Katha Ahura

කටු අනෝදා | ➡️ 07 ගෙඩිය⬇️ | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 07 ගෙඩිය⬇️

“දන්නේ නෑ.. මීට කලින් මම දැකල උන්නෙත් නෑ… එයා ඇවිල්ලා මගෙන් ඉල්ලුවා වතුර තිබහයි වතුර ටිකක් දෙන්න පුලුවන්ද කියල ,පුලුවන්නම් කූල් වතුර එක්ක දෙන්න කියල කිව්වා…”

” මොනව මේ උදේ පාන්දර කූල් වතුර බොන්න ,මාර ගෑනු කෙනෙක්නේ එයා….”

අම්මාගේ කතාවට මට ඇතු වුනේ පුදුමයක්.

” මොනවගේද ඔය ගෑනු කෙනා….”

චතුර ඇහුවා.

” අවුරුදු තිහක විතර පෙනුමක්වත් තිබ්බේ නැද්ද මන්දා….මම කලින් දැකල තිබ්බේ නෑ…… මම ඒ ගැනු කෙනාට ෆ්‍රිජ් එක ඇරල වතුර බෝතලේ ගනිද්දී තැක්කේ ෆ්‍රිජ් එකේ යට තට්ටුවේ අර කටු අනෝදා ගෙඩිය…ෆ්‍රිජ් එක උඩ උබ තිබ්බ කියල කිව්වට උබ ඒක ෆ්‍රීජ් එක ඇතුලේ දාල තියෙන්නේ…. මම ඉතින් ඒක අරන් ෆ්‍රිජ් එක උඩින් තිබ්බා.

ඕක ඇතුලේ තිබ්බම ඕක ඉදෙනවවැයි…..”

ඒත් අම්මා කියපු දේනම් කොහොමවත් විශ්වාස කරන්න බෑ. මට සීයට සීයක් විශ්වාසයි මම ඒ අනොදා ගෙඩිය ඊයේ තිබ්බේ ෆ්‍රිජ් එක උඩමයි කියලා.

” මම කටු අනෝදා ගෙඩිය කන්න කපද්දිනම් තිබ්බේ හොදටම ඉදිලා….අන්න ඉතිරි බාගේ ම්ම ගීත් අයියට කන්න අර මේසේ වට්ටියෙන් වහල තිබ්බා.”

නෙතුශිකා කිව්වේ මේසය දිහාට නෙත් යවමින්.

” ඒත් ඒක වෙන්න බෑ.. මම ඊයේ රෑ ඒක ෆ්‍රිජ් එක ඇතුලෙන් නෙමේ දැම්මේ ,ෆ්‍රිජ් එක උඩින්….. හරි ෆ්‍රිජ් එක ඇතුලේ ඒක තිබ්බ කියමුකො, ඒත් ඊයෙ අමුගෙඩිය මෙච්චර ඉක්මනට ඒක ඉදුනේ කොහොමද”

මට දැනුනේ මාර ප්‍රශ්නයක් ,මම ඉක්මනට ගිහින් මේසේ උඩ තිබ්බ වට්ටිය ඉස්සුවා. ඉදිච්ච කටු අනෝදා හෙඩියේ බෑවක් හොදටම ඉදිලා ඒ මෙස වට්ටිය යටින් තිබ්බා. මට මේ වෙන දේවල් විශ්වාස කරන්නත් බෑ.අර ගෑනු කෙනා කවුද…. ඒත් මේ සියලු දේවල් පිටිපස්සේ අර හොල්මන් ආත්මය ඉන්නවා කියල මට තව තවත් තේරෙන්න පටන් ගත්තා. කටු අනෝදා බෑව ඇතුලිනුත් මට මැවී පෙනුනෙ අර හොල්මන් ගෑනු රුවේ මූනයි.

” එහෙනම් ඔය ඉදිලා තියෙන්නේ…….. මොනාවුනත් මාර රසයි……..ගිත් අයියේ කාල බලන්නකෝ……”

කියපු නෙතුශිකා කටු අනෝදා බෑව මා වෙත දික්කෙරුවේ සිනාමුසු මුහුනින්.

” ඔය ජරාව මට එපා… ඕක විසිකරල දාපං…….”

එකපාරටම දැනුනු ආවේගයින් මම එහම කියල නෙතුශිකා ගෙන් කටු අනෝදේ උදුරල ගත්තා. නෙතුශිකාගේ සිනාමුසු මුහුන අදුරුවෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

කට්ටියම බලම් ඉද්දී මම කටු අනෝදා බෑව මිදුලට ගිහිල්ලා ඈතට විසිකරල දැම්මා. ඒත් සමගම මට ඇහුනේ නෙතුශිකා ඉකිබිදින හඩ.

