක් බැදිමක්.එක බලෙන් ගන්නටත්, බලෙන් ඇති කරවන්නක්,කාලයත් එක්ක වෙනස් වෙන දෙයක් නෙමෙයි.

    ඔයාගේ කතාවෙ අවසාන යට ටිකක් මං අකමැති වුනත් ඔයා ආදරය,බැදිම් දිහා බලන් හිතන විදියට මං හරි කැමැතියි.අද ආදරය valentine’s Day එකෙන් විකිණෙන රොස මලක් තරමට ලාභ සිල්ලර දෙයක් වෙලා තියෙන කාලයක ආදරය, බැදීම් කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න හදන ඔයාලා novelඑකකින් හරී මෙම කතා කියවන කෙල්ලො කොල්ලන්ට කියලා දෙන්න හදන එක ඇත්තටම හොඳ දෙයක්.කෙනෙක්ට යාහපත්දෙයක් කියලා දෙනවා කියන්නේ ලොකු පිනක්.
    සමාජයට යහපත් පණිවිඩය ක් දිලා කෙනෙක් ට රසවින්දන ක් දිලා ඔයාගේ කාලය ශ්‍රමය වැය කරලා ඔයා ට ලැබුණෙ සතුට විතරයි.ඉතින් ඒ සතුට සැනසීම හැමදාම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි.සාර්ථකයි.අපි වෙනුවෙන් ඔයාගේ සතුට වෙනුවෙන් තව ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    1
  6. Ashka Rashmi

    ❤හැමදාමත් කියනවා වගේ අක්කිගෙ කතාව හරිම ලස්සනයි….හැබැයි ගොඩක් වෙලාවට මේ කතාව කියවලා හිත රිද්දගත්ත එක උනේ.ඒ ඇයි කියන්න මට තේරෙන්නෑ…ඇප් එක install කරගත්ත දවසෙ මට මතක විදිහට පරවි 4 වන කොටස තිබ්බෙ…කැම්පස් ලව් එකක් හින්දා හරි ආසාවෙන් කියවන්න ගත්තෙ…ඒත් ටික දවසක් යද්දි ඇප් එකේ පරවි publish වෙන එක නැවතුනා…මට පුදුම දුකක් කේන්තියක් ආවෙ…ඒ කේන්තියටම මං ඇප් එක unstall කරලා දැම්මා….මාසයක්ම වගේ මං හිටියා හිත පාලනය කරගෙන.ඒත් මොන…ආයෙම මං ඇප් එක install කරගත්තෙ පරවි කියවන්නමයි…ඒකට ලොකු හේතුවක් උනේ පාරමී නෙවේ හැබැයි …රැපා අයියා…මේ වෙනකනුත් මං කතාව කියෙව්වෙ රැපා අයියාව හිතින් හිත හිත..අනේ මංදා ඒ ඇයි කියලා…ඇහින් නොදැක්කත් කතාවෙ ඔයා මවපු රැපා අයියට මං ගොඩක් ආදරේ කලා….සමහරවිට කතාව හැටියට පාරෝ වත් රැපා අයියට එච්චර ආදරේ කරන්නැතුව ඇති….කතාවෙ මැදින් රැන්ඩි අයියා මතුවෙනකොට මට ඔයා එක්ක පුදුම තරහක් ආවෙ අක්කි….මේක තුන්කොන් ආදර කතාවක් කියලා මට දැනුනෙ එතකොටයි…ඒත් මං එහෙම ඒවට ආස නෑ…ඒ උනත් පරවි මෙච්චර දුර කියෙව්ව එකේ මගින් නතර කරලා දාන්න මට හිතුන්නෑ….ඒ නිසාමයි හිත රිද්දගෙන උනත් කතාව අවසානය වෙනකන්ම කියෙව්වෙ….මං මෙතෙක් කාලයකට කියෙව්ව දුක හිතෙන කතාව….ඒකට හේතුව ඔයා රැපා අයියව…මං මෙච්චරටම ආදරේ කරපු රැපා අයියව මරලා දාපු එකට….එයා මැරුන විදිහටත් මට ගොඩාක් දුකයි….එයා ගොඩක් ආදරේ කරපු එයාගෙ චායා එයාව දාලා ගියා…පාරෝව එයාගෙන් ඈත් කලා…අන්තිමේදි රැපාට එයාගෙ ජීවිතේත් ඔයා නැති කලා….හරිම දුකයි මට….ඔයාට සුභ පතනවා අක්කි තවත් ලස්සනට කතා ලියන්න පුලුවන් වෙන්න කියලා…plz next time story එක මේ වගේ දුකක් කරන්න එපා…කතාව කියවන ගොඩක් අයට මේක සතුටුදායක අවසානයක් උනාට මට ඒම නැහැ….කමක් නෑ….ලැබීම නොලැබීම ඒවා සාමාන්‍ය දේවල්..ලෝක ස්වාභවය…හදවතින්ම ඔයාට මං සුභ පතනවා…ඔයාගෙ ජීවිතේ ලස්සන වෙලා ඔයාටත් ආදරණීය සහකාරයෙක්ව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…❤

