Katha Ahura

තරු මන්දාකිණී| දොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

3/5 - (5 votes)

දොළොස් වැනි දිගහැරුම

කාලය ගෙවිලා ගියේ හරි ඉක්මනට.සුදු මැණිකේ ගෙ විභාගෙත් ලං වෙනවා..දැන් තමයි කෙල්ල හෝගාලා පාඩම් කරන්නෙ.මාත් එයාගෙ සමහර පාඩම් වැඩ වලට උදව් වෙනවා.ඒ අතරෙ ඉංග්‍රීසි ටික ටිකත් උගන්නලා දැන් දැන් එයාට ටිකක් ඉංග්‍රීසි කතා කරන්නත් පුලුවන්.ඒකට ගොඩක්ම සතුටු උනේ ආරච්චි .

සුදු මැණිකේ පාඩම් වැඩ අතර අතරමං වෙද්දි එයාට මාත් එක්ක පොඩ්ඩක් හරි කාලෙ ගතකරන්න පුලුවන් උනේ ඉස්කෝලෙ ඇරිල කෙටි පාලු පාරෙන් එද්දි .මගේ අතත් අල්ලන් පොඩි එකෙක් වගේ හිනා වෙවී තොරතෝංචියක් නැතිව කතාකරකර එනවා.මෙහෙම අත අල්ලන් යද්දි මට මතක් වෙන්නෙ මායි සුදු මැණිකේයි ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙ යන දවසෙ මගේ අතේ ගෑවෙන්න වගේ සුදු මැණිකේ ගිය හැටි.

අද ආරච්චි ගෙදර නැහැ..පන්සලේ පොඩි රැස්වීමක් තියෙනවා කියලා උදේම ගියා.හිච්චියත් වත්තෙ පොල් කඩන මනුස්සයත් එක්ක පහල වත්තට ගිහින් පොල් කඩන්න.මාලනිත් කොහෙද මන්දා ගිහින්.ගොඩ දවසකින් මං සුදු මැණිකේ ට ඉංග්‍රීසි උගන්නන්න ගත්තා.

මගේ කකුල් පාග පාග හොරෙන් බල බල පාඩම් වැඩ කරන සුදු මැණිකේ දිහා මං බලා හිටියෙ හරිම ආසාවෙන්.ඒ සුන්දර මූණ..එයා මගේමයි.

“මොනාද බලන්නෙ….” ඒ පාර මගේ දිහා බලාගෙන එයා ඇහුවා.

” ලස්සන බැලුවෙ….”

“මං ලස්සනයිද…??” මූණත් ලැජ්ජාවෙන් රතු කරගෙන ඇහුවෙ.එහෙම ලැජ්ජාවෙන් රතු වෙනකොට එයා තවත් ලස්සනයි.අල්ලගෙන ඉඹින්න හිතෙනව මට.

” ඔව්..ගොඩා…..ක් ලස්සනයි…..”

ඒ පාර ආයෙම පොත දිහාවට මූන හරව ගත්තා.කෝලම්.

” කෝ දෙන්න ඔයා ලියපු ටික හරිද බලන්න..” මං එයාගෙ පොත ඉල්ලුවා.එයා පොත මට දෙද්දි එයාගෙ සිනිදු අත මගේ අතේ පොඩ්ඩක් ගෑවුනා.

“ම්…පොඩ්ඩ පොඩ්ඩ අඩුපාඩු තියෙනවා..ඒවත් හදාගන්න….” මං එහෙම කියාගෙන පොත දික්කලා.මගේ දිහාම බලාගෙන එයා පොත ගනිද්දි එයා මගේ අත උවමනාවෙන්ම ඇල්ලුවා.මාත් ආපිටට ඒ සුදු අත තද කරලා අල්ලගත්ත.

“ආව්…රිදෙනවා ….”

“ඇත්තට…”

“ඔව් මැට්ටො…”

“මැට්ටි…”
එපාර මගේ දිහා බලාගෙන ඉන්නවා.

“හා.හා..වැඩ කරනව වැඩ කරනවා…මගේ දිහා බලන් භාවනා කරන්නැතිව…..”

මං එහෙම කිව්ව හැටිය කෙල්ල නැගිට්ට පුටුවෙන් එකපාරටම .මං ගල් ගැහිල වගේ බලන් හිටියෙ මොකද්ද මේ වෙන්නෙ කියලා.පුටුවත් තල්ලු කරගෙනම මෙයා මේසෙ වටෙන් මං දිහාට එද්දි මටත් එකපාරටම පුටුවෙන් නැගිට්ටුනා.

“මං ඔයාට ආදරෙයි තරූ….” එහෙම කියාගෙනම මෙයා මාව බදාගත්තා.

