Katha Ahura

හිතුවක්කාර ආදරී | 31 කොටස | නවකතාව

4.8/5 - (6 votes)

31 කොටස❤️❤

(අවසාන කොටස)

පසුගිය කොටසින් ,

“පුතේ ඔයාලගේ තාත්තා මුලින්ම නිලන්ති එක්ක සම්බන්ධයක් තිබ්බා එත් නිලන්ති ට පුතාලගේ සීයලා කැමති වෙලා නෑ. ඒකට හේතුව නිලන්ති ටිකක් සංකර කෙනෙක් නිසා ඇත්තම කිව්වොත් ඉතින් නිලන්ති කලින් යාලු වෙලා ඉදපු කෙනත් අතැරලා පුතාලගේ තාත්තා එක්ක සම්බන්ධ කමක් පටන් අරන් තියෙන්නෙත් පුතාලගෙ තාත්තගෙ සල්ලිවලට තියෙන කෑදර කමට”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“ඉතින් පුතාලගෙ සීයලා ඔය කාලෙ තමයි පුතාලගෙ තාත්තට පුතාලගේ අම්මව ප්‍රපෝස් කරලා තියෙන්නේ සීයාගෙයි ආච්චිගෙයි වචනෙට පිටුපාන්න බැරිකමට පුතාලගේ තාත්තා පුතාලගෙ අම්මව කසාද බැදලා”

“පුතාලගෙ අම්මා ඒ කාලෙ හරිම ලස්සනයි දුව වගේමයි හරි අහිංසක යි.ම් අම්මලගෙ තාත්තලගෙ කීමට බැන්දට මොකද පස්සෙ පුතාලගෙ තාත්තා අම්මට ආදරේ කරන්න පටන් අරන් පස්සෙ පස්සෙ නිලන්තිව මගඅරින්න ගත්තලු ඉතින් මේකට නිලන්ති ඉදලා තියෙන්නෙ පුතාලගේ අම්මා එක්ක කේන්තියෙන්”

“ඔය අතරෙ නිලන්තිගෙ ගෙදරින් බලකරාලු කසාදබදින්න ඒ නිසා නිලන්ති එයාගෙ මස්සිනාව බැදලා අවුරුදු හයකින් නිලන්තිගේ මහත්තයා නැතිවෙලා තියෙන්නෙ ඇක්සිඩන්ට් එකකින් එතකොට පුතාලගෙ අම්මට මේ දුවව හම්බෙන්න ඔය අතරෙ තමයි නිලන්ති ට අහම්බෙන් ආපහු පුතාලගෙ තාත්තව මුනගැහෙන්නෙ නීලන්ති ආපහු පුතාලගෙ තාත්තට ලංවෙන්න උත්සහකරලත් පුතාලගෙ අම්මා නිසා ඒක කරගන්න බැරිවෙලා”

“ඔය අතරෙ පුතාලගෙ තාත්තා රටින් පීටගිය වෙලාවක පුතාලගෙ අම්මට අමාරුවෙලා හොස්පිට්ල් ගෙනියද්දි ඒ වාහනේ ඇක්සිඩන්ට් වෙනවා”

” ඒක කරන්නෙ නිලන්ති ඒ වෙලාවෙ එයා ඒ ඇක්සිඩන්ට් එකෙන් දුවයි අම්මයි දෙන්නම් මැරෙයි කියලා හිතුවත් නීලන්තිගෙ අවාසනාවට දුව බේරෙනවා”

“දුව දන්නවද ඩොක්ටර්ස්ලා දෙන්නගෙන් එක ජීවිතයි බේරගන්න වෙන්නෙ කියල කියද්දි දුවලගෙ අම්මා මට වැදලා කිව්වෙ මට දුවව බේරගන්න කියලා දුවගෙ අම්මා තමා මගේ හොදම යාලුවා ඒ වෙලාවෙ මට ඒ දේ කරන්නම උනා පුතේ”

එයාගෙ අම්ම සාරි පොටෙන් කදුලු පිසදාන ගමන් කිව්වෙ මගෙ ඇස් වලටත් කදුලු පිරෙද්දී

.
“පුතාලගෙ අම්මා නැතිවුනායින් පස්සෙ පුතාලගෙ තාත්තා හොදටම මානසිකව වැටුනා ඒකෙන් ප්‍රයෝජන ගත්ත නිලන්ති කලේ පුතාලගෙ තාත්තගෙ හිත හදන මුවාවෙන් ආයිත් පුතාලගෙ තාත්තට ලංවුන එක ඒත් පුතාලගේ තාත්තා එයාව බැන්දෙ නෑ”

“ඒකට හෙතුව වුනේ දුව මොකද පුතාලගෙ තාත්තා දූගෙන් දැක්කෙ පුතාලගෙ අම්මව ඒ නිසා තනිකමයි පුතාලගෙ අම්මගෙ මතක අමතක කරන්නයි නිලන්තිට ලං වුනාට කසාද බදින්න හදිස්සි වුනේ නෑ එ නිසා නිලන්ති දුවටතව තවත් වෛර කලා ඔය අතරෙ නිලන්ති කලේ පුතාලගෙ තාත්තගෙ ඔලුවට විස පුරවපු එක”

