Katha Ahura

පා සළඹේ හඩ | ? 04 කොටස ?| හොල්මන් කතා

3.5/5 - (10 votes)

පා සළඹේ හඩ ? 04 කොටස ?

මම පිටිපස්ස හැටිලා බලද්දී දැක්කේ අර කලු දිව. ඒ දිව අර කාමරේ සිදුර ඇතුලෙ ඉදලා අඩි විස්සක් තිහක් විතර දික්වෙලා. ඒ විතරක් නෙමේ ඒ දික්වුන කලු දිව මගේ බෙල්ල ලෙවකනවා.

” අම්මෝ…..”

මම හොදටම බයවෙලා ඉස්සරහ වැහුනු දොර අරින්න හැදුවා. ඒක ලොක් වෙලා නෑ. ඉක්මනට ඒ දොර ඇරගෙන එලියට පැනලා දිව්වේ පිටිපස්සවත් බලන්නේ නැතුව.

??????????????????????

“මම දැකපු දේවල් කවිෂ්කට කියනවද, කියලා මේ ගෙදර මට ඉන්න් බෑ කියලා කියනවද..”

ආයෙම මම හිටිය ගෙදරට ඇවිල්ලා හිතුවා.

” නෑ ඌට කියන්නේ නෑ…මම හින්දා ඌටත් ප්‍රෂ්න වැඩි වෙනවා..”

මම අවසානේ හිතුවා.

” ගෙදර කවුද..”

කවුරුහරි කෙනෙක් ගෙදරට ඇවිල්ලා කතා කරනවා මට ඇහුනේ අර දේ මම දැකලා පැයක් විතර ගියාට පස්සේ.

මම ඉස්සරහට ගිහිල්ලා බල්ද්දී මම දැක්කේ අවුරුදු දාසයක දාහතක වගෙ පිරිමි ළමයෙක් ගෙයි දිහා බලන් ඉන්න හැටී.

” ඇයී….”

මම අහද්දි ඔහු හිනාවුනා.

” අයියේ මේකයි මම ආවේ බේතකට කොබ්බෑ කොල ටිකක් කඩාගන්න පුලුවන්ද කියලා අහන්න. මේ වත්‍ තේ විතරයි ඒ ගස් තියෙන්නේ , ඊයේ විජේ මාම කිව්ව මෙ වත්තට මුරකාරයෙක් ඇවිල්ලා හින්දා එයාගෙන් අහලා කරන දෙයක් කර ගනින් කියල ”

” ඉතින් කඩාගන්ඩ , ඒත් ඔය කොල කොහෙද තියෙන්නේ , මම ඒ ගස් වර්ගේ ඇහුවමයී. ”

” මේ වත්තේ තියනවා…මම එහෙනම් කඩාගන්නවා…”

කියූ ඔහු මද සිනාවක් පාල හෙමින් හෙමින් වත්‍ත පිටිපස්ස ට යන්න පටන් ගත්තා. මාත් ඔහු පස්සෙන් හෙමින් හෙමින් ගියා. ඔහු අවසානේ පොඩි ගහක් ලග නැවතිලා ගහකින් කොල කඩ කඩ උරයකට දාන්න පටන් ගත්තා.

” ඕවද කොබ්බෑ ගස් කියන්නේ.. ”

මම ඇහුවේ ඔහු ඒ ගහේ කොල කඩන අතරවාරයේ.

” ඔව් මේවා තමා…අයියා දන්නේ නැද්ද.”

” නෑ මම මීට කලින් දැකලා නෑ. මොනවටද ඕවා ඕනාවෙන්නේ.”

” අපේ තාත්‍තාගේ කකුල කැඩිලා… ඒකට පත්තු බදින්න…කොබ්බෑ කොලත් ඕනා………”

” එහෙමද , ඔයාලා මේ පැත්තෙද ඉන්නෙ”

” ඔව් පොඩ්ඩක් දුර යන්නඕනා , බයින් බයේ ආවේ මයේ යාලුවෙක්ට එන්න කිව්ව තනියම , කොහෙද ඌ කිව්වා බෑ කියලා. බයගුල්ලෙක්..”

කියපු ඔහු හිනාවුනා.

” ඇයි බයගුල්ලෙක් කියන්නේ..”

” ගොඩක් අය බයයි මේ වත්‍තට පැත්තට එන්න. මේ හරියේ තියෙන්න පාලුවට ගිය පරණ ගෙවල් දෙකක්නේ…තව අර පැත්තෙත් තියනවා පරනම පරන ගෙයක් මේ ගේ වගේමයි. මීට වඩා පරණයි ඒක. අයියා ඒ පරණ ගේ පැත්තටනම් යන්න එපා…”

ඔහු කිව්වේ අතකුත් පැත්තකට දික්කරලා පෙන්නලා..ඒ මම උදේ අර ගිය පරණ ගේ තිබ්බ පැත්ත.

” ඇයි එහෙම කියන්නේ ”

මම ඇහුවේ කුතුහලයෙන්.

