Katha Ahura

ලේ | 24 අවසන් කොටස | හොල්මන් කතා

4.9/5 - (20 votes)

24 (අවසන් කොටස)

” මාව ඇතෑරපන්.”

මම නිශාගෙන් ගැලවෙන්න උත්සහ ගනිද්දී මට එකපාරට දැනුනේ අර ගහ උඩින් මගේ ඔලුවට යමක් වැටෙනවා.

ඒ දේ මගේ ඔලුවට වැටී බිමට වැටෙද්ද් එකපාරටම විශාල විදිලියක් කෙටුවේ මුලු පැත්තම ආලෝක කරමින්. ඒ එලියෙන් මම දැක්කා මගේ ඔලුවට වැටුනේ මොකක්ද කියලා.

මට විශ්වාසකරන්නත් බෑ. මම දැක්කේ මාකස් හොරෙන් ගලවගෙන ගිය මගේ සුරය. ඒත් ඒක කොහොමද උඩින් වැටුනේ.

මට කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉද්දී නිශා ඇයගේ නිවසේ දොර ඇරගෙන ඇවිත් මාව නිශාගේ ගේ ඇතුලටම එක්ක ගෙන ගියා.

” නිශා දැන්වත් මාව බිමින් තියපන්,උබ දිනුම්. මම පරාදයි මගේ ලේ බීලා මාව මරාගෙන කාපන්.”

මම කොපයෙන් කියද්දී නිශා මාව බිමින් තියලා මහ හයියෙන් හිනාවුනේ ඇගේ අර ඉදිරියට ඇවිල්ල තිබ්බ දත් දෙපලත් පෙන්නලා.

” උබ ඒක කියන්න් ඕනා නෑ. දිලංක උබ කොහොමත් පරාදයි තමා මේ නිශා යකින්සා ඉස්සරහ හැම එකාම පරාදයි.”

නිශා ඒක කියලා උඩ බලාගෙන යලිත් වරක් හිනාවෙද්දී මම බැලුවේ ඇරල තිබුනු ඉස්සර දොර.

“දිලංක උබට බේරෙනවනම් බේරෙන්න තියෙන අවසාන චාන්ස් එක මේකයි. ඉක්මන් කරපන්.”

මගේ හිත මොරදීල කියද්දී මම නිශා ලගින් විදිලි වේගෙන් ආවේ ඒ දොර ලගටයි. දොරේ යතුර තාමත් දොරේ. මම ඉක්මනට ඒක අරගෙන එලියට පැනලා නිශා ඇතුලට දාලා දොර වැහුවා. වහල දොර ලොක් කරලා යතුර මගේ අතට ගත්තා.

” දිලංක උබ හිතුවද ඔය වගේ සෙල්ලම් වැඩ කරලා මේ නිශාගෙන් පැනලා යන්න පුලුවන් කියලා. ”

නිශා ඇතුලේ ඉදන් කෑ ගහගෙන එද්දී මම දුවගෙන ගියේ එදා සිරිනා හිටපු ගහ ලගට.

“දඩා…..න්.”

පිටිපස්සෙන් මට ඒ එක්කම ඇහුනේ නිශා ගහපු පාරට අර දොර කඩාගෙන බිමට වැටෙනවා.

“ඔහොම නැවතියන් ..උබට මගෙන් බේරිලා යන එක හිතන්නවත් පුලුවන්ද ”

නිශා කෑගගෙන මා පස්සේ හබාගෙන එනකොට මම phone touch එකේ එලියෙන් හෙව්වේ අර ගහ යටට ගිහින් මගේ සුරය. ඒත් ඒක අතුරුදහන් වෙලා.

“උබත් එහෙනම් අර යකින්නට අහුවෙලා දැනගෙන…පව්…….මම එදා කිව්වේ ඔය යකින්නට අහුවුනොත් බේරිලා යන්න බෑ කියලා.”

මම භීතියෙන් සුදුමැලී වෙලා ඉන්නකොට මට එකපාරටම ඇහුනේ අර පිස්සු සිරිනගේ හඩ.

