Katha Ahura

පරවී | අසූ හතරවන කොටස | නවකතා

4.7/5 - (20 votes)

පරවී

මොනවාද මේ වෙන්නේ … මන් උඩ බිම බැලුවේ ඒ මනුස්සයා කිව්ව කතාව තේරුම් ගන්න ..රැන්ඩි අයියා තවමත් ඒ මනුස්සයා දිහා බලාගෙන

වරෙල්ලා යන්න …

ඒ කලු මනුස්සයා … අනිත් අයට අතින් සන් කරලා එලියට බැහැලා ආයම හැරිලා බැලුවේ රකුසු මූනකින් … මන් ඇත්තටම හොදටම බය වෙලා හිටියේ .. මන් රැ ඩි අයියාට තව තවත් හිර උනේ මාව ඒ මනුස්සයන්ගේ ඇස් වලට වත් නොගැටි බේරෙන්න

තවම ඉවර නෑ බොසා …
පරිස්ස්මින් හිටපන් …

දොරකඩට වෙලා .. ආයෙම තර්ජනාතමකව එහෙම කියලා ..උන් ඔක්කොම වාහනේ යන්න ගියා … රැන්ඩි අයියාගේ .. අත වෙවුලනවා මට දැනුනා

මන් තවමත් වෙවුලුවේ . වුන දේ වත් හිතාගන්න බැරුව …
උඩුකය තවම නිරුවත්ව ඉන්න රැන්ඩි අයියාගේ පපුවට .. මම තාම තද වෙලා …. ඒ පපුවේ ගැස්ම ඕනවටත් වඩා වැඩී කියලයී මට හිතුනේ …

ශිට් ….
දත් මිටි කාගෙනම රැන්ඩි අයියා කෑගැහුවා…

මට කාමරේදී කෑගහපූ රැන්ඩි අයියාගේ මූන එහෙමම වෙනස් වෙලා .කවුද ඒ මිනිස්සු …ඇයි මෙහෙටත් ආවේ … ..
මට මේකේ ඇත්ත දැන ගන්න ඕනේ …
මට තවත් ඉවසන්න … බෑ …

මන්. රැන්ඩි අයියාගේ ග්‍රහනයෙන් මිදෙන්න දැගලුවා …

ඒත් ඒ ග්‍රහනය දෑඩි උනා මිසක් … ලිහිල් උනේ නෑ …

ඇයී …..

යන්න දෙන්න මට …

ඉන්නවා ඔහොම ..

බෑ යන්න දෙන්න …

ඉන්නවා කිව්වානේ …

රැන්ඩි අයියාට කේන්ති ගිහින් හොදටම ඒත් මට ඒක වගක් තිබ්බේ නෑ … කැම්පස් එකේදී මාව බය කරපු මිනිස්සූ … මෙහෙට ආවේ ඇයී කියන අලුත් ප්‍රශ්නේ මගේ ඔලුවට ආවේ ..

බොරු කාරයෝ එක්ක මට තවත් ඉන්න ඕනේ නෑ …

මන් රැන්ඩි අයියාගේ බාහුවල හිරවෙලා ඉද්දීම කිව්වා ..

කවුද … බොරු කිව්වේ …

කිසිම දෙයක් නොදන්න ගානට රැන්ඩි අයියා කිව්වේ .. මට කේන්තියක් දැනුනේ …

මම බොරු කිව්වේ මම රැවැට්ටුවේ .. මමයී ඔක්කොම කලේ දෙයියනේ … ඇයී මාව මැරිලා වත් යන්නේ නැත්තේ … අප්පච්චී මාව ඉන්න තැනකට ගන්නකෝ ..මට බෑ තවත් ජීව්ත් වෙන්න … …

මගේ පපුවේ දෝංකාරය විලාපයක් උනේ .. හරී ඉකමනට … කිසිම දෙයක්. නොතේරෙනවා වගේ හිටපු
රැන්ඩි අයියාගේ ග්‍රහනය ඉබේටම ලිහිල් වෙලා … මාව එයාගේ පැත්තට ඇදලා ගත්තේ හරී ඉකමනට …
මන් එයාගේ මූනේ ගෑවෙන නොගෑවෙන තරම් … මගේ ඇස්. වල. කදුලු … එක දිගට මූන දිගේ පේරෙද්දී. මට තවත් ඒක පාලනය කරගන්න බැරි උනා …

සු….ද්….දී ….