” මමනම් වැඩි විස්තර දන්නේ නෑ….ඒත් ගේ පැත්තට ගිය අය අමුතු අමුතු බය හිතෙන දේවල් දැකලා තියෙනවා. ගේ කිට්ටුව තිබිල සමහර කාලවලට මිනී හම්බවෙලා තියනවා. ඒ මිනී පවා අමුතුයි ”

“අමුතුයි කිව්වෙ…”

” මට බෑ අයියේ ඕවා කියන්න. මාත් වැඩිය විස්තර දන්නේ නෑ …අයියා ඉන්නේ තනියමද මේ ගෙදර ”

ඔහු මගෙන් ප්‍රශ්නයක් අහුවා.

” ඔව් ”

“බයනැද්ද තනියම ඔය ගෙදර ඉන්න..”

” නෑ…… ”

ඒ ගෙදරට ආවාට පස්සේ උන අද්භූත දේවල් නිසා ඒ වෙද්දීත් මම හිටියේ බයෙන් උනත් මම බොරුවක් කිව්වා.

” ඒත් පරිස්සමට අයියේ.. මම මේ පැත්තෙ තනියම ආවෙත් අපේ ගෙදර අයට කියන්නේ නැතිව , තනියම මේ වත්තට එනවා කිව්වනම් ගෙදර අය කොහොම ව්ත් මට එන්න දෙන්නේ නෑ.. මේ කඩලා ඇතී…”

ඔහු කොබ්බෑ කොල කඩන එක නතර කෙරුවා.

” ඔය මල්ලිගේ නම මොකක්ද ”

මම ඇහුවේ ඔහු කොල කඩපු උරය ගැට ගහද්දි.

” මගේ නම් සිත්මාල් අය්යේ…”

” සිත්මාල් ආයෙ එන්නේ නැද්ද….මේවා කඩන්න.”

” මේ කොලනම් අපිට සෑහෙන්න කාලයක් කඩන්න් වෙයි , තාත්තගේ කකුල හොද කරගන්න වෙයිනේ”

” ආයෙත් එන්ඩ… ”

මම කියද්දී සිත්මාල් හා කියා යන්න ගියා. මොනවා වුනත් සිත්මාල් අපු එකින් මම බොහෝ දේවල් දැනගත්තා. ඔහු කියපු දේවල් මට බොරු කියලා අහක දාන්නත් බෑ. මොකද ඒ වෙද්දීත් මම අමුතු අද්භුත දේවල් වලට මුහුන දීලා තිබ්බ නිසා.

??????????????????????

” නිසල්ක උබට ප්‍රශ්න ක් නෑනෙ ”

කවිෂ්ක එදා කතා කරලා මගෙන් ඇහුවේ සිත්මාල් ගියා ගියා එක්කමයි. මම අත්විදින්න උන දේවල් කවිෂ්කට කියන්න හිතිලත් මම පස්සේ ඒ අදහස වෙනස් කරලා දැම්මා.

” නෑ කිසි අවුලක් නෑ දැනටනම් ”

” මම උබ කලින් හිටිය ගෙදරට ගියා..එහේ කවුරුවත් නෑ..උබේ තිබ්බ ඇදුම් පැලදුම් ඒවත් අරන් මම හවස එන්නම්”

” මේ කවිෂ්ක උබට පුලුවන්නම් එද්දී මට දෙයක් ගේන්න පුලුවන්ද ”

“ඒ මොකක්ද ඒ…. ”

කවිෂ්කගේ කුතුහලය ට බර හඩ පෝන් එකින් ඇහුනා….

” පිරිත් තියෙන පොඩි පොතක්…”

” ඈ පිරිත් පොතක්…..එකපාරටම , උබට මහන වෙන්නවත් හිතුනද”

කවිශ්ක ඇහුවේ සමච්චලේට.

” පිරිත් පොතයි මහණ වීමයි අතර කොහෙද සම්බංදයක් තියෙන්නේ , පිරිත් පොත් තියෙන ඔක්කොම දැන් ඉන්නේ මහණ වෙලාද ”

” මොකටද පිරිත් පොතක් ඕනා… ”

කවිශ්ක ආයෙම ඇහුවා…

” මේ ගේ ගොඩක් පරණ පාලු ගෙයක් බං , මට එකවෙලාවකට දැනෙනවා මේ ගේ ඇතුලේ එක එක සද්ද . මගේ හිතේ සැකේ වෙන්න ඇතී බං..නිකම් ඉන්න එකේ එය පිරිත් ටිකක් කියන එවා ටිකක් පාඩම් කරන එක හොදා කියලා හිතුනා.. මගේ කේන්දරේ බලපු කෙනෙකුත් කිව්වා. ඔය අපල ඇරෙන්න එක්ක අඩුම ගානේ නිතර ඔය තුන් සූත්‍ර , ධජග්ග පිරිත වගේ ඒවා කියන්න කියලා. මට ඒවා ගැන ඒ දවස්වල ගානක් ගියේ නෑ…

මට එකපාරටම හිතුනා ඒවා කිව්වොත් ,නිකම්.ඉන්න එකේ කටපාඩම් කරලා තියාගත්‍ තොත් හොදා කියලා……”

” හා බං මං එද්දි හොයාගෙන එන්න බලන්නම්”

කවිශ්ක කිව්වේ එහෙටත් මෙහෙටත් නැතී උත්තරයක්.

