Katha Ahura

පාසළඹේ හඩ | ? 02 කොටස ? | හොල්මන් කතා

5/5 - (1 vote)

පාසළඹේ හඩ ? 02 කොටස ?

මගේ පස්සෙන් එන මැරයන් හතරදෙනා මම පස්සෙ එලවද්දී මට කොහොමහරි වැව් කැලේ ඇතුලට රිංග ගන්න පුලුවන් වුනා.

මම අර ගෙදර පදිංචියට ඇවිල්ලා ටික දවසක් නිසා මේ වැව් කැලේටත් මම කීපපාරක් ඇවිල්ලා තියෙනවා. ඉක්මනට දුවගෙන ගිය මම වැවේ උසම උස ගසකක නැගලා හැංගුනා. ලොකු විශ්වාසයක් තිබ්බා ඒ ගහ උඩ ඉන්න මාව උන් දකින්නේ නැතිවෙයි කියලා. තව ටික වෙලාවකින් ඉක්මනට රෑ වෙයි. එතකොට මාඅව කොහොමත් පේන්නේ නැතී වෙයි.

කීපපාරක් අරුන් මම හිටිය ගහ යටින් ගියත් උන්ට මාව හොයාගන්න බැරිවුනා.

” මොකක්ද කරන්නේ , මූව මේ කැලේ හොයාගන්ඩ අමාරුයි වගේ.”

එකෙක් මම නැගලා හිටිය ගහ යටින් යද්දී කියන්වා මම අහගෙන.

” අද උබ බේරුනා කියලා හිතාගනිම්, ඒත් අද විතරයි. මම අනිත් උන්ට එක පාරක් මගෙන් බේරෙන්න චාන්ස් එකක් දෙන එකේ උබටත් අද චාන්ස් එකක් දෙන්නම්, ඒත් අද විතරයි..හ්ම්ම් යමල්ලා.. ”

එතන හිටිය අනිත් එකා කිව්වා. මට හිතෙන්නේ ඒ මේකේ බොසා වෙන්න ඕනා.

අවසානේ උන් යන්න යද්දී මම ගහ උඩ ඉදලා සුසුමක් හෙලුවා. මම තීරනය කෙරුව එදා රෑ වැව් කැලේම ඉන්න. අරුන් බැරිවෙලාවත් ගේ අස්සේ හැංගිලා ඉදලා මම එද්දීම මට මොනවා හරි කලොත්. මම එහෙම හිතුවා.

ඉර බැහලා රෑ වුනා. මම ගහෙන් බැහලා වෑක්නද පැත්තට ගියේ නිදාගන්න හොද ගහක්වත් තෝරගන්න හිතාගෙන.

” උබ ආපහු එහෙට යන්ඩ එපා. මම අර කිව්ව ගේ ගැන හෙව්වා.හෙට උනත් උබට එහෙට යන්න පුලුවන් ”

අද මට උන දේ කවිෂ්කට කියද්දී කවිෂ්ක මට දුන්නේ ඒහෙම උත්තරයක්.

” මම උබව එක්කයන්න අද රෑම එන්නම්. හෙට පාන්දරම මම උබව එහාට ගිහිල්ලා ඇරලවන්නම්.. උබ වෑක්න්ද පැත්තට වෙලා හිටපං….”

” හා….. ”

වෙන කරන්න කිසිම දෙයක්නෑ..මම කවිෂ්ක කිව්ව දේට කැමතී වුනා.

?????????????????????

කිව්ව විදිහටම කවිෂ්ක එදා රෑ මාව එක්කයන්න මම හිටිය දෑකන්ද පැත්තට ආවා. ඊට් පස්සේ ඔහුත් එක්ක කවිශ්කලාගේ ගෙදර ගිය මම පහුවදා පාන්දර කවිශ්ක කිව්ව අර ගෙදර ගියා.

සෑහෙන්න දුරක් ගෙවා ගෙන ගිය අපි ඒ නිවසට යද්දී ඉරත් මුදුන් වෙලා.ගේ තිබ්බ පැත්ත පාලුම පාලුයි. ඊට ගැලපෙන විදිහටම අර ගේත් පාලු විශාල පරණ කාලේ ගෙයක්.

” මේකද බං ගෙදර ”

ඒ ගේ දකිද්දී මට එච්චරම සතුටක් දැනුනේ නෑ.

