Katha Ahura

ලේ | 19 කොටස | හොල්මන් කතා

4/5 - (1 vote)

19 කොටස

දෙවියනේ ඊට පස්සෙ මම දැකපු දේ……..මම ඉස්සරහ ගිනිපිටවන දෑසින් එකපාරටම මතුවුනේ මම මීට කලින් කෙදිනකවත් දැකල නැති සතෙක්.

ඌ හරියට බල්ලෙකුගෙයි ,සිහයෙකුගෙයි සම්මිශ්රණය වගේ… කලු පාට ලොම් පිරුනු ඒ බිවිසුනු සතාගේ බෙල්ලෙන් සිංහයෙකුගේ වගේ කේසට එල්ලෙමින් තිබ්බා… මෙතෙක් දවසක් අර ඇහෙන බිවිසුනු හඩ මේ සතාගේ කියල අනුමාන කරන්න දැන් මට අපහසුතාවයක් නැ…

“හ්වා……හ්……ම්ම්ම්ම්ම්ම්ම්.”

ඌ යලිත් හඩක් නගලා ගිනිපිටවන දෑසින් මා දිහාට එන්න පටන් ගත්තා…ඌ තොල් ලෙවකෑවේ බඩගින්නට ඌට දෙයක් හම්බවුනා වගේ….

” ඌ දැන් මිනී ඉව පාරේ අපිව හොයාගෙන එයි…ඌ ට අපි එක කටකටවත් මදි වෙයි..උගෙන් බේරෙන්න පුලුවන් ගහකට නැග්ගොත් විතරයි……”

මට එකපාරටම මතක් වුනේ එදා සිරිනාව මම ලෙහද්දී ඇය කියපු දේවල්. සිරින කියන සතා මේකද.

සිත සිත මම බැලුවේ ලග පාතක නගින්න පුලුවන් ගහක්වත් තියෙනවද කියලා….ඒත් මගෙ අවාසනවට එහෙම ලේසියෙන් නගින්න පුලුවන් උස ගහක් තිබ්බේ නෑ…තිබ්බ ඔක්කොම උස ගස්වල පහලම අත්ත තිබ්බෙත් අඩි දහයක් පහලොවක් උසින්…..

වෙන කරන්නම දෙයක් නැති තැන මම ඌ දිහාම බලාගෙන පිටිපස්සට ගියා……ඌත් කෙලපෙර පෙර මම ලගටම ආවා…..අවසානේ මට තවත් පිටිපස්සට යන්න බැරි විදිහට විශාල ගසකට හේත්තු වුනා….

“හ්වා…….හ්…..ම්……ම්…….”

ඒ සමගම අර බිවිසුනු හඩ ඌ මගේ අඩි දෙකක් විතට දිරකට ඇවිත් හඩ නැගුවේ මගෙ කන් අඩිත් පිපිරෙන තරමේ ශබ්දෙන්…..

” දැන් මගේ අවසානය………”

මර බියෙන් වෙව්ල වෙව්ලා හිතද්දී මම දැක්කා අඩි හඩක් සමග,,,,අර බිවිසුනු සතාට පිටිපස්සෙන් යම් කිසි චායාවක්……

ඒ හඩට අර සතත් කලබලෙන් හැරිලා බලද්දී මාව හොදටම පුදුමයට පත් කරමින් මම දැක්කේ මාකස්…..ඔහුගේ අතේ දැල්වෙන ගිනි පන්දමක් තිබ්බා……

” හ්ම්ම්ම්ම්ම්ම් ඔතනින් අහකට……පේනවනේ මගේ මේ අතේ තියෙන දේ…..”

එකපාරටම මාකස් අර ගිනි පන්දම වන වන අර සතා ලගට ලංවුනා. ඒ ගිනි පන්දම දිහා අර සතා බලන් හිටියේ හොදටම බයෙන්…..

“හ්වා…..හ්…….ම්…”

බිවිසුනු සතා බයෙන් ගොරවද්දී මාකස් වටෙන් මම ලගට ආවා…

” මහත්තයා ඉක්මනට මගෙ පිටිපස්සට එන්ඩ………”

ඔහු මට අන කරද්දී මම ඔහු පස්සට ඇවිත් මුවා වුනා…ඊට පස්සේ මාකස් අර පන්දමත් වන වන අර බිවිසුනු සතා ලගට ලංවුනේ මොනවද මන්දා මම නොදන්න වචන ගොඩකුත් උච්චාරනය කරගෙන…..

ඒ වා ඇහෙද්දී තව වරක අර හඩ නගපු සතා කුලප්පුවෙලා වගේ අපි ලගින් ඉවතට පැනල දිව්වා…..

