Katha Ahura

මරණයේ දියකදක් | 13 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ? 13 කොටස ?

” ඒත් ඔය කියන කතාව අහන්ඩ අපි කැමති නෑ.”

මලිත් කිව්වා.

“ඒත් මම කියන් ගිය කතාවක් කවදාවත් මගින් නවත්තලා නෑ, ඒක ඉවරවෙනක්ම්ම කියනවා. ඔයාලා ට මම කියන කතාව ඉවර වෙනකම් අහන් ඉන්ඩම වෙනවා”

“ඔය ත්රී වීල් එක නවත්තපන් , නැත්නම් මමයි නංගියි මේකෙන් එලියට පනිනවා…අනික උබල හැසිරෙන්නේ මනුස්සයො දෙන්නෙක් වගේ නෙමේ.”

“මනුස්සයො දෙන්නෙක් වගේ නෙමේ එහෙනම් මොනුන් දෙන්නෙක් වගේද උබලට අපිව පේන්නේ.”

මෙච්චර වෙලා ඔයා ඔයා කියමින් කතා කරපු ත්රීවිල් කාරයා උබ කියල ඇමතුවා පලමුවතාවට. එය කිව්වෙත් බිවිසුනු හඩකින්. මලිත්ගෙයි චන්දුලීගෙයි ඇග අත පයත් හිරිවැටුනා ඒ හඩට.

ත්රී වීල් කාරයා අහපු දෙට මලිත් පිළිතුරක් දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු හිතුවේ නංගිවත් එක්ක ත්රී වීල් එකෙන් එලියට පනින්ඩ.

“තවත් මේ ත්රී වීල් ඒකේ එක තත්පරයක් අපි ඉන්නේ නෑ. නංගි අල්ලාගන්ඩ මගේ අත මැරුනත් කමක් නෑ අපි මේකෙන් පයිනවා.”

චන්දුලී හිටියෙත් මලිත්ගේ අත අල්ලගෙන. #මලිත් බැලුවා ත්රී වීල් එකෙන් පිටත බැලුවා පයින්ඩ හොදම තැනක් ලන් වෙනකම්.

මලිත් කියපු දේට ත්රි වීල් කාරයා හිනාවුනේ උමතුවෙන් වගේ, ඔහුට අර කාන්තාවත් එක් වෙලා හිටියා.

“මැරෙන්ඩ , මැරෙන්ඩ , උබල දෙන්නට දැන්ම මැරෙන්ඩ බෑ, මැරෙනවනම් මැරෙන්ඩ ඕනා මගේ කතාව ඇහුවට පස්සේ ,, නිලන්ති උන් දෙන්නගේ අත්දෙක අල්ල ගන්ඩ ,, ත්රී වීල් ඒකෙන් පයින්ඩ බැරි වෙන්ඩ.”

ත්රී වීල් කාරයාගේ කටින් ඒක පිටවුනා විතරයි.අර කාන්තාව ඔහු කියපු දෙ කෙරුවා. මලිත්ගේ අතකුයි චන්දුලීගේ අතකුයි ඇය ඔවුන්ට කිසිම බුරුලක් නොදී අල්ල ගත්තා. මලිත්ටයි ච්න්දුලීටයි පලමුව දැනුනේ ඔවුන්ගේ අත් දඩු අඩුවකට අහු වෙලා වගේ. ඒ කාන්තාවගේ අතෙන් දැනුනේ අයිස්වලටත් එහා ගිය සීතල බවක්.

“මොනවද මේ උබල කරන්නේ , කවුද උබල දෙන්නා “

මලිත් ඇගෙන් මිදෙන්න හැදුවා ඒත් එය අසාර්තක උත්සාහයක්. අසීමිත ශක්තියක් අර කාන්තාව ලග තිබුනා.

“ඒ කියන්නේ උබල දෙන්නට තවමත් තේරිලා ##නැද්දා අපි කවුද කියලා , කමක් නෑ කතාව ඉවර වෙද්දී උබලට තේරෙයි අපි දෙන්න කවුද කියලා නේද නිලන්ති…………”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

නිලන්ති එහෙම කියද්දී චන්දුලීනම් හිටියේ සිහියත් අවිසිහියත් අතර. ඇයට මේ වන දේවල් හරියට නරක හීනයක් වගේ.

