Katha Ahura

ලේ | 23 කොටස | හොල්මන් කතා

3/5 - (7 votes)

23 කොටස

දත් විලිස්සමින් පෙර පරිදිම ඌ මම ලගට එන්න පටන් ගනිද්දී මම අතේ තිබ්බ පන්දම ඌට පෙනෙන්න වැනුවා. ඌ ඒකට ටිකක් මෙල්ල වෙල මදක් පිටිපස්සට ගියා.

ඒ අවසරයෙන් මම පන්දම වන වනම මම ක්ලින් නැගල තිබ්බ ගහ ලග්ට කිට්ටු කෙරුවා.

අර සතා මම දිහා බලාගෙන ආවත් දැල්වෙන පන්දම්ට බයේ වෙන්න ඇති කලින් සැරේ වගේ ලගටම ආවේ නෑ. ඒ වාසියත් එක්ක මම පන්දමත් එක අතකකින් අල්ලගෙන අර ගහට තව පාරක් නැග්ගා.

” හ්වා……හ්…..ම්….ම්….”

බිවිසුනු සතා මම කරපු දේට හිටියේ හොදටම කෝපවෙලා. මම නැගල හිටපු ගහ යටට වෙලා වියරු වැටිලා හිටපු ඌ මොහොතකින් කිට්ටු කෙරුවේ ලේ විලක් මැද වැටිලා උන්නා මාකස්ගේ සිරුර ලගට.

ඊට පස්සෙ මගෙ ඇගටත් එක්ක මොක්ක්ද කරමින් මේ වෙද්දී මැරිලා හිට්පු මාකස්ව ඉරාගෙන කන්න පටන් ගත්තා.

අවසානේ මාකස්ගේ ඇටකෝටු විතරක් ඉතිරිවෙන්න මාකස්ව සම්පූර්නයෙන්ම අර සතා කාල දැම්මා. ගහ උඩ ඉදන් මම ඒවා බලන් හිටියේ බය පිලිකුල දෙකම මුසුවුන හැගීමෙන්.

ඊට පස්සේ අර බිවිසුනු සතා ඉහල අහස දිහා බලන් අර බිවිසුනු හඩ නැගුවා. ඊට පස්සේ යමක් මතක්වෙලා වගේ ආවේ මම නැගලා හිටපු ගහයටට.

ගහ පෙරලන්න වගේ වියරුවෙන් හොම්බෙන් ඇනපු ඌට ඒ දේ කරගන්න බැරි නිසා ගහේ කදට හේත්තුවෙලා වැතිරුනා.

තප්පර,විනාඩි,,,විනාඩි,පැය වෙලා ගෙවිලා ගියත් අර සතා ගහ ලගින් යන්න අදහසක්වත් නෑ.ඌ හිටියේ මම මුරකරනවා වගේ. ඌට බයේ මම ගහෙන් බැස්සේ නෑ. මාකස්ව කෑව වගේ මම ඌට අහුවුනොත් මාවත් පනපිටින් කාල දායී.මේ වෙද්දී අර පන්දම තිබ්බෙත් නිමිලා.

බැට්රිය බහින නිසා ඔෆ්ෆ් කෙරුව ෆෝන් එක මම ඔන් කෙරුවේ වෙලාව් කීයද දැනගන්න.හවස තුනයි හතලිස් එක විවිදිහට එහි සටහන් වෙලා තියෙනවා දකිද්දී මම හොදටම බයවුනා.

” තව පැය දෙකකින් විතර මේ කැලේට කරුවල වැටෙයි, නිශා එතකොට මාව හොයන් එයී…මම දැන් මොකද කරන්නේ…මූ හින්දා බැහලා යන්ඩත් බෑ…….”

මම හිටියෙ හැම පැත්තෙන්ම අහුවෙලා.

කාලය ටික ටික ඉස්සරහට ගෙවිලා ගියේ ඉරත් ටිකෙන් ටික බටහිර පැත්තට අද්දවමින්. ඒ වෙද්දී වෙලාව සටහන් වෙලා තිබ්බේ හවස පහයි විසි තුන විදිහට.

“හ්වා……හ්…….ම්……ම්…”

එකපාරම මට ඇහුනේ මෙතෙක් නිහඩ වෙලා උන්න අර සතා කෑගහපු හඩ. මම ඒ හඩට පහල පලද්දී දැක්කේ ඌට වලිප්පුව හැදිලා වගේ බිම වැටිලා එහාට මෙහාට දගලන හැටී.

” මූට මේ එකපාරටම උනේ මොකක්ද ”

ඌ දගලන හැටි බලන් මම හිතුවේ කුතුහලෙන්.

දගල දගල ඔට්ටුවුන ඒ සතාගේ ලොම් මතින් මම ඊලගට දැක්කේ දුමක් ඉහලට නගින් හැටී.

