Katha Ahura

රන් තරු | 4 කොටස | නවකතාව

3.2/5 - (5 votes)

කලින් පොඩි ගැටළුවක් උනා සිදුවුණ අපහසුතාවට කනගාටුව
04 කොටස

” ඔයා හිතන තරම් ඌ නරක නැහැ නංගි …. ඇත්තටම කිව්වොත් ඌ අපි දෙන්නටත් වැඩිය ගොඩක් හොඳ කෙනෙක්….

ඔයා ඌට බනිද්දි ඌ අප්සට් ගියා…ඒකයි ඌ කාමරෙන් ගියෙත්….”

කලූ මං ගැන කියන දේවල් ඇහුණම මට ඌ ගැන දැනුනේ සහෝදරයෙක් තරමටම .

අද කාලෙ තමන් විතරක් කැපිලා පේන්න උත්සාහ කරන උන් ඉන්න සමාජෙක ඌ මාව ඉහළින් තියන්න උත්සාහ කරනවා.

” මම බැන්නේ නැහැ අයියේ ….හිතේ තියෙන දුකටයි එහෙම කිව්වේ ….

ඔයාලා හිතන තරම් මම නපුරු නැහැ ….”

” අපිට තේරෙනවා නංගි ….ඔයාගේ හිතේ දුකටයි එහෙම කිව්වේ කියලා ….

අපේ කොල්ලා ඊටත් වැඩිය හිතේ දුකින් ඉන්නේ ඔයා මේ කරගත්තු දේ නිසා …..”

” ඒ මොහොතේ  එයා මාව අල්ල ගන්නේ නැතුව මට පැනලා යන්න දුන්නා නම් මට අද මෙහෙම දෙයක් වෙන්නේ නෑ අයියේ …..

මමත් ආසයි ජීවත් වෙන්න .මැරෙන්න ඕන නැහැ මට….

ඒත් ඒ වෙලාවේ එතනින් එහාට මට දුවගෙන පුළුවන් කමක් තිබුණේ නෑ ….

මම මුළු දවසෙම බඩගින්නේ හිටියේ …ඇඟට දැනුණු කලන්තෙ ගතියත් එක්ක මට හිතුණා මම අර නරුමයට අහු වෙයි කියලා ….

ඒකයි මම එහෙම දෙයක් කරගෙන ජීවිතේ නැති කරගන්න හැදුවේ …මං උගේ ගොදුරක් වෙන්න කලින් …..”

” දැන්වත් අපිට කියන්න නංගි මොකක්ද ඒ වෙලාවේ උනේ කියලා ….”

” මං කොහොමද ඔයාලව විශ්වාස කරන්නේ … පිරිමි හරි නරකයි…

මගේ තාත්තා ඇරුණම වෙන කිසිම පිරිමියෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න මම කැමති නෑ අයියේ ….”

මට තේරුණේ නෑ ඇයි මේ කෙල්ල පිරිමි එක්ක මේ තරම් තරහ කියලා .එයාගේ තාත්තා ඇරෙන්න අනිත් පිරිමි විශ්වාස නොකරන්න තරම් මොකක්ද එයාට තියෙන හේතුව .

” අහන්න නංගි ….අපි ඔයාට උදව් කරන්නයි හදන්නේ ….

ඇයි ඔයා තාත්තා ඇරෙන්න වෙන පිරිමි විශ්වාස කරන්න බෑ කියන්නේ ….”

” මට හැමෝම ගැන තරහක් නෑ අයියේ …

ඒත් සාමාන්‍ය ජීවිතේ අපිත් එක්ක ඉන්න පිරිමි ගැන මම විශ්වාස කරනවා ගොඩක් අඩුයි…

මගේ තාත්තා යුධ හමුදා නිළධාරියෙක් අයියේ …ඒකයි මං එයාව මගේ පණටත් වැඩිය විශ්වාස කරන්නේ …”

” එතකොට ඒ හිටියේ ඔයාගේ තාත්තා නෙමෙයි ද….”

” නැහැ …නැහැ ….ඒ පව්කාරයට මගේ තාත්තා වෙන්න බෑ කවදාවත් ….

ඒ මිනිහා තමයි මගේ රත්තරන් තාත්තා ව මරා ගත්තු මිනීමරුවා ….”

” ඒ කියන්නේ නංගි ඔයා යුධ හමුදාව ගැන ලොකු විශ්වාසෙකින්ද ඉන්නේ ….”

