Katha Ahura

බඹර ඉසව්ව -70 කොටස (අවසානයට පෙර කොටස)

5/5 - (2 votes)

විභූ හයියෙන්ම ගුගුරලා එහෙම කිව්වම .. මගේ තුරුලේ හිටපු පුන්චි පුතා හයියෙන් අඩන්න ගත්තා . .

විභූගේ කෑගැහිල්ල නතර උනේ ඒ නිසා …
මෙච්චර කේන්ති ගන්න තරම් දෙයක් මන් ඇත්තටම කිව්වේ නෑ .. .
ඒත් මට දැනුන විදියට ..විභූට ඕන හැමදේම රහසක් කරන්න …

“කූ…..ල්….තේ…ජා…..”

නාරා අයියා .. විභූගේ පිටට තට්ටු කරලා එහෙම කිව්වම කොල්ලා එහෙමම ..දොර ඇරගෙන එලියට යන්න ගියා …

මට දැනුනේ දරාගන්න බැරි තරම් දුකක් … තවත් දුක් විදින්න බෑ මට ….
ඇත්තටම ….
මන් හිතුවේ මේ හැම ප්‍රශ්නම ඉවරයී කියලා .. .
මන් සද්ද නැතුව ම හිටියා …
නාරා අයියා කාමරේ තනි වෙද්ද්දී මට ඇත්තටම කතා කරගන්නවත් බැරිනුනා …

“ඕවා ගනන් ගන්න එපා නන්ගී …
දන්නවානේ එයාගේ හැටී….”

මගේ හිත්ව් හදන්නත් තේජව සාධාරණය කරන්නත් නාරා අයියා උත්සහ කලා …

“මන් දන්නවා අයියේ විභූ වැරද නෑ …
එයා හැමතැනදීම මාව ආරක්ශා කලා…
මට ඒත් එයා එක්ක නිදහසේ එක වචනයක් කතාකරන්න බැරිද අයියේ ….

ඇත්තටම මගේ හිතේ තිබ්බ ආසාව මන් නාරා අයියාට කිව්වේ ….

“මට තේරෙනවා නන්ගී… මනුස්සයා ට දුකයී … මන් දන්නේ නැද්ද …
තේජා සර් උනාට …
දැන් මගේ සහෝදරයා වගේ තමයී … ඒකත් නන්ගී හින්දා…”

නාරා අයියා මගේ හිස අතගාලා එහෙම කිව්වම මන් මගේ මූනේ පෙරුන කදුලු අතින් පිහ දැම්මා …

“දැන් සේනක ඉන්නේ හිරේ ….
නන්ගී …. ආය එයාගෙන් කරදරයක් වෙන්නේ නෑ…
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ … ”

“මට විභු ඉන්න නිසා බයක් නෑ අයියේ … මන් දන්නවා එයා කවුද කියලා … ”

“හ්ම්ම් එහෙනම් ඇති ….
සෙව් නන්ගිත් කිව්වා ..
සේනක ඔයාට සැලකුව හැටී …
ෆැක්ට්‍රී එකේම ගෑනු ලමයීට කරපු දේවල් …
මටත් ඒ මනුස්සයා ගෙන් ගන්න පලියක් තිබ්බා.. .ඒකට මන් ඕන වෙලාවෙදී ගත්තා …. නන්ගී”

මට මතක් උනේ .. සේනක .. සෙව් ට කරදර කරන්න ආව එක ගැන කෙල්ල කිව්ව හැටී …
ඇත්තටම සේනකට නීතියෙන් දඩුවම් දෙන්න ඕනීමයී ….
ආය කවදාවත් එලියට ඒමක් නැති වෙන්නම …

මගේ හිතේ තරහා එච්චර දරුණුවටම තිබ්බා …

“කවුද … මේ අර ශිරෝමි නන්ගී…. ”

“ඔව් අයියේ ..ශිරෝ..මී…. ඇයී මොකද … ”

“නෑ …
කෙල්ල පව් …
මට දුකයී .. අපිට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි උනා…
ඒ හැමදේටම වග කියන්න ඕන සේනක ..
ඒ පලිය ඒ මිනිහගෙන් සෝබාදහම ගනී නන්ගී … ”

“එතකොට අයියේ ..ඒ හැම්දෙම .. සේනකගේ වැඩක්ද අයියේ … ”

හ්ම්ම….

