Katha Ahura

මියදුනු අය සොයන් |29 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

මියදුන අය සොයන් episode 29

” මොනවද තිසංකයා මම ගැන කිව්වේ ”

” ඌ කිව්වනේ උබ මැරුනයි කියලා……”

“මොකක්”

“හ්ම්ම්ම්ම්ම් ඌ කිව්වා එහෙම ,,ඒත් මම නම් ඒක විශ්වාස කෙරුවේ නෑ,,, මොකද ඌ ඒක කිව්වේ අප්රේල් පලවෙනිද දවසක,,අනික ඌ එතකොට හිටියේ හොදටම ගහල ඉන්න වෙලාවක,,උබ දන්න්වනේ තිසංකයා කියන්නේ මොනවගේ පොරක්ද කියලා,, ඌ තරම් බොරු කියන එකෙක් අපේ පන්තියේ හිටියේ නෑ කියලා උබත් දන්නවනෙ ”

“ඉතින්තිසංකයා කිව්වේ නැද්ද මම කොහොමද මැරුනේ කියලා…..”

විදුර කියපු දේ මගේ එක කනකින් අහලා අනිත් කනින් පිටකරන්ඩ මට බැරි වුනා……තිසංක මම ගැන එහෙම බොරු වක් මම මැරුනා කියලා කියපු කතාවෙන් මගෙ හිතට ගෙන ආවේ දැඩි කම්පනයක්. ඒකට මම මේ මුහුන දෙන අමුතු විදිහේ අත්දැකීම් හේතු වෙන්න ඇති.

“ඌ කිව්වේ බොරුවක් කියල මට හිතුනේ ,,ඒ හින්දාමම උගෙන් ඒ ගැන අහන්ඩ ගියේ නෑ,,උබත් අහන්නේ මාර ප්රශ්න තමා….”

” විදුර උබ ලග නැද්ද ,,තිසංකයා ගේ කෝල් නම්බර් එක ”

“ඇයි උබ ලග නැද්ද ඒක ,,ඒකා උබේ ගමේනේ”

“නෑ අපේ ගමේ එකෙක් වුනාට මම ඒ ගමෙන් මෙහාට ඇවිල්ලා සෑහෙන්ඩ කාලයක් දැන්,,උගේ නම්බරේ තිබ්බ පෝන් එක මගේ අතින් නැති වෙලා…..උබ ලග තියෙනවනම් දීපන්කෝ ,,මට දැන්ගන්ඩ ඕනා ඕකා ඇයි මම ගැන අර වගේ බොරුවක් උබට කිව්වේ කියලා…….”

“හ්ම්ම්ම්ම්ම් හිටපන්කෝ එහෙනම්”

අවසානේ මට විදුරගෙන් තිසංකගේ පෝන් නම්බරේ ඉල්ල ගන්ඩ පුළුවන් වුනා.

අවුරුදු ගානකින් හම්බවුන යාලුවා මගෙන් සමුගෙන ගියේ ආයේ දවසක හමුවෙයිනේ බලාපොරොත්තුව පිටයි.

මගේ කලින් තිබ්බ පෝන් එකට මොනවද වුනේ කියලා අදටත් දන්නේ නෑ. දැන් තියෙන මගේ එක පෝන් එකක් මට හම්බවුනේ රෑ පාරේ යද්දී වැටිලා තිබිලයි.

ඒ පෝන් එකෙන් මට මේ වෙලාවේ ඇති වෙල තිබුණු අමුත් සිතිවිල්ලක් නිසා තිසංකට කතා කෙරුවේ හිමකර විදිහට නෙමේ. අපේ පන්තියේ හිටියා මම කතාකරන විදිහටම බිම්සර කියලා යාලුවෙක්. ඒ හඩින් කතා කරන්ඩ හිතපු මම විදුර දීපු තිසංකගේ නම්බරේ ඔබලා කෝල් එකක් ගත්ත.

** “හෙලෝ ”

රින්ස් යාම ඉවර වුනා ඒ පිරිමි හඩ ඇසීමත් සමග.

“හෙලෝ ඔයා තිසංකද”

“ඔව්……ඔයා කවුද”

” උබට මතකද උබේ පන්තියේ උසම කොල්ලව හැමදාම පිටිපස්සේ පේලියේ හිටිය”

“අඩෝ බිම්සරයා ,,මට එකපාරම කටහඩ හොයා ගන්ඩ බැරි වුනා…….ඉතින් ඉතින් ,මේකද උබේ අලුත් නම්බර් එක.”

