Katha Ahura

?අප්සරාවී?| පනස් වන දිගහැරුම | නවකතාව |කතා අහුර රචක |

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් වන දිගහැරුම //

මදූ කෙල්ලෙ .. උබට ලොකු අමාරුවක් එහෙම නෑ නේද … ?? ඕකුන් පිට පොත්ත විතරක් සුදුවට තියෙන කලු සුද්දො කෙල්ලෙ … මිනිහෙක්ට සලකන්නෙ කොහොමද කියලා ඕකුන් තාම හරියට දන්නෑ .. මාන්නෙන් බලයෙන් ඔලුව පුම්බගෙන ඉන්න හැ@## …

මදුයි බේබියි කල්පනා සාගරේ ගිලිලා ඉද්දි එතන කලබලයෙන් වගේ දුවගෙන ආවෙ හාමු මහත්තයා … මොනවා වුනත් කෙල්ලට කරදරයක් වෙලාද කියලා දැන ගන්න හාමු මහත්තයා හිටියෙ ලොකුම ලොකු වුවමනාවකින් …
ඒත් හාමුගෙ පැමිනීමත් එක්ක මදූ නම් ටිකක් බය වුනා ..මොකද බේබි හිටියෙ කෙල්කට ගොඩාක් සමීප වෙලා නිසා හාමු මහත්තයා ඊ ලගට මොන විදියෙ අඩව්වක් අල්ලයිද දන්නෑ කියල කෙල්ල හිතන්න ගත්තා ….

ආ .. ඔයකොහෙද යන්න හදන්නෙ .. මෙච්චර වෙලා මගෙ තුරුලට වෙලා ඉදලා හිටන් අප්පච්චිව දැක්කම එක පාරටම මොකෝ උනේ මගෙ සුදු නංගිට ….

මදූ බයෙන් වගේම් පුදුමයෙන් බේබි දිහා බලන් ඉන්න ගත්තෙ හාමු ඉස්සරහා බේබි කතා කරන් විදියට කෙල්ලට ලැජ්ජාවකටත් වඩා ලොකුවට බයක් ඇති උන නිසයි …

අනේහ් … මේ බේබිට මොකක් උනාද එක පාරටම .. ආදරේ කලා වගේද හාමු මහත්තයා එහෙම් මේවා දැන ගත්තොත් මෙතන මට මොනවා නම් නොකරයිද … අ .. අනික මැණිකෙ කිව්වෙ මට ඉන්න හිටින්න තැන් නැති වෙනවා කියලා විතරයි … ඒකත් මේ ඇගට වාරු වෙලා ආවට …. ඒත් ඉතින් බේබි මේ කියන කතා වල හැටියට මට මේ ඉතුරු වෙලා තියෙන ජීවිතෙත් නැති වෙලා යයි වගේනෙ ….

ම්ම් … මගෙ මැණිකෙට දාඩියත් දාලනෙ අනේ … ඔය මොකෝ ආ … මගෙ දිහා බලන් ඉන්නෙ ඇස් දෙක නලලෙ තියා ගෙන .. මොකෝ උනේ නංගි … ඇයි ඔයා බලවෙලා … මන් දෙන්නද බෙහෙතක් ඕකට හරියටම හරියන …

බේබි මදූගෙ පැත්තට හැරිලා ඇහැකුත් ඉගි මරන ගමන් එහෙම් කිව්වෙ හාමු මහත්තයාවත් තැකීමක් නොකරමින් … ඒත් ඉතින් හාමු මහත්තයා දැනගෙන හිටියා පුතන්ඩියාගෙ තරම …. මේ හැම දේම දිහා හාමු මහත්තය බලන් හිටියෙ ගොඩාක් ආසාවෙන් , සතුටකින් වගේම හිත අස්සෙ කොහේද මන්දා හැංගිලා තිබ්බ ලොකූ වේදනාවකිනුයි ….

අයියෝ මේ කට නම් හාමු මහත්තයා ඉස්සරහා මොනවා කතාව යවනවද දන්නෑ … එයා නම් කියයි … හහ් ඊට පස්සෙ බැනුම් අහන්න ඕනි මමනෙ ..

???????????????

