Katha Ahura

පරවී | අසූ තුනවන කොටස | නවකතාව

3.3/5 - (3 votes)

පරවි

යමු සුද්දී එලිය වැටිලා … ටිකක් නිදාගන්න … මහන්සි ඇතී ..ඔයාට …

රැන්ඩි අයියා මගේ කරට අතදාගෙනම එහෙම කියලා …
නෑගිට්ටේ මාත් එක්කමයී…
ඇත්තටම මට තිබ්බේ ගතේ මහන්සියටත් වඩා හිතේ මහන්සිය … හීනෙන් වත් නොහිතපු දේවල් වෙලා තියෙද්දී … හතී දාන මගේ හිතට මේ හැමදේම බර වැඩි බව මට තේරුනා .කොහොම හිතන්නද
මෙච්චර දවසක් මන් ආදරේ කරපු තිසූ අයියා අද මගේ හිතේ … වරද කාරයෙක් වෙලා ඉවරයී … හොරකම් කරලා ආවත් සමාව දෙන්න පුලුවන් උනත් ස්ත්‍රී දූශකයෙක්ට මගේ හිතේ තවත් ඉඩක් නෑ …

මට දෑනුනේ තරහක් …
මෙච්චර දවසක් … මම… හිතාගෙන හිටියේ රැන්ඩි අයියා ගැන වරදක් … ඒත් මුල ඉදන්ම රැන්ඩි අයියාගේ වරදක් තිබුනේ නැති උනත් තිසූ අයියා ට ලියපු හිත වෙන කෙනෙක්ට දෙන්න කැමැත්තක් තිබ්බේ නෑ … අදට උනත් ඒක එහෙමමයී … ඒත් ඒ හිත තිසූ අයියාටවත් අයිති නෑ දැන්…රැන්ඩි අයියා සමහර විට එයාට උදව් කරන්න ඇතී … එයාට දුකක් ඇතී .. ඒ හැමදෙයින්ම මන් වගේම රැන්ඩි අයියාත් හොදටම බැට කාලා ..

මම හිතින් තීරනයකට ඇවිත් සෑනසීමක් ලැබුවේ තවත් හිත මහන්සි කරන්න බැරි නිසා … රැන්ඩි අයියා මට කාමරෙ ලෑස්ති කරලා තියලා … එයා ගියේ බාත් රූම් එකට …

මන් ලොකු හුස්මක් අරගෙනම ඇදේ වාඩි උනා …
මගේ ඔලුව අවුල් ජාලයක් වෙලා …
ජීවිතේ මන් මූන දීපු දේවල් එක්ක මන් මේ දේවල් දරාගත්තත් .. ඇත්තටම මේ දේවල් මුලදී දැනගත්තනම් මන් කොහොම හැසිරෙයිද කියලා මටවත් හිතා ගන්න බෑ… ඒ නිසා වෙන්නැතී .. රැන්ඩි අයියා … මේ හැමදේම මගෙන් හන්ගන්න ඇත්තේ ….

තිසූ අයියාව වරදකාරයෙක් කරන්න හිත ඉඩ දෙන්නේ නෑ… ඒත් මට ඒක අකමැත්තකින් උනත් කරන්න වෙනවා … මෙච්චර සාක්ශී තියෙද්දීත් මන් කොහොමද .. එයාව බේරගන්නේ … අනික රැන්ඩි අයියා එයාගේ හොදම යාලුවා වෙච්ච කොට එයාට වැරැද්දක් කරයිද …

නෑ .. එහෙම වෙන්න බෑ …

අම්මාගේ අප්පච්චී ගේ ආදරේ අඩුවෙන් හැදුනු එයා කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ …

මන් රැන්ඩි අයියා ගැන ස්තීර තීරනයකට ආවා …
තවත් … තිසූ අයියාගේ මතකය හාර අවුස්සන්න ඕනේ නෑ මට … ඒත් රැන්ඩි අයියා මාව බේර ගත්තේ … ඒ කතාවම එව් ඉරනමම මට සිද්ද නොවෙන්න කියන එක මට හිතාගන්න පුලුවන් දැන් …

