Katha Ahura

රන් තරු | 03 කොටස | නවකතාව

4/5 - (2 votes)

03 කොටස

” මනී වීල් එක පාරට ගනින් ඉක්මනට …. මේකිව හොස්පිට්ල් අරන් යමු…..”

මම කලබලෙන් කියපු නිසාම මනී ඉස්සරහට දිව්වේ වීල් එක පාරට ගන්න .

” කලූ උඹ යමන් මාත් එක්ක ….කොල්ලො ටික ඔක්කොටම ගෙවල් වල යන්න කියපන් ….”

මම කෙල්ල වත් හරහට වඩාගෙන ඇවිත් වීල් එකට දා ගත්තා .වෙලාවට අපි අද බීච් ආවෙ මනීගේ වීල් එකේ.කලුත් ඇවිත් අනිත් පැත්තෙන් වාඩි වුණා .

” තරුවා….මේ බලපන් බං…ලේ නතර වෙන්නේ නෑ මේකිගේ ….”

ඒ වෙනකොටත් වීල් එකේ ඉඳලම ලේ ගෑවිලයි තිබුණේ .

” කලූ මගේ මේ ශර්ට් එක ගලවල ගැටගහපන් බන් තුවාලෙ තද වෙන්න …”

මම අත් දෙකෙන්ම ඇයව අල්ලාගෙන හිටපු නිසා කලූට කියලා මගේ ශර්ට් එක ගැලෙව්වේ මම යටට බැනියමක් ඇඳලා හිටපු නිසා.

කලූ මගේ ශර්ට් එක ගලවල අරන් කෙල්ලගේ බඳ හරහා දාලා ගැට ගැහුවේ ලේ ගලන එක නතර කරන්න ඕන නිසා .

” කලූ මට බයයි බං…මේකි මැරෙයි ද….”

” පිස්සුද යකෝ….හිටපන් බය නැතුව ….ඔය සිහි නැති වෙලා ඉන්නේ ….

අනේ මන්දා උඹ නම්…හරියට මේ තුවාල කාරයෙක් දැකපු පලවෙනි පාර වගේනේ…”

මනී එහෙම කිව්වේ මම කලබල වෙලා කියලා ඌට තේරුම් ගිය නිසා වෙන්න ඇති.

ඇත්ත.

මීටත් වඩා මරණාසන්න තුවාල කාරයෝ පවා මේ අත් දෙකින් ඔසවලා තියෙනවා .ඒත් මේ වෙලාවේ මම කලබල මේ වෙච්ච දේට මාත් වැරදියි කියන හැඟීම මට දැනුණු නිසා .

මම නිකමට වගේ ඒ මූණ දිහා බැලුවේ .ඉස්සෙල්ලා තරහින් කෑ ගහපු තරහ මූණක් නෙමෙයි ඒ තිබුණේ .

අහිංසක මූණක් තිබුණේ .කම්මුල් දෙකම ඇඟිලි පාරවල් හිටිලා රතු වෙලයි තිබුණේ .

” කලූ මේ බලපන් බං…”

මම කළණ ට පෙන්නුවේ කෙල්ලගේ මූණ .

” තරුවෝ උඹ ලොකු පවක් බං කරගත්තේ මේ නම්….

කොල්ලෙකුටවත් අත උස්සලා නැති උඹ මොන හිතකින් ද බං මේ කෙල්ලගේ කම්මුලට ගැහුවේ …”

” මං දන්නෑ කලූ…මට තේරෙන්නෑ ඇයි මං ඒ වෙලාවේ මේකිට ගැහුවේ කියලා ….

අර මිනිහා කියපු විදියට මම හිතුවේ මේකි කොල්ලෙක් එක්ක පැනලා යනවා කියලා …”

” නෑ බං තරුවො….මේ කෙල්ල කියපු දේවල් එක්ක මට හිතෙන්නේ මෙතන තියෙන්නේ වෙන කේස් එකක් බං….

උඹ හිතන විදියට කොල්ලෙක්ගේ සීන් එකක් වෙන්න බෑ ….”

” ඔව් බං.. දැන් නම් මටත් එහෙම හිතෙනවා ….

ඒ වෙලාවේ මම හිටියේ ඩියානා ගැන කල්පනාවෙන් බං…ඒකයි මෙහෙම දෙයක් වුණේ මගේ අතින් ….”

” උඹට හැමදාම කියනවා තරූ ගියපු එකී අමතක කරපන් කියලා ….ඒකි දැන් මේ රටේවත් නෑනේ ….”

