Katha Ahura

රන් තරු | 06 කොටස | නවකතාව

3.7/5 - (4 votes)

06 කොටස

” මීට අවුරුදු දෙකකට ඉස්සර ඔයාලට මතකද අයියේ ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමේ ඉඳලා පලාලි වල ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරියෙක් බෝම්බ ප්‍රහාරයක් ගැන ශ්‍රී ලංකා යුධ හමුදාවට ඔත්තුවක් දුන්නා ….”

” නංගි ඔයා මේ කියන්නේ අපේම හමුදා නිළධාරියෙක් ත්‍රස්තවාදියෙක් විදියට වෙස් වලාගෙන ගිහින් එයාලත් එක්ක එකතු වෙලා එයාලගේ සාමාජිකයෙක් විදියට රඟපාලා අපේ හමුදාවට ඔත්තු සපයපු නවීන් මාරගොඩ මහත්තයා ගැනද….

ඇත්ත නම ඒක උනත් එයා ත්‍රස්තවාදීන් ළඟ පාවිච්චි කරේ මුත්තුලිංගම් කියන නමනේ…”

” තරුවො උඹ කියන්නේ අර එයාගෙම කැමැත්තෙන් උන්ගේ අවි ගබඩාවක් විනාශ කරපු සීන් එකත් මේකෙම නේද … ”

” අන්න හරි මචන් …හරියටම කිව්වොත් එයා අපේ තාත්තගේ බැජ් එකේ…ඉස්සර අපේ ගෙදර ආවා මට මතකයි…”

” නවීන් මාරගොඩ කියන්නේ මීට අවුරුදු කීපයකට උඩින් හිටපු දක්ෂම යුධ නායකයෙක්නේ….

ත්‍රස්තවාදියෙක් විදියට ඒ අයත් එක්ක සම්බන්ද වෙලා අපේ හමුදාවට ලොකු සේවයක් කරපු කෙනෙක් තමයි ඒ….

රනූ නංගි අපි කියපු කෙනා හරිද….”

” ම්ම්…ඔව් අයියේ … ඔයාලා එයාව හොඳටම දන්නවා නේද ….”

” එහෙම අමතක වෙන්නේ නෑ නංගි ….

අපේ රට වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරපු නායකයෝ ලේසියෙන් අමතක කරන්න බෑ …”

” ඒ තමයි මගේ තාත්තා ….”

රනූ කිව්වේ හරි ආඩම්බරයෙන් වගේ…ඔව්..ඇත්තටම ආඩම්බර වෙන්න ඕන ඒ වගේ වීර නායකයෙක්ගේ දියණිය වීම ගැන.

” නංගි මේ ඇත්තමද …”

පුදුම හිතුණා අපි හැමෝටම .

” ඔව් අයියේ …ඒ තමයි මගේ තාත්තා …මගේ ජීවිතේ හිටපු වීරයා තමයි ඒ…

එයා මං ළඟ නැති නිසයි අද මම මෙහෙම දුක් විඳින්නේ …”

” ඒත් නංගි …එතකොට කවුද අර මනුස්සයා … එදා ඔයාගේ පස්සෙන් ආපු …”

” ඉන්න අයියේ …එයා ගැනත් කියන්නම් මම…

හමුදාවෙ අනිත් නිළධාරීන්ට වගේ මගේ තාත්තාට මාසෙන් මාසෙට නිවාඩු එන්න ලැබුණේ නෑ ….

මාස හතකට අටකට සැරයක් තමයි එයා ගෙදර ආවේ …මොකද එයා හිටියේ ත්‍රස්තවාදීන්ගේ කෙනෙක් විදියටනේ…

ඒ අතරේ තමයි අපේ අම්මා එයා වැඩ කරන බැංකුවේ කෙනෙක් එක්ක වැරදි සම්බන්දයක් ඇති කර ගත්තේ …

තාත්තත් ගෙදර නැති නිසා අම්මට ඕන තරම් නිදහස තිබුණා …

මුලින් මුලින් කෝල් වලින් විතරක් පටන් ගත්තු ඒ දේ පස්සේ ඒ මනුස්සයා අපේ ගෙදර යන්න එන්න පවා පටන් ගත්තා අයියේ …”

” අහන්න නංගි …ඉතින් ඔයා හිටියා කියලා අම්මට ඒක ප්‍රශ්නයක් වුණේ නැද්ද …”

” නැහැ අයියේ …අම්මා දන්නවා මොන දේ වුණත් මම තාත්තාට කියන්නේ නෑ කියලා ….