” ඇයී ගීත් අයියේ එහම කෙරුවේ… මම ඒක කපල කෑව හින්දද…..මම දන්නව ඔයා මේ ල්ගක ඉදල මාත් එක්ක ඉන්නේ මොකක් හරි තරහකින් කියලා…….. ඇයි ඒ…. ඔයා ඊයේ රෑ කටු අනෝදේ ගැන කිව්ව හින්දයි මම ඒක කපල කෑවේ….. ඇයි මට මෙහෙම කරන්නේ….

නෙතුශිකා අඩන්න පටන් ගත්තේ මාව හොදටම අසරන කරමින්. අම්මා හිටියේ නැත්නම් ඒක එච්චරම අවුලකුත් නෙමේ. ඒත් අම්මාත් ඉස්සර නෙතුශිකා හරියට අඩන්නේ ,මම ඇගේ කුසට දරුවෙක් දීල දැන් අහක බලන් ඉන්නව වගේ….

” න්නෑ… නෑ නෙතුශිකා ඒක ඔයා කෑව හින්ද නෙමේ මම ඒක විසිකරල දැම්මේ…..ඒකට හේතුව්ක් තියෙනවා… ”

” මොකක්ද ඒ.. ”

නෙතුශිකා ඇහුවේ ඇඩිම නතරකරලා…

” ඒ දේ කියන්න බෑ…..”

” ඇයි ඒ කියන්න බැරී…..”

” කියන්න බැරි හින්දා තේරුම් ගන්ඩ…..”

මම කිව්වේ තරමක් තදින්…….

” නෑ ඔයා ඔය කියන්නේ බොරු ,මම ඒක කෑව හින්දා තමා ඔයා ඒක විසිකෙරුවේ…… මට අකමැති බව ඔයා නොකියා කිව්වේ අර අනෝදා බෑව විසිකරල… එහෙම නේ.. අනික මම මෙහෙ ඔයාව බලන්න ආසාවින් එද්දී ඔයා මෙහෙ හිටියෙත් නෑ…. කමක් නෑ… ගීත් අයියේ…. මට ඔයා ගැන දුකක් නෑ… තියෙන්නේ මම ගැනම ආත්ම අනුකම්පාවක් විතරයි……මම යනවා.. දැන්ම”

අඩ අඩාම කියපු නෙතු ශිකා ඇය ගෙනාපු හෑන්ඩ බෑග් එක පුටුවක් උඩ තිබිලා ගත්තා…. ඊට පස්සේ ඇය මිදුලට බැහල දුවගෙන වගේ ගියා.

” නෙතුශිකා පිස්සු වැඩ කරන්ඩ එපා.. එහෙම එකක් නෑ.. ඔයා පටලවගෙන…”

මම ඈ පස්සේ දිව්වා.

” නෙතූ ඔහොම නැවතියන්.. ”

මලින්දිත් කෑගැහුවා.

ගේ ඉස්සරින් යන බස් එක ඒ වෙලාවටම ආවේ හරියල කියල වගේ. නෙතුශිකා බස් එකට අත දාල ඒකට නැගිලා ගියේ අපි පුදුමෙන් බලන් ඉදිද්දී.

” මාර කෙල්ලෙක්නේ එයා…”

චතුර කිව්වේ අදහගන්නත් බෑ වගේ.

” අයෙ ඔලුවට පොල්ලෙන් ගහනවා වගේ නෙතූ දුන්න කටු අනෝදා බෑව උදුරල විසිකරද්දී…. දුක හිතෙනව නේ.. අනික නෙතූ හරි සංවේදී කෙල්ලක්…..”

මලින්දි මට බැන්නා.

” කොල් එකක් අරන් බලපන්…”

චතුර කිව්වා. ඒත් මම දුන්න ඇමතුමට නෙතුශිකා කිසිම පිලිතුරක් දුන්නේ නෑ. පස්සේ ඒ ෆෝන් එක වැඩ කෙරුවෙත් නෑ…. මලින්දිත් ඒ ගමන්ම අපේ ගෙදරින් ගියා.

කටු අනෝදා ගෙඩියක් නිසා මම හැම පැත්තෙන්ම අසරන වෙලා…….
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

එදා රෑ අපේ පැත්තට හවස හයේ ඉදලම වහින්න පටන් ගත්තා. ඒ හින්දම කලින් රෑ වගේම කරන්ට් එක තිබ්බෙත් නෑ…..