” නෑ බං…ආයිත් හිතන්නේ නෑ මම…”

” තරුවෝ මේකි කොහේටද දැන් අරගෙන යන්නේ …. පොලිස් කේස් එකක් වෙයි බං….”

” මචන් එහෙනම් අකිලයා වැඩ කරන ප්‍රයිවට් එකට අරන් යමන් ….”

” ඔව්..බං…එහෙමවත් කරමු….”

අපි කෙල්ල වත් අරගෙන ආවේ අපේ හොඳම යාළුවෙක් වැඩ කරන පුද්ගලික රෝහලකට.

ගෙනාපු ගමන් කෙල්ලව ඇතුලට ගත්තු නිසා මමයි කලුයි මනියයි කොරිඩෝවේ තිබුණු බංකුවක වාඩි වෙලා බලාගෙන හිටියේ කෙල්ලව වෝඩ් එකට දානකම්.

තුන් දෙනාගෙම හිත් කලබල වෙලා තිබුණේ මේ කෙල්ල කර ගත්තු දේ ගැන හිතලා.මැරෙන්න තරම් ඒකිට තියෙන ප්‍රශ්නේ මොකක්ද .

තාත්තා කියලා කියපු මිනිහට ඒ විදියට බැන්නේ ඇයි කියලා මට තාමත් හිතා ගන්න බෑ .අපි තුන් දෙනාම පැයක් විතර බලාගෙන හිටියා .

” මනී…මට බයයි බං….කෙල්ලට මොනවා හරි වෙයිද ….”

” මුකුත් වෙන එකක් නෑ බං…අකිලයා ඉන්නවනේ…බය නැතුව හිටපන් ….”

” ගෙදරට කෝල් කරලා මොකක් හරි කියපන් බං… ගෙවල් වලින් බය වෙයි අපි නැති වෙනකොට ….”

” කලූ උඹ කෝල් එකක් දියන් අපෙ මල්ලිටත්…. මම උඹලත් එක්ක ඉන්නේ කියපන්…”

මට කතා කරන්න තරම් මූඩ් එකක් නැති නිසාම කලූ අපෙ මල්ලිට කතා කරා.පැයකටත් පස්සේ තමයි අකිල එළියට ආවේ .

අපි තුන් දෙනාම ඌ ළඟට දුවගෙන ගියේ කෙල්ලගේ තත්ත්වය කොහොමද කියලා දැන ගන්න ඕන නිසා .

” අවුලක් නෑ බං….බය වෙන්න එපා…”

” මචන් කෙල්ලට අමාරුද…”

” කැක්කුම අල්ලයි…ඇඟ ඇතුලට අවුලක් නෑ බං….

හොඳ වෙලාවට ඒක ඇතුලටම ඇනිලා නෑ …”

” තෑන්ක් ගෝඩ් ….මං බයේ හිටියේ බං…

ඒකිට මොනවා හරි වුණා නම් මට තමයි ඒ ඔක්කොටම වග කියන්න වෙන්නේ….”

” මොකක්ද තරුවො ඒ කතාවෙ තේරුම….

දන්න තරමින් නම් අරකිගෙන් පස්සේ උඹ කෙල්ලෙක් සෙට් කර ගත්තේ නෑනේ ….

මොකද මේ කෙල්ල ගැන උඹ සීරියස් වෙලා වගේ….”

” උඹ මගුලක් කතා කරනවා බං….මේ එහෙම ලව් සීන් එකක් නෙමෙයි අකිල…'”

අපි කෙටියෙන්ම විස්තරේ කියලා දැම්මා .

” දැක්කම නම් බං අහිංසක කෙල්ලෙක් වගේ…

මම නර්ස් කෙනෙකුට කියලා කෙල්ලව කාමරේකට මාරු කරා….

උඹලට බලන්න පුළුවන් ගිහින් ….”

” පින් මචන් …මේ වෙලාවේ උඹ කරේ ලොකු උදව්වක් … ”

” උඹ දන්නවනේ ඉතින් උඹලා වගේ බොක්කෙ යාළුවන්ට නොදෙන සපෝර්ට් එකක් නෑ කියලා ….

මචන් ලා මට තව ලෙඩෙක් ඉන්නවා …උඹලා රූම් එකට පලයල්ලා …කෙල්ල දාලා ඇත්තේ දැන්…”

=====================================

අකිල ගියාට පස්සේ අපි තුන් දෙනාම ගියේ කෙල්ල නතර කරලා හිටපු කාමරේට .

මනීයයි කලූයි ඉස්සර වෙද්දී මම පොඩ්ඩක් හිතලම පරක්කු වුණේ මම කරපු වැරදි නිසා ඒ කෙල්ලට මූණ දෙන්න තිබුණු අපහසුතාවයට .