එයා මොන වැරැද්දක් කරත් මට වෙනසක් නොකරම ගොඩක් ආදරය කරා….

තාත්තා නිවාඩු ආවම අම්මා කිසිම වෙනසක් නොකර වෙනදා වගේම තාත්තා එක්ක සතුටින් හිටියා ….

අදටත් මට තේරෙන්නේ නෑ අයියේ මගේ අම්මා සීයට සීයක්ම හරිද වැරදි ද කියන්න …

ඔයාලවත් කියන්න අයියේ මගේ අම්මා ද සම්පූර්ණයෙන්ම වැරදිකාරයා….”

රනූ අහපු දේට අපිටත් දෙන්න උත්තරයක් හිතා ගන්න බැරි වුණා .

මොකද මේ විස්තර කරපු ටිකෙන් අපිට හිතා ගන්න බැහැ රනුදි ගේ අම්මා ඒ වගේ වැරැද්දකට පෙළඹුණේ කාගෙ වරදින් ද කියලා .

සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා විවාහක කාන්තාවකගේ හැඟීම් ආශාවන් විවාහයත් සමග වෙනස් වෙනවා .

ඒ නිසා රනුදි ගේ අම්මට වෙනත් සම්බන්දයක් ඇති කර ගන්න තරම් බලපාන්න ඇත්තේ කුමන හේතුවක් ද කියලා අපිට හරියටම කියන්න බැහැ .

” මෙහෙමයි නංගා….අපිට අම්මගේ පැත්තෙනුත් හිතන්න වෙනවා.

එයා මේ වගේ වරදකට පෙළඹුණේ ඇයි කියන හේතුව ඔයාවත් දන්නේ නැහැනේ….

” තාත්තා නිවාඩු එන්නේ ගොඩක් වෙලාවට තව හමුදාවෙ අයියලා තුන් හතර දෙනෙක්ම එක්කගෙන …..

ඒ හැමෝම නිවාඩුවට යන්න ගෙවල් නැති කාත් කවුරුත් නැති අය…

ඒ අයට වුණත් අම්මා ගොඩක් ආදරෙන් සැලකුවේ ….

මොන විදියකින් වත් කිසිම වෙනසක් සිද්ද වුණේ නෑ ….”

” තාත්තා නිවාඩු ආවමත් අර මනුස්සයා කෝල් කරාද නංගි …”

” නැහැ අයියේ …තාත්තා නිවාඩු ආවම ඒ මනුස්සයා ගෙන කිසිම කෝල් එකක් වත් නෑ ….

ඒත් අන්තිම පාර තාත්තා නිවාඩු ආපු වෙලාවේ වෙනදට එක්කන් එන හමුදාවෙ අයියලා කවුරුත් එක්කන් ආවේ නෑ …..

අම්මත් එක්ක වැඩිය කතා කරෙත් නෑ …”

” අම්මයි තාත්තයි අතර මොනවා හරි රණ්ඩුවක් ඇති වුණාද නංගි ….”

” නැහැ අයියේ ….දන්න තරමින් නම් නැහැ …

ඒත් තාත්තා මාව එක්කන් ගියා එයාගේ ලෝයර් අංකල් ළඟට …තාත්තගේ හැම දේපළක් ම මගේ නමට ලිව්වා….

එයාගේ බැංකුවේ ගිණුම් ඔක්කොම මගේ නමට හැරෙව්වා …අන්තිමට කිව්වේ ඒ කිසිම දෙයක් අම්මට කියන්න එපා කියලා …

ඒ දේවල් මගේ වයස සම්පූර්ණ වුණාම ලෝයර් අංකල්ම ඇවිත් අම්මට දැනුම් දෙයි කියලා ….”

” ඒ කියන්නේ තාත්තාට මොකක් හරි සැකයක් ඇති වෙලාද නංගා අම්මා ගැන…”

” ඔව් අයියේ …තාත්තා අන්තිම පාර නිවාඩු ඇවිත් තියෙන්නේ ඒ හැම දෙයක්ම දැනගෙන …

තාත්තා මාව පන්සල් එක්කන් ගියා …පන්සලේදි තමයි තාත්තා මේ හැම දෙයක්ම කිව්වේ …

තාත්තා ඒ සම්බන්දය ගැන හැම දෙයක්ම දැනගෙන ඉඳලා …ඒ තරම් කාලයක් ඉවසගෙන ඉඳලා තියෙන්නේ මම නිසා …

ඒත් තාත්තා එදා ඇවිත් තිබුණේ වෙනස් කරන්න බැරි තීරණයක් අරගෙන අයියේ ….”

