Katha Ahura

බඹර ඉසව්ව | 55 කොටස | නවකතාව

4/5 - (1 vote)

මන් අදින්න කියලා අතට ගත්ත ඇදුම අතේම හිර කරන් එහෙමම ඇදේ වාඩි උනේ මට මන් ගැනම ලොකු දුකකින් .
හිතේ දුක වැඩි කමට පපුව ඇතුලෙන් රිදුම් දෙන වේදනාව ඉවසන්න බැරි තරම් ..
ඒත් තවත් අඩන්න තරම් කදුලු මගේ ඇස් වලත් නෑ ..
මන් ඉකමන් උනා වැඩී …

මටම ඒක දැනුනා ..

ලොකු හුස්මක් පිට කරලා ..ජනේලේ කිට්ටුවට ගියේ .. ලා එලියකින් කාමරේට එන එලියට තවත් ඉඩ දෙන්න හිතිලා …
මන් භාගෙට ඇරලා තිබුන ජනේලේ .. සම්පූර්ණ යෙන්ම විවුර්ත කලා . එතකොට මන් දැක්කේ ..
නිල් පාට ටී ශර්ට් එකකට. අලුපාටට හුරු ශෝර්ට් එකක් දාගෙන .. කාර් එකට නගින .. විභූ …
මන් හිස් මනසින් බලන් හිටියා …
එහෙමම වේගෙන කාර් එක ගේට් එකෙන් එලියට් දාලා නොපෙනි යනකන්ම් මන් ජනේලෙන් බලාගෙන හිටියා .. .
මිදුලේ කෙලවරක ඉන්න සෝමේ මාමා .උදැල්ලක් අරගෙන මල් පාත්ති හදනවා …
මට ගේ ඇතුලේ ඉන්න බැරි නිසා මන් හිමිට එලියට ආවේ සෝමේ මාමා එක්කවත් ටිකක් කතාකරන්න හිතාගෙන ..ං

හිත ටිකක් බර උනත් .. ඉවසගෙන ඉන්නවා ඇර කරන්න දෙයක් තිබ්බේ නෑ … අනික .. මේ මට උරුම ජීවිතේ කියලා හිත හදාගන්න එකෙන් මට තිබුනේ ලොකු ආශ්වාදයක් …

“අනේ …නෝනේ …. මහ..ත්…ත…යා ආවොත් බැනුනුත් අහන්න වෙනවා ….

මන් ඈතින් එද්දීම .. සෝමේ මාමා උදැල්ලත් විසි කරලා මගේ පැත්තට දුවගෙන ආවේ කලබලෙන් වගේ ….

“නෝනේ යමු ගෙට .. මේ ගොම්මනේ .. මහත්තය්ත් නැතුව එලියේ ඉන්න හොදනෑ …

ඒ මූනේ ඇදුන කාරුනිකත්වයට මට ලෝබ හිතුනා

“ඒ මොකද සෝමේ මාමා ….”

“එහෙම තමයී නෝනේ දැන් කාලේ ..”

මට සෝමේ මාමා අත දික් කර කර එහෙම කියද්දී කට කොනකින් හිනාත් ගියා …

“සෝමේ මාමා බැදලාද ….”

“අනේ නෑ නෝනා …
මන් තාම කොල්ලා වගේ න්හ් …
තව කල් තියෙනවා ..
ඔක්කොම
කතා කරන්න යමුකෝ ගෙට.මහත්තයා ආවොත් විසුමක් වෙන්නෙ නෑ ”

අනේ අවුරුදු හැටකටවත් වැඩි සෝමේ මාමා අව්‍යාජව එහෙම කිව්වම ..මට දැනුනේ ඒ ජීව්තේ කොච්චර සරලද කියලා …ඒත් සෝමේ මාමා විභූට තිබ්බේ බයක්ද ගෞරවයක් ද කියලා හිතාගන්න බැරි උනා

“ලොකු නෝනලා .. මෙහෙ ආවාම .. නෝනා ගැන කියවනවා …
ඒ උනාට ඉතින් මහත්තයා එක්කන් ආවේ ඕන් අදනේ ..ඉතින් අද තමයී දැක්කේ …”