ත්රීවීල් කාරයා මලිත්ගෙයි චන්දුලීගෙයි ඇග ලොමු දැහ ගන්වන ඒ කතාවෙ අවසාන හරිය කියන්ඩ පටන් ගත්තා.
****************************************

“පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකට අර මිනීමරුවගේ ළමයි දෙන්නව මරල පලි ගැනීම සම්පූර්ණ කරන්ඩ බැරි වුනේ, උන් දෙන්නම අම්මගෙ මරණයෙන් පස්සේ උන්ගේ අම්මලගේ අම්මලගෙ ගමට ගිය හින්දා. හරියටම උන් දෙන්න්ගෙ අම්මගෙ හත් දවසේ දානේ දුන්න දවසෙම ඒ උන්ගේ අම්මගෙ අම්ම උන් දෙන්නව එයාගේ ගමට එක්ක ගෙන ගියා. ඒ ගම තිබුනේ දකුණු පලාතේ.

මා ඔයත් දැදුරු ඔයත් ගලන් බහින සීමාවේ අතර මැදිව නෙමේ. ඒ හින්දයි ඒ මිනිමරුවගෙ ළමයි දෙන්නව මරල දාන්ද පාලිතගේ නිලාගෙයි ආත්ම දෙකට බැරි වුනේ.

උන් දෙන්නව ගමෙන් ගියාට පස්සේ ආයේ උන්ගේ තාත්තගේ මහගෙදරට කීප පාරක් ආවා.### ඒ කියන්නේ අර සීමාව ඇතුලට. ඒත් පාලිතගේ යි නිලාගේයි ආත්ම දෙකට උන්ව ඒ දවස්වල මරන්ඩ පුලුව්න් වුනේ නෑ.

ඊට හේතුව වුනේ ඒ ළමයි දෙන්නා ආපු දවස් එකකවත් කොලමුනු ඔය ගලලා තිබුනේ නැති හින්දා. පාලිතගෙයි නිලාගෙයි අරමුන වෙලා තිබුනේ කොහොම හරි අර ළමයි දෙන්නගේ තාත්තා වගේම ඒ ළමයිනුත් කොලමුනු ඔයේම ගිල්වලා මරලා දාන එකයි.

ඒ දවස උදා වෙනකම් පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකට ඉන්ඩ වුනා අවුරුදු පහලොවක්, සෑහෙන්ඩ කාලයක්. උන්දෙන්නව මරලා නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙකට පලිගැනීම සම්පූරන කර ගන්න විදිහටම එදා දවස නිරමානය වෙලා තිබුනා.

මේ වගේමයි. හරියටම රෑ දොලහ වෙන්ඩ තිබ්බෙ පොඩිම කාලයක් විතරයි. හොදටම වහිනවා. ඒ විතරක් නෙමේ පාලිතගෙයි නිලාගෙයි අරමුන සාර්තකව කරගන්ඩම කොලමුනු ඔයත් පිටාර ගලලා.

අර ළමයි දෙන්න අවුරුදු පහලොවක් ගෙවිලා හින්දා දැන් හොදටම තරුණයි. උන් දෙන්න තාත්තගේ මහ ගෙදර ආවේ තාත්තගේ අම්මගේ මළගෙදරට සහබාගි වෙන්ඩ. හෙට්ටිපොල ####ටවුමට ඇවිල්ලා කෝල් එකක් දුන්න උන්ගේ පොඩි බාප්පට අපිව එක්ක ගෙන යන්ඩ එන්ක කියලා.

පොඩි බාප්ප කිව්වා කොලමුනුඔය ගලලා හින්දා ඒකෙන් එගොඩ වෙල එන්ඩ කියලා. ඒ විදිහටම අර ළමයි දෙන්නා කෙරුවා. ඒත් පොඩි බාප්පා ආවේ නෑ.

ඒත් ඒ වෙනුවට ත්රී වීල් එකක්නම් ආවා. ඒක අර ලමයි දෙන්න ලගහිටවුනා.