මම ඒ පැත්ත බලද්දී පිස්සු සිරිනා මා දිහා බලල විරිත්තලා වගේ හිනාවුනා. ඒත් ඒත් ඒ සමගම මහේ ඇස් ගියේ සිරිනගේ අතේ තිබ්බ දෙයක්ලගට. ඒදේ දකිද්දී මට දැන්නේ මගේ ඇගට නව පනක් ලැබුනා වගේ. මගේ සුරය සිරිනාගේ අතේ තිබ්බා.

” සිරිනා ඕක මෙහාට දියන්….”

කලබලෙන් පැනපු මම හැදුවේ ඒ සුරය මගේ අතට ගන්න.

” එප්….පා…ඒක මගේ ”

සිරිනා ඒක දෙන පාටක් තිබ්බේ නෑ.

“සිරින මම ඕකට දහයක් දෙන්නම්.ඕක දියන් අර යකින්න විනාශ කරන්න පුලුවන් ඕකෙන් විතරයි.දියන් සිරිනා….”

“ඔය ඇත්තමද කියන්නේ, ඕක අරන් ඊට පස්සෙ මට ඔය වගේ දහයක්ම දෙනවද”

“ඔව්……ඔව්…සිරිනා දෙනව..”

මම ඒ දේ කියද්දී මිටි මොලවගෙන හිටපු ඇයගේ අත දිගු කෙරුවා. මම එය විදිලි වේගයෙන් උදුරගත්තා.

” මේ සුරේ ඇතුලත 1008 වාරයක් තෙල්වලට ජපකරලා ඒ තෙල්වවලින් බිංදු ටිකක් මේ සුරේ ඇතුලට දාලයි තියෙන්නේ.”

මට ඒක ගන්නකොට මතකෙට ආවේ ගුරුන්නාන්සේ මේ සුරේ දාද්දී කියපු ඒ දේ.

** ක්ශනික සිතිවිල්ලෙන් මම ඒ සුරේ අරන් පියන ඇරල ඒ තෙල් මගේ දකුණු අතට හලාගත්තා. ඒ සමගමයි නිශා පිටිපස්සෙන් ඇවිත මාව අල්ලගත්තේ.

“කෝ උබ මගෙන් බෙරිලා පැනල ගියද ”

නිශා ඒ දේ කියද්දී මම තිස්තුන් කෝටියක් දෙවිවරු සිහිපත් කර ගත්තා.

“අනේ දෙවියනේ යකින්නගෙන් බේරිලා යන්න මට උදව් කරන්න”

පතපු මම අර තෙල් ගාපු අතින් නිශාගේ බෙල්ල මිරිකුවේ විදිලි වේගෙන් උපරිම වෙර දරා.

“ආ…………..හ්……..”

ඒත් එක්ක මට ඇහුනේ නිශාගේ මුවින් නැගුනු ඒ වේදනාත්මක කෑ ගැහිල්ල. යකිනි කැලෙ දෙදරාවා කෑ ගහපු ඇය මාව අත ඇරලා බිම ඇද වැටුනා. කැපුනු ගැඩවිලෙක් වගේ නිශා කෑගහමින් බිම පෙර්ලෙද්දී මට දැනුනේ නහය හකුලුවාගෙන යන තරමේ පුලුටු ගදක්.

මම නිශාගේ බෙල්ල මිරිකපු තැන ගින්දර මතුවී පිච්චෙමින් තිබුනා. ඒ ගින්දර නිශාගේ මුලු සිරුරම පුර පැතිරෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. මොහොතකින් මම දැක්කේ බුර බුරා නැගෙන ගිනි දලුවලට අහුවෙලා කෑ ගහ ගහ දගලන නිශා.