“සොහාන් පුතා ගයනි දුවව කසාද බැන්දාම  පුතා එක්ක කේන්තියට පුතාව අයින් කළාම නිලන්තිට පුතාලගේ තාත්තව බැදගන්නයි දේපළ ගන්නයි තිබ්බ එකම බාධාව දුව ඒ නිසා දුවව ඇක්සිඩන්ට් කරවනවා ඒ වෙද්දී ත් තරුලි විනෝද් පුතා එක්ක සම්බන්ධයක් පටන් අරන් ඔය දවස් වල තමා විනෝද් පුතා අතින් තරුලි ප්‍රෙග්නන්ට් වෙන්නෙ”

“මොකක්”

දන්නෙම නැතුව මගෙ කටින් පිටවුණේ මේ දැන් කියනකන් මං මේ කිසිදෙයක් දැනන් ඉදපු නැති නිසා

“ඔව් ඒත් දුව ඇක්සිඩන්ට් වුන දවසෙම තරුලි ගෙදර පඩිපෙලින් ලෙස්සලා වැටිලා ඒ දරුවා නැතිවෙනවා එදා විනෝද් දුවට පෙන්නලා තියෙන රිපොට්ස් ඔක්කොම තරුලිගෙ මේ දේවල් දැනගත්තොත් විනෝද් තරුලිව අතාඅරියි කියලා හිතල නිලන්ති දුවගෙයි තරුලිගෙයි රිපොට්ස් මාරු කරලා හොස්පිට්ල් එකේදි”

“ඔය අතරෙ තමයි කොහොමරි නිලන්ති පුතාලගේ තාත්තව බැදලා ඔය ගෙදරට එන්නෙ ටිකකාලෙකින් දුවත් රටගියානෙ ඒත් පුතාලාගෙ තාත්තා හැම මාසෙම දුවගෙ අකවුන්ට් වලට ලක්ෂ ගනන් සල්ලි දැම්මා වියදමට නිලන්ති ඒක නතර කරන්න හැදුවත් ඒක කරන්න වුනේ නෑ එයාට ඊටපස්සෙ ඉතින් දුව ලංකාවට ආපු දවසෙ ඉදන් වුන දේවල් දන්නවනේ”

“ඒත් ඇයි අපේ කසාදෙ ඉක්මන් කලේ”

මගෙ හිතේ තිබ්බ හැමප්‍රශ්නෙකටම උත්තර ලැබුණත් මං එහෙම ඇහැව්වෙ මේ  දේවල් එක්ක ඒකටත් සම්බන්ධයක් තියෙනවද බලන්න

“පුතාලගෙ තාත්තායි එහෙම කිව්වෙ ඒ වෙද්දී පුතාලගේ තාත්තා දැනගෙන පුතාලගෙ අම්මා ගෙ ඇක්සිඩන්ට් වගේ ම දුවගෙ ඇක්සිඩන්ට් එකත් නිලන්තිගෙ ප්ලෑන් එකක් කියල ආපු කෙන්තියට නිලන්තිව ගෙදරින් එලවලා ඒ නිසා ඒ වෙලාවෙම හැම දේපළක්ම පුතාලා දෙන්නගෙ නමට හරවලා”

“ඒ කේන්තියටම නිලන්ති දුවව මරන්න මිනිස්සු වගේකට කන්ට්‍රැක් එකක් දීලා එත් දුවට කරදරයක් කරන්න කලින් පොලිසිය ඉක්මන් වෙලා ඒ මිනිස්සු අල්ලගත්තත් ඒ වෙලාවෙ නිලන්ති පැනගෙන”

“ඒ නිසා තමයි පුතාලගෙ තාත්තා ඇවිත් මාව හම්බවෙලා මේ හැමදේම කියලා කසාදෙ ඉක්මන් කරන්න කිව්වෙ කසාදෙන් මාස දෙකකට පස්සෙයි නිලන්තිව හොයාගත්තෙ පුතාලගෙ තාත්තා රට යද්දිත් දුවට සලකපු විදිය ගැන ගොඩක් දුක් වුනා පුතේ”

“ඒතකොට තරුලි එයාට මොකෝ උනේ”

“ආ ඒකිද ඒකි අර උබට ප්‍රපෝස් කරපු කොල්ලා අන්න ඌ ඒක්ක රටපැනලා”

මං අහනවත් එක්කාම අයියා කට කොණකින් හිනාවෙලා කිව්වෙ නිකියා අහක බලන් හිනාවෙනවා මං ඇස් කොනින් දකිද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“මොනවද කල්පනා කරන්නෙ”

නිදාගන්න ඇදට ඇවිත් එයා එනකන් ඇද විට්ටමට හිස තියාගෙන ඇස් දෙකත් පියාගෙන දවල් අයියලගේ ගෙදරදි වුන දේවල් කල්පනා කර කර ඉදපු මං ගැස්සිලා ගියේ මගෙ කන ගාවින් ඇහුන ඒ කටහඩට

