Katha Ahura

මියදුනු අය සොයන් |20 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් Episode 20

එහෙම පොත පෙරලගෙන යද්දියි මම දැක්කේ පොත අස්සේ තිබ්බ දෙකට තුනට නමල තිබ්බ පොතක කොලයක්.

“කෙතරම් ආදරෙයිද මා ඔබේ කටහඩට
මියදෙන්න උනත් හැකියි ඔබේ කටහඩ අසා මට
ඔබ දන්නෙ නෑ මම ඔබේ කටහඩට පෙම්කරන තරම
ඔබේ හඩ ඉදිරියේ මම අසරණ වෙලා හොදටම”

මීට ලසිකා……

ඒක කියවද්දි මට තේරුනා ලසිකාත් මට ආදරේ කරනව කියලා. මම ලසික ලියපු ඒක ඒ වෙලාවේ සිය පාරක් විතර කියවන්ඩ ඇති.
***************************************

ඊට පස්සේ හොල්මන තරුණයා හේමාල් ,,,,,,මමයි ,ගිහන්සයි එක්ක කියාගෙන ගියේ ඔහුගෙයි ලසිකගෙයි ආදර කතාව. පාසලෙන් out වෙච්ච ගමන් දෙන්නටම ඕන වෙලා තිබිල තියෙන්නේ විවාහ වෙන්ඩ. ඒ තරමටම දෙන්නට දෙන්න නැතිව ඉන්ඩ බැරි තත්වයක් උදා වෙලා තිබිලා. ගෙවල් දෙකටත් මේ සම්බන්දය ගැන රහසක් වෙලා තිබිලා නෑ.

මේ දවස්වලම තමයි හේමාල් නිම්සරලා තවත් කොල්ලො කීප දෙනෙක් එක්ක musical group එකක් හදන්නේ.

පස්සෙ පස්සේ හේමාල් ලසිකව හම්බවෙන්ඩ එයාලගේ ගෙදර ගිහින් තියෙන්නේ හේමාල්ලාගේ ගෙදර නවතින්ඩ ආපු නිම්සරත් එක්ක.

ඉක්මනටම හේමාල් එක්ක විවාහ වෙන්ඩ ආස කරපු ලසිකගේ අදහස් වෙනස්වෙන්ඩ පටන් අරන්තියෙන්නෙත් මේ සමගමයි. හේමාල්ට හිතිල තියෙනව ලසික වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවාදො කියලා, ඒත් ඒ කවුද කියලා හේමාල්ට හොයා ගන්ඩ බැරි වෙලා.

පුංචි කාලේ ඉදන් අදාරේ කරපු ලසිකගේ මේ හදිසි වෙනස් වීම දැකල හේමාල් ලසිකට එක එක බලපෑම් පවා කරලා.

එක දවසක් හවස 05 ට විතර ලසිකාගෙන් හේමාල්ට කෝල් එකක් ඇවිත් තියෙනවා. දෝතැල්ල්ලේ වැවට එන්ඩ කියලා. ලසිකා කියල තියෙන්නේ හවස දෝත්ල්ලේ වැවේ පලා කඩන්ඩ යද්දී වෙඩින් එකකට යද්දි කෙනෙකුගෙන් ඉල්ල ගත්තු රත්තරන් මාලයක් කරෙන් ගැලවිලා වැවේ වැටිලා ,, ඒ ගැන කාටවත් කියන්ඩ බෑ. ඒක හොයන්ඩ එන්ඩ බැයිද කියලා…….

ලසිකා කියන ඕනම දෙයක් කරන තත්වෙකට ඒ දවස්වල හේමාල් පත්වෙලා ඉදලා තියෙන්නේ. ලසිකව විශ්වාස කරපු හේමාල් දෝතැල්ලේ වැවට ගිහින්.

හවස හයට විතර එදා හේමාල් දෝතැල්ලේ වැවට යනකොට ඉර බැහල යන්ඩ ඔන්න මෙන්න.

** ලසිකා හේමල්ව වැවේ ඇතුලටම වැව් කැලේ මැද්දෙන් එක්ක ගෙන ගිහින් තියෙන්නෙ ගොඩක් ගස් කොලන් වලින් වට වුන පැත්තකට.

එකපාරටම පිටිපස්සෙන් ආපු කෙනෙක් හිතාගන්ඩවත් බැරි විදිහට හේමාල්ගේ ගෙලට දරුණු ආයුදයකින් කොටල තියෙන්නේ මේ සමගමයි. වේදනාව ඉවසගන්ඩ බැරි වෙද්දි හේමාල් බිම වැටෙද්දී දැකල තියෙන්නෙ හේමාල්ට කොටල තියෙන පුද්ගලයා කලු රෙද්දකින් මූන වහගත්ත කෙනෙක් බව. සම්පූර්නෙනම කලු ඇදුමකින් ඇදන් හිටපු ඒ කෙනා කවුද කියල හේමල්ට ඒ වෙලාවේ අදුන ගන්ඩ බැරි වෙලා.

