Katha Ahura

?අප්සරාවී?|පනස් එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් එක්වන දිගහැරුම //

දගලන්න එපා මැට්ටියේ …

අර උඩැක්කිය ඇවිත් ඇහෙන්නැද්ද කන් … ඒක ආවොත් එහෙම මෙතන එක දෙක කරයි …

අ ……… යින් වෙන්නකෝ ……..

කෙල්ල රහසින් වගේ කියන දේ කොල්ලා අහන් හිටියෙ හිනාව තද කරන් .. මොකද කොල්ලා දන්නවා දොර ලොක් කරලා තියෙන්නෙ කියලා .. ඒත් කෙල්ල මේ ගැන වගේ වගක් දන්නෙ නැති හින්දා හිතේ තියෙන බය එක දෙක වෙලා තියෙන්නෙ දැන් …

බේබි අනවසරයෙන්ම කෙල්ලගෙ දෙතොල් වලට බර වුනේ කෙල්ලගෙ කතාව නවත්තන්න හිතා ගෙන … ඒත් කෙල්ලව මෙල්ල කරන එක ඒ තරම්ම ලේසි වැඩක් වුනේ නැ …. මදූ ඒ දෙතොල් වල පහසින් මිදී ආයිමත් සැරයක් කතා කරන්න් පටන් ගත්තා .. හැබැයි ඒ සැරේ නම් බේබිට ඇත්තටම් තද වුනා ….

එ… හා …ට ය ………

තමුසෙ කට වහ ගෙන ඉන්නවද මගෙ යකා අවුස්සන්න නැතුව ..

මන් මේ කියන අන්තිම වතාව … හරිද …

බේබිගෙ ඇස් දෙක රතුවෙලා ගිහින් කේන්තියටම … ඒ ඇස් දැක්කම කෙල්ලගෙ කට නිකන්ම වැහිලා ගියා …

යකෙක්ද මන්ද … මැණිකෙවත් කාමරයට ආවොත් කියලා මෙයාට තේරෙන්නැති හැටි … එයාට නම් මොකද …. මටනෙ අහගන්න වෙන්නෙ එතකොට හොදට ලුනු ඇඹුල් ඇතුව …

එයා ඉදියි ඊට පස්සෙ බලා ගෙන ….. ඊට වඩ අර රට උඩැක්කියත් ඉදියි හොල්ල හොල්ල ඒකිගෙ බෙලි මල්ල … අන්තිමට් ඉතින් හැමෝම කියන්නෙ බේබිව මන් අල්ල ගත්තා කියලනෙ … මෙයාව අල්ල ගන්න වැඩේමයි බලන් යද්දි ….

ඇත්තමයි මේකිගෙ තියෙන මුරණ්ඩුකම …

කියන දෙයක් එක ඩිංගක්වත් අහන්නෑනෙ ..

ඉදපියකො මන් කරන්න හොද වැඩක් … මැට්ටි ..

මට බනින්න බැරුව වෙන්න ඇති හිතින් බැන බැන ඉන්නෙ ….

ආන්ටි … මේකද කියන්නකෝ අනේ …

ආ .. නෑ .. නෑ … දූ මේක නෙවෙයි …

මන් බැලූවෙ මේ දොර ලොක් කරලා ට්තියෙන් නිසා පොඩ්ඩක් …

මන් හිතන්නෙ එලියෙන්මයි ලොක් කරලා තියෙන්නෙ …

නැත්තන් අර කෙල්ල මගෙ පුතාව මේක ඇතුලෙ දාගෙන ලොක් කරන් හිටියොත් එහෙම …

කියන්න් බෑනෙ ඔය පා@#@ වැඩ …. ඕකුන් වලවුවට කබුරන්නම ඉපදිච්ච වුන්නෙ ….

ගුඩ් ආන්ටි … servantsලට ඔහොම තමයි කරන්න ඕනි … තමන්ගෙ තරමෙ හැටියට ඉදිමෙන්න දැනගන්න ඕනි … you are so sweet aunty …..!!!

අපි යමු එහෙනම් දූ උයන්න …

මොකෝ ඉතින් ගෙදර වැඩ කරන්න ඉන්න එකීව මුන් හුරතල් කරනවනෙ තියාගෙන …

දූට පුලුවන්නෙ ඉතින් මට උදවු කරන්න … යමු දුව …

අපෙ පොඩීට කේන්ති ගියාට ඕක ටික වෙලාවයි …

තව ටිකකින් එයි දුවගෙන් සමාව ගන්න ..

