Katha Ahura

පරවී | අසූ දෙවන කොටස | නවකතා

5/5 - (1 vote)

පරවී

මෙච්චර වෙලා … හිත හීන අස්සේ හිරවෙලා තියෙද්දී … මට බොර වෙලා ඇහුනේ රැන්ඩි අයියාගේ කටහඩ

දෙයියනේ … ඒ කිව්වේ …. මේ … මම ද …

මට දැනුනේ වරද කාරී හැගීමක් … මන් නිසා නම් .. මේ හැම්දේම සිද්ද උනේ මම් කොහොමද මේ ද්වල් ආයෙම .. හරි ගස්සන්නේ .. මට පුලුවන් නම් .. තිසූ අයියාව ආයෙම රැන්ඩි අයියා. ලගට ගේන්න ..

මන් පසු තැවුනා …

අ ..යි..යේ … මේ …මම…නිසාද……හැමදේම උනේ

මම අමාරුවෙන් උනත් ඒක ඇහුවේ ඇත්තටම එහෙම උනේ මම නිසා නම් මන් ඒ වෙනුවෙන් මොනවම හරි දෙයක් කරනවා කියලා හිතාගෙන …

හ්ම්ම්. නෑ සුද්දී … ඔයා නෙමෙ …
ඒකට කාටවත් වැරැද්දක් කියන්න බෑ … අපි අපිම කරපු දේවල් මිසක් කවුරුත් නෙමේ …

රැන්ඩි අයියා සෙල්ලක්කාරයෙක් වගේ හිටියට මෙච්චර .. දේවල් හිතන කෙනෙන් කියලා මන් කවදාවත් හිතුවේ නෑ ……ඒත් … රැන්ඩි අයියාගේ හිනාව අස්සේ … හැන්ගිලා තියෙන දුක … මන් … හොදටම අදුන ගත්තා… මෙච්චර කාලයක් රැන්ඩි අයියා ගැන මගේ හිතේ තිබ්බ අපුල ටිකෙන් ටික නැතිවෙනවදෝ කියලා හිතුනා …

මේ හැමදේම උනේ .. මම සෙකන්ඩ් ඉයර් පාස් වෙද්දී …
චායා ගැන තිබ්බ ආදරේ මට හිත ඇතුලෙම මරන්න උනේ … රැපා හින්දා … ඌත් ඒ කෙල්ලටම ආදරේ කරපු නිසා … මට ඒ ආදරෙ කියාගන්න බැරි උනා …. ඌ ආදරෙයී කියලා දැන දැනම මන් කොහොමද ඒ කෙල්ලට ආදරේ කරන්නේ …

රැන්ඩි අයියා කතාව පටන් ගත්තේ ලොකු සුසුමක් එක්ක …

ආදරේ. ඇත්තටම පරිත්‍යාගයක් ද … හ්ම්ම් .. ඔව් රැන්ඩි අයියා ගැන පැහැදිමක් ඇතිඋනේ මට … ඒත් ….තිසූ අයියා …

ඇයී මට ආදරෙ කලේ …එහෙනම් ..මට ආදරෙයී කිව්වේ … ඒ හැමදේම බොරුවක්ද … මෙච්චර කාලයක් මන් දුක් වින්දේ බොරු ආදරයක් වෙනුවෙන් ද … දෙයියනේ ….

මගේ හිතට දැනුනේ කියාගන්න බැරිතරම් දුකක් …

ඒ අක්කා කෝ … ඇයී ආයෙම අදත් ආවේ … ඒ කෙල්ල කෝ … මගේ හිතේ තිබ්බ … ප්‍රශ්න පෝලිමට එලියට ආවා

..එ…..ත…කො…ට ..ති..සූ..අ.යියා මට..ාඅ..ද..රේ කලේ නැද්ද අයියේ …

මගේ ඇස් වල ඉබේටම කදුලු පෙරෙද්දී ..රැන්ඩි අයියා මගේ උරහිස වටා අත දාලා මාව එයාට ලන් කර ගත්තා ….

මේ ආදරේ. මදිද සුද්දී ….

