Katha Ahura

පිච්චමල් මනාලී|දොලොස්වන කොටස| නවකතාව

5/5 - (1 vote)

 

12

ජායාරූපයෙ උන් තරුනිය ඉතාරූමත් අයෙකි.

“ඔය මගෙ දුව යශෝදරා ඔයගෙ අම්මා………..”

අච්චි අම්මා පවසන විට දේදුනුගෙ දෑසින් කදුලු ගලා වැටෙන්නට විය.
……………………………………………..
” යකෝ මේ හද්ද වන්නියනෙ…….කොහෙන් ඒ කෙල්ලව හොයන්නද……”

” ඇඩ්‍රස් එක තියෙන්නේ බන්………”

” දන්නවනම් මම එන්නේ නෑ යකො…….”

” එහෙම කියන්න එපා බන් ..ඒකිගෙ පෙනුම අමුතු උනාට යකින්නක් වගෙ …අපෝ මට බැනපු බැනුම්…මට බය නිසයි උබව එක්ක ආවේ……”

වෙනුර පැවසුසෙ කට ඇද කරමිනි..ඔහුගෙ ක්‍රියාවට මහ හඩින් සිනාසුන නුරාග් ඔහුගෙ පිටට ගැසුවේ නෝන්ජලේට මෙනි.

“බන් මෙතනින් කොහෙටද….”

” කාගෙන් හරි ඇහුවනම් හොදයි බන්………….”

” අන්න අතන පොඩි වුන් වගයක් ඉන්නවා ඔහොම හිටහන් මන් අහලා එන්නම්……..”

එසේ කියමින් නුරාග් කා රතයෙන් බැස ගත්තෙ අව්කන්නාඩිය පැලද ගනිමිනි..

……………………………

” පැංචි අක්කේ. මේ බලන්නකො අප්පා මෙයාලා හයියෙන් බෝලෙ දානවනෙ…………”

පිට්ටනියෙ අඹගස් සෙවනේ වාඩිව පොඩිවුන් රැල සෙල්ලම් කරන දෙස බලා උන් දේදුනුට බැට්කරමින් උන් පුංචි දගකාර කොලුවා ගතු කීවේ ඇඩීමට මුව සරසා ගනිමිනි.

“ම්ම්ම්ම්ම්…..අනේ චුක්කී හිමීට බෝලේ දාන්නකෝ පවුනේ මෙයා තාම පොඩී නේ……….”

” අපෝ පැංචි අක්කේ එහෙම බෑ නීතියනම් කාටත් පොදුයි ඈ……….”

චුක්කී පැවසුවෙ දේදුනුව සිනහා ගස්සමිනි. ඒ කතාවට මෙතෙක් වෙලා බැට්කරමින් උන් පොඩ්ඩා පිත්තද පොලවෙ ගසා පැංචි අසලට ලන්වුනේ කෝපයෙනි…….

” ආ හරි හරි නීතිය එකනම් අපෙ පොඩ්ඩගෙ අත මම ගහන්නම් කෝ…..”

එසේ කියූ දේදුනු බිම දමා තිබු පිත්ත සුරතට ගත්තෙ චුක්කිගෙ මුහුන දෙල් වී පොඩ්ඩගෙ මුහුන සතුටින් පිරෙද්දී

දේදුනු පිත්ත අරගෙන පන්දුවට පහර දීමට සූදානම් විය.

” අසාදාරනයි අප්පා….”

එසේ කියමින් පිටුපස සිට වේගෙන් දිව ආ චුක්කී දේදුනු වෙතට පන්දුව විසි කලෙ දේදුනුද වැර යොදා පන්දුවට පහර දෙද්දි..

පන්දුව උඩින් විසිවි යද්දි දේදුනුගේද කට බාගෙට ඇරුනේ ඇයටත් නොදැනීමයි.

” අම්මා………….”

” හුටා දුවමු දුවමු……………..”

චුක්කි වගේම පොඩ්ඩද අනිත් කොලු රෑනද ඔලුව හැරුනු හැරුනු අතට දිව යන්නට විය.

දේදුනුට අඩියක් ඉදිරියට තබා ගත නොහැකිව ගල් ගැසුනි..

