Katha Ahura

තරු මන්දාකිණී| දාහතරවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

1.7/5 - (3 votes)

දාහතරවැනි දිගහැරුම

එදා මාලනී පොරොන්දු උනා වගේම මායි සුදු මැණිකේගෙයි සම්බන්දෙ එයා ආරච්චිට කිව්වෙ නෑ.එදා සිද්දියෙන් පස්සෙ මං මාලනීගෙ මූන කෙලින් බැලුවෙ නැති තරම්.මොකද මට ඒකට ශක්තියක් තිබුනෙ නෑ.මායි සුදු මැණිකේයි සිපගන්නවා එයා බලාහිටිය නිසා ඇත්තටම මට දැනුනෙ එසේමෙසේ ලැජ්ජාවක් නෙවේ.ඇත්තටම ඒක අපේ පෞද්ගලික දෙයක්.ඒවගේ දෙයක් පිට කෙනෙක් දකින එක හරි නෑ කියලයි මගේ නම් විශ්වාසය.කෙල්ලො කොල්ලො ඕන තරම් බස් වලයි පාක් වලයි,මුහුදු වෙරලෙයි,film හෝල් වලයි සිපගන්නව දැකලා තියෙනව.ඒත් ඇත්තම කිව්වොත් මං ඒවගේ දේවල් අනුමත් කරන්නෙ නෑ..මං නම් කැමති ඒ මිහිරියාව තනියම කාටවත් පේන්නැතිව විදින්නයි.

කොහොමින් කොහොම හරි එදායින් පස්සෙ වලව්වෙදි අපි දෙන්න ගොඩක් ඈත් වෙලා හිටියෙ.එහෙම ඉන්නත් මොකද්ද වගේ.ඒත් ඉතින් මොනා කරන්නද.මෙයාට තාම 18ක් වත් නෑනෙ.නැත්තං කෙලින්ම ගිහින් ආරච්චිගෙන් අහන්න තිබ්බ සුදු මැණිකේව මට දෙනවද කියල.

නිවාඩු දවසෙ ඇදට වෙලා පොතක් බල බල ඉද්දි මට එකපාරටම මිදුලෙන් ඇහුනෙ පිරිමි කටහඬක්.

” සුද්දී….”
කාටද බොල සුද්දී කියන්නෙ.. මෙහෙට සුද්දියක් වත් ඇවිල්ලද…නැත්තං මොකෙක් හරි පාර වරද්දගෙනද …ඇදේ ඉදගෙනම හිත හිත හිටිය මට ඊලගට ගේ ඇතුලෙන් ඇහුනෙ සුදු මැණිකේගෙ උද්‍යෝගිමත් කටහඬ .

” අයියෙ..!!”

මොකක්…කාටද අප්පේ මේ කෙල්ල අය්ය කියන්නෙ.ආරච්චිට ඉන්නෙ මේ දගකාරි විතරනෙ.එහෙව් එකේ මෙයා කාටද මේ අයිය කියන්නෙ.පොඩ්ඩක් ගිහින් බලන්නෝනි. කියලා මං පට ගාල ඇදෙන් බැහැල කාමරෙන් එලියට ගියේ සාලෙට යන්න කියලා හිතාගෙන.

මගක් දුර යදිදි මං දැක්කෙ සුදු මැණිකේ ඉන්නව සුදු ලස්සන කොල්ලෙක්ව බදාගෙන .මට ඇති වුනේ පුදුම කේන්තියක් .ඒත් මේ කේන්ති පිට කරන්න ඕන තැනක් වත් වෙලාවක්වත් නෙවේ.ඒ නිසා මාත් බලං හිටිය ඊලගට මොනාද වෙන්නෙ කියලා.සුදු මැණිකේ හිටියෙ මට පිටුපාල නිසා එයාට මාව පේන්නෙ නෑ..

“කෝ …අයියා මොනාද මට ගෙනාවෙ රට ඉදන් එද්දි …” ඒ පාර මෙයා උගෙ බෙල්ලෙ එල්ලි එල්ලි කතාව දැනුයි මුගෙ මූණ දැක්කෙ මං.ලස්සනයි කොල්ල.මට වඩා සුදුයි හැබැයි .හැබැයි මං තරම් උස නෑ ඌ.සමහරවිට මෙයා සුදු මැණිකේගෙ නෑදෑයෙක්ද දන්නෑ.කමක් නෑ..සුදු මැණිකේම කියයි නෙ මූ කවුද කියල.එතකන් ඉන්නව.

