Katha Ahura

මියදුනු අය සොයන් |24 කොටස| හොල්මන් කතා

4/5 - (3 votes)

මියදුන අය සොයන් Episode 24

මම නුග ලගට ලන්වෙද්දිම අපේ ප්ලෑන් එකේ විදිහටම ගිහන්සා පාර මැද මුනින් තලාවට වැටිලා හිටියේ කාගෙන්හරි කරදරයක් වුන විදිහට. ලසිකයි නිම්සරයි බයික් දෙක හිටවල ගිහන්සා දිහා බලන් හිටියේ මගේ හිතට සතුටක් එක්කරගෙන.

“නිම්සර අයියේ මේ ,,ගෑනු ළමයට මොකක් හරි කරදරයක් වෙලා වගේ ,කවුද මෙයා”

ලසිකා කලබලෙන් එහෙම කියල බයික් එකෙන් බැහල ගිහන්සා ලගට ගියා. නිම්සරත් ඒ පිටිපස්සෙන් ගියා. තවම ඒ දෙන්නා මම ගැන ඉව වැටිලා තිබ්බේ නැත්තෙ ගිහන්සා කෙරේම ඒ දෙන්නගේ හිත තිබ්බ නිසා වෙන්ඩ ඇති.

ඒත් ඊට පස්සේ උනේ මම කිසිසේත් හිතපු දෙයක් නෙමේ.

“මියැසි ඔ…….ඔ යා……….”

ගිහන්සාගේ මූන දැකපු ලසිකා බය වෙලා කෑ ගැහමින් පස්සට පැන්නේ හොල්මනක් දැකල වගේ…මෙච්චර වෙලා මුනින් තලාවට වැටිල හිටපු ගිහන්සා එක පාරටම නැගිටිද්දී ලසිකා කපා හෙලූ ගහක් වගේ බිමට වැටුනේ සිහි නැතිවෙලා…..

“ලසිකා ලසිකා මොකද ඔයාට වුනේ ,,,උබ කවුද ”

බිමට වැටෙන්ඩ නොදි නිම්සර ලසිකව අල්ල ගෙන ගිහන්සාගෙන ඇහුවේත් මම එතනට ගියේත් එකම වෙලාවකයි.

“උබල දෙන්නා කවුද”

“අපි දෙන්න කවුද කියල වැඩක් නෑ……ගිහන්සා ලසිකගේ බයික් එක ස්ටාට් කරගෙන ඉක්මනටඑන්ඩ ”

කියපු මම සිහි නැතිව ඉන්න ලසිකාව මම ලගට අරන් නිම්සරගේ බෙල්ලෙන් අල්ලල ඈතට තල්ලු කෙරුවා. මගේ තිබුන අර අමුතු ශක්තිය ඉස්සරහ නිම්සර ඈතට ගිහිල්ලා වැටෙද්දි ,ගිහන්සා ලසිකගේ බයික් එක ස්ටාට් කරගෙන ඇවිත් මම ලග.

“නිම්සර උබ ,,මේ කෙල්ලට ගොඩක් ආදරෙයිනම් අපේ පිටිපසේ ඇවිල්ල බේර ගනින්….”

ලසිකාව බයික් එකට නග්ගවල මමත් ඒකෙ ඉදගනිද්දි මම කිව්වා. ගිහන්සා බයික් එක අරන් ඉසරහට ගියා.

“ඔහොම නැවතියල්ලා,,,උබලට මොනවද ඕනා ”

දනිපනි ගාගෙන නැගිටපු නිම්සර අපි පිටිපස්සෙන් එලවන් ආවත් අපේ බයික් එක අල්ලගන්ඩ ඔහුට හැකිවුනේ නෑ.

ඊට පස්සේ අපේ උගුලට ඇටවුන නිම්සර ,ඔහුගේ බයික් එක ස්ටාට කරන් අපි පාරේ ලුහු බැදගෙන ආවා.

“ටිකක් වේගෙන් යමු ගිහන්සා ,,,දෝතැල්ලේ වැවට යනකම් ඌට අපුව පාස් කරන්ඩ දෙන්ඩ බෑ…..”

