Katha Ahura

මියදුනු අය සොයන් |27 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

මියදුන අය සොයන් episode 27

අරමුන ඉටුකරගන්ඩනම් උබට අර ගෑනු කෙනයි ළමයයි මැරෙන එක නවත්තන්ඩම වෙනවා”

“නර්මදා උබට විකාරද , ඒ දෙන්න බේරගන්න එකත් එක්ක මගේ අරමුන සම්බන්ධ වෙලා තියෙන්නෙ කොහොමද ?, උබ කියන දේවල් මම විශ්වාස කරන්නේ නෑ , මට උබ ගත්ත සල්ලි ඕනේ නෑ,උබම තියාගනින්”

“හහ් ,උබ දැන් මේ වෙලාවේ ඔහොම කියයි. ඒත් උබට දවසක් තේරෙයි උබේ අරමුන මොකක්ද කියලා ,, අරගෑනු කෙනයි ළමයයි තව දවස් පහකින් අනිවාර්යයෙන් ම මැරෙනවා…..උබට ආයේ ඒ වගේ මැරෙන්ඩ යන දෙන්නෙක්ව හොයාගන්ඩ ලේසියෙන් හම්බ වෙන්න්නේ නැති වෙයි. එහෙම උනොත් උබට උබේ අරමුන ඉටුකර ගන්ඩ හම්බවෙන්නෙත් නෑ,,,උබ එතකොට වැටෙන්නේ අපිටත්වඩාපහල තත්වෙකට ,ඔය දැන් උබේ තියෙන ඔය මහ ලොකු ශක්තිය ත් එදාට නෑ…………එතකොට ආයේ අපි හමුවෙමු”

කියපු නර්මදා ආයෙත් සැරයක් සමච්චලයට හිනා වෙලා එතනින් යන්ඩ ගියේ මට හිතන්ඩ ගොඩක් දේවල් ඉතිරිකරලා.

“මට නර්මදා කියපු කිසිම දෙයක් තේරෙන්නේ නෑ ,,,,ගිහන්සා ”

මම ඇයට කිව්වේ බයිසිකලේ පැදන් යද්දී.

“අපිට අයියේ නර්මදා අර සල්ලි හංගපු තැන දවස් පහක් ඇතුලත් කොහොම හරි හොයාගන්ඩ වෙනවා,,,අර දෙන්න ව බේරගන්ඩම වෙනවා , මට හිතෙනවා නර්මදා මොනව හරි දන්නවා කියලා.”

“ඒත් කොහොමද අපි ඒ සල්ලි තියෙන තැන කොතනද කියලා හොයාගන්නේ ”

“ඒ ගැනනම් පොඩ්ඩක් හිතන්ඩ ඕනා ,ඔයා හෙටත් ගනේගම මිනීපිටිය ට එන්ඩකෝ,,මම මොකක් හරි ක්රමය ක් ඒකට හොයාගන්ඩ බලන්නම්”

අහම්බෙන් මට හම්බවුන ගිහන්සා ඒක කිව්වේ එයාගේ ප්ර්ශ්නයක් වගේ, ඒ ගැන මට ඇතිවුනේ ගිහන්සා ගැන ලොකුම ලොකු ගෞරවයක්. නිම්නාදි නර්මදා මැරිලා ඔයා දැක්කේ හොල්මන්ක් කියල කිව්ව එක ඇත්ත බව මේ වෙද්දි මට තේරිලා තිබ්බා. එදා නිම්නාදී ඒක කියද්දි මම එයාට කැත විදිහට බැනපු එක ගැන හිතද්දි මට දැනුනේ බලවත් කනස්සල්ලක්.

***************************************
ඊලඟ දවසේ රෑ නිම්නාදිලාගේ ගෙදර ගිය මට සෑහෙන්ඩ වෙලාවක් ගියත් පවන්ව දැක්කෙ නෑ. බත් කන වෙලාවෙදිවත් පවන් එතනට ආවේ නෑ.

“කෝ නිම්නාදිලාගේ අම්මේ පවන්”

මම ඒක ඇහුවේ තවත් බලන් ඉන්ඩ බැරි තැන.

“පවන්ට උදේ ඉදන්ම උන පුතේ ,අන්න කාමරේට වෙලා දොරත් වහගෙන ඔලුවේ ඉදන් පොරවන් නිදි”

පවන්ගේ මේ අසනීප ය හින්දම එදා රෑ බත් කෑවට පස්සෙ කරන කැරම් සෙල්ලම කරන්ඩ මට හැකිවුනේ නෑ. දැන්ම ගිහන්සා හම්බවෙන යන එකත් කල් වැඩියි ,සිත සිත නිම්නාදිලාගේ සාලය මැදින් යන කොටයි මම දැක්කේ පුටුවක් උඩ තිබ්බ පොටෝ ඇල්බම් එකක්.

කරන්ඩ දෙයක් නැති තැන එය මම පෙරලුවා.

ටිකක් පරණ පොටෝ ඇල්බම් එකක් වුන ඒකේ ,නිම්නාදිලා ,පවන්ලා මොන්ටිසෝරි යන කාලේ ඉදන් තිබ්බ පොටෝ තිබ්බා. මම දිගටම ඒක පෙරලගෙන ගියා. ඇල්බම් එක අවසාන වෙන්ඩ ලන්වෙද්දිම තිබ්බ පොටෝ එකක් දැකල මම ටිකක් එය දිහා බලන් හිටියේ හුරුපුරුදු රුවක් දැක්ක නිසා.

