Katha Ahura

බඹර ඉසව්ව | අවසන් කොටස | නවකතාව

5/5 - (2 votes)

මන් ඇත්තටම මගේ හිතේ තිබ්බ ඇත්තෙම දේ විභුට කිව්වා..
මටත් ඕන .. ආය කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න .. මගේ දරුවට වගේම මටත් .. විභූගේ ආදරය ඕන …
මන් .. විභූගේ බෙල්ලෙ බදාගෙන .. දෙතොල් සිපගත්තේ ගොඩක් ආදරෙන්….

?

මන් පුතාගේ වැඩත් එක්කම කාමරේ අස් කර කර හිටියේ …
විභූ පහලට ගියේ ජොගින් කරන්න ..
හිතට තිබ්බේ සතුටක්
මන් බැල්කනි එකෙන් බැලුවා .. විභූ හෙඩ් සෙට් එකත් දාගෙන ගාඩ්න් එකේ වෝක් කරන ගමන් හිටියේ …
ඇදගෙන හිටපු ආම් කට් එකට විභූගේ පලල් උරහිස් නිරාවරණය වෙලා … මන් උඩ ඉදන් බලාගෙන හිටියේ .. මටම අයිති උන විභූ දිහා ..
තවමත් විභූ තත්තා කෙන්ක්ද කියලා හිත්ද්දී හිත මොකද්දෝ දේකින් ඇවිලිලා යනවා .. ඊටත් වඩා ..මගේ ආදරේ මන් ලගම නතර උන එක …
ගැනම මට තිබ්බේ ආඩම්බරයක් …

මට මතක් උනේ විභූ ..මගෙන් අහපු දේ ..

ඇත්තටම විභූ .. ඒ ජොබ් එකෙන් රිසයින් වෙලා. . සම්පූර්ණ කාලය බිස්නස් එක වෙනුවෙන්ම දෙනවනම් මගේ හිතට සහනයක් .
ඒත් විභූ එහෙම කරයීද ..
අම්මා තාත්තා ගේ කීමටවත් ජොබ් එකෙන් අයින් නොවුන විභූ ..
මන් වෙනුවෙන් දරුවා වෙනුවෙන් ඒ තීරනය ගනීද ..

ඇත්තටම මට ඕන විභූ ආයෙම මේ කිසිම කරදරයක පැටලෙනවා දකින්නේ නැතුව ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා දකින්න…

මන් ආයෙම කාමරේ ඇතුලට ආවා ..පුතා කෝට් එකේ සැපට නිදී …
මන් කෝට් එකේ නිදන පුන්චි පුතුගේ අතක් සිපගෙන ..ඇදුම් උනා දාලා නාගන්න යන්න හදද්දීම
මේසේ උඩ තිබ්බ මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා …

“සෙව් ….”

මන් ආසාවෙන් ෆෝන් එක කනේ තියාග්ත්තේ …

“අම්මෝ උබට මෙච්චර ඉක්මනට මාව අමතක වෙයී කියලා හිතුවේ නෑ . ”

සෙව් ෆොන් එක ආන්සර් කරපු ගමන් මට චෝදනාවක් කලේ ..

“අනේ කෙල්ලේ එහෙම නෑ … පොඩ්ඩාගේඑ වැඩ එක්ක ඉතින් දන්නවානේ . ”

“අනේ බන්. මන් විහිලුවක් කලේ … මන් නොදන්නවාද .. උබ මෙලහට .. සර් ව මූනේ තියාගෙන ඉන්නවා වගේ දරුවවාත් මුනෙ තියන් ඇතී … ”

“නැතුව ඉතින්න්…. මගේ එකානේ …”

මන් කෙල්ලට .. එහෙම කිව්වම සෙව් හයියෙන් හිනාඋනා…

“අනේ උබ ඔහොම ඉන්න එක .. කොච්චර දෙයක් ද බන් .. මට උබේ හිනාව ඇහෙද්දීත් කොච්චර හිතට සතුටුද … ”

හැමදාම අවන්කවම මන් ගැන සතුටු උන සෙව් හිතේ කහටක් නැතුව එහෙම කිව්වා …
මට කෙල්ල ගැන දැනුනේ වෙනදා තරම්ම ආදරයක් …

