Katha Ahura

බිදුනු පතිදම් | පලවෙන කොටස | කතා අහුර රචක

4.7/5 - (8 votes)

“කී දෙනෙක් එක්ක නිදාගෙනද උ/බ මන් ගාවට ආවේ….ආ කි/ය/ප/න්…”නුරාද් හයියෙන් එහෙම කියලා කෑ ගැහුවේ කවිගේ කෙස් වැටියෙන් අල්ලගෙන…

“අනේ මන් කාත් එක්කවත් හිටියේ නෑ මහත්තයො ඔයා දන්නවනෙ මන් ඔයාට විතරයි ආදරේ කරේ කියලා….”

“මාත් එහෙම තමයි හිතාගෙන හිටියේ එහෙම මටම ආදරේ කරානම් මේ රෙද්ද සුදුපාට වුනේ කොහොමද….මට ඇත්ත කි/ය/ප/න් කවි මාව තවත් යකෙක් කරගන්නේ නැතුව මන් හොදින් හිතින් කියන්නේ මට ඇත්ත කි/ය/ප/න්.”නුරාද් කිව්වේ කවිගේ කෙස් වැටියෙන් අල්ලගෙන ඇදට විසි කරන ගමන්.

“මන් ඔයාට ඇත්ත මහත්තයෝ මේ කියන්නේ…අනික මන් පනවගේ ආදරේ කරන මගෙ මහත්තයට ඇයි මන් බොරු කරන්නේ….”කවි කිව්වේ නුරාද් ගාවට ගිහින් අත් දෙකෙන් අල්ලගන්න ගමන්.

“මට තවත් ත/මු/සෙ/ගෙ/න් නිදහසට කාරනා ඕන නෑ…ත/මු/සෙ දැන්ම තීරනයක් ගන්නවා මෙහෙන් යනවද නැත්තම් මන්ම ත/මු/සෙ/ව මේ ගෙදරින් එලියට ඇදලා දාන්නද…විනාඩි පහක් දෙනවා ඒ විනාඩි පහ ඇතුලත තීරනයක් ඇරගෙන ඇවිත් මට කි/ය/ප/න්.

නුරාද් එහෙම කියලා පඩිපෙල බැහැලා යන්න ගියේ කවි අඩ අඩම ටයිල් පොලවේ නිදාගද්දි.අවුරුදු 6ක් ආදරේ කරපු නුරාද් එකම එක මොහොතකින් තමන්ව අවලංගු කාසියක් ගානට දැම්ම එක ගැන කවි හිටියේ වේදනාවෙන්.

“ඇයි නුරාද් ඔයාට මන් එකම එක පාරක් මන් කියන දේ අහන්න බැරිවුනේ…කමක් නෑ ඔයාගේ තීරනේ ඕකනම් මන් යනවා ආය මන් කවදාවත් ඔයාගේ ජීවිතේට එන්නේ නෑ.”කවි තමන්ටම එහෙම කියාගෙන අල්මාරිය ඇරලා ඇදුම් ටික ලෑස්ති කරගෙන පල්ලහාට එනකොට දැක්කේ නුරාද ඔලුවත් අල්ලගෙන ඉන්නවා.නුරාද් ගාවට දුවගෙන ගියපු කවි නුරාද්ගේ ඔලුවට අත තියද්දිම නුරාද් කවිගේ අත ගසලා දැම්මේ කේන්තියෙන් .

“ඔය ජරා අත් දෙකෙන් මාව අල්ලන්න හිතන්නවත් එපා…දැන් මට කියනවා ත/මුසේ මොකක්ද ගත්ත තීරනේ ත/මු/සෙ/ගේ තීරනේ මට කියනවා ඊට පස්සේ මන් මගේ තිරනෙ ත/මු/සෙ/ට කියන්නම් …”නුරාද් කිව්වේ බිම බලාගෙන ඉන්න කවි දිහා බලලා.කවි දිග හුස්මක් අරගෙන…

“මන් මේ ගෙදරින් යනවා නුරාද්…මට කියන්න තියෙන්නේ මන් ඔයාට කිසිම වැරැද්දක් කරේ නෑ කියලා.දවසක ඔයා ඇත්ත තේරුම්ගෙන මන් ලගට ආවත් මට ඔයාට සමාවක් දෙන්න බැරිවෙයි.”කවි එහෙම කියලා දුවගෙන ගියේ නුරාද් කවි යන දිහා කදුලු පිරුනු දෑසින් බලාගෙන ඉද්දි.