” අඩෝ නුරාග් මොකද උනේ……”

බිම වැටි මුහුන දෝතින්ම අල්ලාගෙන උන් නුරාග් අසලට දිව ආ වරුන ඔහු අසලම දන නමා ගත්තෙ බියෙනි.

” අර #### නෙලුවා යකෝ…..අම්මගෙ රෙද්ද මගෙ නලල ඉන්න බෑ යකෝ ……”

නුරාග් කැ ගැසුවෙ කෝපයෙනි.
ඔහුගෙ වදන් වලට වරුනට සිනහා යෑමට පැමිනියද ඔහු එය සගවාගත්තෙ තවත් ඔහුව කෝපකිරීමට අවැසි නොවූ තැනයි.

” අනෙ මට හුගක් සමාවෙන්න ..මම දැක්කේ නෑ …ඔයාට අමාරුද……”

දේදුනු අඩි තබමින් නුරාග් ලගට ලන්වී ඇසුවේ ගොත ගසමිනි.

” දැක්කේ නැත්තේ කොහෙද දැක දැක තමා ගැහුවෙ ……..”

නුරාග් ගුගුරන්නට වූයෙ දේදුනුවද ගැස්සී යද්දි……

” මොනවද බන් මේ කියවන්නේ………”

” කියන්නේ ඇත්ත යකෝ මාව පෙනි පෙනි තමා මේකි නෙලුවෙ ..ගමේ ගොඩෙ උන්නේ..කාගෙ හරි ඇගෙ එල්ලෙන්න බලන් ඉන්නේ…..ශික්…..”

” අඩෝ……”

වරුන කෙල්ලගෙ පුපුරන මූන දෙසද බලාගෙන පැවසුවේ කෙල්ලගෙන් ගුටි කාවි යයි බයටය…නුරාග් කිසි දිනක මෙලෙස හැසිරි නැත අද ඔහුට කුමක් වීද යන්න වරුනටද නොවැටහෙ.

” මේ මහත්තය පරිස්සමෙන් කතා කරන්න හරිද….කෝට් සූට් ඇදගෙන ආව පලියට ඔහෙලා වගෙ මොඩයින්ගෙ ඇගෙ එල්ලෙන්න කිසි උවමනාවාක් අපට නෑ..හැටි විතරක් මූනේ………”

දේදුනු පැවසුවෙ ඔහුටත් නොදෙවෙනි කෝපයෙනි.

” තමුසෙ හිතන් ඉන්නේ තමුසෙත් හරි ලස්සනයි කියලද ඇහැටුල්ලියක් වගෙ ඉන්නේ ඉස්සරහත් නෑ පස්සත් නෑ…ආව මෙතන මගුලක් කියවන්න…….”

නුරාග් පැවසුවෙ වරුනවද තල්ලු කර දමමිනි.

” මොකක්ද තමුන් කිව්වේ……”

” අනේ අනෙ නන්ගි සමාවෙන්න මේ මේකට පිස්සු……”

වරුන පැවසීය

” උඹට පිස්සුද මුන්ගෙන් සමාව ඉල්ලන්න…….”

” උඹ කට වහන් ඉදහන්……මම බලා ගන්නම්……..”

” මේකයි නන්ගි මම මේ යටවර බන්ඩාරලාගෙ බංගලාව හොයනවා …අපි කොළඹ ඉදන් එන්නේ ….පොඩ්ඩක් ඒහෙට යන පාර කියනවද…….”

” ඇයි බන්ගලාවෙ කාව හම්බ වෙන්නද…….”

දේදුනු ඇසුවෙ හඩ බාල කර වරුනගෙනි.

” ඇයි තමුසෙ බංගලාවෙ හාමිනේ කෙනෙක්ද අපි ආව කාරනාවත් කියන්න….වරෙන් යන්න තොටත් මුන්ගෙන්ම අහන්න ඕන උනානේ මම කොහොම හරි හොයා ගන්නම්…….”

නුරාග් යලිත් පැවසුවෙ දත්මිටි කමිනි.

” ප්ලීස් බන් වාහනේට පලයන්කෝ වදින්නම්…..”

