Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් හතරවෙනි කොටස | නවකතා

3.7/5 - (4 votes)

හතළිස් හතරවෙනි පියාපත…

———————————————————————————————————————————–

ඔව් ගිනී… මේක තමයි දැං උඹේ ජීවීතේ…

කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මට මේ ජීවීතේට මූණ දෙන්න වෙනවා..

“කෙල්ලේ.. වරෙන් බං ඇතුළට.. තවත් මොනවා බල බල ඉන්නවද..??”

මැගී නැන්දගේ පස්සෙන් මං ගේ ඇතුළට ගියා..

ශේශ්ගේ කාමරේ තරම් මුලු ගෙදරම.. මාත් ඇතුළට ආවට පස්සේ ඇන්ටි ලෑල්ලක් තියලා දොර වැහුවා..

මෙහෙමත් ජීවිත මේ ලෝකේ තියෙනවා නේද කියලා හිතෙද්දිත් මට දැනුනේ වේදනාවක්..

රෑට කාලා ඇන්ටි දීපු පරණ පැදුරු කෑල්ලක් බිමට එලන් අපි දෙන්නම නිදා ගන්න හාන්සි වුණා..

වෙලාව කීයද දන්නේ නෑ.. ඒත් නින්දක් නම් අහළ පහළක නෑ..

ශේශ් ඔයා හොඳින්ද කියලා නොදැන මේ පපුවට නිවනක් නෑ.. කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා මං තාම හිතනවා ශේශ්..

ඔයා මොන ලෝකේ හිටියත්, තොල් රතු යක්ශණීව කසාද බැඳත් ඔයා සතුටින්ම ඉන්න ඕනි..

ඉස්සර මං ශේශ්ගේ උණුසුමට ගුලි වෙලා කොයි තරම් නිදහසෙන් හිටියද..?

ඒත් අද..?? ඔයාගේ ගිනි කිරිල්ලීව ගිනි අරන් ඒ ගින්නෙන්ම දැවෙනවා…

“කෙල්ලේ නැඟිටපන්..”

මැගී ඇන්ටිගේ කටහඬට මං ඇස් ඇරලා බැලුවා.. තාම එලිය වැටිලාවත් නෑ..

මේ තරම් උදෙන් මං නැඟිටලාම නෑ..

මුකුත් නොකියම මං මැගි ඇන්ටිගේ පස්සෙන් ගියා..

ටැප් එක ළඟ හය හත් දෙනෙක්ම පිරිලා ඉන්නවා දුරටත් පෙනුණා..

“පේනවනේ.. මුං පාන්දර යාමෙම ටැප් එක අල්ලගෙන..”

මැගී ඇන්ටි බැන බැනම අඩිය ඉක්මන් කරලා ටැප් එක ගාවට ගියා..

දැං මට තිබ්බ එකම ප්‍රශ්නේ.. මෙතන කොහොමද නාන්නේ..??

ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ.. මට උත්තර හම්බුණා…

මැගී ඇන්ටි මූණ සේදුවා විතරයි..

මාත් යන්තම් මූණ සෝද ගත්තා..

අපි කෝවිල ගාවට යද්දිත් හයාමාරට විතර ඇති.. එකා දෙන්නා කෝවිලේ දෙවියෝ වඳින්න එන්න පටන් අරන්..

මාත් ඇන්ටි ගාව බිම පඩියේ වාඩි වුණා..

ඇන්ටි එක එක ඒවා කිය කිය ඉන්නවා.. මිනිස්සු ඇවිත් පොඩි කාරි ඇන්ටි අතට දීලා යනවා..

මං කරේ ඔහේ බලන් හිටපු එක…

වෙන කිසිම දෙයක් ගැන හිතන්න මට හිතක් නෑ.. තවත් නම් ශේශ් නොදැක මට ඉන්න අමාරුයි වගේ..

ඇස් වලින් පනින්න හදන කඳුලු මං හරි අමාරුවෙන් නවත්වන් උන්නේ..

අහම්බෙන් හරි ශේශ් දකීවී කියලා හිතන් මං හිටියෙම පාර දිහා බලා ගෙන..

අපිට කවුරු හරි ගෑනු කෙනෙක් ඇවිත් කෑම පාර්සල් දෙකක් දුන්නා..

ඇන්ටි මාත් එක්කන් ඇවිත් බත් කෑවා..

මට නම් පලවෙනි කට කද්දිනේ හිර වුණා.. හදවත කඩා ගෙන මට මතක් වෙන්නෙම ශේශ් මට කවපු හැටි..

