Katha Ahura

?උන්මන්තකයා?| 11 කොටස | හොල්මන් කතා

4.7/5 - (22 votes)

?උන්මත්තකයා?

උමතුවක අවසානය…

11 කොටස

කළුවර අහස තවත් කළුවර කරමින් කළු වළාකුළු වලින් අහස වසාගත්තේ අවට පරිසරය තවත් අඳුරු හා සීතල කරමින්. කුණාටුවකට පෙර මෙන් ගස් වැල් අඹරාගෙන ඇදී ගිය සුලඟත් සමඟ වැසි බිඳු එකින් එක පොළොව මතට කඩා හැලෙන්නට පටන් ගත්තේ නගරයේ තැනින් තැන රැස්ව සිටි එකා දෙන්නා තම නිවෙස් වලට හා කඩපිල් මතටද ගොඩනැගිලි තුලටද යවමින්.

“අද නම් ලොකු කුණාටුවක් එන්න වගේ…” අවන්හලක සිටි එකෙකු තම සගයාට පැවසුවේ පිටත පරිසරය දෙස බලමින්. ඒ වන විටත් සුලඟ සමග වර්ශාව දැඩි වෙමින් පැවතුනා.

“හ්ම්ම්ම් ඉක්මණට ගෙදර යාගන්න තිබ්බොත් ඇති…” අනෙකාද කීවේ කෝපි කෝප්පයෙන් උගුරක් තොල ගාමින්.

නගරයේ සියල්ලෝම පාහේ සිටියේ කොහේ හෝ ගොඩනැගිල්ලක් තුල වුවද එක පුද්ගලයෙකු වර්ශාව හෝ සුළඟද නොතකා මාර්ගයේ ඉදිරියටම ගමන් කරමින් සිටියා. සුළඟට වේගයෙන් ලෙල දෙන දිගු කළු කබාය, මුහුණ ආවරණය වන සේ බැඳ සිටි කළු මුහුණු ආවරණය හා උස බූට් සපත්තු දෙක, සුලඟේ ගසාගෙන යන හිස් ආවරණයෙන් නිරාවරණය වූ සුළඟේ ලෙලදෙන අකීකරු කොණ්ඩය සමඟින් ඉදිරියටම ගමන් කල මොහු කිසිවෙකුගේ ඇස් ගැටුනේ නැති තරම්. එම නාඳුනන පුද්ගලයා ගමන් කරමින් සිටියේ නගරයේ මාධ්‍යයේ තිබූ ‘ඩ්‍රේක් මන්දිරය. වෙතය. අසාමාන්‍ය ලෙස කොළ පැහැති දෙනෙතේ වූයේ අධිෂ්ඨානශීලී බවක්ද නැතහොත් කිසියම් උමතු බවක්ද කියා දැන සිටියේ එම පුද්ගලයාම පමණි.

මේ වන විට ඩ්‍රේක් මන්දිරයේ කුඩා සාදයකි. නගරයේ ඉහළම පැලැන්තියේ ධනවතුන් හා කුලවතුන් එහි පැමිණ සිටිය අතර මිනීමරු කළු කබාකරු අල්ලාගැනීමේ සතුට වෙනුවෙන් නගරාධිපතිවරයාද එහි පැමිණ සිටියා. තම දරුවන් මියගොස් සිටියද මියගිය ජේ.ඩීගේ මිතුරන්ගේ පවුල් වල අයද එහි රැස්ව සිටියා. ඔවුන් සියළු දෙනාම රැස්ව සිටියේ එකම අරමුණකටය. ඒ, මේ වන විටත් සිහිය ලබා සිටි අපරාධකරුවාට ඔවුන් විසින්ම දඬුවම් කිරීමටය. නගරයේ මෙන්ම රටේද බලවතුන් වූ ඔවුන්ට එය කිරීමට පොලිසියෙන් පමණක් නොව නීතියෙන්ද ඉඩ ලබා දුන්නා.

“ජේ.ඩී අද බලාගන්න පුතා අපි කොහොමද අපේ හතුරන්ගෙන් පලිගන්නෙ හතුරන්ට දඬුවම් කරන්නෙ කියලා… මගෙ කොල්ලගෙ මිනිමැරුමට අද අර කාලකන්නියා වන්දි ගෙවයි… හහ් හා…” ජේ.ඩීගේ කරට අත දාගනිමින් එහෙම කිව්වෙ ක්‍රිස්ටියන්ගේ පියා.

“ඔව් අංකල් මෙච්චර කාලයක් අපිත් එක්ක සෙල්ලම් කරපු එකාට කොහොමද වද දෙන්නෙ කියලා මාත් මේ හිත හිතා හිටියේ… හැබැයි ඒ මොනවා උනත් මගෙ යාලුවන්ව ආයෙ ගෙන්නන්න බෑ…” ජේ.ඩීද ඔහුට එකඟ වෙමින් පැවසුවේ ශෝකයෙන්.

“ඒක ඇත්ත පුතා… ඒත් අපි වගේ අය එක්ක ඒ කාලකන්නියට හැප්පෙන්නෙ නැතුව ඉන්නයි තිබුණෙ… එහෙම උනා නම් අද උගෙ මුළු පවුලම යහතින් ඉන්නවා… ඒත් අදින් පස්සෙ උගෙ පරම්පරාවම අපි නැති කරනවා… මොකද අපේ පරම්පරාව ගෙනියන්න හිටපු දරුවො නැති කරපු උන්ගෙ පරම්පරාවම නැති කරනකල් අපේ දරුවන්ගෙ ආත්මවල් වලට සැනසීමක් නැතිවෙයි…” එහෙම කිව්වෙ රිචඩ්ගේ පියා. ඔහු සිටියේ දැඩි වෛරයකින් මිනීමරුවා සමඟ.