නාරා අයියා බැරෑරුම් විදියට .. කල්පනා කලේ …

“ඔව් නන්ගී… ඒ විතරක් නෙමේ .. ඒ මනුස්සයා ට ඕන කලේ .. නිවාසේ හිටපු .. හැමෝම ඒ තැනට ගන්න …. ඒක කරන්න ලැබුනේ නෑ .. .තේජා සර් ඒ ගැන හොයනවා කියලා මනුස්සය දැනගත්ත නිසා … ..”

“මොකද .. ඔයාට වෙන හැමදේම ..තේජා බලන් ඉද්දී .. මනුස්සයා හිතුවේ ..ඔයා ඒවා ඔක්කොම තේජාට කියනවා කියලානේ … ”

“ඒ නිසා නිවාසේ බලාගත්ත ඔයාලගේ ඇන්ටිව රවට්ටගත්තාට එයාලට හිතපු තරම් ලේසියෙන් ඒක කරගන්න පුලුවන් උනේ නෑ …..”

නාරා අයියා එහෙම කිව්වම .. මගේ හිත පිච්චුනා … නොදන්න කතා. . කොච්චරක් එක්ක .. අපි පරිස්සම් වෙලාද …
ඒ හැම කතාවෙම පිටිපසේ විභූ ආරක්ශකයෙක් වෙලා ඉදලා
විභූ මෙච්චර කේන්ති ගන්නේ එයාගේ හිතේ මොනා නමුත් ප්‍රශ්නය ක් තියෙනවා කියලා මට හිතුනා ….

මට ඉබේටම ..ලොකු හුස්මක් පහලට හෙලුනා …

“ආය එහෙම හිතුවක්කාර වෙන්නේ නැතුව ඉන්න ඕනී…
දන්නවානේ ..
ඔයාගේ ඉවසීම තමයී තේජාව .. කේන්ති නොගහ තියන්න පුලුවන් ….”

නාරා අයියා මට දුන්නේ අවවාදයක් ….

“හ්ම්ම්ම් හොදයී අයියේ …”

මන් නාරා අයියා කිව්ව දේ පිලිගත්තා …
ඇත්තටම .. විභූ වෙනුවෙන් මට ඉවසන්න බැරි කමක් නෑ කියලා .. මන් දන්නවා…
අපේ දරුවා වෙනුවෙන් .. විභූ වෙනුවෙන් .. මට. කරන්න පුලුවන් එකම දේ ඒක කියලා මන් තදින් හිතාගත්තා …

❤️

ජනේලෙන් .. ඇතුලට වැටෙන හිරු එලිය.. හරි කෙලින්ම කාමරේට වැටිලා …
රෑට .. අහස දිහා බලන් ඉන්න එක පුරුද්දක් කරන් ඉන්න විභූ ..ජනේලේ විවුර්ත කරලාම නිදගෙන ..
ඇත්තටම මාත් ඒකට කැමතී…

පාන්දරම එන සීතල සුලග .. කාමරේ ජනෙල් තිරය එහෙමෙහෙ අරගෙන ගියා ..
මගේ බද හරහා වැටු ගොරෝසු අත ..
තවමත් විභූ සුව නින්දක බව මට ඇගෙව්වා …

ලොකු කාලෙකින් .. විභූ මෙහෙම නිදාගන්නවා මන් දැක්කේ …
හොස්පිට්ල් එකේ ඉදලා ගෙදර ආපු දවසේ ඉදන් විභූ. මන් ලගම ඉන්න. හැමවෙලේම හැදුවා කියලා මට තේරුනා …

ඒත් එයා හැමවෙලේම උත්සහ කලේ අතීත කතා ඔක්කොම අමතක කරලා දාන්න කියලා මන් හිතුවා …
ඇත්තටම ඒ හැම කතාවම අමතක කල යුතු කතා තමයී …

“බබා. ..”

විභූ මෙච්චර වෙලා ඇහැරිලාද හිටියේ …
මන් හිතුවේ තද නින්දක කියලා …

“විභූ…. ඔයා ඇහැරිලා … ද …”

“හ්ම්….”

“කොච්චර වෙලාද .. මහත්තයා ..”

“පැයක්…”

“එච්චර වෙලා …”

“කපටියා…”

“හ්ම් එහෙම නොවී බෑනේ .. .”

විභූ එහෙම කියලා මාව පෙරල ගත්තේ .. ඇදේ විභූගේ ශරීරයට මාව යට වෙන විදියට ….

