Katha Ahura

ලේ | 16 කොටස | හොල්මන් කතා

3.5/5 - (19 votes)

16 කොටස

මම යලිත් මගේ කාමරේට ගිහින් නොපෙනෙන ශක්තීන් පොතේ ඉතිරි ටික ලියන්න පටන් ගත්තා…..

” යලිත් පණ ආපූ මල නොමල මිනිසාට හා මල නොමල සත්වයාට එතැන් පටන් ආහාරයට ගන්නේ මිනිස් මස් හා මිනිස් ලේ පමණයි. මල නොමල මිනිසා දහවල් කාලෙ දිගු නින්දකට වැටෙන අතර ඔහු ඉර බැස ගොස් මොහොතකින් අවදී වෙයි. ඒ රාත්රියේ ආහරය සදහා. ඒ රාත්රිය ට අනිවාර්යයෙන් මිනිස් මස් නැත්තම් අනිවාර්යයෙන් මිනිස් ලේ අවශ්ය ම වේ…..නැතිනම් මල නොමල ආත්මයට ටිකෙන් ටික ශක්තිය නැති වී දුරවල වේ.”

ඒ ලියපු ටික ට ඒ ගැන මගේ හිත හොදටම ගැස්සුනා. අර පිස්සු සිරිනා එදා ගහ ලගදී මම ඉස්සරවෙලා දකිද්දී කිව්වෙට් මීට සමාන දෙයක් නේද……

ඒ ගැන හිත හිත මම ඉතිරි ටිකත් ලියන්න පටන් ගත්තා.

මල නොමල මිනිසා ගොඩක් කඩවසම්. කෙනෙකු දෙවරක් තුන්වරක් ආපහු බලන තරමට ඔවුන් ආකර්ෂණීය යි. මල නොමල කාන්තාව ඇය පිරිමියෙකුගේ සත් වසගවන සුරූපී පෙනුමෛන් යුක්තයි…..මේ අයට සාමාන්ය මිනිසුන් ඉක්මනිම ආකර්ශනය වෙයි..ඔවුන් ඉතා කපටී…ඔවුන්ගේ කපටි කම් වලට ලේසියෙන්ම සාමාන්ය මිනිසුන් අහුවෙයි…..

මල නොමල පිරිමින් ලේ හා මස් සාමන්ය කාන්තාවන්ගෙන් බී පිපාසාව නිවාගනිද්දී…මල නොමල කාන්තාවන් ජීවත් වෙන පිරිමි අයගේ මස් කා ලේ බී තමා පිපාසාව නිමකරගනී…

මල නොමල සත්වයන්ගේ විශේසත්වයක් තිබේ…බල්ලන් ,බළලුන් හෝ බිලාල කුලයේ සතුන් නිශාචර සතුන්ට දිවා කාලේ පමනක් නොවේ රාත්රී කාලේත් ඇස් පෙනේ……නමුදු මල නොමල මිනිසාට ඇස් පෙන්නේ අන්ධකාරෙව්දී පමනයි……….”

ඒ දේ ලියන් යද්දී මටත් එකපාරටම හැගුනේ මාත් ඒ වගේ අයත් එක්ක ඉන්නවාදෝ හැගීමක්…

” නිශාත් එහෙම එක්කෙනෙක්ද…….”

එය මට සිහිවුනේ හද ගැස්මත් වැඩිවෙමින්.

” නෑ වෙන්න බෑ….එහෙම කෙනෙක්නම් මෙලහට මගේ ලේ බොන්න එනවනේ………”

මම හිත සනසවගෙන පොතේ ඊලග පිටුව පෙරලුවා….

” මල නොමල මිනිසුන් විනාශ කරන හැටී….”

ඒ පිටුවේ උඩින්ම තිබුනේ ඒක වුනත් ඒ ගැන කිසිම විස්තරයක් ඒ කොහොමද කියල මට ලියන්නවත් දැනගන්නවත් විදිහක් තිබ්බේ නෑ…ඊට හේතුව වුනේ කවුරු හරි කෙනෙක් ඒ ඊට යටින් තිබ්බ ඔක්කොම දේවල් තද පාට තීන්ත වර්ගයක් හලල ඒ පිටුවම විනාශ කරල තිබ්බේ කිසිම අකුරක් හොයාගන්න බැරි විදිහට.

** ඒ සමගම මගේ ලොක්කරල තිබ්බ නැති කාමරේ දොර ඇරුනා…ඇවිල්ලා හිටියේ මාකස් ඔහු,, මම ඉන්න විදිහ දැකල මම දිහා බලන් හ්ටියේ වෙන්න බෑ වගේ ඉරියව්වක් මූනේ හදාගෙන..