මම කලූගේ පිටි පස්සට වෙන්න හිටියේ මාව දැක්කොත් ඇගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා හිතා ගන්න බැරි වුණ නිසා .

ඇඳ උඩ හාන්සි වෙලා කුස උඩින් එක අතකුත් තියාගෙන ඇස් පියාගෙනයි හිටියේ .

ඒ වේදනාවටද එහෙමත් නැත්නම් නින්ද ගිහින් ද කියලා මට තේරුණේ නැහැ .

ඇඟට උඩින් දාපු ශීට් එක නිසා තුවාලෙ තිබුණු තැන බලන්න ඕන උනත් ඒක බලන්න බැරි වෙයි.

අපේ කටහඬ ඇහිලද කොහෙද කෙල්ල ඇස් ඇරලා බැලුවා .

මාරුවෙන් මාරුවට කලූගෙයි මනීගෙයි මුහුණු දිහා බලාගෙන එහා මෙහා දුවපු ඇස් අන්තිමට නතර වුණේ මගේ ළඟ .

මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තේ ඇගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා දන්නේ නැති නිසා .

මාව දැක්කා විතරයි කෙල්ල හැදුවේ ඇඳෙන් නැගිටින්න .ඒත් කුස ප්‍රදේශය නැවුණු නිසාද කොහෙද ඇය වේදනාවෙන් කෑ ගැහුවේ කුසට අත තියාගෙනම .

” ආහ්හ් වු……”

මනීටත් කලූටත් කලින් මම දුවලා ගිහින් ඒකිගේ උරහිසින් අල්ල ගත්තේ ආපහු ඇඳේ හාන්සි කරවන්න හිතාගෙන .මොකද තුවාලෙ පෑරුණොත් ලේ එන්න පුළුවන් නිසා .

” අත අරිනවා මාව….අල්ලන්න එපා මාව…..”

ඒකි බැන්නත් මම අත ඇරියේ නැත්තේ මේ වෙලාවේ තරහට මොනවා කිව්වත් මෙහෙම ඇඳේ වාඩි වෙලා ඉද්දි ඒකිට රිදෙන බව දන්න නිසාම .

” ඇයි මට නිදහසේ මැරෙන්න වත් දෙන්නේ නැත්තේ…මොකටද මාව බේර ගත්තේ ….

ආපහු මාව අර නරුමයා ළඟට අරන් යන්නද ඕන ….”

අඬ අඬම මගෙන් ඒ විදියට අහද්දි මට ඒකි ගැන අනුකම්පා හිතුණත් මම ඒ බව නොපෙන්වම සැර මූණක් හදා ගත්තා .

” කලූ මෙන්න මෙයාව ඇඳෙන් හාන්සි කරපන් බං…මට අල්ලන්න එපාලුනේ…..”

එහෙම කියලා මම කලූට කතා කරලා ඒකිගෙන් අත් මුදව ගත්තා .මාත් එක්ක තරහින් කතා කරත් කලූටවත් මනීටවත් එක වචනෙකින් වත් බැන්නේ නෑ .

කලූට අවනත වෙලා ආපහු ඇඳෙන් හාන්සි වුණේ කලූගේ වාරුවෙන්ම.

” ඇයි නංගි මේ වගේ මෝඩ වැඩක් කර ගත්තේ …..”

කලූ ඇහුවේ මේකෙ අග මුලක් තෝර බේර ගන්න ඕන නිසා .

” ඔයාගේ යාළුවට වගේ ඔයාටත් ඕන මාව අර මහ ලොකු තාත්තාට බාර දෙන්නද…..

මොකද ඔයාගේ යාළුවට මාව අහු වුණේ කොල්ලෙක් එක්ක පැනලා යද්දිනේ…..

ඒකනේ වීරයා වගේ මාව අල්ලලා තාත්තාට බාර දුන්නේ ….”

මම කරපු වරද නිසා ඒකි පන්න පන්න මටම බනිනවා.මම මුකුත්ම නොකියා හිටියේ එකට එක කියලා ඒකිව තවත් මහන්සි කරවන්න හොඳ නැති නිසා .

මම ෆෝන් එක අතට අරන් මනියට මැසේජ් එකක් දැම්මේ මම එළියට යනවා ,ගියාම කෙල්ලගෙන් හරි විස්තරේ අහගනින් කියලා .

ඒකිගෙන් දොර මුවා වෙන විදියට උන් දෙන්නට ඒකිගේ ඇඳ ළඟින් හිටගන්න කිව්වේ ආපහු ඇවිත් මට ඒකි කියන ඒව අහන්න ඕන නිසා .