අනේහ්හ් … රැන්ඩි අයියා මාව පපුවට තුරුල් කරගත්තේ මගේ කදුල් එයාගේ පපුවට … තුරුල් කරන්න වෙන්නැතී…

සොරී… ම…ට … තරහා ගියා …

මාව රැන්ඩි අයියා පපුවට හයියෙන් තුරුල් කරගෙන … මාව සනසවන්න උත්සහ කලා .. පැටලිලා තියෙන මගේ ජීවිතේ ට මොන විදියෙන්වත් සැනසීමක් නෑ …

මන් ගන්න ඕන තීරනයවත් මට තේරෙන්නෙ නෑ .. මට අඩනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ … තව ..

කෝ සුද්දී. දෑන් ඇතී නේ … මන් කැමතී නෑ ඔයා අඩනවාට …

ඇයී හැමදේම මට හන්ගන්නේ .. මොකද්ද. ඔච්චර ..මන් පොඩි ලමයෙක් ද .. ඇයී මේ දේවල් මෙහෙම වෙන්නේ … ඇයී ඇයී මට මෙච්චර දුක් දෙන්නේ ..මොන පව්කාර කමක් කලාටද අයියේ …

මන් එක දිගට කියෝගෙන කියෝගෙන ගියා …
මන් කෑගහල කෑගහලා බැරිම තැන රැන්ඩි අයියාගේ පපුවට ගහගෙන ගියේ වේදනාවෙන්මයී …

නවත්තන්න සුද්දී මුරන්ඩු වෙන්න එපා …

මට ඇත්ත කියන්න … ඇයී ඒ මිනිස්සු මන් පස්සේ එන්නේ … ඇයී ඔයා පස්සේ එන්නේ …

මන් රැන්ඩි අයියාගෙන් ඈත් වෙලා අඩ අඩම කෑගහා ඇහුවා …

තවත් මට එතන ඉන්න බැරි නිසාම ….
මන් කාමරේට ගිහින් හයියෙන්ම දොර වැහුවා … .. තවත් දුක් විදින්න බෑ …
එච්චරයි. මට හිතුනේ

❤️

දින ගෙවුනේ සතියකුත් ඉකුත් වෙලා … රැන්ඩි අයියාත් එක්කම .. අම්මයී මායී හිටපු ගෙදර … හිටියේ … ගෙදරට …නිතරම වගේ කලුව අයියයී .. රිකී අයියායී ආවත් රැන්ඩි අයියා ඒ අය එක්ක ගොඩක් වෙලාවට හිටියේ එලියෙමයී …
සතියටම රැන්ඩි අයියාගේ බලේ නිසාම … ලෙක්චර්ස් ගියෙ එකම එක දවසයී .. හේශීව මුන ගැහුනත් ..මන් කතා නොකරම හිටපු නිසා හේශී මට වද කලේ නෑ .කතාකරන්න … …මට දුක නොහිතුනාම නෙමේ ඒත් … හැමෝම. මගෙන් තවත් දේවල් හන්ගද්දී මන් මේ ලෝකෙන්ම ඈත් වෙලා ඉන්න තීරනය කලා …

රැන්ඩියා …

රිකී අයියාගේ කට හඩට මන් ඇහැරුනේ …
මන් ඉකමන්ට ලග තිබ්බ ෆෝන් එකෙන් වෙලාව බැලුවා …
අටයී විස්සයී …

කාමරේ ට හොදටම එලිය වැටිලා …
මන් ඉකමනට … ජනේලේ තිර එහා මෙහා කරලා බැලුවේ මිදුල දිහා …වැස්සක පෙර නිමිති තිබ්බේ වටෙටම … අහස කලුකරලා …… ඒත් මගේ හිත කිව්වේ .. කැම්පස් එකට යන්නම කියලා .වෙනදට අකමැත්තෙන් කැම්පස් එකට ගිය මම අද. කැමැත්තෙන්ම යන්න හදනවා …රැන්ඩි අයියාට පුදුම හිතෙයී … වෙනදට ..යන්න වද කරන රැන්ඩි අයියා … අද සද්දයක්වත් නෑ … සමහර විට රිකී අයියා ආපු නිසා වෙන්නැතී … … ගෙදර ඉන්නවත් හිත් නොදුන්නේ .. රැන්ඩි අයියා ගෙදර ඉන්න නිසා .කොහෙද යන්නේ කියලාවත් අහන්නේ නැතී මට රැන්ඩි අයියා කොහෙ ගියත් එච්චර ගනන් ගත්ත්‍රෙ නෑ මම … එයා එක්ක මේ සතියම මගේ ලොකු කතාවක් තිබ්බේ නෑ … රැන්ඩි අයියා කතාකරන්න කීප පාරක්ම ආවත් … මන් ඒ හැමවෙලේම මගෑරියේ … කාගෙවත් බොරු අහන්න මගේ හිත තවත් සූ දානම් නැති නිසා…

