Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් තුන්වෙනි කොටස | නවකතා

4/5 - (2 votes)

හතළිස් තුන්වන පියාපත..

————————————————————————————————————————————–

දෙපාරක් තුන් පාරක් ඇස් පිහාටු ගසලා ඇස් අරිද්දි දැක්කේ මං දිහාවට කෑම පාර්සලයක් දික් කරන් ඉන්න තරමක් වියපත් ගැහැණියක්…

මං කිසිම හැඟීමක් නැතුව ඔහේ බලන් හිටියා..

“ඔය ළමයා කවුද..??”

ඒ ගෑනු කෙනා මං දිහා බලා ගෙන මගේ පඩියෙන්ම වාඩි වුණා..

එයා ඇඳන් හිටියේ හොඳටම පරණ වෙච්ච චීත්ත ගවුමක්.. මූණ කලුවෙලා.. කොණ්ඩෙත් අවුල් වෙලා..

“මොකෝ.. කාත් කවුරුත් නැද්ද..??”

කහ පාට දත් පෙන්නලා ඒ ගෑනු කෙනා මගෙන් ඇහුවා..

ඇත්ත.. දැන් කවුරුත් නෑ තමයි මට.. ශේශ් විතරයි මට හිටියේ.. එයත් දැං අතුරුදහන් වෙලා..

මං හෙමීට ඔලුව වැනුවා..

“මටත් කවුරුවත් නෑ බං..”

“එහෙමෙයි කියලා මැරෙන්නයෑ.. ජීවත් වෙන්න එපයි.. මං මේ කෝවිලේ තමයි හිඟා කන්නේ.. එහෙම හරි ජීවත් වෙන්න එපයි..””

“කෙල්ලේ උඹට බඩගිනිද..??”

“මෙන්න මේක ලිහන් කාපන්”

මං බඩගිනි නෑ කියන්න වගේ ඔලුව වැනුවා..

“උඹට කතා කරන්න බැරිද කෙල්ලේ..?”

මං කිසිම දෙයක් නොකියා ඔහේ හිටියා..

ලොකු සුසුමක් හෙළලා ඒ ගෑනු කෙනා මං දිහා බලන් හිටියා..

“උඹට පුළුවන් මාත් එක්ක ඉන්න.. හැබැයි ඉතින් හිඟා කන්න තමයි වෙන්නේ..”

දෙයියනේ…!! හිඟන කන එකද මගේ දෛවය…

මං මුකුත් නොකිය ඔහේ හිටියා.

ඒ ඇරෙන්න මං මොනවා කරන්නද..??

මං ශේශ්ව හොයා ගන්න ඕනි.. එයාට මොකද වුණේ කියලා මං කොහොම හරි හොයා ගන්න ඕනි..

ඒත් මං කොහොමද..??

ප්‍රශ්න ගොඩක් එක්ක මං ජීවිතේ ඉස්සරහ අසරන වෙලා..

“වරෙන් මාත් එක්ක..”

ඒ ගෑනු කෙනා මාව ටැප් එක ගාවට එක්කන් ගිහින් මගේ මූණ සේදුවා…

“උඹ කැමතිද..??”

මොකක්ද මං දෙන්න ඕන උත්තරේ..

ඒත් මට එකපාරම හිතුණේ.. හිඟන්නියෙක් දිහා කාගෙවත් අවධානයක් යොමු වෙන්නේ නෑ.. ඒ හින්දා මට ශේශ් ගැන හොයන්න පහසු වෙයි.. ලේසි වෙයි.

ඒත්.. ඒත්.. ශේශ් දැන ගත්තොත්…??

එයා දැන ගත්තත් මොනවා කියලා කරන්නද මං..??

“එහෙනම් වරෙන් යන්න සුමන අයියා ගාවට..”

“මං කියන්නම් උඹ මගේ නෑ වෙන දුවෙක් කියලා.. හැබැයි කෙල්ලේ ඔළුව නම් උස්සලා බලන්න එපා.. බිම බලා ගෙන හිටපන්..”