සෝමේ මාමා මාත් එක්ක ගෙට යන ගමන් එහෙම කිව්වේ
ලෝකු නෝනා කියන්න ඇත්තේ .. විභූ ග් අම්මා වෙන්න ඕනේ .. ඒත් මන් ගැන්.. මැඩම් දන්නේ නෑනේ .. මගේ හිතේ යාන්තමට ඇනෙන කීරක් වගේ හිත පාරනවා මට දැනුනා ..
ඉස්සර මැඩම්. දෙතුන් දවසක් ඔෆිස් එකට ආවත් මට කතා කරන්න හම්බෙලාවත් නෑ .. ඉතින් මේ මන් ගැන වෙන්න බැරි දෙයක් … මේ කවුරු ගැනද කියන්නේ ..

මගේ පපුව පිච්චිබ්පිච්චී රිදුම් දෙන්න ගත්තා ..
විභූ .. ගැන ගැහෙන සියුම් තරහකුත් එක්ක …

“ඇයී නෝනේ …. ”

“අ..හ් නෑ සෝමේ මාමේ …”

මගෙන් සද්දයක් වත් නැති නිසා සෝමේ මාම කලබලෙන් වගේ ඇහුවේ …

“මමා ගොඩක් කල්ද මෙහෙට ඇවිත් … ”

“අනේ නෑ නෝනා .මහත්තයා. මේ ගේ ගත්තේ අලුතෙන් කියලා කිව්වේ .. ඉතින් ඒක බලාගන්න කෙනෙක් ඕන කියලයී මාව ගෙන්න ගත්තේ .. මන් ඊට කලින් මහත්තයා ලග වැඩ කරලා නෑ නෝනේ ”

විභූ මට නොකියන කතා ගොඩක් ඇතුලේ මොකද්දෝ පරිස්සමක් තියෙනවා කියලා හිතුනා ..
මාමා ඇයී එලියටවත් යන්න දෙන්නේ නැත්තේ …
විභූ මෙච්චර දුරක් මාව එක්කන් ආවේ ඇයී …

මේ හැමදේටම උත්තර තියෙන්නේ විභූ ලග ..
ඉවසලා මට බලන් ඉන්න වෙන්නේ විභූ කියන දෙයක් …

“නෝනේ රෑට මොනාද හදන්න ඕනේ …නෝනා කැමති දෙයක් කියන්න මන් හදන්නම් ..”

එහෙනම් මාමා හොද කට්ට සම්බෝලයක් එක්ක .. ඉදිආප්ප කමුද ….??

“අම්මෝ නෝනේ .. මහත්තයා ත් ආවාම ඉල්ලන් එන්නෙම ඕවානේ …
මන් හිතුවා නෝනා වත් වෙන මොනා හරි ඉල්ලයී කියලා …
දෙන්නම .. එකම විදිය …

මන් ඇත්තටම මීට කලින් විභූගේ රුචි අරුචි කම් ගැන දැනගෙන ඉදලා නෑ …
ඒත්. මාමා කිව්ව කතාවෙන් මටත් පුදුම හිතුනා …

විභු එච්චර ආසද ඉදි ආප්ප කන්න ..
එතකොට මම .. කවදා ඉදන්ද ඒ වෙනස …
මටත් මොකද්දෝ හේතුවකට මේ ලගදි දවසක ඉදන් ඉදි අප්ප කන්න තිබ්බේ පුදුම කැමැත්තක් .. ඒකටත් එක්කම ගැලපෙන්න .. හොද සම්බෝලයක් තිබ්බනම් මට හොදටම ඇති … මන් කල්ප්නා කර කරම කාමරේට ආවේ .. මාමාට උයන්න ඉඩ දීලා …

විභූගේ ආවේනික සුවද අස්සේ .. මන්. කාමරේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිද්ද්දා … ඇරලා තිබ්බෙ ජනේල් තිරය … ඔහේ සුලගට වැනෙනවා .. අදුරු මතක ගොඩක් එක්ක .. මන් මෙතන ඉන්න එක ගැනත් මට ආයෙ ආයෙම මතක් උනා ටික වෙලාවක් මන් එහෙට මෙහ්ට ඇවිද ඇවිද කල්පනා කලා …

වෙනදා පරිසරෙන් මිදිලා මෙහෙම හරි ටික දවසක් ඉන්න එක ගැන මට තිබ්බේ සතුටක් …සේනක ට. හොද වැඩේ …..