“මාත් ආදරෙයි සුදු මැණිකේ ……” මාත් ආපිට එයාව තද කරලා බදාගත්තෙ හිතේ ලොකූ සතුටකින්.මොකද මෙච්චර දවස් මං ලග හුරතල් උනාට කෙල්ලො දිහා බලද්දි බැන්නට..ඒ ඇස් වල තිබ්බ ආදරේ මට තේරුනත් එයාගෙ කටින් ඒක පිට උනේ නෑ මෙතෙක්.ඒත් අද..එයා මට තුරුල් වෙලා මට ආදරෙයි කිව්වම මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ….ගොඩාක් වෙලා එකිනෙකාට තුරුල් වෙලා හිටිය මිස එදා වැඩක් කෙරුන්නෑ..

ජීවිතේ සතුටින් ගෙවිල යද්දි මන්දාකිණීගෙ විභාගෙත් කට ලගටම ආව.විභාගෙට සතියක් විතර තියෙද්දි එයාට බෝධි පූජාවක් තිබ්බනම් හරි කියල මං ආරච්චිට කිව්වා…මොකද අම්මත් නැති එකේ ආරච්චිට ඔයවගේ දේවල් ගැන හොයලා බලලා කරන්න තේරුමක් නෑනෙ

“මහත්තයා කියනකංම මට ඒ ගැන වගේ වගක් තිබ්බෙ නෑනෙ.හැබෑව තමයි….අද හවසටවත් පන්සල් පැත්තෙ යන්න ඕනි…”

ආරච්චිල එක්කම පන්සල් යන්න මාත් ලෑස්ති උනා.දැන් නම් මට ගම හොදට හුරුපුරුදුයි.ගමේ හැමෝම මාව දන්නවා.ආරච්චි ට වගේම ගමේ ඈයො මටත් දැන් ගරු කරනවා.

සුදු මැණිකේ ඇන්දෙ සුදු දිග සායකුයි,සුදු අත් දිග blouse එහෙකුයි..කොන්ඩෙ තෙල් ගාල කරලට වෙන්න ගොතල මගේ මන්දාකිණි අද හරිම ලස්සනයි . සුදු දිග කලිසමකුයි සුදු අත් කොට කමිසෙකුයි ඇදගෙන කාමරෙන් එලියට එද්දිම ඉස්සරහට හම්බුනේ සුදු මැණිකේ .

“පන්සලේ කෙල්ලො හිටියොත් ඔන්න ඒ දිහා බලනවා නෙවේ…හරී….” පොඩි තරවටුවකුත් දාගෙන එයා ගමන යන්න ලෑස්ති උනේ .

කොහොමත් එයාට මාව හොදට තේරෙනවා .මටත් ඉතින් විසේනෙ…කෙල්ලො දකිද්දි මටත් කට තියාගෙන ඉන්නම බෑ.කතා කරන්නමයි හිතේ .අපි පන්සල් ගියේ වලව්වෙ තිබ්බ ට්‍රැක්ටරේ .ගැස්සි ගැස්සි පැද්දි පැද්දි යනකොටත් මාර ආතල්.

කිව්වත් වගේ පන්සලේ කෙල්ලො පිරිලා…ඒ කෙල්ලො අතරෙ සයුරි මිසුත් හිටියා.එයත් අද හරිම ලස්සනයි.සුදු ඔසරියක් ඇදලා කොන්ඩෙ කරලට ගොතාගෙන හරිම තැන්පත් පාටයි.සුදු මැණිකේ ආරච්චි එක්ක පහන් පත්තු කරන්න යද්දි මං ටිකක් සයුරි ලගට ගියා.

“ආ…මේ තරුකනේ..මොකෝ අද පන්සලේ….” කට පුරෝලා හිනාවේගෙනම ඇහුවා.පන්සල් එන්නෙ අහවල් මගුලටැයි..වදින්න මිස…කටට ආවත් මං කිව්වෙ නෑ.

“සුදු මැණිකේ ගෙ විභාගෙත් ලග නිසා බෝධි පූජාවක් තියන්න ආවෙ….”

“ආ…ඒකටද මේ…මං හිතුවෙ…”

” ඔයා හිතුවෙ මං ඔයාව බලන්න ආවැයි කියලද…??”පොඩ්ඩක් බයිට් කරන්න මං එහෙම ඇහුව.

“අපෝ නෑ…දැන් ඉතින් මාව බලලා වැඩක් නෑනෙ…බලන්න ගෙදරම කෙනෙක් ඉන්නවනෙ…නේද…??” කටත් ඇද කරල කිව්වෙ ඒ කතාව.මට ටිකක් කේන්ති ගියා ඒකට නං.

“මොකද්ද ඒ කතාවෙ තේරුම…??”

