Katha Ahura

මියදුනු අය සොයන් |19 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් Episode 19

“මාව ඒ විදිහට මරල දැම්මේ මගේ හොදම යාළුවයි ,, මම යාලුවෙලා හිටිය කෙල්ලයි දෙන්න එකතු වෙලා….”

“ඒත් ඇයි,,,ඒ ඒ දෙන්න ඇයි එහෙම දෙයක් කෙරුවේ ,උබව ඔය විදිහට මරලා දාන්ඩ තරම්.”

මට මේ කිසිම දෙයක් හිතාගන්ඩ බැරි වුනා.

“විශ්වාස කරන්ඩ බෑ නේද ???? ,ඒත් උබ විශ්වාසකරයි මගේ කතාව අහල ඉවර වුනාට පස්සේ”

මම ඊට මොකුත් කිව්වේ නෑ,, කතාව ඉක්මනින් අහන්ඩයි මට ඕනා වුනේ. ටික වෙලාවක් නිහඩ වෙලා හිටපු අර හොල්මන් තරුණයා හේමාල් ඔහුගේ කතාව කියන්ඩ පටන් ගත්තා.

“මම හේමාල් ,,මම ජීවත් වෙලා හිටපු කාලේ නම තමා ඒක. මගේ ජීවත් වෙලාහිටපු කාලේ හොදම යාලුවා ,ඒ කියන්නේ අවසානේ මාව මරල දාපු ඒ යාලුවගේ නම තමා නිම්සර. නිම්සර මට මුලින්ම හම්බවුනේ මම ගමේ ඉස්කෝලෙන් ශිශ්යත්වේ ලකුණු 100 ට වැඩිය අරන් පඩුවස්නුවර ඉස්කෝලෙට ගියාට පස්සෙයි.

නිම්සරයි මමයි අපි දෙන්නම වැටුනේ එකම පන්තියකට. අපි දෙන්නගේ අදහස් , ආසාවල් ඔක්කොම එක සමාන වුනා. පන්තියෙන්ම ලස්සනට සින්දු කියන්ඩ පුලුවන් වුනෙත් මටයි නිම්සරටයි විතරයි. මේ හින්දම ගුරුවරු පවා අපි දෙන්නා දිහා බැලුවේ ගොඩක් ආදරෙන්.

ඉස්කෝලේ යන දවස්වල බස් එකෙන් බැහල ගේට්ටුවෙන් ඇතුලුවෙන කොටම හැමදාම වගේ නිම්සර මාව එක්ක යන්ඩ ඒ ගේට්ටුව ලගට ඇවිල්ල හිටියා. පඩුවස්නුවර ඉස්කෝලේ පේලියට හිටවල තිබ්බ ඒ උස කස ගස් මැද්දෙන් මමයි නිම්සරයි ඉස්කෝලේ ගේට්ටුව ලග ඉදන් පන්තිය ලගට යනකම් ගිය හැටි මට අද වගේ මතකයි.

ඒ දවස්වල ඉස්කෝලේදි කවුරු හරි කෙනෙක් මට ගැහුවොත් රිදෙන්නෙ නිම්සරට. මට ගහපු එකාට මම ගහන්ඩ කලින් ඌට ගහන්නේ නිම්සර. ”

“එත් ඔච්චර හොද යාලුවෙක් වෙලා ඇයි නිම්සර ඔය වගේ දෙයක් කෙරුවේ”

මම ඇහුවා.

“නිම්සරටයි මටයි සින්දු කියන්ඩ සංගීතෙට දක්ශ වුනාට අපි දෙන්නට එච්චරටම හොදට ඉගෙන ගන්ඩ නම් බෑ. නිම්සර හිටියේ මටට් වඩා පහලා. උසස්පෙල යනකම් ඉගෙන ගත්තත් අපි දෙන්නට බැරි වුනා කැම්පස් යන්ඩ පාස් වෙන්ඩ.

ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මගෙයි නිම්සරගෙයි තිබ්බ සංගීත කණ්ඩායමක් හදාගන්න සිහිනයක්. ඒ සිහිනය හැබෑවක් කරලා මමයි නිම්සරයි තවත් කොල්ලේ සෙට් එකක් එක්ක එකතු වෙලා පුංචි සංගීත ගෲප් එකක් හැදුවා. , ඒකට අපි දැම්මේ ” යෙලෝ ස්ටාර්” කියන නම.

ටික කාලයක් යද්දී අපේ ගෲප් එක ජනප්රිය වුනා. මේ පැත්තේ තිබ්බ වෙඩින් වල පුංචි අවුරුදු උතසවල සින්දු කියන්ඩ ගියේ අපේ ගෲප් එක.

නිම්සරට පුදුම හැකියාවක් තිබ්බ සමහර ගායකයන්ගේ කටහඩවල් අනුකරනය කරල සින්දු කියන්ඩ , ඒ විතරක් නෙමේ සමහර ගායිකාවන්ගේ කටහඩවල් පවා අනුකරනය කරන්ඩ හැකියාවක් තිබ්බා.

මට ඒ වගේ දක්ශ කමක් තිබ්බෙ නැතත් ,මට හැකියාවක් තිබ්බ ලස්සනට පද පේලි ගලපවල සින්දු හදන්ඩ , ගොඩක් මම සින්දු හැදුවේ ජන්ප්රිය හින්දි සින්දුවල තනුවලට. ඒ සින්දුත් අපි අපේ ගෲප් එකේ කියපු හින්ද අපිටම කියල අනේකත්වයකුත් අපිට හදා ගන්ඩ පුලුවන් වුනා..