” මහත්තය….මොනවද මේ කැලේ මෙච්චර දුරක් ඇවිත් කරන්නේ………”

මාකස් ඒක ඇහුවේ අර සතා පැනල දුවල මොහොතකින්.

“මම….මේ….මම ආවේ අර හඩ ඇහෙන සතා මොකාද කියලා හො…හොයන්න….”

මම වෙව්ලමින් ඒ බොරුව කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා….

” ඔය ඇත්තමද මහත්තයා අපේ නෝනගේ ගෙදරින් පැනලා නේ ආවේ……”

” පැනලා….ඇයි මම පැනලා එන්නේ….මොකටද…මේ ඇත්තමයි කියන්නේ මම ආවේ ඒ හඩ හොයන්….අනික මම මොකටද පැනලා එන්නේ……..”

** මම හොයාගත්ත දේවල් මාකස්ට කිව්වොත් මම තව් අමාරුවේ වැටෙයි….මාකස්ට මොකුත් කරල පැනල යන්නත් බෑ එතකොට අර සතා ආයේ පාරක් මම පස්සෙ ඇවිල්ලා මම මරයි…මොනව වුනත් මාකස් ලග ඌව මෙල්ල කරන්න විදිහක් තියෙනවා…..මාකස්ගෙනුයි ,ඒ සතාගෙනුයි බේරිලා ගියත්….නිශා…..ඇගෙන් බේරෙන්නේ කොහොමද….දැන් රෑ වෙන්න ඔන්න මෙන්න..තව මොහොතකින් නිශා ඇහරෙයි….ඒ ඇහරුන ගමන් මම නැතිබව දැනගෙන මම හොයන් එයි…..මේ කැලෙන් පිටවෙලා යන්න මම දන්නෙත් නෑ..

සුරේ තිබ්බනම් මේ කිසි බයක් නෑ…….”

මම හිටියේ ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගේ…

” මම ආවේ හොද වෙලාවට..පොඩ්ඩක් ඇහපියාගෙන ඉදලා ඇහරිලා මහත්තයා ගේ කාමරේට යද්දී මහත්තයා නෑ…..මම හැමතැනම හෙව්වා….අවසානේ හොදටම බයවෙලා මේ පැත්තට එද්දියි මට ඇහුනේ අර සතාගේ හඩ…….”

මාකස් කිව්වා…..

” ඒ සතා මොකාද මාකස්…මම මීට කලින් දැකලම නෑ…….”

” මාත් දන්නේ නෑ මහත්තයා ඕකා මේ යකිනි කැලේට කොහෙන් කඩා පාත්වුනාද කියලා…..ඒත් උගේ දුර්වල කම තමා ගින්දරට බය වෙන එක…එහෙම නොවෙන්න මහත්තයයි මායි දෙන්නම මේ වෙද්දි ඉන්නේ උගේ බඩේ……දැනුත් කොහෙහරි හැංගිලා අපි කරන්න අ දේවල් බලන් ඇතී….ගිනි පන්දමට බයේ අපි ලගට ලංවෙන්නේ නෑ…….”

” එතකොට මාකස් අර ඌ දිහා බලාගෙන අමුතු බශාවකින් කිව්වේ මොනවද”

මම ඒ ක හිතුවත් ඇහුවේ නෑ….ඕනාවට වඩා ප්රශ්න කරන්න යන එක අවදානම් වැඩී කියලයි මට හිතුනේ….

” එහෙනම් මහත්තයා අපි යමුද….පන්දම නිමෙන්න කලින් ගෙදරට යා ගන්න ඕනා…..නැත්නම් අරූ ආයේ අපි ඉස්සරහට එයි.”

මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ…මාකස් පිටිපස්සෙන් මම දැන දැනම අර මකර කටටම පනින්න ගියා.

මම නිශාගේ ගෙට ආයේ ඇතුල්වෙන ඕන්න මෙන්න තියෙද්දී , යයකිනි කැලේ ගස් කොලම් අතරිම් බැලුවේ ඉහල අහස දිහා…….ඊයේ ලාවට වගේ තිබ්බ හදත් අද අතුරුදහන් වෙලාම තිබ්බා…

” දෙයියනේ අද අහසේ හද නෑ…..අද අමාවක….ඒ ඒ කියන්නේ……..”

මට අර පොතේ තිබ්බ බිවිසුනු කතව මතක්වෙලා ඇගටත් එක්ක මොකක්ද වුනා. ඒ පොතේ තිබ්බ දේට මාත් දැන් ගෑවිලා.

” නිශා නෝනා…..තවත් ඇවිල්ලා… නෑ….වගේ
….”

මාකස් ගෙට ගොඩවුනේ එහෙම කියාගෙන.