මගේ මූන දිහා බලාගෙන එහෙම ඇහුවාම මට දෙන්න උත්තර තිබ්බේ නෑ. ඇත්තටම ඒ ඇසුත් බොද වෙලා … මන් වෙනුවෙන්ද ..තිසූ අයියා වෙනුවෙන්ද කියන්න මන් දන්නේ නෑ …… ඒත් …තිසූ අයියා නිසා මන් ලොකු රැවටීමක ඉන්නේ කියන එක නම් මට හොදටම තේරුනා ..තවමත් පුන්චියට හරී තිසූ අයියා වෙනුවෙන් වද වෙන මගේ හිත … හදාගන්න ඕනේ කියන හැගීම මට දැනුනා … …

හ්ම්ම්

මන් සුසුමකින් සැනසිමක් ලැබුවා මිසක් … ඒකට උත්තර දුන්නේ නෑ .. වටේ ම වැටෙන ලා එලිය … පාන්දර ..පහේ කනිසම පහු කරපු බවට ඔප්පු කලා … නින්දක් ඕන කියලා මගේ ඇස් කිව්වේ නැති තරම් .. ප්‍රශ්න ගොඩක් එක්ක විදවන මේ ජීව්තේ එක්ක .. හැම ප්‍රශ්නෙම විසදන් .. සැනසීමෙන් නිදියන්න තියෙනවාන්ම් කොච්චර දෙයක් ද …

රෑපා ආදරේ කරන්නැතී … ඒත් … ඌ ඒ වෙද්දීත් ජීවිතේ වරද්දගෙන ඉවරයී … නන්ගී ….. ඌ විදෙව්වා .. සෑහෙන්න … හැබැයී … ඔය හැමදේම උනේ … අවුරුදු 3න් නන්ගී

මට ඌ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කලා .. ඒත් ..කරපු දෙවල් ආයෙම ගන්නේ කොහොමද සුද්දී …

හ්ම්ම් ඒක ඇත්ත කියලා මටත් දැනුනා …රැන්ඩි අයියා ඇත්තටම තිසූ අයියා ගැන වද වෙන තරම ඒ වචන වලම තිබ්බා ඒත් තිසූ අයියා කරපු හදාගන්න බැරි වැරැද්ද මොකද්ද … මගේ … හිතට ආපු ප්‍රශ්නය ඒක ..

❤️

රැන්ඩියා … උබට කියන්න මට කතාවක් තියෙනවා …

දවසක් කලුවා … ආවේ … මාසයක් .. විතර .. තොරතුරක් නැතිවෙච්ච රැපා ගැන පණිවිඩයක් අරගෙනද කියලා මන් බැලුවා … ඌ මගේ කෝල් එකකටවත් ආන්සර් නොකර .. කැම්පස් එන්නේත් නැතුව නටන්න හදන නාඩගම මොකද්ද කියලා මට හිතාගන්න බැරුව හිටියේ ..

මොකද්ද බන් …

රෑපා .. හෙන කේස් එකක් දාගෙන බන් …

මන් හිතපු දේ හරි ගියත්… රැපා ගැන නරකක් අහ්න්න හිත දුන්නේ නෑ ඒත් … ඌට මන් පුලුවන් විදියට උදව් කලා …. උගේ විහින් දාගත්ත ලෙඩ වලට … ඌ අපේ රූම් එකෙන් යන්න ගියේ .. අපි කාටවත් කියන්නෙත් නැතුව … මාස 6ක් විතර කිසිම විස්තරයක් නැතුව .. හිටපු රැපා ගැන ආපු පලවෙනි ආරංචිය…

ඒ මොකද්ද …

චායා ප්‍රෙග්නට් වෙලා බන් … රැපාව ඒකිගේ අයියා හොයනවලු …

මොකක්…

මන් ඇත්තටම එදා ගොඩක් දුක් උනා …
ඒකට හේතු දෙකක් තිබ්බා … රැපා එච්චර මෝඩ උනාද කියන එක … අනික … මගේ හිතේ හිටපු චායාට … එහෙම දෙයක් උනා කියන එක