“නාකියා වුණත් මිනිහා කුකුළා..”

මං ඔලුව වැනුවා..

ඒ ගෑනු කෙනා පස්සේ මං හෙමින් ඇවිදන් ගියා..

මට හිතුන විදියට මං මේ දැං ඉන්නේ ශේශ්ගේ බල ප්‍රදේශේ නෙවෙයි වගේ..

කවුද මේ සුමන අයියා. ??

අපි ගියේ පරන බඩු එකතු කරන තැනකට.. හැමතැනම දිහා ගියපු යකඩ කෑලී..

අතරින් පතර මරුමූස්ස් පෙනුමක් තිබ්බ හය්ය හතරේ පිරිමි හිටියා.. එයාලා මෙතන බලා ගන්නවා ඇති..

“ආ.. මැගියෝ.. උඹ පරක්කුයිනේ.. මං මේ එකෙක් එවන්න හැදුවේ කෝවිල පැත්තට..”

සුදු සරමක් ඇඳ ගත්තු වයසක කෙනෙක් වැල් පුටුවක වාඩි වෙලා හිටියා..

මිනිහා වෙන්න ඇති සුමන අයියා..

“මගේ නෑ වෙච්ච දුවෙක් ආවනේ සුමන අයියා.. කෙල්ලට කතා කරන්න බෑ.. පොඩ්ඩක් මෙව්වා ගතියකුත් තියෙයි..”

“මේකිටත් දැං ඉන්න තැනක් නෑ.. මං කිව්වා මාත් එක්කම මං කරන රස්සාවම කරමු කියලා.. සුමන අයියා කැමති නම්..”

හරිම බයාදු විදියට අර ගෑණු කෙනා කිව්වා..

අතේ රත්තරන් මුදු හතරක් දාන් හිටපු සුමන අයියා මගේ උඩ ඉඳන් පහලට දෙතුන් පාරක් බැලුවා..

මං බිම බලා ගෙනම හිටියා..

මට මෙයාව මතකයි වගේ..

ඔව්.. දවසක් ශේශ්ව හම්බෙන්න මෙයා ආවා.. මං හිටියේ බැලකනියේ..

“හ්ම්ම්ම්… හැබැයි මට දෙගුනයක් ලැබෙන්න ඕනී..”

“හා හා සුමන අයියා..”

මැගි ඇන්ටි නම් එහෙම කිව්වේ සතුටින්.. මට නම් ඒකට හේතුවක් හිතා ගන්න බැරි වුණා..

“සුමන අයියා.. නරක ආරංචියක්..”

“බොස්ගේ ගෙදර මිනීමැරුමක් වෙලා.. අන්න පොලිසියෙන් මුලු ගෙදරම පිරිලලු..”

ශේශ්…!! ඔව්.. ශේශ්ගේ ගෙදර.. එහේ තමයි මිනීමැරුමක් වුණේ..

නැන්දා තමයි මැරුනේ.. එතකොට දීපක්.. එයත් මැරෙන්න ඇති..

එහෙනම් ශේශ් ඇවිත් ඇති..

“හා.. උඹලා පලයල්ලා..”

මට එතනින් එහා කිසිම දෙයක් දැන ගන්න වුණේ නෑ.. මැටි ඇන්ටි මාව එතනින් එක්කන් ආවා..

ශේශ්ගේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා නම් තත්වේ බරපතලයි..

ශේශ් ඔයා හොඳින් නම් මට ඒ ඇතී..

මට මැවී මැවී පෙනුනේ ශේශ්ගේ මූණ..

පපුවේ පැත්තක් සීතල වෙලා යද්දි ඒ ගැන නොහිතා ඉන්න මං හිත හදා ගත්තා..

මැගී ඇන්ටි මාව එක්කන් ගියේ මුඩුක්කුවකට.. ලොකූ කුණු ඇළකින් පැනලා රේල් පාරෙන් එහා පැත්තේ පොඩි අඩි පාරකින් අපි ටික දුරක් ගියා..