“හ්ව……හ්…….ම්….ම්…”

ඌ අර හඩ මෙවර නැගුවේ වේදානාවෙන් වගේ. මෙතෙක් උගෙන් නැගුනු දුම මොහොතකින් රත්පැහ ගිනිජාලාවකට පරිවර්තනය වුනා.

මට ඒක දකිද්දී එකපාරටන මතක් වුනේ පෙට්රල් වක්කරල ගිනි තියපු විශාල බල්ලෙක්.

** බුර බුරා නැගෙන ගිනි ජාලාවට අහුවුන අර සතා දකිද්දි මට එකපාරටම මතක් වුනේ අර නොපෙනෙන් ශක්තින් පොතේ තිබ්බ දෙයක්.

” මල නොමල සත්වයාටත් නොකඩව මසකට සැරයක් අර වගේ සත්ව හදවතක් ගෙන අර ගුරුකම කලයුතුවේ..එහෙම නොකලොත් මල නොමල සත්වයාට ජීවත් වෙන්නේ හැකියාව ලැබෙන්නේ කරපු දින සිට චන්ද්ර මාසයක් ගෙවී පැය කීපයක් යනතුරු පමනී.ඉන් පසු ඒ සත්වයා සදහටම විනාශ වෙයි.”

“එහෙනම් ඒ ක හින්දා තමා ඌට මෙහෙම උනේ,ඊයේ නිශා මිනිස් හදවතක් අරන් අර ගුරුකම කෙරුවට ,මේ සතාට ඒ දේ කරන්න බැරිවෙලා..සමහර විට අර කීකී ගෙනල්ලා තියෙන්නේ මේ සතාට ඒ ගුරුකම කර්න්න බැරි කමකුත් නෑ…..”

මම ඒවා සිහි කරද්දී අර බිවිසුනු සතා පිච්චී අලුවෙලාම ගියා. දැන් එතන තියෙන්නේ අලුගොඩක්.

” සතා මැරුනට නිශා තව ඉන්නව. තව ටිකකින් රෑවෙනව.ඊට පස්සේ මේ ඔක්කොමදැනගෙන පිස්සු හැදිලා වගේ මාව හොයාගෙන එයි. ඊට කලින් මට මේ කැලෙන් පැනලා යන්න බැරිවෙයිද…”

කලබලෙන් හිතපු මම ගහෙන් බැහල යකිනි කැලේ මැදින් දුවගෙන ගියා.

ඒත් හිතන තරම් යකිනි කැලේ පාරවල් හොයාගන්ඩ මට තේරුමක් තිබ්බේ නෑ.

අවසානේ යකිනි කැලේ මම මම මංමුලාවෙද්දි ඉරත් බැහල ගියේ මාව හොදටම අසරන කරලා.

පොඩි හරි සැනසීමකට තිබ්බේ මම ලග තිබ්බ phone එකේ touch එලිය විතරයි . ඒ එලියෙන් මම යකිනි කැලේ මැදින් යද්දියි මට ඇහුනේ මහේ පිටිපස්සෙන් අඩි හඩක්.

මම පිටිපස්ස හැරිලා බලද්දි දැකපු දෙයින් මගේ ඇගේ ලෙත් වතුර වෙන්න ඇතී. මම ඉස්සරහ සුදු නිදන ඇදුමකින් සැරසිලා මම දිහා බලා උන්නේ අර යකින්න ,නිශා…

” මොකද දිලංක ,බය වෙලා….මම මෙහෙම දකිනකොට සතුටු නැද්ද.”

ඇය එහෙම කිය කිය මම ලගට ආවේ සිනාවෙමින්.

“ල…ලගට එන්ඩ එපා….”

මම කිව්වේ අතත් දික්කරලා.

“ඇයි ලගට එන්ඩ එපා කියනන්නේ. දිලංක මට කැමති නැද්ද,ඇයි මාව දාල ආවේ දිලංක”

නිශා කිව්වේ මවා ගත් දුකක් ආරෝපනය කරන්.

” ලගට එන්ඩ එපා.මම ඔක්කොම දන්න්වා.උබ යකින්නක් ,උබ මිනිස්සු රවටගෙන ඇවිල්ල ලේ උරා බොනව…මම ඒ ඔක්කොම දන්නවා”

මම ඒක කිව්වා නෙමෙ කියෙව්වා.

“ඇයි දිකංක මට එහෙම කියන්නෙ,මම ඔයාට කොච්චර ආදරේද.”

නිශා කිය කියා මම ලගට එද්දී මම පිටිපස්සට පිටිපස්ස ට ගියා.අවසානේ මට තව යන්න බැරිවිදිහට මම ගහකට හේත්තු වුනා.

“නිශා ලගට එන්ඩ එපා. තව පොඩ්ඩක් හරි ලගට ආවොත්..”

” ඇයි මොකද කරන්නේ,බෑ…මම ලගට එනව ,මට ඔයාව ඕනා…..”