    ❤ආශ්කා❤

    1
  7. Ranmali subasinghe

    හුරේ….. පාරෝව රැන්ඩි අයියටම හම්බ උනෝ……. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මට හුගක්ම සතුටුයි කෙල්ලේ…. හුගක්ම….

    පියුමියෝ ඔයා කිව්ව විදිහටම මම නම් මේ කතාව කියවද්දි ඇත්තටම කතාව ඇතුලෙ මම ජීවත් උනා… කියන්න වචන නෑ කෙල්ලේ….

    දුක හිතුන තැන් ? අඩපු තැන් ?තරහ ගිය තැන් හුගයි… ඒ තරමට අපේ පරවී රැජින අපේ හිත් ඇතුලටම කිදා බැහැලා හිටියේ… තාමත් ඒ තැන එහෙමමයි… කාටවත් ඒ තැන දෙන්න බෑ… ඒ තරමටම ආදරනීයයි… ඔයා තමයි මගේ ❤️පරවී❤️රැජින❤️

    පියුමියෝ කවදාවත් හිතන්න එපා කතාවේ අඩු පාඩු තිබුණා කියලා… එහෙම නෑ කෙල්ල… ඔයාගේ කතාව හරිම ඉහලයි.. මට වචන නෑ කියන්න… හදවතට දැනෙන්න ලියලා තිබුනා ඔයා.. කතාව දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ මම හැමදා… එතනයි ඔයාගේ සාර්තකත්වය… හැමදාම අපි වෙනුවෙන් ලියන්න… ?????????

    හුගක්ම දුකයි කතාව ඉවර වෙනවට… අයෙත් ඉක්මනින්ම එන්න… ????

    නන්ගෝ නවල් එකක් ඔයා ලිව්වොත් ඇඩ්මින් අයියට කියලා අපිව දැනුවත් කරන්න… ප්ලීස් ප්ලීස්

    ඔයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා… ???? බුදුසරණයි !!! පරිස්සමින් ඉන්න…. ආදරෙයි හැමදාම… ?????????

    කමෙන්ට් එක දිග වැඩිද මන්දා..??? තරහා වෙන්න එපා සුදෝ හිතේ තිබුන දේවල් කිව්වේ …. ටටා..බායී…????

    1
  8. Thakshi Deepali Jayasuriya

    කියාගන්න දේවල් නම් ගොඩයි…ඒත් කියාගන්න තේරෙන්නෑ..මුල ඉඳලම ආසාවෙන්ම කියෝපු කතාව….ඉවර උන එකට පුදුම දුකයි..අලේ අක්කි තව කතාවක් ගේන්න අපිට..ප්ලීස්…

  9. ?සිහින සිත්තරාවී°°KKD?