එක පාරකින් නැවතුනේ නැතු ඒ පුද්ගලයා හේමාල්ව මැරෙනකම්ම තියුණු තලයක් තිබ්බ පොරවකින් කොටලා.

මැරුනු හේමාල්ගෙ ආත්මය සිරුරෙන් අයින් වෙලා ඉහලට යද්දියි හේමාල් දැකල් තියෙන්නේ තමාට ඒ වගෙ අපරාදයක් කරල තියෙන්නෙ කවුද කියලා. ආත්මය ඉහල අහසේ පාවෙද්දි අර මිනීමරුව එයාගේ කලු මූනු ආවරනය ගැලෙවලා. එතන ඉදලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ හේමාල්ගේ හොදම යාලුවා නිම්සර. හේමාල්ට හොරෙන් ලසිකා සම්බන්දයක් පවත්වගෙන ගිහින් තියෙන්නේ නිම්සර එක්ක.
***************************************

“මට මේදේ හිතාගන්ඩවත් බෑ, එච්චර ලොකු අපරාදයක්, නිම්සරට තිබ්බේ ,,ලසිකට ඔච්චරම ආදරේනම් හේමාල්ව මරන්නෙ නැතිව ලසිකත් එක්ක කොහාට හරි යන්ඩනේ”

ගිහන්සා කිව්වේ හොල්මන් තරුණය හේමාල්ගේ කතාව අසා අවසානයේ.

“එහෙම වුනානම් ඒත් ,,,,ඒක දරාගන්ඩ බැරිව මම මැරෙයි……, මට තරහ මෙච්චර මාව ලගින් ආස්සරය කරපු උන් දෙන්නා මට මෙච්චර වංචාවක් කරපු එකයි. ඒකයි මට උන්ගෙන් පලි ගන්ඩ ඕනා.”

“ඒත් මම කොහොමද ඔය කියන ලසිකවයි,, නිම්සරවයි මේ දෝතැල්ලේ වැව් කැලේට එක්ක ගෙන එන්නේ. මම ඒ දෙන්න මොනවගේද කියල දැකලත් නෑ,, මේ ගම්වල මිනිස්සු ගැන දන්නෙත් නෑ.”

මම කිව්වා.

“මම ලසිකගේ ගෙදරට යන්ඩ පාර කියන්නම්, ඒ ගේ හොයාගෙන හොද සෙවිලෙන් හිටියොත් උබට උන් දෙන්නවම මේ වැව කැලේට එක්ක ගෙන එන්ඩ පොටක් හම්බවෙයි.”

“මම ඒක කෙරුවේ නැත්නම්,, මොකද උබ අපිට කරන්නේ”

“ඒක කෙරුවේ නැත්නම් ,මම ඊයේ අර හොරු දෙන්න ගහේ බෙණේට දාපු සල්ලි උරෙ ආයේ ඒ බෙණේට දාන්නෙත් නෑ. උබට අර ලක්ශ තුන දෙන්නෙත් නෑ….

උබ කොහොමද එතකොට අර මිනීපිටියට එන ළමයාගේ ජීවිතේ බේරගන්නෙ ,,ළමයගේ ජීවිතේ බේරගන්ඩ බැරි වුනොත් ඒ ගෑණු කෙනත් තෙල් බීල මැරෙයි. උබ කැමත් නෑනේ ඒකට නේ.

උබට ඔය වගේ ශක්තියක් කවුරුහරි කෙනෙක් දිල තියෙන්නේ උබට මොකක් හරි අරමුනක් කරන්ඩ තියෙන හින්දා, සමහර විට අර ගෑණු කෙනාගෙයි ළමයගෙයි ජීවිත බේර ගන්න එක ඒ අරමුනේ කොටසක් වෙන්ඩත් බැරි නෑ….”

හොල්මන් හේමාල් එහෙම දෙයක් කියද්දි මට එකපාරටම මතක් වුනේ නර්මදාලා , වත්සලාල කියපු දේවල් , ඒ දෙන්නත් එදා කිව්වේ ඔය කතාවට සමාන කතාවක් නේද??? ඒත් මොකක්ද මගේ ඔය කියන ශක්තිය මොකක්ද මගේ අරමුන,, මට තවමත් ඒ ගැන හිතා ගන්ඩ බෑ.

“හරි මම කැමතියි උබට උදව් කරන්ඩ ,, මට කියපන් ලසිකාලාගේ ගෙදරට යන පාර”

“හරි වරෙල්ලා මගේ පිටිපස්සෙන් , මම ඒ ගෙදරට යන්ඩ පාරක් පෙන්නනම්”

කියපු හොල්මන් හේමාල් වැව්කැලේ මැද්දෙන් යන්ඩ පටන් ගත්තා. මමයි ගිහ්න්සයි ඒ පස්සේ වැටුනා.

* වැව් කැලේ පීර ගෙන එලිමහන් පැත්තකට ගිය හොල්මන් හේමාල නතර වුනා තැනක.

