Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 27 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුරරචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-27 වන කොටස-

“දැන්වත් කියපන්කො බං… රෙද්ද…”

“හරි හරි බං… මේකයි… අපි තාප්පෙන් පැනගත්තට උඹට එදා පැනගන්න බැරිඋනානේ… අපි තාප්පෙ අයිනට වෙලා හිටියේ උඹ එයි කියලා හිතාගෙන.. එත් එතකොටම වගේ අපිට ඇහුනා එතන වෙච්ච දේවල්… ඒත් කවුරු හිටියද කියන්න අපිට පෙනුනෙ නෑ… ඒක නිසා අපි එතනින් ආවේ උඹව කොහොම හරි බේරගන්නවා කියලා හිතාගෙන…”

ඩෙවෝම් ඒ ටික කියලා නවත්තනවත් එක්කම සලිත කතා කරන්න ගත්තා…

“කෝකටත් කියලා අපි ඒ ලග තිබ්බ පදුරකට වෙලා බලන් හිටියා.. මොකද් ඒ මිනිස්සු කොයි වෙලේ හරි ආයිත් යනවනේ… ඒ ටයිම් එකේදි අපි උඹව බේරගන්නවා කියලා හිතාගත්තා… අපි හැංගිලා ඉන්න අතරෙ තමා දැක්කෙ වෑන් එක පිටත් වෙන්න හදනවා… අපි තවත් හිත හිත ඉන්නෙ නැතුව වෑන් එක follow කරන්න ගත්තා.. උන්ටවත් නොදැනෙන්න..”

“උඹලා කොහොමද දැනගත්තේ මං ඒ වාහානෙ ඉන්නවා කියලා..”

“ඒ වෑන් එකේ ෂටර්ස් ටික dark කරලා තිබ්බෙ නෑ… වෑන් එක ගියේ අපි හැංගිලා හිටිය පදුර ටික ලගින්ම වගේ.. අපිට ලේසියෙන්ම බලාගන්න පුලුවන් උනා.. එතන කලු රෙද්දකින් ඔලුව වහාලා කෙනෙක් හිටියා.. ඒ උඹ කියලා දැනගන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ… ඒත් එක්කම මං දැක්කෙ අපිත් එක්ක එකට හිටපු ප්‍රගීත් අංකල්ව.. ඒක දැක්ක පාරනම් මගේ හුස්මත් නතර වෙන්න ගත්තා බං…”

සලිත මං දිහා බලගෙනම කියෝනවා… මං එයාලට බාධා නොකරම අහං හිටියෙ මට මේ දේවල් දැනගන්න තිබ්බ උවමනාව වැඩි නිසාමයි..

“අපි වෑන් එක follow කලාට වැඩක් උනේ නෑ… අපිට උන්ව එක තත්පරෙන් miss උනා… අපිටත් හිතාගන්න බැරි උනා කොහොමද එහෙම උනේ කියලා.. ඒත් වැඩක් උනේ නෑ… කොච්චර try කලත් අපිට ඒ වාහනේ ගිය දිහාවක් හොයාගන්න බැරි උනා…”

චනුක ලොකු හුස්මක් අරන් වාතයට මුදා හැරියෙ මගේ හිතේ කුතුහලය තවත් අවුස්සමින්..

“ඉටපස්සෙ අපිට මතක් උනේ බුවනෙකවයි,මිනුරවයි… අපි ඉක්මනින් ගියේ ඩෙවෝන්ගෙ ගෙදරට… අංකල්ව දැක්ක වෙලේ ඉදන් මට ඒ මනුස්සයා ගැන ඇති උනේ මරන්න තරම් කේන්තියක්… මේ ගෙදර ඉන්න එක තවත් අනතුරු දායකයි කියලා දැනුන නිසාම අපි අවශ්‍ය කරන බඩුත් අරන් ඒ ගෙදරින් පිටවෙන්න තීරණය කලා… හැමදේම කෙටියෙන්ම අපි ඒ දෙන්නට පැහැදිලි කරලා ගෙදරින් පිටත් උනා… යන්න තැනක් තිබ්බෙත් නෑ… අනිත් එක බුවනෙකව ඉකමනට හොද කරගන්නත් ඕනිනෙ.. ඌට වෙලාවට බෙහෙත් ටික දෙන්නත් ඕනි නිසා අපි කෑම කන්න කඩේකට ගියා…”