මට හිතින්ම එහෙම කියවුනා ..

ඒත් … මට අහම්බෙන් වගේ හම්බුන ගෑනු කෙනා ට මොකද උනේ කියලා තාම මම දන්නේ . නෑ .. මට එච්චර බොරුවක් කරන්න තරම් මේ ගෑනු කෙනා තිරිසනෙක්ම වෙන්න ඕනේ
මට ඒ මනුස්සයාව හම්බෙලා .. එකපාරක් කම්මුලට අතුල් පාරක් ගහන්න තරම් ශක්තියක් .. මගේ හිතේ තිබ්බා …

මගේ ඇගට කිසිම අමාරුවක් නැති උනත් ..බඩ දරු අම්මේක්ව තිරිසන් විදියට .. යොදවන්න ඒ මිනිස්සු මනුස්සයෝද …
මේ සමාජේ ගැහැණු කෙනෙක් ට ගැහැනු කෙනෙක්ම වින කරන තරම ට .. අසමජ්ජාති සමාජයක් වෙලාද ..

මට ආපු ආවේගෙට මන් හයියෙන්ම අතින් ගැහුවේ ජනේල් කූරු වලට
නපුරු හීන මැද්දෙන් ගලාගෙන ආපු ගමන ගැන ආයෙ ආයෙම පසු තැවීමක් දැනුනේ ..
ඒ උනාට මන් වගේම මගේ දරුවත් හොදින් ඉන්න එක ගැන සතුටක් දැනුනා මට .. මන් ගැනම දැනුන කලකිරීම එක්ක

මට ඉබේටම අත ගියේ . කුසට ….
ඒ ආදරේ මට දරාගන්න බැරි තරම් .. මටම කියලා මේ ලෝකේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැගීම .. එච්චර ලස්සනයීද …

මගේ ඇස් වලි කොන් ඉබේටම කදුලු වලින් තෙත් වෙනකෝට ..මන් ඒක වලක්වලා හිනා උනා ..

” මගේ ..පණ රත්තරනේ … ”

මන්. හිමීට කුස පිරිමදින ගමන් එහෙම කිව්වාම මගේ බෙල්ල වටේට දැනුන උනුසුම් ස්පර්ශය එක්ක මන් කලබල උනා …

එකපාරම අනිත් පැත්තට හැරෙන්න හැදුවත් ඒ අත් වලින් මාව හිර වෙලා …
වැඩි වෙලාවක් යන්න නොදීම මගේ හිත අදුන ගත්තා ඒ උනුසුම …

විභූ ….

මගේ ආඩම්බර නපුරු විභූ ….

“මේ පණ ඔ..යාගේ නෙමේද …දේදු නු …”

මගේ ..කන් පෙති ලගින්ම එහෙම ඇහුනාම් ..මන් දෑස් පියාගත්තා …
ඇත්තටම විභූගේ ඒ වචන වලට මන් අසරණ උනා … ඔයා
මගේ පණ නෙමේ නම් මෙච්චර දුකක් උහුලනවාද කියලා අහන්න හිතුනා …
මන් දෑස් පියාගත්තේ ඒ ආදරේට …

“ම…ට … සමාවෙන්න කෙල්ලේ … ”

ලාවට ඇහුන ඒ ආමන්ත්‍රණය හරිම ලෙංගතුයී …
විභූට සමාව දෙන්න මගේ හිතේ තරහක් තිබ්බේ නෑ ඇත්තටම …
මමත් කලබල උනා .. විභූ මගෙන් ඉල්ලපු ඉවසීම දරාගැනීම මට දෙන්න බැරි උනා .. ඒක මගේ වැරැද්දක් ..
හැම කෙල්ලම වගේ .. මගේ ආදරය වෙනුව්ව්න් මන් විභූව නිවැරදී කලා …
එහෙමම
විභූ මාව එයාගෙ පැත්තට හරවගත්තේ .. මාව යන්තමට ජනේලේ ලගට හේත්තු කරලා …
එයා එක අතකින් මන් මෙච්චර වෙලා විවර කරලා තිබ්බ ජනේලේ .. වහලා දැම්මේ භාගෙට ඇදලා … ඒත් ඒක හයියෙන්ම ඇවිත් වැහුනා …විභූ එනවාවත් මට ඇහුනේ නෑ …ආයෙම එයා ඇදගෙන හිටියේ උඩුකය නිරුවත්ව සරම විතරයී ඒක එයාට ලස්සනටම ගැලපුනා