කියපු ඇය මොහොතකින් මම ලගට කිට්ටුවෙලා මගේ බෙල්ල සිප ගන්න පටන් ගත්තේ එදා රෑ වගේමයි. මොහොතකින් මට දැනුනා ඇගගෙ කටින් දික් වුන දත් මගේ බෙල්ලේ වදිනවා.

“අහකට යමන් යක්ශනී.උබට මගේ ලේ බොන්න දෙන්නේ නෑ මම”

කියල මම නිශාව හයියෙන් තල්ලුකෙරුවා. නිශා තල්ල්ලුවට බිම වැටුනේ මුලු යකිනි කැලේම දෙවනත් කරලා හිනාවෙමින්.

“උබ එහෙමද හිතන්නේ දිලංක,මට උබේ ලේ බොන්න බෑ කියලද. ඒක කොහොමවත් වෙන්නේ නෑ දිලංක ,මම මේ යකිනි කැලේට එක්ක්ගෙන ආපු හැම එකාගෙම ලේ බිව්වා. අමාවක පෝය දව්සේ උන්ව මරලා හදවත කෑවා. උබටවෙන්නෙත් ඒක. එදා උබේ කරේ අර සුරය නොතිබෙන්න මම මෙලහකටත් උබේ ලේ බීලා.

දැන් ඒ සුරේ උබ ලග නෑ. ඒ හින්දා උබේ ලේ මටලේසියෙන්ම බොන්න පුලුවන්. මම උබට වඩා දැන් දහස් ගානක් ශක්තිමත් ,ඊයේ රෑ මට ආයේ මගේ ශක්තිය ලැබුනා.මෙන්න බලපන් මගේ ශක්තිය”

* කියපු නිශා නැගිටලා එතන තිබ්බ කද මහත විශලා ගහක් අතින් තල්ලු කෙරුවා. මහ හඩක් එක්ක ඒ ගහෙ මුලුත් එක්ක ගැලවිලා බිමට වැටුනේ මාව පුදුමයට පත් කරමින්.

“හහ්….හහ්…හ…හ් පේනවද මගේ සක්තිය.මම මල නොමල අමනුෂ්ය යෙක් ,මම කන්නේ උබල වගේ පිරිමින්ගේ මස් ,මම බොන්නේ උබල වගේ පිරිමින්ගේ ලේ…..හහ් හහ් හා…”

වියරු වැටිලා ඇය හිනාවුනෙ අර ඉදිරියර දික්වෙලා තිබ්බ උල් දත් දෙකත් පේන්න. ඉන් නොනැවතුන නිශා මම ලගට ලංවෙලා මාව කරට ගත්තේ විදිලි වෙගෙන්.

“අතෑරපන් යක්ශනී අතෑරපන්,මාව කොහෙද ගෙනියන්නේ”

මම ඇයගෙන් ගැලවෙන්න උත්සහ කෙරුවත් එය අසාර්ථක උත්සාහයක්.

” මම උබව ගෙනියන්නේ මගේ ගෙදරට. එහෙදි මට උබත් එක්ක හොදට විනොද වෙන්න පුලුවන්. අද ඉදලා මම උබට වෙන ලස්සන කාමරයක් දෙන්නයි යන්නේ. උබේ කාමරේ මට වෙන කෙනෙකුට දෙන්ඩ වෙනවා කමක් නෑනේ…”

නිශා ඒව් කිය කියා ගියේ අසීමිත වේගයකින්.

මොහොතකින් නිශා මාව කරේ තියාගෙන අර යක්ශ බංගලාවේ මිදුලටම ආව. එදා සිරිනා නැගල හිටපු ඒ ගහ යටින් යනකොට මම හිටියේ මාරයාට අවනත වෙමින්.අවසන් කොටසින් හමුවෙමු……..

වෙනද වගේම කතාව කියවන,කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩාරියක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

6 thoughts on “ලේ | 23 කොටස | හොල්මන් කතා”

  1. ඇත්තම කිව්වොත් මට මේකෙ මුල ටික තේරුනේ නෑ..මාක්ස් කොහොමද මැරුනෙ…දිලංක කොහොමද එලියට ආවෙ…ඒ ගැන සදහන් කරල නෑනෙ…??????

  2. මේකට කලින් තව කොටසක් එන්න ඕන නේද…..අනේ miss වෙලා නම් ඒක ආයේ දාන්න

  3. කාතාවේ 22කොටසට ඇයි23 කොටසදාලා තියෙන්නේ. මාක්ස් මැරෙන්නේ කොමද.

  4. අනේ 22 කොටස අඩුයිනේ. කොහොමද දිලංක එලියට ආවේ? 22කොටස දාන්න ඉක්මනින්ම. ගොඩක් ආසාවෙන් කතාව කියවන්නේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.