ලැජ්ජාවෙන් මූණත් රතු කරගෙන බිම බලා ඉන්න් තමන්ගෙ සුරංගනාවිය දිහා බේබි බලා ගෙන් හිටියෙ ගොඩාක් ආදරෙන් වගේම ආසාවෙන් …. තවත් මොන මොනවදෝ බේබි කියන්න් කට්ට ගත්තත් හාමු මහත්තයා බේබිට ත්‍රවටු බැල්මක් හෙලපු නිසා බේබි හරිම අපහසුතාවයකින් කට වහ ගෙන ඉන්න ගොඩාක් උත්සාහ ගත්තා …..

ඔයා ඕව ගනන් ගන්න එපා දුව … ඔය පොඩි බේබි මහත්තයාගෙ විහිලු නෙව … ඔය කොල්ලා ඉස්සර ඉදන්ම් එහෙම් තමා … මන් අහපු ප්‍රශ්න් එහෙකටවත් මේ කෙල්ල උත්තර දුන්නෑනෙ මගෙ මේ පුතණ්ඩියාගෙ වැඩ නිසා ඇත්තමයි … දුවට කරදරයක් එහෙම නෑනේද් දුව …

පිය සෙනෙහස විදලා නොතිබුණුමදූට හාමු මහත්තයාගෙ වචන දැනුනෙ ගොඩාක් සමීපව …

අනේ දෙයියනේ හාමු මහත්තය මගෙ තාත්තා වගෙයි මට දැනෙන්නෙ .. ඔය තරම් සමීප බවක් … හාමු මහත්ත්‍යාගෙ වචන වලවුවෙ න් මට දැනුනමද මන්දා ?? දෙමාපියෝ නෑදෑයො නැති මට මේ ලැබෙන ආදරය ඇත්තටම ලොකු ශක්තියක් මේ පොලොවෙ පය ගහලා ඉන්න …..

අ .. අනේ මට කරදරයක් නෑහාමු මහත්තයෝ …. මන් හොදින් ..

උබ එහෙම කිව්වට මගේ හිතට මොකක්දෝ වගේ කෙල්ලෙ … මන් කැමති නැ මගේ වලවුවෙ ඉන්න පුංචි කූඹියෙකුටවත් කරදරයක් වෙනවට … විශේෂයෙන් මන් ආදරය කරන අයට … මේ වලවුවට ලිකුම හෙනය වුනේ හිතේ තෙතමනයක් නැති මිනිස්සු මේකට රිංග ගත්ත එක තමා ….

හාමු මහත්තයා බිම බලා ගෙනම එහෙම කියලා බේබි දිහයි මදූ දිහයි ටුක වෙලාවක් බලන් ඉදලා කාමරයෙ දොරත් වහලා එලියට ගියේ ආයිමත් සැරයක් බේබිවයි මදූවයි කාමරයෙ තනි කරලා ….

මදූ ඒ එක්කම ඇදෙන් වාඩි වුනේ බේබිටත් ඔරවන ගමන් …. බේබි නම් ඒ හැම දේම බාර ගත්තෙ හිනාවකින් සංග්‍රහා කරන ගමන් … මොකද ඉතින් කෙල්ලට ඔය තරමටම ඔරව ඔරව ඉන්න හේතුවෙ තමන්ගෙම් කට කියලා බේබි දැන ගෙන් හිටියා …

අම්මොහ් … මේ ගෑස් එක නම් දැන් දැන් පුපුරයි වගේ …. තියෙන් නපුරු කම …
ම්ම් … නපුරු උනාට මොකද ඉතින් කෙල්ල එහෙමත් හැඩයිනෙ …. හැබැයි ඔහොම කේන්ති ගත්තොත් නම් ඔය ඉක්මනටම වයසට යයි .. මන් හැන්ඩියා වගේ ඉද්දි ඔයා වයසට යන එක හරි නැ නේද ඉතින් … කියන්න බෑනෙ එත්කොට කොල්ලගෙ හිත වෙනස් වුනොත් ….අර ඇවිත් ඉන්න තුන්කාලෙ රෙද්දකට වගේ නේද මැණික ….

බේබි කොච්චර කතා කලත් මදූ නම් නෑ කටක් හෙල්ලුවෙ … කෙල්ල ඉන්නවා බලා ගත් අත බලාගෙනම් … හැබැයි කොල්ලා දැන් කිව්ව දේවල් වලිනුත් උනේ කෙල්ලට තව ටිකක් තද උන එක විතරයි …..