මැසේජ් එක මනී බලලා ඕකේ කියලා මැසේජ් කරා මට.එක ළඟ ඉඳගෙනත් එහෙම බොරුවක් කරන්න වුණේ කෙල්ලගේ ඇත්ත කතාව දැන ගන්න ඕන නිසා .

මම මෙතන හිටියොත් කීයටවත් ඒකි ඒ ගැන කියන්නේ නෑ .ඒ නිසයි මම එහෙම ප්ලෑන් එකක් ගැහුවේ .

” මනී…මම අකිලව පොඩ්ඩක් හම්බ වෙලා එන්නම් බං…..මෙතන මම හිටියා කියලා තේරුමක් නැහැනේ …..”

මම ඒ කෙල්ලව ගනන් ගන්නේ වත් නැති විදියට රඟ පාලා කාමරෙන් එළියට ආවා .ඒ සැනින්ම ආපහු කෙල්ලට ඇහෙන්නේ නැති වෙන්න දොර හිමීට ඇරලා කාමරේ ඇතුලට ඇවිත් එතන තිබුණු පොඩි කබඩ් එකට මුවා වුණේ කෙල්ල කියන හැමදේම මට අහගන්න ඕන නිසා.

“නංගි…ඔයාගේ තරහකාරයා එළියට ගියානේ…දැන්වත් අපිට කියන්න ඒ වෙලාවේ වුණේ මොකක්ද කියලා …..”

” බැහැ ….ඔයාලා දෙන්නා එයාගේ යාළුවෝ ….ඔයාලා හදන්නේ ආපහු මාව අර මිනිහට බාර දෙන්න ද…..”

” නැහැ නංගි ….අපි හැදුවේ ඔයාව බේරගන්න …

ඒ වෙලාවේ අපේ යාළුවා අර මිනිහා කියපු දේවල් වැරදියට තේරුම් ගත්තු නිසයි ඔයාට දුවන්න නොදී අල්ලාගෙන තියෙන්නේ …..”

මතු සම්බන්ධයි

38 thoughts on “රන් තරු | 03 කොටස | නවකතාව”

  1. oya diga kotasak dala thibunata mt nm danune chootima chooty kotasak wage ane. …??? … adath ithin wenada wagema kathawa godaak lassanai….????

  2. කතාව නිකන් කොච්චර කියෙව්වත් මදි මදි වගේ අප්පා.
    කතාව ගොඩාරියක් ලස්සනයි.
    නිකන් ටැමිල් ෆිල්ම් එකක් බලනව වගේ.
    කතාවට හිත ඇදීලා යනවා.
    All the best.
    ???????

  3. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි අයියේ කතාව වෙනදා වගේම.අදත් ඉතින් එන්න පමා වුණා මම.සොරි ඒකට.

    මේතරම් ලස්සන කතාවකට කවුද අනේ මේ බෑඩ් රේට් දාන්නේ. කතාවේ අඩුපාඩුවක් තියෙනවානම් කමෙන්ට් එකකින් ඒක මේ අයට පෙන්වන්න. මොකද මේ කතා ලියන්නේ ෆේමස් writersලා නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්..එක එක්කෙනා බලන ඈංගල් එකත් එක්ක කතාවේ රසවින්දනය වෙනස් වෙන්න පුළුවන්. මොකද හැමෝටම තියෙන්නේ එකම රසවින්දනයක් නෙවෙයිනේ..ඉතින් කතාව කියවලා ඒකේ අඩුපාඩු තියෙනවානම් කමෙන්ට් එකකින් ඒ දේ කීවනම් හොඳයි නේද යාළුවේ..

    මොකද මේ අය තමන්ගේ කාලය, ශ්‍රමය කැප කරලා මේ විදියට කතා ඇප් එකට දාන්නේ කතා කියවන්න ආස අපි වෙනුවෙන්. මේ අය සම්මාන ගන්න කතා ලියනවා නෙවෙයිනේ. මේකට කතා දැම්මම ඒ අයට ලැබෙන්නේ ආත්ම ත්‍ෘප්තියක් විතරයි. ඉතින් අපි දාන කමෙන්ට්ස් අපේ රේට් ඒ අයට ගොඩාක් වටිනවා. ඒ නිසා මම කතාව කියවන හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා කතාව කියවල හොඳ කමෙන්ට් එකක් වගේම excellent රේට් එක දෙන්න මේ කතාවලට.ඒක අපි එයාලාට කරන කළෙහිගුණ සැලකීමක් කියලයි මට හිතෙන්නේ.මේ අයට බෑඩ් රේට් දැම්මා කියලා අපිට ලැබෙන දේකුත් නැති එකේ කතාව ලියන කෙනාගේ හිත හරි සතුටු කරන්න අපි excellent or Good රේට් එක දාමු යාළුවනේ…එහෙම නේද? කතාව කියවලා රසවිඳලා බෑඩ් රේට් දීලා යන්න තරම් කුහක වෙන්න එපා. ප්ලීස්. මොකද බෑඩ් රේට් දාන්න තරම් අවුල්සහගතය බවක් මේ කතාවේ නෑ.

