Katha Ahura

පිච්චමල් මනාලී|තිස් එක්වන කොටස|නවකතාව

3.4/5 - (7 votes)

31

දේදුනු පැටලී ගියේය…ඇයි ඔහු මෙලෙස හැසිරෙන්නේ දේදුනු සිතන්නට විය. තෙතක යම් පහසක් ලැමට දැනෙද්දී දේදුනුගෙ ඇස් මතටද කදුලු උනන්නට විය.

ඔහු රහසේම සැගවී කදුලු බිදු වගුරන්නේය…දේදුනුට ඒ කදුලුවල සීතල පහස ලැම හරහා හදවතටම දැනෙන්නට විය .

දෙදෙනාම නිහඩය…කදුලු පමනක් හැගීම් දිය කරමින් උන්නේය…
……………………………………….
නිහඩවම කල් ගෙවුනද නින්දක් දෙදෙනා අසලකවත් නොවීය .
අලුයම උදාවන මොහොතේ නුරාග් නිදිවග වටහා ගත් දේදුනු නිහඩවම අපහසුවෙන් නුරාග්ව තම පපුවෙන් ඉවත් කර කොට්ටය මත සැප පහසුවට දිග ඇදීමට අවකාශය ලබා දුන්නේය..

ඉන්පසු මොහොතක් ඔහු දෙස බලා උන් දේදුනු නුරාග්ගේ හිස මත කුඩා හාදුවක් සටහන් කලෙ උගුරේ යමක් සිරවී ඇති කලක මෙන් වේදනා දෙද්දී…

” කමක් නෑ අයිති නැති වුනත් ..සතුට තියන තැනකට යන්න ..ඒත් මන් ඔයාට මහ හුගක් ආදරෙයි නුරාග් අයියේ ..හැමදාම කලකිරිමෙන් ජීවත් උන මට ආදරය මොන වගෙද කියලා කියලා දුන්නේ ඔයා..ඒ හැගීම මැරෙනකල් මගෙ හිතේ තියේවි… මම දන්නවා මම ඔයාට ගැලපෙන්නේ නෑ කියලා ඒත් ඔය කටින්ම මට දවසක යන්න කියනකන් මම ඔයා ලග ඉන්නවා මොනදේ උනත් දරාගන්නවා සත්තයි …ඔයාට මාව ඕනනම් මම කවදාවත් එක විනාඩියකටවත් ඔයාව අත අරින්නේ නෑ… මට ඕන ඔයාගෙ සතුට විතරයි …”

එසේ කී දේදුනු කදුලු ඇසින් බිම වැටෙන්නට අර අදිද්දී නුරාග්ලගින් ඉවත්ව දරුවාගෙ කාමරය වෙත යන්නට විය.

සියල්ල නිදි මෙන් අසාගෙන උන් නුරාග්ගේ ඇස් අගින් කදුලු කැටයක් ගිලිහෙන්නට විය…

……………………………
පසුදා උදෑසන සුපුරුදු පරිදී නුරාග්ගේ මෙන්ම දරුවාගෙද පිනිදිගෙද වැඩ අවසන් කල දේදුනු සුපුරුදු පරිදි නුරාග්ගේ ගෙලේ ටයි පටිය බදින්නට විය…වෙනාදා මෙන් නොව දේදුනු තම රාජකාරිය පමනක් ඉටු කරද්දී නුරාග් ඈ දෙස බලා උන්නේ හැගීම් හිර කරගනිමිනි.

ඈව සිප තුරුලු කරගෙන තමා ඇයට කොපමන ආදරේද යන වග නුරාග්ට පැවසීමට අවැසි විය නමුදු පිරිමි හිතකට ගැහැනියකු ලග කදුලු සැලීමට නොහැකිය අසරන විය නොහැකිය ඉතින් ඔහු නිහඩවම තැවෙන්නට විය.

දේදුනු ඔහුගෙ ස්පර්ශය වෙනදාසේම බලාපොරොත්තු වෙන්නට විය උඩු හිතේ ඔහු ගැන නොපැහැදීමක් ඇති බව සැබෑය නමුදු යටිහිත පවසන්නේ වෙනම කතාවකි..නෑ රත්තරන් නෑ ඔයා ඇර මගෙ ජීවිතේ තව කෙනෙක් නෑ මගෙන් වරදක් උනා තමා ඒත් මන් ආයේ එහෙම කරන්නේ නෑ ඇත්තමයි…මෙවැනි ප්‍රකාශයක් නුරාග්ගෙ මුවින් පිටවෙනතුරු ඈ බලා ඉන්නට විය…නමුදු නැත ඔහුගෙ ඇස් කතා කලද මුවින් වදනක් හෝ පිටවුනේ නැත..ඉතින් දේදුනු පසුවූයේ අසහනයෙනි…

ඇයද ඔහු ඉදිරියේ වදනක් ගලපා ගත නොහැකිව හදවතින් තැව්නේය.