” මම මැරෙනවනම් මැරෙන්නේ උබවත් මරාගෙනමයි දිලංක ,”

කෑ ගහගෙන කියපු නිශා නව පණක් ලැබුන වගේ නැගිට්ටේ අර ගිනි දලුත් එක්කමයි. මගේ බය දෙගුන තෙගුන වෙද්දී ඇය මාලගට පිම්මේ ඇවිදගෙන ආවා.

නිශාගෙන් බේරෙන්න කියා දිවීම හැර දැන් මට වෙන විකල්පයක් තිබ්බේ නෑ. පිටුපස නොබලා මම දිව ගියේ විදිලි වේගෙන්.

“ආ………………..හ්”

මොහොතකින් මට ඇහුනා මගේ පිටිපස්සෙන් දිවගෙන ආපු නිශාගේ මරලෝතෝනිය. ඒත් සමගම මුලු යකින් කැලයම දෙදරලා යන්න වැහි නැති අකුණක් ගැහුවා.

පිටිපස්ස හැරිලා මම බලද්දී මම දැක්කේ ගිනිදලලුවලින් වටවුන,ඒත් දැන් නිසල වෙලා තිබ්බ නිශාගේ සිරුර.

” නිශා මැරුනද ”

එහෙම සිතපු මම ඈත ඉදන් ඒ දිහා බලාගෙන උන්න. මොහොතකින් ඒ ඇවිලුනු නිශාගේ සිරුර අලුගොඩක් බවට පත්වුනේ මම බලාගෙන ඉද්දීමයි. මම දැක්ක එතනට පිස්සු සිරිනා කිට්ටුවෙනවා.

“යකිනි කැලේ යක්ශනී ඉවරයි. මිනී මස් කන යක්ශනී ඉවරයි. මිනී ලේ බොන යක්ශනී ඉවරයි.”

සිරිනා ඒ දිහා බලාගෙන ගීතවත් හඩින් කියද්දී මාත් ඒ ලගට ලංවුනා. ඔව්. සිරින කියපු දේ ඇත්ත. යකිනි කැලේ නිශා යකින්සා යක්ශනී විනාශ වෙලා අලු ගොඩක් වෙලා තිබ්බා. මේ ඔක්කොම දේවල් උනේ අර සුරේ තිබ්බ තෙල්වල බලෙන්. ඒ දේ නොවෙන්න මේ වෙද්දී මට වෙන්න ගිය අවසනාවන්ත දේ හිතාගන්නවත් බෑ.

මගේ අතේ තවත් ඒ ,දැන් තෙල් නැතී ඒ සුරය තිබ්බ.

“සිරිනා උබට කොහෙන්ද මේ සුරය ”

මම ඒක ඇහුවේ ඒ සුරේ සිරිනට පෙන්නලා.

“ඕකද ”

සිරිනා මදක් කල්පනා කෙරුවා.

“ඕක මම ගත්තෙ මාකසයා වලලපු තැනින් ,දියන් ඕක මට ඕක මගේ ”

එහෙම කියපු සිරිනා මගේ අතින් ඒ සුරේ උදුරලා ගත්තේ මම දෙයක් හිතන්නත් කලින්. මම ඒක ආයෙ මගේ අතට ගන්න හිතුවේ නෑ. මොකද දැන් ඒ සුරෙ අර බලවත් තෙල් නෑ. ඉන් දැන් ආරාක්ශාවක් නෑ.

* මට දැන් ඔක්කොම පැහදිලියි. මාකස් මගේ සුරේ හොරෙන් අරන් ගිහින් කොහේ හරි වලදාන්න ඇති. ඒක සිරින දැකලා එතනින් ගොඩගන්න ඇති. නිශා මාව අල්ලගෙන යද්දී සිරිනා අර ගහ උඩ ඉන්න ඇතී. එ ගහ යටිනම් යද්දී මගේ වෙලාවට සිරින අතින් ඒ සුරය මගේ ඇගට වැටෙන්න ඇතී.

සියලු දේවල්ම ආපස්සට ගිහින් කල්පනා කරද්දී හැම දේම වෙලා තියෙන්නේ මගේ වාසියට.