එහෙම කියලා රනුදි ඉකි ගහන්න පටන් ගත්තා .ඇය තාම ඉන්නේ ඇඳ උඩ වාඩි වෙලා .

බෙහෙත් බීපු නිසා මමයි ඇයට ඇඳෙන් හාන්සි නොවී මෙහෙම වාඩි වෙලා ඉන්න කිව්වේ .

ඒත් ඇය ඉකි ගහද්දි තුවාලෙ පෑරෙයි කියන බයටමයි මම ඇයට ළන් වුණේ .

” ප්ලීස් නංගා …අඬන්න එපා…ඒක ඔයාගේ තුවාලෙට හොඳ නෑ …

වාඩි වෙලා හිටියා ඇති දැන්…ඔයා හාන්සි වෙන්නකෝ….”

එහෙම කියලා මම ඇයව ඇඳෙන් හාන්සි කරා.

“රනූ නංගා ..ඔයාට මේ කතාව කියන එක දුකක් නම් අපි මේක නතර කරලා දාමු නංගා …..”

මනී එහෙම කිව්වේ ඇය ගැන ඇත්තටම දුක හිතිලා .අපි තුන් දෙනාම කැමති වුණේ නැහැ ඇයව අඬවන්න .

” නැහැ …නැහැ ..අයියේ …

ඒක දුකක් වුණත් මට අද ඒක ඔයාලත් එක්ක කියලා මගේ හිත නිදහස් කර ගන්න ඕන …

මේ දේවල් හිතේ හිර කරන් ඉඳලා මට දැන් ඇති වෙලා අයියේ ….”

” එහෙනම් කියලා දාන්න නංගා ….

තනියම හිතේ තියාගෙන දුක් විඳිනවට වඩා හොඳයි අඬ අඬ හරි කියලා හිත නිදහස් කරගන්න එක….”

එහෙම කියලා කලුයි මනියි දෙන්නම උන්ගේ පුටු දෙකත් උස්සගෙනම රනූ ඉන්න ඇඳ ළඟටම ආවේ ඇයගේ මූණ පේන්නේ නැති නිසා .

” තාත්තා මාව එක්කන් ගියා සටන් වලට ගිහින් ආබාධිත රණවිරුවෝ ඉන්න ගෙවල් වලට…..

ගොඩක් අයියලා හිටියේ රෝද පුටුවල…තව සමහරු කිහිලිකරු වලින් ඇවිද්දේ…..

එයාලා රට වෙනුවෙන් සටන් කරලා අත පය නැතුව දුක් විඳින හැටි මට පෙන්නුවා …

එයාලා රට වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කරලා තියෙද්දි තාත්තගේ තීරණය නිසා මම ගොඩක් අසරණ වුණා අයියේ ….

තාත්තා කැමති වුණේ නෑ අම්මගෙන් ඒ සම්බන්දය ගැන අහලා අම්මව අසරණ කරන්න…..

ඒ නිසාම තාත්තා තීරණය කරා අම්මගෙන් ඈත් වෙන්න ….

ඒකයි එයා මගෙන් අවසර ඉල්ලුවේ අපේ රට වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගේ අවි ගබඩාවක් විනාශ කරන්න යන්න ….

හොස්පිට්ල් වල, ගෙවල් වල හමුදාවෙ අයියලා රට වෙනුවෙන් සටන් කරලා අතපය නැතුව දුක් විඳිද්දි හමුදා සෙබළෙක්ගේ දුවෙක් විදියට මට ආත්මාර්ථකාමී වෙන්න බැරි වුණා අයියේ ….

ඒ නිසාම තාත්තගේ තීරණයට මම කැමති වුණේ තාත්තා ඉස්සරහ මගේ දුක හංගගෙන …”

” ඒ කියන්නේ නංගා තාත්තා මේ ප්‍රශ්නේ නිසාද මේ වගේ තීරණයක් ගත්තේ ….”