“තාම අපිට ඌ කවුද කියලා කිව්වෙ නෑනෙ මිස්ටර් ඩ්‍රේක්… මං ආස…..” ශෝන්ගේ පියා තවත් යමක් කීමට පෙර එතැනට පැමිණි මයිකල්ගේ පියා, ග්‍රේහැම් මහතා ඔහුව අතින් සන් කර නැවැත්තුවා.

“ඒක කියන්න තමයි මං ආවෙ… හැබැයි… එක දෙයක්… මේක ජේ.ඩීට බලපානවා ටිකක් තදින්ම…” ග්‍රේහැම් මහතා කීවේ ජේ.ඩී දෙස බලාය. ජේ.ඩී ඒ කුමක්දැයි විමසීමට මෙන් බැල්මක් හෙළුවේ තම පියාණන් දෙසද බලමින්. “මේක ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන දෙයක් ජේ.ඩී… මිනීමරුවා වෙන කවුරුවත් නෙමෙයි ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ජූලියානා රිචඩ්සන්… ‍රිචඩ්සන් පවුලෙ එකම දරුවා…”

ග්‍රේහැම්ගේ කතාවෙන් ජේ.ඩී කළබල වේ කියා සිතුවද සැවොම පුදුමයට පත් කරමින් ඔහු මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තා. විනාඩියක් පමණ එලෙසම සිනාසුන ජේ.ඩී අසළ තිබූ සෝෆාවක වාඩි වුනා.

“ජූලියානා…? දැන් ෆකින් බිච්…? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්…? හහා… කමෝන් ග්‍රේහැම් අංකල්… ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි මං ඒකිව ආතල් එකට තියන් හිටියා විතරයි… හහ් හා… ඒත් ඒකි මෙච්චර දෙයක් කරයි කියලා මං නම් හිතන්නෑ… අඩුමතරමෙ ඒකි මං හයියෙන් ඇල්ලුවත් කෑගහන එකේ අර තරම් හැඩිදැඩි යක්කු වගේ ගාඩ්ලා ටිකත් මරලා දාලා මයිකල්ට එච්චර දුරක ඉඳලා පිහියකින් විසි කරලා මරන්න තරම්…? අනික ශෝන් වගේ කොල්ලෙක්ව මරන්න තරම්…? මං හිතන්නෑ අංකල්…”

“ග්‍රේහැම් මේ කතාව ඇත්තක්ද…? හරියටම ස්ථිර උනාද ඒ කෙල්ලමයි මිනීමරුවා කියලා…?” ඩ්‍රේක් සාමිවරයා ඇහුවා. ඔහුට වගේම අනිත් අයටත් ජූලියානා වැනි සියුමැලි තරුණියක් මෙසේ දරුණු ආකරයේ ඝාතන සිදුකරයි කියා පිලිගන්නට නොහැකි වුනා.

“දැන් තමයි මට නගරාධිපතිතුමා කිව්වෙ ඒක… ආහ් මේ එන්නෙ එයා…”

එතැනට පැමිණියේ මැන්චෙස්ටර්හි නගරාධිපතිය. ඔහුගේ මුහුණේ තිබුණේ තරමක් බැරෑරුම් පෙනුමකි.

“මිස්ටර් ග්‍රේහැම් කියන කතාව ඇත්ත… මටත් මේක අදහන්න බෑ… අනික තමා මේ වෙද්දි මිස්ටර් රිචඩ්සන්ට මේ ගැන දන්වන්න එපා කියලා ඉහළින් නියෝගයක් ඇවිත් තියෙනවා… එහෙම උනොත් ලොකු කලබලයක් ඇති වෙයි… දන්නවනෙ රිචඩ්සන්ට මේ නගරෙ අපිට වඩා මිනිස්සුන්ගෙ තැන තියෙනවා… ලොකු කලබලයක් ඇතිවෙන්න පුලුවන් ඒ නිසා…” ඒත් සමගම ඔහුගේ දුරකථනය යළි නාදවිය. “හෙලෝ… ඔව්… මොකක්…? මොනාද තමුසෙලා කරන්නෙ…? දෙයියනේ….!!! ඌ කොහොමද එහෙම…? මොනාහරි ඉක්මණට කරපල්ලා යකුනේ… තොපිට…”

නමුත් නගරාධිපතිවරයාට ඉන් එහාට යමක් කීමට හැකිවූයේ නෑ. වේගයෙන් පැමිණි ඊතලයක් ඔහුගේ ගෙල පසාරු කරමින් ඇදී ගියේ ලේ විලක් මත ඔහුව ඇද වැටෙමින්. මෙයින් එතැන සිටි සියල්ලෝම භීතියට පත්ව එතැනින් අහකට පැන්න අතර නැවත කොහේදෝ සිට පැමිණි ඊතල කීපයක් එතැන සිටි තවත් හය දෙනෙකු පමණ ජීවිතක්ශයට පත් කලේ සියල්ලන්ගේම ජීවිත අවධානමකට ලක් කරමිනි.

“ජේ.ඩී ඉක්මණට මොකකට හරි කවර් වෙන්න… ජේ.ඩී…. ආ..ග්..ක්..ල්..බ්…..”

“ඩෑඩ්…!!!”

ජේ.ඩීගේ විලාපය හමුවේ ඉතිරි වී සිටි සියළු දෙනාම එදෙස බැලුවා. ඒ වන විටත් පපුවට හා ගෙලට ඊතල දෙකක් වැදී සිටි ඩ්‍රේක් සාමිවරයා ලේ විලක් මැද මැරී වැටී සිටියා.