“මගේ පිස්සී…”

“අහ් කෙල්ලේ ඒක නෙමේ . මන් උබට කතා කලේ. වෙන දේකට … ”

“හ්ම් මොකදද ”

“අයියාගෙයී මාගේ .. රෙජිස්ට්‍රේශන් එක කෙල්ලේ …කොහොමත් ඉතින් ලොකුවට ගන්න අපින්දෙන්නටම ආසාවක් නෑ … හිතේ විශ්වාසේ තිබ්බනම් .. එච්චර න්හ්… ”

“අනේ .. සෙව්….
කොච්චර දෙයක්. ද. මන් ඔයාට කියන්න හිටියේ .. මට සතුටුයී …
මන් කියන්නම් විභූට.. .”

“කියන්නම් නෙමේ දෙන්නම එන්න ඕනේ කොහොමහරී. මට ඉන්න එකම නන්ගී අයියායී ඔය දෙන්නනේ කෙල්ලේ ”

“මන් ඒක නොදන්නවාද අනික මන් නෑවිත් ඉන්නවද ”

මන් කෙල්ල එක්ක ..ටික වෙලාවක් කතාවට වැටුනා..
හිතට දැනුනේ සතුටක් … මගේ අක්කා වගේ හිටපු සෙව් වගේම මගෙම අයියා වගේ හිටපු නාරා අයියා අපි වෙනුවෙන් .. හැමදේම කරලා දැන් තමයී ඒ දෙන්නා වෙනුවෙන් හිතන්නේ …

❤️
කාලේ ගෙවුනේ. හරිම වේගෙන් ..
සෙව් ගේ වගේ නාරා අයියාගේ රෙජිස්ට්‍රේශන් එක හරිම චාම් විදියට තිබ්බා ..
විභූට නාරා අයියා එයාගෙම සහෝදරයෙක් වගේ ..
තනිවෙලා හිටපු මටයී සෙව් ටයී ලැබුන ජීවිතේ ගැන තිබ්බේ ලොකු සතුටක් …

❤️

“දේදූ … ”

විභූ නාගෙන ඇවිත් කන්නාඩියෙන් ඔලුව පීරන ගමන් හිටියේ ..
පුතාට. දැන්. මාස හයක් …
කල් ගෙවුන වේගේ .. විභූටවත් මටවත් හිතාගන්න බැරි තරම් .. ඒත් විභූ .. පුලුවන් තරම් ගෙදර රැදෙන්න වෙන් කරපු වෙලාව වැඩි නිසා ..මට පාලුවක් දැනුනේ නෑ….

“මහත්තයා..”

“හෙට පොඩි ගමනක් යන්න්ස් ඕනී දේදූ .ඔයත් ලෑස්ති වෙන්න … ”

“කොහෙද … ”

“ඔෆිස් එකට … ”

“අන්..නේ. ..හ් ..”

මෙච්චර වෙලා කන්නාඩියෙන් මූන බල බල හිටපු විභූ මන් කිව්ව දේට එකපාරම මගේ පැත්ත හැරුනා…
මන් බිම බලාගත්තේ විභූට ත්‍රහා යන්න ඇති කියලා හිතලා …

“දැන් මොකටද බය…”

විභූ මන් ලගට ඇවිත් එහෙම ඇහුවේ .. ඔෆිඩ් එකත් එක්ක තිබුන ..මගේ අමිහිරි මතක විභූට මන් කියන්නත් කලින් ඒ දේවල් ඔක්කොම දැනගෙන හිටපු නිසා …”

“එහෙම නෑ ..”

“එහෙනම් ලෑස්ති වෙන්න … අහ් .. අර එදා ඇදපු සාරිය අදින්න .. මන් ආව දවසෙ ඇදපු”

මට විභූ එහෙම කිව්වම පුදුම හිතුනා …
මන් සාරි අදිනවට අකමැති විභූ මට අද සාරි අදින්න කියනවා … සමහර විට .. දැන් ඔෆිස් එක ඉස්සර වගේ කරදර තැනක් නෙමේ නිසා වෙන්නැතී …
මතකයී .. මගේ ඉනෙන් සේනක අල්ලපු බව දැනගෙන .. විභූ මට රිද්දපූ තරම…

“මොකෝ ඒ පාර …”

“නෑ…හ් …මුකුත් නෑ…”

මන් විභූගේ වචන මගෑරලා … පහල තට්ටුවට ආවෙස් .. අම්මාලා එක්ක ටිකක් කතාකරන්න ඕනි කියලා හිතලා …
..

