Katha Ahura

තරු මන්දාකිණී| පළමු දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

4.4/5 - (41 votes)

පළමු දිගහැරුම ….

ස්ස්…ස්ස්…”

මොකද්ද බොල ඒ සද්දෙ.මං වටපිට බැලුවෙ ඒ කැත සද්දෙ ආවෙ කොහෙන්ද බලන්න.ම්හු.පේන්න කවුරුත් නෑ.මටත් මොලේ හොද නැද්ද මන්දා.

“ස්ස්..ස්ස්…”

දැන්නම් මට මල පයිනවා ඕං…ඉන්න හු%$# එලියට වරෙන් යකෝ….මොන කරුමයක්ද මේ…ගමේ කොලු ගැටයෙක් ද දන්නෑ.ගැට තියා ඉදිච්ච එකෙක් උනත් අහුවුණොත් අම්මපා දෙකට නවලා කිහිල්ලෙ අස්සෙ ගහගන්නවා.මුන් දන්නෑ මේ තරුකගෙ හැටි.

“ස්ස්…ස්ස්…”

මොන හු&%$ ද යකෝ කියාගෙනම ආපිට හැරෙද්දියි දැක්කෙ පට්ට කෑල්ලක් ඉන්නවා අඹ ගහ උඩ.මහ දවල් මෝහිනීද මංදා. හැබැයි ඒකිට වඩා නම් සිය දහස් වාරයක් මෙයා ලස්සනයි.හැබැයි ඉතින් මූණ කට ලස්සන උනාට ඔයා කරේ නම් කැත වැඩක් නන්ගි.
මගේ දිහා බලාගෙනම කෙල්ල ගහෙන් බිමට බැස්සෙ වදුරෙක් වගේ.මොනා නැතත් මෙයා ගිය ආත්මෙ වැදිරියක් වෙන්නැති කියලා හිතෙනවා මට.කොන්ඩෙ කරල් දෙහෙකට වෙන්න ගොතලා පපුව ඉස්සරහින් දාගෙන ත්‍රී ක්වාටා කලිසමක් ඇදන් හීනි උරපටි ස්කිනි එකක් දාගෙන හිටියෙ.අඹ ගහේ ඉදන් පැන්න උනාට අතේ තිබ්බෙ පේර ගෙඩියක්ද කොහෙද.එයා මගෙන් ඇස් අහකට ගත්තෙම නෑ.මං ලගට ඇවිත් එක අතක් ඉනේ ගහන් අනික් අතින් පේර ගෙඩිය කෑවෙ මගේ දිහා බලාගෙන.ඒ ටිකට නං මන් පොඩ්ඩක් කෙල ගිලුනා.ඇයි හත් දෙයියනේ මේ පට්ට දවල් වතුර උගුරක්වත් නැතිව මේ වන්නිකරේ පය ගහලා ඉන්නවා කියන්නෙ හම්මෝ..සැප කනේ..

මගේ ඉස් ඉස්සෙල්ලාම ගුරු පත්වීම හම්බුනේ සියඹලාණ්ඩුව පැත්තට.ඒ පැත්ත කොච්චර දුෂ්කරද කියලා කියන්න ඕන්නෑනෙ.සියඹලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලයේ පොඩි එකාගෙ ඉදන් ලොකු එකා දක්වාම ඉංග්‍රීසි උගන්නන්න ඉන්න එකම ගුරා මං තමයි.අද මේ ගමට පය තිබ්බ පළවෙනි දවස.ගමේ වලව්වෙ ඉන්න ආරච්චිලාගේ ගෙදර නැවතෙන්න තමයි හිතන් ඉන්නෙ.ආරච්චිලගෙ ගේ හොයන් එද්දි කොලු ගැටයෙක් කිව්ව විදිහටනම් මේක තමයි ගේ…හැබැයි මොන යකෙක්වත් පේන්න නෑ.ඉන්නෙ මේ යකින්න විතරයි .

“කාවද හොයන්නෙ…??”