” ඇත්තටම ඔව් අයියේ …..

යුධ හමුදාව විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවෙ වැඩ කරන කිසිම කෙනෙක් ගැන මගේ හිතේ අවිශ්වාසයක් නැහැ….”

” ඇයි නංගි ඔයාට ත්‍රිවිධ හමුදාව ගැන ඒ තරම් විශ්වාසයක් තියෙන්නේ ….”

මගේ හිතේ ඇති වුණු ප්‍රශ්නෙම මනී වෙලාවට කෙල්ලගෙන් ඇහුවේ .

” මම දන්න විදියට හමුදා නිළධාරියෙක් ජීවත් වෙන්නේ එයාලා වෙනුවෙන් නෙමෙයි ….

අපි වෙනුවෙන් …

එයාලා අපේ ජීවිත බේර ගන්නවා ඇරෙන්න කවදාවත් අපේ ජීවිත විනාශ කරන්නේ නෑ ….

සමාජෙ ඉන්න හැම ගැහැණු කෙනෙක්ට ම එයාලා ගොඩක් ගෞරවයෙන් සලකනවා මම දැකලා තියෙනවා ….

ඒ ගැහැණු කෙනා පොහොසත්ද දුප්පත්ද කියන දේ එයලා බලන්නේ නෑ…

මගේ තාත්තා නිසා මම හැමදාමත් ඒ වගේ අවංක රණවිරුවෝ දැක්කා අයියේ ….”

කෙල්ල කතා කරන අතරෙම මං දැක්කා කලූ එයාගේ හමුදා අයිඩී එක අරගෙන ඒ කෙල්ලට පෙන්වනවා .

” නංගි …දැන්වත් ඔයා අපිව විශ්වාස කරනවද…

මම,මෙයා එතකොට ඔයා බැනපු අපේ යාළුවා අපි තුන්දෙනාම වැඩ කරන්නේ ත්‍රිවිධ හමුදාවෙ ….”

කෙල්ල පුදුමෙන් වගේ බලන් හිටියේ මනියි කලුයි දිහා.

” ඇයි අයියලා කලින් කිව්වේ නැත්තේ…. මට නිකමට වත් හිතුණේ නෑ …

සමාවෙන්න අයියේ ….”

” නැහැ නංගි ….ඔයා සමාව ඉල්ලන්න දෙයක් නෑ ….
ඔයාට වෙච්ච දේත් එක්ක ඔයා අපිව විශ්වාස නොකරපු එක සාධාරණයි….

ඔයාට ස්තූතියි නංගි හමුදාවෙ කොල්ලො ගැන මේ තරම් විශ්වාසයක් හිතේ තියෙනවට….

ඔයා ඒ කියපු වචන වෙන කිසිම කෙනෙක්ගෙන් මම අහලා නෑ නංගි ….ඒක අපේ හදවතටම දැනුණා ……”

ඇත්තටම ඒ කෙල්ල කියපු වචන වලට අපිව මොහොතකට හැඟීම්බර කරන්න පුළුවන් වුණා කියලයි මට හිතුණේ .

අපේ හමුදාවෙ කොල්ලො ගැන මේ තරම් ගෞරවයක් විශ්වාසයක් කෙල්ලෙක්ගේ හිතේ ඇති වෙන්න තරම් අපි කොයි තරම් අවංකව රටට සේවයක් කරනවද කියලා දැන් තමයි හිතෙන්නේ .

සමහරු අට පාස් ආමිකාරයෝ කියලා අපිව හංවඩු ගහද්දි මේ පුංචි කෙල්ල හමුදාවෙ කොල්ලො ගැන කතා කරේ හිතේ ඇති වුණු ලොකු ගෞරවයකින්.

මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් අපිට දැනෙන විදියට ඒ තරම් ගෞරවයකින් අපි ගැන හිතන්න ඇති කියලා .

” නංගි ….ඔයාගෙන් දෙයක් අහන්නද….”

” අහන්න අයියේ ….”

” මම හිතනවා ඔයාගේ මේ කතාව අහන්න අපේ යාළුවත් මෙතන හිටියා නම් හොඳයි කියලා …..

මොකද ඌ ගොඩක් අප්සට් එකේ ඉන්නේ උගේ අතින් වෙච්ච වැරැද්ද නිසා ….”

කලූ කියපු දේට කෙල්ල ටිකක් වෙලා කල්පනා කරා.ඇගේ තීරණය මොකක් වෙයිද කියලා මම දෙගිඩියාවෙන් හිටියේ .

