Katha Ahura

පුදුම හිතෙන කාමරයක්‌ | ගන්දර කලපුව – 3 || නවකතාව||

5/5 - (1 vote)

මෙතෙක්‌ කතාව

ගන්දර වලව්වේ රාත්‍රී නවාතැන් ගත් ජයසේනට එදින රාත්‍රියේ අත්විඳින්නට සිදුවූයේ බියකරු සහ අමුතුම ආකාරයේ අත්දැකීම රැසකටය. පසුදින එම නිවසින් පිටව යන්නට උත්සාහ කළ ජයසේනට ඔහු බලාපොරොත්තු නොවූ කරදර රැසකටද මුහුණපාන්නට සිදුවිය. ජයසේන තවමත් කල්පනා කරන්නේ ගන්දර වලව්වේ සිටින අද්භූත අමුන්තා කවරෙන්ද යන්නය.

අද එතැන් සිට

ප්‍රණීත තේ කෝප්පයෙන් පසු කාලිංග උපසේනව මතු මාලයට කැඳවාගෙන ගියේය. පුළුල් දැව හිsණි පෙළක්‌ කෙළවර දෙපසට ඇදී ගිය සංක්‍රමණ මගක දකුණට හැරුණ කාලිංග එහි කෙළවර දොරක්‌ විවර කරමින් උපසේනට එතැනින් ඇතුළුවන්නට ඉඩ සැලසුවේ ගුප්ත විඡ්ජාකාරයකු තිරයක්‌ හැර පෙන්වන්නාක්‌ මෙන් මඳක්‌ ඉදිරියට නැමී අතක්‌ පහතට විහිදුවා අතු ගාන්නාක්‌ සේ චලනයක්‌ කරමිනි.

කාමරයේ බිම ලොකු රතු ගඩොල් අල්ලා කොටසක්‌ බුමුතුරුණකින් වැසී තිබිණි. එක්‌ පසෙක වූ විසල් කවුළුවෙහි වීදුරු මත්තේ හුමාලය බැඳුන බැවින් පිටත කිසිවක්‌ පැහැදිලි නොවීය. තවමත් පිටත වැහි පොදය වැටිණි. කවුළු තිර ඈත් කරමින් කාලිංග පිටත බලද්දී උපසේන ද උවමනාවෙන් බැලුවේය. මඳක්‌ ඈත පහතින් පෙනුණේ කලපු දියයි. ඒ වටා ඉහළට නැඟුණ පොල් ගස්‌වල මුදුන් යන්තමට පෙනුණි. කවුළුව පහත වූයේ ලියන මේසයකි. එහි පෑන් කීපයක්‌ දැමූ වීදුරු බඳුනක්‌ ද, ශබ්ද කෝෂ දෙකක්‌ද ලිවීමට පාවිච්චි කරන කොටස වසාගත් තුනී රෝස පැහැ කාඩ්බෝඩ් කෑල්ලක්‌ද විය. එය දෙපැත්තෙන් පමණක්‌ රාමු කරන ලද්දකි. ඒ දුඹුරු පැහැ කඩදාසි රාමුවේ තිරස්‌ රන් ඉරි දෙක බැගින් විය. මේ මේසයත් ඒ මත තිබූ දෙයක්‌. ඒ අසල වූ පුටුවක්‌ සියල්ල යම්කිසි අතීත අවධියක්‌ සිහිපත් කළේය.

මේසයෙන් වම් පසට වූයේ සුවපහසු වියන් ඇඳකි. සිහින්a ලා කහ ලා නිල් මල් වැටුණ රෙද්දක්‌ ඇඳ වසා ගත්තේය. මේ කාමරයේ බිත්ති ද ලා නිල් පැහැයක්‌ විය.

“මේ කාමරේ උපසේනට” කාලිංග කීවේය.

“මට?”

“ඔව් ටිකක්‌ විවේක ගන්න ඔයාගේ බොස්‌ ආවාම අපි අවදි කරන්නං.”

උපසේන ගොළු විය. තමා ආවේ විවේක ගන්නට නොවේ. ගමනක්‌ යන්නටයි. කතරගම යන්නට… කතරගම ගිහින් අතරමං වෙන කථාව ඔහුට සිහි විය.

“පොඩ්ඩක්‌ රෙස්‌ට්‌ කරන්නකො” කී කාලිංග පිටව ගියේ දොර වසමිනි.