❤️

ගොඩ කාලෙකින්. අතට ගත්ත සාරිය …
මන් පුතූ ගේ වැඩ කරන ගමන්ම අයන් කලා …
විභූත් උදේ පාන්දර ඉදන් හරි හරියට වැඩ …

මන් රෝස පාට පැනල් එකත් පුතාව කවර් කරගන්න කියලා ගත්තේ ..

එතකොටමයී. අම්මා ඇවිත් .. ඇදේ වාඩි උනේ …

“අම්මා….”

“හ්ම්ම් ලෑස්ති වෙනවාද දෝනී…”

“ඔව් අම්මා…”

“අම්මා මට සාරිය අදින්න උදව් කරා… මට දැනුනේ ලොකු ආදරයක් ..
ඉස්සර මගේ අම්මා වගේ හිටපු සෙව් ගේ රාජකාරී තමයී මට සාරිය අදින්න උදව් කරන එක …
ඒත් දැන් අම්මා .. මන් වෙනුවෙන් … ඒ දේවල් කරන්න මන් ලග ඉද්දී .. මට මන් ගැනම ලොකු සතුටක් දැනුනා …

“පුතාව ගෙනියනවාද දෝනී…”

“එහෙම තමයී බැලුවේ අම්මා…”

“මන් පුතාව බලාගන්නම් දෝනි ගිහින් එන්න…”

“අනේ අම්මා.. කොල්ලා ගොඩක් අඩනවනේ .. පොඩ්ඩ බැරිවෙන්න බෑ…”

“මගේ කොල්ලා ත් ඔය වගේ තමයී … ඔය ඉතින් මන් හැදුවේ … “අම්මා කිව්වේ ආඩම්බරයෙන් …

ඇත්තටම විභූ කියන්නේ පවුලටම ආඩම්බරයක් …

“හරි අම්මා… ”

“හ්ම්ම්. යන් දෝනි පුතා පහල ඇතී .. .. ”

අම්මා මට ඉස්සර වෙලා .. පඩිපෙල බැහැගෙන යද්දී කෝට් එකත් අතේ අරගෙම ටයී එක දාන්න හදන විභු දැක්කම හිතට් ආව ආදරය මන් හිතේම පාලනය කරගත්තේ අම්මා ඉන්න නිසා …

මන් දැක්කා විභූ මන් දිහා හොරෙන් බලනවා …
මන් ඒත් නොදැක්කා වගේම අම්මා එක්ක කුස්සිය පැත්තට ගියා ….

. මන් දැක්කා විභූ මන් දිහා හොරෙන් බලනවා …
මන් ඒත් නොදැක්කා වගේම අම්මා එක්ක කුස්සිය පැත්තට ගියා ….

අම්මා සකසපු කෑම මේසෙන් කිරිබත් කටක් මට අරගෙන කැව්වේ . විභූ මන් පිටිපස්සෙන් ඇවිත් හිටගනිද්දී …

“අම්මා ඔන්න දැන් මට වෙනස්ක්ම කරනවා…”

“අනේ එහෙම කරනවාද පුතේ මම …කෝ එන්න .. ”

අම්මා විභූට කැව්වේ ..මූන අකුලවගෙන .. බලන් හිටපු නිසා මට හිනාත් ගියා …

“මෝඩි … එනවාකෝ”

විභූ මගේ කනට කරලා එහෙම
කිව්වේ අම්මා අහක බලපු ගමන් මයී …

ජීවිතේ. කොච්චර ලස්සනට ගෙවෙනවද කියන්න මට වෙන උදාහරණ ඕනේ උනේ නෑ …
මගේ ජීවිතේ සම්පූර්ණ වෙල ඉවරයී …
මගේ ජිවිතේ වගේම මාත් එක්ක හිටපු හැමෝගෙම
ජීවිත බේරුවේ විභූ .. ඒකට මන් විභූට ණය ගැතී …

අපි දෙන්නම .. අම්මටයී තාත්තා ටයී වැදලා .. එලියට බැස්සේ ..
ඒත් අද ඔෆිස් එකේ මොකද්ද තියෙන්නෙ කියලවත් දන්නේ නෑ ..
මට සෙව්ගෙන් වත් ඒ බවක් අහන්න බැරි උනා ….