” තාත්තා හැමදාම කිය කිය හිටියේ රටට ණය නැති අම්මගෙන් බීපු කිරිවල ණය ගෙවන්න රට වෙනුවෙන් එයාට දිවි පුදන්න ඕන කියලා ….

ඒත් ඒ තීරණය ඉක්මන් වුණේ මේ ප්‍රශ්නේ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා අයියේ …..

තාත්තා මගෙන් අන්තිමට ඉල්ලුවේ කවදම හරි දවසක මගේ විවාහය වෙන්න ඕන රණවිරුවෙක් එක්ක කියලා ….

ඒ වෙනකොටත් මම තාත්තගේ හොඳම යාළුවගේ පුතාට ආදරය කරනවා…..”

” තාත්තා දැනගෙන හිටියද ඉතින් ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා….”

” ම්ම් ඔව් අයියේ ….තාත්තා ගොඩක් කැමැත්තෙන් හිටියේ….

ඒත් ඒ අයියා දන්නේ නෑ අදටත් මම එයාට ආදරය කරනවා කියලා …පොඩි කාලෙ දැක්කට පස්සේ මං එයාව දැක්කෙත් නෑ …

දැන ගන්න ලැබුණා එයා වෙන කෙනෙක්ට ආදරේ කරා කියලා ….ඒත් මගේ ආදරේ වෙනස් නොවී අදටත් තියෙනවා …

තාත්තා මගෙන් තව පොරොන්දුවක් ගත්තා . මට ලැබෙන පළවෙනි බබා දුවෙක් උනත් පුතෙක් උනත් එයත් අයිති වෙන්නේ යුධ හමුදාවට කියලා …..

ඒක තමයි තාත්තගේ අන්තිම කැමැත්ත …..”

රට වෙනුවෙන්ම කැප වෙච්ච එඩිතර තාත්තා කෙනෙකුත් රට ගැන කැක්කුමක් තියෙන නියම සිංහල කෙල්ලෙකුත් දැක්කා අද මම .

” එච්චර හීන ගොඩක් තියෙද්දි එහෙනම් ඇයි නංගි ඒ විදියට ගෙදරින් පැනලා ගියේ……”

41 thoughts on “රන් තරු | 06 කොටස | නවකතාව”

  1. Kohomada aiya.. ada chuttai ne dala thinne kathawa. Kathawanam maara lassanai eka digata kiyawagena ynna thibbanan kiyala hithuna. Ranu hithin adare karapu kolla tharu da danne nane. Man me mata hithena dee kiwwe. Eka ehema unoth shooi ane..

    1
  2. කතාව ගොඩාරියක් ලස්සනයි.
    චුට්ටයි නෙ කතාව අද
    කතාව එක දිගට කියවන්න තිබ්බනම් කියලා හිතෙනවා අප්පා.
    රනූ ආදරය කරන කෙනා තරූම තමයි මට හිතෙන විදිහට.
    හැමදාම කතාව හරිම ආසාවෙන් කියවනවා.
    All the best.
    ???????

  3. Hashini Navanjana.

    ෂා…… අදනම් වෙනදටත් වඩා ගොඩාරියක් ලස්සනයී… ☺️☺️☺️
    ඒත් අද චුට්ටයි නේ දාලා තියෙන්නේ… ඒකට නම් තරහම තරහයි හරිද… ??? ඇයි අනේ ඒම කරන්නේ අපි පවු නැද්ද..
    ?????
    කමක් නෑ.. එහෙම කරලා ඔයා සතුටින් ඉන්නකෝ හොඳද…
    ඇත්ත්මයි අයියේ මේ කතාව නම් මාරම ලස්සනයි….
    සුපර්බ්….. ????
    ඔයාට අවෝඩ් ? ? ? ? එකක් දෙන්න වටිනවා….
    ඒ තරම් ලස්සනයී.. ????
    දැන් නම් 200%ක් ෂුවර් රනූ පොඩි කාලේ ඉදලා හිතින් ආදරේ ???? කරපු කොල්ලා තරූ කියලා… ????
    මං හරි නේහ්හ්හ්හ්… ????? ඔයා ලස්සනට කතාව ප්ලෑන් කරලා තියනවා අයියේ… ????
    ඔයා රණවිරුවො ගැන කියලා තියන දේවල් කියවනකොට හිතට මොකක්ද වෙලා යනවා වගේ දැනෙනවා.. ඒ තරම් හදවතට ❤ දැනෙන්න ලියලා ඔයා.. හරිම ලස්සනයී… ???
    රනූගේ තාත්තා පවු නේද… ඒ වගේ අනර්ග කැපකිරීමක් කරන්න පුලුවන් රණවිරුවෙක්ට ම තමයි ඉතිම්… හෙටත් මේ වගේ ලස්සනම ලස්සන කොටසක් අරන් එන්න හොඳද… හැබැයි දිගගග…… ම දිග වෙන්නත් ඕනි..
    ?????
    නැත්නම්….. දෙනවා ගුටි… ?????
    ?????????