” ඔව්..මේක තමා , කවුරුවත් මේ ගෙදර උබ ඉන්නවා කියලා හොයාගන්න බැරිවෙයි. හොයාගෙන ආවත් උබට මේ ගේ ඇතුලේ හැංගිලා ඉන්න ඕනේ තරම් තැන් තියනවා… යම් ඇතුලට ”

කවිෂ්ක මාවත් එක්කගෙන ඒ විශාල ගෙයි දොර පැත්තට ගියා.

” මේක අරින යතුර කෝ….”

මම ඇහුවා.

” ලොක් කරලා නෑ. යතුර ඇති දොරෙ එහා පැත්තේ..”

කියපු කවිශ්ක දොරට අතින් තල්ලුවක් දුන්න. සිමෙන්ති පොලවටම ඇලිලා තිබ්බ දොර ඇරුනේ අමාරුවෙන් වගේ. ඇරුනු දොරෙන් ගේ ඇතුල දකිද්දී මගේ හිතට ආයේ දැනුනේ නොසතුටක්.

ගේ ඇතුල හරියට යකාගේ කම්මල වගේ. වවලන් කීපදෙනෙක් අපේ හිස ඉහලින් පියාඹගෙන ගියා. උන් ලැගපු හින්දා වවල් බෙටිවලින් ගෙයි සිමෙන්ති පොලව ජරාවෙලා තිබ්බා.

” මේ විදිහට වත් ගේ ඇතුල තියෙන එක ලොකු දෙයක්. මම හිතුවේ අඩිය තියන්න බැරි විදිහට වවුල් බෙටි වලින් ජරාවෙලා කියලා….”

කවිශ්කගේනම් හඩේ තිබ්බේ තෘප්තිමත් බවක්.

“බං මට බයයි වගේ මේ ගේ රෑට ඉන්ඩත්.. මේ ලග පාත ගෙයක් දොරක්වත් නෑනේ කවිෂ්ක”

” මොකට බයවෙන්ඩද බං ,අනික කාට බයවෙන්ඩද…. මිනිස්සුන්ට ඕනාවට වඩා පේන්න හිටියොත් තමා උබට බයවෙන්න වෙන්නේ…”

මම කියපු දේට කවිශ්ක දුන්නේ එහෙම උත්තරයක්.

” අපි මේ ගේ ඉක්මනට සුද්ද කරලා ගමූ , උබ නිකම් ඉන්න එකේ ඊට පස්සේ උබට ඕනා විදිහට හදාගනිම්. ”

” අනේ මංදා බං , මම ජීවත්වෙනේ කොහොමද.. සල්ලී හම්බවෙන්න විදිහක් නැතුව මම ජීවත් වෙන්නේ කොහොමද ”

” ඒක ප්‍රශ්නයක් කරගන්න එපා… මේ ගෙයි වත්‍ත බලාගන්න මුරකාරයෙක් හොය හොයා හිටියේ. මේ ගෙයි අයිත්කාරයෝ මගේ ඇතීන් නෑදෑයෝ වෙන කට්‍ටියක්. උබ ගේයි ඉඩමයි බලාගන්න හින්දා කීයක් හරි උබට එයාලගෙන් ඉල්ලල දෙන්න පුලුවන්. මේ ටික කාලේට මොකක් හරි කරගමු..”

” හ්ම්ම්ම්ම්ම් ”

මට වෙන කියන්න දෙයක් නැති දැන අවසානේ නිහඩ වුනා.

??????????????????????

කවිෂ්ක මායි එදා දවස ඒ ගේ අස් පස් කරලා මනුස්සයෙක්ට ඉන්න පුලුවන් විදිහට වාතාවරනයක් හදාගත්තා. එදා රෑ කවිශ්ක මාත් එක්ක නතරවුනා. ඒ හින්දා මට බයක් දැනුනේ නෑ.

” මං අද උබ කලින් හිටිය ගෙදරට ගිහිල්ලා මොකක්ද වුනේ කියලා බලල , උබේ අනිත් බඩු ටිකත් හොයන් එන්නම්..”

ඒ දේ කවිශ්ක කිව්වේ පහුවදා උදේ.

” ඒත් උන්ට උබව මාට්ටු වෙයිද…”

” නෑ එහෙම වෙන එකක් නෑ…..”

?????????????????????

කවිශ්ක ගියාට පස්සේ මම ඒ විශාල වත්තක් මැද තිබ්බ ඒ පාලු ගෙදර තනිවුනා. ඒක සෑහෙන්න පරණ කාලේ ගෙයක්. වෙලාවට විදිලි බලය ඒ ගෙදරට තිබ්බ නිසා. පොඩි සැනසුමක් තිබ්බා.