    වැඩිය කතා නොකරන තේමාවක් වුණත් අපේ ජීවිත වලට සමීප, අපේ රටේ, ජාතියේ මුර දේවතවෝ ගැනයි මේ කතා කරන්නේ. ඒ නිසාවත් කතාවට බෑඩ් රේට් දාන්න එපා යාළුවේ.
    කතාව කියවලා කමෙන්ට් කරන, හොඳ රේට් එකක් දාන ඇප් එකේ යාළුවන්ටත් ස්තූතියි..බුදු සරණයි!

    1. ඔව් යාලුවනේ මාත් කියන්නේ කතා වලට බෑඩ් රේට් කරන්න එපා. කතාවක් ලියන්න මහන්සි වෙන තරම දන්නේ කතා ලියන අය විතරයි. ඒ අය කතා දාන්නේ මහන්සි වෙලා අපි වෙනුවෙන් අපි ඒකට වටිනා කමක් දෙන්න ඕන.

      1. Aniwaryenma…..kisima prathilabayak nathuwa kiyawanna asa api wenuwen katha ahurata katha dana writersla hamotama api garu katanna oni…eyalata apita denna puluwan ekama de thamai excellent rate ekai hoda comment ekakui…bad rate nokara mokuth nokiya yanna bad rate yaluwanee

        1. Sihansaa අනිවාරයෙන්ම නංගියා ඒත් ඔයාලා දාන කොමෙන්ට් තමයි මට තියෙන ශක්තිය අනිත් ඒව මොනව දැම්මත් මට ගානක්වත් නෑ හැමදාම කතා බලන්න හැමදාම වගේ comments වලින් මට ශක්තියක් වෙන්න බුදු සරණයි

      2. Hasani බොහෝමත්ම ස්තූතියි ඔයාලා දාන මේ කොමෙන්ට් මට කියාගන්න බැරි සතුටක් bat rt දැම්මා කියලා මට ගානක්වත් නැ මොකද ඔයාලා මං වෙනුවෙන් ඉන්න නිසා බොහොමත්ම ස්තුතියි

    2. facebook නැතිවුනත් ගූගල් පස් & MeWe වගේ social media use කරන මට මේ වගේ කොමෙන්ට් කවදාවත් ලැබිලා නෑ ඒ අතින් මම හරි වාසනාවන්තයි ඒ මොකවත් නිසා නෙවෙයි මේ කතා අහුර නිසා ඇත්තටම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ චතු nangiya මං ඔයාගේ කොමෙන්ට් එකට ඇත්තටම එකඟයි ඒත් bad ret දැම්මට අයියා කවදාවත් දුක් වෙන්නැහැ කවදාවත් වැටෙන්නෙත් නැහැ ඒ වගේ දේවල් නැතිනම් අපට ඉදිරියට යන්න බෑ නංගියා මොකද අපේ අඩුපාඩු දකින නිසා bad ret එක දැම්මේ ඇයි කියන එක කොමෙන්ට් එකෙන් සදහන් කරා නම් මගේ අඩුපාඩු ඇත්තටම මට හදාගන්න පුළුවන් ඒ වගේම මේ කතාව ලියන්නෙ මගෙ නංගි එයාට මං මේවා පෙන්නන්න ඔයාලගෙ කොමෙන්ට් විතරයි පෙන්නන්නෙ ඇත්තටම මගේ අනෙක් කතාවලත් bad RT thibba මම වෙනුවෙන් කතා කරන ඔයාලට මම මොනව කියන්නද ගැන මටවත් දන්නෑ ඇත්තටම ගොඩාක් ගොඩාක් ස්තුතියි හැමදාම එන්න හැමදාම කියවන්න මගේ අඩුපාඩු පෙන්නන්න එතකොට මට තව ලියන්න පුළුවන් බොහොම ස්තූතියි නංගියා බුදු සරණයි

  4. Adath wenada wagema kathawa lassanai honde.. issarahata thawa lassanata liyanna mn oyata suba pathanawa aiye.theruwan saranai oyatai nangitai dennatama sathutin inna honde..???