මන් ටවල් එකත් අරගෙන සාලෙට ඇවිත් බැලුවේ සාලේ ඉන්නේ කවුද බලන්නත් එක්කමයී .. එත් පේන තැනක .. රෑන්ඩි අයියා නොහිටිය නිසා ..මන් එහෙමම බාත් රූම් එකට රින්ගුවා . ලාවට ඇහෙන රිකි අයියාගෙයී රැන්ඩි අයියාගෙයී කතාවට මන් කන් දෙන්න ගියේ නෑ …

මන් ඉකමනට ම ඇවිත් ..පුරුදු විදියටම ඇදගත්තා … තනිකරලට කොන්ඩේ ගෙතුවේ ..පිලිවෙලකට .. තනි පැත්තට තිබ්බ බෑග් එකත් අරගෙන ..මන් කාමරෙන් එලියට ආවේ … රැන්ඩි අයියා එක්ක නොයා තනියමම යන්න හිතාගෙන …
මගේ වෙලාවටද මන්දා … රැන්ඩි අයියා රිකී අයියා එක්ක තවම කාමරේ …
මන් ඒ හින්දා කතා නොකරම එලියට බැස්සා…

සුද්දී ….

මන් පඩියෙන් අඩිය තියනවත් එක්කම … මට ඇහුනේ රැන්ඩි අයියාගේ කටහඩ … …

මාව ඉබේටම නතර උනේ … ඒ කට හඩේ සැරට …

මන් පිටිපස්ස හැරෙන්නෙ නැතුවම. පඩියේ නැවතුන තැනම හිටියා …

මට හීන් අඩි සද්දෙත් එක්ක …ඇහුනේ … රැන්ඩි අයියා ලගට එනව කියලා …

කොහෙද හිතුවක්කාර කමට යන්නේ …

මන් උත්තර නොදීම හිටියා …

කී දවසක් ඔහොම ඉන්නද කල්පනාව ආහ් … කතාකරන්න මාත් එක්ක ..

මන් ඇහුනේ නැතී ගානට ඉදලා ආයෙම යන්න හදද්දී රැන්ඩි අයියා මගේ අතින් හිර කරගත්තේ … මට රිදෙද්දීමයී …

මාව මිනිමරුවෙක් කරගන්නද හදන්නේ …සුද්දි …බලනවා මන් දිහා …

රැන්ඩි අයියා මගේ මූනෙන් අල්ලලා එයා පැත්ත හරවගනිද්දී මට හොදටම. රිදුනා … මන් ඒ අත අයින් කරන්න හැදුවත් .. එයා අත අයින් කලේ නෑ …

මගේ ඇස් වලට කදුලු පිරුනෙ ඉබේටමයී …

රැන්ඩි අයියාගේ කෑගැහිල්ලට රිකි අයියාත් සාලෙට දුවගෙන ආවා …
එහෙමම අපේ පැත්තට එද්දී මන් ඉබේටම ..බිම බලාගත්තා …

මන් ගිහින් එන්නම් මචන් …

රිකී අයියා … රැන්ඩි අයියාගේ පිටට තට්ටුවක් දාලා රැන්ඩි අයියාගෙන් උත්තරයක් ලැබෙන්න කලින් … එයා යන්න ගියා ….