????????????????????

ඉර අව්වත් හොදට තියන එකේ වෙන වැඩක් නැති හින්දාම මම රෙදි ටිකක් හෝදගන්න හිතුනා. වත්ත පිටිපස්සේ ළිදක් තිබ්බ නිසා මම ඒ ගෙදරින් හොයාග්ත්ත බේසමකට රෙදිත් දාගෙන ඒ ළිද පැත්තට කිට්ටු කෙරුවා.

රෙදි ටික බේසමට දාල මම වතුර පනිට්ටුවෙන් ඇදලා පිරෙව්වා.

බේසමට පෙගෙන්න දාපු රෙදි ගොඩ අතර එදා මම වැවේ හැංගෙන්න දුවද්දී තිබ්බ කලිසමත් තිබ්බා. එතකොටමයි මට දෙයක් මතක් වුනේ.

” එදා වැවට දුවද්දී මම මේ කලිසමේ සාක්කුවකට නේද අංශුගේ පාසලඹ දැම්මේ….මට ඊට පස්සේ ඒක ගැන ගානක්වත් ගියේ නෑනේ.

හිතපු මම හැදුවේ ඒ ඩෙනිම් කලිසමේ සාක්කුවලට අත දාල ඒක හොයාගන්න.. ඒත් ඊට කලින් වුනේ මම හිතුවේවත් නැති දෙයක්.

එකපාරටම ළිං බැම්ම උඩ තිබ්බ වතුර පනිට්ටුව එක පාරටම ළිදට වැටුනේ කවුරුහරි කෙනෙක් තල්ලු කරලා වගේ. කලබල වුන මම හැදුවේ දොබකරයෙන් ලනුව අයින් වෙන්න කලින් ලනුවෙන් අල්ලගන්න. ඒත් මම පරක්කුයි. ළණුව දොබකරෙන් මිදුනා. ඒකෙ කෙලවරේ තිබ්බේ පොඩිම පොඩි ගැටයක්.

ඒ හින්දා තව මොහොතකින් ළනුවත් එක්කම පනිටුව ළිදට වැටෙයි. ඊට කලින් මට ඕනාවුනේ ළනුව කොහොම හරි අල්ලගන්න. එහෙම අදහසින් ඒක අල්ලගන්න ළිදට නැමෙද්දීම මට ඇහුනා කවුරුවත් කෙනෙක් මගේ පිටිපස්සෙන් එනවා වගේ අඩි හඩක්.

මට ඒ කෙනා කවුද කියලා දැනගන්නවට වඩා ඕනාවෙලා තිබ්බේ ළනුව අල්ලගන්න. ඒ හින්දා මම පිටිපස්ස බැලුවේ නෑ.

පිටිපස්සෙන් ආපු කෙනා එකපාරටම ශක්තිමත් අත් වලින් මගේ කකුල් දෙක අල්ලගත්තේ මම හොදටම බයවෙද්දී.

ඉන් නොනැවතුන ඒ කෙනා මාව කකුල් දෙකින් ඉස්සුවා. ඊටපස්සේ මට වෙන දේ තේරුනේ ඉවෙන් වගේ.

” එපා…. අතඇරපන්…….”

මම කැගැහුවා… ඒත් ඒ කෙනා මාව අතඇරියේ නෑ…

” ජබොක්.. ”

තව මොහොතකින් මම ළිද ඇතුලට වැටුනේ දිය දෙබෑකරමින්.

” හහ් හහ් හා…. ”

ළිදේ වැටුන මම වතුරේ යට යන්න කලින් මට එහෙම වියරු හිනාහඩක් ඇහුනා.ළිදේ වතුරේ යට යන්න කලින් මම ළිං බැම්ම පැත්‍ත බලද්දී මා දැක්කේ කෙස් කඩාගත් ගැහණු කෙනෙක්ගේ ඔලුවක්. සම්පූර්ණයෙන් ම මූන කොන්ඩෙන් වැහිලා තිබ්බ නිසා ඒ මොන වගේ කෙනෙක්ද කියලා මට දැකගන්න පුලුවන් වුනේ නෑ…….???????????????????ඊලග කොටසට ? පාසළබේ හඩ

කතාව කියවන ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

3 thoughts on “පා සළඹේ හඩ | ? 04 කොටස ?| හොල්මන් කතා”

  1. E nam anshu wenna athi anshu kiynne pissu haduna kenekda naththam aththatam holmanakda aneee mandaaa ?? kathawa lassai anee baya hithenawa

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.