පේර ගෙඩිය හප හපම කෙල්ල ඇහුවා.බෝල ඇස්.රෝස පාට තොල් පෙති.අම්මෝ…රෝස කම්මුල්..හිත හිරිවැටිලා යනවා..ඒව දැකල මට කතාකරගන්නවත් බැරි උනා .

“කතා කරනවා හලෝ…කාව හොයාගෙනද මේ ආවෙ…”
ඒ පාර නම් කෙල්ලට තරහ ගියාද කොහෙද..මට මොකෝ..මූලග්ගින්න හැදෙන්නෙ මට යැයි..

“මේ …..ආරච්චිලගෙ ගෙදර මේකද…?”

“ගෙදර ??…ගෙදර නෙවේ බොල ..මේක වලව්ව..මුදියන්සේ වලව්ව…” කටහඩ ටිකක් ගැඹුරු කරලා කෙල්ල කිව්වෙ.මොනා නැතත් ඒ කතාවටනං පොඩ්ඩක් ගැස්සුනා.ඇත්තටම මේ වලව්වෙ තිබ්බෙ මාර ගාම්භීර බවක්.අවට උනත් හරි අමුතු ලස්සනක් තිබ්බෙ.ඒ ලස්සන තවත් වැඩිකරේ මේ කටකාරි.

“මොකක් හරි..ආරච්චි ඉන්නවද…??”
මාත් ඕනැවට එපාවට වගේ ඇහුවා.මොකද මට ලොකු සීන් පෙන්නන්න බෑ.

“ආරච්චි නෙවේ බොල….ආරච්චි හාන්දුරුවො..” අර ගැඹුරු හඩින්ම කියලා කෙල්ල මාව පාස් කරන් ගේ ඇතුල්ට ගියා.ගිහින් වැරෙන්ඩාව වගේ හදලා තිබ්බ වලව්වෙ ඉස්සරහ කොටසෙ තියලා තිබ්බ ලොකු හාන්සි පුටුවක වාඩි උනේ එක කකුලක් අනිත් කකුල උඩ තියාගෙන හරියට පිරිමියෙක් වගේ .ඒ ඉරියව්වෙ තිබ්බෙ අමුතු එඩිතර කමක්.

මගේ දන්න කියන එකියක් නං මන් දනී කරන වැඩේ.අහන දේට හරියට උත්තර දෙන්නෑ.ගහන්න හිතෙනවා උස්සලා පොලොවෙ.

“මෙහෙන් ඈදිගත්තනම්…..” ඒ පාර පුටුවක් පෙන්නලා කියපි.නොදකින් මේ වගේ කෙල්ලො.අම්මලා මුන්ව කෝම හදලද මංදා.ඒත් නොදන්න පලාතක් හින්දා ඒකි කියන කියන පදේට අඩි තියන්නත් එපැයි.මාත් ඒකි කියපු පුටුවෙන් වාඩි උනා.

“ඔය ඇත්තා මොකටැයි මෙහෙ ආවෙ…??” පෙර කටහඩින්ම ඇහුවෙ හාන්සි පුටුවෙ ඇලවෙන ගමන්.

“මං ආපු කාරනේ ආරච්චි දන්නවා.කරුනාකරලා ආරච්චි හාන්දුරුවන්ට එන්ට කියනවද.?” මාත් ඒ බාසාවෙන්ම ගේමට බැස්සා.මං එහෙම කිව්වම බලන්න එපැයි ඒකිගෙ මූණෙ හැටි.හරියට ගොම්බෙට්ටක් පොඩි වෙලා වගේ.

“හිටින් එහෙනං …මං ආරච්චි හාන්දුරුවන්ව කැටුව එන්නං…” එහෙම කියාගෙන කෙල්ල ගෙට ගියා.මේකි කෙල්ලෙක්ද,කොල්ලෙක්ද…නැත්නං දෙකටම නැති එකෙද්ද මන්දා.කතා කරපු කැත විතරක්.පිට ඔපේ තිබ්බට ඇතුල කොහොමද දන්නෑ.මේ ඇතුල කිව්වෙ වෙන කොහෙවත් නෙවේ…..ගතිගුණ ගතිගුණ …

“හානේ….මේ මං හිතන්නෙ තරුක මහත්තයා වෙන්ටැ…” ගේ ඇතුලෙ ඉදන් ආපු ආරච්චි කිව්වෙ හරි කරුනාවන්තව.මොනා නැතත් අර බෝම්බෙ වගේ නං නෙවේ.