කොල්ලා කැමති වෙනවා දුවට …

දුව වගේ ලස්සන් කෙනෙක්ට අකමැති වෙන්න තරම් අපේ කොල්ලා මෝඩයෙක් වෙයි කියලා මම නම් හිතන්නෑ …

ඕන් බලන්නකො මන් බොරුද කියන්නෙ කියලා ….

ටානියාගෙත් මැණිකෙගෙත් කට හඩ කෙමෙන් කෙමෙන් අඩු වී ගියා … බේබිහොද හුස්මක් අරගත්තෙ එතකොටයි …. කෙල්ලත් හිටියෙ එලොව ගිහින් මෙලොව ආවා වගේ … ඒත් කෙල්ලගෙ හිත දැන් නම් ටිකක් නොසන්සුන් .. ඒ වගේම ගොඩාක් පෑරිලා තිබ්බෙ …

ඇත්තටම මැණිකෙ කිව්ව විදියට වෙයිද … ඒ කෙල්ලට් බේබි කැමති උනොත් … ඔව් … බේබි කැමති වෙයි .. මන් වගේ හිගන කෙල්ලෙක්ට ආදරය කරලා බේබිගෙ මුලු ජීවිතකාලෙම විනාශ කර ගන්නෙ මොකටද …?? මන් වගේ පවුකාරියක්ව බේබිට කොහොමටවත් ගැලපෙන්නෑ … මන් ඉතින් ඇත්තටම වලවුවෙ වැඩ කරන කෙල්ලනෙ … ඕක මට හැමවෙලේම හැම කෙනාම අමුතුසෙන් මතක් කරලා දෙන්න ඕනි දෙයක් නෙවෙයි ….

ඒ … ඒත් මගේ කුලුදුල් ආදරේ .. මන් කොහොමද ඒ මතකය අමතක කරන්නෙ … මගෙ ජීවිතේට අයිති අහිමි වීම විතරක්මද … ඇයි … ඇයි මට කියල දෙයක් නැත්තෙ .. මේ ලෝකය මේ තරම් කුරිරු උනේ කොහොමද ….??

???????????????

හිමි වීම තරම් අහිමි වීම සොඳුරු නැත​..
එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය​…

සමුගැනීම උත්කර්ශවත් නැත​..

එහෙත් යලි හිමිවිමේ බලාපොරොත්තුව අතිශයින් අලංකාරය​…

හමුවීම හිමිවීම නොවුන ලෝකයක හිමිනොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි…

මියෙන තුරාවට මගේ වන්නට ප්‍රාර්ථනය කරන්නට හමු නොවුනාට
සසර පුරාම හිමි වීමට මා ප්‍රාර්ථන කරමි …

???????????????

හ්හ් ….ඒකි මුලු ඇගම පේන්න රෙදි අදන් හිටියා කියලා අම්මා හිතුවද දන්නෙ නැ මන් ඒ උඩැක්කියට කැමති වෙයි කියලා …

තුහ්ඃ විතරක් … අච්චර අහින්සක විදියට ඉදලා මාව රැවැට්ටුවා සයුරි ..

මේ ගෑනි මාව ඊටපස්සෙ කොහොම රවට්ටයිද දන්නෑ ..

අම්මට නම් මොකද …

අපිට අද රෑට වහද දන්නෙ නෑ කන්න වෙන්නෙ ….

ඕකි උයන ඒවා බල්ලෙකුටවත් කන්න පුලුවන් උනොත් ලොකු දෙයක් …

දුප්පත් මිනිස්සුන්ගෙන් මැරෙනකන් වැඩ අරගෙන සැපට හැදිලා ඉන්න් කටු කන බැල්ලියෝ ……

පවු මගෙ කෙල්ල …

ඒකත් දැන් ලෝකෙ ගැටලන්න කල්පන කරනවා ඇත්තෙ මන් අර කෙල්ලව බදියි කියලා වෙන්න ඇති …

කොච්චර නම් මට පිප්පුවත් මේකි පවු අප්පා …

ඒ හිතෙත් මන් වෙනුවෙන් ආදරේ ඉතිරෙනවා මගෙ හිතේ වගේම .. ඒක මට දැනෙනවා ….