මට නහයට දැනෙන විභූගේ සුවද ..මාව ආයෙ ආයෙම අඩපන කරනවා …
විභූගේ දිලිසෙන ඇස් මන් දිහා කෙලින් බලාගෙන අසරණ කරනවා …
මන් දැක්ක ආඩම්බර විභූ නෙමේ මේ ඉන්නේ ..
දෝරේ ගලන ආදරෙ එක්ක .. මන් හරි කලාතුරකින් දකින විභූ .. එයා එකපාරම මගේ මූන දෝතට අරගෙන .. පිපාසෙන් වගේ මගේ දෙතොල් සිප ගන්න ගත්තේ .. මහේ මුන එයාට හිර කරගෙන …
ලාවට රිදුම් දුන්නත් ඒ ස්පර්ශයට මන් ආදරේ කලා ..
මේ මගේ විභූ ..
මට හිතන්න ඕන උනේ එච්චරයි …
මේ දරුවාගේ නාමයෙන් විභූට මට බොරුවක් කරන්න බෑ …

මන් මේ හෝරාව කලුවරෙන් වැහෙන්න දෙන්න වෙයි කියන බයට එහෙම හිතල හිත සනසගත්තා …
විභූගේ රලු එක අතක් .. මගේ කුස උඩ රැදෙද්දී මන් එක අතකින් ඒ අත උඩ තිබ්බේ විභූගේ … අත මගේ කුස උඩම රදවගන්න …
මට දනුනේ ලොකු ආදරයක් ..
එහෙමම එයා ඒ අත ආයෙම අරගෙන .. මගේ මූනට හිර කරලා .. මගේ මූන .. අතෝරක් නැතුව ඉම්බා …
මන් විභූගේ රලු මූන සියුම් විදියට අතගෑවේ දෑස් පියාගෙනමයී ..එහෙමම විභූ එයාගේ අත මගේ කම්මුලකින් අරගෙන මගේ කිස්න් අත තියල මගේ ඇස් දිහා බැලුවේ උනන්දුවෙන්

”මේ අපේ බලාපොරොත්තුව සුදු නෝනා”

විභූ හරිම ආදරෙන් එහෙම කිව්වම ඇත්තමයී මගේ හිත පිරිලා ගියා … මට විභූව කෑගහගෙන බදාගන්න හිතුනා … මන් විභූගේ පපෞවට තුරුල් උනේ කියාගන්න බැරි තරම් ආදරේකින් .

”අහම්බෙන් තමයී මේ හැමදේම ….ඒත් මේ තමයී මගේ මුලු ජීවිතේම …. ”

මෙච්චර වෙලා තරහින් ඉදලා කාමරෙන් පිටවුන විභු ආයෙම මේ විදියට දකින්න ලැබුන එක මට ඇත්තටම සතුටක් … මන් විභූ කියන දේවල් හරිම ආසාවෙන් අහන් හිටියේ ඒ පපෞවට තුරුල් වෙලාමයී … මෙච්චර ආදරයක් දෙන විභූට පුලුවන්ද මාව එක වකහ්නෙකින් හරි රවට්ටන්න … මන් හිතන්නේ බෑ අ… විභූට එහෙම හිතන්නවත් බෑ මන් විභූ කතාකරද්දී එහෙම හිතුවා….මෙච්ච්ර කාලයක් මට වචනයක් වත් නොකියා අගවපු දේවල් අද ලෝබ නැතුව වචනෙන් කියනවා බලන් ඉන්න මට ආස හිතුනා

” මතක…ද …. ඔයා හම්බුන පලවෙනි දවස සුදූ …. ”

විභූ එකපාරම මගේ මූන එයාගේ පපෞවෙන් මෑත් කරල්ල මගේ ඇස් දෙක දිහා බලාගෙන එහෙම ඇහුවේ

හ්ම්ම්ම් කොහොම අමතක වෙන්නද මට …. ඒ තමයී අවාසනාවන්ත දවසක් උනත් විභූව මට මෙච්චරම ලන් වෙන්න හේතුව
මට ඒ අහන පරක්කුවට එහෙම කියන්න හිතුනා විභූට