    1. Heta dennam Loku ekak onna Ada Nam aiyyat Loku comment ekak danna wenne na aiyyata wada godak Ada heta dannam hode godak thanks nangiya budusaranyi

  4. මං අද කතාව ගැන මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ.කතාව එක හුස්මට කියවගෙන ගියා.ඒ තප්පර කිහිපය තුල මට මං ඉන්නේ කොහෙද කියලා අමතක වුණා.ඒ තරමට මෙම වචන අකුරු අතර මං අතරමං වුනා.හුස්ම ගන්න ක් අමතක වුනා ද මන්දා.හදවතට දැනුනා ඒ වචන ටික.
    ….මමත් පොලිසිය ඇතුළුව ත්‍රිවිධ හමුදාව ට ගරු කරපු, ගරු කරන කෙනෙක්.මොකද මටත් පොඩි කාලේ ඉඳලම ආශාවෙන් හිටියා හමුදාව ට හරි පොලිසිය ට හරි බැදෙන්න.එත් බැරි වුණා මං මිටි නිසා.(අඩි5 වත් උස නෑ ).ඒත් ඒ නිසාම මං පොලිසියේ නිලධාරීයෙකු marry කලා.ඒ කාලේ ඉඳලම මගෙ හිතේ තිබ්බ ගෞරවය තවත් වැඩි වුණා ඔයාගේ මෙම වචන අදහස් වලට.
    රට ජාතිය වෙනුවෙන් යුද්ධෙට යන විරුවන්ගේ පවුල්වල අය වගේම බිරින්දෑ වරුන් මිට වඩා කැපවීම, ඉවසීම , වගේම හොඳ අන්‍යෝන්‍ය අවබෝධය තියෙන්න ඔනෑ.
    හැමදාම වගේ අදත් මං කියන්නේ you are the best.විශිෂ්ඨයි .ඒ වගේම කතාව ට , ඔයාලගේ අදහස් වලට ලියන ඔයාලා දෙන්නටත් ආදරෙයි මාහා ගොඩක්.බුදු සරණයි

    .හදවතට දැනුනා ඔය වචන
    හදවතෙ ඇළුණා ඊයම් බරුවක් ලෙසට
    ආදරෙයි හැමදාම
    රටට මෙන් රණවිරුවාටත්
    ගරු කරමි හිස නමා හැමදාම ඔබ සැමට

  5. Hashini Navanjana.

    දැන් ඉතිම් රනූගේ තාත්තගේ අවසන් කැමැත්ත තිබුනා වගේම වෙනවා නේද…. ??????
    රණවිරුවෙක් මැරි කරන්න කීව එක… ඇයි ඉතිම් තරූත් රණවිරුවෙක් නේ… ☺️☺️☺️☺️
    ඒත් ඉතිම්…. මං කීව දේ වැරදිලා තිබුනොත් තමයී…. ????

  6. mee mata hithena deyak kiyannada ranuge sihina kumaraya thamai tharu?
    Ada kotasa purama රණවිරුවන් gana harima lassanata vagema godak sanvedi satahanak oya ඉදිරිපත් karala thiyanava.
    Godak davsakin comment ekak damme na.අසනීප nisa.eth hamadamath kathaa kiyavala excellent rate ekak damma onna.
    Kathava gana hamadamath kiyanava vagema superb and interesting.anivaren mama hithanava me kathave idiriya vagema venath nirmanath superb vei kiyala.
    All the best???????

  7. රනූ ආදරේ කරපු ඒ කොල්ලා තමා තරූ කියන්නේ… මටනම් හිතෙන්නෙම එහෙමයි…

    හැමදාමත් වගේ අදත් කතාව ගොඩක් ලස්සනයි….