අර මිනිමරුවට හිටියේ කොල්ලෙකුයි කෙල්ලෙකුයිනේ. එතන හිටපු කොල්ලා ත්රී වීල් එක ලගට ගියා. තීවීල් එක ඇතුලේ හිටියේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි.

ඒ අය තමා අවුරුදු පහලොවක් තිස්සේ බලන් ඉදලා එතන හිටපු ළමයි දෙන්නව මරලා පලිගැනීම සම්පූරණ කරන්ඩ බලන් හිටපු පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙක. අර දෙන්නව එක්කගෙන යන්ඩ එන එයාලගේ පොඩිබාප්පගේ බයික් එකේ මගක් එද්දී බයික් එකේ රෝදයක් හුලං පවා බස්සන්ඩ තරම් මේ ආත්ම දෙක සූක්ශමව කටයුතු කරල තිබුනා.

අර කොල්ලයි කෙල්ලයි ඒවා කොහොම දැනගන්ඩද, කොල්ලා පොඩි බාප්පට කතාකරද්දී එයා කිව්වේ බයික් රෝදෙක හුලං ගියා කියලා. ##### අවසානේ පොඩිබාප්පට එයාල ව එක්ක යන්ඩ එන්ඩ ඕනෙ නෑ කියල අර කොල්ලයි කෙල්ලයි අර ත්රී වීල් එකට නැග්ගා. කෙල්ලනම් ටිකක් අදිමදි කෙරුවා ත්රීවීල් එකේ යන්ඩ , ඒත් අවසානේ උන් දෙන්නටම සිද්ද වුනා පාලිතගේ ආත්මය එලවන් යන පිටිපස්සේ නිලගේ ආත්මය ඉදන් යන ත්රී වීල් එකට.”

මේවා ඇහෙද්දී දැන් සත්සුදක් සේ මලිත්ටයි චන්දූලීටයි පැහදිලි වුනා ඔවුන් දෙන්නවා පාලිතගෙයි නිලාගෙයි නපුරු ආත්ම දෙකට කොටු වෙල ඉවරයි කියාලා. මැරුනු පාලිතගේ ආත්මෙයි මැරුනු නිලගේ ආත්ම දෙක ලග ඉන්නවා දැනෙද්දී මලිත්ටයි චන්දුලීටයි දැනුනේ ඔවුන්ගේ අවසානයත් දැන් ලගයි කියලා.

පාලිතව මරල තියෙන්නේ ,තම තාත්තයි එයාගේ යාලුවෙකුයි වගේම නිලා වීදුරුවෙන් බඩට ඇනගෙන මැරිලා තියෙන්නේ තාත්තගෙයි යාලුවගෙයි වැරැද්දෙන් බව මලිත්ට විතරක් නෙමේ දැන් චන්දුලීටත් සීයට සීයක්ම සුවර්.

මලිත්ගෙයි චන්දුලීගේ කටින් හඩකවත් පිට වුනේ නෑ , බයටම ඔවුන්ගේ කටේ කෙලත් තිබුනේ හිදිලා. මලිත් අර කානතාගෙන මිදෙන්න කීප පාරක් උතසහ කෙරුවද , ඒත් වැඩක් වුනේ නෑ , ඇය නිහඩවම දරුණු ලෙස මලිතුයි ##### #චන්දුලීවයිඅල්ලගෙන හිටියා.

ඒත් ඔවුන් මරනාසන්න ඉන්දැද්දී ත්රී වීල් කාරයා කතාවන්ම දිගටම කියා ගියේ ඉහවහා ගිය සතුටකින්.

*** ත්රී වීල් එක එලවන පාලිතගේ ආත්මය අර කොල්ලට ඔට්ටුවකුත් අල්ලල කතාවක් කියන්ඩ පටන් ගත්තා . ඔට්ටුව මොකක්ද කියල බලන්ඩ ඕනා හැබයි රෑ දොලහට කියලත් කිව්වා ඔට්ටුව මොකක්ද කියලා පාලිතගෙ ආත්මය කොලයක ලියල ඒ කොලේ නමල අර කොල්ලට දුන්නා.