එනවා ගෙට …
සුද්දී .. එක්කෝ අපී එකට ඉන්නව නැත්තනම් මැරෙනවා … එච්චරයි…

රිකී අයියා ගේට් එකෙන් යනවත් එක්කම රැන්ඩි අයියා මාව ගේ ඇතුලට ඇද්දේ මන් හිතන්නත් කලින් …

අ…හ්. අතාරින්න .. රිදෙනවා …

මන් වේදනාවෙව් බැරිම තැනදී කිව්වා …

ඒත් රැන්ඩි. අයියා ගානක් වත් නැතුව මාව පුටුවට තල්ලු කරලා හයියෙන් දොර වැහුවේ කේන්තියෙන් .. ඒ ඇස් ගොරක මද තරමට රතු වෙලා …

මාව එයා දොර වහලා ඇදගෙන ගියේ එයාගේ කාමරේට …
මට එයාව පාලනය කරන්න බැරි තරම්

බලපන් … උබට මගේ වේදනාව තේරෙන්නේ නැද්ද නන්ගී …

රැන්ඩි අයියා මාව ඇදට විසිකරලා කිව්වේ …

ඒ ඇස් වල කදුලු පිරිලා ..
රැන්ඩි අයියා … එතන තිබ්බ අල්මාරිය. ඇද්දේ පිස්සෙක් වගේ… …. මට නොදෑනිම කදුලු ආවේ ඇයී කියන්න දන්නේ නෑ මම … එයා ඇතුලේ තිබ්බ ඔක්කොම රෙදි බිමට දාලා .. ෆයිල් එකක කොල පෙරලලා අතට ගත්තේ .. ලැමිනේට් කරපූ කොලයක්…

ඒක අරගෙන එයා බැලුවේ මන් දිහා …

බලනවා මන් දිහා …

මගේ මූන උස්සලා එයාගේ පැත්තට හරෝ ගත්තේ විදුලී වේගෙකින් …

මන් බැලුවා .. එයාගේ අතේ තිබ්බ … කොලේ දිහා ….

එයාගේ අතේ තිබ්බේ … මන් හීනෙකින් වත් හිතපු දෙයක් නෙමෙ…

මේ කොලේට එහා …දෙයක් මට උබ දෙන්නේ නැද්ද සුද්දී … දෙන්නේ නැ….ද්…..ද කි….ය….ප….න් …

රැන්ඩි අයියාගේ වෙදනාව ඒ හැමවචනෙකම තිබ්බා … මගේ අත මුවට ගියේ ඉබේටමයී …

එහෙනම් ඒ හැමදේම ඇත්ත …
රැන්ඩි අයියාගේ නීත්‍යානුකූල බීරිද …
කවද්ද …කොහෙදිද … ඇයි එහෙම උනේ ..

මන් හිතින් විදෙව්වා ඒ ප්‍රශ්න එක්ක ….

මට උබව නීතියෙන් අයිති වෙලා මොකටද …උබේ හිත මන් ලග නැත්නම් … මන් උබට යන්න දුන්නා …
ඒක නෑ කියන්න උබට බෑ නන්ගී …

ඇයී එහෙනම් මෙහෙම දුක් දෙන්නේ මට …

දීපන් උත්තර මට … මේ කොලේට සීමාවෙච්ච උබට පොඩි හරී දුකක් තියෙනවා නම්. කතාකරපන් නන්ගී …

රැන්ඩි අයියා කේන්තියෙන් පුපුරන ගමන් දුකින් කෑගැහුවේ … මට ඇඩුනා හොදටම … මන් මූනෙන් අත් දෙක වහ ගත්තේ ..මට තවත් ඒ දේවල් බලන් ඉන්න බැරි නිසා …

රැන්ඩි අයියා එකපාරම මාව බදාගත්තා .. බදාගෙන දෙන්නම ඇඩුවේ තරගෙට .. ඒ පපුව ගැහෙනවා හෝ ගාලා මගේ පපුවත් දෙවෙනී නෑ …

මට…. ස….මා..වෙ…න්….න … සු…ද්…දී….
මට රිද්දන්න ඕනේ නෑ ඔයාව …

රැන්ඩි අයියාගේ හඩ බාල උනා …

රැන්ඩි අයියා මාව බදාගෙන මම අඩන එක නවත්තනන එක එක හේතු මට පැහැදිලි කරනවා … ..