ගේ ඉස්සරහ පැත්තේ තාමත් ගෙඩි හරියට පැහිලා නැතී බේත් නෙල්ලි ගහක් තිබ්බ. පොඩි කෙක්කක් බැදගෙන ඒ ගහේ තිබ්බ බේත් නෙල්ලි කඩ කඩා ඉන්නකොටයි මම දැක්කේ වත්‍තට පනින කෙනෙක්ගේ චායාවක්.

මම ඕනෑකමින් බැලුවා. වත්‍තට පැනලා හිටියේ වයස අවුරුදු පනහක විතර මනුස්සයෙක්.

” නිසල්ක ,උබ තමා මේ වත්‍ත බලාගන්න මුරකාරයා..ඒ හින්දා මේ වත්තට කාටවත් පැනලා ඒවා මේවා කරන්න දෙන්න එපා…..”

මගේ හිත එහෙම දෙයක් අගවද්දී මම ඉක්මනට අර මනුස්සයා හිටිය පැත්තට කිට්ටු කෙරුවා. මම ඔහු ලගට යද්දී ඔහු හිටියේ පිහියකින් විශාල ගහක පොතු ගලවමින්.

මගේ අඩිහඩ ඇහිලා වෙන්න ඇති ඔහු එකපාරටම හැරිලා බැලුවා. ඔහුගේ ඇස් උඩ ගියා මම බලාගෙන.

” ඔ…ඔය ළමයා………”

ඔහු ඇහුවා.

” මම ඊයේ ආවේ මම තමා මේ වත්තේ ගෙදර ඉන්නේ….”

” ඕ එහෙමද ,මම දැනන් උන්නේ නෑ ඒක..තනියම නෙමේනේ ඉන්නේ ”

” තනියම තමා ඉන්නේ.. ”

” ඕ එහෙමද , ඒකනම් එච්චරම හොද දෙයක් නෙමේ..ඔය පාලු ගේ රෑට තනියම ඉන්න එපා. ඔය ළමයගේ හොදට මම මේ කියන්නේ..”

අර පුද්ගලයා එහෙම දෙයක් කිය්ද්දී මට දැනුනේ කුතුහලයක්.

” ඇයි එහෙම කියන්නේ ”

” ඒක මට කියන්න බෑ..තනියම ඉන්න එපා…ඔය පාලූ ගේයි වත්තයි බලාගන්න කියල කී දෙනෙක් ආවද…ඒත් ඒ අය එකපාරටම අතුරුදහන් වුනා.”

” ඒ ඇයී…..”

” දන්නේ නෑ…ඒත් ඔය පාලූ ගේ තියෙන හරිය ඒ තරම් හොද.ඉසද්වක් නෙමේ. විශේශයින් තනියම ඉන්න කෙනෙක්ට…මම මේ බේතට්ක මේ බේතට ඒ ගහේ පොතු ටිකක් ගලවගන්න ආවට මේ හරියට එන්න බයයි. මේ ගස් මේ පැත්තේ වෙන කොහෙවත් නෑ.. ”

ඔහු අවසානේ යන්න ගියේ මට ඉක්මනට ඒ නිවසින් ආපහු යන්න කියා අනතුරු අගවලා.

??????????????????????

මම ඒ පුද්ගලයා කිව්ව දේවල් කවිෂ්කට කෝල් කරලා කිව්වා..

” හහ් හහ් හා උබත් ඉතින් අර මිනිහා කිව්ව දේවල් වලට රැවටුනා..”

ඒ දේ ඇහුවට පස්සේ කවිෂ්ක කිව්වේ සම්ච්චල් හඩකින්.

” නිසල්ක ඔය වත්තට පැනලා අහල පහල උන් හොරින් පොල් අහුලනවා තව එක එක හොර වැඩ කරනවා. ඉතින් උබ ඉන්නවට එහෙම හොර වැඩ කරන උන්ට අවාසී. අර මිනිහත් එහෙම එකෙක් දෙන්න ඇතී. අර විදිහට බය කරලා උබව එලවන්ඩ ඔහොම බොරුවක් කියන්න ඇතී..”

කවිශ්ක කියද්දී මම ඒ පුද්ගලයා ආයෙම මනසින් මවාගත්තා. ඒත් මට ඒ කෙනාගේ මූන මතක්වෙද්දී ඔහු බොරුවක් කිව්වද කියලා විශ්වාස කරන්නත් බෑ.