” ම්ම්ම්….කමක් නෑ අයියේ ….එයාට එන්න කියන්න ….

මට දැන් බයක් නැහැ ඔයාලා ගැන…ලොකු විශ්වාසයක් තියෙන්නේ ඔයාලා මට උදව් කරයි කියලා …..”

මේ කෙල්ලට කොයි තරම් විශ්වාසයක් ඇති වෙලාද අපි ගැන.රණවිරුවෝ කියලා දැනගත්තට පස්සේ අර තරම් වරදක් කරපු මම ගැන වත් එයාගේ හිතේ තරහක් තිබුණේ නෑ .

කලූට හරි මනීට හරි තව මොහොතකින් මට අඬ ගහන්නම වෙනවා එයාගේ කතාව අහන්න .

ඒ නිසාම මම හෙමීට කාමරෙන් එළියට ගියේ උන් දෙන්නටත් දැනෙන්නේ නැති වෙන්න .මම ගිහින් එළියේ තිබුණු පුටුවකින් වාඩි වුණේ දෙන්නගෙන් එකෙක් ඇවිත් මට අඬගහන කම්.
හිතුව වගේම දෙන්නම එළියට ආවා .

” තරුවා….යමන්…..

ඇයි කියලා ඉතින් උඹෙන් අහන්න ඕන නැහැනේ….”

” ඒ බං මට අප්සට් …ඒ කෙල්ල අපි ගැන එහෙම කතා කරද්දී …..”

” ඔව් තරූ….බලපන් අපේ ගෙවල් වල මිනිස්සු වත් නෑ ඔය විදියට අපි ගැන කතා කරලා…

දැන් තමයි බං හිතට දැනෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල අපි ගැන කොයි තරම් විශ්වාසයක් ද තියෙන්නේ කියලා …..”

” යමන් ඇතුලට ….”

=====================================

අපි තුන්දෙනාම ඇතුලට ආවා .කෙල්ල බලාගෙන හිටියේ මගේ මූණ දිහාම .ඒත් ඒ මූණේ තියෙන හැඟීම මට තේරුම් ගන්න බෑ .

” මනී අයියේ ….”

කෙල්ල කතා කරේ මනීට.ඒ ඩිංගට අපේ නම් ටිකත් මීටර් මෙයාට.

” ඇයි නංගි …..කියන්න ….”

” මට බඩගිනියි …උදේ ඉඳන් මොනවත් කාලා නෑ ….”

” ඕහ්හ් ශිට්….අනේ සමාවෙන්න නංගි …ඔයත් එක්ක කතා කරා ඇරෙන්න ඒක පොඩ්ඩක් වත් මතක් වුණේ නැහැ ….”

” කලූ යමන් ..කඩේ ගිහින් එමු….”

මම කතා කරේ කලූට .මනීව එතන තියලා යන්න හැදුවේ කෙල්ල තනියෙන් නිසා .

” තරුවා…උඹ හිටපන් මේ නංගිත් එක්ක …. මම කලුත් එක්ක ගිහින් එන්නම් …..

අපිටත් එක්කම අරන් එන්නම් ….මටත් බඩගිනි බං දැන් නම්….”

මොන හේතුවක් නිසාද මන්දා මනීට ඕන උනේ මාව මෙතන තනි කරලා යන්න .අවුලක් නෑ .කෙල්ලගේ හිතේ දැන් මං ගැන තරහක් නෑනේ .

උන් දෙන්නා ගියාට පස්සේ මම කෙල්ල ළඟට ගියා .කෙල්ල හිටියෙත් මං දිහා බලාගෙනම .

” මාත් එක්ක තරහින්ද නංගි ඉන්නේ …”

කෙල්ලො ගැන කොයිතරම් තරහක් හිතේ තිබුණත් මට මේ කෙල්ල ගැන එහෙම හිතන්න බැරි වුණේ කෙල්ල අපි ගැන කියපු දේවල් නිසා .

” ම්ම්….නැහැ අයියේ …දුකයි ඒත්….ඔයා මට ගැහුවනේ….”

” සමාවෙන්න නංගි ….ඇත්තටම මම තරහින් හිටියේ ඒ වෙලාවේ ….

අර මිනිහා කියපු විදියට මම හිතුවේ ඔයා කොල්ලෙක් එක්ක පැනලා යනවා කියලා ….”