අපියි නිම්සරයි අතර මීටර් සීයක් විතර පරතරයක් තියෙද්දි මම කලබලෙන් කිව්වා. ගිහන්සා බයික් ඒකේ වේගේ වැඩි කෙරුවා ඒ සමගම.

කිසිම මිනිහෙකුට මුන නොගැහී අපි දොතැල්ලේ වැවේ වෑකන්ද ට ආවා ලේසියෙන්ම. නිම්සරත් එතනට එනකම්ම අපි පිටිපස්සෙන් ආවා…

බයික් එකෙන් බැහපු මම ගිහන්සාව කරට ගත්තේ හේමාල් ඉන්න ඉසව්ව කරා යන්ඩ හිතන්.

“උබල ඔය කෙල්ලට මොනවද කරන්ඩ හදන්නේ ,,මොනවද උබලට ඕනා ”

දෝතැල්ලේ වෑකන්දින් වැවට බහිද්දී නිම්සර කෑ ගැහුවා. මේ වෙද්දී මට දැනුනේ ලසිකාට ආයේ සිහිය ඇවිල්ල කියලා…..මොකද ඇය ඔට්ටු වුනා.

“මට ඕනා උබල දෙන්නව …”

එක පාරටම මම ඉස්සරහින් මහ හඩක් නගමින් අත්තක් කඩන් වැටුනෙත්. අරහෙම කියාගෙන ලේ පෙරාගෙන ලේ පෙරාගත් හේමාල් අපි ඉස්සරහර පැන්නෙත් එකම වෙලාවක්.

“හේමාල් ඔයා…..ඔයා මැ….මැරිලා…..”

අටවක සද එලියෙන් මම දැක්කේ ඇස් ලොකුකරගෙන බය වෙලා ඉන්න නිම්සරව.

“හහ්….හහ්……මැරිලා ,,මැරිලා නෙමේ යකෝ,,තොපි දෙන්න එකතු වෙලා මාව මරල දැම්මා………..එකේ වන්දිය ගෙවන්ඩ උබල දෙන්න දැන් ලෑස්ති වෙයල්ලා..”

** කියාගෙනම නිම්සර ලගට පැන්න හේමාල් නිම්සරගේ බෙල්ලෙන් අල්ල ගත්තා. හොල්මනක් වූ හේමාල්ගේ ග්රහනයෙන් මිදෙන්ඩ නිම්සර ඔට්ටුවුනත් ඒක අසාර්තක උත්සාහයක් පමනක් වුනා.

“උබල දෙන්න නියමෙටම වැඩෙ කෙරුවා….මම හිතුවේ නෑ ,,උබල දෙන්න ඔච්චරම ඉක්මනට මුන්දෙන්න මම ලගට එක්ක ගෙන එයි කියලා…”

හේමාල් කිව්වේ මම දිහා බලන්.

“හැබයි අපේ ගනුදෙනුව තවම ඉවර නෑ,, අර අපෙන ගත්ත ලක්ශ තුන අපිට ආපහු ඕනා… ඒ විතරක් නෙමේ ,,අපි අර කිව්ව විදිහට මේ දෙන්නව මර්ලා දාන්ඩත් බෑ…..”

මම ඒක මතක් කර්ලා දුන්නා.

“හරි ඕකොම හරි ,මගේ වැඩේ කෙරුවට පස්සේ අද රෑ ම මම ඒ සල්ලි උබලට දෙනවා… හැබයි එකක් ,උබල දෙන්නට මෙතනින් එහාට අඩියක් වත් ඉස්සරහට එන්ඩ බෑ…. එහෙම කෙරුවොත් විතරයි ඒ වැඩේ වෙන්නේ….හරිද ,මට මුන් දෙන්නට කරන්ඩ යන දේ කරද්දි මොකෙකුගෙන්වත් බාදාවක් වෙන්ඩ බෑ……..හරිද”

“හරි අපි දෙන්න මෙතනින් එහාට එන්නේ නෑ,,,හැබයි අර කලින් කිව්ව වගේ මේ දෙන්න මරල දාන්ඩ ඔට්ටු නෑ……..උබව විශ්වාස කරපු හින්දයි අපි මේ දෙන්නව උබ ලගට එක්කගෙන ආවේ …….”