“මොකද්ද විභූ අද තියෙන්නේ … ”

“පොඩි පාටි එකක්….”

“අනේ ඉතින් එහෙනම් මන් ඇයී මෙහෙම ඇන්දේ .. සුදූ න්හ් …”

“ඉතින් ඇයී මොකද්ද ඕකේ වැරැද්ද .. ”

“අනේ එහෙම නෙමේ කලින් කියන්න එපැයී … ”

“කමක් නෑ මගේ කෙල්ල ඔය මොනා ඇන්දත් ලස්සනයී කියලා ..මන් දැක්කානේ ”

විභු ඇගට පතට නොදැනී
එහෙම කිව්වම මන් මුකුත් නොකියා නිශ්ශබ්ද උනා… ”

ඔෆිස් එක ලගට එනකන්ම .. අපි දෙන්න අතර වචනයක් වත් හුවමාරු උනේ .. නෑ …
පයින් ආපු පාරේ අද විභූගේ වයිෆ් විදියට මෙහෙම. ආයෙම ඔෆිස් එකට එන එක ගැන මට දැනුනේ අමුත්තක්

“යමූ”

විභූ වාහනය පාක් කරලා .. සීට් බෙල්ට් එක ඉවත් කරන ගමන් කිව්වේ …
ඒත් මගේ හිතට දැනුනේ අමුත්තක් …
මන් ඒ නිසා වාහනෙන් බහින්නේ නැතුවම හිටියා …
විභූ මට කලින් වාහනෙන් බැහැලා මගෙ පැත්ට්ජෙන් දොර ඇරලා මට බහින්න සන් කලේ ….

“හ්ම් .. බය වෙන්න එපා…”

මාව තේරුම් අරගෙන වගේ එහෙම කිව්වම .. මන් විභූගේ අතින් හයියෙන් අල්ලගත්තා ..
විභූ හිනාවෙලා මට ශක්තියක් උනා…

විභූගෙව් අතේ තිබ්බ කෝට් එක මන් විභූට අදින්න උදව් කරලා එහෙම ම එයා එක්ක ඔෆිස් එක පැත්තට ආවේ ..
මට හූ පුරුදු තැන උනත්.
ඉස්සරහ කවුරුත් හිටියේ නැති එක ගැන මට. හිතාගන්න බැරි උනා …

එහෙමම විභූ මාවත් එක්කගෙන ගියේ .. කන්ෆරන්ස් රූම් එකට …
අපි හෝල් එකට ඇතුල් වෙද්දීම හැමෝම සීට් වලින් නැගිට්ටා. .
මගේ පපුව වේගෙන් ගැහෙන්න. ගත්තේ ..ං
මගේ හිතෙ තවම හිටියේ ඔෆිස් එකෙ ඉන්න කාලෙම මට ගොඩක් රිදවපු ෆියෝනී ..
තමව ඔෆිස් එකේ ඉන්න බවක් දන්නේ නැති උනත් ..මට හෝල් එකේ ඉන්න කවුරුත් දිහා බලන්න හිතට ශක්තියක් තිබ්බේ නෑ …

“ගුඩ් මෝනින්…”

“ගුඩ් මෝනින් සර්…”

විභු සීට් එකේ වාඩි වෙන්න කලින් එහෙම කිව්වා …

” මේ ඉන්නේ මගේ වයිෆ් දේදුනු .. දන්නවා ඇතී …
ඔකේ සිට්…”

“හැමෝම
බලනවා ඇති ඇයී මේ හදිස්සියෙම මීට්න්. එකක් කෝල් කලේ කියලා .. ”

මෙතන් දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා .. ඒ ගැන වැඩි වෙලාවක් ගන්නෙස් නැතුව කියන්නම්.. එහෙම හොදයී න්හ් …