” නැහැ අයියේ …පැනලා යන්න තරම් මගේ ජීවිතේට කිසිම කොල්ලෙක් මම ළන් කරගෙන නෑ …..

මොකද මම ආදරය කරන කෙනා අදටත් දන්නේ නෑ මම එයාට ආදරේ කරනවා කියලා ….

පුංචි කාලෙ දැක්කට පස්සේ මට එයාව දකින්න වත් ලැබුණේ නෑ …තාමත් මම එයාට හිතින් ආදරේ කර කර ඉන්නේ …..

එයාවත් දන්නේ නැති ආදරයක් ඒක.ඉතින් එහෙම තියෙද්දි මම කොහොමද කොල්ලෙක් එක්ක පැනලා යන්නේ ……”

“මම නිසයි ඔයාට මෙහෙම වුණේ නේද …. රිදෙනවද තුවාලෙ ….”

“නැහැ කියන්නත් බැහැ අයියේ …ටිකක් රිදෙනවා …..”

” මම පොඩ්ඩක් බැලුවට කමක් නැද්ද නංගි …”

මම එහෙම ඇහුවේ ඇගේ අවසරයකින් තොරව මට ඇගේ ඇඟට දාලා තිබුණු ශීට් එක ඉවත් කරන්න බැරි නිසා .

” ම්ම්ම්….කමක් නෑ අයියේ ….”

ඇයගේ අවසරය ලැබුණු නිසාම මම හිමීට ඇගේ ඇඟට දාලා තිබුණු ශීට් එක පහත් කරා.ඇයට අන්දවලා තිබුණේ හොස්පිට්ල් එකෙන්ම දීපු ඇඳුමක් .

උඩට අන්දපු කමීසෙ වගේ ඇඳුම ඇයගේ පපු ප්‍රදේශය පෙනෙන නොපෙනෙන තරමට මඳක් ඉස්සිලයි තිබුණේ .

මම ශීට් එක පහතට අදින්න කලින් ඇගේ උඩු කය ආවරණය වන විදියට ඒ කමීසය පහත් කරා.

ඊට පස්සේ ශීට් එක ඉණ හරියට විතරක් පහත් කරේ ඇයගේ තුවාලෙ තිබුණේ කුස ප්‍රදේශයේ නිසා .

” අයියේ ….”

කෙල්ල මට කතා කරා.මම ඇය දිහා බලලා ඇයි කියලා ඇහුවේ හිසෙන්ම.

” පින් ඔයාට ….”

” ඇයි නංගි …”

” වෙන කෙනෙක් තුවාලෙ බලන්න ශීට් එක පහත් කරා නම් මේ විදියට මගෙ ඇඳුම හදන එකක් නෑ ….

ඒ දේවල් බල බලම තුවාලෙත් බලාවි…ඒත් ඔයා කොයිතරම් පිරිසිඳු හිතකින්ද ඒක කරේ අයියේ ……”

” එහෙම හිතන්න එපා නංගි ….මෙතන මගේ යාළුවෝ දෙන්නා හිටියත් උනුත් මං කරපු දේම කරයි……”

” නැහැ ..නැහැ …ඔයාගේ යාළුවෝ දෙන්නා ගැන නෙමෙයි මම කිව්වේ ….වෙන කොල්ලෙක් හිටියා නම් කියලා ….”

” මට තේරෙනවා නංගි …..”

” ඔයා නිසා මට මගේ තාත්තා මතක් වෙනවා අයියේ …..”

මම හිතපු තරමටම ලොකු තුවාලයක් තිබුණේ නෑ .ලේ ගියපු නිසයි මම බය වුණේ .තුවාලෙට බෙහෙත් දාලා බැන්ඩේජ් කරලයි තිබුණේ .

” වැඩිය ඇඟ හරවන්න එපා නංගි ….තුවාලෙ පෑරිලා ලේ ඒවි……”

” ම්ම්…ඔව් අයියේ ….ඇතුලෙන් කකියනවා වගේ මට…..”

” නර්ස් බෙහෙත් මොනවා හරි දුන්නද බොන්න …..”

” දුන්නා අයියේ ….එයා කිව්වේ කාලා බොන්න කියලා …..”

” මම අකිලට කියන්නම් ඔයාට පේන් කිලර්ස් මොනවා හරි බලලා දෙන්න කියලා ….”

” කවුද අයියේ අකිල කියන්නේ ….”

” ආ…ඒ ඔයාට බෙහෙත් දාපු ඩොක්ට ….අපේ යාළුවෙක් ඌ…..