පිටතින් මෙය බලන ඔබට මෙන්ම මටද එක් විටක හිතේවි මෙයනම් විකාරයක් බව..එය සැබෑවකි මෙය විකාරයකි.ආදරයේ ගැඹුරටම ගොස් සියුම් තැන් අත පත ගා සූර රිද්දා දමන මේ හැගීම සැබවින්ම විකාරයකි .

සැකයට මුල පෑදු තැන ආදරය විසිරීයන බව නිසැකය…නමුදු එය වන්චාවක්ද නොඑසේනම් එය අහම්බෙන් සිදුවූ දෙයක්ද යන්න තෝරා බේරා ගත නොහැකි තැන ආදරය කල පුද්ගලයා මෙන්ම ආදරය දුන් පුද්ගලයාටද මහත් වේදනාවක් ඇති කරයි…වචනවලින් එය නොපැවසුවද ඒ වේදනාව දැනටමත් පපුවට දැනී අවසානය…ඒ නිසාම වදනක් ගලපා ගත නොහැකිව ගොලුවන් සේ මුනිවත රකින පපු අස්සේ පැවසීමට දහසක් දෑ තිබුනද තව තවත් එකි නෙකාව රිද්දවීම නොකල යුතු නිසා ඔවුන් නිහඩව කල් ගෙවයි…හොදම දේ හැගීම සමග ගනු දෙනු කිරීමයි දාහක් දේ මුවින් පැවසුවද එක හැගීම් අන්ශූ මාත්‍රයක් කැටි කර ආදරයෙ පැන් පොදක් හදට ඉසින කල්හී හදවත මත බුර බුරා නැගෙන ගිනි කදු නිවී යන බව නුරාග් සේම දේදුනු දැන සිටියේය. ඉතින් ඒ ආදරය මහ හුගක් වෙනස් ය. ඔවුන් මේ කරන්නේද එයය… ගිනි ගන්නා හදවත් නිවාගැනීමට අවැසි දිය පොද එක් රැස් කර ගැනීමය.

කෑම එකද ලබාදී නුරාග්ව කාර්‍යාලය වෙත පිටත් කර හැරි දේදුනු තම සිගිත්තාව සුසීලාගෙන් සියතට ගන්නට විය…

සුසීලා බලා උන්නේ දේදුනු දෙසයි.ඈ සිනාසීමට උස්සහ කලද ඒ ඇස්වල සතුටක සේයාවක්වත් නැත…පෙර දින රාත්‍රියේ නුරාග් තමාට පැවසු වදන් සුසීලාගේ මතකයට නැගෙන්නට විය.

“මන් දන්නවා අම්මා මන් කලේ වරදක් ඒක මට ආයේ අතීතෙට ගිහින් වෙනස් කරන්න බෑ…තවත් මට මේ දේවල් මතක් කර කර පැංචිට රිද්දන්නත් බෑ හොදම දේ අත ඇරලා දාන එක.හැම බරකින්ම නිදහස් වෙන එක…තුවාලයකට උනත් බෙහෙත් දාන්න කලින් ඒක හොදට සුද්ද කරන්න ඕන…සුද්ද කරනකොට හුගක් රිදෙනවා ඒත් ඒ වැඩෙන් පස්සේ බෙහෙත් දැම්මම ඉක්මනට තුවාලේ හොද වෙනවා…අපි තුවාලේ තියන කෙනාට රිදෙයි කියලා හිතලා ඒ තුවාලේ සුද්ද නොකර බෙහෙත් දැම්මොත් ඒ තුවාලේ හොදවෙන්නේ නෑ කවදාවත් පැසව පැසව සැරව ගලනවා මිසක්….මම දැන් කරන්න හදන්නෙත් ඒක …..තුවාලේ හොද කර ගන්න එක..මගේ තුවාලේ වගේම දේදුගෙත්…….”

පෙර දින තම උකුලට වැටි තම පුතු පැවසූ වදන් වල ඇති ගැබුර සුසීලට දැනෙන්නට විය…ඇය ප්‍රාර්තනා කලේ හැම දේම හොදින් සිදුවේවායැයි කියාය..