වියන් ඇඳ තිබුණ බිත්තියට විරුද්ධ පැත්තේ තිබූ බිත්තියේ දොරක්‌ විය. උපසේන කුතුහලයෙන් එය විවර කර බැලුවේය. සියලු සැප පහසුකම් සහිත නාන කාමරයක්‌. දිය කරාමයක්‌. නාන දිය මලක්‌, සින්කු බේසමක්‌, නැවුම් තුවා, සුවඳ සබන්, පයට සුව දෙන ගඩොල් ඇල්ලූ බිම, උපසේන මුහුණෙහි වතුර ටිකක්‌ ඉස ගෙන කුඩා තුවායකින් මුහුණ පිසදා ගත්තේය. නාන මලට එපිටින් සිහින් දිග කවුළුවක්‌ විය. එහි වීදුරුවෙන් වඩාත් පැහැදිලිව ඔහුට පිටත පහත වූ කලපුව දිස්‌ විය.

ඇත්තෙන්ම පිටත වූයේ පහත සුන්දර දසුනකි.

කලපු දිය වැනි අඳුරේ තද නිල් පැහැයක්‌ විය. පොල්අතු තද කොළ පැහැයෙන් දිලිසුණි. පොද වැස්‌ස තවමත් ඇදහැලුණේ නිසල කඩතුරාවක්‌ ලෙසිනි.

නිදන කාමරයට ආ උපසේන ප්‍රධාන දොර හරින්නට තැත් කළේය. එය පිටින් අගුළු ලා තිබිණි.·

මොහොතකට උපසේන කැළඹුණේය.

කාලිංග පිටින් දොර වසා යන්නට ඇති. තමාට විවේක ගන්නා අටියෙන් එසේ කරන්නට ඇති. දොරට තට්‌ටු කළාට වැඩක්‌ වේවිද?

ඔහු එසේ කළත් පිළිතුරක්‌ නොවීය. මොකක්‌දොa හේතුවකට උපසේනට සිනා නොවී සිටිය නොහැකි විය. මේක නම් අමුතුම විහිළුවක්‌. තමා මේ ආවේ මොන ගමනක්‌ද? මොන වික්‍රමයක්‌ සොයා ගෙනද?

කාලිංගට ඕනෑ මොනවාද?

කාලිංග කවුද?

කාලිංග දියවඩන – නිළමේ කෙනෙක්‌ද?

උපසේන ඇඳෙහි හිඳ ගත්තේය. ඇඳ ඉතාම සුවපහසු එකකි. පුළුන් පිරවූ මෙට්‌ට කොට්‌ට සියල්ල සැහැල්ලුය. සුවදායකය. උපසේන ඇඳෙහි ඇලවුණේ තවම දෙපය පහතට ලා ගෙනය. අනතුරුව අලස ලෙසින්ම ඔහු තම පාවහන් ගලවා දැමුවේය. ඒ ආකාරයෙන්ම බඩගාගෙන උරගයකු සෙයින් ඇඳට ඇදුණේය. ඕනෑ දෙයක්‌ වෙච්චාදෙන් කියන උදාසීන හැඟීමක්‌ ඔහුගේ ගත සිත වෙලා ගත්තේය.

ඇඳෙහි ඇලවුණ ඔහුට ඉහළ විදුලි පංකාව සෙමින් කැරකෙන ආකාරය පෙනුණි. සිවිලිම සේම පංකාවද සුදු පැහැයකි. ඒ සියල්ල භ්‍රමණය වෙද්දී උපසේන දැස්‌ පියාගත්තේය. සුව නින්ද ඔහු වෙත එන්නට වැඩි වේලාවක්‌ ගත නොවීය. තමා බිව් තේ කෝප්පයේ නිද්‍රdජනක ඔසුවක්‌වත් තිබුණාද?

කාලය ගැන වගක්‌ නැතිව ඔහු නිදාගත්තේය.

ඒ අතරේ ඔහු ඉතා පැහැදිලි සිහිනයක්‌ දුටුවේය. තමා ගෙදර ඇවිත් සිටියේය. සුභාත් පුතාත් කෑම මේසය අසල හිඳ සිටියහ.

“කොහේද මෙච්චෙල්ලා ගිහින් හිටියේ?” සුභා ඇසුවාය. “අපි හොඳටම බය වුණා”.

උපසේන තම කමිසයේ බොත්තං” ගලවමින් සිනාසුණේය.

“තාත්තා නොකිය යන්න එපා “බිමල් කීවේය.

” මං වැස්‌සකට අහු වුණා..” උපසේන කීවේය. “හරිම මුරුගසන්a වරුසාවක්‌.”

“මුරුගසන් මුරුගසන්?” සිරිල් කීපවරක්‌ කී වදන් දෙසවන ඇසෙමින් උපසේන සිහිනයෙන් අවදි වුණේය.

