16 වෙනි කොටස
රනූ මූණත් හෝදගෙන ආවම මල්ලි දුන්නා මගේ රෝස මලව රනූගේ අතට.මගේ හා පැටියත් හිනා වෙවීම තමයි රනූගේ අතට ගියේ .
රනූගේ සිප ගැනීම් වලට කිති කැවුණු මගෙ කෙල්ල රනූගේ පපුව අස්සේ මූණ හංගගෙන හිනා වුණේ හරියට දඟ වැඩක් කරා වගේ.
කොහොම වුණත් දෝණිගේ චූටි කකුල් දෙකම තිබුණේ රනූගේ කුසේ ගෑවී නොගෑවී.
” රනූ..පරිස්සමින් නංගි ….පැටියගේ කකුල් වදීවි හොඳ ද තුවාලෙ …”
රනූ මං කියන දේ ගානක් වත් නැතිව පැටියගේ කම්මුල් රතු වෙනකම් සිප ගන්න හැටි මායි මල්ලියි බලාගෙන හිටියා.දෝණි ඉන්නවා ඕන කෙනෙක්ගේ අතේ හිනා වෙවී.
” යමු කන්න …බඩගිනි බං අයියේ ….”
” රනූ යමු…කෝ දෙන්න රෝස මල මගෙ අතට…”
” අනේ මං අරන් එන්නම්කෝ අයියේ මෙයාව…..”
” පරිස්සමට හොඳේ….කෝලම් කරා වගේ නෙමෙයි තුවාලෙ ඔයාගේ…”
අපි තුන් දෙනත් එක්කම කෑම මේසෙට ආවා .කොහොමත් පුරුද්දක් විදියට අපි තුන්දෙනාම කෑම කෑවෙ එකට.
ඒත් දෝණි නැගිටලා ඉන්න වෙලාවට ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා.වෙනදටට නම් නෑව්වට පස්සේ පැටියා මෙලහකටත් නිදි. රනූ එයාව හුරතල් කරන නිසා තමයි නැගිටලා ඉන්නේ .
” රනූ…ඔයා කාලා ඉන්න මල්ලිත් එක්කම…. පැටියව දෙන්න මගෙ අතට….”
” අනේ අයියේ …..ඔයා කන්නකෝ චතූ එක්ක … මං එතකම් මෙයාව බලා ගන්නම්කෝ …”
” පණ්ඩිත ආච්චි නොවී කාලා ඉන්න …”
” වීරෙ අංකල් …කියන්නකෝ අයියට….”
” ඇයි …ඇයි…අංකල්ට කියලා අපිව බය කරන්නද….
බලපන් අයියේ මේකි කේලම් කියලා අපි දෙන්නට බැනුම් අස්සන්නමයි හදන්නේ ….”
” ලොකු පුතා…ඔයා කාලා ඉන්න ඉතින් …. චූටි දූගේ ආසාවනේ….”
” බෑ තාත්තේ ….මෙයා කාලා බෙහෙත් බොන්න ඕන …ඒකයි කන්න කිව්වේ පරක්කු නොකර…..”
” චූටි දූ….දෙන්න මැණික දෝණිව අයියගේ අතට….ඔයා කාලා ඉන්න ….”
” තරුවෝ ඔයා මහ දුෂ්ට වලහෙක්…”
තාත්තාට ඇහෙන්නේ නැති වෙන්න මගේ ළඟට ඇවිත් එහෙම කියපු රනූ මට ඇද කරලා දෝණිව මගේ අතට දීලා ආපහු හැරුණේ මගේ අතකුත් කොනිත්තලා …
” ආ..ව්…බලපන් මල්ලි …මේකි මගේ මාළු කනවා…
වීරෙ අංකල්ගේ මහ ලොකු චූටි දූ…. ඉන්නේ නම් දෙකට ගනින්න බෑ වගේ…..”
” ඇයි ඔයා දන්නේ නැද්ද දෙකට ගනින්න බෑ වගේ ඉන්න අය තමයි හතරටත් ගැනලා කොකා පෙන්නලා යන්නේ ….”
” අපෝ ටික්කි….කට වහපන්…මේ අයියා බං…මං නෙමෙයි …උඹට කොකා පෙන්නයි තව මොනවා හරි කියෙව්වොත්….”
” මෙයා මහ ඇට්ටරයා චතූ…මේ රෝස පැංචි මගේ අතේ ඉන්නවට මෙයාගේ ඊරිසියාව ….”
” එහෙම තමයි බං…ඒ ඉතින් තාත්තනේ…අයියා ගියාම උඹ ඇති වෙනකම් අල්ලපන් කෙල්ලව….