දහවල් වරුව වන විට නිවසට දුරකතන ඇමතුමක් ලැබෙන්නට විය…එය නුරාග්ගෙන් බව දැන ගත් දේදුනු එයට සම්බන්ද නොවූයේ ඔහුගෙ කටහඩට එදාමෙන්ම අදත් තම හිතේ පොදි ගැහුන හැගීම් හීලෑ නැතිවම වාන්දමන නිසාවෙනි….

දේදුනු දුරකතනයට සම්බන්ද නොවෙන බව දන්නා නිසාම සුසීලා දුරකතනයට සම්බන්දවිය …විනාඩි කිහිපයක් එසේ කතාබස්කල සුසීලා සෝපාවේ වාඩිවී පිනිදිගෙ හිස අත ගාමින් ඉන්නා දේදුනු වෙතට ලන් විය..

“පුතේ ………”

” අම්මේ……….”

” නුරාග් කතා කලා ඔයාටයි පොඩි කෙල්ලටයි එන්න කිව්වා කැබ් එකක් එවන්නම් කියලා…….”

” කොහෙද අම්මේ……”

” එහෙම විස්තරයක් කිව්වේ නෑ පුතේ එන්න කියන්න විතරයි කිව්වේ……”

සුසිලා ගෙ වදන් වලට පිටු පෑ නොහැකි නිසාම හිස දෙපසට සලා එකඟතාවය පළ කළ දේදුනු පිනිදි සමග ගමන යෑම සඳහා සූදානම් වූයේ පිනිදිගේද ප්‍රශ්න කෝටියකට පිළිතුරු සපයමිනි .

හෝරා බාගයකට පසු නුරාග් පැවසූ තැනටවිත් කැබ් රථයෙන් බැසගත් පින්දි හා දේදුණු වටපිට බලන්නට විය ඒත් සමගම කොහේදෝ සිට පැමිණි නුරාග් දේදුනුගේ උරහිස වටා අත දමා ගෙන ඈව තම ගතට ලං කරගත්තේ පුරුද්දට මෙනි . ඒ ස්පර්ශය හමුවේ දේදුනු ගැස්සී ගිය ද පිනිදී අබියස කිසිදු වෙනසක් නොපෙන්වා සිටීමට දේදුනු උත්සාහ ගත්තේය …

” අනේ ඇයි ඔයා හැම වෙලේම ඔහොම කරන්නේ…දේදුනු අක්කා මගේ නේ…බලන්න ඔයා නිසා අක්කිට මගෙ අතත් අත ඇරුනා…”

පිනිදු නුරාග් හට ගතු කියන්නට විය…දේදුනුටද ඇගේ වදන් හමුවේ සිනහවක් නැගෙන්නට විය…

” ඔයාගෙ අක්කට වෙන කාගෙවත් අතක් අල්ල ගන්න මම දෙන්නේ නෑ…මොකද ඔයාගෙ පැංචි අක්කගෙ අත් දෙකම අල්ලගෙන හිර කරගෙන ලග තියාගෙන පරිස්සම් කරන්නේ මේ නුරාග් කොල්ලා තමා. තේරුනාද ..මගේ අවසරේ නැතුව ඔයාගෙ පැංචි අක්කා ඔයාගෙ අතින් අල්ලන්නෙත් නෑ….”

නුරාග් පවසන්නට විය..එය විහිලුවක් අයුරින් පැවසුවද එහි කිසිදු විහිලුවක් නොමැති බව දේදුනුට දැනෙන්නට විය..ඔහු මේ නොකියා කියන්නේ තමාව අත් නොහරින බව නොවේද දේදුනු සිතන්නට විය .

කතාවෙන කතාව පිනිදිගේ හා නුරාග්ගේ රන්ඩු සරුවල් මැද ශොපින් මෝල් එකට තිදෙනා ඇතුලු වන්නට විය..

” පිනී බබා ඔයාත් ඇදුම් ගන්න ….දේදූ අද හවසට මගෙ හොදම යාලුවගෙ පාටි එකක් ඔයා යමු මා එක්ක ප්ලීස් බෑ කියන්න එපා …ඒ නිසාමයි නොකියා එක්ක ආවේ ඔයාව …. ඔයා කැමති ඇදුමක් ගන්න ඔ
…හොදද…”

නුරාග් පවසන්නට විය.
එයටද කිසිත් නොකී දේදුනු හිස සලන්නට විය.

” අක්කී අද අපි අයියගේ සල්ලී හින්දමු….”

නුරාග් දෙස බලා පිනිදි පැවසුවේ උලුක්කුවට මෙනි.