ඔය අතරෙ මදූ බේබිවත් තල්ලු කරගෙන ඇදෙන් නැගිටින්නෙ අමතක වුන දෙයක් මතක් වෙලා වගේ … බේබි ඇදෙන් නොවැටි බේරුනේ අනූ නවයෙන් වගේ …. මදූ ඇදෙන් නැගිටලා දුවගෙන ගියේ කාමරේ දොර ගාවට …

ආ…..ව් කොහෙද මැට්ටියේ මාවත් තල්ලුකරන් දුවන්නෙ …

බේබි කෑ ගහගෙන නැගිටලා බැලුවෙ මදූ ගිය දිහාව .. එතකොටයි කොල්ලටත් මතක් වුනේ දොර එලියෙන් ලොක් කලා කිව්ව කතාව .. කොල්ලත් ටිකක් පුදුම වෙල ආවෙ දොර ගාවට් …

බෙ … බේබි දොර ….

මොකක්ද කිව්වෙ ආයි කියනව බලන්න …

මෙයා මේ මේ වෙලාවෙ මගුලක් කතා කරනවා …

ආ .. මේ සුදු අයියෙ මන් මේ කිව්වෙ කාමරයෙ දොර ….

දොර ඇතුලෙන් නම් ලොක් කලේ මම … ඒත් එලියෙන් ලොක් කලේ ක …වුද…??

මොකක්ද කිව්වෙ … ආ … ඔයාඇතුලෙන් දොර ලොක් කලා කිව්වා .. ඒකොයි වෙලෙද … ??

ඔයාට ඩන් තියෙන් ප්‍රශ්නය ඒකද … ?? එහෙමත් නැත්තන් එලියෙන් දොර ලොක් කලේ කවුද කියන එකද .. පොඩ්ඩක් ඉන්නවා මැට්ටි වගේ කියවන්නැතුව ….

බේබි එහෙම කියලා ඇතුලෙන් දොරේ ලොක් එක ඇරලා බැලුවෙ ඇත්තටම දොර එලියෙන් ලොක් කරලද බලන්න …

ඒත් ඇතුලෙන් ලොක් එක ඇරලා ටික වෙලාවක් යනකොටම එලියෙන් දොරට යතුර දානව ඇහිලා බේබි ගල ගැහිලා වගේ බලන් ඉන්න ගත්තා .. බේබිටත් ඇත්තටම පුදුමයි … මදූ බේබිගෙ පිටිපස්සට ඇවිත් දොර දිහා හොරෙන් වගේ බලන් ඉන්න ගත්තෙ දොර ඇරගෙන කවුරු නම් ඇතුලට ඒවිද කියල දන්නෙ නැති නිසා …

…………………………………………………………………………………

මේක නම් චූටි කොටසක් යාලුවනේ …
මන් ඉක්මනටම ඔයාලට දිගගගගගග කොටස ටිකක් දෙන්නම් … ඔයාලට පුංචි කොටසක් හරි දුන්නැත්තන් මගෙ හිතටත් මොකක්ද් වගේ ඉතින් …

ම්ම් .. තව දෙයක් .. ඊයෙ කතාවට එකම එක්කෙනෙක් විතරක් බෑඩ් රේට් දීලා තිබ්බා … මගෙ අනිත් යාලුවන්ට වගේම එයාටත් ගොඩක් ස්තූතියි මන් ඇත්තටම තාම නවකතාකරුවෙක් නෙවෙයි කියන මගේ තත්වය ආයිමත් සැරයක් මතක් කරලා දුන්නට …

ආදරෙයි හැමෝටම ….

මන් ඔයාලගෙ ? සිහින සිත්තරාවී?

15 thoughts on “?අප්සරාවී?|පනස් එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|”

  1. ඕවා ගනන් ගන්න එපා නංගා .
    පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ.
    වැඩ ගොඩක් තියන් කතාව දැම්මට තැන්ක්ස් .
    All the best .
    ?????????