දැන් පාඩුවේ කාපන් කට වහගෙන ….”
රනූට ඕන රණ්ඩු කරලා හරි මගේ කෙල්ලව මගේ අතින් එයා ළඟට ගන්න .මගෙ පැටියට තියෙන ආදරේට කියලා මම දන්නවා උනත් එයා බෙහෙත් බොන එකයි වැදගත් මේ වෙලාවේ.
” මල්ලි මෙයාව වාඩි කරලා හිටපන් පුටුවෙන් …”
චූටි දෝණි මගේ අතේ නිසා අකමැත්තෙන් උනත් මං මල්ලිට කිව්වේ ඇයට තනියම අසුන් ගන්න අපහසුයි කියලා දැණුනු නිසා .
” ඕන නෑ චතූ….මට පුළුවන් වාඩි වෙන්න …. ඔයා කන්න ….”
මටත් ඔරව ඔරව රනූ ගිහින් තනියම වාඩි වුණේ අපහසුවෙන් කියලා මට තේරුණා .කමක් නෑ ඒකත් හොඳයි .
මම රෝස මලත් අරගෙන සාලෙට ආවේ කන වෙලාවට මගේ පැටියා දැක්කොත් පව් නිසා .තාම මුකුත් වැඩි දෙයක් කන්න බෑ එයාට.
උරහිසට හේත්තු කරගෙන ටික වෙලාවක් පද්දනකොට නාපු ගමන් නිසා මගේ පැටියා ඉක්මනටම නිදා ගන්නවා.වැඩි වෙලාවක් ගියේ නෑ .පැටියා සනීපෙට නිදි.
නැලවිල්ලක් වත් අහන්නේ නැතුව මගේ පුංචි දූ පැටියා නිදියන හැටිත් හරි අපූරුයි වෙලාවකට.මම ගිහින් එයාව ඇඳෙන් තියලා කොට්ට ටිකත් වටේටම තිව්වා .
බයයි නින්දෙන් පෙරළුණොත් එහෙම වැටෙයි කියලා මගේ දෝණි .මල්ලි ආවම යනවා කන්න .
මම දෝණිගේ මූණ දිහාම බලාගෙන හිටියේ ගොඩක් ආසාවෙන් .මූණෙ තාමත් චූටි හිනාවක් රැඳිලා තියෙනවා .
මගේ පැටියා ලොකු වෙනකොට ගොඩක් අහිංසක වෙයි .මල්ලි කිව්වත් වගේ ලොකු වෙද්දී නම් මගේ දෝණිව ගොඩක් පරිස්සම් කරන්න වේවි .
තාම චූටි උනත් මගේ පැටියගේ අහිංසක ලස්සන දැනටමත් දැක ගන්න පුළුවන් .ඒ තරම් ලස්සනක් චූටි කාලෙදි වුණත් මම ඒ මූණෙන් දැක්කේ .
==================================
සතියක් විතර නොදැනිම ගෙවිලා ගියා .ඒ කාලය වෙනකොට රනූ අපි තුන් දෙනාටම ගොඩක් ළන් වෙලයි හිටියේ .
එයාගේ කතාවෙන් ,කරන දේවල් වලින් ඒ හිතේ මං ගැන තියෙන ආදරේ මට නොතේරුණා නෙමෙයි .
ඒත් මට ඒ හිතට බලාපොරොත්තු දෙන්න බයයි .ඊට වැඩිය වටින්නේ මගේ දෝණිගේ ජීවිතේ .මටත් නොදැනිම ඒ වෙනකොට රනූට ගොඩක් ළන් වෙලයි හිටියේ මං.
තව දවස් දෙකයි මට තියෙන්නේ නිවාඩු ඉවර වෙන්න .
” අයියේ ….”
රනූ තේ දෙකකුත් හදාගෙන ඇවිත් මම වාඩි වෙලා හිටපු බංකු ඔන්චිල්ලාවෙන්ම වාඩි වුණා .
“තාත්තට දුන්නද රනු….”
” ඔව් …අයියේ …තාත්තටයි චතුටයි දීලා ආවේ …”
” මල්ලි ඉන්නවද දෝණි ළඟ …”
” ම්ම්ම්…..මං එක්කන් එන්න හැදුවේ දෝණි පැටියව එළියට ….චතූට ඕන කිව්වනේ…”
” හෙට මම යනවා රනූ…ලෝබයි මගේ කෙල්ලව දාලා යන්න ….”
” ඇයි අයියේ හැම වෙලාවෙම දෝණි ඔයාගේ විතරක් කියලා කියන්නේ …..එයා අපි හැමෝටම අයිතියි….”