  8. Dunasha Gamage

    Hi yalu onna ada nm tikk hppy harid.?khomd mm kypu de hri neda?mata hith kiywann pluwn hdada.aka mata godak aya kyl tiynawa.oyge kthwa nm perfect yalu.??

  9. Ranu adare karapu kena tharu kiyla mt hithenawa. Ane hari duka hithenawa aiye me kathawata e wagema ape rata beraganna kamaththenm divi piduwa ranawiruwo gana loku gayrawayak enawa api eylata garu karnawa madi kiyalath hithenawa aiye. Adatath ape rate wagema ape arakshawa wenuwen auwe pichchi pichchi inna ranviruwo gana loku gaurawayak danenawa aiye me kathawa kiyawaddi . Digtm mn kathawath ekka innwa aiye kathawa e tharamt lassanai bs aiye. ??

  10. Chathu indeewaree

    කියන්න වචන නෑ අයියේ.. ඒ තරම්ම ලස්සනයි කතාව. කතාව කියවද්දි අපේ රණවිරුවෝ ගැන හදවතට දැනෙන හැඟීම විස්තර කරන්න වචන ගළපන්න මට තේරෙන්නෑ. ඒතරම්ම ආදරයක්, ගෞරවයක්, අභිමානයක් දැනෙනවා අපේ කොල්ලෝ ගැන..ඇත්තටම හදවත මොහොතකට නතර වුණා වගේ දැණුනා අයියේ රනූගේ තාත්තාගේ ඒ අභීත ක්‍රියාව ගැන කියද්දී… අපේ හදවතේ කතා කරන්න ඕන හරිම තැනට ඔයා කතා කරනවා අයියේ මේ කතාව හරහා. කතානම් ඕන තරම් කියෙව්වා මේ ඇප් එකේ. ඒත් මේ තරම්ම අපේ හදවත් සංවේදී කරන්න පුළුවන් වුණ කතාවක් මේ වෙනකල් මම කියවලා නෑ අයියේ.. ඔය දෙන්නා අපිව ඇත්තටම මොහොතකට ඇඬෙව්වා අයියේ.. එ කියන්නේ ඔය දෙන්නා 1000%ක් සාර්ථකයි.. ඔයයි නංගියි ඒ අතින් මාරම ටැලන්ටඩ් අයියා…

    අපේ මවුබිම වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරන අපේ වීරෝදාර රණවිරුවන්ට ලැබෙන්න ඕන නිසි වටිනාකම ලැබීමේදීනම් ප්‍රශ්නයක් තියෙනවා වර්තමානය වන විට. ලක්ෂ ගණන් පඩි ගන්න වෘත්තිකයන් පවා පඩි වැඩි කරන්න කියලයි අර ඉල්ලීම් මේ ඉල්ලීම් දෙන්න කියලා ස්ට්‍රයික් කරනවා. ඒත් තිස් හතලිස් දාහක් පඩි ගන්න අපේ කොල්ලෝ පඩි වැඩි කරන්න, අර ඉල්ලීම් , මේ ඉල්ලීම් දෙන්න කියලා ස්ට්‍රයික් කළොත් රටට මොන දෙයක් වෙලා තියෙයිද?ඒත් අපේ කොල්ලෝ කවදාවත් එහෙම කළේ නෑ. තමන්ගේ ජීවිතය මවුබිම වෙනුවෙන් උකස් කරලා ඒ කොල්ලෝ කරන කැපකිරීම ගැන කාටවත් ගාණක් නෑ. යුද්දේ ඉවරවෙලා අවුරුදු 10ක් ඇතුළත අපේ මිනිස්සුම අමතක කළ අපේ මේ කොල්ලන්ගෙ වටිනාකම 2019.04.21 සිදුවුණු අන්තවාදී ප්‍රහාරයත් එක්ක ආයෙම දැනෙන්න පටන් අරන්.. ඉතින් අයියගේ මේ කතාවත් ඇත්තටම මේ කාලයේම පළවීම හරියට හාස්කමක් වගේ. මොකද මේ කතාව හරහා ආයෙම මිනිස්සුගේ හදවත්වලට අපේ රණවිරුවෝ සමීප වෙනවා…. ඔයා කරන මේ අගනා සේවයටනම් මම ගොඩාක් ගරු කරනවා අයියේ…
    ඔයාටත් නංගිටත් ගොඩාක් දක්ෂ ලේඛකයින් වෙන්න ලැබෙන්න කියලත් ❤ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ.. බුදු සරණයි..!!!