හිතපු මම හැකි ඉක්මනට ආයේ පාරක් ගියේ නිශාගේ ගේ ඇතුලට. මම හිටපු කාමරෙට ගිය මම නිශා මට දුන්න ලක්ශ පහලව මුදල ත තියෙනවා කියලා සැක හැර දැන්ගත්තා.

අලුත් ඇදුමකට මාරුවෙලා ඒ සල්ලි බැග් එක ඇතුලේම තියෙන්න ඇරලා ඒවා උඩට මම කාමරේ තිබ්බ ඇදුම් ටිකත් දැම්ම. දැන් කාටවත් හිතෙන්නේ නෑ මේ බෑග් එකේ සල්ලි තියෙනවා කියලා.

අර බෙනේ හංගපු සල්ලිත් මේකට එකතු කරලා ණයට ගත්ත අයට ඒ සල්ලි දෙන්න පුලුවන්.

හිතපු මම දැක්කේ නිශා දුන්න නොපෙනෙන ශක්තීන් පොත.

“මේකත් අරන් යමුද……”

මගේ හිත කිව්වේ ඒකත් අරන් යමු කියලා.අවසානේ මම ඒ පොතත මගෙ බෑග් එකට දාගත්තා.

එදා මම සල්ලී ගත්ත අල්මරිය තිබ්බ කාමරේ තිබ්බ දොර තිබ්බේ වහලා. ආයේ සල්ලි ගන්න මට අදහසක් තිබ්බේ නෑ.මට ඕන වුනේ හැකි ඉක්මනය මේ යකිනි කැලේ අස්සෙන් එලියට යන්නයි.

නිශාගෙ ගෙයින් එලියට බැහල ගිහින් අර සල්ලි හංගපු ගහේ බෙනේට අත දාල සල්ලි ගනිද්දීමයි මගෙ පිටිපස්සෙන් හඩක් ඇහුනේ.

හොදටම බයවෙල පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ කීකී බැල්ලී.

“කීකී උබ ,මම හොදටම බය වුනා..”

බය නිවිලා මම ඒක කියද්දී කීකී මගේ ඇග දිගේ බඩගන්නා පටන් ගත්තේ උපරිම සතුටින්.මටත් කීකී දකිද්දී මට හැගුනේ මගේ හොදම යලුවෙක් හම්බවුනා වගේ හැගීමක්.

“කීකී උබ එහෙනම් අරූගෙන් බේරුනා.මම හිටියේ උබ ඌට අහුවෙල මැරුනද කියලා.”

“කීක්..කීක්…”

ඇය හඩ නැගුවා.

“උබ එනවද මාත් එක්ක යන්න ,දැන් අපිට කරදර කරපු එකෙක්වත් ඉතිරිවෙලා නෑ..”

” බුහ් බුහ්…..”

බැල්ලියට ඒදේ තේරුනාද නොතේරුනද මම දන්නේ නෑ. ඒත් කීකී ඊට පස්සේ මම පිටිපස්සෙන් එන්න පටන් ගත්තා.

** ඊලග දවසට අරුනලු නැගෙද්දී මට යකිනි කැලේ මැදින් වැටිලා තිබ්බ මිනිසුන් එහෙ මෙහෙ යන පාරටත් වැටෙන්න පුලුවන් වුනේ කිකී බැල්ලීගේ උදවවත් එක්කමයි.

එක වෙලාවකට මට හිතෙන්නේ මමත් ,කීකී බැල්ලියත් එකම බෝට්ටුවක වැටුන දෙන්නෙක් කියල. මොකද මාකස් නිශාල කීකී බැල්ලී අරගෙන ඇවිල්ලා තිබ්බේ අර මල නොමල සතාට යලි පන දෙන්න හිතාගෙන ඒ අරමුනෙන්. නිශා මාව රවට්ටගෙන ආවේ ඊලග අමාවක රාත්රියේ පණ පිටින් මගේ හදවත අරගෙන ඇයගේ අමුනුශ්ය ආත්මය දිගටම ඉදිරියට යවා ගන්න හිතන්.