මන් ..ටික වෙලාවක් … ඇදේ වාඩි වෙලා ඉදගෙන කොට්ටයක් තුරුලු කරගෙන … ඇස් පියාගත්තේ .. සුහ නින්දකට … ඒත් … නින්දක් ලග වත් නැති ගානයී …

රැන්ඩි අයියා .. ගැන ආයෙම දැනුනේ ලොකු දුකක් … දැනුනත් තිසූ අයියා ගැන පිලිකුලක් වගේම හේශී ගැන කලකිරීමක් මට තිබ්බේ

හේශී … මට ගොඩක් දේවල් හන්ගනවා කියන එක ආයෙම පාරක් ..මගේ හිතට ආවා ..මගේ හොදම යාලුවා වෙලත් එයා එහෙම කලේ ඇයී කියන්න … මට ටික ටික තේරෙන්න ගත්තත් … ඇයී මෙච්චර දවසක් හැමදේම නොකියා හිටියේ කියන චෝදනාව මන් හේශීට පැටෙව්වා …

හෑම ඇත්තක්ම දැනගත්තානම් මන් ජීවිතේ මෙච්චර දුක් නොවෙන්න තිබ්බා .. සමහර විට මීට කලින් හිත හදාගන්න තිබ්බා …සමහර විට එහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා ….

මගේ හිත දෙපැත්තක ඉදන් දොස් කියන්නේ මටමයී …

මාව හොස්ටල් එකට දාලා රැන්ඩි අයියා කොහෙද හිටියේ …එයා කැනඩා ගියේ නැතන්ම් අනිවාර්යයෙන් මන් අඩන හැමවෙලේම හේශී. හැමදේම දැනගෙනත් මගේ දුක නොතේරුනේ ඇයී … ..එතකොට රැන්ඩි අයියා හිටියේ කොහෙද..

මේ ගෙදරද .. ඔව් ..හේශී මේ හැමදේම දන්නවා.

එතකොට … රැන්ඩි අයියාට ප්‍රපොස් කරපු ගෑනු ලමයා .. ඒකත් හේශීගේ බොරුවක්ද … එයා ඇයී එහෙම කලේ .. තිසූ අයියා නිසාද … රැන්ඩි අයියා නිසාද ..

මගේ ඔලුව පුපුරන්න තරමටම රිදෙන්න ගත්තේ වේදනාවට

මන් ඔලුව අල්ලගෙනම ආයෙම ඇදෙන් නැගිටලා . ඇදේ වාඩි උනා …

හේශී ඇයී එහෙම කලේ … මොකද්ද මන් කරපු දේ … ඇයී මට මේ දේවල් නොකිව්වේ …

මට කතාකරලා බනින්න තරම් තරහක් ආවේ … මන් එහෙමම එතන මේසේ තිබ්බ පුටුව ඇදලා .. වාඩි වෙලා මේසේ ඔලුව තියාගත්තා …
ආයෙම ඔලුව උස්සලා .. හයියෙන් අල්ලගත්තා …

එතන තිබ්බ පොත් අරගෙන .. පෙරලන්න ගත්තේ හිතේ තිබ්බ නොසන් සුන්කමට … …

ආයෙම .. පොත පැත්තකට විසිකරද්දී … ඇතුලේ තිබිලා විසි උනේ … පොඩි දෙකට නමපු කොලයක් …

මන් ඒක ඇහිදලා ගත්තේ … නිකමට වගේ පෙරලාල බලන්න … ඒත් ……
මට දකින්න ලැබුනේ හීනෙකින් වත් හිතපු දෙයක් නෙමේ …
මගේ අතින් නොදැනිම මුව වැහුනේ … මන් හිතපු සමහර දේවල් ඇත්ත කියලා ඔප්පු කරලා …

මට සමාවෙන්න …
මීට චායා ….

මුලු කොලේටම තිබ්බේ එච්චරයි … මන් නිකමට වගේ බැලුවේ දිනයක් වත් ඇතිද කියලා … ඒත් දිනයක් හොයාගන්න මට බැරි උනා …මේක මෙහෙට ආවෙ කොහොමද … … චායා කොහොමද මෙහෙ හිටියේ … තිසූ අයියා නිසා නම් ප්‍රෙග්නට් උනේ ඇයී එයා මෙහෙ හිටියේ …

රැන්ඩි අයියා ගැන ….මට ඒ වෙලාවේ ආවෙ සැකයක් … මන් ඒ හින්දාම. ඒ කොලේ පරිස්සමට කොට්ටේ යටින් අරන් තියාගත්තේ … මට ඒක ඕන වෙයී කියලා. හිතුන නිසා …

සුද්දී ..