“ඇයි කවි ඇයි ඔයා මට මෙහෙම කරේ…මන් ඔයාට කොච්චර ආදරේ කරාද…ඔයා නිසා මන් මගෙ පවුලේ අයව අතඇරියා…ඒත් ඔයා මුල ඉදන්ම මට කරලා තියෙන්නේ බොරුව විතරයි.”නුරාද් එහෙම හිතලා කෝල් එකක් ගත්තේ විජේසිංහට.

“හෙලෝ විජේසිංහ මන් මේ නුරාද් කතා කරන්නේ මට ඕන කවිගෙන් ඩිවෝස් වෙන්න ඩිවෝස් පේපර්ස් ලෑස්ති කරලා මට කෝල් එකක් දෙන්න.”නුරාද් පෝන් එක කට් කරලා ස්ටූල් එක උඩට විසි කරේ වේදනාවෙන් .

*******************************************

“ඇති බන් ඇඩුවා…අනික උ/බ දැන් ආව වෙලාවේ ඉදන් අඩනවනේ…අනික උ/බ/ගේ මිනිහට රතු පැල්ලමක්ම ඕන වුනා.උ/බ හිතනවද ඌ උ/බ/ට අවංකව ආදරේ කරා කියලා නෑ බ/න් නෑ උ/බ/ට ආදරේ කරානම් ඌ මෙහෙම කරන්නේ නෑ.දැන් උ/බ හිතා හදාගනින්.උ/බ සතුටුවෙයන් ඌ වගේ එකෙක්ගෙන් ඈත් වෙන්න වුන එක ගැන .”නදී කිව්වේ ආපු වෙලේ ඉදන් අඩන කෙ/ල්/ල දිහා බලලා වේදනාවෙන් .

“මන් කොහොමද කවි එහෙම කරන්නේ අනික මන් එයාට ගොඩක් ගොඩාක් මගෙ පනටත් වඩා ආදරේ කරා .ඒත් එයා ඒ හැමදේම නැති කරලා දාලා යන්න ගියේ ලේ සලකුනකට.”කවි එහෙම කියලා හයියෙන් ඇඩුවේ පපුව වේදනාවෙන් ඇදුම් කද්දි.තමන්ගේ සැමියම මෙහෙම කරනවනම් කොහොමද බිරිදක් දරාගන්නේ කවිටත් ඒ වේදනාව දරාගන්න බැරිවුනා.

******************************************
පහුවදා කවී නැගිට්ටේ නදි තේ එකත් අරගෙන කවී ලගට එද්දි.කවි අමාරුවෙන් ඇස් දෙක ඇරලා බැලුවේ නදී දිහා.නදී දැක්කේ ඒ ඇස් අඩල අඩලම රතුවෙලා.

“උ/බ ඊයේ රෑත් ඇඩුවා නේද…”නදි එහෙම ඇහුවම කවී හෙමීට ඔලුව වැනුවේ ඔව් කියන්න වාගේ.

“මන් වෙන මොනවා කියලා කරන්නද නදී…මන් නිසා උ/බ/ට/ත් වදේ නේද…”කවී එහෙම කියද්දිම ඇහුනේ දොරේ බෙල් එක වැදෙන සද්දෙ.

උ/බ එහෙනම් තේ එක බීපන් මන් ගිහින් කවුද ආවේ කියලා බලලා එන්නම්.”නදී එහෙම කියලා යන්න ගියේ කවීගේ හිස අතගාලා.ටික වෙලාවකින් පස්සේ නදී ආවේ ලියුමක් අරගෙන.