    හරි .. හරියටම ගණන් කරලා දහාපාරක් කතාව කියෙව්වා මන් ..??????? මන් මොකක්ද අලේ කියන්න් ඕනි .. හැමපාරම කියෝලා කමෙන්ට් එකක් දාන්නැතුව ගියා .. මන් හිර වෙලා ..
    එක ඇත්තක් කියන්නම් .. ඔය කතාවෙ ඉන්න පදවියෙ පරවි සමාන වෙනවා මේ රත්නපුරේ ඉන්න දුප්පත් මැණිකට … මන් ජ’ පුඅර ගියෙ නෑ තාම .. ඒක හීනයක් හැබැ නොවුන .. මම් ඔය සුද්දි වගේ .. ??? ජීවිතේ දෙවන ඉපදීම විවාහය .. ඒ වගේ රැන්ඩි කෙනෙක් මගේ ජීවිතේ ඉන්නෙ .. මන් පාරෝ නම් එයා රැන්ඩි …. ඒ ගති ගුණ .. මටට් තිබ්බා ඔය වගේම තිසුල කෙනෙක්ගෙනුයි රැන්ඩි කෙනෙක්ගෙනුයි එක්කෙනෙක්ව තෝර ගන්න් වුනු වෙලාවක් .. එදා තිසුලව අමාරුවෙන් හරි අමතක කරලා රැන්ඩිව තෝරගත්ත නිසා පාරො වගේම මාත් සතුටින් …
    ??????? ඔයා මේක ඉවර කලා අක්කියෝ … හැබැයි හදාතටම වැදුනා …

    පුංචි ඉල්ලීමක් අක්කියෝ … ඔයා G+ දැම්ම කෝල ලැබදි කතාවයි තව කතාවක් තිබ්බා …නපුරු මනාලයාද කොහෙද .. ඒකතා දෙකත් ඇප් එකට දාන්න ..ප්ලීස් …
    කමෙන්ට් කරන්න හිතට වාරු නෑ මැණිකෙ ……???????

  10. kasuni chamalka

    Story එක ඉවරයි නේද… අඩන්නද… ඇයි අපිට මෙහෙම කරේ හලෝ.. ඔයා අපේ හිතට මේ story එක කා වද්දලා තියෙන විදිය හරි පුදුමයි අක්කියෝ.. මම මේ ස්ටෝරි එකට ගොඩාක් ආසයි.. best best best story.. මම මේ ස්ටෝරි එකත් එක්ක ජිවත් උනා කිව්වොත් හරි.. ඒ තරම් මේ ස්ටෝරි එක ජිවිතේ කොටසක් කර ගත්තා.. ආය රෑන්ඩ් අයියත් එක්ක පරෝ එක්ක ජිවත් වෙන්න වෙන්නේ නැ කියලා හිතුනාම හිතට දැනෙන්නේ ලොකු වේදනාවක් අක්කියෝ.. වචන වලින් විස්තර කරන්න බැ ඒ ෆීලින්ග් එක.. ඇත්තටම ඔයා නම් best writer කෙනෙක්.. මේ විදිහට මේ ස්ටෝරි එක අපේ ජිවිතේට ඇතුල් කරන්න තරම් ඔයා ගොඩක් දක්ෂ වෙන්න ඕනි.. ඇත්තටම අක්කේ පලවෙනි ආදරේ අන්තිම ආදරේ වෙන්න ඕනි කියලා දෙයක් නෑ.. එක ඔයා තෙරුන් කරා.. අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් මේ ස්ටෝරි එකේ තිබුනා.. ඒ හැම දෙකටම ගොඩාක් ස්තුතියි.. මේ වගේම ස්ටෝරි එකක් ආය ඕනි.. අපිට ස්ටෝරි එකක් දෙනවා නෙද.. මම හිතනවා අපිට ලස්සනම ලස්සන ස්ටෝරි එකක් ආය දෙවි කියලා..

