Katha Ahura

? ගිනි කිරිල්ලී | විසි හතරවෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

විසිහතර වන පියාපත…

————————————————————————————————————————————-

ම්ම්ම්ම්ම්ම්ම්ම්… අදවත් හොඳ ළමයෙක් වෙන්න ඕනි.. එහෙම හිතලා මං ඉඳි ආප්ප ටිකක් බෙදා ගත්තා..

කහ පාට හොඳ්දක් තිබ්බා… ඒකෙනුත් ගොඩක් දාගත්තා..

දැං තමයි යුද්දේ..!!! මේ ටික කන්නත් එපැයි..

මං හෙමින් හෙමින් කන්න ගත්තා.. දොර දිහා බලාගෙනම.. ශේශ් එනවද කියලා බෙල්ල හරවා හරවා බලලාම මගේ බෙල්ලත් රිදෙනවා..

ම්ම්ම්ම්ම්ම් ඒත් තාම නෑ..

අර ඇපරල් ලොක්කා.. ලොකූ කයියක් වෙන්න ඇති..

බඩ පිරෙන්නකම් කාලා පිඟාන උස්සන් ගිහින් අතත් සෝද ගත්තා..

හෙමින් හෙමින් අඩි තිය තිය සාලෙට මං ගියා..

සාලේ කවුද ටයි, කෝට් දාන් වාඩි වෙලා ඉන්නවා.. හැබැයි පුතේ ශේශ් නම් ඉන්නේ කේන්තියෙන් වගේ..

වහා ඇවිළෙන සුළුයි…

ඒ මනුස්සයා හිටියේ මං ඉන්න පැත්තට තට්ටෙ හරවලා..

ඒ හින්දා මං බය නැතුව ශේශ්ට ඇහැක් ගැහුවා..

හීහිහිහිහී… පව් අනේ…!! ශේශ් හොල්මන් වුණා වගේ.. මෙන්න මෙයා මට රවනවා..

එව්වා කොහෙද මාත් එක්ක.. මං එයාටත් වඩා රවලා ඊළඟ ගිනි බෝම්බේ පිපිරෙන්න කලින් කාමරේට දිව්වා…

ශේශ් එහෙම්මම කොහෙද ගියා.. පව් අප්පා.. ඇපරල් කාරයා හින්දා ශේශ්ට කන්න වුණෙත් නෑ..

මට නම් ආයේ ගමකට පාළුයි..

කොහෙද මට බලන්න ෆිල්ම් එකක්වත් නෑ.. ටීවී එක නම් ගන්න දෙයක් නෑ..

මං ඔහේ කැරකි කැරකි ඉදලා ගියේ ශේශ්ගේ කාමරේට..

මෙන්න බොලේ අර චිත්‍ර පොත.. මේ මල පොත හින්දා තමයි ශේශ් මාව කන්න හැදුවේ..

මට කොච්චර නපුරු වුණාද එයා..? නපුරු මිනිහා කියන්නේ නිකම්ද මං..??

මේසේ උඩ තිබ්බ චිත්‍ර පොත මං නිකමට වගේ පෙරළුවා.. එදා බලන්නත් බැරි වුණානේ..

ම්ම්ම්ම්ම්ම්ම්… කෝටු ගැණු ළමයෙකුයි, කෝටු පිරිමි ළමයෙකුයි.. ශී කැත..

පාට කරලත් නෑ හරියට..

මං ඊළඟ පිටුව හරවද්දිම ශේශ්ගේ වාහනේ සද්දේ ඇහුණා…

අම්මෝ.. අදත් මේක මගේ අතේ තියනවා දැක්කොත් අදත් මට බනී..

පොත මේසේ උඩින්ම තියලා මං බැල්කනියට දිව්වා..

“ගිනී.. ඇදුමක් දාගන්න.. ගමනක් යන්න ඕනි..”

ශේශ් නිකන් අහසින් වැට්ටා වගේ.. ළඟට එනවා වත් දැක්කේ නෑ..

තවත් විනාඩි විස්සකින් මමයි, ශේශුයි , දීපකුයි ශේශ්ගේ කාර් එකට නැග්ගා..

“අපි යන්නේ ට්‍රිප් එකක්ද..?? ඒත් ඇයි මෙයා එක්කන් යන්නේ..”

මං දීපක්ව පෙන්නලා ඇහුවා..