“යූ බ්ලඩී බිච්…!! අයියෝ ඩෑඩ්…!” යි විලාප දුන් ජේ.ඩී මේසයක් යටට වී හඬන්නට වුනේ කුඩා දරුවෙකු මෙනි. ඔහු දැඩි කම්පනයටත් භීතියටත් පත්වී සිටිය අතර ඉතිරිවී සිටි අනෙක් පිරිසද එලෙසය.

“හෙලෝ… හදිසි ඇමතුම් අංශය නේද….? ඕහ් ගෝඩ් මෙතන ලේ ගඟක් වෙලා… සොරී… ඩ්‍රේක් මන්දිරය ඇතුලේ… ආ…ග්….” එපමණකි. ඇමතුම ලබාදුන් ග්‍රේහැම් මහතාගේ ගෙල අමු අමුවේ කිණිස්සකින් කපා දැමුවේ….

“උඹ…? උඹට මම…!!” ජේ.ඩී සැඟව සිටි මේසය යටින් එලියට පැමිණ ග්‍රේහැම්ගේ හිස ඔහුගේ කෙස් වලින් ඔසවාගෙන සිටි කළු කබාකරුගේ ඇඟට පැන්නා. නමුත් ඒ වේගයටම ඔහු වීදුරු මේසයක් කඩාගෙන වැටුණේ කළු කබාකරුගේ වේගවත් පාපහරට විසි වෙමින්. නැවත නැඟිටීමට වෙර දැරූ ජේ.ඩී වීදුරු වලට කැපීම නිසා එතැනම දිගා වුනා.

“උ..උ..ඹ… කො..හො..ම..ද…?” රිචඩ්ගේ පියාට කියාගත හැකිවූයේ එපමණකි. ඔහුගේ පපුවට කිඳා බැස්ස කිණිස්ස ගෙල දක්වාම ඇදගත් කළු කබාකරු එතැනින් පැන යන්නට හැදූ තවකෙකුට ඉණෙහි සඟවාගෙන සිටි අත් පොරොවක් විසිකර දමා ගැසුවා. පොරෝ පහර වැදුනු පලායන්නා එතැනම ලේ පෙරාගෙන බිම වැටුනු අතර තත්පර කීපයක් දඟලා මිය ගියා.

විනාඩියක් දෙකක් ගත්වන්නට ඇත. සාදය පැවති විසල් සාලය විලාප දීම්, කෑගැසීම් වලින් පිරී ගිය අතර පොලොව එකම ලේ විලක් වී තිබුණා. පිටත පැවති කුණාටු සහිත වර්ශාව වීදුරු මේසය කඩා වැටුනු තැන වැටී සිටි ජේ.ඩී එතැන පෙනෙන්නට නොසිටියා. නිවසේ උඩු මහලට යන පඩිපෙල දක්වා පොලොවෙේ ඇඳී තිබුනේ ලේ සහිත පා සටහන් ය. මුව ආවරණයෙන් වසා සිටි මුවින් පිටවූයේ අවඥා සහගත සිනහවකි. නැවත හැරුණු කළු කබාකරු මැරී වැටී සිටි සියළුම දෙනා දෙස හොඳින් නිරීක්ශණය කරමින් අත තිබූ අත් පොරොවෙන් ඒ සියල්ලන්ටම කුරිරු ලෙස උමතුවෙන් මෙන් කොටාගෙන කොටාගෙන ගියේ පණ ටිකක් හෝ ඉතීරිවී ඇත්නම් එයද නැතිවෙන ලෙසය. එහෙත් ඔහුගේ තියුණු ඇසට හසුවුනේ සෝෆාවක් අසලින් සෙමෙන් බඩගාමින් දොර වෙතට ගමන් කරමින් සිටි අයෙකි. කුරිරු සිනහවක් මුව ආවරණය තුලින් පිටවූ අතර කිණිස්ස අතට ගත් ඔහු සෙමෙන් සෙමෙන් එතනට ලංවිය. බඩගාමින් ගිය පුද්ගලයා නැවතුනු අතර ඔහු අමාරුවෙන් අනෙක් පසට හැරුණි. කළු කබාකරු දුටු ඔහුගේ දෑස් බියෙන් පිරී ගියේ දෑස් වලට කඳුලුද උනමිනි. ඔහු අමාරුවෙන් අත් දෙක එකතු කර වැන්දේ තමාව අතහරින ලෙස ඉල්ලමිනි. නමුත් අනුකම්පාව යනු කුමක්දැයි මිනීමරුවා නොදැන සිටියා විය හැක. වැටී සිටි පුද්ගලයාගේ වේදනාත්මක විලාප දීම් හමුවේ උමතු කළු කබාකරු ඔහුගේ සිරුරේ තැනින් තැනට කිණිස්සෙන් ඇනගෙන ගියේ උමතුවට පත් අයෙකු වගේ. අවසානයේ ලේ වලින් නැහැවුනු ප්‍රාණය නිරුද්ධ ශරීරය වෙතින් මෑත්වූ කළු කබාකරු නිවසේ උඩුමහලට යන පඩිපෙල දෙස බැලුවා.
*********************************************************************

“ශිට්… ශිට්…! දැන් මං මොකද කරන්නෙ…? ෆෝන් එකත් ලඟ නෑ… කවුරුහරි පොලිසියට කෝල් කරලා තිබ්බොත් හොඳයි… ඕ ගෝඩ් මේ යකා ඇත්තටම මනුස්සයෙක් නෙමෙයිද…? පොලිසියෙනුත් පැනලා ඇවිත් වගේ… ඒත්… ඒත්… මේ ජූලියානා වෙන්න බෑ… ඒකිට එච්චරම ශක්තියක් නෑ….”