“ඔව් ආරච්චි හාමුදුරුවනේ ….මං තරුක අකලංක දිසානායක .ගමේ ඉස්කෝලෙට අලුතින් එන English sir මං තමයි.” මං පුටුවෙන් නැගිටලා කිව්වා.ආරච්චි ගෙ කටේ ඇදුනෙ හරි අපූරු හිනාවක්.ගෙට යන තැන දාල තිබ්බ සුදු පාට කර්ට්න් එක හෙලවෙනවා.ශුවර් එකටම අර කෙල්ල ඉන්නවා ඇති එහා පැත්තෙ.

“හයියෝ මහත්තයෝ….ඔය හාමුදුරුවෝ කෑල්ල කියන්න කියන්න ඇත්තෙ අපේ කෙලී වෙන්නැති…හෙන දගකාරි ….ඔය හාමුදුරුවෝ කෑලි මට එපා මහත්තයෝ …ආරච්චි කියලම කියන්න….ඉදින්….මහන්සිත් ඇතිනෙ…බොමු මොනාහරි….සුදු මැණිකේ…..මෙහෙ එන්ඩ…..” ආරච්චි ගේ දිහා බලං කෑගැහුවා.ආරච්චි ගෙ තිබ්බෙ හරි නිහතමානී ගතිගුන.ඒ ගතිගුණ වලට නම් මේ තරුකගෙ හිත ගියා ඕං..

“ඇයි අප්පච්චි….”
හෙන අහිංසක කෙල්ලෙක් වගේ මෙන්න මේකි අපි ඉස්සරහට ආව.එහෙනං මෙයාගෙ හුරතල් නම සුදු මැණිකේ ….මොනා නැතත් සුදු මැණිකෙට හොදට රගපාන්න නං පුලුවන්.නැත්තං ඉතින් මං ඉස්සරහ එක චරිතෙකුයි..අප්පච්චි ඉස්සරහ තව චරිතෙකුයි රගපායි යැ.

“මේ මහත්තයට බොන්ඩ තැඹිලි ගෙඩියක් කපං වරෙන් කෙල්ලෙ…..”

“හා අප්පච්චි …” හොරේන් මයෙ දිහා බලල කෙල්ල ගෙට ගියේ හරි තැන්පත්ව…මොනා නැතත් ඒ බැල්මට නං මන් පිස්සු වැටුනා.කොලබ කෙල්ලො වගේ නෙවේ.මේ මලේ තියෙන්නෙ අමුතු සුන්දර බවක්.

“ඔහොම හිටියට සුදු මැණිකේ පුදුම දගයි මහත්තයෝ…ආංබාං කොරන්ඩ හෙන අමාරුයි ….කියන කිසි දෙයක් අහන්නෑනෙ….මේ පාර සාමාන්‍ය පෙල ලියනවා.කොහෙ..පොතක් අතින් අල්ලන්නෑ….මොනා උනත් අපිට ඉන්න එකම දරුවනේ…මේ හැමදෙයක්ම ඉතින් ඒ දරුවටනේ…..” ආරච්චි කිව්වෙ කෙල්ල ගැන හෙන ආදරේකින්.

ටික වෙලාවකින් මෙන්න එනවා පද්ද පද්ද තැඹිලි ගෙඩියකුත් අරන්.තැඹිලි ගෙඩිය මට දෙද්දි මං බැලුවෙ ඒ රූපෙ දිහා.ලස්සන්ට හිනා වෙන ගමන් කෙල්ල මට ඇහැක් ගැහුවෙ ආරච්චි ට නොපෙනෙන්න.මේ කෙල්ලගෙ දගේ නම් .ඒ දගකාරකම් වලට නම් මගේ හිත හිරිවැටිලා යනවා.තැඹිලි ගෙඩිය දීල එයා ආයෙම ගෙට යන තැන උලුවස්ස ලගට ගිහින් හිටගත්තා.මගේ දිහා බලාගෙන.මටත් තිබ්බෙ ලොකූ තිබහක්.ඉතින් එක උගුරටම තැඹිලි ගෙඩිය හිස් කරනවැයි කියල හිතන් තැඹිලි ගෙඩියට කට තිබ්බ.