ඒ මතකයන්ගෙන් මිදෙන්න මට බෑ. මිදෙන්න මට ඕනකමකුත් නෑ..

මතකයන් එක්ක ගෙවන ජීවීතේ ගොඩක් සුන්දර ඇතී.. මං එහෙම හිතන්න පුරුදු වුණා..

දවසෙම දූවීලි කකා අව්වට පිච්චි පිච්චි අපි කෝවිලේ පඩිය උඩ ඉඳන් හිටියා..

ඒත් හිත තිබ්බේ ශේශ්ගේ ගෙදර..

හවස අපි ආයේ මුඩුක්කුවට ආවා..

ඇඟට හරි මහන්සී.. ඊටත් වඩා හිතට හරි මහන්සී..

“අපි නාන්නේ සති දෙකකට පාරක් වගේ.. ඒ හින්දා උඹ නාන්න නම් හිතන්න එපා කෙල්ලේ..”

මොකක්..???

“අපි උඹලගේ හිඟන පාට පේන්නේ දූවීලි නාගෙන දාඩිය බේරිගෙන ඉන්න කොට.. එතකොට තමයි අපේ අතට සල්ලි ලැබෙන්නේ..”

එහෙම දේකුත් තියෙද…?? හ්ම්ම්ම්ම්ම්ම්

ඔව් මං දැං ඉස්සර ගිනී නෙවෙයිනේ..

“මැගී අක්කේ.. මැගී අක්කේ..”

කවුද කතා කරනවා ඇහිලා ඇන්ටි මට ඉන්න කියලා මිදුළට බැස්සා..

“සුමන අයියා කිව්වා හෙට මළගෙදරක යන්න ලෑස්ති වෙන්න කියලා.. හෙට ගතමනාව අවුලක් නෑ කිව්වා.. අට වෙද්දි ලෑස්ති වෙලා හිටහන්..”

“සුදු ඇඳන් හිටහන්…”

“මට ගෙවල් වල සුදු අදින්නේ නැතුව මඟුලක් වගේ අඳිනවද බන්..??”

මැගී ඇන්ටි බැන බැන ඇතුළට ආවා..

මලගෙදරක්..?? ශේශ්ගේ ගෙදරද..??

එහෙනම්.. එහෙනම් මට හෙට ශේශ්ව හම්බ වෙයි.

මුළු රෑ පුරාම එක තප්පරේකටවත් මගේ ඇස් දෙක පිය වුණේ නෑ.. ඒ තරම් පුදුම ආසාවක් බලාපොරොත්තුවක් හිතේ එකතු වෙලා..

ශේශ්.. මං දන්නවා ඔයා දුකින්.. ඒකට හෙතු ඇතී.. මාවත් එක හේතුවක් කරන් ඔයා දුක් වෙනවා නම් හෙට අපි මුණ ගැහේවී..

මැගී ඇන්ටි ඇහැරෙද්දිත් මං පැදුරු කෑල්ලේ වාඩි වෙලා හිටියේ..

මේ ගෙවුනු දවස් දෙකට එක සීරීමක්වත් වෙන්න නොදී මාව බලා ගත්තේ ඇන්ටි.. මගේ අම්මා කොහේ හරි ඉඳලා මං දිහා බලන් ඇති..

අපි පාන්දරම ටැප් එක ළඟට ගිහින් නාගත්තා.. මගේ අතේ තිබ්බ තුවාලේ නම් අල්ලද්දි තාමත් රිදෙනවා..

මං නිකන් කොණ්ඩේ තෙමුවා විතරයි.. තොල් රතු යක්ෂනීගේ කවුරු හරී මාව අඳුර ගත්තොත් ඇන්ටිවත් මරයි..

සුදු අදින්න කිව්වට මට සුදු තියා එක ඇදුමක්වත් නෑ..

ඇන්ටි ගාව තිබ්බ පරන වෙච්ච සුදු ගවුමක් මට ඇන්ටි දුන්නා.. එයාටත් කවුද දීපු එකක්ලු..

මං වගේ දෙකක් දාන්න පුලුවන් සුදු ගවුමත් ඇඳන් මාත් ගියා පාරට ඇන්ටි එක්කම..

බස් එකක් පුරවලා මලගෙදර යන්න කට්ටිය මේ මුඩුක්කුවේ ඕන තරම්..

මගේ අම්මගේ මල ගෙදර කොහොම තිබුණද කියන්න නොදන්න මට, මගේම අම්මා වගේ මාව බලා ගත්තු නැන්දගේ මල ගෙදරට හරි යන්න ලැබුණනේ..