විභූ එක්කම . මන් වාඩි වෙලා ඉද්දී ..
මන් ටේබල් එකේ හිටපු අය දිහා බැලුවා …

“සෙව්…” මටම ඉබේටම කියවුනා ..
සාරියක් ඇදලා ටේබල් එකේ කෙලවරේම හිටියා…
මගේ මූනේ ඇදුනේ හිනාවක් .. කෙල්ලත් මාත් එක්ක හිනා උනා …
ඒත් එක්කම මගේ හිත එකපාරම ගල් ගැහුනේ .. කෙල්ලට පිටිපස්සේ සීට් එකක වාඩි වෙලා ඉන්න කෙනා දැකලා …

“ෆියෝනි..”
හිස පාත් කරගෙන හිටියේ මන් දිහා කෙලින් බලන්න බැරුව වෙන්නැතී …

කාලය විසින් දෙන සමහර දඩුවම් හිතාගන්න වත් බැරි තරම් ..මන් එහෙම හිතලා .ං විභූ කියන දේවල් වලට. ඇහුම්කන්දුන්නා …

“මගෙ තාත්තා ඔෆිස් එක මට බාර කලත් ඇත්තටම මට ලොකු වෙලාවක් ඔෆිස් එක වෙනුවෙන් වෙන් කරන්න බැරි උනා ..
ඒක මෙතන ඉන්න ගොඩක් අය දන්නවා …
ඉතින් මන් හිතනවා .. ආයෙම එහෙම නොවෙන්න ..
අපේ අලුත් චෙයාමන් විදියට
මිසිස් දේදුනු මගේ වයිෆ් මේ දේවල් ඉස්සරහට කරගෙන යයී…”

දෙවියනේ .. මට විභූ කියපු දේ හිතාගන්න බැරි උනා ..

ම…ම..කොහොමද..එච්. ච…ර

මට කතාකරගන්නවත් බැරුව හිරවෙද්දී විභූ මාව එයාගේ අතින් එයාගෙ පපුව ට ලන් කරගෙන සුබ පැතුවා …
හැමෝම ..
මට ඇවිත් සුබ පතද්දී …
මන් තවමත් හිටියේ .. විභූ මොක්ද්ද කරන්න හදන්නේ කියල හිතාගන්න බැරුව .. .

එකපාරම .. ෆියෝනී මට අතට අත දෙද්දී …මන් ආයෙම පියවී ලෝකෙට ආවා …

“ෆියෝනී …”

“කන්ගැජුලේශන් මැඩම්”

මට දැනුනේ දුකක් ..
ඇත්තටම ෆියෝනීව ඒ තත්වෙට දැම්මේ ..
සේනක කියලා දැනෙද්දී මගේ හිත ෆියෝනිව සාදාරනය කලා …

පැයකට විතර පස්සෙව් කන්ෆරන්ස් රූම් එකේ ඉතුරු උනේ මායී විභූයී විතරයී …

“ඇයී මහත්තයා මෙච්චර දෙයක් … ”

මෙච්චර වෙලා හිතේ පැසව පැසව තිබ්බ දේ. මන් විභූගෙන් ඇහුවා …
විභූ හිනාවෙලා අතින් හිර කරගද්දී මට. දැනුන ආදරේ කියාගන්න වචන තිබ්බේ නෑ …

“හ්ම්ම්
මන් වෙනුවෙන් ඉවසපු තරම මන් දැක්කානේ ..
ඒකම ඇති ඔයාට මේ දේවල් හරියට බලන්න..
මට ඔයාව විශ්වාසයී ..”

“ඒත් විභූ මේ දේවල් .. ඔයාගේ ..”

“ඔයාගේ මගේ කියලා නෑ මේ දේවල් අපේ …
තේරුනාද ”

මන් ඇස් වලින් වැටෙන්න පොරකන කදුලු ඉවසගෙන දරාගෙන හිටියේ .. විභූ ඉස්සරහා අඩලා එයාව අසරන කරන්න ඕනේ නැති නිසා ..