“මුරුග- ස- න්” ඔහු තොල් මැතිරුවේය. “මුරුගසන්… මුරුග – මුරුග”

උපසේනට මෘගයකු සිහිපත් විය. ඊළඟට කතරගම දේව රූපයක්‌. මුරුගා – මුරුගා තමා ආවේ කතරගම යන්නට නොවේද? කතරගම හා රාවණාගේ සම්බන්ධය සොයන්නට දැන් තමා කතරගම යන්නේ කොයි වෙලාවටද?

ඇඳෙහි හිඳගත් උපසේන තම පුතා බිමල් ගැනත්, බිරිඳ සුභා ගැනත් සිතන්නට වූයේය. තමාගේ දුරකථනයේ ශක්‌තිය බිංදුවක්‌ හෝ ඉතිරිව ඇත්නම්.. ඔහු දුරකථනය සොයන්නට වූයේය. දුරකථනයට මොකක්‌ වුණාද? තමා එය සාක්‌කුවේ ලා ගත්තාද? කාලිංග තමාගෙන් එය අරගත්තාද? තමාගේ බෑගය මේසය අසල බිම තිබිණි. උපසේන ඒ තුළ හැමතැනම දුරකථනය සෙව්වේය. එය කොතැනකවත් නොවීය. යම්කිsසි ආවේසයකින් ඔහු බෑගය ඇඳ මත හෙලා ඒ තුළ වූ රෙදි පෙරෙදි සියල්ල එළියට ඇද දමමින් දුරකථනය සෙව්වේය. යළිත් සාක්‌කු තුළ බැලුවේය.

දුරකථනය නැත·

තමා හා පිටස්‌තර ලෝකය සමග තිබුණු එකම පුරුකත් බිඳී ගියාක්‌ මෙන් ඔහුට අමුතුම බියක්‌ දැනුණි. හරියට වළකට වැටුණු තමාට එයින් ගොඩ ඒමට තිබූ ඉණිමග නැති උනාක්‌ මෙනි. මේ ආගාධය කෙතරම් ගැඹුරුද?

ඔහු දොර වෙතට ගියේය.

දොර තවමත් අගුල් ලා තිබිණි.

මේ මොන විහිළුවක්‌ ද?

තමා කෑ ගැසුවොත්?

තමා දැන් කාගෙවත් සිරකරුවකු බවට පත්වෙලා? කාලිංග මේ කරන විහිළුව කුමක්‌ද?

ඔහු නාන කාමරයට ගියේය. තම සුළු දිය හිස්‌ කළේය. නාන කාමරයේ දිග ජනේලය විවර කළ නොහැකි වීදුරු පලුවකි. ඔහු යළි නිදන කාමරයට ආවේය. මේසය අසල වූ ජනේලයේ පලුවක්‌ ඔහු ඇර ගත්තේ මහත් වෑයමකිනි. එතැනින් බැලූ ඔහුට පහත කෙතරම් පහත දැයි පෙනුණි. තමා පහතට පැන්නොත් ….. ඊළඟට…….

සීත සුළඟක්‌ හිරිගඬු නංවමින් කාමරයට හමා ආවේ තිර රෙදි නටවමිනි.

උපසේන ජනේලයෙන් පනින්නට සිතුවා පමණි. ඔහු කවුළු පඩියට පයක්‌ තිබ්බා පමණි.

කාමරයට එන දොර විවර විය.

එතැන සිටගෙන සිටියේ කලු දිග කබාය හැඳගත් සේවකයෙකි. මේ උපසේන පෙර නොදුටු මිනිසෙකි. ඔහු කළුය. සිහින්ය. උසය. දැස්‌ තරමකට ගිලී ගියාක්‌ මෙන් දෙතොල සිහින්ය. කෙස්‌ සිඳී යමිනි. ආන්න සර්ට…. එන්න කීවා” ඔහු බයාදු හඬකින් කීවේය.

“කවුද? කොහේද?

“අපේ ලොකු මහත්තයා වෙන කවුද?” සේවකයා කතා කළේ ඇඳ පැළඳය.

“මං යන්න ඕනෑ…. කතරගම”උපසේන කීවේ වේගයෙනි.

එය නෑසුණාක්‌ මෙන් සේවකයා ඇරුණු කවුළුව වෙතට ගොස්‌ එය ඇද “දඩස්‌” ගා වැසුවේය. අගුල තද කළේය.

“මෙව්වා අරින්ට එපා කිව්වනෙ·” ඔහුගේ කටහෙŒ යම්කිසි තර්ජනයක්‌ විය.