    1. ?? බොහොමත්ම ස්තුතියි අනිවාරෙන්ම ඔයාලගෙ කොමෙන්ට් තමයි මට තව ලියවන්න ආස කරන්න හෙට අනිද්දා කෙටිකතාවක් දෙන්නම ඊට පස්සේ මේ කතාව ඉවර උනාම අලුත් නවකතාවක් දෙන්නම් බොහොමත්ම ස්තූතියි නංගියෝ තෙරුවන් සරණයි

  5. සුපර් අයියේ… ඉස්සරහට මොනා වෙයිද මංදා… හිතාගන්න බෑ අනේ…???? මොනා උනත් රට රකින රණවිරුවන්ට මේ කතාව උපහාරයක්ම වේවා!!!???

    1. අනිවාර්යෙන්ම මේක රණවිරුවන්ට උපහාරයක් මං කතාවේ මගක් හරියෙන් රණවිරුවන් ගැන ලියන්න දෙයක් දානවා අනිවාර්යයෙන්ම ලියන්න රණවිරුවන් වෙනුවෙන් මම වෙනුවෙන් නෙවෙයි බොහොමත්ම ස්තූතියි බුදු සරණයි

  6. Hashini Navanjana.

    මොකක්ද අප්පා මේ බෑඩ් රේට් සීන් එක.? ?????
    බෑඩ් රේට් දාලා කියලා බලා ගන්නේ කෝමද අනේ.. ?????
    මගේ කතා වලටත් බෑඩ් රේට් තිබුනද නැද්ද කියලා වත් මං දන්නේ නෑ අනේ….
    ඒත් මේ වගේ ලස්සන කතාවකටත් එහෙම බෑඩ් රේට් දාන අය ඉන්නවා නම් ඒක අනිවා තරහට නැත්නම් ජෙලස් එකට කරන වැඩක්. ????
    මං නම් මේ කතා අහුර ඇප් එකේ මොන කතාවක් කියවන්න ගත්තත් කියවන්න කලින් තමයි රේට් කරන්නේ… ඒකත් එක්සලන්ට් රේට්.. ? ? ? ?
    මොකද හැම කෙනෙක්ම කතාවක් දාන්නේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙවෙයි නේ.. කියවන්න ආස අපි වෙනුවෙන්මයි කතාවක් දාන්නේ.. කතාවක් දාලා ඒ අය බලාපොරොත්තු වෙනවා නම් ඒ කමෙන්ට් එකක් රේට් එකක් විතරයි. ඒක මොන තරම් අහිංසක ආශාවක්ද කියලා කතා ලියපු කෙනෙක් හොඳට දන්නවා. ඉතිං ඒ වෙනුවෙන් අපි ඒ අයට තෑන්ක්ස් කරන්න ඕනි එකේ ඒ වගේ බෑඩ් රේට්ස් දාලා හරියනවද… ඒ වගේ අය ගැන ඇත්තටම දුකයි. වෙන කෙනෙක්ගෙ සතුට දැකලා හදවතින්ම සතුටු වෙන යාලුවෝ සෙට් එකක් මේකේ ඉන්නේ.. ඒ අය හැරුනම මේ ඇප් එකට බෑඩ් රේට් කරන ඉරිසියාකාරයො ටිකක් නිසා මේ වගේ ලස්සන කතාවලට තියන වටිනාකම අඩුවෙයි කියලා හිතනව නම් එයාලට වැරදිලා… හැමදාම අපි මේ ඇප් එකට වගේම හැම කතාවකටමත් අපි ගොඩක් ආදරෙයි.. ඒ දෙන්න ඕනි වටිනාකම ඒ විදියටම දෙනවා අපි.. ඔයාගේ කතාව ගොඩාක් ලස්සනයි අයියේ…. ???? මේ වගේ ඉරිසියාකාරයින්ගේ වැඩ නිසා ඔයාලා දුක් වෙන්න එපා.. ඇත්තටම පුදුම තරහක් තියෙන්නෙ මට. මේ වගේ අයත් ඉන්නවානේ ඇත්තටම. ?????
    අපි ඔයාගේ කතාවත් එක්ක දිගටම ඉන්නවා අයියේ…. ඒ නිසා හැමදාම මේ වගේ ලස්සන දිගගග….ම දිග කොටස් ඕනිනිනිනී……. ??????
    ????????