“අහ්හ්හ්…ව්…”

මන් විභූගෙන් ඈත් වෙන්න හදද්දීම පුතා අඩන්න ගත්ත නිසා .මන් පුතාව කෝට් එකෙන් ගන්න කියලා හිතාගෙන ඇදෙන් නැගිටින්න හදනකොට .. විභූ මාව ඇදලා එයා ලගට ගත්තා …

“පුතා ..නිසා … බේ..රුනේ …”

මගේ කනට කරලා .. එහෙම කියලා .. එහෙමම ..මගේ කම්මුල සිපගත්තේ මට හිතන්නවත් වෙලාවක් නොතියා …

“මෝඩයා…”

මන් ඔච්චමට වගේ විභූට එහෙම කියලා ඇදෙන් නැගිටලා පුතාව දෝතට ගත්තා…

මගේ ජීව්තේ වෙනස් කරපු කෙනා .. මට වාසනාව ගෙනාව කෙන ..මගෙ පුතා වගේම .. මගේ මහත්තයා …

මන් .. කෙලවරක් නැතුව අඩන පුතුට .. එක පියයුරක් මුවට ලං කරද්දීම පුතාගේ ඇඩිල්ල නතර උනා…
මන් පුතාවත් වඩාගෙනම ඇදෙන් වාඩිවෙලා ..ඇදේ විට්ටමට හේතුවෙලා දෑස්පියාගනිද්දීම ..
විභූ මාව තුරුල් කරගෙන .එයාගේ පපුවට .. හේත්තු කරගත්තා ..

“ඔච්චර හිතන්න එපා .. බබා…”

මාව තේරුම් අරගෙන වගේ එහෙම කිව්ව්ම .. මන් සද්දයක් වත් නැතුව ..විභූට තව තවත් තුරුල් උනා …
මට විභූ ගැන දැනුනේ ආඩම්බරයක් ..
හොස්පිට්ල් එකෙන් ආව දවසේ ඉදන් තවම විභූ එලියට .. ගියේ නෑ … හේතුවක් දන්නේ නැති උනත් .. විභූ ඔෆිස් එකටවත් නොයා හිටපු එක මට හිතට සහනයක්…

ඒ වෙනුවට තාත්තා ෆැක්ට්‍රී එකට විභූ නැති දවස් ටිකේම වගේම පොඩි කාලයකට තාත්තා බලන්නම් කිව්ව නිසා ඒක විභූටත් ලොකු අස් වැසිල්ලක් වෙන්නැතී…

..”දේදූ…”

“හ්ම්ම්…”

“කැමතිද මන් හැමදාම මෙහෙම ලගින් ඉන්නවට … ”

විභූ එකපාරම අහපු දේට .. මට හිතාගන්න බැරි සතුටක් දැනුනේ …

“මහත්තයා .. ඇත්තටම ද ඔය අහන්නේ ..”

“හ්ම්ම්.. ඇයී .. .එපාද …”

“අනේ .. විභූ මන් එපා කියනවාද .. අනේ මන් කොච්චර ආසද. අනේ මන්ලගටම වෙලා ඉන්න ….”

මන් ඇත්තටම මගේ හිතේ තිබ්බ ඇත්තෙම දේ විභුට කිව්වා..
මටත් ඕන .. ආය කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න .. මගේ දරුවට වගේම මටත් .. විභූගේ ආදරය ඕන …
මන් .. විභූගේ බෙල්ලෙ බදාගෙන .. දෙතොල් සිපගත්තේ ගොඩක් ආදරෙන්….

ඊලග කොටසට ….

හ්ම්ම් මොකද හිතෙන්නේ …
කතාව ගැන අදහසක් කියාගෙන යන්න ..

14 thoughts on “බඹර ඉසව්ව -70 කොටස (අවසානයට පෙර කොටස)”

        1. ..Sandashen..

          මෙ ලොකු හිටපු ගමන් එනවා අයේ ටික දවසක් අතුරුදහන් වෙනවා හරියට නිකන් හොල්මන් වගේ….ලොකු සෝරී හෝදේ මේහෙම කිවුවට….???????????

  1. ..Sandashen..

    කතව ඉවර කරන්නද හදන්නේ අයියෝ …..????? ප්‍රශ්න ඔක්කොම ඉවරයි දැන්නම් දේදූ සතුටින් …?????????????

  2. Chamodya Madusanki

    කතාවනම් ගොඩක් ලස්සනයි අක්කියො..
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  3. Ane katawa iwara wenvda ?? aiyo katawa nm adat lassanai akki hetin iwara nisa dukai itin
    Parissamin inna akkiyo budu saranai ❤❤❤❤❤❤❤❤hetin katawa iwara unma alut katawakin enna akkiyoo ????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.