පාසල් නිල ඇදුමෙන් නිම්නාදිත් එක්ක තවත් යෙහෙලියන් මැද හිනාමුසු මූනෙන් හිටියේ ගිහන්සා…..

“ගිහන්සා”

මට ඒක කිව්වා නෙමේ කියවුනා.

“කවුද ගිහන්සා කියන්නේ ”

මට ඇහුනේ මේ දවස්වල මාත් එක්ක තරහින් හිටපු නිම්නාදී ගේ හඩ. මම ඔලුව ඔස්සල බලද්දී දැක්කේ පොටෝ ඇල්බම් එකට නලල රැලි කරන් එබීගෙන ඉන්න නිම්නාදී .

“මේ ඉන්නේ ගිහන්සා ,,,,මම එයාව අදුරනවා,,,ආ දැන්නේ මට මතක් වුනේ එයා එදා හම්බවෙච්ච වෙලාවේ කිව්වනේ එයත් හිටියේ නිම්නාදිලාගේ පන්තියෙමයි කියලා,, මම ඒක ඔයත් එක්ක කිව්වෙ නැත්තේගිහන්සා කිව්වා ඔයාව හම්බවෙචිචි බව ඔයාට කියන්ඩ එපා කියලා……”

“අයියට වැරදිලා…..ඔය ඉන්නේ ගිහන්සා නෙමේ මගේ හිටපු හොදම යාලුවෙක් මියැසි”

මම පෙන්නපු රුව දිහා බලන් නිම්නාදි කියනකොට මට එකපාරම මේ නම වෙන කෙනෙක්ගේ කටකිනුත් පිටවුනා කියල මතක් වුනා. ඔව් මට මතක් වුනා ,,ඒ නම මීට කලින් ඇහුනේ ලසිකගේ කටින්. එදා රෑ ගිහන්සාදකිද්දී “මියැසි ,ඔයා…….කියමින් ලසිකා සිහිනැතිවුන හැටි මට සිහි වුනේ ඇසුරු සැනින්.

“නෑ නෑ මේ නම් ගිහන්සා මයි,,,මට දැන් හිතෙනවා ගිහන්සා මට කියල තියෙන්නෙ බොරු නමක්,,ආයේ හම්බවෙනවනේ මම එතකොට අහන්නම්කො ඇයි එහෙම බොරු නමක් කිව්වේ කියලා,, අනිවාර්යයෙන්ම ම මේ මියැසි යි ගිහන්සා යි එක්කෙනෙක් මයි ඔයාල දෙන්නම හිටියේ එක පන්තියේ කියල එයා කිව්වනේ….”

“මට හිතන්නේ අයියට මිහැසි හම්බවුනනම් හම්බවෙලා තියෙන්නේ ,මීට අවුරුදු දෙහකට විතර උඩදි වෙන්ඩ ඇති………ආයේ ඔයාට මිහැසිව දකින්ඩ හම්බවෙන්නේ නෑ”

නිම්නාදිගේ ඒක කියද්දි හඩේ තිබ්බේ දුක්මුසු බවක්.

“ඇයි එයාව මට ආයේ හම්බවෙන්ඩ බැරි”

මම ඇහුවා….

“මම තව ටිකකින් එයාව හම්බවෙන්ඩ ,ගනේගම මිනීපිටියට යනවනේ ”

ඒ දේ නම් මට හිතුනා විතරයි. කටින් පිට වුනේ නම් නෑ…..

“මියැසි මීට අවුරුදු දෙකකට කලින්…………තවත් කොටසක් අරන් මම හෙට හවස එන්නම්…

ඇයි මේ නිම්නාදි කියන්නේ ,හිමකරට ආයේ ගිහන්සා ව දකින්ඩ හම්බවෙන්නේ නෑ කියලා………..හිතාගන්ඩ අමාරුයි නේ……….

අද පොඩ්ඩයි කතාව ටයිප් කරගන්ඩ පුලුවන් වුනේ …. වැඩ ගොඩක් තිබ්බා .☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

4 thoughts on “මියදුනු අය සොයන් |27 කොටස| හොල්මන් කතා”

  1. මොකද එයා මැරිලනෙ.
    කතාව නම් නියමයි .
    හැමදාම ආසාවෙන් කතාව කියවනවා.
    All the best.
    ?????????

  2. Sachini Ranasinghe

    Eya marilane.. ada poddak unata kamak na heta tikk wadiyen dannako.. kathwanm niyamai.. man hamadama kiyawaddi hithanawa himakarath maruna kenekwathda eyage aramuana mokkda kiyala.. iwasillak na danagannakan.. digatama oyawage katha liyanna..
    All the best..
    Budu saranai..

  3. Eya marila.marila thiyenne wasa bila.ekai nimnadi kiyanne eyva aye hamba venna ba kiyala.dan himakarata gihansagen udau gannth barivei.eya kiuvane eya gana katavathma kiyanna epa kiyala.dan nimnadita kiuvane e nisa gihansage balaya nathivei.
    Kathava adath superb.all the best

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.