** musical group එක හැදුවට පස්සේ නිම්සර ගොඩක් දවස්වල නැවතිලා උන්නේ අපේ ගෙදර , නිම්සරලගේ ගෙවල් තිබ්බේ මෙහෙ ඉදල ටිකක් දුරකට වෙන්ඩ.”

“ඒත් එච්චර ලගින් ආස්රය කරපු යාලුවෙක් ඇයි හේමාල්ට ඔය වගේ දෙයක් කෙරුවේ.”

මට යන්ඩ ඕන උනේ එතෙන්ට , කතාව දිග්ගැස්සෙනවට මම එච්චර කැමත්තක් දැක්වුයේ නෑ. ගිහන්සාත් හොල්මන් හේමාල්ගේ කතාවට කන්දීගෙන ලගම තිබ්බ ගහකට හේත්තු වෙලා හිටියා.

“මම ඉස්කෝලෙදි විතරක් නෙමේ…දහම්පාසලෙත් සමිතියෙදි සින්දු කිව්වා. අපේ ගමේ දහම් පාසලක් තිබ්බෙ නෑ ,, ඒ හින්දා මම දෝතැල්ලේ දහම්පාසලට ගියේ. ඒකට යද්දියි මට ලසිකාව හම්බවුනේ.

මම හිතපු හැටියට දහම්පාසලේ මගේ සින්දු අහන්ඩ වැඩිපුරම ආසාවක් තිබ්බේ ලසිකට කියලා. මොකද මම සින්දුවක් කියල ඉවර වෙද්දි එයා මට කියනව තවත් සින්දුවක් කියන්ඩ කියලා.

ලසිකා කියන නමේ තේරුම තමා ‘හැමවෙලාවෙම ලස්සනට හිනාවකින් මුව සරසන් ඉන්න යුවතිය ” කියන එක.

ලසිකට ඒ නම නියමෙට ගැලපුනා,, මොකද අනිත් කෙල්ලො වගේ නෙමේ ලසිකා හැමවෙලාවෙම හිටියේ ලස්සනට හිනාවෙච්චි ගමන්.

පන්තියෙන් පන්තිය ඉහලට යන්ඩ යන්ඩ මම ඒ ලසිකගේ හිනාවට ආදරය කරන්ඩ පටන් ගත්තා. ඉරිද වෙනකම් මම ඇගිලි ගැන ගැන හිටියේ දහම් පාසල් ගිහින් ලසිකගේ මූන බලන්ඩ ආසවෙන්. ලසිකත් මම ගැන එහෙම් හැගීමකින් හිටියද කියලා මම දන්නෙ නෑ.

ඒත් එයා මගේ කටහඩට මම සින්දු කියන විදිහට ගොඩක් ආසයි කියල මට තේරුනා.

එක දවසක් අපි දෙන්න තනිවෙච්ච වෙලාවක් ලසිකා කිව්වා. ‘හේමාල් අයියේ ඔයාගේ ඔය ලස්සන කටහඩින් සින්දු කියනකොට අපි වගේ මනුස්සයො විතරක් නෙමේ දෙවිවරුත් වශි වෙනවා ඇති ‘කියලා.

එදා ඒ ඉරිදා මට අද වගේ මතකයි. හුග කාලයක් පායලා වැස්ස වැටුන දවසක්. දහම් පාසල ඇරෙන්ඩ ටිකකට කලින් ලසිකා මම හොයන් ආවා. එයා මට කාටවත් ඇහෙන්නෙ නැති වෙන්ඩ කිව්වා. හේමාල් අයියේ ගෙදර ගිහින් දහම් පාසල් අච්චු පොත පෙරලල බලන්ඩ කියලා.

එදා දහම් පාසල ඇරිලා ගෙදර ගිය ගමන්ම මම මගේ කාමරෙ දොර වහන කාටත් හොරෙන් දහම් පාසල් අච්චු පොත පෙරලල බැලුවා.

එහෙම පොත පෙරලගෙන යද්දියි මම දැක්කේ…….මොකක්ද කියලා දැනගන්ඩත් එක්ක මම තව කොටසක් අරන් ආයේ ඔයාල හම්බවෙන්ඩ එන්නම් ,, එතකම් අනුමාන කරන්ඩ පුලුවන් කට්ටිය අනුමාන කරන්ඩකෝ……

කතාවක් ඇතුලේ තවත් කතාවක් අද කොටසේ ලිව්වේ , ටිකක් බෝරින් වැඩක්. කතාව හොල්මන් කතාවක් වුනාට කියවන අයට බයනම් හිතෙන්නෙ නැතිව ඇති.

3 thoughts on “මියදුනු අය සොයන් |19 කොටස| හොල්මන් කතා”

  1. Kella liumak liyala kollata adarei kiyanna athi neda?
    Ada chuti kotsk damme ai ane.hetanam diga kotasak onii.kathava lassanai ada.katha godak baya hithena vidiyata nathi unata kuthuhalaya hodata thiyanava.apith balagenama innava holmanak hamba venakan hodada ?
    Good luck?????

  2. Chathu indeewaree

    කතාව ලසනයි අනේ. දැනුයි අනේ කතාව කියෙව්වේ රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් මම. මේ වෙලාවට කියවද්දිනම් කොහොමත් බය හිතෙන්නෑනේ.. එපිසොඩ් එකනම් දිග මදි හොඳේ …. අදවත් මීට වඩා දිග එපිසොඩ් එකක් දාන්නා. ප්ලීස්…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.