තමාටම මුමුණාගනිමින් ජේ.ඩී තුවාල වෙලා ලේ ගලන වම් කකුලත් අද්දමින් උඩුමහලේ තම කාමරය වෙත පැමිණ එය අගුළු දමා යහනේ වාඩි උනා. කකුලේ දෙතැනකම වීදුරු කටු ඇනී තිබුණු අතර දෑත් පවා වීදුරු වලට කැපී තිබුණා. වීදුරු කටු අතින් ඇද අරන් දැමූ ජේ.ඩී වේදනාවෙන් කෙඳිරි ගෑවේද සෙමින්. පහළ මාලයෙන් කිසිඳු ශබ්දයක් නෑ කියල ඔහුට තේරුණා. තම පියාණන්ට අත්වූ ඉරණමම ඔවුන්ටද මේ වන විට අත්වී ඇති බව ඔහුට තේරුණා. කළු කබාකරු කවුරුන් වුවත් පුදුමාකාර කාය ශක්තියක් ඇති අයෙක් බව ඔහුට වැටහී තිබුණු අතර ඒ ජූලියානා බව සිතීමට ඔහු මැලිවුනා. නමුත් මේ සියල්ල මිනීමරුවා සිදුකරන්නේ කුමක් අරඹයාද කියා ඔහුට සිතාගත නොහැකි වුනා. ඒත් සමඟම ඔහුගේ සිතට විදුලියක් කෙටුවාක් මෙන් ඇතුලු වූයේ පොලිස් ප්‍රධානියා තමාට එවූ පින්තූරයයි. එහි සිටියේ…

“මූනි…!”

නමුත් ඒ හඬ ඔහුගේ නොවේ. එය ආවේ ඔහුගේ කාමරයේ දොරට එහා පසින්. ජේ.ඩී භීතියට පත්වී ගැහෙන්නට ගත්තා.

“අනේ… අනේ… ප්ලීස් මාව මරන්නෙපා… මගෙන් ඒ වරද උනේ හිතලා නෙමෙයි… ප්ලීස්…” ජේ.ඩී තම යහන මතින් නැගිටිමින් වැඳ වැටුණා. මොහොතකින් ඔහුගේ සිත අතීතය ඇදී ගියේ තමා විසින් ඉතාම සුලු දෙයක් ලෙස සිතා කල නමුත්, දැන් බරපතල ලෙස තමාගේ පසුපසින් පැමිනෙන පාපී ක්‍රියාව ගැන.

“උඹලට එදා එහෙම නොකරන්නයි තිබුණේ… මට හිටියේ එච්චරයි…” සෙමෙන්, නමුත් ගැඹුරු හඬින් තර්ජනාත්මකව පැවසූ කළු කබාකරුගේ දෙවන පහරින් ඕක් ලීයෙන් කල විසල් ශක්තිමත් දොර ගැලවී විසිවුනේ ඔහුගේ ශක්තිය පෙන්වමින්. මිනීමරු කළු කබාකරු දොරෙන් ඇතුල් වූ අතර ජේ.ඩී යහනේ එහා පසට පැන්නා.

“ම..මං එච්චර හිතුවේ නෑ… ඌ..ඌ..ට ගැහුවෙත් ම..මං නෙ..මෙ…යි…” ගොත ගසමින් ජේ.ඩී වැඳ වැටුනේ කළු කබාකරු පියවරක් ඔහු ඉදිරියට තබන විට.

“උඹලට තිබුණේ අන්තිම හුස්ම ගන්න එයාව අන්තිම මොහොතෙත් බේරගන්නයි… උඹලා වගේ සල්ලිකාර කාලක්න්නි ගාව එහෙම අනුකම්පාවක් නෑ… ඉතින් උඹලා වගේ කාලකන්නි පාහරයන්ව මේ ලෝකෙන් නැති කලත් කිසිම පවක් නෑ මට… ඉඳාහ්…” කෑගැසූ කළු කබාකරු ජේ.ඩී දෙසට කිණිස්සක් විසි කර දමා ගැසූ නමුත් එය බලාපොරොත්තුවෙන් සිටි ජේ.ඩී එතැනින් ඉවත් වූ නිසා ඔහුට එය නොවැදී බේරුණි. නමුත් කළු කබාකරු තවත් පියවරක් ඔහු ඉදිරියට තැබුවේ තුවාල ලබා සිටි ජේ.ඩී තවත් භීතියට පත් කරමිනි. නමුත් මරණ භය හමුවේද ඔහුට කිසියම් ශක්තියක් දැනුනේ තම පියාගේ වේදනාත්මක අඳෝනාව සිහි වීමෙනි.

“නෑ… කාලකන්නි බල්ලෙක් නිසා උඹට මාවත් මරන්න දෙන්නෑ මං…මට හිටපු එකම තාත්තව මැරුවා… යූ ෆකින් බාස්ටර්ඩ්… අද මං උඹව මරාගෙන මැරෙන්නෙ…” මරණ භය හමුවේ උනත් ජේ.ඩී පාරම් බෑවේ දත්මිටි කමින්.