“මේ බලපන් මේ ,, තියෙන්නේ මේ වැවට වැටෙන ඇලක්,,, මේ ඇල පාර දිගේ උඩහට ගියාම මේ ඇල යනවා බොරලු පාරක් මැදින්, එතන ලොකු බෝක්කුවක් දාල තියෙනව.. ඒ බෝක්කුව ලගම තියෙන ඇල පාරට දකුණු පැත්තෙන් තියෙන සුදු තීන්ත ගාල තියෙන ගේ තමා ලසිකලගේ ගෙදර. මේ ලගදි ඒ ගෙට අලුතින් කෑල්ලක් අරන් තියෙනවා. ඒ කෑල්ලෙ වහලෙට ගහල තියෙන්නෙ ශීට්. කලින් කැල්ලේ තිබ්බෙ වහලෙ තියෙන්නෙ උලු , ඒ හින්දා මේ ගේ හොයාගන්ඩ ලේසියි.”

හොල්මන් තරුණයා හේමාල් එතන් තිබ්බ ඇලක් පෙන්නල කිව්වා.

“ඉතින් හේමාල් ඔයත් එන්ඩකෝ අපිත් එක්ක යන්ඩ ”

“බෑ මට එන්ඩ විදිහක් නෑ මට මගේ සීමාවක් තියෙනවා, එතනින් එහාට යන්ඩ මට ශක්තියක් නෑ…..”

ගිහන්සාගේ අදහසට හේමාල් කැමත් උනේ නෑ.
***************************************

මමයි ගිහන්සයි හේමාල් කියපු විදිහට ඒ ඇලට බැහල යන්ඩ පටන්ගත්තා. ගෙවල් දොරවල් කිසිවක් ඇල දෙපැත්තෙ තිබ්බේ නෑ අපි බොහෝ දුරක් යනකම්. තිබ්බේ ඇල දෙපැත්තේම ලොකු පොල් වත්තක්.

එහෙම පැය භාගයක් විතර ගියාට පස්සෙයි අපිට මිනිස් වාසයක් තිබ්බ පැත්තකට යන්ඩ හම්බවුනේ.

“අරක වෙන්ඩ ඇති ලසිකලාගේ ගෙදර”

ඇල බොරලු පාරට ලන්වෙන තැන ලගම තිබ්බ ගේ පෙන්නලා ගිහන්සා කිව්වා.

එක විදුලු බුබුලක් නොදල්වපු කට්ට කරුවලෙ තිබ්බ ගෙයක් මමත් දැක්කේ ලාවට තිබ්බ සද එලියෙන්.

“ඔව් ඒක වෙන්ඩ ඕනා ලසිකාලගේ ගේ ,, ඒත් අපි කොහොමද ,,ලසිකා මොනවගේ කෙනෙක්ද කියලා හොයාගන්නේ ,, මේකනම් හරිම අමාරු වැඩක් ,, මදැයි මම හොල්මනක් බලන්ඩ තිබ්බ ආසාව නිසා උන දෙයක්”

මට ඒක කියල කට ගන්ඩ හම්බවුනේ නෑ,,,අපේ පැත්තට ආවේ හයියෙන්……………….මොකක්ද කියල දැනගන්ඩ එක්ක , මම තව කොටසක් අරන් ඉක්මනට එන්නම්.

මම හරි අමාරුවක වැටිලා ඉන්නේ ,,කොහොමද ලසිකවයි , නිම්සරවයි මහ රෑ දෝතැල්ලේ වැවට එක්කගෙන යන්නෙ කියලා.

කතාව කියවන ඔය කට්ටියට දෙන්ඩ බැයිද මට ඒකට හොද අදහසක්. හිමකරටයි , ගිහන්සටයි උදව් කරන්ඩ ඔයාල කැමතිද????

4 thoughts on “මියදුනු අය සොයන් |20 කොටස| හොල්මන් කතා”

  1. Eyalava ekkagena yanna hemal ganama kiyala baya karala.ethakota ekkan yanna puluvan vei samahara vitaaa?
    Kiyavana apit අමාරුවේ vatila inne ane venne monavada kiyala hithanna gihin.e nisa api ganath hithala hetath digama diga kotsk denna hodada??
    Good luck ??????

  2. Vibushani madu

    Lasikata kiynna nimasara wawa gawa innawa kiyla kauru hari gahala hari mokak hari kral kiyla nimasarata kiynna lasikawa kauru hari wawa paththat aran ynawa dakka kiyl e wage hoda naddooo ane manda raaz kathawanm enna enna mona wenawd kiyla hithagnna ba ane baya hithen nathi unata kathawe kuthuhalaya thiyn nisa lassanai hode bs ehenm good luck ???

    1. Ane manda issellama e denna yaluwo kara gena inna. Ita passe mokak hari karala ethenta ekkan enna. Hetath digama diga kotasak aran enna honde bs

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.