” බොරු කියන්න එපා…මාකස් උබ කියන්නේ බොරු……..”

මම කතා කරපු විදිහට මාකස් මම දිහා බැලුවේ උඩ ගිහින්…

” බොරු……..මොනවද මම කියන බොරු….”

” උබල හිතන්නේ උබල කරන දේවල් මම දන්නේ නෑ. කියලද…..මම දන්නවා……මම දන්නව ඔක්කොම..උබේ නෝනා මිනිස්සුන්ගෙ ලේ උරා බොන යකින්නක්…..ඒ යකින්න අන්න අර කාමරේ පෙට්ටියක දවල් දව්සම නිදාගෙන ඉන්නේ….රෑට ඇහරිලා අර හිර කරල තියෙන කොල්ලගේ ලේ උරා බොනව……”

මම ආවේගයෙන් කියාගෙන ගියා…

* ” මේ මහත්තයා මොනවද මේ කියන්නේ….අපේ නෝන එහෙම ඕවා දැනගත්තොත්………”

” මාකස් තවත් මට බොරුකරන්න එන්ඩ එපා….මම ඔක්කොම දන්නවා….දීපන් මම නිදගෙන ඉද්දි උබ හොරකම් කරගෙන ගිය මගේ සුරේ….ඒක මට දියන්….”

” මොන සුරේද…..මම මහත්තයාගේ සුරේ ගත්තේ නෑ………මම දන්නේ නෑ….”

” එහෙනම් උබ දන්නෙම නෑ…….උබ මගෙ අතින් මැරුම් කනවද,,,,මගෙ සුරේ දෙනවද…….”

කියපු මම මාකස්ව අල්ලගෙන ,මාකස්ගේ බෙල්ලට හවස ඔහුගේ කාමරෙන් හොරාගත්ත පිහියම මගෙ ඉනෙන් අරන් මාකස්ගේ බෙල්ලට තිබ්බ…

” දැන්වත් කියපන්….කෝ මගේ සුරේ….කොහෙද උබ ඒක හැං…….”

ඒත් මට ඒක කියල ඉවර කරන්න බැරිවුනා….මට ඇහුනේ අපි ඉස්සරින් කවුද තාලෙට අත්පුඩි ගහන හඩක්…..

මම ඒ දිහා බලද්දී මම දැක්කේ නිශා අත්පුඩි ගහ ගහම අපි පැත්තට එන හැටි….ඇය ඇදගෙන හිටියේ මම අර පෙට්ටිය ඇතුලේ නිදගෙන ඉද්දී ඇදගෙන හිටපු ඒ සුදු දිගු රෑ ඇදුමයි…..

” ශා……දිලංක එහෙනම් ,කොහොමහරි අපි ගැන දැනගත්තා…..මරු…….ඒක අපිටත් ලේසීයි ,,නේද මාකස්……”

නිශා ඒක කියද්දී මාකස් හඩනගල හිනාවුනා…..

“මාක….ස් දිලංක ඔක්කොම දැනගෙන තියෙන එකේ…අද අමාවක දවසේ මගේ නැවත් ඉපදීම දිලංකගෙ හදවත අරගෙනම කරමු….”

නිශා කියද්දී මගේ අතේ තිබ්බ පිහිය බිමට වැටුනේ අත වෙවලපු නිසා…

“ඒක හොදයි නෝනා………”

කියපු මාකස් බිමට නැමිලා පිහිය ඔහු අතට ගත්තා……..

“ඒත් ඊට් කලින් මට අලුත්ම උණුසුම් ලේ ටිකක් බොන්න ඕනා……අරුගේ ලේ බීල මට දැන් ඇතිවෙලා…….අර කෙහෙල් මල් සුරයක් හින්දා මට ඊයේ රෑ ඒ වැඩේ කරගන්න බැරිවුනා……”

කියපු නිශාගේ දත් දෙකක් මුවේ දෙපැත්තෙන් දික් වුනේ මම බලාගෙන ඉද්දිමයි….මොහොතකින් ඇය මම ලගට ආවේ විදිලි වේගෙන්….ඉන් නොනැවතුන නිශා මගේ ගෙලට ඇගේ මුව ලංකරද්දී මට දැනුනා ඇයගේ ඒ දිගු දත් මගේ ගෙලේ වදිනවා….

“එපා……………………”

මම හයියෙන් කෑගහල නිශාගෙන් බේරෙන්න හැදුවත් නිශා හිටියේ මට වඩා සෑහෙන්න ශක්තිමත් වෙලා…….තවත් කොටසට

කතාව කියවන ,කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩාක් ස්තූතී…………………

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

5 thoughts on “ලේ | 19 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.