” බංගලාවට වාහනේ නම් යන්න බැරිවෙයි අයියේ වාහනේන් තව මීටර සීයක් විතර ඉස්සරහට ගිහින් වම්පැත්තෙන් තියන අඩි පාරෙන් තමා වලව්වට යන්න වෙන්නේ…”

දේදුනුට ඇතිවූ තරහටම බංගලාවට යන දුර පාර පැවසුවෙ නුරාග් ගැන ඇතිවූ නොපැහැදීම නිසාමයි.

” යමන් බන් යන්න …….”

නුරාග් වරුනටද එසේ කියමින් වාහනේ වෙතට ඇවිද ගියේ දේදුනුටද රවමිනි.

” අනෙ තැන්ක් යු නන්ගි……”

එසෙ කී වරුන නුරග් දෙසට ඇවිද යද්දි ආයෙමත් පිටුපස හැරුනෙ දේදුනුගෙ හඩටයි..

” අයියේ……………”

” ඕඕ…..”

” සමාවෙන්න………”

එසේ කී දේදුනු ආපසු හැරි ඈතට ගියෙ වරුනද ඈ කී දේ පිලිබද සිතමින් කාරතයට ගොඩ වෙද්දී.

” මොකක්ද අරකි කීවේ…….”

” සමාවෙන්න කිව්වා බන්…..උඹට ගහපු නිසා වෙන්න ඇති සමහර විට…….”

” අනේ ඒකිගෙ සමාව……”

කෝපයෙන් දත්මිටි කෑ නුරාග්ර
ඈ කීලෙසම වාහනයෙන් බැස කැලෑපාරට පිලිපන්නේ වරුන සමගිනි.

…………………

” ආච්චි අම්මා………..”

“ආවද මොකො මේ මූණත් වෙනස් වෙලා පැංචියෙ…….”

ආච්චි අම්මා පැවසුවේ දේදුනුගේ කම්මුලක් මිරිකා දමමිනි

” ටිකක් මහන්සී ආච්චී අම්මා…”

” කවදද පුතෙ උස්සවේ තියෙන්නේ.ලක්මිනි දුවත් කතා කලා….”

” තව මාස දෙකකින් වගෙ කියලා ආච්චම්මේ කියන්නේ බලමුකො හරියටම දැනුම් දීලා නෑ තාම…..එයාලා කියනකන් ඉන්න වෙයි….”

බත් කටක් මුවග තබා ගනිමින් දේදුනු පැවසුවෙ සිනාසෙමිනි.
කෑම කා අහවර කල දේදුනු ඇග සෝදාගෙන සාලය වෙත පැමින ආච්චි අම්මාගෙ උකුල මත ඔළුව තබා ගත්තෙ ආච්චි අම්මා සෙමින් සෙමින් ඒ හිස පිරි මදිද්දී.

” ලොකු නෝනා …….”

“ම්ම්ම්ම්……”

” කව්දෝ මහත්තයලා දෙන්නෙක් නෝනව හම්බෙන්න ඇවිත් ………”

” මාව ……..ඉන්න මම එන්නම්……”

” පැංචියෙ පැංචියෙ නැගිටින්න …යන්න ගිහින් කාමරේ නිදාගන්න…….”

ආච්චි අම්මා පැවසූවට ඇග මැලි කඩමින් දෑස් බාගෙට හැරගෙනම කාමරය වෙත ගිය දේදුනු ඇදට පැන නින්දට වැටෙන්නට විය.

ඈ යනතෙක් බලා උන් ආච්චි අම්මා සිරියා ලවා පැමිනි උන් අමුත්තන් නිවසට කැදවන්න විය.

” ඔය ළමයි ..කාව හම්බෙන්නද…..”

” අච්චි අම්මා මේ ගෙදර දේදුනු කියලා ගෑනුලමයෙක් ඉන්නවද……..”

” දේදුනුව…….ඔය ලමයි ඇයි ඒ දරුවව හොයන්නේ…….”
ආච්චි අම්මා ඇසුවෙ තරුනයින් දෙදෙනා දෙසම දෑස් ගෙන යමින්.

” මේකයි ආච්චි අම්මා……”

කටහඩ අවදි කල වරුනඑදා සිදුවීම පැහැදිලි කරන්නට විය.