” මං දන්නෑ නංගි …මට තේරෙන්නේ නෑ ….
ඒත් මට දැනෙන්නේ මගේ රෝස මල මගේම ලේ වලින් උපන්න දරුවෙක් ගානට ….”
” හෙට උදෙන්ම යනවද අයියේ ….”
” ගෙදරින් අටට වත් යන්න ඕන රනූ….එතකොට හවස් වෙනකොට කෑම්ප් එකට යන්න පුළුවන් …..”
” ආයෙත් එන්නේ කවදද අයියේ ….”
” අපේ ජීවිත වල තියෙන අවධානම දැන දැන ඒ වගේ ප්‍රශ්නයක් අහන්න එපා රනූ….
මොකද මට උත්තරයක් දෙන්න බෑනේ නංගි ….”
” නෑ මං ඇහුවේ වෙනදට නිවාඩු ගියාම කවද වගේද එන්නේ අයියේ …..”
” දන්නේ නෑ රනූ ….සමහර විට මාසයක් දෙකක් ….ඊට වැඩි වෙන්නත් පුළුවන් ….
එන දවසක් හරියටම කියන්න බෑ ….”
” හවස ගමනක් යන්න එනවද අයියේ ….”
” ම්ම්ම්…කොහේ යන්නද රනූ….”
” දෝණිත් එක්කන් පන්සල් යමුකෝ අයියේ හවසට.. …
අනේ බෑ කියන්න නම් එපා….”
” ම්ම්..යමු රනූ….ඒත් දවල් වෙලා මම ඔයාවයි මල්ලිවයි හොස්පිට්ල් එකට එක්කන් යන්න හැදුවේ …..
ඒකත් ඔයාලට ලොකු අත් දැකීමක් වේවි ….”
” හා…ඔයත් එක්ක හොස්පිට්ල් එකට ගිහින් ඇවිත් අපි හවස් වෙලා යමුකෝ පන්සල් ….”
” ම්ම්ම්…දවල්ට කාලම ලේස්ති වෙන්න …මං මල්ලිටත් කියන්නම්…අරුන් දෙන්නත් යන්න ඕන කිව්වා …..”
” කවුද අයියේ …මනී අයියලද….”
” ම්ම්…කට්ටියත් එක්ක වෑන් එකේ යමු…”
” ඒක නෙමෙයි අයියේ ඇයි මනී අයියලා ඔයාට ඔච්චර බය….”
” බය නෑ රනූ….
උන් දන්නවා මට කේන්ති ගියාම කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ කියලා ….”
” ඒ තරම් නපුරුද ඔයා…”
” ඉස්සර එහෙමයි…ඒත් දැන් දෝණි නිසා මං ගොඩක් වෙනස් වෙලා නංගි ..
කියාගන්න බැරි තරමටම මේ පුංචි කෙල්ල නිසා මගේ ජීවිතේ වෙනස් වුණා …”
” ඒක නෙමෙයි අයියේ …බය හිතෙයිද….”
” නෑ රනූ….බය හිතුණත් ඔයාට වගේම මල්ලිටත් ඒ දේවල් වලට හුරු වෙන්න වෙනවා…
ජොබ් එක ලැබුණු ගමන් එක පාරම යනවට වඩා මෙහෙම ගිහින් බලන් එක හොඳයි ඔයාලට …..”
” ඒකත් ඇත්ත නේද අයියේ ….”
” බලන බලන හැම ඇඳකම ඉන්නේ මිෂන් වලට ගිහින් තුවාල වුණු කොල්ලො රනූ….
අපි දකින්නේ පිටින් අපිට පේන දේ විතරයි …
ඒත් ඊට වඩා අත පය නැතුව කොල්ලො මාස ගණන් ඇඳන් උඩ දුක් විඳිනව….
උන් ඒ හැම දෙයක්ම කරන්නේ රට වෙනුවෙන් ….”
” මට තේරෙනවා අයියේ …ඒකයි මම මේ වගේ තීරණයක් ගත්තේ ….
ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගිහින් ලක්ශ ගණන් පඩි ගන්න රස්සාවක් නෙමෙයි මට ඕන ….
ත්‍රිවිධ හමුදාවෙ රණවිරුවෝ වෙනුවෙන් සේවයක් කියලා හිතලයි මම මේ රස්සාව තෝර ගත්තේ …..
රස්සාවක්ම නෙමෙයි ඒක…රට වෙනුවෙන් සටන් කරන රණවිරුවන්ට මගේ අතින් වෙන්න ඕන යුතුකමක් …..”