එක උගුරයි බිව්වෙ.ශික්.තැඹිලි වතුර තනිකරම ලුණු රහයි.පැනි රස අහලකවත් නෑ.මගේ මූණ ඉබේටම බෙරි වෙද්දි මං බැලුවෙ සුදු මැණිකේ දිහා.ඒකි ඉන්නවා මට ඔලොක්කුවට හිනා වෙවී.ශුවර් එකටම මේකි තැඹිලි වතුරට ලුණු පැකට් එකක්ම දාල.කටට ගත්තු උගුර අමාරුවෙන් ගිල්ලෙ අහක දාන්න තරම් ශක්තියක් මට තිබ්බෙ නැති නිසා.මගේ අපහසුතාවය ආරච්චි ට තේරුනාද මන්දා.මගේ දිහයි කෙල්ල දිහයි මාරුවෙන් මාරුවට ආරච්චි බැලුවා.

“ඇයි මහත්තයෝ…..මූණ ඇඹුල් උනේ…??” ආරච්චි ඇහුවෙ නළලත් රැලි කරගෙන.තමුසෙගෙ දෝනියැන්දාගෙ වැඩ තමයි කියන්න දිව අග තිබ්බත් මං මොකුත් නොකියා හිනා උනා.

“මේ…මේකෙ ලුණු නෙහ් ආරච්චි …” මං කිව්වෙ මේකිගෙ ඔලුව ටිකක් බස්සන්න.මේකි මං දිහා බැලුව බැලිල්ලක් .අම්මෝ..පිච්චිලා ගියා මාව.ඇස් දෙකත් ලොකූ කරන් .

“අනේ අනේ සුදු මැණිකේ …උබ මොකද්ද මේ කොරලා තියෙන්නෙ….” ආරච්චි කිව්ව හැටියෙ මේකි නොපෙනී ගියේ හරියට ජෙට් එකක් වගේ වේගෙන්.

*****************************

ඉස්කෝලෙ උගන්නන sir ලට පැණි හලපු අතීතයක් මටත් තිබ්බා.මේක ඊට ටිකාක් වෙනස් කතාවක්.sir ගෙ හිත හොල්ලපු ඒ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක්..කෙල්ලට පණ වගේ ආදරය කරන මේ ඉස්කෝලෙ sir ඒ වගේම දගයෙක්.දගකාරයන් දෙන්නෙක්ගෙ සුන්දර ආදර අන්දරයක්…හෙටත් හමුවෙමු…

M.A.Rashmi

රශ්මිට වගේම ඔයාටත් පුළුවන් ඔයාගේ කතාවත් කතා අහුරට දාන්න.
1. ඔයා මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕන.
2.ඔයා දාන කථාවේ මුල් කොටස් 10 ඔයාගේ නමින්ම ඇප් එකට Submit කරන්න.
3. එවන ලද කොටස් 10 පළවන අතරතුරේ ඔයාට ඊළග කොටස් ටිකත් දිගටම ලියන්න පුළුවන් නම් අපි දානවා ඔයාගේ කථාව.
4. ගැටළුවක් තීනවනම් පහළ මැසේජ් බොක්ස් එක හරහා විමසන්න

6 thoughts on “තරු මන්දාකිණී| පළමු දිගහැරුම| නව කතාව | කතා අහුර රචක”

  1. අම්මෝ සාන්ත පට්ට හොඳේ.. ආසාවෙන් නම් කියවන්න පුළුවන් නියමයි සුපිරි එළකිරි..ඔක්කොම කියවලා කොමෙන්ට් එකක් දාන්නං කමක් නෑ නේද හැම එකටම දන්නේ නෑ හොඳේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.