” ඔය ලමයි කියනකන් මම මේ ගැන හාන්කවිසියක් දැනගෙන උන්නේ නෑ..ඔහොම ඉන්න මම දරුවට එන්න කියන්නම් ……”

ආච්චි අම්මා එසේ කියමින් කාමරයට වැදුනෙ දේදුනුව ඇහැරීමට සිතාය…ඈලගින්ම ඇදේ වාඩිවූ ආච්චි අම්මා දේදුනුගෙ කමිසය මදක් උඩට කර ඇගෙ කුසපුර දෑස් ගෙන ගියේය…තරුනයා පවසා ඇත්තේ සත්‍යකි…ආච්චම්මාගෙ දෑසට කදුලු නැගුනේ ඇයටත් රහසෙනි.

” පැංචියෙ ….පැංචියෙ …නැගිටින්න දරුවො…අර ඔයා හම්බෙන්න ලමයි දෙන්නෙක් ඇවිත් ……”

” අනේ ආච්චි අම්මා…මට මහන්සී…….”

” විකර නොකර මූන කට ටිකක් සෝදගෙන එලියට එන්න දරුවො…..”

ආච්චි අම්මා එසේ කියමින් කාමරෙන් පිටතට පැමිනියෙ දේදුනුද නැගිය ඇග මැලි කඩමින් නාන කාමරයට යන අතර වාරයෙයි.මුව දොවාගෙන පිටතට පැමිනි දේදුනු තුවායෙන් මුහුන පිසදා ගනිමින් කමරයෙන් පිටතට පැමිනියෙ පැමිනියේ කාවුද යන්න සිතමිනි. උදේ වරුවේ සිදුවු කිසිවක් දේදුනුගෙ මතකයෙ නොවීය.

නමුදු ඉදිරියට ගත් අඩිය පිටුපසට තැබූ දේදුනු පුටු සැටිය වාඩි ව උන් තරුණයින් දෙදෙනා දැක ගැහෙන්නට විය.

” ආවද පැංචියෙඇවිත් වාඩි වෙන්න……”

ආච්චි අම්මා පැවසුවේ ය.

” අනේ දෙයියනේ මේ දෙන්න ආවෙ මාව හම්බෙන්නද….ආච්චි අම්මා එහෙම දැන ගත්තොත් මාව හම ගහයි …….”

දේදුනු සිතන්නට විය .නමුදු ඇය වෙනසක් නොපෙන්වා ම සිනාසෙමින් පැමිණ ආච්චි අම්මා ළඟ අසුන් ගත්තේ නුරාග් දෙස ඇස් කොණින් බලමිනි .

” oo god…ඔයද එතකොට දේදුනු .මට හරියටම අදුරගන්න බැරි වුණා නංගී …”

වරුන පැවසුවෙ සිනාසෙමිනි.

” ඔයාලා……..”

” ආආආ ………අමතක වුන නංගි මාව දන්නෑ නේ .මම පිනිදිගෙ අයියා ….අර එදා මුහුදේ දී බේරගත්තේ මගෙ නංගිව…අර මට බැන්නෙ හොඳටම අන්න එ මෝඩ මනුස්සය මං ………..”

” ආ අයියේ මේ………”

වරුනගෙ පැහැදිලි කිරීම හමුවෙ දේදුනුට එදා සිදුවීම සිහි වන්නට විය.ඒශනයෙන් දේදුනු ආච්චි අම්මා දෙස බැලුවෙ වරදක් කර හසුවූ පොඩි දරුවෙකු විලසයි ..ආච්චි අම්මා ද දේදුන් දෙස රවා බලා තේ සෑදීම සදහා කුස්සිය වෙතට ඇවිද ගියෙ දේදුනුව තනිකර දමමිනි.

ඒ ක්ෂණයෙන් මෙතෙක් වේලා නිහඬව උන් නුරාග් දේදුනුගේ කෙස් වැටියෙන් අල්ලා ඇද්දේ දේදුනුගේ වගේම වරුණගේ ද දෑස් පුදුමයෙන් විසල් වෙද්දි .