ශේශ් වාහනේට නැග්ග වෙලේ ඉඳන්ම ඔහේ කල්පනා කරනවා.. මට උත්තර දුන්නෙත් නෑ..

මේ වෙලාවට තමයි නපුරු මිනිහගේ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙන්නේ..

ශේශ්ටත් රවලා මං අහක බලා ගත්තා..

“ගිනි..”

“ම්ම්ම්ම්ම්ම්”

“මේ බලනවා..”

ෆිල්ම් එකක්ද දන්නේ නෑ.. මං ශේශ් දිහා බලද්දි එයා මං දිහා බලන් ඉන්නවා මාව කෙලින්ම ගිලින්න වගේ.

“ඇයි..??”

කෝකටත් කියලා ඔලුව ටිකක් පස්සට අරන් මං ශෙශ්ගේ ඇහුවා..

“ඔයා හොඳ ළමයෙක් නේද..??”

ඔව්.. ඔව්.. ඔව්.. හොඳම ළමයා මම…

මෙයා මොනවා හරි අරන් දෙන්නද දන්නේ නෑ මෙහෙම අහන්නේ….???

“ඔව්නේ.. මමනේ හොඳ…ම ළමයා.. නේද දීපක්..??”

දීපක්ට ඇහුනේ නෑ වගේ ඉන්න හැටි..

“දැං අපි යන්නේ මගේ යාලුවෙක් ළඟට.. එයා ඩොක්ටර් කෙනෙක්.. ඔයා හොඳ ළමයෙක් වගේ ඉන්න ඕන.. ”

“ඔයාගෙන් ප්‍රශ්න අහයි.. කතා කරයි.. ඔක්කෝටම උත්තර දීලා හොඳ ළමයෙක් වගේ ඉන්න ඕන.. ”

මොකක්…??

අනේ…!!!

“මට බෑ.. එයා හරි නපුරුයි.. අපේ අම්මා එයාට බැන්නා ගොඩක්.. මාව ඇද්දා කියලා.. මට බෑ යන්න.. මං යන්නේ නෑ.. මට බෑ..”

මං හයියෙන් කෑගැහුවා..

“එයා හරියට මට රිද්දුවා.. මට බෑ.. මට බෑමයි.. අම්මා ඕන මට.. මට බෑ බෑමයියි…”

ශේශ් මගේ උරහිස් වලින් අල්ලන් මාව හෙලෙව්වා…

“කට.. කට ගිනී.. කට වහන්නකෝ..”

“අපි ගිහින් බලමු..”

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….

“හරි..”

“හැබැයි මෙයත් මට රිද්දන්න ආවොත් මං එයාගේ බෙල්ල මිරිකනවා…”

ඇත්තම කිව්වොත් ශේශ් ඉන්න හින්දා මට බය වෙන්න දේකුත් නෑ..

ශේශ් කියපු තැනට අපි ආවා.. මේක ක්ලිනික් එකක් වගේ…

මං හෙමින් බැහැලා ශේශ්ගේ පස්සෙන් ගියා.. දීපක් නම් වාහනේ හිටියා..

ඇතුළේ කවුරුත් හිටියේ නෑ.. මං කෝකටත් කියලා ශේශ්ගේ අත අල්ලා ගත්තා..

අපි ඇතුළටම ගියා..

“ශේශ්… මෙයා ඩොක්ටර් කෙනෙක්ද ?? කොල්ලෙක්ද..???”

මං ශේශ්ගේ කනට කරලා කියද්දි ශේශ් මට රැව්වා රැවිල්ලක්.. මාව ගිනි ගන්නම..

ඩොක්ටර් කොල්ලා නම් ලස්සට හිනා වුණා මාත් එක්ක..

මං වාඩි වුණත් ශේශ්ගේ අත නම් අල්ලගෙනමයි හිටියේ..

“ඔයාගේ නම මොකක්ද..??”

“මෙයාගේ නම ශේශ්…”

මං පැනපු ගමන් කිව්වා..

“මං ඇහුවේ ඔයාගේ නම..??”

මගේ නම මොකක්ද කියලා මෙයාට මොනාටද..?? ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කමක් නෑ.. ඔන්න ඔහේ කියමු..