මදූගෙන් කතාවක් නැති තැන බේබි හෙමින් සැරේ දොරට කිට්ටු කරලා දොර ලොක් කරලා දැම්මෙ මුලින් අප්පච්චි ආවා වගේ ඊලගට කවුරු කාමරයට රිංගයිද කියලා කියන්න බැරි නිසා … හැබැයි දොර ලොක් කල වගක් මදූ දැනම් හිටියෙ නෑ … මොකද් ඉතින් කෙල්ල වාඩි උනේ දොරට පිටු පාලනේ .. අනික කෙල්ලට බේබි දිහා බලන්නත් පොඩි ලැජ්ජාවක් තිබ්බා … කොල්ලගෙ කටින් පිට වුන වචන් හින්දා කෙල්ල ඇත්තටම හිටියෙ ලැජ්ජාවෙන් …..

බලමුකො ඔයා ඔහොම ඔය විදියට තව කොච්චර වෙලාවක් බුම්මගෙන මාත් එක්ක කතා නොකර ඉන්නද කියලා මගෙ සුද්දී …

බේබි එහෙම හිත හිතා හෙමින් හෙමින් කිට්ටු වුනේ මදූ ලගට … බේබි ලගට ආව බව දැනුනත් මදූ ගාන්කට නොගෙන තමන්ගෙ පාඩුවෙ ඔහේ හිටියා …. ඒත් ඉතින් බේබි නම් සැලු නෙ නෑ ….

හෙමින් හෙමින් සැරේ ඇදෙන් ඉදගෙන කෙල්කට හිතා ගන්න වත් වෙලාවක් නොදී කෙල්ලගෙ බද වටා අත දැම්මා … කෙල්ල ඒ අත් ඉවත් කරලා නැගිටින්න හැදුවත් බේබිගෙ අත තව තවත් ඒ බදට තද වෙන එක විතරයි වුනේ …..

ඇයි මොකද දගලන්නෙ .. ආ ….

අනේ බේබි …. ගන්න මගෙ ඇගෙන් අත … එපා අල්ලන්න මාව ….

මොකක්ද කිව්වෙ … බේබි ..??

ඔව් …. බේබි තමයි …. නැත්තන් මන් වෙන මොනවා කියන්නද ….? ගෑනු පෙරේතයා කියන්නද …??

කෙල්ල කටට ආව වචන ටික බේබිගෙ මූණට දමලා ගැහුවා වගේ කියව ගෙන කියව ගෙන ගියා …. හැබැයි ඉතින් මදූටත් හොරා මදූගෙ ඇස් වලින් කදුලු බේරෙනවා කියලනම් බේබි දැක්කා .. මදූ වචන ගානකටවත් ගන්නැතුව බේබි කෙල්ලව ඇද උට තල්ලු කරලා දැම්මා …. කොච්චර චණ්ඩි පාට් ඇක්ට් කරත් කෙල්ල දැන් ඉන්නෙ බය වෙලා ….

හහ් …. මට අතගන්න කිව්වනෙ … ඇයි මන් අල්ලන්නැතුව වෙන කවුරු අල්ලන්නද ආ…. මගෙ දේවල් … මගේ වස්තුව … වෙන එකෙක් අල්ලනකන් මන් බලන් ඉන්නෙ මොකටද … ?? මන් මට ඕනි දේ දැම්ම ගන්නවා …

එතකොට කවුද බලමුකො අල්ලන්න් එපා මාව අරකයි මේකයි කියලා කැ ගහන්න ඉන්නෙ …. බේබි එහෙම කියලා ඇදගෙන හිටිය ටී ෂර්ට් එකත් ගලවලා දාලා ඇද උඩට ආවා … බේබිගෙ නිරුවත් පපුව දකිද්දි ඒ පහස කෙල්ලගෙ හිතට ආවත් බේබි දැන් කිව්ව දේවල් මතක් වෙලා කෙල්ලට තරු වීසි වුනා ….

කොල්ලා හිමින් සීරුවට මුවට නැගුනු සිනහවත් හංගගෙන මදූගෙ දෙතොල් වලට බර වුනේ අනවසරයෙනි …… කෙල්ල හිටියෙ ගොඩාක් බය වෙලා … දෙතොල් පසෙන් මත් වුනත් බේබි ඊලගට මොනවා කරයිදෝ කියලා කෙල්ලගෙ හිත කෑ ගහලා අහද්දි කෙල්ල තම දෙතොල් මුදවගෙන ඇදෙන් නැගිටින්න හැදුවෙ හීයක වේගයෙන් ….