” තමුසෙ හරි ලොකු හපන් කමක් කලා කියලද හිතේ මේ බලනවා අපේ හැටි …කැලෑවෙන් පැනපු පූසෝ වගෙ …බලනවා මේ ඇදුම් වල හැටි මඩගොඩෙ වැටිලා ගස්වලට හීරිලා …ශික් තමුසෙ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියන්නත් ලැජ්ජයි…මොන හතුරුකම තිබ්බත් මිනිස්සුන්ට මෙහෙම කරනවා ද.. පැය ගානක් අර රෙද්ද අස්සේ පාර හොයා ගන්න බැරුව බඩ ගෑව් ….”

නුරාග් ඇසූවේ ඒදෑස් මත ම පැටලෙමිනි.

” යකො අත ඇරපන් ඔය කෙල්ලව..උඹට මොන යකෙක් වැහිලද …..”

වරුණ බොහොම අමාරුවෙන් නුරාග්ව දේදුනු ගෙන් ඉවතට ඇද පුටු සැටියේ වාඩි කළෙ තරවටු බැල්මක් ඔහු වෙතට පාමිනි.

” සමාවෙන්න නන්ගි……..”

දේදුනු නුරාග්ට රවමින් තම කෙස්වැටිය අතගා ගන්නා අතර වාරයෙ වරුන පැවසුවෙ පසු තැවීමෙනි.

” උඹ මොන කෙහෙල් මලකටද සමාව ඉල්ලන්නේ…..උබේ නන්ගිව බේරපු නිසා මේකි බේරුනා කියලා හිතාගනින් …….”

” ඇයි නැත්තම් මොනා කරන්නද ඔයා මට……”

” මේකිට මම……”

නුරාග් යලිත් කෝපයෙන් නැගිටිද්දි වරුණ අමාරුවෙ ඔහුව පාලනය කලෙ ආච්චි අම්මද තේ රැගෙන පැමිනෙද්දි.

බොහෙදේ කතා බස් කරන අතර තුර නුරාග් නිවසින් එලියට ඇවිද ගියෙ වරුණ දේදුනු හා ආච්චි අම්මා සමග කතාවට වැටෙද්දි.

” වෙලාවක අපෙ ගෙදර එන්න නන්ගි …මගෙ නන්ගිත් හුගක් කැමත්තෙන් ඉන්නේ ඔයාව දකින්න…..”

වරුන පැවසුවෙ දේදුනු දෙස බලමිනි.

” අනිවාර්‍යෙන් මම එන්නම් ..නේද ආච්චම්මේ…….”

දේදුනුද පැවසුවෙ සිනාසෙමිනි.

” එහෙනම් අපි ගිහින් එන්නම් …ආයෙ වෙලාවක එන්නම් කෝ……”

වරුන පැවසුවෙ ආච්චි අම්මා දෙසද බලමිනි.

” ඕන වෙලාවක එන්න පුතෙ…”

ආච්චි අම්මාද පැවසුවෙ සිනාසෙමිනි.

” අයියේ………”

ඇගේ ඇමතුමට වරුන සේම නුරාග්ද නතර විය.

” ප්‍රදාන පාරෙන් ගිහින් වමට හැරෙන්න වාහනෙ ලගට යන්න පුලුවන් …….”
දේදුනු පැවසුවෙ පසුතැවෙමිනි.

“නොන්සන්ස් …”

නුරාග් එසේ කියමින් වරුනවද පසු කරමින් ඉදිරියට ඇවිද ගියේය.

දේදුනුට සිනාසුනු වරුන අඩියට දෙකට නුරාග් ලගට කිට්ටු වූයේ සිනාසෙමිනි.

” මොකද යකෝ මේ උඹට වෙලා තියෙන්නේ…උඹ වෙනදට මෙහෙම නෑ…කා එක්කවත් වැඩිය කතා කරන්නේ වත් නැති උඹ මොකද අර කෙල්ල එක්ක එල්ලි එල්ලි ගියෙ…හරියට මොකක් හරි ඇරියස් එකක් කවර් කරනවා වගෙ…….”

” මම ඒකිව කලින් ඉඳලම දන්නවා ……”

” මොකක්……..”
වරුන කෑ ගැසීය…….