අම්මා නෙතුශිකා ගැනම අහල ඒවට පිලිතුරක් දීලම ඔලුව අවුල් වෙලා තිබ්බේ. එක පැත්තකින් නෙතුශිකාගේ ප්‍රශ්නය,අනිත් පැත්තෙන් අර හොල්මන් ගෑනිගෙන්….. නෙතුසිකා අනොදා බෑව කාල එයාට මෙනාවෙලාද දන්නෙත් නෑ… කෝල් ගත්තත් නෙතුශිකා ෆෝන් එක උස්සන්නෙත් නෑ.

තවම අර හොල්මන් ආත්මෙ මාව හොයාගෙන ආවෙත් නෑ… අනොදා බෑව කාපු හින්දා ඒ හොල්මන නෙතුශිකා පස්සෙන්වත් ගියාද…

මේවා සිතෙද්ඩී එලියේ කොයිතරම් වැස්සත් සීතල රැයක් වුනත් පොඩ්ඩක්වත් එදා රෑ ඇහපියවුනේ නෑ.

නින්ද යන්නේ නැතිව් අරව ගැන හිතපු නිසාම මගෙ දැන් ඔලුවත් කකියාවා. තදින් ඇස් පියාගත්තේ නින්ද යමන් නින්ද යමන් කියමින් මොලයට ආයාචනා කරමින්.

ඒත් නින්ද අහලකටවත් ආවේ නෑ…..

” ටොක් ටොක් ටොක්……”

වැහි හඩ්ත් කපාගෙන මැදියම් රැයේ ඒ ආපු හඩට එකපාරටම මම බයවුනා… කොහෙන්ද ඒ හඩ එන්නේ.

” ටොක් ටොක් ටොක්….”

ඒ හඩ එකදිගටම ඇහෙන්න පටන්ගත්තා. ඔව් ඒ හඩ එන්නේ මම නිදන් ඉන්න අල්මාරියේ විදුරුව් තියෙන පැත්තෙන්.

මම එපපාරම බය වෙලා ඇදේ ඉන්දවෙද්දී කාමරේ තිබ්බ ලයිට් එක පත්තුවුනේ ගිය කරන්ට් එක ආපහු ආවා පවසමින්……

ඒ එලියෙන් මම එකපාරටම බැලුවේ අල්මාරියේ වීදුරුව දිහා. මම ඒක විශ්වාස් කරන්නේ කොහොමද , අර හොල්මන් ගෑනු රුව අල්මාරියේ කන්නාඩිය තුලින් මම දිහා වියරු හිනාවක් නගාගෙන බලන් උන්නා. ඒත් මුලු කාමරේම නෙත් යැවුවත් ඒ රුව සිටියේ කණ්නාඩිය ඇතුලෙ විතරයි.

” හහ්… හහ් හහ් හා… බයවුනාද…..”

හොල්මන් ගැහණු රුව කන්නාඩිය ඇතුලේ ඉදන්ම කතා කෙරුවා.

” ක….කවුද උබ ,ඇයි මම පස්සෙන් එන්නේ……..”

” උබේ මාරය වෙන්නත් පුලුවන්……”

” ඇයි මාව පස්සෙන් එන්නේ… අර කටු අනෝදේ කඩපු නිසාද…….”

” ඔව් ඒ හින්දා තමා මම උබ පස්සේ ආවේ……..එත් ඒක කැඩුවට මගෙ කිසිම තරහක් නෑ.. මම බලන් උන්නෙත් කවුරුහරි කෙනෙක් ඒ වත්තෙන් කටු අනෝදයක් කඩනකම් තමා.. ඉතින් උබ කැඩුවා…. දැන් උබල දෙන්නම් මගෙ ග්‍රහනයට අහුවෙලා ඉවරයි…. ඒ හින්ද මට ලේසියෙන් උබල් දෙන්නව මරන්න පුලුවන්…..”

” දෙන්නා….. දෙන්නා කවුද.. කටු අනෝදා කැඩුවේ මම විතරයි…………..”

මට බයට එකපාරම කිසිවක් මතකෙට නැගුනේ නෑ.. ඒත් පස්සේ මතක් වුනා එයා කවුද කියලා..

” හහ් හහ් හා… කවුද ඉතින් ,උබේ අනාගත ප්‍රිය බාර්යාව මිසක්…..”

” මගේ අනාගත බාර්යාව එ…එහෙම කෙනෙක් මට නෑ…..”