    •°•P_er_f_ec_t st_or_y •°•
    ☆☆☆☆☆☆☆☆☆☆☆
    •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
    ^_^ ♡ ^_^ ♡ ^_^
    °•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°
    ☆☆☆☆☆☆☆☆☆☆☆
    °•°P_er_f_ec_t wr_it_er°•°

  11. Nirosha Lakmali

    හරිම දුකයි කතාව ඉවර උන නිසා. ලස්සන අවසානයක් දීපු නිසා සතටු වෙන්නද කතාව ඉවර නිසා අඩන්නද කියලා තේරෙන්නේ නැ. පරවි නිසා තමයි මං කතා අහුර දාගත්තේ. අද ඒ ගැන ගොඩාක් සතුටුයි. ඔයා ලස්සනට කතාව ඉවර කරා. ඇත්තටම ඔයාගේ කතා ලිවීමේ හැකියාව අනර්ඝයි. කියන්න වචන එන්නෙත් නැ. පාරෝ වෙලා කතාවේ මෙච්චර කල් ජීවත් වුනේ. දුක් වේදනා හැමදේම විද දරා ගත්තා. ඔයා ඇත්තටම අපව හැමදාම කතාව ඇතුළෙම ජීවත් කෙරෙව්වා. ඔයාට ගොඩාක් පින්. කවදාවත් මේතරම් ලස්සන කතාවක් කියවලා නැ මං. අනේ ප්ලීස් කතා නොදා ඉන්න එපා. ඔයාගේ කතාව නිසා තමයි මං ඇප් එක දාගත්තේ. ඉක්මනට තව කතාවක් අරන් එන්න. අාදරෙයි හැමදාමත් පරවිට. හිතේ කොනක හැමදාමත් පරවි ජීවත් වෙයි. ඔයාගේ වැඩත් කරගෙන අපිට ආයේ මේ වගේම ලස්සනම ලස්සන කතාවක් දෙන්න. හදවතින්ම සුබ පතනවා. Wish your all the best. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1
  12. අනේ…. කතාව ඉවර උනාට දුකයි…පපුවටම දැනුන ලස්සනම ලස්සන කතාවක් පරවී…පාරමී එක්ක,රැන්ඩි එක්ක මාත් ඇඬුවා…ඒ ඔයාගෙ කතාව ඇත්තටම දැනුන නිසා..ඒ කතාවෙ ජීවත් උන හින්දාා…ඔයාගෙ කතාව දාන්නැති දවස් වලට හරි කේන්තියි ඉතිං…
    කතාව දාලාද කියලා හැමතිස්සෙම බල බලා හිට්යෙ..ඒත් නැති උනාම හරි දුකයි…. දැන් ඒ කතාව ඉවරයි කියලා හිතුනාම ඉට වඩා ගොඩක් දුකයි…
    අනේ ඉක්මනට තව ගොඩක් ලස්සන කතාවක් අපිට අරං එනවද…
    මෙච්චර දවසක් අපිට කතාව ලීවට ගොඩක් ස්තූතියි ඔයා…
    ඔයාගෙ ඉදිරි අනාගතේට හදවතින්ම සුබ පතනවා….????????? දුකයී… ???????????????????????
    Wish you all the best for your future life….

  13. Chathu indeewaree

    පුදුමාකාර ලස්සන කතාවක් පියුමියෝ මේ කතාව. මම දන්නේ නෑ ඔයා අක්කි කෙනෙක්ද නංගි කෙනෙක්ද කියලා. ඒකයි නම කියන්නේ මම. ඒකට අමනාප වෙන්නෙපා වස්තුවේ. මට කියන්න වචන් නෑ මැණික. ඒ තරමට මේ කතාවේ චරිත හා සිදුවීම් ඔයා ගළපලා ලස්සනම ලස්සන ගොඩාක් ආදරණීය කතාවක් ගොඩනගලා තිබුණා. මේ ඇප් එකෙන් මම ගොඩාක්ම ආස කළ කතාව වුණෙත් පරවි. ඒ ගොඩාක්ම මේක කැම්පස් කතාවක් නිසා. මොකද ඔයා ගොඩාක් ලස්සනට මගේ කැම්පස් ජීවිතේට මාව අරන් ගියා. ඔයානම් සුපිරිම සුපිරි writer කෙනෙක් මැණික. අපි වෙනුවෙන් තවත් ලස්සන කතා ඔය පන්හිඳෙන් ලිවීමට ඔයාට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවායි හදවතිම පතනවා!!!