” අනේ මංදා බං ඒ මිනිහගේ මූන දකිද්දී බොරු කිව්වා කියල මූනෙන්නම් පේන්නේ නෑ..”

” මිනිස්සුන්ගේ මූනවල් දිහා බලල කොහොමද බං මිනිස්සු අදුරගන්නේ..”

” අනේ මංදා බං දැන්නම් මට තනියම ඉන්නත් බයයි. දවල්ටනම්.අවුලක්.නෑ රෑට. ”

” අයියෝ නිසල්ක උබ ඔහොම බය ගුල්ලෙක් ද…උබේ තනියට උබත් එක්ක නතරවෙන්නවත් කෙනෙක් එවන්න නෑනේ. අර දේවල් විශ්වාස කරන්න එපා බං , බය නැතුව් හිටපං”

කවිශ්ක අවසානේ කිව්වේ එහෙම.

??????????????????????

කවිශ්ක මට උයාගෙන කන්න කියලා බඩු කලමනනා අරන් දීල ගිය හින්දා මට ඒ පැත්තෙන් දැනටනම් අවුලක් වෙලා තිබ්බේ නෑ.එදා රෑට වත්තින් වැටුනු පොලයක් ලෙලි ගහලා සම්බෝලයක් හදලා මම බතක් උයා ගත්තා.

රාතී කාලයට ඒ ගේ හරිම මූසල පාටයි. පාලු වත්තෙන් ඇහෙන නිශාචර සතුන්ගේ හඩවල් ඒ මූසල හැගුම තවත් වැඩිකරනවා.

” ම්…….ම්…..ම්……..ම්…….
ආ……ආ……ආ…….ආ…….”
සස් සස් සස් සස් සස් සා……..
ආ…. ආ…….ආ……..ආ…………..”

රාත්‍රීයේ එකපාරටම ඇහුන ඒ හඩට ගැස්සී ගියා… කවුරුහරි කෙනෙක් හරියට සින්දුවක් කියන්න පටන් ගන්නවා හඩක් ඒ හඩ..

“ම්…….ම්…..ම්……..ම්…….
ආ……ආ……ආ…….ආ…….”
සස් සස් සස් සස් සස් සා……..
ආ…. ආ…….ආ……..ආ…………..”

ආයෙම ඒ ගැහණු හඩ ඇහෙද්දී මම සෑහෙන්න බයවුනා….ඒ හඩ ඇහෙන්නේ මේ පාලු වත්තේ කෙලවරක ඉදලා.

” සද අහසේ පාවී හිනහෙන්නේ…….
තරු කැට දිලිසී හිනහෙන්නේ……..
ඒ මා ගයනා ගී අහලානේ…..
මා රගනා හැටි දැකලානේ……

චම් චම් මාගේ පාසලඹේ…..
හඩ මෙන් උමතුයි සිත මාගේ….

චම් චම් මාගේ පාසලඹේ…..
හඩ මෙන් උමතුයි සිත මාගේ….”

ඒ එක්කම ඇහුනු ඒ මිහිරි ගී හඩ ඇහෙද්දී මට කුතුහලයක් දැනුනා ඒ විදිහට කවුද සින්දු කියන්නේ කවුද කියලා හොයාගන්න. කාන්දමට ඇදෙන යකඩයක් වගේ මම ඒ හඩ හොයාගෙන ඒ පාලු ගෙයින් එලියට බැස්සා. එදා හරිම අමුතු රාත්‍රියක්.

අහසේ හරි අපූරුවට අටවක සද පායලා තිබ්බා.ඊටම ගැලපෙන විදිහට අහසේ හැම තැනම තරු කැටත් දිලිසෙමින් තිබ්බා…………………????????????????????ඊලග පාසළඹේ හඩට

කතාව කියවක ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩක් ස්තූතීයි????

4 thoughts on “පාසළඹේ හඩ | ? 02 කොටස ? | හොල්මන් කතා”

  1. Lssnai kathawa.api dgtma oyth ekka innwa hnde.mn hthnwa me paara oya apiwa holman ekka ntwla gnee kyla.byeth ba.eth mnwa krnnda.gahi gahi kywnwa.lssna nsa

    2
  2. Me ara sinduve kiyapu salabai(e kiuve holmana gavath salabak athi neda). me ? gava thiyaana salabai athare sambandayak athi.anivaren meke holman vena ekata mula slaba venna oni.
    Onna raz oyage superb holman kathavak ayema apita kiyavana dunata thnx.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.