මම කියපු දේට වියරු ලෙස කන්නාඩියෙන් හිනාවුන හොල්මන් රුව මම දිහා තියුනු බැල්මක් බලන් උන්නා.

” උබ නොදන්න ගොඩක් දෙවල් මේ මට හොයාගන්න පුලුවන් හහ් හහ් හා… මම මේ කියන දේ උබ කොහොමහරි කරන්න ඕනා… උබට ඒක කරන්න බෑ කියල මට තෙරුනොත් මම ,උබ ඉස්සරහම උබේ අනාගත් බාර්යාව මරල දානවා…..මගෙ ග්‍රහනයට අහුවුන එකෙකුටවත් මම කියපු දේ කරන්න බැරිවුනා… ඒ හින්දා මට තරහ ගිහිල්ලා උන් ඔක්කොම අර පාලු වත්තෙ මරල දැම්මා…. දැන් උබ…. උබවත් කොහොමහරි මම කියන දේ කරන්න ඕනා……

උබ මේකට බෑ කිව්වොත් හරි ,මගෙන් ගැලවෙන්න ක්‍රමයක් හෙවුවොත් හරි , හරි… මම අද ඉදල වද දෙන්නේ උබට නෙමේ……. හහ් හහ් හා………….”

වියරු ආත්මය හිනහෙන්න පටන් ගත්තේ මම බයෙන්, අසරනව කිසිම දෙයක් කරකියාගන්න මගක් නැතිවෙද්දී…….➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ තවත් අනෝදා ගෙඩියකට..

ඔන්න ඔයාලගේ නිදන කාමරෙත් අල්මාරියක් හරි කණ්නාඩි මේසයක් හරි තියෙනවනම් ,මහ රෑ ඇහෙයි ටොක් ටොක් ටොක් ගාල ඒ විදුරුවලින් සද්ද.. ඒ හොල්මන් ඈ…….මහ රෑ කණ්නාඩිවලට එහෙම එබෙන්න එපා…..

.ඔයලා බලන්න අනෝදා අරන් එන්නේ නෑ……අනිද්දට ලොකුම ලොකු අනෝදා ගෙඩියක් ඒකට හරියන්න දෙන්නම්කෝ…….

මම raaz…☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

5 thoughts on “කටු අනෝදා | ➡️ 07 ගෙඩිය⬇️ | හොල්මන් කතා”

  1. Ammo ohoma baya karnna epa ane mage kamareth thiynawa kannadiyak anika mn holman walata mara bayai. Kathawanm supiri raaz baya hithenawa kuthuhalay nisa kiyawannath asa hithenawa oyage hama holman kathawakma lassanai raaz mekath ehemai mn digatm kathawath ekka innawa Good Luck bs . ???

  2. කට හින්දනෙ මාලුවා නහින්නෙ කිව්වා නෙ.කොහෙද ගීත්ටත් අනොදා ගෙඩිය කඩලා කන්න මාර පෙරෙත කමක්නෙ තිබ්බෙ.??????????
    ……………. අනුන්ගේ දෙවොල් හොරා ගන්නවට හොද පාඩමක්.ඕන් මං නම් අනුන්ගේ වතුවල තියෙනවා අනොදා තියා කුරුම්බැට්ටි යක්වත් අහුලන්නෑ.බුදු අම්මො කුරුම්බැට්ටි ය පස්සේ වත් හොල්මන් ආවොත් කියන්න බෑනේ ගිය ආත්මයේ හොර පොල් කඩපු එකෙක් වත් බැල්ම දාන් වුන්නොත්.??????
    …………… හොල්මන් වලට මාර බයයි මං.ඒත් කතා කියවන්න ආස නිසා වෙව්ල වෙව්ල බලනවා.????????කතාව ගොඩක් ආශාවෙන් බයෙන් හොරෙන් වගේ කියවනවා.හොල්මන් ආවොත් නෙ කාට කියන්නද කාන්නාඩ්යෙත් හොල්මන්,බාත් රූම් එකෙත් හොල්මන් නෙ.????.best of luck.???????????????

    1
  3. Thakshi Deepali Jayasuriya

    කතාව නම් ගිනි ගින්දර රාස් ????? මං කෝමත් ඔයාගෙ කතා වලට අාසයිනේ

  4. Apooo monada raz… adath kathawak oni. Naththm oyage passen ei katu anoda gediye holmana!
    Onna oyata ada raa nidaganna dena ekak na hodada.
    ??
    Kathawa supiri raz!!!

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.