Katha Ahura

ලේ | 08 කොටස | හොල්මන් කතා

4.2/5 - (13 votes)

08 කොටස

තද හිස රදයකුත් දැනෙද්දී මට මට වැටහුනෙ නිශා උදේ ගිය ගමන ආපසු එන්න ඇති කියලා.

මම ඉක්මනට ඇදෙන් බැහල සාලය පැත්තට යන්න අදහස් කෙරුවේ නිශාව දකින අරමුනින්.මම හරිඇවිල්ලා හිටියේ නිශා..ඊයේ ඇදුමින්ම සැරසිලා මාකස් එක්ක සාලය පැත්තට ඇය ඇවිදගෙන ආවා.

“ආ දිලංක,, මමත් එක්ක තරහක් නෑනේ….”

නිශා මාව දකිද්දීම එහෙම ඇහුවා.

” ඇයි මම තරහ වෙන්නේ මොකටද”

“නෑ ඉතින්,මම මෙහෙම අද පාන්දරම මෙහෙම ගමනක් යනවා කියලා දිලංක ට කිව්වේ නෑනේ .ඒකට.”

” නෑ මම තරහක් නෑ….ඒත් හෙට උදේමනම් මට යන්න ඕනා…..මට වැඩටත් යන්න තියෙනවා….”

“දිලංක මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ,හිටගෙන ඉන්නේපොඩ්ඩක් ඉදගෙන ඒ ගැන කතාකරමුද”

නිශා පුටුවක් පෙන්නලා ඒක කිව්වේ ලොකු කතාවක් කියන්න තියෙනවා කියලා මම දිහාට බැල්මකුත් හෙලලා. කුතුහලය ත් සමගම මමඑතන තිබ්බ පරණ ලී පුටුවක් උඩ ඉදගත්තා. නිශාත් මම ඉස්සර පුටුවක් උඩ ඉදගත්තා.

” මට දිලංකගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනා…පුලුවන් වෙයිද ඒක කරල දෙන්න”

“මොකක්ද උදව්ව ඒ….”

මම ඇහුවේ කුතුහලයෙන්. අහද්දී නිශා මාකස් දිහා බැලුවා.

” මාකස් මගේ පොත් රාක්කේ තියෙන කාමරේ මේසේ උඩ පරන ලොකු පොතක් තියෙනවා…ඉක්මනට ගිහින් ඒ පොත අරගෙන එනවද”

“හොදයි නෝන මම අරගෙන එන්නම්”

කියපු මාකස් මම දිහාත් අමුතු විදිහේ බැල්මකින් බලලා අපි හිටපු තැනින් ගියා.

” දිලංකා දිලංකගේ යාලුවන්ට කීයක් විතර ණයද ”

නිශා ඇහුවේ මාකස් ගියාටපස්සේ.

” කීප දෙනෙකුටම ණයයි ,සමහර අයට ලක්ශ දෙකක් සමහර අයට ලක්ශ පහක් විතරත් තියෙනවා…”

” ඔක්කෝම කොච්චර තියෙනවද”

“ලක්ශ තිහක් විතර”

“ඉතින් ඔය කියන ලක්ශ තිහ කොහොමද අර වහේ කොහුබත් වැඩපොලක ඉදලා කරන්නෙ….”

මට කිසිත් කියන්න වචන කටට ආවේ නෑ….නිහඩව හිටියා…

“දිලංකට මම ඔය කියන ලක්ශ තිහ දෙන්නම් හැබයි මම අර කිව්ව උදව්ව කරන්න ඕනා….”

නිශා එහෙම කිව්වම මට විශ්වාස කරන්නත් බැරි වුනා.

“ලක්ශ තිහක් දෙන්නම්….”

මම ඇහුවේ පුදුමෙන්.

“හ්ම්ම්ම්ම් දෙන්නම් ,එතකොට අර කියන අයගෙන් ගුටි කන්න ඕනෙත් නෑ…ණයත් නෑ බයත් නෑ……”

” ඒත් මොකක්ද ඔය කියන උදව්ව ලක්ශ තිහක් දෙන්න තරම්ම.”

මම ඒක අහද්දීම මාකස් පොතකුත් අරගෙන අපේ පැත්තට ආවිත්

“මෙන්න නෝනා ඒ පොත ”

කියලා නිශා අතට දුන්නා.

පෙනුමෙන්නම් ඒ පොත හරිම අමුතු විදිහේ පෙනුමක් තිබ්බ පොතක්. හරියට විශලා මලල සේකර ඩික්ශනරියක් විදිහේ පෙනුමකුයි ඒකේ තිබ්බේ…..

” දිලංක මේ පොත හෙන පරණ පොතක්…යාලුවෙකුගෙන් මම ඊයේ ඉල්ලගෙන ආවේ…ලංකාවටම තියෙන්නේ මේ වගේ එක පොතක් විතරයි. මේ පොත එසේ මෙසේ පොතක් නෙමේ….