වෙලාවකට හරි පුදුමයි රනූ ගැන.කෙල්ලෙක්ට මේ විදියට හිතන්න පුළුවන් ද රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන රණවිරුවෝ ගැන.
අගුළු දාලා තියෙන මගේ හදවතට මේ කෙල්ල ටිකෙන් ටික තට්ටු කරද්දිත් මම ඉවසගෙන හිටියේ මගේ රෝස මල නිසා .
” රනූ ….”
” ඇයි අයියේ …..”
” මං හෙට ගියාම දෝණිව හුරතල් කර කරම ඉන්න බෑ හොඳේ ….
මල්ලිත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න ඕන …..
ඌත් සමහර වෙලාවට කෙල්ලත් එක්ක කෝලම් කර කර ඉන්නවා ….පාඩම් කරන්නේ නෑ …
ඔය තමයි එයාවත් උනන්දු කරන්න ඕන …..”
” චතු දක්ෂයි අයියේ …ෆැකල්ටියේ දී සමහර දේවල් මට කියලා දෙන්නෙත් එයා….
ඔයා තරමටම එයත් දෝණිට ආදරෙයි අයියේ ….ඒකයි ඒ….
නිතරම ෆැකල්ටියේ දී එයා පොඩි බබෙක් ගැන කිව්වා …හිතුවේ නෑනේ ඔයා ගැනයි රෝස මල ගැනයි කියලා …”
” මං දන්නවා රනූ….මල්ලිත් මගෙ කෙල්ලට පණ ඇරලා….ඒත් පාඩම් කරන්නත් ඕන නේද….
මං කොහොමත් තාත්තාට කියලා යන්නේ කෙල්ලව තාත්තා ළඟට ගන්න කියලා …
නැත්නම් ඔයාලා දෙන්නම පාඩම් කරන එකක් නෑ ….”
” අනේ අයියේ …ඒක නම් කරන්න එපා…. දෝණිව මට ඕන රෑට ….එයා ඔයාගේ කාමරේම තියන්න ….
මං චතු ත් එක්කම පාඩම් කරන්නම්…බොරු නෙමෙයි …මේ ඇත්තමයි …”
” ම්ම්..බලමු….”
රනූ මගෙ පැටියට ආදරෙයි .එයා ගාවම තියලා යනවා මගෙ කෙල්ලව.හදිස්සියක් උනොත් තාත්තයි මල්ලියි දෙන්නම ඉන්නවනේ.
” රනූ….”
” අම්මට කතා කරාද නංගි..”
” එදා කතා කරාට පස්සේ තාම කතා කරේ නෑ අයියේ ….”
” ඔයාගේ පරණ සිම් එක දාලා කතා කරන්න . එයා බය වෙයි නැත්නම් …”
” හා මං ගන්නම් අයියේ …”
” දෙයක් අහන්නද නංගි ඔයාගෙන් …”
” අහන්න අයියේ ඕනම දෙයක්….”
මට මේ දේවල් අහන්න ඕන උනේ තව දුරටත් හිතේ තියාගෙන හිටියොත් කෑම්ප් එකේදී මට මගේ කිසිම වැඩක් හරියට කරගන්න බැරි වෙන නිසා.
මේ ප්‍රශ්නෙන් හිත නිදහස් කරගෙන ඉන්න ඕන මොනවා නැතත්.
” පොඩි කාලෙ මාව දැක්කට පස්සේ දකින්නෙවත් නැතුව කොහොමද මං ගැන හිතුවේ ආ…..”
අනේ පව් තරුත් දැන් රනුට ආදරේ කරන්න පටන් අරන්. රනු රෝස මලටත් ගොඩක් ආදරෙයි. හරිම සතුටුයි. හරිම ලස්සනයි හැමදාමත් වගේ. Good Luck අයියටයි නංගිටයි දෙන්නටම.
Thank you so much budusaranyi oyata
හැමදාමත් වගේ අදත් ලස්සනයි කතාව… හෙටත් මේ වගේ දිග කොටසක් අරන් එන්න… මං මුළු හදවතින්ම සුභපතනවා…. කතාවෙ වචන හිතට වදින්නම ගලපලා තියෙනවා… මටනම් කතාව කියවද්දි මැවිලා පේනවා හැමදේම… ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි…
බුදු සරණයි!!