ඔට්ටුව තමා කියන කතාව ඉවර වෙද්දී කොල්ල බය වුනොත් ඔට්ටුවේ තියෙන දේ කොල්ලයි කෙල්ලටයි කරන්ඩ වෙනව කියන එක.”

ඒක ඇසී මලිත්ගේ මුහුනෙන් හින් දාඩිය නැගෙද්දී ඔහුට ලාවට වගේ ඇහුනේ හයියෙන් වතුර ගලන් යන හඩක්.

එතකොටම විදුලියක් කෙටුවේ මුලු පැත්තම එලිය කරමින්. ඒ එලියෙන් මලිත් දැක්කේ වතුර පිටාර ගලන් යන කොලමුනු ඔයේ දසුනයි.ඒ ඔවුන්ට මිට පෙර හමුවුනු කොලමුනු ඔය ගලන් බහින හරියනම් නෙමේ. මේ කොලමුනු ඔය ගලන් බහින හරියෙන් තමා මලිත්ගේ තාත්තයි යාලුවයි දියේ ගිලී මැරුනේ.

ත්රි වීල් කාරයා දැන් ඒ වතුර පාර මැදින් ත්රී වීල් එක එලවගෙන යන්නේ මලිත්ගෙයි චන්දුලීගෙයි ##### ## බිය දෙගුන තෙගුන කරමින්.

“දැන් රෑ දොලහයි,, දැන් බලන්ඩ පුලුවන් මම මොකක්ද ලියපු ඔට්ටුව කියල ,, හැබැයි ඔට්ටුව මමයි දිනුවේ , උබල දෙන්නම මම කිය්පු කතාව අහලා හොදටම බය වෙලයි ඉන්නෙ. ඒ හින්ද ඔට්ටුවේ තියෙන දේ උබලට කරන්ඩ වෙනවා…. නේද නිලා………….”

ඔහු ඒක කියල නිම වෙද්දී මලිත්ටයි චන්දුලිටයි දැනුනේ හදවත් නැවතුනා වගේ බයක්. ඒ අර නම නිලන්ති නොවී නිලා විදිහට ඇහුන නිසා.

“ඔව් පාලිත ඔයා ඔට්ටුව දිනුම්,, දැන් මේ දෙන්නට කරන්ඩ වෙනවා ඔට්ටුවේ තියෙන දේ “

මෙච්චර වෙලා හ්ම්ම්ම්ම්ම්ම් ගගා හිටපු අර කාන්තාව එහෙම කතා කරද්දී ත්රී වීල් එක වතුර මැද හිට්ටවුනා.

“අපිට යන්ඩ දියල්ලා උබල අපිට මේ කරන්ඩ හදන්නේ මොකක්ද”

මලිත් වචන පිට කර ගත්තේ හරිම අමාරුවෙන්.

ඊට අර ත්රීවීල් කාරයයි ගැහැනියයි හිනාවුනේ වියරු විදිහට.

“ඔට්ටුවේ තියෙන දේ ,, බලපන්, ඔට්ටුවෙ තියෙන දේ උබලට කරන්ඩම වෙනවා.බලපන් ඒක …”

ත්රී වීල් කාරය කියද්දී මලිත් වෙව්ලන ඇතැගිලි වලින් අතේ තිබ්බ කොලය දිග හැරියා. Phone ##### ### එකෙ එලියෙන් එහි ලියල තියෙන දේ දැක්කම මලිත්ගේ ඇස් ලොකු වුනේ පීරිසි දෙකක් වගේ.

“මගෙයි නිලාගේ ආත්මයයි එකතු වෙලා උබලගෙ තාත්ත මැරුවා වගේ උගේ ළමයි දෙන්නෙක් වෙන උබල දෙන්නත් ලෑස්ති වෙයන්ලා තාත්තා මැරුනා වගේ කොලමුනු ඔයේ ගිලිලා අපි අතින් මැරෙන්ඩ”

ඔට්ටුවේ තිබුනේ එයයි.

“හරිනේ දැන් ඔට්ටුවෙ තිබ්බ දේ දැක්කනේ ,, එහෙනම් ලෑසිති වෙයන්.”

ත්රී වීල් කාරයා කිව්වෙ තියුනු හඩින්.