…………..නැවත හමුවෙමු……..

103 thoughts on “පිච්චමල් මනාලී|දොලොස්වන කොටස| නවකතාව”

  1. ?කවී?

    *??‍♀️මහාත්මා ගාන්ධි??‍♀️*

    ?මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි යනු ඉන්දියානු නීතීඥයෙක්, යටත්විජිත විරෝධී ජාතිකවාදියෙක් සහ දේශපාලන සදාචාරයෙකි, ඔහු බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවීමට අවිහිංසාවාදී ප්‍රතිරෝධයක් දැක්වීය. ඒ සමඟම ලොව පුරා සිවිල් අයිතිවාසිකම් සහ නිදහස සඳහා වූ ව්‍යාපාර දිරිගැන්වීය. 1914 දී දකුණු අප්‍රිකාවේදී ඔහුට මුලින්ම භාවිතා කරන ලද ගෞරවනීය මහත්මා දැන් ලොව පුරා භාවිතා වේ

    ?ගුජරාටයේ වෙරළබඩ හින්දු පවුලක ඉපිද හැදී වැඩුණු ගාන්ධි ලන්ඩනයේ ඉනර් පන්සලේදී නීතිය පිළිබඳ පුහුණුව ලැබූ අතර 1891 ජුනි මාසයේදී වයස අවුරුදු 22 දී බාර්එක වෙත කැඳවනු ලැබීය. ඉන්දියාවේ අවිනිශ්චිත වසර දෙකකට පසු, ඔහුට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. නීති පුහුණුව, ඔහු 1893 දී දකුණු අප්‍රිකාවට ගොස් නඩුවකට ඉන්දියානු වෙළෙන්දෙකු නියෝජනය කළේය. ඔහු වසර 21 ක් දකුණු අප්‍රිකාවේ ජීවත් විය. දකුණු අප්‍රිකාවේදී ගාන්ධි පවුලක් ඇති දැඩි කළ අතර සිවිල් අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරයකදී මුලින්ම අවිහිංසාවාදී ප්‍රතිරෝධයක් දැක්වීය. 1915 දී වයස අවුරුදු 45 දී ඔහු නැවත ඉන්දියාවට පැමිණියේය. අධික ඉඩම් බදු හා වෙනස් කොට සැලකීම් වලට එරෙහිව ගොවීන්, ගොවීන් සහ නාගරික කම්කරුවන් සංවිධානය කිරීමට ඔහු පියවර ගත්තේය. 1921 දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකත්වය භාර ගනිමින් ගාන්ධි දිළිඳුකම පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීම, ආගමික හා ජනවාර්ගික සුහදතාව ගොඩනැගීම, නොපැහැදිලිභාවය අවසන් කිරීම සහ සියල්ලටම වඩා ස්වරාජ් හෝ ස්වයං පාලනය සාක්ෂාත් කර ගැනීම සඳහා රට පුරා උද්ඝෝෂණ මෙහෙයවීය.

    ?1921 දී ගාන්ධි ඉන්දියාවේ ග්‍රාමීය දුප්පතුන් හඳුනා ගැනීමේ ලකුණක් වශයෙන් සාම්ප්‍රදායික ඉන්දියානු කැරකෙන රෝදයක (චර්කා) නූල් වලින් අතින් වියන ලද ඉන්දියානු ලොම් රෙද්දක් (කෙටි දෝති) සහ සළුවක් (ශීත සෘතුවේදී) භාවිතා කිරීම භාර ගත්තේය. ඔහු ස්වයං පෝෂිත නේවාසික ප්‍රජාවක නිහතමානීව ජීවත් වීමට පටන් ගත් අතර සරල නිර්මාංශ ආහාර අනුභව කළ අතර ස්වයං පිරිසිදු කිරීමේ සහ දේශපාලන විරෝධය දැක්වීමේ මාධ්‍යයක් ලෙස දිගු උපවාසයන් කළේය. සාමාන්‍ය ඉන්දියානුවන් වෙත යටත්විජිත විරෝධී ජාතිකවාදය ගෙන ඒම සඳහා ගාන්ධි විසින් බ්‍රිතාන්‍යයන් විසින් පනවා තිබූ ලුණු බද්දට අභියෝග කරමින් කි.මී 400 (සැතපුම් 250) දණ්ඩී ලුණු මාර්තු 1930 දී සහ 1942 දී බ්‍රිතාන්‍යයින්ට ඉන්දියාවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සඳහා නායකත්වය දුන්නේය. දකුණු අප්‍රිකාවේ මෙන්ම ඉන්දියාවේද වසර ගණනාවක් සහ වසර ගණනාවක් තිස්සේ.