ඊට කිසිවක් කියපු නැති හේමාල් එක අතකින් නිම්සරගේ බෙල්ලෙන් අල්ල ගෙන අනිත් අතින් මම ලග හිටපු ලසුකාගේ දිගු කෙස් වැටියෙන් අල්ල ගත්තා. ඉන් නොනැවතුන ඔහු නිම්සරගෙයි ලසිකාගේ කකුල් දෙකෙන් අල්ල ගෙන බිම දිග වැව කැලේ පැත්තට ඇදන් ගියේ ලසිකයි නිම්සරයි විලාප තියද්දි.
***************************************

” ,,මටනම් හේමාල්ව එච්චර විශ්වාස කරන්ඩ බෑ…..එයා ලසිකවයි,,,නිම්සරවයි මරල දායිද,,එහෙම උනොත් ඒ පවට අපිත් හවුල් වෙනවා.”

ගිහන්සා කිව්වේ හේමාල් එතනින් ගිහිල්ලා ටික වෙලාව්ක් ගියාට පස්සේ.

“දැන් අපි මොකද කරන්නේ”

“මම කියන්ඩද ,අපි දෙන්න හොරෙන් ගිහිල්ලා බලමු ,හේමාල් මොනවද කරන්නේ කියලා….”

“ඒත් අපි ගැන හේමාල්ට ඉව වැටුනොත් ,,,ගිහන්සා හේමාල් කියන්නේ අපි දෙන්න වගේ මනුස්සයො දෙන්නෙක් නෙමේ ,,,එයා හොල්මනක් ,එයාට අපි ගැන ඉව වැටෙයි,,අපි දෙන්නටත් මොනව හරි කෙරුවොත් ,එයා කිව්ව දේ ඇහුවේ නෑ කියලා….”

මම කියපු දේට ගිහන්සා කෙරුවේ අමුතු විදිහට හීනාවක් පෑව එක.

“ඇයි හිනා වෙන්නේ ,,මම හිනාවෙන්ඩ දෙයක් කිව්වේ නෑ…….”

“නෑ හේමාල් අපිට මොකුත් කරන්නෙ නැති වෙයි..මම කියන දේ අහල අපි යමු ,,,, මම හිතන්නේ හේමාල් අර දෙන්නව ඇද ගෙනගියේ අර බෙනේ තිබ්බ විශාල ගහ ලගට. ඉතින් යමුකෝ……….”

මගේ අතකිනුත් අල්ල ගත්ත ගිහන්සා වැව් කැලේ පැත්තට ගියේ මාව ඇදගෙන වගේ…..

“එපා……………………….”

යටගිරියෙන් කෙනෙක් කෑ ගහන හඩ අපිට ඇහුනේ අපි අර විශාල ගහ ලගට කිට්ටු කරද්දී.

“තව ටිකක් ඉක්මන් කරමු ”

කලබලයෙන් මාවත් ඇදගෙන ගිහන්සා අර විශාල ගහ ලගට දුවන කොටම මම දැක්කේ…………..දැක්කේ මොනවද කියල දැනගන්ඩත් එක්ක මම තව කොටසක් අරන් එන්ඩද ????????????අනුමාන කරන අය එතකම් අනුමාන කරන්ඩකෝ…

මොකද කියන්නේ නිම්සරවයි ලසිකවයි මරලා දාමුද?????????????
සුබ අලුත් අවුරුද්දක් හැමෝටම…!

4 thoughts on “මියදුනු අය සොයන් |24 කොටස| හොල්මන් කතා”

  1. Ohoma awun maralath madi.kenekwa marala Thawa kenekta jiwath wanna aithiyak na.akath niwaradi kenekwa marala.a dennatath kawadawath akata jiwath wenna bari widiye deyak karala jiwitha kalema windawa windawa inna widiye daduwamak denna oni.athakota thamai karapu de waradi kiyala therenne..

  2. Laba uu aluth aurudda sthuta samaya holman piri subma sba aluth auruddak wewa.kathwa nm mara lssnai.mkkda ane himkrta thiyna ble.eya holmank neda.ane ikmnta kynnko

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.