“හඃ හඃ හඃ හා…!! මාව මරාගෙන මැරෙන්න…? මාව මරන්න එහෙම ලේසි නෑ… කාලකන්නි බල්ලා…? උඹට හිටියෙ උඹේ තාත්තා විතරයි… මට හිටියෙ උඹලා හිතක් පපුවක් නැතුව මරලා දාපු මගේ මූනි විතරයි… අම්මා තාත්තා දැකලා නැති මට මගේ ජීවිතේ හම්බුණ එකම යාලුවා, නෑදෑයා මගෙ හැමදේම වෙච්ච ඒ අසරණ සතාව තොපි මරලා දැම්මා නේද…? තොට මගෙන් සමාවක් නෑ…”

කළු කබාකරු ප්‍රථම වතාවට තම නිහඬ බව බිඳිමින් කෑගැසුවේය. ඔහුගේ කොළ පැහැති දෑසේ වූයේ දැඩි වෛරයකි. අත් පොරොව එක අතකට කිටි කිටියේ තද කරගත් ඔහු ජේ.ඩී දෙසට වේගයෙන් පැන්නා. නමුත් ජේ.ඩී ඔහුගෙන් ගැලවී කකුලත් අද්දමින් දොර දෙසට පලා ගියේ කළු කබාකරුව තල්ලු කරමින්. වියරුවට පත් කළු කබාකරු ඔහුගේ පසුපස එලෙව්වත් පලක් නොවුනේ ඒ වන විටත් නිවසේ තෙවන මහල වෙත යාමට ජේ.ඩී විදුලි සෝපානයට නැග අවසන්ව තිබූ නිසා. වේගයෙන් දිව ගිය කළු කබාකරු සෝපානයේ දොර වැසීමට අන්තිම තත්පරයේ තම කිණිස්ස එය තුලට යැව්වද එය දොර දෙක අතර සිරවිය. නමුත් එය උඩට යාම වැලකීමට එයට හැකිවුනේ නෑ. සැනසුම් සුසුමක් හෙලූ ජේ.ඩී සෝපානයේ බිත්තියට හේත්තු වූයේ තෙවන මහලේ දුරකථන කීපයක්ම තිබෙන බව මතක් වීමෙනි. සෝපානයේ දොර හැරුණු අතර තමා කරගත්තේ කුමන ආකාරයේ මෝඩකමක්දැයි ජේ.ඩීට සිතුණේ ඔහු ඉදිරියේ අත් පොරෝ දෙකක් ඇතිව සිටගෙන සිටි කළු කබාකරු දැකීමෙන්.

“උඹට උඹේ මරණයෙන් ගැලවීමක් නෑ මිත්‍රයා…” යි පැවසූ කළු කබාකරු එල්ල කල පොරෝ පහර වැදුනේ ජේ.ඩීගේ උරහිසටය.

“ආ……හ්” වේදනාවෙන් කෑගැසූ ජේ.ඩී පහර කාගෙනම දණ ගැස්සවුනි. නමුත් වේදනාව දරාගෙන නැගී සිටි ඔහු කළු කබාකරුව තල්ලු කර අඳුරු කොරිඩෝව තුලට දිව ගියේ උමතුවට පත්වය. ඒත් සමඟම මුළු නිවසෙහිම විදුලි බලය ඇණ හිටිණ.

ජේ.ඩීගේ තල්ලුවෙන් මඳක් හෝ නොසෙල්වුණ කළු කබාකරු උමතුවෙන් සිනාසෙමින් සෙමෙන් බර අඩි තියමින් අඳුර අතරින්ම කොරිඩෝවේ ඉදිරියට ඇදුනේ ඔහුගේ ගොදුර සොයාගෙනය. ජේ.ඩී මේ වන විටත් අමාරුවෙන් ඇවිදිමින් අගුළු නොදමා තිබූ කාමරයක් තුලට රිංගා ගත්තා. පිටත විදුලි කොටන ආලෝකයෙන් කබඩයක් සොයාගත් ඔහු එය තුලට රිංගුවේ මේ අඳුරේ මිනීමරුවාට තමාව සොයාගැනීමට නොහැකි වේ යැයි සිතමින්. කබඩයේ දොරේ වූ හිඩැස් අතරින් බලමින් උරහිස අල්ලාගෙන වේදනාවෙන් සිටි ඔහු ඊලඟට ගැසූ අකුණේ එලියෙන් නැවත භීතියට පත්වුනා. ඔහු දුටුවේ කබඩය අසළ සිටි කළු පැහැති රුවකි. කෑගැසෙන්නට ගියද වහා ඔහු අතකින් තම මුව වසාගත්තා. නමුත් ඊලඟට කෙටූ විදුලියේ ආලෝකයෙන් කබඩය අසල කිසිවෙකු නැති බව ඔහුට වැටහුණා.

“ද…ඩා…ස්…!!!”

“අ…ම්…මේ…හ්….!!!”

ජේ.ඩිගේ වේදනාත්මක විලාපය ඇසුනේ ඔහු සැඟව සිටි කබඩය පෙරලී යන වීටය. කළු කබාකරු විසින් එය පෙරලා දැමූ අතර එහි පිට පැත්තට ඔහු අත තිබූ පොරොවෙන් වේගවත් පොරෝ පහරවල් කීපයක් එල්ල කලේ ජේ.ඩීව පිටතට ගැනීමටය. නමුත් එය තුල සිටි ජේ.ඩී වේදනාව ඉතාම අමාරුවෙන් දරාගෙන පොරොව තිබූ අතට වේගවත් පාපහරක් එල්ල කල අතර කළු කබාකරුගේ අතින් පොරොව පසෙකට විසි විය.

“ආ……හ්…. එපා….හ්….!!!” ඊලඟ මොහොතේ ජේ.ඩීගේ විලාපය ඩ්‍රේක් මන්දිරය දෙදරවමින් ඇසුණිද පිට පැවති කුණාටුවේ ශබ්ධය නිසා ඒ මොහොතේ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටි පොලිස් නිළධාරීන් දෙදෙනාට එය ඇසුණේ නැත. නමුත් වාසනාවට හෝ අවාසනාවට ඔවුන් ඩ්‍රේක් මන්දිරයේ හැරදමා තිබූ ඉදිරි දොරටුව වෙතට පැමිණියේ ඔවුනට ඇතිවූ සැකයටය.
***********************************************************************

කෙසේ හෝ මිනීමරුවාගෙන් ගැලවී කාමරයෙන් පිටතට පැමිණි ජේ.ඩී වළලුකර ලඟින් කපා දමා තිබූ කකුල් කෙටියද බිම දිගේ අද්දමින් අඳුරේම කොරිඩෝව දිගේ ඇවිද යන්නට වූයේ යන්නේ කොහේදැයි හරිහැටි නොදැනය.