    ?ආගමික බහුත්වවාදය මත පදනම් වූ ගාන්ධිගේ නිදහස් ඉන්දියාව පිළිබඳ දැක්ම 1940 ගණන් වල මුල් භාගයේදී අභියෝගයට ලක් වූයේ ඉන්දියාවෙන් කැටයම් කළ වෙනම මුස්ලිම් නිජබිමක් ඉල්ලා සිටි නව මුස්ලිම් ජාතිකවාදයක් මගිනි. 1947 අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍යය නිදහස ලබා දුන් නමුත් බ්‍රිතාන්‍ය ඉන්දියානු අධිරාජ්‍යය හින්දු බහුතරයක් වූ ඉන්දියාව සහ මුස්ලිම් බහුතරයක් වූ පාකිස්තානය යන ආධිපත්‍ය දෙකකට බෙදුණි. බොහෝ අවතැන් වූ හින්දු, මුස්ලිම් සහ සික් ජාතිකයින් ඔවුන්ගේ නව ඉඩම් වූ ආගමික හිංසනය කරා ගමන් කළහ. විශේෂයෙන් පන්ජාබ් සහ බෙංගාලයේ පුපුරා ගියේය. දිල්ලියේ නිදහස නිල වශයෙන් සැමරීම අතහැර ගාන්ධි විපතට පත් ප්‍රදේශ වෙත ගොස් සැනසීම ලබා දීමට උත්සාහ කළේය. ඊළඟ මාස කිහිපය තුළ ඔහු ආගමික හිංසනය නැවැත්වීම සඳහා උපවාස කිහිපයක් ආරම්භ කළේය. 1948 ජනවාරි 12 දින ඔහුට 78 වැනි වියේදී සිදු කරන ලද මේවායින් අවසන් වරට පකිස්ථානයට ගෙවිය යුතු මුදල් වත්කම් කිහිපයක් ගෙවන ලෙසට ඉන්දියාවට බලපෑම් කිරීමේ වක්ර ඉලක්කය ද විය. සමහර ඉන්දියානුවන් සිතුවේ ගාන්ධි ඕනෑවට වඩා ඉඩ දෙන බවයි. ඔවුන් අතර 1948 ජනවාරි 30 දින ගාන්ධිගේ පපුවට වෙඩි උණ්ඩ තුනක් එල්ල කර ඝාතනය කළ හින්දු ජාතිකවාදියෙකු වූ නතුරාම් ගොඩ්සේ ද විය.

    *??ගාන්ධිගේ උපන් දිනය වන ඔක්තෝබර් 2 වන දින ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් වන ගාන්ධි ජයන්තිය ලෙසත් ලොව පුරා ජාත්‍යන්තර අවිහිංසාවාදී දිනය ලෙසත් සමරනු ලබයි. ගාන්ධි සාමාන්‍යයෙන් විධිමත් ලෙස නොවුනත් ඉන්දියාවේ ජාතියේ පියා ලෙස සැලකේ??*

    මුලාශ්‍රය – Wikipedia

    4
  2. ?කවී?

    කතාව ලස්සනයි සෙව් අක්කියෝ…… දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ…….. ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ……. All the best !!!! දිගටම කතා ලියන්න…….. ජේසු පිහිටයි……. බුදු සරණයි……

        1. වරදක් නෑ අක්කො හොදින් ඉන්නෝ ???
          මොනා නැතත් ලස්සන නමක් ඈ ????
          වෙන රෝස මල වගේ නමක් දැම්මනම් හොද වැඩියි නෙහ් ????

          1. රිතූ ??