මුගෙ $&#%¥|. යකෝ … ඔක්කොමත් කරල ..දැන් ඌට ඒකිව බාරගන්න බැරිද …
ඌ කොහෙද .. දැන් …

දන්නේ නෑ බන් .. කීප පාරක්ම කැම්පස් එකටත් ඇවිත් … මන් ඌට ගත්ත නොසෑහෙන්න … උන් හෙන මැරයොලු බන් …
අපේ එකාට මැරුම් කන්න වෙයිද මන්දා …

ශික් .. මේකත් දාගන්න ලෙඩ … දරුවා උගේ නම් ඇයී ඌ පස්ස ගහන්නේ …

අනේ මන්දා බන් ..

ශික් සක්කිලියා … යකෝ මූ ..මාත් එක්ක … මෙච්චර ඉදලත් … මුට … මොකද්ද ..ඔච්චර තිබ්බ අමාරුව ..

අර අහිංසක කෙල්ල …

චායාට හිටියේ අයියා විතරයී. මන් දන්න තරමින් … හරි අමාරුවෙන් ඒ කෙල්ලව ..කැම්පස් එවලා තිබ්බේ …. ඒත් එහෙම දෙයක් වෙයී කියලා මම වත් හිතුවේ නෑ නන්ගී ….

මන් ඌව හොයාගන්න නොසැහෙන්න තැන් තැන් වල ගියා …

වැඩක් නෑ බන් … ඌ උබට මූන දෙන්න කෑමතී නෑ …

යකෝ ඒක මාර කතාවක් න්හ්හ් මන් මොකද්ද ඌට කරපු වැරෑද්ද … ඊටත් කෙල්ලෙක්ට එහෙම අනාත වෙන්න දෙන්න … පුලුවන් ද … මන් ඕකව අතාරින්නේ නෑ … ඒ කෙල්ලට බන්දලා දෙනවා මිසක් …

රැපා කැම්පස් ආවේ නෑ … ලෙක්චර්ස් ගියේ නෑ … ඌව හොයාගෙන … එක එක උන් එක එක දවසට කැම්පස් එකට ආවා ..

එක දවසක් … මූ කැම්පස්. එකට ඇවිත් හිටියේ. අපි … කසෙ ඉද්දී … මන් ඒ ආපු ආරංචියට .. ඌ හොයාගෙන ගියා …..

ඕපන් තියටර් එකේ වාඩී වෙලා … මූ හිටියේ බර කල්පනාවක … කොහෙන්ද මන්දා ආපු .. කේන්තියක් නිසා .. මන් දෙපාරක් නොහිතම ඌට එදා ගැහුවා ….

හැබැයී ඌ මට එක අතක් වත් ඉස්සුවේ නෑ …

ග…හ…පන් … ඇති වෙනකන් ….

)&#%{. මොකද්ද යකෝ තෝ කරපු වැඩේ …. බලපන්. ඒකිට කැම්පස් එන්න වත් පුලුවන් වැඩක්ද උබ කලේ කියලා ….
එකපාරක් අහපන් … මන් කියන දෙ …

උබ කියන එකක් වත් ආයෙ මන් අහන්න ලෑස්තී නෑ … ආය උබ මගේ කවුරුත් නෙමේ …. ඒක දැනගනින්

එදායින් පස්සේ උගෙයී මගේයී යාලුකම් ඉවර උනා …
සුද්දී

රැන්ඩි අයියා කතාව ඉවර කරලා බැලුවේ මන් දිහා …
ඒත් ඒ ඇස් වල මොකද්දෝ පසු තැවීමක් … තිබුනා …

❤️

මට කියන්න වචන ඉතුරු නෑ ..කොහොමද මන් ඒ හිත හදන්නේ … දෙයියනෙ මොන දුකක් ද ..තමන් ආදරේ කරපු කෙල්ල …. අනාත වෙද්දී මොන දුකක්ද …

මගේ හිත රැන්ඩි අයියා වෙනුවෙන් වැලපෙද්දී .. තිසූ අයියා ගැන මට දැනුනේ පිලිකුලක් …

එහෙම දෙයක් කරලාදා මාව එයාට සම්බන්ධ කරගත්තේ … අපේ පලවෙනි හමුවීමම හදුවක් කරගන්න තරම් එයා පහත් උනේ ඒ නිසාද …

ඇයි සුද්දී කතා නැත්තේ ….