“ඔව් ,,,ඒක නෙමේ මට මේ ලගදි විදුරයව හම්බවුනා,,,ඌ තමා මට උබේ නම්බරේ දුන්නෙත්, ඌ කිව්ව කතාවක් අහලයි මට එක පාරටම උබට කතා කරන්ඩ හිතුනේ”

“මොකක්ද”

” ඌ කිව්වා අපේ පන්තියේ අපිත් එක්ක ඉගෙන ගත්තු හිමකර මැරුන කියලා ඌට කිව්ව කියලා….ඒක බොරු නේද……”

ඊට දෙන තිසංක දෙන පිලිතුර දැන ගන්ඩ මම හිටියේ නොඉවසිල්ලෙන් .

“ඔව් බන්,,,,,,හිමකර මැරුනා….මැරුන නෙමේ ඌ මැරුවා……”

ඒක කියද්දී තිසංකගේ හඩ පවා එකපාරටම වෙන්ස් වුනා,, ඒ හඩ ඇතුලේ ගැබ් වෙලා තිබ්බේ ලොකු දුකක්.

“මොකක් උබ මේ ඇත්තම මද කියන්නේ ,ඉස්කෝලේ කාලෙ වගේ බොරුවක් නෙමේ නේද කියන්නේ”

” ඔව් බන් ඇත්තමයි කියන්නේ ,,උබේ කටහඩ ඇහෙද්දි මට හිමකරවත් එකපාරටම මතක් වුනා,,, උබල දෙන්නගේ voice එක කතා කරපු විදිහත් එකවගේනේ….පව් බන් හිමකර ,දැන් හිමකර මැරිලා අවුරුද්ද කුත් කිට්ටු වෙනවා,,මිනිය බලන්ඩ අපේ පන්තියේ කොල්ලො ත් ආවා බන් ,,උබලට දන්වන්ඩ ක්රමයක් තිබ්බේ නෑ…”

“ඒත් කොහොමද හිමකර ව මැරුනේ”

“හිමකරට තිබ්බ වෑන් එකක්,, උබ දන්නවනේ හිමකරට තිබ්බේ අනිත් උන් හිතන්නේ නැති විකාර අදහස් කියලා,, ගෙදර අය මේවාට කැමති වෙලා නෑ. දවසක් හිමකර ගෙදර අයත් එක්ක රන්ඩුවෙල තරහට ගෙදරින් ගිහින් ,කොච්චර තරහින් ඌ ගිහිල්ලද කිව්වොත් පාරේ වෑන් එකdriving කරලා තියෙන්නෙත් පිස්සෙක් වගේ වේගෙන්. ඔහොම යද්දි හිමකරගේ වෑන් එකට පාර මාරු වෙන්ඩ පුංචි ළමයෙක් වඩා ගත්තු ගෑනු කෙනෙක් ගිහින් තියනවා.

* වාහනේ ගිය වේගෙට හිමකර ගිහින් තියෙන්නේ ඒ ගෑනු කෙනයි ළමයයි යට කරන්. ඒ දෙන්න එතනමයි. ඒ ගමේ උන් කොච්කර මේකට දරුනු වෙලාද කිව්වොත් හිමකරගේ වෑන් එක එතනම පුච්චල දාල. එතනින් ඒ ප්රශ්නය ඉවර වෙල නෑ බන්,, ගමේ එවුන් හිමකරව වට කරගෙන ඌට නොසෑහෙන්ඩ වද දිලා. අමානුශික වද දීලා..පොලිසිය ඒක ආරංචි වෙලා එතනට එනකොට අර ගෑනු කෙනාගේ මනුස්සයා හිමකරට පිහියකින් ඇනලා මරලා දාලත් ඉවරයි…………….”තව කොටසක් අරන් මම එන්නම්.

අද කතාවේ වෙනදට වැඩිය දෙබස් වැඩී ,,අවුලක් නෑනේ…

අල්ලපු ගෙදර දානේ ගෙයක්,, ස්පීකර එකේ සද්දෙට ඒකේ කියන ඒවත් ටයිප් වෙලාද දන්නේ නෑ,,, හොරෙන් ඇවිල්ල ඔයාල බලන් ඉන්න හින්දා කතාව ටයිප් කරලා දැම්මේ

අදහසක් එකතු කරන් යන්න… මම පව්නේ….

6 thoughts on “මියදුනු අය සොයන් |29 කොටස| හොල්මන් කතා”

  1. ඒ කරපු වැරැද්දට නේද හිමකරට අමුතු ශක්තියක් එක්ක ආත්මයක් දීල තියෙන්නෙ සුනෙත්ගෙ දරුවයි wife යි බේරගන්න?
    මට හිතුනු දේ කිව්වේ.. කතාව සුපිරියටම යනවා… දිග කොටසක් දෙන්න…

  2. eya karapu varadda nivaradi karanna thamai ara ammavai daruvavai beraganna venne.naththan himakarata hoda thanaka ipadenna baruva athi.
    Kathava godak lassanaia superb

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.