Katha Ahura

පාසළඹේ හඩ | ? 03 කොටස ?| හොල්මන් කතා

4.8/5 - (28 votes)

පාසළඹේ හඩ ? 03 කොටස ?

සින්දුව කියන කෙනා දිගටම සින්දුව කියාගෙන ගියා. ටික වෙලාවකින් මට ඇහුනේ ” චම් චම් ” හඩින් පාසලබකුත් නද දෙන හැටී. ඉන් මට තේරුනේ සින්දුව කියන කෙනා සින්දුව කියන ගමන් නටවත් කියල. ඒ නටන කොට තමා අර පාසලඹවල් හෙලවෙන්නේ.

මම ඒ වෙද්දී හිටියේ ඒ පාලු වත්තේ කෙලවරකටම ගිහිල්ලා. මොහොතකින් මම දැක්කේ වත්තේ තැනක මට පිටුපාල අර සින්දුව කියමින් නටන තරුණියක්.

මම මොහොතක් ඇය දිහා බලන් හිටියා. ඇය නට නටා හිටියේ පිට්ටනියක් වගේ තැනක. අටවක සද එලියට ඇය නටන විදිහ ලස්සනට පේනවා. ඇය ඇදන් හිටියේ සුදු දිග සායකුයි, සුදු හැට්ටයකුයි. මේ රෑ මේ විදිහට නටන මේ කෙනා කවුද. ඇයට කතා කරනවද…නෑ මම ගහකට මුවාවෙලා බලන ඉන්නවා මේ කෙනා පිටිපස්ස හැරෙනකම්. එතකොට බලාගන්න පුලුවන් මෙයාගේ මූන.

සිතපු මම එතන තිබ්බ ගහකට මුවා වුනා.

ඇයගේ ගීතය නටරවුනේ නෑ.පිටිපස්ස හැරිලා බැලුවෙත් නෑ….ඒ විදිහට මම එතනට ඇවිල්ලා පැය කාලක් විතර කාලය ගතවෙන්න ඇතී.

එකපාරටම මගේ පෝන් එක හඩ නගා නාද වුනේ කෝල් එකක් ආවා පවසමින්. ඒත් එක්කම අර නටන කෙනාත් නටන එක නවත්‍තලා පිටිපස්ස හැරිලා බැලුවා. මම ඉක්මනට කෝල් එක කට් කෙරුවා.

දෙයියනේ මම විශ්වාස කරන්නේ කොහොමද. හඩ එලියෙන් මම දැක්කේ අංශුගේ මූන. මම මෙච්චර කල්ම හොය හොයා හිටිය අංශුහේ මූන.

” කවුද ඔතන…”

ඇය ඇසුවා, ඇයගේ හඩේ කිසිම බියක් නෑ…..ඇය හෙමින් හෙමින් මම් මුවාවෙලා හිටිය ගහ පැත්තට එමින් හිටියා. මම ඉක්මනට ඇයට පේන්න ඉස්සරහට ආවේ තවත් එතන හැංගිලා ඉන්න එකේ තේරුමක් නැති නිසා.

” කවුද උබ……”

පුදුමෙන් කියපු ඇය මොහොතක් මම දිහා බලන් හිටියා. ඒ කියන්නේ අංශුට මාව මතක නෑ…

” ඔයා අංශූ නේද…….”

මම ඇහුවා. ඒත් ඊටපස්සේ වුන ඇය කියපු දේවල් මට විශ්වාස කරන්නත් බෑ.. ඇය එකපාරටම මම දිහාට කඩන් පැන්නා.

” ඔව් මම අංශු තමා…..”

ඇය කිව්වේ වියරුවෙන් වගේ…..

” මම අංශු මායාකාරී…. මට උබලා වගේ උන් පේන්න බෑ.. මරනවා….. මං උබලව….මරනවා….”

එකපාරටම වියරුවෙන් මගේ ඇගට පැනපු ඇය මගේ ගෙල මිරිකන්න පටන් ගත්තේ වියරුවෙන් වගේ.. ඇගේ අත්වල ශක්තිමත් බවට මම පුදුම වුනා..මේ වගේ යුවතියකගේ අත් මේ තරම් ශක්තියක් ඇති කියලා මට විශ්වාස කරන්නත් බෑ. මම ඇයගෙන් බේරෙන්න උත්සහ කලත් එය අසාර්ථක උත්සාහය ක් බව මට තේරුනා. අංශුගේ කොන්ඩය මුනට වැටුනේ ඇයගේ මුලු මූනම වසාගෙන.