ඒ දෙකෙන්ම මමයි කිකියී බේරිලා පැනගන්න පුලුවන් වුනා.

මොනව වුනත් ,යකිනි කැලේදී මට ඒ වුන බිවුසුන සිදූවීම පෙල ගැන හිතද්දී මට තව එක දෙයක් පැහදිලි වුනා. ඒ හැම අදුරු වලාකුලක් ඇතුලෙම රිදී රේඛාවක් තියෙනවා කියන කතාව.

ණය බරින් බයෙන් ගමෙනුත් පැනලා හිටපු මට දැන් නිශා ගේ නිවසෙන් හම්බවුන ඒ ලක්ශ ගානක් මුදල ණයට ගත්තු අයට දීල දැන් ඒ ණය මට පියවන්නත් පුලුවන්. ඒ ගැන හිතද්දී සිතට දැනෙන්නේ සැහල්ලුවක්.

වුන දේවල් ගැන හිතෙද්දී මට ලොකුම ලොකු දුකක් දැනෙන්නේ නිශා පනපිටින් හදවත් අරගෙන අර මරල දාපූ අසරණ තරුණයා ගැනයි. අර බලගතු සුරය තව දවසක් කලින්වත් හම්බවුනානම් ,මට ඒ අසරණ තරුණයාත් බේරගන්න තිබ්බා..

ඒවා ගැනත් දුකින් සිහිකර කර මම කීකීත් එක්ක යකිනි කැලේ මැද තිබ්බ පාර දිගේ ඉස්සරහට ම ඇවිදගෙන ගියා………ලේ පිපාසිතයින්ට සමුදෙන්න අවසරයි

කොටස් 24 ක් තිස්සේ මගේ කතාවත් එක්ක එකතුවෙලා ඉදලා ,කතාව කියවපු ලයික් කමෙන්ට්ස් දාපූ ඔක්කෝම යහලු යෙහෙලියන්ට ගොඩක් ස්තූතීයි.

ඉතින් මට අනිත් හොල්මන් කතා ලියන අයට වගේ ඔයාලට උපරිම බයක් හිතෙන විදිහට කතා ලියන්න මම දක්ශ නෑ. කුතුහලයත් එක්ක කියවන අයට උපරීමේටම තේරෙන විදිහටයි කතාව මට ලියන්න ඕනා වුනේ. ඉතින් කතාව කියවපු අයට කතාව තේරෙන්න ඇති කියලා හිතෙනවා…..වැරද්දක් වුනානම් සමාවෙන්න. කතාවේ අවසානය සමහර විට සාර්තක නැතුව ඇතී

එහෙනම් කට්ටිය හැමදාම සතුටින් ඉන්න. මම සමුගන්නම්……මම ඔයාලට ගොඩාක් ආදරය කරන රාස්……

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

අලුත්ම හොල්මන් කතාව රෑ 9යට

 

12 thoughts on “ලේ | 24 අවසන් කොටස | හොල්මන් කතා”

    1. මෙ තමයි මන් කියවපු කුතුහලයෙන් පිරුණ හොල්මන් කතාව …..හරිම ලස්සනයි…

      1
  1. Thakshi Deepali Jayasuriya

    Kathawa lassanai….. Bayai kuthuhalei musu wechchi lassana kathawak…. Thawa me wage kathawak danna apita kiyawanna…. Best of luck raas… ???

  2. Lassan kathawa godak hodata liyala tibba. Kuthuhalaya hugak thibba. Ilaga kotasa kiyawanakn pissu wage e tharam lassnata galagena giya. Oya hugak dakshai all the best

  3. Harima lassanai kathawa awasan wuna hati.oyage katha komath lassanai..mekath mn mula idala iwara wenaknma kiyewwa..digatama me wage katha liyanna..all the best

  4. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    නියමයි කතාව ,
    කියවලා අවුරුද්දක් විතර වෙනෝ…?
    බය හිතෙනෝ..?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.