මගෙන් කතාවක් වත් නැති තැන … රැන්ඩි අයියා කතාව නතර කරලා මගේ කල්පනාව බින්දා …
එකපාරම එයාගේ ඇගිලි මගේ ඇස් යටින් ස්පර්ශ වෙද්දී මන් දැනගත්තේ මන් අඩනවා කියලා …

හ්ම් මන් වෙනුවෙන් ම … අඩන කදුලු … මන් ගැනම පසු තැවීමෙන් අඩන කදුලු …

අම්මා ට කතාකලාද සුද්දී …

අමතක වෙච්ච දෙයක් …මතක් කරනවා වගේ … රැන්ඩි අයියා .. මගෙන් ඇහුවේ …

හ්ම්ම් ඔව් අයියේ …

හ්ම්ම් ප…ව් …

රැන්ඩි අයියාට එකපාරම එහෙම කියවුනා ඒක .. මගේ අම්මා වෙනුවෙන් එයාගෙ වදවීම මන් ගැන එයාගේ වද වීම … ගැන මෙච්චර කාලයක් මන් වෙනුවෙන් කරපු දේවල් ම ඇති නේද …

මගේ හිතින් මන් හිතුවෙ එහෙම… රැන්ඩි. අයියාගෙන් මට දැනගන්න දේවල් ගොඩක් තිබ්බාත් .. එයා කියනකන් ඉවසන්න මන් හිත හදාගත්තා ..

යමු සුද්දී එලිය වැටිලා … ටිකක් නිදාගන්න … මහන්සි ඇතී ..ඔයාට …

රැන්ඩි අයියා මගේ කරට අතදාගෙනම එහෙම කියලා …
නෑගිට්ටේ මාත් එක්කමයී…

ඊලග කොටසට

♥️

උදේ කොටසක් එක්ක .. බොනස් කොටසක් රෑටත් දෙන්නම් … මාසයක් .. මගේ කතාව ඔයාලට බලන්න බැරිඋන නිසා සහ .. ඉවසීමත් අඩු නිසා තමයී කියවන්න දෙන්නේ ඉතින් …
මෙච්චර කොටස් ගානක් එක්ක ලියවෙච්ච පලවෙනි කතාව මගේ පරවි කතාව … කතාවක් ලියලා ඉවරවෙගේන එනකොට මොකද්දෝ දුකක් … හිතට දැනෙනවා … ලොකූ කාලයක් මේ කතාවේ පාරමී වෙලා මම .. ඒ චරිතෙන් එලියට එනකොට … හරිම දුකක් දැනෙන්නේ …
මේ ඇප් එක පටන් ගත්ත දා ඉදන් .. ඔයාලට කියවන්න ලැබුනු කතාව … ගොඩක් කේස් දාගත්ත කතාවත් මේ කතාව තමයී ??? ඇඩ්මින් මල්ලී දන්නවා … කතාවක් කියවන කට්ටිය. වැඩි උනාමත් .. කතෲට කේස් එනවනේ … ඒක ඉතින් සාමාන්‍ය දෙයක් … දැනට උනත් ඉන්නවා. බෑඩ් රේට් කරන එකම එක්කෙනෙක් … කමක්නෑ ඉතිම් ..පසු වදනට ගොඩක් කතා ඉතුරු කරලා .. ඊලග එපිසෝඩ් එක අරගෙන එන්නම් … අහ් තව දෙයක් … ටොප් රේට් ආපු කමෙන්‍ට්ස් පහම මගේ කතාවට .. ඔයාලා දාපු කමෙන්‍ට් තැන්කූ වස්තුලා .. වෙන සතුටක් නෑ ඉතින් .. ඔයාලා පුල පුලා බලන් ඉන්නේ මගේ කතාව කියවන්න සේම මම බලන් ඉන්නේ ඔයාලගේ කමෙන්ට් කියවන්න … ඉතින් පුලුවන් හැමෝම ඇප් එකේ රෙජිස්ටර් වෙලා. කතාවට කමෙන්‍ට් එකක් දානවනම් මන් කැමතී … හැමදාම කමෙන්ට් කරන අය ඉන්නවා ආදරෙයී ඔක්කොටම … කියවන අය රේට් එකක් දාගෙනම යන්න .. මන් දන්න තරමින් 10000 ටත් වැඩිය කියවනවා මේ කතාව … ඉතින් ..කතාව කියවලා ඇප් එක නිකන් කොලොස් කරන කීදෙනෙක් ඉන්නවද .. එ නිසා පුන්චී වෙලාවක් වෙන් කරන්න අපේ සතුටත් වෙනුවෙන් ❤️❤️❤️??? රෑ කොටසක් අරන් එන්නම් .