සලිත කියෝගෙන කියෝගෙන ගිහින් වතුර වීදුරුවත් එක හුස්මට බීගෙන ගිහින් හෙන සද්දෙට වීදුර ස්ටූල් එක උඩින් තිබ්බා…

ඒ සැනින් තේරුනා මට මූ ඉන්නේ හෙනම කේන්තියෙන් කියලා.. ඇස් දෙකත් ලොවි ගෙඩි දෙක වගේ රතුවෙලා.. අම්මෝ.. මූ මෙච්චර කේන්තියෙන් ඉන්නව දැක්කමයි…

ඌව සන්සුන් කරනගමන් මෙච්චරවෙලා පැත්තකට වෙලා හිටපු මිනුර කතා කරන්න පටන්ගත්තා..

“ආයි තෝ ඔහොම ගොන් වැඩක් කරලා තිබ්බොත් උඹ මුලින්ම ගුටිකන්නෙ මගෙන් දේව්… අහක යන කුණුගොඩක්නෙ මේ උඹ ඇගේ ගාගන්නෙ… හොදයි කියලා ඔච්චර හොද වෙන්න එපා බං.. උඹ වගේ හැමෝම හොද නෑ… උඹම ඇස් දෙකින් දැක්කනේ අර මනුස්සයා හොද මූණ පෙන්නගෙන නටපු නාඩගම…”

මිනුරටත් කේන්ති ගිහින් මට බනිනවා… ඇත්ත.. මගෙයි වැරද්ද.. මං මේ කිසිම දෙයක් හොයලා බැලුවේ නෑ.. ඒ මනුස්සයගෙ වචන ටික විශ්වාස කරලා මං උඩ්ගව් කරන්න තීරණය කරපු එකනම් මං කරපු ලොකුම ගොං වැඩක්…

“දැන් කරන්න දෙයක් නෑනේ මචං.. වෙච්ච දේ උනා… දැන් අපිත් මේ game එකේ අයිතිකාරයෝ වෙලා නිකංම… දැන් මේකේන් පැනලා යන්න බෑ.. උඹලා දිගටම මාත් එක්ක ඉන්නවද?”

“උඹත් එක්ක අපි හැමෝම ඉන්නවා.. ඒත් ආයි දෙයක් කරන්න කලින් හිතින් නෙවෙයි.. මොලෙන් හිතපන්…”

“හරි බං… මං දන්නවා උඹලා මාත් එක්ක ඉන්නවා කියලා.. උඹලා සේරමන්ලා මට යාලුවෝ නෙවෙයි.. සහෝදරයෝ..”

“කතාව කියපන්කෝ බං… මං මේ ආසාවෙන් අහන් ඉන්නේ…”

බුවනෙක පැත්තක ඉදන් බෙරිහන් දෙනවා… ඒ ගමන ඩෙවෝන් හඩ අවදි කලා..

“අපි බෑගුත් උස්සගෙන ඉද්දි අපි කන්න ගිහිපු කඩේ අංකල් ඇහුවා කොහෙද යන්නෙ කියලා.. කටට ආවේ එක බොරුවයි… ඒක කියලා දැම්මා…”

“මොකද්ද බං බොරුව..”

“මං කිවුවා රට ඉදන් එනගමන් කියලා.. ඉන්න තැනක් හොයනගමන් ඉන්නෙ කියලා.. මං english වලින්ම කියලා දැම්මා.. මං හිතන්නෙ ඒ කඩේ අංකල්ට ඒක වැඩිය තේරුනෙ නෑ.. ඒ ගමන චනුකයා විස්තරේ සිංහලෙන් කිවුවාම ඒ අංකල් සිරික්කියකුත් දාගෙන ඇවිත් අපිට මේ තැන ගැන කිවුවා… අපිටත් ඕනි වෙලා තිබ්බෙ ඉන්න තැනක්නේ.. මොන තූත්ති කුඩියෙ උනත් කමක් නෑ කියලා අපි එකපයින් කැමති උනා..”

“උඹලට ඒ කඩේ එකාව sure ද?”

“ඇයි දේව් එහෙම අහන්නේ?”

“මට නිකන් පොඩි සැකයක් වගේ එකක් ආවා.. එකයි.. උඹලට sure නම් මට ප්‍රශ්නයක් නෑ…”

“මටනම් එහෙම අවුලක් පෙනුනෙ නෑ බං.. අනික අපිට වෙන විකල්පයක් තිබ්බෙත් නෑ… ප්‍රශ්නයක් වෙන එකක් නෑ මචං..”