එකපාර මන්. එයාගෙන් ඇහුවේ හිතේ තියෙන ප්‍රශ්නේ

කෝ චායා ගේ දරුවා …
කෝ චායා …

ඇයී ඔයා එයා ලගට නොයා විදවන්නේ …
ඇයී මාව මෙහෙම රිද්දන්නේ …
ඇයී මාව බැන්දේ … ඇයී එහෙම කලේ … කවද්ද අයියේ

මන් එක දිගටම ඒ ප්‍රශ්න ටික ඇහුවේ රැන්ඩි අයියාගෙන්…

රැන්ඩි අයියා ටික වෙලාවකට නිස්සද්ද උනා …
ඒ හැමදේටම උත්තර දෙන්නම් … නන්ගී …

ඔයාට ඊට පස්සේ ඕනේනම් මාව දාලා යන්න පුලුවන් …
අපි දෙන්නම මෙහෙම විදවන්න ඕනේ නෑ නන්ගී …
මන් ඔයාට ආදරේ කලාට .. ඔයා මට ආදරෙ නැත්නම් ..ඔයාට මේ ජීවිතෙන් යන්න දෙන්න ඕනේ මම …

ඊලග කොටසට …

❤️❤️

දිග කමෙන්ට් වලට දිග කොටස් සහ බෝනස් කොටස් ලබා දෙන බව කරුනාවෙන් සලකන්න …
ඒ කමෙන්ට් වලට ඇඩ්මින් මල්ලී තෑගි දෙන බව ඊට වඩා සලකන්න …
???? හෙට එන්නම් එහෙනම් …කොටාගෙන යන්නකෝ එහෙනම් …

❤️ පියුමි සේනාදී ❤️

11 thoughts on “පරවී | අසූ හතරවන කොටස | නවකතා”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    ම්ම්… දිග කමෙන්ට් දාන්න නෝ ටයිම් අක්කියෝ අද නම් … එත් කමෙන්ට් එකක් නොදා පිට පාරෙ යන්න හිත ඉඩ දෙන්නෙ නෑ .. ගියාකියල මට පාඩම් කරන්නත් බෑ … ඊලග කොටස් මෙහෙම් වෙයි මෙහෙම් වෙයි කියලා හිත් ඇතුකෙ තර්ක කරනවා .. හරියටම බලන් යද්දි ඔයාගෙ කතාව ගැන අනුමාන කරනවට වඩ අකවුන්ට්ස් වල ගනන් හදනඑක මටලේසියි වගේ අක්කියෝ .. හෙටකොටස් දෙකක් දාන්න හොදේ … ආදරෙයි ඔයාට වගේම පරවිට ගොඩාරියක් … මන් හැමදාම ඔයාට ආදරයකරන ? සිහින සිත්තරාවී?

    ??????කතාව එල කිරි සුදුඅක්කියෝ …????????

  2. පාරො ඇයි අනේ රැන්ඩිට එහෙම කරන්නෙ? අනේ මන්ද… පාරොත් පව්… රැන්ඩි අයියත් පව්…. තිසු අයිය නං හිතාගන්න බෑ. තිසූ අයිය ඔච්චර බොරුවක් කරලත් ඇයි තවම පාරො එයා ගැන හිතන්නෙ?
    කතාව කියවන්නෙ පිස්සුවෙන් වගේ dr….ඔයාගෙ වැඩ ටික හොඳින් කරගන්න ගමන් දිග කොටස්+ bonus කොටසුත් දෙන්න….
    Good Luck!

  3. Nirosha Lakmali

    අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා මට පිස්සු හැදෙයි වගේ. ඔයා නම් මාරම මාරයි. සුපිරියි කතාව. මටත් ඇඩෙනවා. දෙපාරක් තුන්පාරක් කියවනවා මං. අනේ රැන්ඩ් අයියා පාරෝට හැමදේම කිව්වට පස්සේ පාරෝත් රැන්ඩි අයියට ආදරේ කරයි. ඒ දෙන්නව වෙන් කරන්න එපා. ප්ලීස්. Wish your all the best……. ?????

  4. අයියෝ අක්කි මට නම් තේරුම් ගන්නම බෑ…….මොකක්ද මේ වෙන්නේ පාරෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ රැන්ඩි අයියා පස්සෙන් අරුන් එන්නේ රැපා රැන්ඩි අයියව පාවා දීලවත්ද ………මට හිතාගන්න බෑ………

    අනේ ඇඩ්මින් අයියේ මේ කතාවල ?️ බලන අය කොච්චරක්ද කියලා හැම කතාවකම දාන්නකෝ……….එතකොට අඩු වැඩි වන රේට් ගාන ගැන කිසි කෙනෙක් දුක් වෙන්නෙ නැති වෙයි…..ඇත්තටම කතුවරයෙක් ගොඩක්ම උනන්දු වෙන්නෙ තමන්ගෙ කතාව කී දෙනෙක් කියවනවද කියන එක ගැන ඇප් එකේ ගොඩක් අය කතා කියෙව්වට රේට් කරන්නෙවත් කමෙන්ට් කරන්නෙවත් නෑ….එතකොට කතුවරයට හිතාගන්න බෑ එක පාරම රේට් ඉහල පහල යන හේතුව…………මං හිතනවා මගෙ අදහසට හැමෝම ගොඩක් කැමති ඇති කියලා ……….. ප්ලීස් මගෙ ඉල්ලීම සලකා බලන්න……….?