‘ඇක්සිඩන්ට් උන දවස… හ්…ම් මතකද දේදුනු මන් දැක්ක ලස්සනම කෙල්ල කලබලෙන් ඇවිත් මගේ බයික් එකට හැප්පෙද්දී මගේ පපුව කොච්චරක් පිච්චෙන්න ඇතිද කියලා හිතුවද … මගේ කෙල්ල හිතුවාට ඒ මන් ඔයාව දැක්ක පලවෙනි දවස කියලා හිතුවාට ..ඒ ඔයා මාව දැක්ක දවස සුදූ ….”

දෙයියනේ ….වි.භූ එහෙම කිය…ද්දී මන් ඇස් වලට උනපූ කදුලු දරාගත්තේ හරී අමාරුවෙන්

”ඔහොම අහින්සක විදියට බලන්න එපා බන් කන්න හිතෙනවා මට උබව ”

විභූ මගේ නහය හිමීට හපලා එහෙම කියලා
එහෙමම එයා ඇදගෙන හිටපු සරම අකුලල කකුල් දෙක අතරට හිර කරගෙන එක අතකින් වාරු වුනේ මාවත් අරගෙන ජනේලෙට

”ඔයා දන්නවාද සුදු නෝනා … මන් කවුද කියලා …ඇයි මෙහෙට එක්ක ආවේ කියලා ”

හ්ම්ම් …

විභූ මගෙන් ඇහුවේ ප්‍රශ්නයක් …

”දන්නවාද ….”

මගෙන් උත්තර නැති නිසා වෙන්නැති ආයෙම අහන්න ඇත්තේ …

මන් නෑ කියන්න ඔලුව වැනුවා ….

” මගේ පිස්සී … ඔහොම පුලුවන්ද බන් අම්මෙක් වෙන්න … අහ් …

”පු…ලු…ව…න්…. ”

මන් දෙපාරක් නොහිතම එහෙම කිව්වා …

”මොකද්ද කියන්නේ …..අහ් ..”

විභූ හයියෙන්ම එහෙම කියලා මාව එකපාරම වඩාගත්තා …..

”අම්මෝ මේකිගේ බර …. ”

විභූ එහෙම කියලා හිනාවෙලාම මාව වඩාගෙන ගිහින් ඇදෙන් තියලා එයාගේ කකුල් දෙක මැද්දෙන් ඉන්ද ගත්තා….

”පිස්සු කෙල්ලේක් … ”

විභූ මගේ උරහිසට එයාගේ මූන තියලා එහෙම කිව්වේ …

”දේ….දු…”

”මට ඔයා නැතුව ආයේ ඈත් වෙලා ඉන්න බෑ …. ”

විභුගේ කටහඩ බාල උනේ මන් අහගෙන ඉද්දීමයී …

”මන් ඒකයී ඔයාව මෙහෙට ගෙනාවේ … මෙහෙම හරි ඉන්න මට උබව අයිතිකරගෙන කොච්චර කාලයක් ඉන්න උනාද ….
ඒකට මට සොරි කියන්න බෑ …දේදුනු .. ඔයාව මෙහෙම අසරන කරලා මට සමාව ඉල්ලන්න බෑ ..”

අනේ විභූ කතා කලේ ලොකු වේදනාවකින් ….

”සු…දු ..නෝ ..නා … ඔයාට මාව විශ්වාසද ….”

විභූ එකපාරම මගේ පැත්ත හැරිලා ඇහුවම මන් ගොලු උනා …විභූට එහෙම ප්‍රශ්නයක් මගෙන් අහන්නවත් බෑ … ම්න මෙච්ච්‍ර දවසක් විභූව විශ්වාස කරපු නිසා නෙමෙද එයා වෙනුවෙන් මෙච්චර දුක් ඉහිලුවේ ..එයා වෙනුවෙන් ජීවත් උනේ …
මෙච්චර දේවල් කලේ විභූ වෙනුවෙන් නේද …විභූගෙයී මගෙයී දරුවා වෙනුවෙන් නේද

”කතා…ක…ර…න්…න …. ”

”ඔයාට ඕක අහන්නවත් පු..ලුවන්ද විභූ …”
බලන්න මෙතන කවුද ඉන්නේ කියලා ….