“මං කොහොමද ඕයි ඒක දන්නේ?” උපසේන දොර වෙතට යමින් කීවේය.

සේවකයා දොර වෙතට එමින් දැඩි බැල්මක්‌ හෙලුවේය. ඒ දැසෙ වූයේ මහා ගූඨ පෙනුමකි. සොයාගත නොහැකි කෙවෙණි තුළම කිඳා බැස්‌ස ගැඹුරක්‌….

මේ…”උපසේන සේවකයා වෙතට ලංවුණේ නොසිතාමය. “මට තමුසෙත් එක්‌ක ප්‍රශ්නයක්‌ තරහක්‌ නෑ. මට මගේ ගමන යන්න ඕනෑ. තේරුණාද?

තේරුණ බවක්‌ පෙන්වන බැල්මක්‌ සේවකයා වෙත නොවීය.

“මේ මට සර් එක්‌කත් ප්‍රශ්නයක්‌ නෑ” සේවකයා මෙවර කීවේය. “මම වැඩ කරන්නේ අපේ ලොකු මහත්තයා කියන විදියට තේරුණා නේ?”

“ලොකු මහත්තයා හරි හරි මට තේරුණා” මේ මනුස්‌සයාට පඩි නඩි ගෙවන්නෙ “ලොකු මහත්තයා” නෙ. ඉතින් දෙකට නැමිල වැඳ ගෙන ඉන්න ඕනෑ ඇති ලොකු මහත්තයගෙ ජීවිකාව. “මේ තමුසෙගෙ නම මොකක්‌ද?”

“මගෙ නමද සර්?” මෙවර සේවකයා යළිත් බයාදු ස්‌වරයෙන් කීවේය.

මේ මිනිහා බොත්තං ඔබන කොට වෙනස්‌ වෙන බ්ලෙන්ඩර් එකක්‌ වගේ. උපසේනට සිතුණි. තමා සුභාට තෑගි අරන් දුන් නොයෙක්‌ යුෂ වර්ග පල්ප කළ හැකි බ්ලෙන්ඩරය විද්යුත් මිශ්‍රණය, උපසේනට සිහි විය. එහි එක එක බොත්තම් එබූ විට එක්‌ එක්‌ දෙය සිදු වෙයි. චොප්- ග්‍රෙට්‌ – ග්‍රයින්ඩ් – ස්‌ටර් පියුරේ- විප් – මික්‌ස්‌- බ්ලෙන්ඩ් – µ්‍රeප්a- ලික්‌විµයි එනම් පෙති ගැසීම, පෙරන් ගෑම, ඇඹරීම, කැලතීම, පල්ප කිරීම, තැලීම්, මිශ්‍ර කිරීම, කලවම් කිරීම, පෙණගැසීම, දිය කිරීම…..

මේ හැම බොත්තම ම ඔබද්දි ඇතුළත ක්‍රියාදාමය වෙනස්‌ වෙමින් හඬ වෙනස්‌ වෙයි. මේ මිනිසා එසේමය. තමා බොත්තම ඔබන විදියට තමා ඔහුට ආමන්ත්‍රණය කරන විලාසයට ප්‍රතිචාරය වෙනස්‌ වෙයි. කොයි මිනිහාත් එහෙම නොවේදැයි උපසේනට අනතුරුව සිතුණි. තමා මේ මිනිහාගේ සිත දිනා ගන්නට හරි බොත්තම එබිය යුතුය. වඩාත් ම සුදුසු ඇගෑලිකමයි. හඳුනා ගැනීමයි. දොර හැර ගැනීමට එක පයක්‌ ඇරුණ දොරට තැබිය යුතුයි. “µqට්‌ ඉන්ද ඩෝ” කියන්නෙ ඒ ආකාරයට දොරට පයක්‌.

“මේ ඔව්.. ඔයාගෙ නම….?”

“මම ඌනෝ “සේවකයා කීවේය.

“ඌනෝ?”

“ඔව්. සර් මගෙ නම ඌනෝ”

උපසේන නැඟී ආ සිනාව වෑයමින් නවතා ගත්තේය. ඌනෝ? ඒ නමින් කාඩ් සෙල්ලමක්‌ තියෙනවා නේද? ඌනෝ කියන්නෙ එක කියන එක.

“ඌනෝට කවුද නම දැම්මෙ?”

“අපේ ලොකු මහත්තයනෙ.”