    1. Reply ekak Nam denna one mekata hadawathinam eth ada aiyya busy una tikak ekata samawenna aththatama me comment Mata Mara sakthiyak heta Dana ekata Nam aniwa loku reply ekak denawa hode nangiya budusaranyi

    2. Hashini Navanjana.

      චතූ අක්කි ඔයා කිවුව හැමදේම ඇත්ත අක්කියෝ… මං බැදලා ඉන්නෙත් නේවි එකේ අයියා කෙනෙක්.. එයාලටත් පඩි අඩුයි.. ඒ උනාට එයාලා කරන සේවයේ නම් කිසිම අඩුවක් නෑ… අදත් එයාලා ගෝල් කෑම්ප් එකෙන් යවනවා කලම්බු ස්පෙෂල් ඩියුටි වලට. ඒත් එයාලට ලැබෙන්න ඕනි කිසිම දීමනාවක් වත් ලැබෙන්නෙ නෑ දැන්.. ඇත්තටම අපේ රණවිරුවො ටික ස්ට්‍රයික් කරන්න ගත්තා නම් මොනවා වෙයිද.. ඒත් ඒ කොල්ලෝ කවදාවත් එහෙම කරන්නේ නෑ… මං ඒත් අයියාගෙන් දවසක් ඇහුවා “ඇයි අයියේ ඉතිං ඔයාලාට මේ තරම් පඩි අඩු වෙලත් අනිත් අය වගේ ස්ට්‍රයික් කරන්නේ නැත්තේ කියලා.” එතකොට එයා කිවුවේ “රට වෙනුවෙන්ම කැපවෙනවා කියලා පොරොන්දුවක් දීලා ආව අපි කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා.. ජොබ් එකට වඩා රට වෙනුවෙන් මේකේ ඉන්නේ කියලා.” ඇත්තටම එහෙම රණවිරුවන්ට ලැබෙන්න ඕනි තැන බිංදුවක්වටම වැටිලා අක්කි අද කාලේ… රණවිරුවො හැමෝටම මතක් වෙන්නේ මෙන්න මේ වගේ අන්තවාදී ප්‍රහාර, ගංවතුර, සුනාමි වගේ ආපදා උනාම විතරයි.. ඉතිං මේ වගේ වාතාවරණයක් තියන කාලෙක සුමී අයියා මේ වගේ රණවිරුවන්ට උපහාරයක් වෙන ලස්සන කතාවක් ගෙනාවට ගොඩක් පිං අයියේ… දීමනා ලැබුනේ නැතත් එයාලට ලැබෙන්න ඕනි වටිනාකම වත් ලැබෙයිනේ එතකොට…

  11. Chathu indeewaree

    මේ කතාව මැයි මාසයේ හොඳම නව කතාව විදියට ? පළදින්න ලැබේවා කියලා හදවතින්ම පතනවා මම. මම්ස් හිතනවා මගේ ඒ ප්‍රාර්ථනය ඒ විදියටම ඉටු වේවි කියලා…

  12. Man godakma asawen kiyawana kathawak meka. Mage password eka amathaka wela mata log wenna beruwa hitiye godak kal. Mekata comment karanna onema hinda wenama e mail ekak hadala register une.
    Oyage talant ekanam supiri. Man godak asawen kiyawanne. Hemadama katha ahurata enne meka kiyawanna balagenamai. Good luck..???

  13. Thakshi Deepali Jayasuriya

    කතාව ගැන කියන්න වචන නෑ අයියේ…හරිම ලස්සනයි…හොඳට ප්ලෑන් කරලා ලියලා තියනවා…හිතට මාර විදිහට දැනෙන්නේ…අපේ ආක්ෂා අක්කගෙයි පියුමි අක්කගෙයි කතා කියවපු තරම්ම ආසාවෙන් මං මේකත් කියවන්නේ….

  14. Nirosha Lakmali

    රන්තරු නම් නියමයි. හදවතටම දැනෙන්න අයියයි නංගියි කතාව ලියලා තියනවා. අද තමයි ඔන්න කමෙන්ට් එකක් දැම්මේ. කතාව හරිම ලස්සනයි. කතාව දානකන් ඉවසිල්ලක් නැ. දිගම දිග කොටස් දාන්න හැමදාම. දෙන්නටම හදවතින්ම සුබ පතනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.