            රෝස මල? ???? අනේ මේ…. මම කියන්නෑ ඉතින් ඔයාට ?????රෝස මල…. ?? ආස ඇති..??? ඔයාට ඔය කටු අත්ත කියලා නම දාපු කෙනාටම කියන්න ඔය නම හරියන්නෙ නෑ.. රෝස මල වගේ නමක් දාන්න කියලා ???? අහගන්න පුලුවන් හොඳට ????

        2. ඇයි මං අහිංසක ලස්සන කෙනෙක්ට රෝස මල පාඩු වෙයි ??
          මං එයස්ට බය නැහ් ??

          1. රිතූ ??

            මං මොකුත් කියන්නෙම නෑමයි ???

          1. රිතූ ??

            කියන්නෑ ???? මං ඕකට මොනව හරි කිව්වොත් ඔයාට වළක් කපන් වැලලෙන්න හිතෙයි ????

          2. ?කවී?

            රිතූ අක්කි කියන්න….. මෙන්න මනීෂා අක්කිට ?වලක්…….

        3. නෑ කියන්නකො ??
          පිස්සුද වලක් කැපුවට ඒකට බැස්සට පස් වහගන්න බෑනි ?
          පව් අපෙ අම්මා ?

    1. ?කවී?

      මේක මගෙ නංගියගෙ වැඩක්…… මං ටයිප් කරන්න හදද්දි කරපු වැඩේ තමයි ඔය….. ඔයාලා තේරුම් හොයන්න මහන්සි වෙන්න එපා…… ඕකට තේරුමක් නෑ……

      1. ?කවී?

        ආපහු නම් නංගිව අතේ තියාගෙන කමෙන්ට් කරන්නෙ නෑ…… මොනවා ටයිප් වෙයිද දන්නෙ නෑ ?????

  3. නෑ ඉතිම් ආව ගියා
    එක දවසක් ආවා හදුන්වලා දුන්න ගියා ආය එන්නෑනි ඒකයි ???

        1. නෑ ඉතිම් ආවෙම නෑනි ඒකයි ??
          ආවා ගියා කෝ කතා කරන්නවත් ඉන්නෙ නෑනි ?

  4. රිතූ ??

    මේ පිනෝ….. නඩුකාරතුමිය විදිහට ඔයාගේ රැජිණ පට්ටම ගැන මම තීරණයක් ගත්තා ?

          1. හේෂි .....

            මම ඔක ස්තිර කොරන්නම් ඔන් නේ න්‍රේ ????

          2. රිතූ ??

            මේ පිනෝ…. නඩු තීන්දු ගැන රැජිනට තීරණ ගන්න බෑ…. ඒකෙ අවසාන තීන්දුව දෙන්නෙ නඩූකාරතුමිය… තේරුණා ද? ????

          3. රිතූ ??

            අලුත් නීති නෙමෙයි පිනෝ…. ඒක තමයි හරි විදිහ ?

  5. හේෂි .....

    යකූ කටු අත්ත ආවා ගියා නෙමෙයි …..වැඩ වගයක් තිබ්බා ඉවර කරලම එන්න ගියේ ?

  6. රිතූ ??

    මම තීරණය කළා……පිස්සු පිනෝකියෝ රැජිනගේ 16 වෙනි ජන්ම දිනය වෙනකන් එයාගෙන් රැජිණ පට්ටම අයින් නොකර ඉන්න….. ?

      1. රිතූ ??

        ගුඩ් මෝනින් මිතූ අක්කා…. ?

        අනේ පිනෝට මුකුත් කරන්නෑ අක්කා.. පිනෝ ඔහේ හොල්මන් කර කර හිටපුවාවේ…….. මේ අයින් කරන්න හදන්නෙ ඇප් එකේ රැජිණ පට්ටම ??

  7. සකලබුජං(DPK 2000)

    ගුඩ් මෝනින් ළමාාාායි… ලස්සන දවසක් හැමෝටම…????????

  8. නුවී ?

    ගුඩ් මෝනින් හැමෝටම ? කෝ ඔයාලා..මන් එද්දි කව්රුත් නැද්ද ?

    1. රිතූ ??

      හප්පේ නුවියෝ ? කාලෙකින්…. ගුඩ් මෝනින්… කොහොමද ඔයාට?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.