    ගිම්හාන ඍතුවට වසන්තය ඇවැසි මෙන්
    වෙහෙසකර මඟියෙකුට ගිමන්හල ඇවැසි මෙන්
    ක්ෂිතිජ ඉම ගගනතල රුවන් සේයාව මෙන්
    වර්ණවත් කරන්නට පීදෙනා කැකුළු මල් මෙන්
    ඇවැසි වන්නේ ඔබයි…
    ඔබේ ඔය ශක්තියයි..

    සඳක් සේ පායා විත් තරු නොමැති ගනඳුරට
    ගඟක්සේ ගලාවිත් පිපාසිත බිම් කඩට
    මහාමේරු පවුර මෙන් ඔබ කළ මෙහෙවරට
    ඇත්තමයි වඳිනු ඇත දෙවියනුත් නුඹෙ නමට..

    සංසාරේ බොහෝ දුර හමුවී ආ ලෙසට
    ඉතින් අප හමුවුණේ කතා අහුර සෙවන යට
    ජීවිතේ නේක විධ දුක් සෝ තැවුල් මැද
    ඔබ කළා මෙහෙවරක් අපේ රට ජාතියට
    ඉතින් ඔබ ණය නැහැ මිතුරියේ
    අපේ මේ මව් බිමට..

    කාගෙන් නොලැබුණත් කීර්තිය ප්‍රශංසා
    නුවරුන් ගැරහුවත් කර ඔබට නින්දා
    යහපත මියනොයයි පැරදී කිසිමදා
    සොබාදම් මාතාව පිවිතුරුයි සැමදා
    එබැවින්,
    ලැබෙනු ඇත ඔබට
    දෙව් විමන් සැප
    නිබඳ හෙට දිනේ…..

    ………..චතූර්‍යා ඉන්දීවරී…….

  14. ❤පරවි❤මං app එකේ කියෙව්ව මුල්ම කතාව නම් නෙවේ,ඒත් ගොඩක් ආසාවෙන් කියවපු ලස්සන කතාවක්.

    පාරෝ,ගොඩක් අහිංසක කෙල්ලක්.ඒ උනාට සමහර කොටස්වලදි පාරෝ එක්ක ආවෙ කේන්තියක්.මොනා වුනත් තමන්ට එච්චර උදව්කරපු රැන්ඩි අයියට මුලින් සලකපු විදිහනම් වැරදියි.ඒත් එක පැත්තකින් කෙල්ලත් ගොඩක්ම ගොඩක් අසරණයිනෙ,එහෙම හිතද්දි පාරෝ ගැන දුකක් දැනෙන්නෙ.

    රැන්ඩි අයිය,මං මුල ඉදන්ම ආස කරපු චරිතයක්.රැන්ඩි අයියට තියෙන්නෙ ගොඩක් හොද ගතිගුණ.ඉවසීම අතින් නම් මාරයි.තමන්ගෙ යාලුව වෙනුවෙන් තමන් මුලින් ආදරේ කරන කෙල්ලව අතාරින්න තරම්,රැපාගෙ වැරැද්දක් නෑ කියල මුලින් දැනගත්ත නම් තමන් දෙවෙනියට ආදරේ කරපු කෙල්ලවත් තමන්ගෙ යාළුවගෙ ආදරේ වෙනුවෙන් අතාරින්න හිතන්න තරම්.❤❤❤❤
    රැපා අයිය,මුලින් ලොකුවට නැතත් පොඩ්ඩක් විතර කැමැත්තෙන් හිටිය චරිතයක්.ඒත් කතාව ටිකක් ගලාගෙන යද්දි එපා වුණු චරිතයක්.ඒ වුණාට කතාව අවසන් වෙද්දි රැපා අයිය ගැන දැණුනෙ ලොකුම ලොකු දුකක්.එයාට නොකරපු වැරැද්දක් නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නනෙ වුණේ???????

    ගොඩක් හිතට වැදුණ ලස්සන කතාවක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    මං මේ කතාව දාන කාලෙනම් app එකේ හිටියෙ නෑ.ලගදි කතාව කියෙව්වෙ.
    ගොඩක්ම ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන කතාවක් දැම්මට.
    තෙරුවන් සරණයි?? ??

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.