❤️ බුදු සරණයී ❤️
❤️පියුමි සේනාදී ❤️

18 thoughts on “පරවී | අසූ දෙවන කොටස | නවකතා”

  1. කතාව ගොඩාක් ලස්සනයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ .
    ????????

  2. Thakshi Deepali Jayasuriya

    ගනන් ගන්න එපා අක්කි..මගේ කතා කොච්චරකට ටොප් රේට් අැවිත් පහලටම යන්න උනාද බෑඩ් රේට් කරන දෙතුන් දෙනෙක් නිසා…එ්කෙන් කියවෙන්නේ අපේ කතාව අපි හිතුවටත් වඩා හොඳයි කියන එක….එහෙනම් මං හිතුවා හරි…තිසුල ගැන මගේ හිතේ තිබ්බේ කලකිරීමක් එදා ඉඳලම…එ්ක පියුමි අක්කි දන්නවනේ…මට බය පාරමී රැන්ඩිව අත අරීද කියලායි…අනේ එහෙම නම් වෙන්න එපා

  3. Mn kiuwade hariwage… chaya rapa aiya athin pregnant una eka… e unat passe ek wenas weid dnne na… kathawa iwarawenkn kathawa sure nane… mokd hithana de newei wenne… ???

    Kathawanm lassanai akkiyo… dawasat deparakm parawi kiyawanna puluwa.. hari shook… tnx akkiyo apiwenuwe kathawa mehem danawat… naththan ithin iwasala iwasalam monahariwei.. ?

  4. Buddhika subhashini

    අනෙ ලස්සනයි අක්කි කතාව ..මාරම ලස්සනයි කියන්න වචන නෑ.මම මේ ලගදි app එක ගත්තේ මම එක හුස්මට කතාව කියෙව්වා.මම කියවපු ලස්සනම ආදර කතාව❤️❤️ ..ගොඩක් කොටස් හරිම හැගීම්බරයි අක්කි ????.good luck අක්කි ..

  5. Priyadarshani

    අනේ මංද අක්කි මෙච්චර හොද කතාවකට බෑඩ් රේට් දෙන්න එයල කොහොම හිත හදාගන්නවද දන්නෑ…ඇත්තමයි කතාවෙ කිසිම අඩුපාඩුවක් නෑ…ඒ ඔයාට ඉරිසියා කරන කෙනෙක්ම තමයි එහෙම කරන්නේ …ඔයා ඒව හිතන්න එපා ඔයා සතුටු වෙන්න මොකද ඔයා කරන වැඩේ 100%ක්ම සාර්ථකයි ..
    Good Luck …..
    ❤️❤️❤️❤️

  6. Vinola kalpani

    Ane akki mn kiyewwa wadi purama asama kathawa thama parawi ane iwara wenna lagai kiyala hitjenakota harima dukai me kathawa ape atta samajaye jiweethe ekka kochchranam galapenawada….adare nisa ki denek vidawanawada ki deneknam adare vidinawada neda…..ane pau randi aiya akke ane parowa randi aiyata dila eyalage adare hamadama shakthimath karanna oni…..prathama adare nathi unama kochchara dukakda neda eth e adare nathi una kiyala hamadama duk wenawata wadiya apita ita wadiya adare karana kenek gana sathutu wenna oni neda akke……..oyage wada asse kathawa dala ape kammeli kama paluwa nathi karanawata oyata goooooodaaaakkkkkk pin akke….? aneeee kathawa tikak wadiyen dannako………hodata wada katayuthu karaganna akke mn suba pathanawa ……..