    1. Chathu indeewaree

      සුද්දී අපි කතාවකට රේට් කරන්න යද්දි එතන කැටගරි 5ක් පෙන්වනවා.
      1) Excellent
      2) Good
      3) Average
      4) Poor
      5)awful කියලා. අපි රේට් කරපුවම චාර්ට් එකක් පෙන්වනවා ඒ කතාවට අර කැටගරි වලට අනුව රේට් වැටිලා තියෙන ප්‍රමාණය පෙන්වනවා. ඒ විදියට තමයි බබෝ අපිත් බලාගන්නේ රේට් ගාණ බැලුවෙ. රේට් එක දාපු වෙලාවට වැටෙන චාර්ට් එකේ තියෙනවා ඒ ඒ කැටගරි වලට රේට් කීය ගාණේ වැටිලද කියලා මැණික.

      1. Hashini Navanjana.

        තෑන්ක්ස් චතූ අක්කියෝ…….. ??? අනේ ඒත් මගේ එහෙම චාට් එකක් වැටෙන්නේ නැහැ නේ… ???

        1. Chathu indeewaree

          මගෙනම් චාර්ට් එකක් පෙන්වනවා මැණික. රේට් කළ ගමන් ඒක එනවා. බ්ලූ කලර් වලින් ඒකේ පසන්ටේජ් එකත් පෙන්වනවා මට මතක විදියට.

          1. Hashini Navanjana.

            ආහ්… හරි අක්කියෝ හොයා ගත්තා.. තෑන්ක්ස් ගොඩක්.. මගේ කතාවලත් රේට් බැලුවෙ දැන්.. ඔයා කියලා දුන්න නිසා.. ????
            ???

    2. අසනි nawanjana නංගි මම ඔයාලා කවුරුත් ආස්සරේ කරල නැහැ මං ඕගොල්ලන්ව දන්නෙ කතා අහුරෙන් මසක් වගේ පොඩි කාලෙක මට නංගිලා ටිකක් සෙට් වෙලා ඉන්නවා ඕගොල්ලන් මගේ කතාවලට කොමෙන්ට් එකක් දාන්න කවදාවත් අමතක කරන්න නෑ පුංචි කොමෙන්ට් එකකින් නෙවෙයි ලොකු කොමෙන්ට් එකක් හදවතට වදින්න මට තවත් කතා ලියන්න ආස කෙරෙන විදිහට එහෙම එකේ බෑඩ් රෙට එකක් ඒ අම්මා කියලා අයියා කවදාවත් වැටෙන්නේ නෑ කවදාවත් දුක්වෙන්නෑ ඇත්තටම සතුටුයි හැමදාමත් මේ වගේ කොමෙන්ට් එකක් දාලා බුදු සරණයි ුබ රාත්‍රියක්

    1. Chathu indeewaree

      අනේ පැටියෝ අපි කතාවකට රේට් කරන්න යද්දි එතන කැටගරි 5ක් පෙන්වනවා.
      1) Excellent
      2) Good
      3) Average
      4) Poor
      5)awful කියලා. අපි රේට් කරපුවම චාර්ට් එකක් පෙන්වනවා ඒ කතාවට අර කැටගරි වලට අනුව රේට් වැටිලා තියෙන ප්‍රමාණය පෙන්වනවා. ඒ විදියට තමයි බබෝ අපිත් බලාගන්නේ රේට් ගැන. එහෙනම් අද ඉඳන් මගෙ චූටි නංගියා බලාගන්නකෝ රේට් වැටෙන් විදිය හොඳේ… බුදු සරණයි!

    2. පවනි nangiya බොහොමත්ම ස්තුතියි මේවා ගැන වැඩිය හිතන්න එපා ඔයාලා කතාවක් ලස්සන ආසාවෙන් කියවලා මට ලස්සන කොමෙන්ට් දෙනවා මේක තමයි මගේ ශක්තිය බුදු සරණයි

  7. Anka thmi hamadema da widyta dkinna.kauruhri ktha ahre aluth knk dnne nathuwa bad rate dmmda danne nane.kawwth saka krnna epa.hamoma dha meth sithin blnna.oyata lssna jeewthyk labei

    1. Chathu indeewaree

      අයියෝ කා එක්කවත් තරහට නෙවෙයි කීවේ නංගෝ අපි . වැරදිලා බෑඩ් රේට් වැටෙන්න විදියක් නෑ අනේ මේකේ. ලිස්ට් එකක් වැටෙනවනේ. ඒකේ මුලින්ම තියෙන්නේ excellent. අන්තිමට තියෙන්නේ awful .. ඉතින් කොහොමද වරදින්නේ.නවා කීවත් වගේ කතා දාන අයට මේකෙන් ලැබෙන එකම දේ අපි දාන රේට් & කමෙන්ට්ස්. ඉතින් කතාවේ අඩුපාඩු තිබුණා හෝ නැතා හෝ අපි excellent රේට් එක දෙන එක වටිනවා නේද කතා ලියන අයගේ සතුට වෙනුවෙන්..එක්කෝ වැරද්දක් තියෙනවානම් කමෙන්ට් එකකින් වත් කියන්න බැරි ඇයි. ඒකයි අපි කීවේ නංගෝ.