  2. Exame ekath thiyan podi kotasak hari kathawa dapu ekama athi nanga.lokaya golakarai minissu wiwidakaraine.ganan gnn epa.buduhamuduruwantath gal peralapu aya hitiyane neda.padam wadath karaganna.kathawath dann podi kotasak hari.bs

  3. Priyadarshani

    මේ කතාවෙ පුංචි කොටසක් හරි කියෙව්වෙ නැත්නම් අපේ හිතටත් මොකක්ද වගෙ…???
    දිගටම කතා ලියන්න ….good luck
    …..?????????

  4. Buddhika subhashini

    ඕවා ඔහොම තමයි නංගා..ගණන් ගන්න එපා ..හොඳ දෙයක් කරද්දී ඔය වගේ දේවල් වෙනවා ❤️❤️❤️❤️ ඔයාගේ කතාව හරිම ලස්සනයි නංගා .good luck ???

  5. Ashka Rashmi

    Bad rates dana aya gana wadiya hithannepa nangi.oya kathawa continue karanna..plz dont stop writing …mn hamadama oyge kathawa kiywnwa..rate krnwa..bt i couldnt put the comments .bcz oyge story eka mn hamadama kiywnne bus eke eddi…hitagena kiywddi mn deparakma watenna gihilla anunamayen berune.???(specially romantic seens kiywddi????)….so ur romantic story is very beautiful . keep writing and dont think about bad rating people…wish u all the best nangi…❤️❤️❤️

  6. Bad එක rate එකකට වඩා ඔයාට ලැබුනු good rates ගොඩ ගැන හිතන්න නංගා…. ඔයාගෙ වැඩ හොඳින් කරන්න. කතාව ගොඩක් ලස්සනයි . Good Luck!

  7. H.M.V.kalpani

    Aiyo owa ohoma thama nanga ganan ganna epa eka bad rat ekak watunata oyata e wenuwata rets godak labenawa owa wadiya hithanne nathuwa wada asse kathawa dammata thanks nangiyo….??????? duk wenna epa patto…

  8. අනේ ඇඩ්මින්ගෙන් ඉල්ලන ඉල්ලීමක් මේ හැමෝම වෙනුවෙන්……..හැම කතාවක්ම කී දෙනෙක් බලනවද කියලා ?️ අපිට පේන්න සලස්වන්නකෝ…….මොකද හැමදාම කතාව කියවන අය ටිකෙන් ටික අඩු වෙනවා පෙන්නනවා රේට් වලින් ඉතින් හිතට ගොඩක් ලොකු සහනයක් වෙයි එහෙම දෙයක් ඇඩ්මින් අපිට හදලා දුන්නොත් කවුරුවත් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි හැදුවේ ඉල්ලීමක් කරන්නේ මං හිතනවා අපේ කතුවරයො ගොඩක් ඒකට කැමති වෙයි කියලා……….?

  9. Thilini chandrasiri

    Apo owa htnna epa…..kywn aya aswen kywnwne punchi kotasak nmi ek wakyak dmmt….pdm asse hira wl idl idl attm free time ekt kta kywnne gdk asawen….e nsa ktha liyna hmotm gdk tnx …oyge ktwt gdk lssni…best of luck ?❤

  10. නංගා මේ මං ඔයාගෙ කතාව කියවන වෙලාව වෙද්දි ඔයාට 100ක් රේට් කරලා.ඒ අතරින් 3ක් බෑඩ් ඉතින්

    0.03 <<<<<<1

    නොසැලකිය හැකි තරම් කුඩා දේවල් ගැන හිටන්න එපා.
    සරලවම කිව්වොත් ඔයා ලියපු කතාව ලස්සනයි.බුද්ධාගමේ කියනවනෙ අටලෝ දහමේ කම්පා වෙන්න එපා කියලා.

    හොද රේට්ස් ගැන උනත් බෑඩ් රේට්ස් ගැන උනත් ඔයා මැදිහත් සිතින් හිතන්න.
    ඔයාගෙ ලේඛන කලාව දවසින් දවස දියුනු වේවි එතකොට.

  11. ?හසිතා?

    Aiyo nangoo…..ganan gannepa ……..mage keti katha walatat okama una…..top rate awit aima pahalata giya kipadenekge bad rate nisa …..ema una kiyla duk nowi tawat hodata liyanna……oya sathutu wenna….oyage katawata koi taram aya adareida kiyla coments baluwama terenawane…….

    Good luck patiyo…….sathutin inna ….hodata igana ganna……etakota katawathma oyawa paraddanna bari wewi…….budu saranai

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.