  7. අම්මෝ පියුමි අක්කි මල් තියලා වදින්නම් ඔයාට…………රෑටත් දාන්න හොදේ………….? දන්නවද ඔයා එක්ක බලද්දී මං ගොඩක් පුංචි ඇති ඒත් අක්කි ඔයාගෙ කතාව ඔයාගෙ අදහ්ස් ඒ යතාර්ථය මගෙ හිතට ගොඩක් දැනුනා………කතාව ලියන ඔයාට ඔච්චර දුක නම් කියවපු අපි ඔක්කොටම මාරම දුකයි අක්කි………………….කතාව ඉවර වෙන්න ලගයි කියද්දි හදවත පසාරු කරන් පිහි පාරක් ගියා වගේ දැනුනා…………..ඇත්තටම මීට කලින් කතා ලියලා නැති මම මේ ඇප් එක නිසයි කතා ලියන්න ආරම්භ කලේ……..දන්නවද ඒත් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන්…..ඔයා කතා ලියන්න ඕන විදිය කතාව ඇතුලෙ ජීවිතේ ගෙනියන විදිය මේ හැමදේම එකම ලිපියකින් අපිට දීල තිබුනා………ඒ හැම දේටම ගොඩක් ස්තූතියි ……….. මගෙ කතා තාම ගොඩක් සාර්ථක නැතුව ඇති ඒත් මං මගෙ අඩුපාඩු හදාගන්නවා………..

    ජීවිතේ යතාර්ථය දැක්ක එක කාන්තාවකි නුබ…………

  8. Thilini chandrasiri

    Ammo mram sathutui..mm adre krn kena hoda knk kyl truna wg…?..mkd rendi aiya nmine ehm krl tynne…e nsa mara senasimak tynne….ktw dn hmdm dnwt tnx…ktw lssni gdk……❤?

  9. Ane akkiyo rusiyawatath wada irisiyawa lokuilune.. kiyanawane.owa ganan ganna epa.kathawe kisima adu paduwak na .kathawa
    Patta……….
    ??????????????????
    Supiri
    ??????????????????.
    Hamadama kathawa danawata thanks.
    B.S.

  10. මේ කතාව ගොඩ්ඩාක් ලස්සනයි..මං කතාව පටන් ගත්තු දවසේ ඉදන්ම කියව්නවා ඒත් මට comment 1k දාන්න නම් බැරි වුණා?.මේ කතාවේ සිදුවීම් ඔක්කෝම වගේ හරීම සජීවී… විදින්න පුලුවන් ඇත්තමයි අක්කේ ඔයා ගොඩාක්ම ගොඩාක්ම දක්ෂයි. Wish you all the best !

  11. කතාවනම් ඉතින් ගොඩාක් ලස්සනයි. ආසාවෙන් කියවන කොච්චර නම් බලන් ඉන්නවද පරවි අනේ දැන් වැඩේ වැඩේ කියලා. දන්නව ද ඔයාගේ කතාව ලග අපි කොච්චර ඉවසීම ප්‍රගුණ කරාද කියලා වැඩක් නෑ. සතුටුයි රෑටත් කතාව දාන එකට. වරදක් නෑ අනේ ඔයා හිතට දැනේන්න ලස්සනට ලියනවා . ඇත්තටම සමහර වෙලාවට අපි ඒ චරිත ඇතුලේ ජිවත් වෙනවා. දිගටම ලියන්න. කාගේවත් හිතන පතන විදිය වෙනස් කරන්න අපට බෑ නේ. ඒ එයාලගේ හැටි. මේ අපේ හැටි කියලා ඉන්න අනේ. මං කොච්චර කතා කියලා ඇතිද ඒත් ගොඩාක් හිතට දැනුනු වැදුනු කතාවක් තමා ඔයාගේ මේ කතාව. අපි ඉන්නවනේ ඔයාත් එක්ක . ? දාන අය ගනන් ගන්න එපා අනේ.
    රැන්ඩි අයියා පාරෝ එකතු වෙන එකටනම් ගොඩාක් සතුටුයි. රෑටත් දන්න බලන් ඉන්නවා.