පැය බාගයක කාලයක් ගත වන තැන දේදුනු හා පිනිදි නුරාග් අසලට ලන් වෙන්නට විය ..

” ගත්තද…….”

” හ්ම් …..”

” කෝ බලන්න….”

නුරාග් දේදුනුගෙ අතින් ඇදුම අරගෙන බලන්නට විය…සිතුවා නිවැරදිය .
ඈ තවමත් බිදක් හෝ නොවෙනස්ව ඇත..
නුරාග්ට දැනුනේ සතුටකි..ඈ හට හරි වැරැද්ද පෙන්වා දිය යුතු නැත ඈ ඒ සියල්ල නිසියාකාරය ඉටු කරයි…

තමා දේදුනු වෙනුවට වෙන අයෙකු සමග විවහා වූයේනම් ඈ නිසැකවම දේදුනු සේ නොවන බව නුරාග්ට විශ්වාසය..

තමා ප්‍රසිද්ද දනවත් අයෙකි…ඉතින් තමාගෙ බිරියද ඔහුගෙ තත්වෙට ගැලපෙන ලෙස ඉදීමට උස්සහා කරනවා නො අනු මානය…

එය ඇදුමෙන් පවා හොවා දැක්වීමට උස්සුක වනබවට කිසිදු සැකයක් නොමැත ..

නමුදු දේදුනු එසේ නොමැත….ඇයට කිසි දිනක තමා හා සම සම තැන් ගැනීමට අවැසි නොවීය …නිවසින් පිටතට පැමිනියද ඈ ඔහුගෙ නම ගැන බොහෝ සිතන්නේය තමාටත් වඩා ඒ ගැන වදවෙන්නේය…ප්‍රසිද්දිය සොයා යන බොහෝ මිනිසුන් අතර ඈ කොතරන් නිහතමානිද , විච්චූරන වලින් කාන්තාවන් අතර විලාසිතාවෙන් පවාකැපී පෙනෙන්න්ට උණ තියන විසම සමාජයේ ඈ කොතරම් සරලද..

අග පසක පෙන්වා පිරිමින්ගේ නෙත නාරී රූ මත බලෙන් ඇද බැද තබා ගන්නට උස්සහා දරන ගැහැනුන් අතර ඈ කොතරම් දුර්ලබ මැනිකක්ද…

ගැහැනියගේ ලස්සන දැකිය යුත්තේ ස්වාමිය මිස අන් කවරහුද .ඈ මේ තෝරාගෙන ඇති දිගු ගවිමින් එය තේරෙනවා නොවෙද නුරාග් සිතන්නට විය.
අද වන තුරු තමාගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය පමනක් කල මේ සොදුරු ගැහැනිය සැබවින්ම නෙත් සිත් පහන් කරනා පිච්චමලක් නොවෙද ….

නුරාග්ට දැනුනේ සතුටකි..

“යමු මා එක්ක….”
එසේ කී නුරාග් පිනිදි හා දේදුනු කැටුව උඩු මහලට නගින්නට විය…

ඔහු ඇයට ඇදුම් තෝරන්නට විය.

” නුරාග් ඔය ඇති මට….”

” අදට මම තෝරන්නද ප්ලීස්….”

නුරාග් පැවසුවෙ ආයාසයෙන් හැගීම් හන්ගාගෙනය..
තමා තේරු ඇදුමට නුරාග් අකමැතිව ඇත ඒ නිසා මෙසේ තෝරා දෙනවා විය හැක දේදුනු සිතන්නට විය ..ඒ නිසාම ඈ නිහඩ වන්නට විය .

ශොපින් කර අවසානයේ නුරාග් සමගම නිවසට ආ දේදුනු සේම පිනිදි නිවසට ඇතුලු වන්නට විය…

” පිනී… අක්කි එක්ක අද අයියා පාර්ටි එකට යනවා එන්න ටිකක් රෑ වෙයි..මොකද කියන්නේ ගෙදර යනවද නැත්තම් අක්කී එනකම් ඉන්නවද….”

” ගෙදර යන්නම් අයියා .. අපේ අයියගෙ අක්කි අද එනවනේ ගෙදර….”

” ඒක තමා මට වරුන කතා කලා…. ලෑස්තී වෙලා එන්න මම ගිහින් දාන්නම් …දේදු ඔයත් ලෑස්ති වෙන්න සැලුන් එකට යමු අන්ද ගන්න… ”

…………………….
හවස පහ මාර වෙද්දී දේදුනුව සැලුන් එකෙන් බස්සා නුරාග් පිනිදිව වරුනගෙ නිවසට ඇරල වන්නට විය .