ඒකයි ඔයාව මෙහෙට එක්කන් ආවේ අපි…”

” මං නිසා කරදරයි නේද අයියේ …..”

” නැහැ නංගි …මම නිසානේ ඔයාට මෙහෙම දෙයක් වුණේ ….

ඔයා මාත් එක්ක කතා කරපු එකම ඇති මෙච්චර දෙයක් වෙලත්…..”

” නැහැ අයියේ ….දැන් ඒ දේවල් අමතක කරලා දාමු…ඒ ගැන හිතලා දුක් වෙන්න එපා …”

මනියයි කලුයි කතා කර කර එන සද්දේ ලාවට ඇහුණා .

” අරුන් දෙන්නා එනවා කෑමත් අරගෙන …කාලා බෙහෙත් බොමු නංගි ….”

මම එහෙම කියලා තුවාලෙ බලන්න පහත් කරපු ශීට් එක ආපහු ඇගේ ඇඟ වැහෙන විදියට දැම්මා .

මනීලා අපි හතර දෙනාටම කන්න අරගෙන ඇවිත් තිබුණේ .

” නංගී …අපේ කොල්ලට බැන්නේ එහෙම නෑ නේද …”

කලූ හිනා වෙලා ඇහුවේ කෙල්ල මට බනින්න ඇති කියලා හිතලා වෙන්න ඇති .

” නෑ අයියේ …මම බැන්නේ නෑ ….”

” තරූ …කාලා ඉමු බං…බඩගිනි ….”

මනී කෙල්ලට බත් එක දුන්නත් ඇය තාම හිටියේ හාන්සි වෙලා.මට ඇයව ඇඳෙන් වාඩි කරවන්න ඕන උනත් ආයෙත් එයා බනී කියලා හිතුණා .

” මනී…නංගිව කොට්ටයක් හේත්තු කරලා වාඩි කරවලා ඉඳපන් බං…

ඔහොම හාන්සි වෙලා කන්න බෑනේ …”

” අඩේ තරුවො…මං බත් එක අල්ලලා ඉවරයි බං…බලපන් අතේ ඉඳුල්…

උඹ නැගිට්ටවපන් මචන් …”

මනී කිව්වේ බොරු කියලා මම හොඳටම දැක්කා .මූටත් මොනවා වෙලාද මං දන්නෑ.

කලුත් දඩබඩ ගාලා බත් එක කන්න ගත්තේ මටම ඒ වැඩේ කරන්න බාර දීලා .

උන් දෙන්නම එහෙම කරන්න ඇත්තේ කෙල්ලගේ හිතේ තියෙන තරහ නැති කරන්න කියලා මං දන්නවා .

26 thoughts on “රන් තරු | 4 කොටස | නවකතාව”

  1. ඉස්සර ඒ කියන්නේ මිට අවුරුදු දහයකට විතර කලින් නම් රණවිරුවෙක් කියන්නේ ඉටු දෙවියෙක්.මුර දෙවතාවා කිවෙ.ඒත් අද රණවිරු වෙනක් කිවාම හැමොම හිතන්නේ තවත් එක් රජයේ නිලධාරීයෙක් කියලා විතරයි.ඒක කොයිතරම් වැරද්දක් ද, යුද්ධය තියෙනකම් විතරද ඔහුගේ වටිනාකම.ඇත්තටම සතුටුයි ඔයාගේ කතාවෙ න් හරි රණවිරුවෙක් ට දෙන්න පුළුවන් ගෞරවය දුන්නා ට.කතාව ඇතුලෙන් තියෙන මෙවැනි අදහස් ඔයාගේ හැම කතාවෙම මං දැක්කා.ඇත්තටම ඒක තමා වෙන්න ඕනේ.ඔයාගෙ මෙම අදහස් වලට මං ගරු කරනවා.කතාව වාගේ ම මෙම අදහස් හරිම ලස්සනයි.best of luck.

    1
    1. මේ වගේ කොමෙන්ට් දකින්න මම ගොඩක් වාසනාවන්තයි ඇත්තටම කියාගන්න බැරි සතුටක් මමත් මගෙ නංගි උපරිම ට්‍රයි කරනවා ඔයාලව සතුටු කරන්න කතාව ආසාවෙන් බලන්න උනන්දු කරවන්න ඇත්තටම ගොඩක් සතුටුයි බුදු සරණයි තෙරුවන් සරණයි බොහොමත්ම ස්තුතියි

  2. Lassanai godak adath wenada wageema..oyage wada katayuthu sarthka wenna kiyala mama hadawathinma suba pathawa aiye oyatai nangitai dennata.bs hode..