“මං ගිනී… අම්මගේ පිනී…”

තවත් මෝඩ ප්‍රශ්න ගොඩක් ඇහුවා.. ඒත් ඉතින් අවුලක් නෑ වගේ..

ආයේ දවසක් අපිට දීලා අපිව ගෙදර එව්වා..

“ශේශ්… අහන්නකෝ…”

“ඔයාට හොඳටම ශුවර්ද ඩොක්ටර් කොල්ලා ඩොක්ටර් කෙනෙක් කියලා..?”

“ඇයි..??”

“එයා ගාව අර නලාව තිබ්බේ නෑනේ ශේශ්.. ”

ඒකට නම් ශේශ් හිනා වුණා..

“හැම ඩොකටර්ම ඕක බෙල්ලේ එල්ලන් ඉන්නේ නෑ..”

ඒකත් එහෙමද..??

අපි මඟදි එද්දි ලොකූ අයිස් ක්‍රීම් දෙකක් කෑවා.. මට තව එකක් ඉල්ලන්නත් හිතුණා.

ඒ පාර ශේශ් හිතුවොත් මං පෙරේත කෙල්ලෙක් කියලා. එහෙම හිතලයි අයිස් ක්‍රීම් දෙකෙන් නැවතුනේ..

ගෙදරට ආපු ගමන් මං ගියේ කාමරේට.. මට දාඩිට දාලා හොඳටම.. නාන්න ඕනී..

“ගිනී…”

“ගිනී…”

ශේශ් පහළින් කෑ ගහනවා.. ඒ මොකද අනේ ඒ..??

ගෙදර ආපු ගමන් නාන්නත් නෑ..

මං පහළට යද්දි සාලේ කවුද තුන් දෙනෙක් ශේශ් එක්ක කතා කර කර ඉන්නවා… එක් කෙනෙක් නම් දැකලා පුරුදුයි..

කවුද කියලා මතක නෑ..

හැබැයි ශේශ් නම් ඉන්නේ ලොකු තරහකින් වගේ..

“ඇයි ශේශ්.. ???”

—————————————————————————————–

හැමදාමත් ආදරෙයි පැලෙන්න.. මාත් එක්කම ඉන්න.

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!!

13 thoughts on “? ගිනි කිරිල්ලී | විසි හතරවෙනි කොටස | නවකතා”

  1. Dulanjali piumika

    අදත් කතාව මාරම ලස්සනයි අක්කි… අර ඩොක්ටර් ගිනිව හොද කරයිද දන්නැ.. ගිනි ඩොක්ටර්ට කොල්ලා කියද්දී නම් ශේශ්ට තරහ ගියා.. ??? කොල්ලා කැමති නැ ගිනි වෙන කොල්ලො ගැන හිතනවට…
    කියවන්න ආස හිතෙන කතාවක් අක්කි… හැමදාම දානකල් බලන් ඉන්න කතාවක් මේක…
    ???

  2. කතාව ලස්සනයි අක්කියෝ ගොඩාක්. හැමදාම කතාව දෙන්න. කෝ මේ කස්ටිය?

    1. ඩොක්ට කොල්ලා ගීනී ව සනීප කරයි නේ. කතාව නම් ලස්සනයි අක්කියො

  3. නයෝ මධූ

    ශේශ් හදන්නේ ගිනීව සනීප කරගන්න වගේ නේද? එහෙම වුනොත් එයා කාගේ කව්ද කියලා හොයාගනී. ඒත් ශේශ් ගිනීට කැමතියි වගේ නේද? ලස්සන කතාවක් නංගියෝ.

  4. සෙසඳි

    මාධි මැණික …. ඔයා හොඳින් නේද? අවුරුදු උත්සවෙන් පස්සෙ දැක්කෙත් නෑ… කෝ ඔයා? පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ….
    කතාව ඉතිං සුපිරි… ගිනී නම් මාරයි අනේ….සෝ කියුට්…. ??????
    ඔයාගෙ කතාවල චරිත සුපිරි අනේ… නපුරන්ටත් ආදරෙ හිතෙනවා…. ??????????

    අපේ නපුරා කෝ…..? අර මේ දවස් වල ගම් පොජ්ජෙ හේන් කොටන්නෙ….

  5. Chamodya Madusanki

    කතාවනම් ගොඩ ගොඩාක් ලස්සනයි අක්කියෝ??
    බුදුසරණයි හැමෝටම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.