” ආ….හ්….. ”

එකපාරටම ඇය මාව අතඇරලා තල්ලු කෙරුවා. මොහොතකින් ඇය මා දිහා බලා ඉදලා ඊට පස්සේ පාලු වත්තෙ ගස් කොලන් අතරින් දුවගෙන නොපෙනී ගියේ පිස්සුවෙන් වගේ.

මම ඇය ගිය මග හොයාගෙන ඇය ගිය පැත්තට ගියත් මට ඇයව හොයාගන්න බැරිවුනත් මම යමක් දැක්කා. ඒ මම හිටිය ගේ වගේම පරණ තාලේ ගෙයක්. ඒත් එහි මනුස්සයන් ඉන්නව කියලා පෙනුනේ නෑ. ඒ පරණ ගේ ඇතුලින් එලියක්වත් මම දැක්කේ නෑ.

” අංශු ඉන්නෙ මේ ගෙදරද , අංශු කොහොමද මෙහට ආවේ ”

මම හිතුව. මට මේක ලොකු ප්‍රෙහේලිකාවක්. මම එතනින් එහාට ඉස්සරහට ගියේ නෑ. මම ආපහු ආවා.

??????????????????????

නින්දත් නොනින්දත් අතර හිරවෙලා ඇදේ හිටිය මම එකපාරටම ආයෙම ඇහුනේ වියරු විදිහට කෑගහන ගැහනු හඩක් ඇවිල්ලා. ඒ හඩ ඇහුනේ එච්චරම ඈතකින් නෙමේ….

” මාව අතඇරපන්….. නැත්නම් තොපි ඔක්කොම මරලා දානවා….”

ආයෙම ඒ වියරු හඩ ඇහුනා. මොහොතකින් මට ඇහුනේ ඉන්න නිවසේ වහලෙට ගල් වැලි කැට වැටෙන හඩ.

තව ටික මොහොතකින් මට ඇහුනා ගේ වටේට පාසලබක් ගැටෙන හඩක්.

ඉද්ද ගැසුවාක් මෙන් නැගිටපු මම ඉක්මනට ගෙයි ඉස්සරහ දොර ලගට දුවලා දොර ඇරියා.

ඒ එක්කම විශාල ගලක් මගේ ඔලුව පැත්තට පියඹගෙන ආවේ හීයක වේගෙන්. මම ඉක්මනට බිමට පාත්වෙද්දී ඒ ගල මගේ හිස ඉහලින් ඇවිල්ලා ගේ ඇතුලට ආවා.

ආයෙමත් අර කලින් වගේම ගල් එක එක මගේ දිහාට එද්දී මම ඉක්මනට දොර වහලා දැම්මා. ටික වෙලාවක් යනකම්ම ඒ ගල් වහපු දොරේ වැදුනා.

” අංශුද මේවා කරන්නේ , නෑ නෑ අංශුට බෑ ඒවා කරන්න….මේ අංශු නෙමේ , අංශු වගේ වෙන කෙනෙක්..”

මම හිතුවේ එදා ගගේදි මම දැක්ක අංශුගේ අහිංසක මූන මවාගනිමින්.

” ක්‍රී……ක්….”

ඒ විදිහට ඇය ගැන හිත හිතා හිටිය මට එකපාරටම ඇහුනේ නිවසේ ජනේලයක් ඇරෙන හඩ.

මේ වගේ අමුතු දේවල් වෙද්දී මට අද හවස හම්බවුන අර මනුස්සයා කියපු කතාව මතක් වුනා. ඔහු කිව්වේ ඉක්මනට මේ ගෙදරින් යන්න කියලා.

” මේ ගේ හොල්මන් ගෙදරක්ද…”

එකපාරටම ඒ ගැන හිතෙද්දි ඇග හිරි වැටුනා වගේ දෙයක් උනා. දන්න විදිහට කරණීය මෙත්‍ත සූත්‍ර්‍ය මුමුනනන පටන් ගත්තේ එතකොටවත් මේ අමුතු දේවල් වෙන්නේ නැතිවෙයිද කියල බලාපොරොත්තුවෙන්.

මොහොතකින් අර අමුතු හඩවල් නොඇසී ගියා.

??????????????????????

ඊලග උදේ අවදි වුන මට අර ඊයේ රෑ දැක්ක පරණ ගේ දකින්න කුතුහලයක් දැනුනා. ඉක්මනට ඒ පැත්තට ගියේ ඒ අරමුනින්.