  12. ?හසිතා?

    Ane thanx piumi parota thisula gana pilikulak ati kalata……mama mula idanma asa nati charithayak tamai thisula….

    katawa godaaaaaaaaakkk lassanai.kiyanna wachana na……..attama kiwwot oya harima talanted ……..natnam oyage katawat me taram apita adare karanna ba……meka iwara kalat aluth katawak aran enna ikamnin…….good luck….budusaranai ……???????

  13. Nirosha Lakmali

    ? අනේ අද තමයි කමෙන්ට් එකක් දාන්න පුළුවන් උනේ. කතාව දානකන් බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව. මං කියවපු ලස්සනම ලස්සන කතාව පරවි. Good Luck ?

  14. Clz ewarawela gedarata apu gaman app eka pathte awe parawi dalada balanna. Katawa dala nisa godaaaak sathutui akkiyo. Parawi tamai mama kamatima katawa.
    Dannam mata sathutui mokada randi ayya hoda nisa. Aneee hoda sudu akka wage parowa randi ayyata dennako. ????????
    Bonus kotasa danakam maga balagena innawa akkiyo.
    Good luck. ???????

  15. ?සිහින සිත්තරාවී°°KKD?

    ඕඕඕඔ … ඕන් අක්කියෝ එකම කොටස අද පස් වතාවක් කියෙව්වා .. කතාව දාපු ගමන්ම වගේ කියෙව්වා ක්ලාස් එකේදි .. ඒත් රේට් විතරයි කලේ .. අද මට එක්සෑම්නෙ… එක්සෑම් කියලා බැලුවෙ නෑ .. ආයි තුම් පාරක් බැලුවා … කමෙන්ට් එකක් කොටන්න තරම් ටයිම් තිබ්බෙ නෑ… දැන් තමයි ක්ලාස් ඉවර වෙලා බස් එකට නැග්ගෙ …. කොන්දොස්ත්‍රයගෙන් බැනුම් ඇහුවෙ නැති එක විතරයි සල්ලි දෙන්න කියලා ?? ඔයාගෙ කතාවට පිස්ඩු වැටිලා ඉන්න තරන් හිතා ගන්න් පුලුවන් ඇතිනෙ නේද … රෑටත් කතාව දාන්න අක්කියෝ … පරවිටයි ඔයාටයි ආදරෙයි මහ ගොඩාරියක් ….?????

  16. සිතුවිලි

    තිසු අයියායි රැන්ඩි අයියායි ගැන හිතද්දි කොහෙවත් නැති සිංදුවක් ඔලුවට ආවා . කොයිතරම් අදාළ ද දන්නෑ…….ගොඩක් පරණයි
    මල සරසා ගෙන
    මල් නැලවෙන කොට ඒ මල දුටු වේ මමයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි
    මල වට කරගෙන මල් හිනැහෙන විට ඒ මල දුටුවේ මමයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි ….
    Lyrics :ලූෂන් බුලත්සිංහල

  17. kasuni chamalka

    කතාව ගොඩාක් ලස්සනයි.. හැමදාම කියනවා.. plzz.. පරෝව රෑන්ඩ් අයියටම දෙන්න..

  18. nayomi nadeera

    Man kathawa nam hamadama kiyawanawa… rate karanawa.. ath diga comment danna amarui chuti baba ekka… ekata tharaha wenna epa hode… kathawa lassanai hamadama wage… ❤❤ bad rate karana kenek innawa hama kathawatama … eja ganan ganna epa .. pala athi rukata tama gal wadinne ? digatama liyanna … man katha ahure dapu digama comment eka meka ? best of luck oyata??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.