එකපාරම දොරට තට්ටු කරලා කතාකරනවා ඇහුනේ .. රැන්ඩී අයියා ..

මන් ඉක්මනට සාමාන්‍ය විදියට ඇදේ වාඩි වෙලා ..හිනාවක් මූනට ආරූඩ කරගත්තා …

ඒන්න අයියේ …..

එකපාරම මේසේ තිබ්බ පොතත් අතට අරගෙන … පෙරලලා ..ඇග උඩින් තියාගත්තේ. .. පොතක් කියවපු බව අගවන්න …

නිදි නැද්ද… තාම …

සිනාමුසුමූනීන් කාමරේට ආපු .. රැන්ඩි අයියා ..පුටුව ඇදගෙනම ඇද ලගින් වාඩි උනා … ඒත් … ඒ මූන සීරුවට වෙනස් උනේ මන් බලන් ඉද්දීමයී

එකපාරම එයා මගේ ඇග උඩ තිබ්බ පොත අරගෙන .. එක පෙරලලා … මන් දිහා බැලුවේ හොරැහින් වගේ …

ඇයී මේ පොත ගත්තේ …

රැන්ඩි අයියා ඒක ඇහුවේ .. තරහක් මූනට අරගෙන …
මන් ඇත්තටම බය උනා …

පොතක් අරන් කියවන එකත් වරදක් ද දැන් … මට
එහෙම අහන්න හිතුනත් මන් ඒක අහන්න ගියේ නෑ …

අ..හ්. ..මේ …

මන් ඇත්තටම ගොලු උනා …

මන් අහන්නේ ඇයී මේ පොත ගත්තේ

කියවන්න ….

මන් එක පාරම උත්තර දුන්නා …

තව පොත් තියෙනවා .. ඇයී මේකම ගත්තේ …

දෙයියනේ ඒක මාර කතාවක් නේ … මොකද්ද ඒ කතාව මන් එහෙම තෝරලා බේරලා ගත්තේ නෑනේ ලග තිබ්බ එකනේ ගත්තේ .. ඒක අල්ලන්න එපා නම් වෙන තැනකින්. තියාගන්න තිබ්බනේ ..

මන් හිතින්ම බැන්නේ .. කේන්තියට … ….

කතාකරනවා … ඇයී මෙක ගත්තේ …

එකපාරම පොතත් අරගෙන පුටුවෙන් නැගිටලා හයියෙන් කෑගැහුවේ …

දෙයියනේ මේ උදේ පාන්දර මොන යකෙක් වැහුනද ..මෙච්චර හොදට හිටපු මනුස්සයට …

ඒ ඇස් වල කේන්තිය පිරිලා … රතු වෙලා … ටවල් එකක් බෙල්ලේ වටේ දාගෙන උඩු කය නිරුවතින් හිටපු රැන්ඩි අයියාගේ .. ජිම් ගිහින් හදාගත්ත බාහු වල මස් ගොබ ඉලිප්පිලා .. කෙන්තියට වෙන්නැතී …

මන් ගල් ගැහිලා වගේ බලන් හිටියේ …..

ශි…ට් …

එකපාරම … එහෙමම හැරිලා බිත්තියට කේන්තියෙන් වැරෙන් ගහපු .. රැන්ඩි අයියා පොතේ කොල කීතු කීතුවලට ඉරලා දාලා … යන්න ගියේ පුටුවටත් පයින් ගහලා … …

දෙයියනේ … මොකද්ද ඒ වුනේ … .