ඒ පරණ ගේ තිබ්බේ මම නැවතිලා හිටිය ගේ තිබ්බ වත්තේ නෙමේ. වෙන වත්‍තක. ඉඩම කම්බි වැටවල් වලින් වෙන් කරලා තිබ්බා. හෙමින් සීරුවේ මම කම්බි වැට උඩින් පැනල ඒ වත්තට ගියා.

ගේ ඇතුලේ කවුරුවත් පේන්න හිටිය සලකුනක් මම දැක්කේ නෑ. බාගෙට ඇරිලා තිබ්බ දොර මම සම්පූර්ණයෙන් ම ඇරියේ හද ගැස්ම වැඩි වෙද්දී.

වවුල් රාජදානියක් වෙලා තිබ්බ ඒ නිවස කොහොමවත් මිනිස්සු වාසය කරන්න බෑ කියලා මට හිතුනේ. ප්‍රදාන දොර ලග ඉදලා ගේ ඇතුල බලපු මට කාමර තුනක් පෙනුනා. එක කාමරයක් තිබ්බෙ දොරකින් වහලා.

මට ගෙයි තිබ්බ කාමර බලන්නමයි සිත. මම හෙමින් හෙමින් ගේ ඇතුලට රිංගුවා. දොරවල් වහලා තිබ්බේ නැති කාමර ඇතුලේ තිබ්බේ පරන කැඩිලා බිදිලා ගිය ගෘහ භාණ්ඩ වගේ දේවල්. වහලා තිබ්බ දොර ලගට මම කිට්ටු කෙරුවා. ඒක දොර තිබ්බේ ලොක් කරලා. ඒත් ඒ දොරේ ඉහලින් ගිනි පෙට්ටියකට වඩා මදක් විශාල පොඩි සිදුරක් තිබ්බෙ දොර දිරලා කැඩිලා.

” ඇයි මේ දොර විතරක් ලොක් කරලා තියෙන්නේ ”

මම මදක් ඉස්සිලා ඒ සිදුරින් ඇතුල බැලුවේ මොනවද පේන්නෙ බලන්න. ඒත් සෑහෙන්න අදුරු කාමරේ ඇතුලින් මට මෙලෝ දෙයක් පෙනුනේ නෑ.

එකපාරටම මට ඇහුනා ඒ පාලු කාමරේ ඉදලා එකපාරටම මගේ පැත්තට කවුරුහරි කෙනෙක් එන හඩි හඩක්. තප්පරයක් ගියේ නෑ.. එකපාරටම අර සිදුරෙන් එලියට ආවේ දිවක්. ඒක කලුම කලු පාට දිවක්.

හොදටම බයවුන මම එකපාරටම පිටිපස්සට පැන්නා. ගෙයි ඉස්සර හ තිබ්බ දොර පැත්තට දිව්වේ දොර ඇරගෙන එලියට පනින්න.

” දඩා…….න්…. ”

ඉස්සරහ දොර මහ හඩක් එක්ක වැහෙද්දි එ හඩට කලබලවුන වවුලන් මගේ හිස වටෙට ඉගිලෙන්න පටන් ගත්තා……..ඒත් එක්කම මට දැනුනේ තෙත යමක් මගේ බෙල්ලේ ඇතිල්ලෙන බව…??????????????????ඊලග පසලඹේ හඩට

කතාව කියවන ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩාක් ස්තුතියි.

5 thoughts on “පාසළඹේ හඩ | ? 03 කොටස ?| හොල්මන් කතා”

  1. Priyadarshani

    බෙල්ලෙ ඇතිල්ලුනේ අර දිව නේද අම්මෝ අද නම් නින්ද යන්නෙත් නැති වෙයි වගේ බයට.??
    කතාව නියමායි දිගටම ලියන්න තව බය හිතෙන්න…
    Good luck..??
    බුදු සරණයි

  2. thethata ahu une divada danne na.matanam hithenne kauru hari kattiyak අංශු va e vaththedi e kiuve ara palu gedara vahala dapu kamare marala danna athi.eya thamai dan holman karanne.
    Kathava superb

  3. Belle athillune divak neda. Anshu kiynne holmankda ethkota eya jiwath wela iddi pissu haduna kenekd. Kathawa lssnai baya hithenawa apit hamadam kathawa denna bada raaz. Ehenm ilaga kotasath ikamanta dennkooo ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.