Oyage comments walata unlike Kara thibbata Dan comments nawathwanna EPA nangiya hode API hamdeyaka adaren bara gamu thank you so nangiya budusaranyi
කතාව ලස්සනයි ගොඩක්…කොච්චර දිගට දෑවත් මටනම් දැනෙන්නෙ චුට්ටයි වගේ ඒ තරමට ලස්සනයි. රණවිරුවො ගැන ඔයා කතා කරන එක ගොඩක් හොදයි. පහු ගිය කාලේ මිනිස්සුන්ට අමතක වෙලා තිබ්බේ රණවිරුවො අපේ මව්බිම වෙනුවෙන් කල කැපකිරීම.ඇත්තටම සතුටුයි රණවිරුවො අපි වෙනුවෙන් කල කැපවීම ඔයා ලස්සනට අකුරු කරල තියෙනවා. තව මේ වගේ සමාජෙට වැදගත් කතා ලියන්න මං ඔයාල දෙන්නට සුබ පතනවා හදවතින්ම.
Ow Sithmi nangiya a de apuruwata karala thiyenawa a gana harima sathutiyi thank you so much budusaranyi
Hemadama wage adath kathawa supiri. Hetath me wage digama diga kotasak one. All the best.
Admin aiyyata davi hode.. thank you so much budusaranyi oyata
ඔන්න දැන් තමයි මට කතාව කියවන්න පුලුවන් උනේ අයියේ… මොනව කියන්නද… කතාව වෙනදා වගේම ගොඩාක් ගොඩාක් ලස්සනයි… ????
චූටි පැටියා රනූට ඉක්මනින්ම ගොඩක් ලං වෙයි…. ???
අනිවාර්යයෙන්ම රෝස කැටේ ලොකු වෙනකොට රනූ එයාගේ අම්මා කියලම හිතයි. තරූත් රනූට ගොඩාක් ගොඩාක් ආදරේ කරයි… ???? පුංචි පවුල හරිම ලස්සනට තියෙයි එතකොට…??? ගොඩක් ආසාවෙන් කියවන්නේ මං. කතාව කියවන්නේ නැතුව නම් නින්ද යන්නේ නෑ වගේ… ????
ඒකයි මේ නිදාගන්න ඇවිල්ලත් කියවන්න ගත්තේ.. කතාවේ හැම වචනයක් ගානේම හදවතට ❤ පුදුම තරම් දැනෙන්න, අපේ හිත් සංවේදී වෙන විදියට ගොඩාක් ලස්සනට ඒ දේවල් ගලපලා තියනවා අයියේ…. දිගටම කියවගෙන යන්න ඇත්නම් හරිම ෂෝයී අනේ.. ????
ඒ තරම් මේ කතාවට හිත ගිහින්… ☺️☺️☺️☺️
ඔයාටයි නංගියටයි ගොඩාක් තෑන්ක්ස් මේ කතාව අපිටත් කියවන්න අවස්ථාව දුන්නට. හෙටත් දිගම දිග කොටසක් අරන් එන්නකෝ එහෙනම්… ????
බුදු සරණයි ඔයාලට… ????
?❤?❤?❤?❤
Parakku wela reply danwata sorry hode wadath ekka nangiya busy eka ne punchi pawula raththaran ne oyalage wage neda onna aiyya keti kathawak damma balanna hode hamdekatma thanks nangiya budusaranyi
කතාව ගොඩාරියක් ලස්සනයි.
කොච්චර කියෙව්වත් මදි වගේ.
එච්චරටම කතාව හදවතට දැනෙනවා.
තවත් මේ වගේ ලස්සන කතා ගොඩාක් ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.?????
Ada mama kiuwa keti kathawak yanwa balanna hode comments ekakuth Danna thank you so much budusaranyi nangiya
සුපිරී ඇත්තටම අයියෙ කතාව ….???….
අනේ ඇත්තටම තුවාල උනු සදහටම අත්, පා, ඇස් අහිමි උනු ආමි එකේ තරුණ අයියලා කොයි තරම් ඉන්නවද??
ඇත්තටම අයියෙ ඔයාගෙ නන්ගිගෙ මේ කතාව තුලින් අපට ඒ වීරෝධාර අහින්සක ,ආදරනීය ජීවිත ගැන ගෞරවනීය හැගීම් ඇති කරනව අයියේ….
ඒ අහින්සක කොල්ලො අත පය අහිමි වෙලත් පසු තැවෙන්නෙ නැතුව සතුටින් ඉන්නෙ අපට නිදහස ලබා දුන්න නිසා…ඒ ඒ අයගෙ ජීවිත වලට වඩා රටේ ජනතාවගෙ ජීවිත වලට ආදරේ නිසාමයි නේද යාලුවනේ?????
Adaraniya comments thank you so much nangiya budusaranyi onna Ada keti kathawak damma balanna hode budusaranyi