වෙච්ච දෙයක් හිතාගන්න බැරුව මන් .. තවමත් බලන් හිටියේ .. හුලගට වැනෙන දොර රෙද්ද දිහා …

මේ පොත .. එච්චරටම රැන්ඩි අයියාට වැදගත් ඇයී … එතකොට මේ .. ලියමන ගැන එයා දන්නවා ද …

පාන්දර හෝරාවේ රැන්ඩි අයියා කිව්ව දේවල් බොරු වෙන්නද යන්නේ ..නැත්නම්. මාව රවට්ටනවද … කවුරුත් මට උදව් කරන්නෙ නැද්ද ..දෙයියනේ …

මගේ හිතට දැනුන මහන්සිය මට වචන වලට පෙරලන්න තරම් වත් ශක්තියක් නැති තරම් … මාව මෙහෙම රිද්දන්න තරම් මන් මොකද්ද. කරපු වැරැද්ද දෙවියනේ …
ඇයි මාව මේ ගින්දරෙන් කාටවත් බේරගන්න බැරි …

මන් කේන්තියට ඔලුව ගහගත්තේ ඇද විට්ටමේ …

පෙරලපල්ලා මුලු ගේම…

එකපාරම සාලේ පැත්තෙන් ඇහුනේ වීදුරු බිදන සද්දෙත් එක්ක ලොකු කෑගැහිල්ලක් … මන් බයේ වෙවුලුවේ … දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ … .. රැන්ඩි අයියා ගේ කට හඩ නෙමේ කියලා මට තේරුනා …

අන්…හ්.. අම්මා …

මට පලවෙනි වතාවට ජීවිතේ ගැන බයක් ඇති වුනා .. මන් ඇදෙන් බැහැලා දොර පිටිපස්සේ හැන්ගිලා බිත්තියට හේත්තු උනේ … මොන දේ උනත් … ජීවිතේට මූන දෙන්න වෙනව කියලා දන්න නිසා …

)/&/&€€%#% බැහැපියව් .. මගෙ ගෙදරින්

මට ඇහුනේ යට ගිරියෙන් කැගහන රැන්ඩි අයියාගේ කට හඩ …

යන්න… තමයී ආවේ … බාවගෙන යන්න තමයී ආවේ …

රැන්ඩි අයියාට දෙවෙනී නැතී ඒ කට හඩේ තිබ්බේ … අමුතු කෲර බවක් …

නෑ බොස් ….

තව එකෙක් ඇවිත් කියනවා මට ඇහුනා … මන්. හුස්ම ගන්න සද්දේ වත් නෑසෙන තරමට මන් .. හැමදේම පාලනය කරා …

බලපන්. මේකේ …. .

ආයෙම ඇහුනේ … රැන්ඩී අයියා එක්ක …කතාකරපු කටහඩ…

ඒ…..යී… කොහෙද යන්නේ …

$@#^#. මේ මගේ ගේ … පුලුවන් නම් මාව මරාගෙන ඇතුලට පලයව් …

දෙයියනේ ..රැන්ඩි අයියා … අනේ මන් නිසාද මේ කරදර එයාට … මට තවත් එතන රැදිලා ඉන්න ඉඩ දුන්නේ නෑ …

දොර අස්සට වෙලා පිච්චී පිච්චී ඉන්නවට වඩා .. රැන්ඩි අයියා එක්ක මැරුනත් දුකක් නෑ කියලා හිතුනා …

මන් ඒ නිසාම දෙපෑරක් නොහිතා ..කාමරෙන් එලියට ආවේ .. හැමෝම මන් දිහා බලද්දී … රැන්ඩි අයියා තනියම ඉද්දී එයාගේ ඇස් වල හයිය මන් දෑක්කා …
රැන්ඩි අයියාව වට කරගෙන ඉන්න හය හත් දෙනා …

ඒ නපුරු ඇස් … ඒ මූන . … මට අකුනක් ගහන්වා වගේ … මොලේ ලග පිපුරුවේ … ආයෙම … මගේ මතකය අලුත් කරලා …
මේ මනුස්සයා ඇයී මෙහෙ…. මන් එකපාරම බැලුවේ රැන්ඩි අයියාගේ මූන …

මේ ඒ මිනිහා තමයී …
කැම්පස් එකේ වල ලගදී … මට තර්ජනේ කරපු මිනිහා …. දරුවට නම දෙන්න කිව්වේ … මේ මනුස්සයා …

මට එකපාරම ඒක මතක් උන ගමන් … මන් මුව අතකින් ආවරණය කරගත්තේ … මේ. සිද්ද වෙන දෙවල් මට ප්‍රෙහෙලිකාවක්.. නිසා