  3. Chathu indeewaree

    යේඒඒඒඒඒඒ ජය වේවා!! 4 වෙනි එපිසොඩ් එක දැම්මට ඇඩ්මින් අයියාට මගේ හද පිරි ප්‍රණාමය හොඳේ…? ඇත්තටම ගොඩාක් ස්තූතියි අනේ කතාව දැම්මට. ඒ තරම්ම ආස හිතෙනවා මේ කතාව කියවන්න. අයියයි නංගියි එකතු වෙලා මාරම ලස්සනට කතාව ලියනවා අනේ. කතාව එකදිගට කියගෙන යන්න තිබුණානම් කියලා හිතෙනවා. ඒ තරමටම රසවත්.ඊළඟ කෑල්ල තවත් රසවත් නේද අයියේ…?? මොකද මම 5 කියව්වේ නෑ. හතර නැතුව කියවලා වැඩක් නෑ කියලා හිතුණා. ඒකයි..

    අපේ රණවිරුවන්ගේ නැතිවුණු ගරුත්වය , අභිමානය මේ කතාව හරහා නැවතත් ගොඩනැගෙන බව දැනෙනවා අයියේ. කතාවකින් හරි ඔවුනට ඒ දේ ලබාදෙන්න උත්සාහ කළාට ඔයාටයි නංගිටයි ගොඩාක් පින් අයියේ…

    මේ වගේ තව කතා ගොඩාආආආආආආඅලියක් අපි වෙනුවෙන් ලියන්න අයියේ. අපි ඇත්තටම ඔයාගේ කතාවලටයි ඔයාටයි ගොඩාක්ම ආදරෙයි අයියා. ඔයාගේ කතා හැම එකක්ම වගේ හරිම ආදර්ශමත් කතා. අපේ ජීවිත හදාගන්න අපිට ඒවගෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාටත් නංගිටත් හදවතින්ම සුභ පතනවා අයියේ අනාගතයේදී දක්ෂ ලේඛකයින් වීමට හැකියාව ලැබේවා කියලා. බුදු සරණයි!!!!

    1. Monawada liyanne kiyala mamawath danne na chutiyooo a tharam hithata wadinawa dakala na Katha karala na eth me wage comment ekakin danena hagima Mata kiyala Nima karanna ba aththatama sathutuyi thawa kathawaka atha gahuwa ekath mage. Nangigen namin enne moko mage wadath ekka liyana ba mama kiyanwa eyage wachana walin eya liyanwa thank you so much nangiya Mara happy comment walata budusaranyi good night nangiya

  4. වෙනදා වගේම කතාව ගොඩාක් ලස්සනයි.
    මිනිස්සුන්ට හරි ඉක්මනට කෙළෙහිගුණ අමතක වෙනවා.
    රණවිරුවන් මේ රටේ පැවැති යුද්ධය නිමා කරන්න කොච්චර කැපවීමක් කලාද
    මිනිස්සුන්ට ඒවා දැන් මතකවත් නෑ.
    ඒ වගේ කාලෙක මේ කතාවෙන් ලොකු පණිවිඩයක් වගේම ආදර්ශයක් අපේ සාමාජයට ලැබෙනවා.
    ඒක හරිම වටිනවා.
    මම ඒ අදහස් වලට හරීම ගරු කරනවා.
    ඔයාටයි ඔයාගෙ නංගියටයි දෙන්නටම සුභ පතනවා සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    ??????????