“අපි දෙන්නට එහෙම කරන්ඩ එපා,, ඇයි තාත්ත කරපු වැරදි වලට අපෙන් පලි ගන්ඩ හදන්නේ “

මලිත තව පාරක් අර කාන්තාවගේ හ්රහණයෙන් මිදෙන්න දැගලුවා.

“උබේ තාත්තා හින්දා අපි විතරක් නෙමේ අපේ ළමයත් අපිට නැති වුනා. ඒ හින්දා උන්ගෙන් ජාතක වුන ළමයි මරණ එකත් අපෙ පලි ගැනීමේ අරමුණක්. උබල දෙන්නත් උබලගේ තාත්තා ගිය අඩි පාරෙම ගිහින් ඔය වගේ ජරා වැඩ කෙරුවොත්,, ඒ හින්දා උබලවට් අනිවාර්යෙන්ම මරන්ඩ ඕනා නේද නිලා………..”

“ඔව් පාලිත ..”

අර කාන්තාව ඊට එකගවුනෙ ගොඩාක් සතුටෙන්. ##### ####

“අපේ පලි ගැනීම අදින් සම්පූර්ණ වෙනවා ,, අවුරුදු පහලොවක්ම බලන් ඉදලා,, ත්රී වීල් එකෙන් බැහැල දුවපල්ලා ,, එදා උබලගේ තාත්තත් ත්රී වීල් එකෙන් බැහල දිව්වනේ, අපිට මතකයි ඒක , උබල මරන්ඩ ඕනත් ඒ විදිහටමයි.”

ත්රී වීල් කාරයා කියද්දි අර කාන්තාව මලිත්ගෙයි චන්දුලීගෙයි අත් අත හැරියා. ඒත් බයටම මලිත්ගෙයි චන්දුලීගෙයි අත පය තිබුනේ ගල් වෙලා වගේ.

“ඉතින් ත්රී වීල් එකෙන් බැහල දුවපල්ලා……..”

ත්රී වීල් කාරයා හයියෙන් ගිගුරුවා. ඒ සමගම චන්දුලීගේ මූනට වතුර වගේ බින්දු වගයක් වැටුනා. විදුලි කොටන එලියෙන් ඇය දැක්කෙ බිවිසුනුම බිවිසුනු දසුනක්.

**** ත්රී වීල් එක ඇතුලේ කොන්ද නමා ගෙන හිටගෙන චන්දුලී දෙස කන්ඩ වගේ බලන් හිටියේ අර කාන්තාවයි. ඒත් ඒ චන්දුලී කලින් දැකපු විදිහටනම් නෙමෙ ,, ඇයගේ මුලු ඇග පුරාම තිබුනේ ලේ වලින් නෑ විලා. බිවිසුන යකින්නක් වගේ .ඒ ලේ තමා චන්දුලීගේ මූනට වැටිලා තියෙන්නේ.

“අයියේ ….”

චන්දුලී මරලතෝනි තියාගෙන මලිත්වත් ඇද ගෙන ත්රී වීල් එකෙන් බැස්සෙ කොහොමද කියල ඇයවත් දන්නෙ නෑ.

පාර යට වෙන්ඩ උඩින් දාල තිබුනු කොලමුනු ##### ##### ඔයේ වතුරේ මලිතුයි චන්දුලියි ගියේ ජීවිතයත් මරණයත් අතර සටනක නියලෙමින්.

ඒත් ඔවුන් දෙන්නාට එහෙම වැඩිදුරක් දුවගෙන යන්ඩ ලැබුනේ නෑ. දෙදෙනාගේම හිසකෙස්වලින් පිටුපසින් ආපු පාලිතගෙයී නිලාගෙයී අත්ම දෙක අල්ල ගත්තා. චන්දුලිටයි මලිත්ටයි එතනින් එහාට දුවන් යන්ඩ හැකි වුනේ නෑ.

පිටුපස හැරී බලද්දී මලිත් දුටුවෙ දකින්ඩ කිසිසේත් බලාපොරොත්තු වූ දසුනක් නෙමේ. අර ත්රී වීල් කාරයාගෙයි කාන්තවගෙයි අත් අඩි පහලොවක් විතර දික්වෙල. ඒ දිග අත් වලින් තමයි මලිතුයි චන්දුලීවයි ඔය තරම් ඉක්මනට අල්ලගෙන තියෙන්නේ.