    ඇත්තටම ප්‍රශ්න පත්තරේ ලිහාගන එද්දී ආයේම ප්‍රශ්නයක් ඔලුවට වැටෙනවනේ ඇයි පියුමි අක්කේ ඒම කරන්නෙ ඔයා……….ඒම කරලා ඔයා සතුටින් ඉන්නකෝ හොදේ……………..අපි ඉතින් බස්සෝ වගේ දවස් දෙතුන් පාර මනෝ ගහගන ඉදල මොකක් හරි වෙනවා එක්කෝ……??? අනේ මේ ප්‍රශ්න ටික ඉකමනින් විසදන්නකෝ…..එහෙමයි කියලා කතාව ඉක්මනින් ඉවර කරන්න එපා අක්කෝ…………??? ලස්සන අවසානයක් ඕනි අපිට…………???

  5. ලිහා ගෙන එද්දි නූල් බෝලෙ ආයෙ පැටලෙනවා.
    මේ අහිංසක අපි පව් නැද්ද අක්කියෝ .
    පාරෝත් පව් රැන්ඩි අයියාත් පව් අපිත් පව්.
    කතාවේ මොකක්ද වෙන්නෙ කියලා හිතලයි බලන් ඉදලයි මගේ ඉවසීම නම් ප්‍රගුණ වෙලා.
    ඒත් කතාව ගැන හිතෙන එක නවත්ත ගන්න බැහැ අක්කියෝ .
    මම කතාව දැම්මාම දහ සැරයක් විතර කියවනවා.
    ඒ තරමටම මම මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ.
    හෙට බෝනස් කොටසක් දාන්න සුදු අක්කියෝ .
    මම පරවිටත් ගොඩක් ආදරෙයි. ඔයාටත් ගොඩාක් ආදරෙයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .
    ?????????

  6. Thilini chandrasiri

    Oya apiw kchchr atharaman krnwd kynne…pdm krnn gyt mkk weid kyl htpu gmn klpna wnw…..aiyooo unt rendi aiya nrk knknm krnn epaa akkoooo….pin oyt…….chaya merilwtd…???…ane mnd…..klpn krnnt dyk tynn onine…..ktw lssni….gdk…………..❤?

  7. Buddhika subhashini

    අම්මෝ මේ ප්‍රශ්න වලට අපිට කවද්ද answers දෙන්නේ අක්කී??? අනේ කතාව ලස්සනයි අක්කි.ඒත් රැන්ඩි අයියායි පාරමීයි වෙන් කරන්න නම් එපා අක්කී..??????? good luck අක්කි

  8. H.M.V.kalpani

    අනේ අක්කේ ඇයි අපිව මෙහෙම ශොක් කරන්නේ අනේ කතාව හොදට තේරුම් අරන් එද්දී ඔයා අපිව පිස්සු වට්ටනවානේ අක්කියෝ………අනේ පරවි රැන්ඩි අය්යගේ ඇත්ත දැනගෙන එයාගේ ආදරේ තේරුම් අරන් සතුටින් ඉන්න ඕනි අක්කි…..අනේ ඊයේ මට කතාව දාපු වෙලාවේ කියවන්න බැරි උනා සොරි අක්කේ …..මං ආසම පරවි කියවන්න කතාව දානකම් ඉවසිල්ලක් නැ මට…??????අදත් කතාව දාන්න බොනස් කොටසක් එක්කම….සුබ පැතුම් අක්කේ ??????

  9. kasuni chamalka

    දිග එකක්ද.. එහෙනම් මෙන්න..

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

    පට්ට

  10. Nirosha Lakmali

    අනේ ඉක්මනට කතාව දාන්නකෝ… ඇස් රිදෙනකම් බලන් ඉන්නවා පරවි කතාව කියවන්න… ඔයාගේ වැඩත් කරගෙන කතාවත් ඉක්මනට දාන්න හොදද. ?????????Good Luck…..????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.