” ඒත් ඔය පොතේ තියෙන වැදගත්කම මොකක්ද ”
මම ඇහුවේ ඒ පොත දිහා බලාගෙන.

“ලොකුම ලොකු වැදගත්කමක් තියෙනවා….දිලංකට ඒවායින් වැඩක් නෑ….මට ඕනා කරන්නේ මේ පොතේ තියෙන දේවල් ඔක්කෝම අකුරක් නෑර මට වෙන පොත වල දිලංක සටහන් කරල දෙන එක ”

** කියපු නිශා ඒ විශාල පොත මගෙ පැත්තට දික්කෙරුවා. ඒ විශාල පොතෙ ඇතුල් පිටුවල තිබ්බ අකිරු දකිද්දී ත් මගේ ඇග හිරිවැටුනා ,කූඹී කකුල් වගේ තිබ්බ ඒ පොතේ සම්පූර්නයෙන්ම මට වෙන පොතක ලියනවනම් අඩුම මාස දෙක තුනක්වත් යයි.

පරණම කාලේ මුද්රණය කරපු ඒ අකුරු අඩුම අවුරුදු එකසිය පනහක්වත් පරණ ඇතී. පොතේ නමට තිබ්බේ. “නොපෙනෙන ශක්තීන් ” කියලා නමක්.

එහි ඇතුලු පිටුවල…….

‘ එඩ්ගා කේසීගේ විශ්මිත අනාවැකී හා ඒ අනාවැකි කිව්වේ කොහොමද, විශ්මිත ගීසාහී පිරමීඩ, බර්මියුඩා ත්රිකෝනය හා පිටසක්වල ජීවීන්…..පැරණී යුරෝපීය මන්තර ගුරුකම්”

වගේ අරුම පුදුම දේවල් මම ඒ පොත පෙරලගෙන යද්දී දැක්කා.

” මොකද දිලංක කියන්නේ…..මට ඔය පොතේ තියෙන දේවල් ලියල දෙන්න පුලුවන්ද…..කැමතිනම් මටමේ දැන් උනත් අර සල්ලීවලින් බාගයක් වුනත් දෙන්න පුලුවන්…”

එක වෙලාවලාකට මට හිතුනේ මට මේ හම්බවුනේ ගජ වාසියක් කියලා. කොහුබත් කර්මාන්ත ශාලාවේ වැඩ කෙරුවාම මට මාසෙටම පඩිය හම්බවෙන්නේ රුපියල් තිස්දාහකටත් අඩු මුදලක්. මේ පොත ලිව්වොත් මට ලක්ස තිහක් හම්බවෙනවා ඒ වෙලාවෙම ,මේක ඇත්තක්ද බොරුවක්ද ,,සිතිවිලි අතර අතරමන්වෙලා ඉන්නකොටයි

“ඒකට කැමතිද ”

කියලා නිශා මගෙන් ඇහුවේ.

“මම කැමතී…..”

” නියමයි දිලංක ,මට හිතාගන්න බැරිව හිටියේ මොකක්ද කරන්නේ කියලා ,මගේ තියෙන වැඩවල හැටියට හරි අමාරුයි ඔය වගේ දෙයක් කරන්න. අනික මම ලියනව වගේ දේවල්වලට එච්චර කැමති නෑ…..”

කියපු නිශා මාකස දිහා බලලා…….

” මාකස් අර කාමරේ ඇති සල්ලී වගයක් ඉක්මනට ගිහිල්ලා අරගෙන ඒන්ඩ”

කියද්දී මම ඒවා අහන් හිටියේ මේ වෙන දේවල් විශ්වාස කරන්න බැරි විදිහට.

” එහෙනම් දිලංක හෙට උදේ ඉදන්මවැඩ කරන්න පටන් ගන්න…මම අරව ලියන්න පොත් දෙන්නම් ,හෙට මම ගියාම දිලංකට අදින්න ඇදුම එහෙමත් අරගෙන එන්නම්…..කියන්න තව මොනවද ඕනේ….”

“මට අම්මාට කතා කරල කියන්න ඕනා මේ ගැන…..ඊයෙත් කතා කරන්න බැරිවුන හින්දා අම්මා හොදටම කලබල වෙලා ඇතී….”

” ඒකනම් කරන්න විදිහක් නෑ දිලංක………..”

” ඒත් ඇයි ඒ……ඇයි එහෙම කියන්නේ…….”

මම ඇහුවේ කලබල වෙලා…………….තවත් කොටසට

ලයික් කමෙන්ට්ස් දාන ඔක්කෝම යහලු යෙහෙලියන්ට ගොඩාක් ස්තූතීයි……..

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

7 thoughts on “ලේ | 08 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.