ඒ දෙන්න ඉන් නොනැවතී සුපුරුදු වියරු හඩින් හිනා වුනා.

“මුන්ගේ තාත්තා යි උගේ යාලුවයි මරලා දැම්මෙත් එදා මේ විදිහටමයි. එදා ජයන්තයයි, අනුරයයි අපෙන් බේරෙන්ඩ හිතා ගෙන දිව්වේ ඔය විදිහටමයි. එදත් මේ විදිහටමනේ උන් දෙන්නව අල්ල ගත්තේ නේද නිලා….”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්”

දැන්නම් තමාගෙයි නංගියි ගෙවන්නෙ මේ ආත්මයේ ගෙවන අවසන් තප්පර කීපය බව ##### ##### # මලිත්ට සත්සුදක් සෙ පැහදිලියි.

“කොල්ලව උගේ තාත්ත මැරුවා වගේ වතුරේ ඔබල මරල කොලමුනු ඔයට විසි කරමු. කෙල්ල උන් දෙන්නගෙ අම්ම එදා පණපිටින් ළිදට උස්සල දැම්මා වගේ පණපිටින්ම ඒකිව උස්සලා කොලමුනු ඔයට විසි කරමු. එහෙම හොදයි නේද නිලා……”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

“නිලා ඔයා කෙල්ලව උස්සල කොලමුනු ඔයට විසි කරන්ඩ ,, මම කොල්ලව බලා ගන්නම්, එහෙම හොදයි නේද නිලා…..”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

ඔවුන් දෙන්නා එහෙම කතාකරල අවසානේ චන්දුලියි මලිතුයි ලගට කිට්ටුවුනා.

” අනේ මාවයි නංගිවයි මරන්ඩ එපා “

මලිත් අවසන් වතාවටත් ඉල්ලුවේ ජීවිතයයි. එත් ඒක නිලාගේ ආත්මයයි පාලිතගෙ ආත්මයයි සත පහකට ගනන් ගත්තේ නෑ.

චන්දුලීගේ කෙස් වැටියෙන් ඇද ගෙන ගිය නිලාගේ ආතමය චන්දුලීව කොලමුනු ඔයේ පාලමෙන් පල්ලෙහාට තල්ලු කෙරුවා. චන්දුලීට කෑ ගහන්ඩවත් කටේ පණක් තිබුනේ නෑ. සිහියත් අසිහිහියත් අතර සිටි චන්දුලීව කොලමුනු ඔයේ වියලු ජල කද ගිල ගත්තේ ඇසුරු සැනින්.

##### ##### ##

ඒ වෙද්දී පාලිතගේ ආත්මය සිටියේ මලිත්ගේ හිස කොලමුනු ඔයේ ඔබාගෙන. මලිත් පාලිතගේ ආත්මෙන් ගැලවෙන්ඩ දැගලුවා. එත් වැඩක් වුනේ නෑ.**********************************************අවසාන කොටසට Maranaye Dhiyakadhak

අවසාන කොටසේදී මොනවා වෙයිද කියලා බලමු හෙට. අනුමාන කොරන අය අනුමාන කොරන්ඩකෝ.

4 thoughts on “මරණයේ දියකදක් | 13 කොටස | හොල්මන් කතා”

  1. Priyadarshani

    අනේ දෙවියනේ මේ මොකද වෙන්නේ ???
    අනේ එයාලව මරන්න එපා පව් එයාල ???…
    නියමයි ඔයාගෙ කතාව .???
    All the best !???

    1
  2. lakmali kumarasinghe

    අනේ මොකද ඒ උනේ බේරෙයි කියලත් හිතෙනවා ගොඩක් බය හිතෙනවා යාලූ

    2
  3. K.K.Damayanthi

    අන්‍රෙ දියියනයි මේක හීනයක් වෙන්න… මන් ඉන්නෙත් අවසිහියෙන් වගේ…..

    මන් හිතන්නෙ මෙතනට කවුරු හරි එයි කියලා….

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.