  5. Hashini Navanjana.

    පුදුම ලස්සනක් අයියේ කතාව. ඒ කෙල්ල රණවිරුවෝ ගැන කියපු දේවල් කියවනකොට මගෙ හාට් එක කූල් වෙලා වගේ ගියා… ???
    ඒ තරම් හිතට දැනුනා අයියේ.. මේ ඇත්තමයි.. කතාව නම් එක්සලන්ට්… ????
    අපේ රටේ ලොකුම සේවයක් කරන්නේ මේ ත්‍රිවිධ හමුදාව උනත්, අද කාලේ වෙනකොට එයාලට ලැබෙන්න ඕනි වටිනාමෙන් භාගයක් වත් ලැබෙන්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ… අඩුම තරමේ රජයේ අනිත් නිළධාරීන් ට ලැබෙනවා වගේ වැටුපක් වත් ලැබෙන්නේ නෑ.. ඒත් රටට මොන විපතක් උනත් ප්‍රමුඛත්වය අරන් වැඩ කරන්නේ නම් රණවිරුවො තමයි. නිවුස් වලට කොච්චර නම් පෙන්නනවද ඒ අය කොච්චර නම් මහන්සි වෙනවද කියලා. රට වෙනුවෙන්ම කැපවෙන ඒ මුර දේවතාවෝ අද නිකන්ම නිකන් හමුදාකාරයෝ කියන තත්වෙට වැටිලා. ඒක මේ සමාජේ වැරැද්ද.. ඒ වගේ තත්වයක් ඇති වෙලා තියන මේ වගේ කාලෙක ඔයා මේ ලස්සන කතාවෙන් ඒ රණවිරුවන්ට ගෙනෙන උපහාරය නම් ගොඩක් වටිනවා අයියේ.. මේ දේවල් බලලා වත් මිනිස්සු ඒ ගැන තේරුම් ගනීනේ.. ඇත්තටම මට ගොඩක් සතුටුයි අයියේ… මාත් ඒ රණවිරුවෙක් ගෙ බිරිඳක් උන එක ගැන.☺️☺️☺️☺️☺️
    ඒ නිසා මේ කතාව මට ගොඩාක් ගොඩාක් දැනෙනවා. ඔයාට පින් අද කාලේ වෙනකොට අමතක වෙලාම වගේ ගියපු මේ අභීත රණවිරුවො ගැන මේ විදියට කතා කරන එක ගැන. ගොඩාක් සාර්ථකයී ඔයා.. ???
    දිගටම ලියන්න අයියේ…. ???
    Best of luck… ????
    ????

    1. Aththatama sathutuyi ape ranaviruwekge birdak me wage comment ekak Dana ekata oya Dana Hama comment ekakma godak wadagath wage lassnyi nangiya aththatama Mata loku sathutak me comment oyala nisa Ada mama thawath Katha liyanna purudu wela thank you so much nangiya budusaranyi

  6. අහ්…. මනී & කලූ දෙන්නම හදන්නේ තරූට අර කෙල්ලව සෙට් කරන්න වගේ… එතකොට තරූ අර කලින් යාලු වෙලා හිටපු කෙල්ල ගැන හිතන එකක් නෑනේ.. දෙන්නා සෙට් උනොත් හොදයි…

    කතාව හැමදාම වගේ අදත් සුපිරී… ඊයෙනම් මට කතාව කියවන්න බැරි උනා… ඔන්න අද දෙකම කියෙවුවා… හෙටත් එහෙනම් දිගම දිග කොටසක් අරන් එන්න…
    All the best!!
    බුදු සරණයි!!!

  7. Dunasha Gamage

    mata nam hithenne ara kella hithin adare karapu kolla tharu wei kiyala.
    Onna mama harida danne ne hodada.mata hithena de kiwwe.oyge kathawa nam gaddddddddddddariyak lassanai.

  8. මොනා කියන්නදවත් තේරෙන්නෑ අයියේ…….ඒ තරම්ම කතාව හිතට කාවැදිලා සත්තයි…..
    තරූ චෝයි බබෙක් වෙලානී…
    නැත්තන් ගුටි දෙන්න හිතිලා තිබුනේ???

    ඇත්තටම අයියෙ ඔයා මේ කතාව තුලින් සමාජයට හොද පනිවිඩයක් ගේනවා …දැන් අපේ රටේ මිනිස්සුන්ට මේ රටේ යුද්ධක් තිබුනදවත් මතක නෑ..
    ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කී දහසක් නම් අපේම ආදරනීය රනවිරුවෝ ජීවිත පූජා කරාද කියල අපි අමතක කරන්න හොද
    නෑ…ඒක ලොකු පවක්…
    දේශය පන නොතකා දිවි හිමියෙන් ආරක්ෂා කරන ඒ ආදරනීය මිනිසුන්ගෙ හදවත් කොයි තරම්නම් ලස්සනද කියල ඔයා සුපිරියටම පැහැදිලි කරනව අයියේ…..සුබ පතනව ඔයාට……

    1. Memath nangiyek tharuta banala Dan hodayi lu hhehe aniwarenma nangiya oyala Dana comment nisayi me wage dewal liya wenne thank you so much budusaranyi hetath me wage loku ekek denna hode

