Katha Ahura

මාරක අඩවිය| 2.කොටස/ පස්වන දිගහැරුම

5/5 - (2 votes)

                    __ මාරක  අඩවිය__

                  2.කොටස/ පස්වන දිගහැරුම

 

                        පසුදින පාන්දරම උ.පො පරීක්ෂකවරයා සමරනායක මහතාගේ බිරිඳගේ නිවසින් පිටත්ව යාමට සැරසුණි.

” ගොඩක් ස්තූතියි මිසිස් සමරනායක කරපු සංග්‍රහ වලට, මම යනව එහෙනම්”

උ.පො පරීක්ෂකවරයා සිනහමුසුව පැවසීය.

” අනේ ඕක මොකක්ද , සංජීවට මොනව හරි දැනගන්න ඕන නම් මට කතා කරන්න” 

” o.k  මිස් ,  මට දෙයක් කියන්න අමතකවුනා.

අපි ඊයේ  මිස්ලගෙ ගෙදර ගිය බව කාටවත් කියන්න එපා, අර ඇමති කාරයවත් මට වැඩිය ඇල්ලුවෙ නෑ ”

” මටත් එහෙම තමයි මිනිහගෙ කතාවත් හරිම අමුතුයි”

” කොයි එකටත් ආපහු මිනිහා මෙහේ  ආවොත්  මිස් මට කෝල් එකක් දෙන්න”

 උ.පො පරීක්ෂකවරයා එසේ පවසා ඇයගේ මවටද වැඳ තම මොටර් රථයට වැඳී නිවස බලා පිටත් විය.

…………………..

උදෑසන හතට පමණ ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත පැමිණියේය.

” ජයන්ත,   සංජීව ආවද?” ස්ථානාධිපතිවරයා කොස්තාපල් ජයන්තගෙන් ඇසුවේය.

” S.I මහත්තය තාම ආවේ නෑ සර්”

ඔහු පෙරළා පිලිතුරු දෙන්නට විය.

” එන්න කියනව මාලකට”

” හරි සර්” ඔහු එසේ පවසා එතනින් පිටවුනි.

සුළු වෙලාවකට පසු උ.පො පරීක්ෂකවරයා සහ කොස්තාපල් මාලක ඔහුගේ ඉදිරියේ පෙනී සිටියේය.

” ගුඩ් මොර්නින්ග් සර්”ඔවුන් දෙදෙනාම තම උසස් නිලධාරියාට ආචාර කලාය.

” වාඩිවෙනවා  දෙන්නම, ඉතින් සංජීව මොකද වුනේ ඊයේ වැඩේ” ස්ථානාධිපතිවරයා අසන්නට වූයේ ඔහුගෙන් සුභ පිළිතුරක් බොපොරොත්තුවෙනි.

” සර් මට ඕන කරල තිබුන ටික මම හොයාගත්තා ,මම මිනිහගෙ ෆයිල්ස් එහෙම චෙක් කරා.ඒ දේවල් වලින් පොඩි ඩීටේල්ස් ටිකක් විතර හොයාගන්න පුළුවන් වුනා” 

” කොහොම හරි ඉක්මනට මේ දෙන්නව හොයා ගන්න ඕන සංජීව . රත්නායකත් එක්කම”  ස්ථානාධිපතිවරයා පැවසීය.

” සර් සමහරවිට අපිට මේක නීතිය පැත්තෙන් විසඳගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම වුනොත් අපිට සිද්ධ වෙනවා වෙනම ඇක්ෂන් එකක් ගන්න”  උ.පො පරීක්ෂකවරයා පැවසීය.

” සර් දන්නවද රාජරත්න කියල ඇමති කෙනෙක්?” කො. මාලක ස්ථානාධිපතිවරයාගෙන් ඇසීය

” ඔව් මිනිස්ටර් රාජරත්න මිනිහ මගෙ හොඳ හිතවතෙක්, ඇයි මාලක තමුසෙ මිනිහ ගැන ඇහුවෙ”

” සර් , අපි දෙන්න ඊයේ මිසිස් සමරනායකලගෙ ගෙදර යනකොට මිනිහ ඇවිල්ල හිටියා එහේ”

උ.පො පරීක්ෂකවරයා ඊට පිළිතුරු දෙන්නට විය.