“යමන්… ඇවිදපං අබ්බගාතයෙක් වගේ… එදා අර අසරණ මූනිගෙත් කකුලක් කපලා තොපි ඒ දිහා බලාගෙන හිනාවුනා මතකද…? ඒ වේදනාව මතක් කරන් ඇවිදපං…” පිටුපසින් ඇසුණේ කළු කබාකරුගේ වියරු කටහඬය. ඔහුගෙන් ගැලවී නොව ඔහු ජේ.ඩීට යන්නට ඉඩ හැර තිබුණි.

නමුත් අවාසනාව ජේ.ඩී සොයා පැමිණීමට වැඩි වෙලාවක් ගියේ නැත. අඳුරේම ඉදිරියට ගිය ඔහු තෙවන මහලේ අත්වැටෙහි වැදී පඩිපෙල මතට ඇද වැටුණි. පඩිපෙල දිගේ රෝල් වී පැමිණි ඔහු දෙවන මහලේ පොලොව මතට වැටුණි. වැටීමේදී ඔලුව වැදීම නිසා ඔහුගේ සිහිය නැතිවී තිබුණු අතර සෑහීමකට පත් නොවුණු කළු කබාකරු විසින් ජේ.ඩීව නැවත දෙවන මහලේ සිට බිම් මහල තෙක් පඩිපෙල දිගේ ඔසවා තල්ලු කලේය. නැවතත් වේගයෙන් රෝල්වී ගිය ඔහු සාලයේ මැදක් වෙන තුරුම ගොස් නතර විය.

“ආ…හ්…. අ…ම්…මේ..හ්…” අමාරුවෙන් දෑස් හැරිය ජේ.ඩී තමා දෑස් හැරියේ මන්දැයි සිතන්නට විය. ඔහුගේ ඇස් වලින් කඳුලු ගලා එන්නට වූයේ ගතේ වේදනාවට වඩා සිතේ වේදනාවටය. ඔහුගේ දෑස් ඉදිරියේ වූයේ ලේ විලක් මත සිටි තම පියාගේ… නැත. එහි තිබුණේ පියාගේ කපා දමා තිබූ හිසය. එය පොලොව මත තමා තිබුනේ ඔහුගේ දෑස කෙලින්මය.

“දැන් උඹට තේරෙනවනෙ තමන් ආදරේ කරන කෙනෙක් මැරුණම දැනෙන හැඟීම…? විඳවපං… උඹේ අන්තිම හුස්ම මගෙ අතින් යනකල්ම විඳවපං…” ජේ.ඩීට ඉහළින් ඇසුණේ උමතු කළු කබාකරුගේ හඬය.

“උඹට පිස්සු… උඹ…උඹ මානසික රෝගියෙක්… ම..මගේ ඩෑ..ඩ්..ව….”

“කටවහපං…”

“ආ….ග්…හ්”

නැවත පොරෝ පහරක් ජේ.ඩීගේ පිට මතට වැදුණි. තමා තවදුරටත් මෙතරම් වද විඳිමින් ජීවත් වන්නේ කුමටද කියා ඔහුට සිතුණි. නමුත් දැන් එහි අවසානයට පැමිණි වග ඔහු නොදත්තේය.

“ඒයි…! ඔහොම නැවතියන්…!! දාපං ඔය ආයුධේ බිමට… දාලා අත් දෙක පිටිපස්සට කරන් හැරියන් මේ පැත්ත…” කළු කබාකරුගේ පිටුපසින් ඇසුණේ තර්ජනාත්මක කටහඬකි. ඔහු එදෙස හැරී බැලුවේ අවඥා සහගත ලෙස සිනාසෙමින්.

“ෆකින් කොප්ස්…!” තමාටම මුමුණාගත් කළු කබාකරු දුටුවේ ඔහු දෙසට පිස්තෝල දික් කරන් ඉන්න පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. නමුත් ඔහුගේ කොළපාට දෙනෙතේ කිසිම බියක් තිබුණේ නැත. ඒ නිසා ඔහු එලෙසම සිටියේය.

“උඹට අපි කිව්ව දේ ඇහුනෙ නැද්ද..? වහාම ඔය ආයුධේ බිමින් තියලා…. ආ….ග්”

“වට්…? ආ….ග්..හ්”

පොලිස් නිළධාරීන් දෙදෙනාම කෑගසමින් බිමට ඇද වැටුනේ කලු කබාකරු පුදුමයෙන් බලා සිටියදීය. ඊලඟට ඔහු දුටුවේ ඊට පිටුපසින් සිටි තමා ලෙසම හැඳගත් කළු කබාකරුවන් දෙදෙනෙකි.

“අපිට දෙයක් ඉතුරු කරලා නෑ වගේ… හහ්…” එක කළු කබාකරුවෙකු කීවේ අනෙකා දෙස බලමිනි.

“ඒක තමා… ඒත් අපි පරක්කු නෑ…” ගොරහැඬි හඬින් අනෙකා කීවේ බිම වැටී තවමත් පණ අදිමිනි සිටි ජේ.ඩීව පෙන්වමිනි. ඊලඟට ඔවුන් දෙදෙනා කළු කබාකරු දෙස බැලුවේ ඔහු කවුදැයි හඳුනාගන්නටය.

“උඹ කවුද…?” එක කළු කබාකරුවෙකු ඇසීය.

“මං උඹ…” කළු කබාකරු පිළිතුරු දුන්නේය.