” එහෙනම් අවුලක් නෑ.. දැන් කියපන් උඹලා මං msg දැම්ම ගමන් කොහොමද එතන හිටියෙ කියලා..”

“උඹ අරහෙ ඉද්දි අපිට මෙහෙට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන් කියලා හිතුවද උඹ? අපි මේ ගෙදරට ආපු ගමන් කල්පනා කලේ උඹ කොහේ ඇද්ද කියලා… ඒත් තැනක් දන්නෙ නෑ කියලා බලාගෙන ඉන්න බැරිම තැන අපි අපේ මේ game එක්ට අදාල තැන චෙක් කරනවා කියලා හිතාගත්තා…

බුවනෙකටයි,මිනුරටයි ඉන්න කියලා මායි,ඩෙවෝනුයි,සලිතයි ආයි ආවා… අපිට පොඩි සැකයක් ආවා අර මනුස්සයා එක්ක හිටපු අනිත් එවුවෝ ටික සිංගගෙ කට්ටිය වෙන්නැති කියලා… ඒක නිසම අපි එහෙට යන්න තීරණය කලා… 7 කණුව කිට්ටුව ඉද්දි තමා උඹගෙ msg එක ආවේ…”

“වෙලාවට එහෙනම් මං msg එක දැම්මෙ නේද…”

“ඔව් බං.. සමහර විට උඹ msg එකක් නොදැම්මනම් අපි ආයි යන්නත් තිබ්බා.. මොකද හරියටම උඹ එතන කියලා නොදැන අපිත් ඇතුල්ට ගිහිම් අරුන්ට මාට්ටු උනානම් අපිව බේරගන්න එකෙක්වත් නෑනේ…”

“ඒක ඇත්ත… ඉරපස්සෙ ඉතිං මොකද උනේ??”

“උඹගේ msg එක දැක්කහම අපිට පොඩි සැකයකුත් ආවා මේක අර අංකල්කාරයගෙ වැඩක්දෝ කියලා… ඌ අපිව අල්ලගන්න msg එකක් එවුවද දන්නෙ නෑනේ… ඒත් ඉතිං එහෙම හිත හිත නොයා ඉන්නත් බෑනේ.. බැරිවෙලාවත් ඒ msg එක දැම්මෙ උඹනම් එහෙම… ඒක නිසා ඕනි එකක් වෙච්චාවේ කියලා අපි ඇතුලට පැනගත්තා.. ඉස්සරහට එන හැම එකාටම පුලු පුලුවන් විදිගට ගහල තමා උඹව හොයාගෙන ආවේ…”

“මට ප්‍රශ්නයක් තියෙනවා බං…. එහෙම උනේ කොහොමද කියලා හිතාගන්න බෑ…”

❤️❤️❤️

දේව්ට තියෙන ප්‍රශ්නෙ මොකක් වෙන්නැද්ද… කෝ කියමු බලන්න.. කතාව අවදානෙන් කියෙවුවනම් ඔයාලටත් ඒ ප්‍රශ්නෙම එන්නැති…

හෙට ඉතුරු කොටස අරන් එන්නම්…

බුදු සරණයි…

මං,
✴️Nawanjana✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 27 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුරරචක”

  1. Hi දේව්ට තියෙන ප්‍රශ්නෙ තමයි අර කාමරේ දෙව්ගෙ ෆොටෝ එකක් තිබ්බෙ කොහොමද කියන එක….මං ඔයාගෙ කතාවට හරිම ආසයි අනේ ලස්සන කතාවක් මං හැමදාම කියවනව…?????????

  2. Chathu indeewaree

    දැන්නම් කතාව නොහිතන පැත්තකට යන්නේ… අනේ මන්දා ස්වීටි මොනා වෙයිද කියලා. පහුගිය දවස් ටිකේ කමෙන්ට් දාන්න බැරිවුණාට සොරි හොඳේ. ඒත් ඉතින් රේට් කළා මම. බුදු සරණයි මැණිකෝ. 30න් පස්සේ දිගගගගගගගගග එපිසොඩ් දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ ඔන්න ඔයා හොඳද? අමතක කරන්න එපා.ඕක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.