මන් කල්පනාවේ ඉද්දීම රැන්ඩි අයියාට ඉස්සරහ ඉන්න එකා ගහන්න හදදිම …
රැන්ඩි අයියා මාව එයාගේ ලගට ඇදලා අරගෙන … මාව …එක අතකින් හිර කරගත්තා

රැන්ඩි අයියා වචනයක් වත් නොකියා ඇගිල්ල උලුකකරලා කිව්වේ …. එලියට යන්න කියලා …

මට තර්ජනේ කරපු මනුස්සයා එක අතකින් ඒ මනුස්සයගේ රැවුල පිරිමදින ගමන් කැදර බැල්මක් …හෙලුවේ මන් දිහා බලලා…
මාව වෙවුලන්න ගත්තේ බැල්මකින් වත් මන් මාව ඉදුල් කරගන්න අකමැති නිසා…

මොකද බොස් ඉදුල් පිගන් වල බත් කන්න ඔච්චරම ආස …

රැන්ඩි අයියාගේ …කන ලගටම ඇවිත් ඒකා එහෙම කිව්වම … රැන්ඩි අයියාගේ අත මිට මෙලවිලා මාව තව තවත් හිරවෙනවා. මට තේරුනා …

මොනවාද මේ වෙන්නේ … මන් උඩ බිම බැලුවේ ඒ මනුස්සයා කිව්ව කතාව තේරුම් ගන්න

ඊලග කොටසට …

❤️❤️

ඔන්න බෝනස් කොටසත් දැම්මා … දැන් ඉතින් මේ ☹️හැපින්න ට බනින්න එපා හොදේ … ??? දන්නවනේ ඉතින් … .. ඔයාලා මේ කතාව කියවලා සතුටින් ඉන්නකෝ .හෙට නම් එක කොටසයී හොදේ … ????

❤️ පියුමි සේනාදී ❤️

18 thoughts on “පරවී | අසූ තුනවන කොටස | නවකතාව”

  1. Buddhika subhashini

    අය්යෝ අක්කි මේ මොකද වෙන්නේ.???ඔයා අපිට වේදනාවක් දීලා සතුටින් ඉන්නකෝ හොදේ.??? ආසාවෙන් කියවන අපිට මෙහෙම කරානේ හොදේ ???.ලස්සනයි අක්කි කතාව .මට නම් තේරෙන්නේ නෑ මොනවා වෙනවද කියලා .අපිව අවුල් කරලා ඔයා සතුටින් ඉන්නකෝ හොදේ ??? .

  2. ?හසිතා?

    Deiyane monada me wenne…..pissu wage ane……ae piumi mema karanne apita….☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️

  3. Buddhika subhashini

    හෙට එතකොට එක කොටසක් විතරද ?? එහෙනම් දිගගගගගග කොටසක් ඕනි.දැන් පරවි කියෙව්වේ නැත්තං මට කෑවේ නෑ වගේ අක්කි.good luck අක්කි ❤️❤️❤️❤️❤️

  4. kasuni chamalka

    මොනාද මේ වෙන්නේ.. හිතා ගන්න බැ.. අනේ මොන දේ උනත් රෑන්ඩ් අයියවයි පරෝවයි වෙන් කරන්න එපා..

  5. Aneee akkiyo oya monawada ane mekaranne. Matanam dan me wena mokuth hita ganna ba ane.oya ai mehema apiwa awul kr. ???????
    Epara mokadda ane me une. Oya apu aya chayage ayyada. Ane akkiyo monawa unath parowa randi ayya gen wenne kr epa ane. Mewa hitala matanam pissu wage. Api gana oyata duka nadda ane.
    Dan heta wenakam inna kohomada ayyoooo.????????
    Katawa godaaaak lassanai. Good luck. ???????????

  6. Aneee akkiyo oya monawada ane mekaranne. Matanam dan me wena mokuth hita ganna ba ane.oya ai mehema apiwa awul kr. ???????
    Epara mokadda ane me une. Oya apu aya chayage ayyada. Ane akkiyo monawa unath parowa randi ayya gen wenne kr epa ane. Mewa hitala matanam pissu wage. Api gana oyata duka nadda ane.
    Dan heta wenakam inna kohomada ayyoooo.????????
    Katawa godaaaak lassanai. Good luck. ???????????
    ???????