” ඇයි මාක්ස්…..”

මම ඒක කියද්දී ඔහු මේසේ උඩ තිබ්බ ඔහු ගෙනාපු හිස් කෝපි කෝප්පෙට එබුනා….

” මහත්තය මම ආවේ හිස් කෝප්පේ අරන් යන්න….මහත්තයා බිව්වද ,කොහොමද දන්නේ නෑ අදනම් හදිසියේ හැදුවේ……”

” මොන……මට අදත් බොන්න බැරිවුනා…..”

” ඇයි ඒ………”

” මම බොන්න හදපු වෙලාවේ ඒක හොදටම ඇල් වෙලා…ඉතින් විසි කරලා දැම්මා………”

” අපරාදේ ,,, ඉන්න මහත්තයට මම ආපහු එකක් හදාගෙන එන්න……”

” නෑ මාකස් දැන් එපා….දැන් බත් කන වෙලාවත් ලන්වෙලානේ………”

” එහෙමනම් මහත්තයා මම දවල් කෑම එක ඊයේ වගේ කාමරේට අරගෙන එන්නද……..මම උයලා ඉවරයි……”

” හා මාකස් එහෙනම් අරගෙන එන්න…..”

මම ඒක කිව්වේ ඒ වෙද්දී බඩගින්නත් ටිකක් දැනෙමින් තිබ්බ හින්දා…මාකස් මම දිහා බැබලෙන ඇස්වලින් බලලා කාමරෙන් පිටවෙලා ගියේ අඩියට දෙකට………

මොහොතකින් මාකස් ආපහු ආවේ….උනූ උනුවෙම කෑම පිගානක් අරගෙන

” ඔන්න මහත්තයා……කිව්ව වගේම කාමරේටම ගෙනාවා….කාල ඉන්න…..”

කියපු ඔහු කෑම පිගාන මේසෙ උඩින් තිබ්බා.

” මාකස් …..මෙච්චර ඉක්මනට ඕකත් අරන් ආවද….මාකස්ට තියෙන්නේ මාර වේගයක්නේ….”

කියලා මම බත් එක කන්න බටන් ගත්තේ මාකස් කාමරෙ ඉද්දීමයි…..

” ඇති තරම් කන්න මහත්තයා…..”

” මේ වැඩිත් එක්ක මාකස්,,, මාකස් දැන් යන්න…….වැඩත් ඇතිනේ…..”

මම ඒක කිව්වට පස්සේ මාකස් කමරෙන් පිටවෙලා ගියේ…..ඔහුගේ විල්ල තිබ්බ දත් හොදටම පෙන්නලා ලොකු හිනාවකුත් එක්ක….මොහොතකින් මට ඇහුනා කවදාවත් නැතිව මාකස් තාලෙට සිවුරුවන් බාන හඩත්…

” ඇයි මාකස් දැන් මෙච්චර සතුටින්…කීකී අල්ලගන්න බැරිවෙලාවේ හිටියේ හොදටම තරහ ගිහින්…..ඒ දේ වෙලත් ඒ තරම් වැඩිවෙලාවකුත් නෑ……”

හිත හිත් මම බත් පිගානේ අඩක් විතර කාගෙන කාගෙන ගියා…….ඉතිරි අඩ මම ඉතිරි කෙරුවේ කික්කි ඊයේ වගේම අදත් ආවොත් කීක්කිට දෙන අදහසින්.

බත් කෑවට පස්සේ මට දැනුනේ දැඩි නිදිමතක්..මීට කලින් මෙහෙම නිදිමතක් දැනිලා තිබ්බේ නෑ….දැනුනේ ඔලුව බමනවා වගේ…හිස ඉහලටත් පහලටත් ගැස්සුනා….

තවත් ඉන්න බැරි තැන මම ඇදට වැටුනේ තවත් මේ නිදිමත් දරාගන්න බැරිව…

යලිත් මම අවදිවෙද්දී හවස් කාලය උදාවෙලා තිබ්බ. බටහිර අහසේ බැසගෙන යන ඉර මට ජනේලෙන් පෙනුනා.

නලලත් තදින් පිරිමදිමින් මම නැගිටලා ඇදේ වාඩිවෙද්දී මට එකපාරම දැනුනේ වෙනද මෙහෙම වාඩිවෙද්දී වෙන දෙයක් අද වුනේ නෑ වගේ හැගීමක්……….යම් කිසි දෙයක අඩුවක්…………… තවත් කොටසකට

මොක්ද ඒ අඩුව………..ඊලග කොටසින් බලමූ

වෙනද වගේම කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන කතාව කියවන ඔක්කොටම ගොඩා……….ක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

4 thoughts on “ලේ | 16 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.