ඒත් විභූ ගොඩක් නිදහසේ ඉන්නේ කියලා මට හිතුනා …

“මට ජොබ් එකෙන් අයින් වෙන්න බෑ දේදු …
මන් ඒක ගැන ගොඩක් හිතුවා .. .
මේ වගේ දේවල් යට නොගහ කරන්න ගොඩක් මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නෑ .. ඉතින් මන් මේකේ ඉන්නම ඕන …”

විභු කිව්ව දේට මගේ හිත ඇවිලිලා ගියා. . ඇත්තටම මන් හිතුවා විභූ ඒ ජිවිතෙන් අයින් වෙයී කියලා .. ඒත් එයාගේ තීරනය වෙනසක් වෙලා නෑ … ?

“විභු…”

“මන් දන්නවා දේදූ ඔයාට ඒක. දුකක් ඒත් පොරොන්දු වෙන්නම් .. ඔයයී දරුවයී වෙනුවෙන් .. පරිස්සම්. වෙන්නම් ”

විභූ මගේ අත උඩ එයාගේ අත තියල එහෙම කිව්වම මන් අමාරුවෙන්උනත් හිත හදාගන්න හිතුවා .. විභූගේන් මේ සමාජේ වෙනුවෙන් කෙරෙන්න ඕන වැඩ කොටස මගෙන් නවත්තන්න ඕනේ නැති නිස .. ඇත්තටම මන් හිතින් ඇඩුවා .. .

ඒත් මන් විභූ ඉස්සරහ හිනා උනා …

“මේක ඔයාට …
මගේ ආදරෙ ලියන්න පුලුවන් උන කොටස මේකේ තියෙනවා …”

විභූ මගේ අත උඩින් තිබ්බේ හුරුපුරුදු ඩයරී එකක් ..
මග් ඒක අතට ගත්තේ .. මීට කලින් මන් බලපු මතකයෙන්…

මන් මුලින්ම බැලුවේ .. ඩයරියේ අන්තිම … පිටුව .. .

දෙවියනේ ඒ වචන වලට මගේ හිත ඇවිලිලා ගියා …

?

“දේදුනු උබයී මගේ මුලූ ජීවිතයම ..”

බාගෙට ලියලා තිබුන ඩයරිය සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරලා …

මන් බැලුවේ විභූ දිහා .. .

කටින් නොකියා හන්ගපූ ආදරේ .. ඔක්කොම
මගේ අත උඩ එයා තියලා නිශ්ශබ්ද උනා …

ඇත්තමයී විභූ .. මේ ලෝකේ මන් දැක්ක ආඩම්බරම පිරිමියා .. මගේ විභූ …

නිමි❤️

හ්ම්ම් මොකද හිතෙන්නේ …
කතාව ගැන අදහසක් කියාගෙන යන්න ..
කතාව ඉවර කරන්න ගොඩක් කල් ගත්තා …
ඒකට සමාවෙන්න .. අඩුපාඩු වෙන්නැති ..
කතාවේ මුල ඉදන් හිටපු දෙදාස් ගානටත් වැඩි පිරිසක්
මන් කතාව නොදාපු නිසා හැලුනා..

ඒකට් සමාවෙන්න ..ලමායී

මම පියුමි සේනාධි ❤️

18 thoughts on “බඹර ඉසව්ව | අවසන් කොටස | නවකතාව”

    1. කතාවනම් ගොඩක්ම ලස්සනයි අක්කියෝ.. ඒ වගේම මේ කතාවෙන් ලොකු පනිවිඩයකුත් කියැවුනා… සත්තයි මන් බයේ ඉදියේ අන්තිම මොහොතෙ හරි දේදුට බකට් එකක් පෙරලයිද කියලා.. කතාව මගදි නතර උනා තමයි ඒත් කතාව නම් අමතක් උනේ නෑ.. ඒතරම් ආසාවෙන් කියෙව්වෙ මේ කතාව. අක්කියෝ ඔයා කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි… !!!!!!

    1. ..Sandashen..

      kathawa iwra karapu akata nam tikak vithara dukaiii… me wage thawath lassana kathawak aran ikmanata anna akkiyooo …..oya anakan maga balan ennawaaa….?????? budusaranai parissamen enna ?????????

  1. Chamodya Madusanki

    අනේ ඊලයිද ☹️☹️ කතාවනම් මාරම ලස්සනයි අක්කා..
    බුදුසරණයි
    තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න ඕනියෙ.
    පරිස්සමින් ඉන්න හැමෝම ??