“උඹ මම නම් මේ කවුද…?”

“ඒ ඉන්නෙත් උඹ…” කළු කබකරු නැවත පිලිතුරු දුන්නේය.

ඔවුන් තිදෙනාටම ඊලඟට ඇසුනේ කිසිවෙකු විසින් උරුවම් බාන හඬකි. එය ඇසුණේ නිවසේ උඩු මහලෙනි. තිදෙනාම එදෙස බලනවිට දුටුවේ….

“වට් ද හෙල්…? මොකක්ද මේකෙ තේරුම…?” කළු කබාකරු ඇසුවේය.

“මං උඹලා තුන් දෙනාම… උඹලා මම… අපි අපි…” තාලයට පියවර තබමින් පහලට බසිමින් කළු කබාකරු පිළිතුරු දුන්නේය.

“අපි ඔක්කොම කවුද එතකොට…?” කළු කබාකරුවෙකු ඇසුවේය.

“අපි ඔක්කොම මම…” කළු කබාකරුවෙකු පිළිතුරු දුන්නේය.

“විකාරයක්… ගලවපල්ලා ඔය වෙස්මූණු ටික…” ගොරහැඬි හඬක් තිබූ කළු කබාකරු පැවසීය.

“ජූලියානා…?” කළු කබාකරුවෙකු ඇසුවේ ගොරහැඬි හඬක් තිබූ කෙනාගෙනි.

“වේඩ්…?” ගොරහැඬි හඬද ඇසුවේය. “මේ ඉන්නෙ මගෙ අක්කා… මේරියන්…” ඔහු නැවත කීවේය.

“එතකොට මේ…?”

“මේ විකාරෙ ඇති… මට මූව ඉවරයක් කරන්න තියෙනවා…” මුහුණු ආවරණය ඉවත් කරමින් ජූලියානා කීවාය. ඇගේ දෙනෙත් ක්‍රෝධයෙන් දිලිසෙමින් තිබුණි.

“මටත් ඕනෙ ඒකමයි… ජූලී ඒඩ්න්ට මොකද කලේ…?” වේඩ්ද මුහුණු ආවරණය ඉවත් කරමින් පැවසුවේය.

“මං හිතන්නෙ බොඩි එකත් අළු වෙලා ඇති මේ වෙද්දි…” මේරියන් නම් වූ ජූලියානාගේ සහෝදරියද පැවසුවේ මුහුණු ආවරණය ගලවමිනි. ඇය ජූලියානාගේ නිවුන් සහෝදරිය වූ අතර වේඩ්ට ඔවුන් දෙදෙනා වෙන් වෙන්ව හඳුනාගැනීමට හැකිවූයේ නැත.

“වාව්… ජූලියානා කියපු විදිහට මං හිතුවෙ නෑ ඔය දෙන්නා එක වගේම ඇති කියලා…” වේඩ් පැවසුවේ විස්මයට පත්වය.

“කවුද රිචඩ්ව මැරුවේ…?” ජූලියානා ඇසුවාය.

“මං..” වේඩ් පැවසුවේ ජයග්‍රාහී හඬිනි. “එතකොට ක්‍රිස්ටියන්ව…?”

“මෙයා වෙන්නැති…” තවමත් මුහුණු ආවරණය ඉවත් නොකල කළු කබාකරු දෙස බලමින් මේරියන් පැවසීය. “ශෙරීෆ්ව ඉවරයක් කරන්න උනෙත් මටමයි…”

“එතකොට ශෝන්ව මැරුවෙත් මම…” වේඩ් නැවත කීවේය. “මේ හැමදේම ඔයා නිසා ජූලී… අදින් පස්සෙ ඔයාට කරදර කරන්න කිසිම කෙනෙක් නෑ… අරූව ඉවරයක් කලාම ඔක්කොම හරි…”

“එතකොට කවුද මයිකල්ව මැරුවේ..?”මේරියන් ඇසුවේ තර්ජනාත්මකවය. “අන්තිමට මාවයි ඒකට අහු උනේ…? තව ටිකෙන් මැරෙන්නත් වෙනවා… ප්ලෑන් එකට පිටින් ගියේ කවුද…”

“ඌව මැරුවෙ මම…”

මෙතෙක් වෙලා නිහඬව සිටි කළු කබාකරු පවසද්දී අනෙක් තිදෙනා ඒ දෙස බැලුවේ පුදුමයෙන් මෙන්ම කෝපයෙනි. තමන් ජේ.ඩීලාව මෙලොවින් තුරන් කිරීමට ගත් තීරණයේදී හතර වැන්නෙක් සිටියේ නැත. ඔවුන් තිදෙනා කිණිසිද ඇතැතිව ඔහු දෙසට පියවරක් ඉදිරියට තැබුවෝය. නමුත් සෙලවුනේ ඔහු නම් නොවේ.

“උඹ කවුද ඇත්තටම…?” වේඩ් ඇසුවේ තර්ජනාත්මකවය.

“උඹේ කෙල්ලට ඇටෑක් කලෙත් මම…” කළු කබාකරුගේ දෙනෙත් ජූලියානා දෙස බලමින් කීවේය. “ඒ වගේම උඹලා නොදන්නවා උනාට තව තුන් දෙනෙක්ව මං මැරුවා…”

“මොකක්…? මොනාද උඹ මේ කියවන්නෙ…? උඹ කවුද ඇත්තටම…??” මේරියන් ඇසුවේ කෝපයෙන්.

“මම…? හහ් හා…මං තමයි කළු කබාකාරයා…!!” වියරුවෙන් සිණාසුන කළු කබාකරු තම කිණිස්ස එසෙව්වේය.

“ආග්..හ්..”