හයාමාර වන විට නුරාග් සැලුන් එක ඇතුලට ගමන් කරන්නට වූයේ බෙලේසර් එක ගලවා අතට දමා ගනිමිනි. නමුදු දේදුනු ඒ කොහිවත් පෙන්න නොහිටිය තැන නුරාග්ගේ හිත ගැස්සෙන්නට විය…

” නුරාග් සර්…මැඩක් ඇතුලේ ඉන්නවා…”

” ඕ මම බැලුවේ එයා කෝ කියලා …”

” යමු සර් මම පෙන්නන්නම්….”
රූපලාවන්‍යා ගාරයේ සේවිකාවක් නුරාග් හට මග පෙන්නනට විය.

නුරාග්ද ඈ පසු පස යන්නට විය.
දුටුව දසුනින් නුරාග්ගේ හුස්ම හිරවෙන්නට විය තමාට පිටුපා උන් යුවතිය එක් මොහොතක් තුල තමා දෙස හැරී බලද්දී නුරාග්ගේ සිතුවිලි සියල්ල විසිර යන්නට විය…ඉන්නේ කොතනද කියා ඔහුට අමතක වන්නට විය..

එක් ශනයක් තුල වේගවත් අඩි තබා ඈ වෙත ලන් වූ නුරාග් තම දෙතොලින් ඇගෙ දෙතොල සොරා ගන්නට විය. ඇය නුරාග්ගෙන් ගැලවීමට උස්සහ කලද එය එතරම් ලෙහෙසි පහසු කාර්‍යක් නොවීය ..

……….නැවත හමුවෙමු…….

108 thoughts on “පිච්චමල් මනාලී|තිස් එක්වන කොටස|නවකතාව”

        1. රිතූ ??

          වාසනාව බොල වාසනාව ???
          කතාව දාද්දි මමත් ඇප් එකේ හිටියේ ??

          1. හී එහෙමද මාත් ඒ වෙලේම තමා ඇප් එකට ආවේ?

          1. රිතූ ??

            ඇයි අප්පා ඉතින් එහෙම හිතුනේ….. එදා ජසියත් කිව්වා ?

          2. රිතූ ??

            හෑ ? ඒක නිසා මොකෝ….
            Smile in pain නිසාද ??

  1. රිතූ ??

    කස්ටියම හෙට එනවා නේද ? 1000 දෙනවද

    කෝ නිශා අක්කා?
    ෆෙරෝ?
    නුවී?
    පොඩ්ඩි?
    කටුස්?
    ඇහැටුල්ලා ?
    පිනෝ?

    කෝ කස්ටිය ?

  2. මනී

    ඉමී

    කෝ

    ඔමායා

    නිශා අක්කි

    ජේසිය

    සකලේ

    මහසෝනා

    නුදී

    පිස්සු පූසා

    දියමන්ති හොරා

    නුවී බෝලේ

    මිතූ අක්කි

    ඇහැටුල්ලා

    පොඩ්ඩි

    චූටි

    1. හී සින්දු කීමු හෙට ???? හෙට දාහක් දානවනේ ? හැමෝම සින්දු කීමු හෙට ?

          1. මට හිතුනා ? මම කීන ඒවා මොකුත් තේරුන්නෑ නේද ?

          2. රිතූ ??

            හිතන්නෑ… ඒවා ගැන හිතුවොත් මට අංගොඩ නවතින්න වෙනවා ෂුවර් ?

  3. රිතූ ??

    අමා අක්කේ…..

    ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා??????….. ? ඔයා ඇප් එකේ ඉන්නවද දන්නේ නෑ…. ඉන්නවනම් අද ඇවිත් යන්න එන්න ❤

  4. ?Jasi ?(little angel??)

    අමා අක්කිට සුබම සුබ උපන්දිනයක් වේවා ???????????????????????????????????????

  5. අමා අක්කි….. ඔයා කවුද කියලා නම් දන්නෙ නෑ…. හැබැයි ඔයාට සුබම සුබ උපන්දිනයක් වගේම සතුටින් පිරුණු ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා….. ?????????????
    පුළුවන් නම් අද ඇප් එකට එන්න අක්කියෝ……

  6. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕??????????????????????????????????????????????????☕??????????????????????????????????????????????????????????????????

    1. ?Jasi ?(little angel??)

      Wish you very happy birthday aunty
      ඔන්න කවිකාරී මාත් wish කරා කියන්න හොඳේ

  7. Wish your happy birthday akki..may all your dreams come ture.????????

    අමා අක්කී …මමත් ඔයාව දන්නේනම් නෑ…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.