“ඇයි…ඔයාගෙයි මන්දාකිණීගෙයි අතර ගුරුගෝල සම්බන්දෙට එහා ගිය එකක් තියෙනව නේද…,අපි දන්නෑ කියලා හිතුවද…බබ්බු නෙවේ අපි ඕවා නොදැනගන්න…”

” හරි ඉතින්…එහෙම දෙයක් තිබ්බත් මොකෝ…ඔයාට ඒකෙන් මොකුත් ප්‍රශ්නයක් වෙනවද …??”

“අපෝ මට නම් කිසි ප්‍රශ්නයක් නෑ.කොහොමත් සුදු මැණිකේ ගෙ හැටි මුලු ගමම දන්නවා.වලව්වෙ කුමාරිහාමි කෙනෙක් කරන වැඩද ඉතින් ඔය…ඉස්කෝලෙට උගන්නන්න එන සර්ලව දපනෙ දාගන්න එක…ඇරත් මං හිතන්නෑ…එයා විභාගෙවත් හරියට කරගනී කියලා…..”
ඒ කිව්ව කතාවලටනම් මට ඌරුජුවල් නැග්ග.

“එයා ඉස්සරහ දපනෙ වැටෙන්න හිතුවද මං නයෙක් කියලා…අනික තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි තමුසෙ උගන්නන ලමයෙක්ට ඔය විදිහට කතා කරන්න….” මං ඇගිල්ලක් දික්කර කර කතා කරේ…

“ඉතින් මං බොරුවක් කිව්වැයි. ..මං කිව්වෙ ඇත්ත….”

“ඇත්තක් උනත් කියන්න ඕනි පිලිවෙලක් තියෙනවා…තමුසෙ ගුරුවරයෙක් උනාට වඩා හොදයි පාරෙ තනකොල කන ගොන් වැස්සියෙක් උනානං…” මං එහෙම කියාගෙන එතනින් එන්න ආව.මං දැක්ක මං දිහා රවාගෙන වගේ බලං ඉන්නවා.එයාට දුක ඇති..මං එයා ඉස්සරහ දපනෙ වැටුන්නෑනෙ…

මගෙ මූඩ් එකම upset ගියා.අපරාදෙ ඒ හොල්මන එක්ක කියවන්න ගියේ…මං ගියේ සුදු මැණිකේ ලගට.එයා පහන් පත්තු කරලා ඉවර වෙලා හදුන්කූරු පත්තු කරකර උන්නෙ.එයා ලග ආරච්චි හිටියෙත් නෑ.මං හිමින් සැරේ එයා ලගට ගියා.

“මං දැක්කා ඔයා සයුරි මිස් එක්ක කියෝ කියෝ ඉන්නවා…” අමනාපෙන් කිව්ව එයා.මං මොකුත් කියන්න ගියේ නෑ.එයා ලගින් ඉදන් ඈත බල බල හිටිය මං දැක්කෙ තවත් ලස්සන කෙල්ලෙක්..දිග ගවුමක් ඇදගෙන කහ මල් වට්ටියක් අරන් බුදු ගේ පැත්තට යනවා.මගේ ඇසුත් ඉතින් සුන්දර දේ ලගටම තමා ඇදී යන්නෙ..එයා යන දිහා බලා ඉන්නකොට එකපාරටම මගේ කකුල හයියෙන් කවුරුහරි පෑගුවා .

“ආව්…” මං කකුල අල්ලං පාත් උනා.”

” ආව්..ආව්.තමා…මං එනකොටත් කිව්වනේ…කෙල්ලො දිහා බලලා අහුවෙන්නෙපා කියලා….” තරහින් පුපුර පුපුර සුදු මැණිකේ කිව්වා.මෙයා තමයි තියෙන කේන්තියට මගේ කකුල පාගන්නැත්තෙ.නපුරි .හිටපංකො මං උබව අල්ලගන්නම් විභාගෙ ඉවර උනාම..

අපි තුන් දෙනාම මල් පහන් පූජ කරලා බුදුන් වැදලා බෝධි පූජාව තිබ්බා.ඔක්කොම ඉවර කරලා වලව්වට එද්දි රෑ 7.00යි.

*************************

මන්දාකිණීට පුලුවන් වෙයිද හොදට විභාගෙ ලියන්න..ඒ විස්තර හෙට දාන්නම් හොදේ..ඉගියක් දෙන්නම්.දැන් කතාව ඉවර වෙන්න ලගයි..?

M.A.Rashmi

8 thoughts on “තරු මන්දාකිණී| දොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. ඉවර කරන්නැතුව ඉන්න බැරි වෙයිද ????? අනේ මංද ඉවර කරනව කිව්වම පිස්සු වගේ…………??? උන ගැනෙයිද දන්නෑ……????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.