  8. Oonna chuttak tharaha niuna harida???naththan tharuwata mama hodaa return ekak denna plan karee…
    Ai yakuuuuu kollek unama kellawa bera ganna epai affa dushtayata maattu nokara.
    Mona unath tharuge yalu aiyala 2natanam chance ekak denna puluwaaannn?????
    Kooma hari mehema tharaha yanne kathawa hadawathatama wedila handa aiyee..
    Oyanam patta hodeee kalin kathawa godaaak lassanai eth aiyee mama hithanne me kathawa ekatath wada godaaaak success kylaaa…
    Comment karanna ada parakku una aiyee month end ekanii ofce ekee weda godaai….
    Suba pathanawa aiyee….ewagema aiyage nangiyat….thnx diga kotas danawata..thawa digaaaa karath awlak na hodeeeeee….
    Sathutin innakooooo,bs

    1. Ammo Hoda welawata nathi Nam mama ewaryi heheh aniwarenma nangiya eka matath hithuna araka mage adara kathawa ne Meka nangiya ekka liyana ekak ne eka nisa lassan wawe godak math tikak asanipen inne me winter ne me dawas Wala thank you so much nangiya oyath sathutin inna ko hode budusaranyi good night

  9. Thakshi Deepali Jayasuriya

    බෑඩ් රේට් දාන අය ගැන වද වෙන්න එපා අයියේ..ඕනි නම් බලන්න…මගෙ කතා ටොප් රේට් එන හැම පාරම අන්තිම බෑඩ් රේට් කරන කෙනෙක් ඉන්වවා..මගෙ විතරක් නෙමෙයි අපි හැමෝගෙම…මං කතා ලියන එක අතරමග නතර කරෙක් අසනීප පිට ඉඳගෙන ලියලා හිත රිද්දගන්න බැරි නිසා…මං කොච්චර කිව්වක් බෑඩ් රේට් කරනවනම් අඩු පාඩුත් කියලා යන්න කියලා කවුරුත් නෑ…හැංගි හොරා බෑඩ් රේට් කරන කෙනා අතටම අහු වෙන දවසක් එයිනේ….අපේ ඇඩ්මින් තුමා ඒකට ක්‍රමයක් යොදයි…ඔයා ගනන් ගන්න එපා අයියේ අපි ආසාවෙන් කතාව කියවන්නේ…පුළුවන්නම් තව චුට්ටක් දිගට කතාව දෙන්නකො…මං දන්නවා ටයිප් කරන්න ගියාම එපා වෙනවා කියලා…ඒත් කියවන්න කියවන්න ආසයි…..ලස්සනම ලස්සන කතාවක් මේක

    1. හදවතින් ම එකඟයි කොමෙන්ට් එකට අනිවාරෙන්ම nangiya මං කවදාවත් වැටෙන්න bad රෙට එකට මොකද එක බෑඩ් රෙට එකකට වඩා මේකේ ආදරෙන් මට දාන කොමෙන්ට් වටිනවා ඉතින් මං කවදාවත් වැටෙන්න තවත් ලියනවා ආසාවෙන් බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි

  10. Aniwaryenma…..kisima prathilabayak nathuwa kiyawanna asa api wenuwen katha ahurata katha dana writersla hamotama api garu katanna oni…eyalata apita denna puluwan ekama de thamai excellent rate ekai hoda comment ekakui…bad rate nokara mokuth nokiya yanna bad rate yaluwanee

  11. ඇත්තටම අද මං මාර සතුටකින් ඉන්නෙ ටිකක් අසනීප තත්ත්වයෙන් hitiyata මේ දේ අනිවාර්යෙන්ම කියන්න ඕනේ මොකද එක බෑග් රෙට එකක් නිසා මට ආදරය කරන ගොඩක් අය මං මේකෙන් දැක්කා මම වෙනුවෙන් කතා කළා ඒ ගැන කියන්න මට වචන නෑ පුදුම හැඟීමක් මට දැනෙන්න ඉතින් ඔයාල ඔක්කොටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් වේවා.. ඒ වගේම කතා අහුරෙ adminta ගොඩාක් පින් මේ වගේ යාළුවො ටිකක් මට හොයල දුන්නට

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.