ඇයි අම්මේ මගේ දෛවය මේ තරම් නපුරු වුණේ..??

ශේශ්ගේ ගේ ගාව බස් එක නතර කරද්දි මගේ හිතේ තිබුන අන්තිම ශක්තියත් බිංදුවටම වැටුණා වගේ..

බස් එකෙන් බහිද්දි අපි හැමෝම චෙක් කරා.

ගේට්ටුවෙන් ඇතුළට යද්දි මටත් නොදැනිම මං ඇන්ටිගේ අත අල්ලා ගත්තා..

දෙයියනේ…!! එදා මේ ගෙදරින් පැනලා ගියේ මෙහෙම එන්නද..??

එහෙම හිතද්දි තව ඉස්සරහට මොනවා වෙයිද..?

ශේශ්ගේ ගෝලයෙක් දකිද්දිම මං මූණ හංගගන්නවා.. මේ වෙලාවේ කවුරුවත් ශුවර් නෑ..

“මොකෝ බන් කෙල්ලේ උඹ බය වෙලාද..??”

අපි ටෙන්ට් එකක් ඇතුලෙන් වාඩි වුණා..

ඒත් හතරවටේ දුවන මගේ ඇස් හෙව්වඩ එකම එක රුවක් හොයා ගෙන විතරයි..

ශේශ්…!! කොහෙද ඔයා…??

මට දැනෙනවා.. ඔයා ඉන්නේ මේ ළඟමයි..

අපිත් එක්ක ආපු කවුරුවත් අවසන් ගෞරව දක්වන්න ගේ ඇතුළට ගියේ නෑ..

සමහරවිට ශේශ් ගේ ඇතුලේ ඇති..

“පිස්සු කෙල්ලෙක් හිටියලු ගෙදර.. එයාලු ඔය මිනී මැරුම් කරලා පැනලා ගිහින් තියෙන්නේ..”

“මාත් දැක්කා බැල්කනියේ කෙල්ලෙක් ඉන්නවා..”

“දැං පොලිසියෙන් හොයනවාලු ඒ කෙල්ලව..”

මොනවා…?? මට ඇහුනේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු ගැන දෙන්නෙක් කතා කරපුවා..

මං ඒ මූණවල් අඳුර ගන්න ඒ පැත්ත බැලුවා.. මේ අහල පහල අයම තමයි..

ඒ කියන්නේ.. මේ ඔක්කොම කරලා තියෙන්නේ මමද..??

දෙයියනේ..!!!

කොහෙන් ගියත් ගිනී උඹට නම් බේරිල්ලක් නෑ..

මාව මැරිලා ගියත් කමක් නෑ.. මගේ ශේශ්ගේ මූණ දැකලා..

මං නැඟිට්ටේ තනියම හරි ගෙට යනවා කියලා හිතා ගෙන..

ඒත් එක්කම ගේට්ටුවෙන් කලු කාර් දෙකක් ඇතුළට දැම්මා..

වටේ හිටිය හැමෝම එක හුස්මට නැඟිට්ටා.. මැගී ඇන්ටි පවා නැඟිටිලා..

කාර් එකෙන් බැහැපු කෙනෙක් ඇවිත් කාර් එකේ පිටිපස්ස දොර ඇරියා..

තවත් තප්පර දෙකකට පස්සේ කාර් එකෙන් බැස්සේ..

—————————————————————————–

කවුද…??? කියන්න බලන්න….

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

15 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් හතරවෙනි කොටස | නවකතා”

  1. Anee hrima sochaniyai neda
    Apita wennema duka hithena dewal vitrai jiwithe hati ehma tamai mnwa krnnda

    Akki katwa lassanai et dukai itin sheahta mukut wela nativa ati neda ane hetat siga kotasak aran ennko akki
    E kuda awe kiyla hetama blnnm akki me welave hithnna taram mood ekak mta na akkoyo ??
    Parissamin inna akkiyo budusaranai ???????

  2. ..Sandashen..

    Akkiyooo dennam kathawa godaaaaaaak dukaiiii….ginige duk dunna athi neda den.ikmanata shesh muna gassamu ginita hodeeee…..????????????????

  3. Chamodya Madusanki

    අපේ ශේශ් කොල්ලා වෙන්න ඇති මයෙ හිතේ,අපේ ගිනි කිරිල්ලී පව් දෙයියනේ,දීපක් එයත් මැරිලද☹️☹️?

    කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ,
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න..?❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.