“කවී උ/බේ නමට තියෙන්නේ “නදී එහෙම කියලා ලියුම කවීට දික් කරේ කවී කෝප්පේ මේසේ උඩින් තියලා ලියුම කඩලා බලද්දි දැකපු දේ නිසා කවීගේ දෑසට කදුලු ගලාගෙන එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.කවීගේ ඇස්වල කදුලු දැකපු නදී කවීගේ අතින් ලියුම ඇදලා බලද්දි දැක්කේ ඩිවෝස් පේපර්ස් .

“ඩිවෝස් පේපර්ස්…”නදී එහෙම කියනවත් එක්කම කවි නදීව බදාගෙන ඇඩුවේ නදී කවිගේ ඔලුව අතගාද්දි.

“උ/බ අඩන්න එපා…අනික උ/බ ගැන සත පහක විශ්වාසයක් නැති කෙනෙක් ගාව උ/බ තවත් ඉන්න ඕන නෑ.ඉක්මනට නුහාද්ගෙ ඩිවෝස් වෙන්න.මේක ඉක්මනට ඉවර කරගන්න එක උ/බ/ට/ම හොදයි.”නදී එහෙම කියනවත් එක්කම කවී අතින් කට වහගෙන දුවගෙන ගියේ වොශ් රූම් එකට.කව් වොශ් රූම් එකට දුවනවත් එක්කම නදීත් කවීගේ පස්සෙන්ම දිව්වේ කවීට එකපාරටම මොකද වුනේ කියලා හිතාගන්න බැරුව.වොශ් රූම් එකට ගියපු නදී දැක්කේ බිත්තිය අල්ලගෙන වමනේ කරන කෙ/ල්/ල/ව.

“ඇයි බන් මේ උ/බ මොකුත් අප්පිරියාවෙන් කෑවද…”නදී අහද්දි කවී කරේ නෑ කියලා ඔලුව හොලවපු එක.
කවී එකපාරටම යමක් මතක් වුනා වගේ…

“නදී එයා ඇවිත්වත්ද…”කවී කිව්වේ කදුලු පිරි දෑසින් බලලා කුසත් අල්ලගෙන.

“උ/බ කියන්නේ උ/බ ප්‍රෙග්නට් කියලද…කෝකටත් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමන්.ඒකරලා ඒකෙන් උ/බ/ට දරුවෙක් ලැබෙන්න කියලා කිව්වොත් උ/බ මාත් එක්කම යමන් නුහාද්ගේ ගෙදරට.දැන් ලෑස්ති වෙයන් ගිහින් මාත් ලෑස්ති වෙලා එන්නම් සරත් අයියගේ වීල් එකට මන් එන්න කියන්නම් .උ/බ ලැහැස්ති වෙයන්කෝ.”නදී එහෙම කියලා යන්න ගියාට පස්සේ කවිගේ කුසට ඉබේටම අත ගියේ මූනේ හිනාවක් ඇදෙද්දි.

“ඔයා ඇවිත්ද මගේ පුතේ…”කවී එහෙම කියල බෑග් එකෙන් ගවුමක් අරගෙන ලෑස්ති වෙලා එලියට එනකොටම නදීත් කාමරෙන් එලියට ආවේ එලියේ වීල් එකක් නතර කරන සද්දේ ඇහෙද්දි.

“සරත් අයියා ඇවිත්ද කොහෙදෝ…උ/බ ගිහින් වාඩිවෙයන් මන් දොර වහගෙන එන්නම්.”නදී කියද්දි කවී හෙමීට ගිහින් වීල් එකට නැග්ගේ සරත්ගේ මූනේ හිනාවක් ඇදෙද්දි.

“අපි යමු සරත් අයියා…”නදී කිව්වේ වීල් එකට නගින ගමන්.වීල් එක යන වේගේ වැඩි නිසාම කවී බැලුවේ නදී දිහා.කවීගේ බැල්ම තේරුම් ගත්ත නදී….

“අයියේ පොඩ්ඩක් හෙමීට යන්ද…”

“ආ හරි නංගි …ඇයි නංගිගේ යාලුවා ප්‍රෙග්නට්ද…”සරත් අහද්දි නදීට ඉබේටම බැලුනේ කවීගේ මූන දිහා.

*******************************************

?නැවතුමක්.?

අදහස් කියාගෙන යමු.

1 thought on “බිදුනු පතිදම් | පලවෙන කොටස | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.