පොඩි පොඩි කාමර වගේ ගෙවල් මහ ගොඩයි.. නිකම් වෙනම ලෝකයක් වගේ..

පාර දිගට බීගත්තු එවුන්.. මැගී ඇන්ටි උන්ටත් බැන බැන ඉස්සරහට යනවා..

පාර අයියේ තිබ්බ පොඩි පෙති කඩයක්ඩ ඇන්ටි පාන් ගෙඩියක් ගත්තා..

“සම්බලක් එක්ක හරි කමු.. අර බත් එක කන්න ප්‍රියක් නෑ බන්..”

මං වට පිට බැලුවේ ලොකු පුදුමයකින්. මොකද කවදාවත් මං මේවා දැකලා නෑ..

පොඩි පොඩි ළමයි තාමත් පාරේ.. යන්තම් කලිසමක් විතරක් ඇඳ ගත්තු..

“නොදෝකින්.. මූන්ට බෑනේ රස්සාවක් කරලා කීයක් හරි හම්බ කර ගන්න.. යනවා මෙතන ඇඟ විකුනන්න..”

ඇන්ටි තාමත් මිනිස්සුන්ට බනිනවා..

අන්තිමේ අපි නතර වුණේ ඉටිකොළ, කාඩ්බෝඩ් ගහපු වලින් යන්තම් වටේ වහලා තිබ්බ පොඩි කාමරයක් ගාව..

“මේක තමයි කෙල්ලේ මගේ ගෙදර.. උඹටත් මං එක්ක මෙහේ ඉන්න පුළුවන්..”

මට මතක් වුණේ ශේශ්ගේ ගෙදර.. මං එහේ ගියපු දෙවෙනි දවසේ පරන ගෙයක් කියලා කොයි තරම් මං ශේශ්ට අරවා මේවා කිව්වද..??

ඒත් අද මං…??

මේකට වෙන්න ඇති කර්මය කියලා කියන්නේ..

ලොකූ පවක් මං කරලා ඇති මෙහෙම විඳවන්න… ඇන්ටි කිව්වා හරි.. කොහොම හරි ජීවත් වෙන්නයි ඕන..

මේ හැමදේකටම පස්සේ ශේශ්ගේ මූණ අන්තිම පාරට දකින්න හරි..

ඇස් වලට අලුතින්ම කඳුලු උනද්දි හිත ගල් කරන් ඇන්ටි පස්සෙන් මං වත්තට ගියා..

ඔව් ගිනි.. මේක තමයි දැං උඹේ ජීවීතේ…

——————————————————————-

මෙතනින් එහාට… නෑ මං මුකුත්ම කියන්නේ නෑ..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!!

9 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් තුන්වෙනි කොටස | නවකතා”

  1. Mkda ane e ginita une etakota shesh ada shesh gana kiuwema nane ara thol rathu yakshani marila nm hdai ??
    Katawa nm lassanai akki issarahata mkda wenne kiyla nm hitha gnna ba kohomt madi akki wenasne ??????
    Budusaranai parissamin inna akkiyoo ?????????

  2. ..Sandashen..

    අයියෙ මේ මොනවාද වෙන්නෙ පොඩ්ඩක් තෙරුම් කරන්නකෝ…පවු අපේ ගීනී …..ගීනීට මෙහෙම වෙන්න ඇයි …..???????? කතව ගොඩක් ලස්සන?????????????

  3. අනේ මොකද මේ වෙන්නේ.කෝ අනේ ශෙශ් නාගයා.ගිනීට මෙහෙම වෙනකම් කොහේ ගිහින්ද??? හිතා ගන්න නම් බෑ පොඩ්ඩක්වත්

  4. නිෂා සශී ?

    අනේ අක්කී ගිනී පව් දුකයි මටනන්. කතාවනන් පට්ට ලස්සනයි ???????

  5. අනේ ගිනී පව්…. ඇත්තටම ශෙශ්ට මොකද උනේ…. කතාව ගොඩක් ලස්සනයි….❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.