“මිනිහ ඔයත් එක්ක කතා කරාද සංජීව?” 

” ඔව් සර් ,මිනිහ සමරනායක මහත්තයගෙ හොඳම යාලුවෙක්ළු. ඉක්මනට එයාවයි දුවවයි හොයල දෙන්න කියලත් කිව්ව” උ.පො පරීක්ෂකවරයා ඇමති රාජරත්න තමාට පැවසූ සියල්ල ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කලේය.

” මිනිහ හිටපු ඇමති කෙනෙක් දැන්නම් ඔය බිස්නස් වැඩ තමයි කරන්නෙ” 

සර්  , අපි යන්නද දැන් මට වැදගත් ගමනක් යන්න තියෙනව

” හරි  ඉක්මනට වැදගත් දෙයක් හොයාගන්න බලනවා හරිද?” 

උ.පො පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා  , ස්ථානාධිපතිවරයාට ආචාර කොට එතනින් පිටවිය.

……….

”  මට නම් සැකයි බන් අර ඇමතිය ගැන” උ.පො පරීක්ෂකවරයා මාලකට පැවසුවේය.

” ඔව් සර් මටත් ටිකක් එහෙම හිතුනා මොකද මෑන් අපිත් එක්ක කතා කරෙත් හරිම අමුතු විදිහට”මාලක පිලිතුරු දෙන්නට විය.

” මාලක උඹ දන්නවද අජිත් කියල මිනිහෙක්ව” 

” සර් ඔය කියන්නෙ මාකස්වත්තෙ අජිත් ගැන වෙන්නැති , මම වැඩියමක් නම් දන්නෙ නැහැ සර් හැබැයි අන්ඩර්වර්ල්ඩ් එකත්  එක්ක මිනිහගෙ කනෙක්ෂන්ස් තියෙනවලු ”

මාලක පැවසුවේය.

” මට මේ පොත හම්බුනේ සමරනායකගේ  ෆයිල් තිබුන කබඩ් එකේ වෙනම ලාච්චුවක තිබිලා . අර ගෑනිට හොරෙන් මම මේක අරගත්තා, බලපන් මේක කියවලා”

උ.පො පරීක්ෂකවරයා මාලක අතට කුඩා සටහන් පොතක් දෙන ගමන් පැවසුවේය.

එහි සටහන් වී තිබුනේ , එක්තරා නඩුවකදී අජිත් කුමාර නොහොත් ‘මාකස්වත්තෙ අජියා’ නැමැති පුද්ගලයා තමාට මරණ තර්ජන කල බවයි.එයට සම්බන්ධ සම්පූර්ණ විස්තරය එහි සටහන්ව තිබුනි.

” උඹට මොකද හිතෙන්නෙ ?” උ.පො පරීක්ෂකවරයා මාලකගෙන් ඇසීය

” සර්ට  සැකයි වගේ නම් මම මූව පොඩ්ඩක් ෆලෝ කරල බලන්නම්”

” ඒක හොදයි ඊට ඉස්සරවෙලා මට කරන්න දෙයක් තියෙනවා පස්සෙ උඹ ඔය මිනිහ ගැන හොයපන් දැනට මම කියන දේ කරපන් , එදා රත්නායකට වෙච්ච දේ අද උඹට හරි මට හරි”

”  o.k  සර්”

” මම යනව පොඩි ගමනක්” එසේ පවසා උ.පො පරීක්ෂකවරයා එතනින් පිටත්විය

 

 

( සංජීව කොහෙද ගියේ?)

 

රශ්මික විජේසිංහ ..

                       

1 thought on “මාරක අඩවිය| 2.කොටස/ පස්වන දිගහැරුම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.