  9. ඇඩ්මින් අයියට බොහොමත්ම ස්තුතියි හදවතින්ම සතුටුයි මේ වගේ ඇප් එකට අපේ කතා දාන්න ලැබුණු එකට මොකද අයියේ ඔයාගේ නිහතමානීකම හොඳට පේනවා බොහොමත්ම ස්තූතියි ජයවේවා

  10. මේ කතාව ගැනම හිතුව මිසක් අයියෙ ඔයගෙ අසනීප තත්වෙ ගැන මොකුත් අහන්න බැරි උනානි සොරි අයියෙ????……කෝමද ඔයාට??
    අසනීප තියෙද්දි, තව ගොඩක් වැඩ තියෙද්දි , අපි වෙනුවෙන් කතාව දානවට ගොඩා……..ක් තෑන්ක්ස් අයියෙ …ඉක්මනටම සනීප වෙන්න කියල විශ් කරනො අයියේ…..??????????……මේ දැන් කන්නෙපා හොදද……..ලෙඩ හොද උනාම කන්ඩෝ……??

    1. Anna eka ne aiyya ge lede mathak una neda Dan Nam hodayi nagiya me me kaleta sithalayi ekayi Dan Nam godak hodayi ammo aiyya ice cream kanne na hehhee budusaranyi nnagiya good night thanks Mata wish karata

  11. මුලින්ම සමාව ඉල්ලනවා කමෙන්ට්වලට රිප්ලයි කරන්න පරක්කු උනාට ඒ අද මගේ ආදරණීය අම්මා ගේ උපන් දිනය නිසා ඉතින් එයත් එක්ක කතා කර කර හිටියෙ මම ඒක නිසා පරක්කු උනා ඒකට සමාවෙන්න ඕනේ තාත්තත් නැතුව අම්මා නංගි තනියෙන් birthday සමරමින් ද එයාලා ළඟටම වෙලා හිටිය මම බුදු සරණයි සුභ රාත්‍රියක් සියලුම දෙනාට

    1. Chathu indeewaree

      රෝස මල් මිටක් නොව
      ජීවිතය හැමදාම…
      දුක් කඳුළු සෝ සුසුම්
      මතුව එයි වරින් වර…
      අතීතය මුවා කළ
      තිබුණිනම් දුක් ගැහැට…
      සියල්ලම ඉවත් වී
      නැවුම් හෙට දිනක් වී…
      යස ඉසුරු මල් පිපුණු
      සතුට සැනසුම පිරුණු …
      පැතුම් ආසිරි මිටක්
      සුබ උපන් දිනයකට …

      අම්මේ ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා! නිදුක් නිරෝගීබව හා චිර ජීවනය සහිත වාසනාවන්ත ජීවිතයක් හිමිවේවා! අම්මේ ඔබට. තෙරුවන් සරණයි!!!!!.
      ( අම්මගෙ ආදරණීය පුතණුවන්ගෙයි දියණියගෙයි කතාවලට ගොඩාක් ආස කරන , කතා අහුර ඇප් එකේ දියණියකගෙන් ආසිරි… අම්මට ගොඩාක් පින් මේ වගේ රටක් වටින පුතෙකුයි දුවෙකුයි මේ ලෝකෙට ගෙනාවට.)

      මගෙ අම්මාගෙ, අප්පච්චිගෙ උණුසුම සෙනෙහස අහිමි මට හැම අම්මා තාත්තා කෙනෙක්ම මගෙ අම්මා අප්පච්චි හා සමානයි.

      1. බොහොමත්ම ස්තූතියි nangiya ඇත්තටම ආදරණීය wishes එකක් ඇත්තටම සතුටුයි බුදු සරණයි ඒවට කරන කියන හැම දෙයක්ම විදියටම සාර්ථක වෙන්නේ කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ wish eka දැකලා අම්මා ගොඩක් සතුටුයි wawe මම මේක නංගිට යවනවා පෙන්නන්න thanks nangiya

        1. Good morning aiyeeee……mulinma aiyage ammata subaaaaama subaaaaaaaaaaaaaaaaa upandinayak wewa kiyala wish karanawa…..karadara kamkatalu walin thora neerogi diviyakakatsa suba pathanawa aiyee ammatai aiyatai nangitai thaththatai hamoooootamai…….????????????????????????️?️♥️♥️♥️

          1. Thank you so much nangiya harima sathutuyi budusaranyi good morning lasaana dawasaka nangiya

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.