“තාත්තා පව්නේ ද අපි ටිකදවසකට එහෙ ගිහින් එයාව බලලා එමුද”

“අපි මේ පැටියා ලැබුනාම එයත් එක්කම යං සීයව බලන්න නේද මගෙ පැටියෝ”

තාත්තා ගැන මගෙ හිතෙ දුකක් ඇතිවෙද්දි මං එයාගෙන් ඇහැව්වෙ එයා මගෙ නොමේරු කුසත් සිපගෙන එහෙම කියලා මගේ උකුලෙන් ඔලුව තියාගනිද්දී

මං එහෙම්මම මගේ අතැඟිලි ඒ හිසකෙස් මත යවමින් පහත් වෙලා ඒ කම්මුලක් සිපගත්තෙ එයා ඒ සැනින් ඒ දෙතොල් වලින් මගෙ දෙතොල් අල්ලගනිද්දි

“මගෙ හිතුවක්කාරි”

” ආදරෙයි මැණික ”

ටිකවෙලාවකින් එයා එහෙම කියාගෙන මගෙ දෙතොල් වලින් මිදුනෙ මාවත් තුරුල් කරන් මගෙ කුසත් සිපගෙනම නින්දට වැටෙද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°

අවුරුදු තුනකට පසු,

“අම්මී උයා බබීත ගේන්නී මල්ලි බබෙක් නීද”

මාස හතක් පිරුණු මගේ බෝල බණ්ඩියට ඒ චූටි අත් තියලා ඇස් දෙකත් නටව නටව ඔය අහන්නෙ වෙන කව්රුත් නෙවෙයි ඉතින් අපේ ගෙදර පුංචි හුරතලී අකේලි යසස්මා

“මගේ මැණික ආස මල්ලි බබෙක්ටද”

“ඕඕඕඕඕ”

මං ඒ මුහුණත් සිපගෙන අහද්දී කෙල්ල හරි හුරතලේට ඔලුව වැනුවෙ මගෙ මුවේ ලස්සන හිනාවක් ඇදෙද්දී

“නෑ නෑ මත ඔනා නංගි බබෙක්”

අම්මේ ඉතින් ඔය ඉන්නෙ අනිත් කෙනා අකේන් යසස්‍ය මූණත් රතු කරන් අකේලි ලගට දුවන් ඇවිත් කිව්වෙ පුංචි අකේලිගෙ මූණ හතරැස් වෙලා යද්දි

අකේලි මගේම කොපියක් වෙද්දී අකේන් නම් ඇරපු අතක් නෑ මගේ රැවුල් හබියගෙම කොපියක්

“ඒම බා මත මල්ලි බබෙක් ඕනා”

“නා නා මත නංගි බබෙක් ඕනා”

“එතකොට මාව කාටත් එපාද”

“අප්පත්තී”

ඩබලම මගේ බඩ අතගගා රණ්ඩු වෙද්දී දොර දෙසින් ඇහුන ඒ කටහඬ ට මං ඔලුව උස්සල ලස්සන ට හිනාවෙලා එයා දිහා බැලුවෙ පැටව් දෙන්නාම කෑ ගහගෙන දුවන් ගිහින් එයාගෙ ඇගෙ එල්ලෙද්දී

ලස්සන හිනාවෙලා පැටව් දෙන්නවම වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ මං ආසාවෙන් එයා දිහා බලාගෙන ඉද්දි

ඉතින් ආදරෙන් පැරදිලා ජීවිතේ කලකිරිලා ඉදපූ මගේ ජීවීතේට ඇවිත් හුරතල් පැටව් දෙන්නෙකුත් එක්ක මට ලස්සන ආදරයක් දීලා මගේ ජීවිතේ ලස්සන කරපු මගේ නපුරු ආඩම්බර රැවුලට මං ගොඩක් ආදරෙයි.❤️❤️❤️

…………නිමි…………

______________________________________________

ඔන්න යාලූ එහෙනම් අදින් කතාව ඉවරයි.කොටස් 31 ක් පුරාවට “හිතුවක්කාර ආදරී” එක්ක් ඉදපු ඔගොල්ලො හැමෝටම ගොඩාක් තැන්කිව් ❤️❤️❤️???

එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ඕගොල්ලො හැමෝටම❤️??❤️??

5 thoughts on “හිතුවක්කාර ආදරී | 31 කොටස | නවකතාව”

  1. Hee hee kastiya kohomadha ithin …?❤️ good morning kiwwa oon

    Maawa hinen eema dAkkadha ithin …?❤️

    Hee පූජානි happy birthday කිව්ව ඉතින් ඕන් සොරි ඒයි දවසක් පරක්කු වුනාට ?…. ටිකක් ඩාම් වෙලා ඩූම් වුනා ????
    ඉතින් කොහොමද මේ දවස්ටිකෙ…අපෙ සෑර් අප්පච්චිගෙ පිහිටෙන් හොදින් ඉන්නොද ??‍?️???..

    ඉතින් සෙට් එක කොහොමද … මොකො වෙන්නෙ මේ දවස් වල…❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.