“ජූලී… එප්…ආ…හ්”

“එ..ග්…ල්..බ්”

ජූලියානා, වේඩ් හා මේරියන් තිදෙනාම තම ගෙල අල්ලාගෙන බිම දණගසාත් අතර ඔවුන්ගේ උගුරු දණ්ඩවල් කැපී ලේ දහරා පොළොව මතට විදිමින් තිබුණි. ඔවුන්ගේ දෑස් වල වූයේ වෛරයකි. නමුත් සියල්ල තත්පර ගණනකදී ඉවර විය.

“දැන් උඹේ වාරේ…”

මේ සියල්ල දෙස බොඳවූ දෑසින් බලා සිටි ජේ.ඩී දෙසට හැරෙමින් උමතු කළු කබාකරු ජේඩීව ඉහලට එසෙව්වේය.

“ම..ම..ම..ට… ස්..ස..මා..වෙ….”

“සමාව…? නෑ යාලුවා සමාව දෙන්න මං දෙවියොත් නෙමෙයි… අමතක කරන්න මං මනුස්සයෙකුත් නෙමෙයි… මං තමයි… මාරයා…”

ජේ.ඩීගේ ක්වන්ධය පොලොව සිපගද්දී ඔහුගේ හිස කළු කබාකරුගේ අතෙහි විය. එහි භීතියෙන් මහත් වූ දෙනෙත් දෙස බැලූුමතු කළු කබාකරු උමතුවෙන් මෙන් සිණාසෙන්නට පටන් ගත්තේය.

“හඃ හඃ හඃ හඃ හඃ හඃ හහ් හා….!!!”

**********************************************************************

“මේ අනුව නගරාධිපතිවරයා ඇතුලු නගරයේ ධන කුවේරයන් සියළු දෙනාගේම ඝාතන සිදු කරන්නට ඇත්තේ මෙම තරුණයා හා තරුණියන් දෙදෙනා බව පොලිස් මාධ්‍ය අංශය දන්වා සිටිනවා… ඒ අනුව අභිරහස් කළු කබාකරුවෙකු ලෙස පෙනී සිටිමින් මෙම ඝාතන සියල්ල සිදු කල අපරාධ කල්ලියද ඝාතනයට ලක්වූ ඩ්‍රේක් සාමිවරයාගේ පුත් ජොනතන් ඩ්‍රේක් තරුණයා අතින් ඔහු මිය යාමට පෙර ඝාතනය වන්නට ඇතැයි පොලීසිය සැක පල කරනවා… අද පටන් මැන්චෙස්ටර් භීශණය අවසන් බවද පොලිස් මාධ්‍ය අංශය විසින් ජනතාව දැනුවත් කරනු ලැබුවා… මීලඟට….”

අඳුරු කාමරයේ රූපවාහිනී තිරය දෙස බලා සිටි තරුණයා තම මුහුණ වසා සිටි කළු පැහැති ආවරණය සෙමෙන් ඉවත් කලේය. හැඳ සිටි කලු කබායද ගැලවූ ඔහු ඊට යටින් වූ කළු පැහැති ටී ශර්ටයද ගලවා දැමුවේය. කණ්නාඩිය අසළට ගිය ඔහු තමන්ගේ ශරීරය දෙස බැලුවේය. තැනින් තැන පිළිස්සුනු තවමත් සුව නොවූ තුවාල දෙස බැලූ ඔහු පැත්තක් පිළිස්සුණු මුහුණ දෙස බැලුවේ වෛරයෙනි. ඉන්පසු කණ්නාසියෙහි ගසා තිබූ සුරතල් බල්ලෙකුගේ පින්තූරයක් අතට ගත් තරුණයා එදෙස බලාගෙන කඳුලු සලන්නට විය.

********************************************************************
සමාප්තයි…

මෙච්චර දවසක් මාත් එක්ක ඉඳලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. විශේෂයෙන්ම එයාගෙ වෙලාවත් මට දීලා කතාව ලියන්න ඉඩ දීපු මගෙ ආදරණීය වයිෆ්ට ගොඩාක් ස්තූතියි.?❤️️? කමෙන්ට් වලින් මට වද දීලා කතාව ලියන්න උනන්දු කරවපු හැමෝටමත් කියවලා ලයික් නොදා කමෙන්ට් නොදා හිටපු හැමෝටමත් ගොඩක් ස්තූතියි.? හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි… ?

?Lone Wolf?

5 thoughts on “?උන්මන්තකයා?| 11 කොටස | හොල්මන් කතා”

  1. Niyamai…pariwarthana kathawak kiyewwa wage..kuthuhalaya ,baya,hamadema lassnata danena widihata liyla thiyanwa..thawat me wage lassana kathawak onii ????

    1
  2. Hashini Navanjana.

    සුපර්බ් ආ…. ???? ඒත් දුකයි හොඳද ජූලි, වේඩ්, මේරි මරපු එක ගැන නම්.. ???
    එතකොට රියල් කලු කබා කාරයා ඒඩ්න් නේද.? ????
    එයා ජූලිවයි අනිත් දෙන්නවයි මැරුවේ එයස්ට ඇටෑක් කරපු නිසා වෙන්නැති… හරිම ලස්සනයි ලෝන් වුල්ෆ්… තවත් මේ වගේ කතාවක් අරන් ඉක්මනින් එන්න.. මේ අනේ මාරයා ඉතුරු කොටස් ටික දෙන්න බැරි වෙයිද අනේ…
    ????
    ඒක මං ගොඩාක් ආසාවෙන් කියෙවුවේ… ඒත් මගදි නතර කරානේ ඔයා… අනේ ආයෙත් ඉතුරු ටික දෙන්නකෝ…. ප්ලීස්ස්ස්ස්ස් ? ? ? ? ?

    8

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.