“හරි – හරි” වෙන කවුද ඉතින්. උපසේන සිතුවේය. “මේ මිනිහා මෙතැන බැඳිලා වැඩ කරන සේවකයෙක්‌.a ඉස්‌සර ඇමරිකාවෙ සුද්දොa අප්‍රිකාවෙන් වහල්ලු විදියට කලු මිනිස්‌සු ගෙනාවට ඒ මිනිස්‌සුන්ටත් වෙන වෙන නම් දැම්මනෙ? සුද්දගෙ කටට පහසු වෙන නමක්‌. කොච්චර හරි උන් ශ්‍රී ලංකාවටත් සිලෝන් කිව්වනෙ. කටේ පහසුවට ….. ඌනෝ….

“හොඳයි ඌනෝ අපි ඉතින් යමුකො ලොකු මහත්තය හම්බුවෙන්ට.”

උපසේනට වැදගත් වූයේ කෙසේ හෝ මේ කාමර දොරෙන් පිටවීමයි. එහෙත් ඔහු විවර කළ බෑගය තවමත් ඇඳ මත තිබිණි. එයින් තමා පිටතට ඇඳ මත දැමූ රෙදි පෙරෙදි ඒ ආකාරයෙන්ම හැමතැනම තමාගේ සරම, තුවාය, අනෙක්‌ කමිසය උපසේන ඒවා බෑගයට දමන්නට සිතා එතැනට ළං වුණේය.

“ඔව්වා ඔහොම තියෙන්ඩ සර්. දැන් ආයෙත් උඩට එනවනෙ.”

“නෑ මං හිතුවෙ මෙහෙමම යන්න”

“නෑ සර්ට එන්න කීවේ කෑමට”

“රෑ කෑමට?”

“ඔව් සර්.. රෑ කෑමට”

“එච්චර රෑ වුණාද?”

“එච්චරම රෑ වුණේ නෑ සර්. අපේ ලොකු මහත්තය වේලාසනින් රෑට කනවා. ඒත් උත්සවයක්‌ තියෙන රෑට කෑමවේල දෙකක්‌ තියෙනවා. එකක්‌ වේලාසන. ආයෙත් රෑ දොළහට විතර කාලා බීලා ජොලි කරනවා. ඔව්වා ඔහොම තියල එන්න සර්..”

උපසේන බෑගය අසුරන්නට අරඹනු දුටු ඌනෝ කීවේය. “යමු. යමු…. ” මෙවර ඔහුගේ කටහඬට සියුම් කම්පනයක්‌ එක්‌විය. බ්ලෙන්ඩරයේ ස්‌විච් එකත් වෙනස්‌ වුණා වගේ.

ඌනෝ කාමරයෙන් පිටව උපසේනට පිටවෙන්නට කියන්නාක්‌ මෙන් නැමී අතක්‌ පැද්දුවේය. උපසේන පිටවෙත්ම ඌනෝ දොර ඇද වැසුවේය.

“කාමරේ පරිස්‌සං සර්. මෙහෙ මොනවත් නැති වෙන්නේ නෑ. මෙහේ හොරු නෑ සර්” පඩිපෙළ වෙතට යන අතරේ ඌනෝ කීවේය.

“එහෙනම් මගෙ සෙල් එකට මොකද උනේ?”

“මොකක්‌ද සර්?”

“මගේ ෙµdaන් එක? මගේ ජංගම දුරකථනය”

“ආ ඒකද? අපි කොහොමද දන්නේ සර්” සර් දාපු තැනක ඇති.”

දාපු තැනක. තමා කොහේ දැම්මාද? අර පුංචි ගඟසිරි හෝටලයේ? එතැනදී තමා පුතාට ලියූ කෙටි ලිපිය? ඒකත් තමා අමතක කොට ආවා නොවේද?

“මට ෙµdaන් එක හොයාගන්න ඕනෑ. ඌනෝ එක්‌කො කාරෙකේ. එක්‌කෝ හෝටලේ……”

“ඔව්වා දැන් හිතන්න එපා සර්. හම්බ වෙන්න තියෙන වෙලාවට හම්බවෙයි. නැතිවෙන්න තියෙන වෙලාවට නැතිවෙයි” ඌනෝ හිණිපෙළ බසිමින් කීවේය.

ඔන්න දැන් මේ මිනිහා දර්ශනයක්‌ පටන් අරන්. උපසේනට සිතුණි. නැතිවෙන්න තියෙන වෙලාවට නැතිවෙයි” එහෙම නම් හොරු ගන්නෙත් වෙලාවටද?

දෙදෙනා පහත සාලාවට ඇවිත් සිටියහ. සාලාවේ කිසිවෙකුත් නොවීය.

කෑම මේසය රාත්‍රි භෝජනයකට පිළියෙළ වෙමින් තිබිණි.

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක
ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.