මන් ඇස් වල කදුලු පුරෝගෙන බොත්තම් දාලා තිබ්බ ඇදුමේ උඩින් බොත්තම් ගලවද්දී විභූ මාව නතර කලා …

”හෙට මන් ඔයාව බදිනවා …. නීතියෙන් …. හැබැයී මෙතනින් බැදලා ගොඩක් කල්
කොලේක අත්සන් කරන සාක්ශියට වඩා මේ සාක්ශිය ඉහලයී ඉහලයී කෙල්ලේ ….”
එදා ඉදන් තමයී මේක මෙහෙම තියෙන්නේ …. ”

දෙවියනේ විභූ ඒක කිව්වම මගේ පපුව පැලෙන්න ආවා ඒ සතුටට …මෙච්චර වෙලා මන් බලන්න බයේ හිටිය විභූගේ අත …

විභූ එයාගේ අතේ තියන මුද්ද මට පෙන්නලා එහෙම කිව්වම මගේ පපුවේ තිබ්බ ලොකුම බරක් නිදහස් වෙලා ගියා වගේ ලොකු හුස්මක් පිට වුනේ මගේ දෑස් පියවෙද්දී ..දෙයියනේ ඇත්තටම මට ඒක දැනුන ලොකුම සතුට, මන් මෙච්චර දවසක් පිච්චි පිච්චී ජීවත් උනේ මේ නිසා නෙමේද ….

”හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙට උත්තර ලැබුනද සුදු නෝනා ….”

මන් ඇස් අරිනවත් එක්කමයී විභූ එහෙම ඇහුවේ …

ඇත්තටම ඔව් … මගේ හිතට බරක් උනේ ඒක … විභූ බැදපු කෙනෙක් නම් ..ඇත්තටම මන් කොහොමද විභූව හිත හදාගෙන අතාරින්නේ..ඒ නැතත් තවත් ගෑනියෙක්ට දුකක් දෙන්නේ කොහොමද …. මන් එහමම මූන දිගේ යන්න නොදී උනපු කදුලු වැටෙන්න කලින් පිහ දැම්මා …
මගේ ඇස් වලට කදුලු පිරුනෙ සතුටට කියලා මන් දන්නවා උනත් මට විභූ ඉස්සරහා අඩන්න ඕන උනේ නෑ …. ….

”හැබැයී ආයෙම උබ එක්ක මට හනීමූන් යන්න ඕනේ …. ”

විභූ මගේ මූන දිහා බලන් එහෙම කිව්වම මට දුක හිතුනා ඊටත් වඩා ලැජ්ජාවක් …

”මේකිගේ ලැජ්ජාව … මගේ කට හොද නෑ සුදූ ඒ නිසා වැඩිය ඔහොම බලන්න එපා …”

විභූ මට දුන්නේ අණක් වගේ

හෙට මන් උබව තවත් ඈතට අරන් යනවා …කවුරුත් නැති පැත්තකට … නිදහසේ කතාකරමූ ….මට කියන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාට ….

අනේ මට විභූගේ වචන වලට කෑගහලා අඩන්න හිතුනා …

මට සෙව් ට කියන්න් ඕනේ මේ හැමදේම … මට කෑගහලා කියන්න ඕනේ … විභූ මට ගොඩක් ආදරෙයී කියලා කියන්න ඕනේ …

”…. මොනාද කල්පනා කරන්නේ සුදු නෝන ,,…..”

මගෙන් සද්දයක් වත් නැති නිසා වෙන්නැති එහෙම අහන්න ඇත්තේ …

”සෙ….ව් …. ”

”හ්ම් කතාකරලා කියන්න …”

විභූ ඇද අයිනේ දාලා තිබ්බ එයාගේ ඇපල් වර්ගයේ ෆෝන් එක අරගෙන මගේ අතින් තිබ්බා …

එහෙමම සෙව්වන්දිගේ නම්බර් එක මතකෙන් ටයිප් කරද්දී පහලින් විභූ සේව් කරපු නම්බර් එක වැටුනේ … මන් හොරැහෙන් වගේ විභූ දිහා බලද්දී විභූ මන් දිහා බලලා හිනා උනා …

”මන් සෙව් ෆෝන් එක ආන්සර් කරනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ ….”