ඒත් නැගිටින්න හැදුවට වඩා වේගයකින් ආයිමත් ඇද මතට වැටුනෙත් බේබි ඇග මතට ආවෙ එකම මොහොතකයි ….

අ … අනේ බේ ……. බි ….

” ආන්ටි … කෝ ආන්ටි මගෙ ස්වීටිගෙ රූම් එක … මේ .. මේකද ආන්ටි …. ”

ස්ස්ස්ස්ස්ස්ස් ….
දොර ගාවින්ම වගේ ඇහුන සද්දය හින්දා බේබි මදූගෙ කට වැහුවෙ මදූ කත කරන දේ එලියට ඇහෙයි කියලා … මොකද එහෙම් උනොත් මෙතන් තව මගුලක් ….
………………………………………………………………………………

????????

මට අද එක්සෑම් එකක් තිබ්බා යාලුවනෙ … ඒකයි මට ඊයෙ කොටස දාන්න බැරි උනේ … මට මේ දවස් වල phone use කිරීම තහනම් … මේ ද්වස් ටිකටවත් කියන දේ ඇහුවෙ නැත්තන් මන් ඔයාලට කතාව දාන්න බැරි වෙයි හරිද ….?? බය වෙන්න එපා ඉතින් මන් කතාව දෙනවා …. ඒකට වෙලාවක් හදා ගත්තා නහයෙන් අඩලා අඩලා .. හැබැයි ඔන්න චුට්ටයි දාලා තියෙන්නෙ නම් කියන්න එපා … ටික දවසක් යනකන් මාත් එක්කම ඔයාලත් කට්ට කමු ඒනම් … සොරි යාලුවනේ …

තරහා නැතුව මගෙ කතාව කියවන් හැමෝම කතාව රේට් කරලා යන්න මන් වෙනුවෙන් … පුංචි කමෙන්ට් එකක් දාන් යන්න ඔයාලට ටයිම් මදි නම් කියවන ගමන්ම කතාව පොඩ්ඩක් රේට් කරන්න … මන් එක්සෑම් එක අස්සෙත් ඔයාලට කතාව ලියන්නෙ කටාඅව කියවන ඔයාලා වෙනුවෙන්නෙ … එගෙම ලියලත් කතාව කියවලා තියෙන්බෙ පොඩි දෙනයි කියලා හිතෙද්දි මට දුකයි ….

****(තව දෙයක් … අප්සරාවී 50 වෙනි කොටස තමයි අද ඔයාලා බැලුවෙ … ම්ම්… මන් කතාව කොටස් දෙකකට දැම්මොත් … ඒ කියන්නෙ කතාව මෙතනින් ඉවර කරලා අප්සරාවී part 2 අරන් එනවට ඔයාලා කැමතිද ..? හැබැයි ඒකට නම් ටික දවසක් යයි … පොඩ්ඩක් ඒක් මට කියන්න .. ඒම උනොත් ට්ගව කොටස් දෙකකින් විතර part 1 ඉවර කරන්නම් … ok ….)***

හමු වෙමු ආයෙමත් උණුසුම් කොටසක් සමගින් …
???????????????

?සිහින සිත්තරාවී?

24 thoughts on “?අප්සරාවී?| පනස් වන දිගහැරුම | නවකතාව |කතා අහුර රචක |”

  1. Priyadarshani

    නංගට time තියෙනවා නම් කතාව part 2 ලියන්න අපි ආසාවන් කියවන්නේ මේ කතාව….
    Good luck ….
    Part 2 danawata mn nm goadak kamthi …oyt padam wada padu wenne nathnm api wenuwen kathaawa liyann….

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ම්ම්.. මෙහෙමයි … පාර්ට් 2 දෙනවනම් මන් කතාව හෙටින් අවසන් කරනවා … හැබැයි ඒකට අකමැති වෙන කට්ටිය වැඩියි වගේ …??

      තැන්ක් යූ අක්කියෝ….??