  2. නයෝ මධූ

    නංගියෝ දුකයි කතාව ඉක්මනට ඉවර කළාට. ඉක්මනට කියන්නත් බෑ නේද? කොටස් 70 ක් වගේ තිබ්බනේ.

    අපි හැමෝටම ජීවිතේදි එක එක ජාතියේ මිනිස්සු හම්බෙනවා. ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. මේ කතාවේ හිටපු දේදුනු හිත ගොඩක් හයිය කෙල්ලෙක්. පවුලේ කියලා තමන්ට කවුරුත්ම නැතත් තමන්ගේ ජීවිතේ වෙනුවෙන් ඕනම අභියෝගෙකට මුහුණ දීපු කෙනෙක්. එයාටම හරියන්න එයාගේ යාලුවා සෙව්. ගොඩක් වෙලාවට අවංකම යාලුවෝ හම්බෙන්නේ ගොඩක් අඩුවෙන්. තවත් කිව්වොත් සේනක වගේ මිනිස්සුත් මේ සමාජේ අනන්ත ඉන්නවානේ.

    ඒ හැම දේකටම මුහුණ දෙන්න හරි ආදරයක් තියනවානම් හිත ශක්තිමත්නම් පුළුවන් වෙයි. මටනම් එහෙම ශක්තියක් නෑ ඇත්තම කිව්වොත්. මට පොඩි දේටත් හිත රිදෙනවා.

    කතාව ලස්සනයි නංගියෝ. ආය මේ වගේ කතාවක් අරන් එන්න. ඔයාගේ හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

    1
  3. Aanee kathawa iwarai neda.kohoma unath akkiyoo oyage kathawa apita godak sameepa una.dedunu ,vibugen wen wenna godak dukai.
    Kohoma unath thawath lassana kathawak aran enakan api maga balan innoooooo……
    Budusaranai parissamin inna .
    Adarei goda godaaak!!!!!!

  4. Mmm khawa iwarai ne….. dukai ekata nm…. aththa hamoma thamange pawla gana witharak hithuwa nm ape rata unath mehema ithuru wenne nahe… akki dunne gdk honda adarshyak…respect akkiyo…. and also love you so much…..

    Dedu & Vibu hamadama ape mathake indiwi…. oyata wagema api eyala dennatath gdk adarei…..❤❤?

    Budu saranai akkiyo… sathutin parissamin inna manika…..❤❤

  5. උක්කූං පුතා(SuMi )

    මුලින්ම කියන්න ඕනේ කතාව නම් හරිම ලස්සනයි. පට්ට සුප්පා ❤️❤️❤️❤️???

    කතාවට කමෙන්ට් කරේ නැති උනත් අවසාන කොටසට කොමට් නොකරොත් කතා ලියන කෙනෙක් විදියට මං කරන අසාධාරණයක්.. මොකද මාන්සි වෙලා කතා ලියනකොට ඒවට ලැබෙන කමෙන්ට් තමයි අපේ ශක්තිය අපේ වත්කම.. ඇත්තටම කතාව හරිම ලස්සනයි මේ වගේ ගෑනු ළමයි අද ලෝකෙ ඉන්නවද කියල හිතාගන්නත් බෑ..අද ගොඩක් ඉන්නේ කොටවන ගෑනු ළමයි තව කෙනෙකුට තව දෙයක් කියනවා තව කෙනෙකුට තව දෙයක් කියන බොරු වපුරන කට්ටිය.. ඒ අතින් මේ කථාවේ චරිතය සුපිරි පට්ට ගෑණු ළමයට ලොකු ආදර්ශයක්..????

    ඉතින් ඔයාට මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  6. ගොඩාක් ලස්සන අවසානයක් දුන්නට ???????????????????????????????????…..දේදුට වගේම සෙව්ටත් එයාලගෙ ආදරේ හම්බවුන නිසා ගොඩක් ලස්සනයි කතාව ….කොච්චර දුක් වින්දත් කාලයක් එනවා සැප විදින්න පුලුවන් ???….ඒක ඔයා හරි ලස්සනට කතාවෙ ලියල තියනවා පියුමි අක්කි….ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා ????????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.