‘හෙ…ලෝ සර් …

එහා පැත්තෙන් ඇහුනේ මට පුරුදු සෙව් ගේ කටහඩ ….

අනේ දේදුවො … උබ හොදින් නේද …

ඔව් සෙව් …

කියපන්කෝ කෙල්ලේ …. මොකද මේ හදිස්සියේ …

විභූ මාව බදිනවා සෙව්

මන් කලබලෙන් වගේ කිව්වේ ..මට ඇත්තටම ඕනේ සෙව් ව බදාගෙන කෑගහලා කියන්න … .

”අනේ කෙල්ලේ …මට සතුටුයී ගොඩක් …. ”

”මන් දන්නවා සෙව් …හැමදාම මන් ලග ඉදලා හැම දුකක් ම වින්දේ උබ … ”

මට එතනින් එහාට වචනයක් වත් කියන්න බැරිඋනා …. …හැඩුම් ආව නිස විභූ මගේ අතින් ෆෝන් එක අරගෙන කට් කරලා මාව එයාගේ පපෞවට තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන් ….

විභූ මට මුකුත් කියන්නේ නැතිවම තව තවත් එයාට තුරුර්ල් කරගත්තා …

අදින් පස්සේ මටවත් විභූගෙන් ඈත් වෙලා ඉන්න බැරිවෙයී … මෙච්චර ආදරය දීලා මාව ආය තනි කරන්න එපා විභූ …

මන් හිතින්ම විභූගෙන් ආයාචනා කලේ …

ඊලග කොටසට ..

31 thoughts on “බඹර ඉසව්ව | 55 කොටස | නවකතාව”

  1. Dulanjali piumika

    ලස්සනයි අනේ… අදනම් ගොඩක් සතුටුයි දේදුනු විභුව කසාද බදිනවා කිවනේ… ???

  2. Rasikala Erandi

    Ane wibhu wisthare kiyanneth ne dedunu ahanneth nene appa.rahas tika denagannakan pissu wage matanam.kathwa lassnma lassanai.all the best.
    Daga pawle hemoma parissamin enna.budu saranai hemotama.

      1. අද නම් සස්සනයි අක්කියො . හෙට වෙඩින් කේක් කෑල්ලක් කන්න පුළුවන් .බලන්න ඔන්ලයින් වෙඩින් කේක් කන්නත් වෙලා මෙ සෙකට්‍රියාට .

  3. Nimashi Vindya

    Ammo athiyanthan vibu bandinwa deduwa. කොච්චර nam duk windada e denna depaththaka indan. Kathawa nam godak lassanai akke. Ada කට්ටිය adui neda.

  4. සෙසඳි

    නිරෝශා අක්කිගෙ අම්මට සනීප නෑලූ ටිකක්… ඉක්මණට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ… ??????

      1. නිරෝ ඔයාගෙ අම්මා ඉක්මනින් සනීප වෙයි…බුදු සරනයි ??????????????????

  5. නයෝ මධූ

    දැන්නම් කතාව මාරම ආදරණීයයි. මාරම ලස්සනයි. දවස් දෙකකට පස්සේ අද තමා කතා ඔක්කොම කියෙව්වේ. අපේ තාත්තා අසනීප වුනා. අද ටිකට් කපන් එක්කන් ආවේ. ඒකයි එන්න බැරි වුනේ.

    1. දැන් තාත්තට කොහොමද නයෝ….තාත්තට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ?????

    2. දැන් හොදද තාත්තාට. ඉක්මනින් සුව වෙන්න කියලා ප්රාර්තනා කරනවා.
      පරිස්සමින් ඉන්න
      බුදු සරණයි

    3. සෙසඳි

      දැන් තාත්තාට කොහොමද නයෝ? හොඳටම සනීප වෙන්න කියලා පතනවා… ???? පරිස්සමෙන් ඉන්න කියන්න බුදුසරණයි

  6. ගොඩාක් ලස්සනයි කතාව.
    කරන කියන හිතන පතන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනවා.
    පරිස්සමින් ඉන්න
    බුදු සරණයි

  7. Chamodya Madusanki

    කතාව ගොඩ ගොඩ ගොඩාක් ලස්සනයි අක්කියෝ….
    බුදුසරණයි අක්කියො ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.