  2. Aneee echcharakal iwasanna ba ane.padam wadath karagena podi kotasak hari dannakoooo.plzzzzzzzzzzzzz???????????
    mn 6 idan app ekt log wela baluwa kathawa dalada kiyl.
    Puluwan widiyata kathawa dannakooo.bs

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ම්ම් … මම ඉතින් නිකමට අහල බැලුවේ ….. ඔයාලගෙ අකමැත්තෙන් මන් එහෙම එහෙම කරන්නෑ උතින් බය වෙන්න එපා .. කොටස් ගොඩක් යද්දි පිඩි පිඩි කොටස් වලුන් ඔයාලා බෝරින් වෙයි කියලා හිතලයි මන් එහෙම ඇහුවෙ … කෝමත් පාර්ට් 2 ගෙනාවත් ඔයාලා කියෙව්වා වගේම ටිකක් කියවන්න තියෙයි .. ඒකට කාලයක් යනවා .. මෙහෙම කියෙව්වත් ඒ ටිකම තමා … ඔයාලගෙ සහයෝගය තියෙනකන් මන් කතාව අරන් යනවා …

  3. Ehema unoth me rahasa dangnn godak kal blan inn weine… ek nisa chooti chooti kotas hari kmk na ohomma liyagen ynn.. ewage pdm wadath hodt krgen ynn.. ewanm miss karagnn epa…
    All the best…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. කතාව ලස්සනයි නංගා.
    කතාව දිගටම දාන්න.
    ගොඩක් කල් කතාව බලන් නැතුව ඉන්න බෑ අනේ.
    ඒ නිසා චූටි කොටස් හරි කමක් නෑ දාන්න .
    ඉගෙන ගන්න වැඩ ටිකත් හරියට කරන්න නංගා .
    ඒක ගොඩාක් වැදගත් .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ????????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      හරි අක්කියෝ … කතාව දෙන්නම් දිගටම …
      තැන්ක් යූ අක්කියෝ…???

  5. අනේ පාට් ටූ එපා කාන්චියේ……….ආහ් කතාව් ලස්සනයි………..ඇඩ්මින්ට මෙ දවස් වල වැඩිද කොහෙද….? කතාව වෙලාවටම දාලා වගේ හරියට ?

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      හලී .. කතාව දෙන්නම් දිගටම … තැන්ක් යූ අක්කියෝ….

  6. Ane oyata puluwan widiyakta chuti kotas hari dennako nangiyo. Echchara dawasak katawa kiyawan natuwa inna hari amarui appaaaaaa. ??????
    Padame wada maga arinne natuwa puluwan widiyakta katawa danna sudu.
    ??????????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      කතාව දිගටම දෙන්නම් අක්කියෝ .. තැන්ක් යූ අක්කියෝ ….???

  7. Nirosha Lakmali

    Godak lassanai kathawa. Oyage wedath karagena ida lebena welawata ikmanata kathawa danna. Oyage exam ekata hadawathinma suba pathanawa. Kathawatath suba pathanawa thawath me wage katha danna

  8. ඉතින් නංගෝ, පියුමිත් ඔය කතාව දැම්මේ එග්සෑම් වැඩත් තියාගෙන.ඔයාට පුලුවන් වෙලාවට කතාව දාන්න.සතියට කොටස් 2 ක 3ක් වත්.පාර්ට් 2 එනකල් ඉන්න අමාරුයි කෙල්ලේ

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      අම්මෝහ් … බය වෙන්න එපා … කතාව දිගටම දෙන්නම් මන් ….??

  9. ?හසිතා?

    Kathawa digatama danna sudu….natnm godak bln inna wenawa apita……….padam wadat hodata karagena chuty kotas hari kamak na danna ………mn godaaaaaaaaakkk asai oyage katawata…..good luck.budusaranai nangaaaa…..???????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      කතාව දිගටම දාන්නම් …
      තැන්ක් යූඅක්කියෝ ….??
      තුණුරුවන්ගෙ සරණයි ඔයලා හැමෝටම ….!!

  10. H.M.V.kalpani

    Ane oyage exam asse kathawa danawata thanks nanga….katha liwwata kamak ne mulinma padam wada tika karaganna….ane part 2 danne nathuwa part 1 ma kathawa geniyanna nango me kathawe rahas tika eli wenakam iwasumak ne patto…….lassanai kathawa …..padam wadath karagena exam hodata karaganna….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.