  7. Vinola kalpani

    Aiyo piyumi akke aai apita duk denne ai pissu wattanne aneeeeee …….pissu hadila ayeth hadenawa kathawa apita dan aul jalawak…..kohoma unath hodata visadeine nedaaaaaaa..

  8. Hapoi… e mokd une?? Ethakota oya awe ara chayage aiya wennathi ned… ethakota ara liyuma… ai akkiyo ohom.. prashnatika wisaduna kiyl hitha hadagaththa witharai… eth ai prashanayak.. ?

  9. මොකක්ද මේ වෙන්නෙ අනේ මට හිතාගන්න බැහැ.
    ඒ උනත් රැන්ඩි අයියා වැරදි නෑ කියලා මට හිතෙනවා .
    මෙහෙම අපිට කරන එක හරිද පියුමි අක්කි .
    මට අද කිසිම දෙයක් හිතාගන්න බෑ.
    කතාව ගොඩාක් ලස්සනයි අක්කි .
    හෙට කතවේ දිග කොටසක් දාන්න .
    අපි බලන් ඉන්නවා .
    All the best .
    ?????????

  10. Thakshi Deepali Jayasuriya

    අපේ මොලේ අවුල් කරලා ඔයත් සතුටින් ඉන්නකෝ හොඳේ පියුමි අක්කියො…????

  11. Priyadarshani

    ඔය ආවෙ අර චායගෙ අයිය නේද ….
    ඒත්කොට රැන්ඩි අයිය බොරුද කිව්වේ පාරෝට ….වෙන්න බෑ එයා ඒ වෙලාවෙ ගොඩක් ඇඬුවා කවදාවත් නැති විදිහට සංවේදී උනා….ඒ නිසා එයා ඇත්ත තමයි කියන්න ඇත්තෙ…
    ඔයා හෙට එක කොටසක් දාල සතුටින් ඉන්නකො හොදේ..??
    නියමයි අක්කි කතාව …
    Good luck …
    අනේ හෙටත් පුලුවන්නම් කොටස් දෙකක්ම දාන්න මගේ අක්කි පන…???

  12. Thilini chandrasiri

    Akka mhm apiw klpana sagareka tani karala dala සතුටින් ඉන්න හොදේ…,me mnwd ane wnne hthgnn be….ude sathutu wnw aye rema twt prsnyk…..duka ndd ane……….??apit ohm krnn hode…ktw gdk lassanai akke…❤?

  13. Nirosha Lakmali

    Ane hetath kotas dekak danna. Randi aiyai parowai eth karanna epa. Paro godak pau. Eyata thawath duk denna epa. Denwath eyage prasnawalata uththara hola denbako.. pls. Lassanama lassanama lassanai kathawa. Good Luck dr

  14. කව්ද අනේ මේ කතාවට නරක කමෙන්ට් දෙන්නෙ.කවුරු උනත් මොන විදියෙ කතාවක් ලිවුවත් අපි ඒ අයව ඉස්සරහට තල්ලු කරන්න ඕන.වැරැද්දක් තියෙනවන්ම් ඒක හදාගන්න අත දෙන්න ඕන.පියුමි ඔයා ලස්සනට කතාව ලියනවා.ඔයා කොටස් ඔක්කොම එක පාර දැම්මත් අපි ආසාවෙන් කියවන්නෙ.මට හිතාගන්න බෑ මේ නරක වැඩේ කරන්නෙ ඇත්තටම නව කතා කියවන්න ආස කෙනෙක් නෙවෙද කියලා.මොකද කතාවක් ආසාවෙන් කියවන කෙනෙක් කවදාවත් මෙහෙම කරන්නෙ නෑ.

  15. කතාවෙ අවසානෙ දැනගන්න ආසයි. ඒත් කතාව ඉවර වෙනවට නං දුකයි. App එක පටං ගත්ත දවසෙ ඉඳලම තියෙන ලස්සන ම ලස්සන කතාව “පරවි”.. කියවන්න පටන් ගත්තෙ 2වෙනි කොටස දාපු දවසෙ ඉඳල…. හොඳම හොඳ යාලුවෙක් “පරවි”..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.