හිත හරි නැති හින්දා මං කුස්සිය පැත්තෙන් පිලිකන්නට ඇවිත් ලිද ලගට ගියේ මේ කෝලම් වලින් ටිකක් ඈත් වෙලා නිදහසේ ඉන්න.ගල් පඩිපෙලේ වාඩි වෙලා අහස දිහා බලා උන්නු මට එක එක විකාර මතක් වෙන්න ගත්ත.මේ කොල්ලව දැක්කම මට හිතුනෙ සුදු මැණිකේ මට අහිමි වේදො මන්දා කියලා.සමහරවිට මාලනී එදා මට සුදු මැණිකේ ලැබෙන්නෑ කිව්ව හේතුව මෙයාද දන්නෑ …මගේ පපුවත් එක්ක රිදෙනව.මං කොහොමද සුදු මැණිකේ නැතුව ඉන්නෙ .බෑ බෑ…එයාව මං කොහොමහර් ලබාගන්නව.මන්දාකිණි අයිති තරු වලටයි .ඉස් ඉස්සෙල්ලාම මන්දාකිණි ව දැක්ක දවස,ඉස්සෙල්ලම එයත් එක්ක ඉස්කෝලෙ ගියපු දවස,මායි එයයි ගොයම් ගස් උඩ එකට වැටිල හිටපු හැටි,වැස්සෙ තෙමි තෙමි එක කුඩේ යටින් ගියපු හැටි,එයාව තුරුල් කරන් ඉන්න හැටි,මං එයාට ආදරෙයි කිව්ව දවස,එයා මට ආදරෙයි කිව්ව දවස,එයාව සිපගත්ත හැටි මට මැවිල පේන්න ගත්තෙ හරියට film එහෙක රූප රාමු වගේ

” ආනේ මේ ඉන්නෙ…” මගේ කල්පනා ලෝකෙ බිදිල ගියේ පඩිපෙළ පාමුල හිටන් හිටිය සුදු මැණිකේ ගෙ කටහඩින්.එයත් එක්කම අරුත් හිටිය.දෙන්නම පඩිපෙල් බැහන් මං ලගට ආව.මාත් ඉතින් වාඩිවෙලා හිටි තැනින් නැගිට්ටෙ මූත් ආරච්චි පැටියෙක්ද දන්නැති නිසා.

” අයියෙ..මේ තරූ..ආ..නෑ..තරුක සර්…අපේ ඉස්කෝලෙට අලුතින් ආව ඉංග්‍රීසි උගන්නන සර්…සර්…මේ මගේ අයියා …නම තුශාර….ඊයෙ රට ඉදන් ආවෙ ..චොක්ලට් ගොඩාක් ගෙනත් මෙයා …” කෙල්ල හිනා වෙවී කියවනව.එහෙනම් මේ මං හිතුවත් වගේ කෙල්ලගෙ නෑදෑ අයිය කෙනෙක්.එයා හිනාවෙලා මට අතට අත දුන්න.මාත් මගේ හිනාවෙන් එයාට සංග්‍රහ කරා.

” හරි ඔය දෙන්න කතා කර කර ඉන්නකෝ….මං බොන්න මොනාහරි හදන් එන්නම්…” එහෙම කියාගෙන කෙල්ල ආයෙ උඩට නැග්ග.කෙල්ල යන දිහා තුශාර බලන් හිටියෙ ආසාවෙන් කියලයි මට හිතුනෙ.ඒ ඇස් එයා ලගින් ගත්තෙම නෑ.

” මගේ සුද්දී දැන් හුගක් ලොකු වෙලානෙ…ලස්සනත් වෙලා.. .” කෙල්ල යන දිහාම බලාගෙන මූ කියවනව.මගේ සුද්දී ??..උබේ වෙන්නෙ කොහොමද මී හරකො..සුදු මැණිකේ මගේනෙ.

” මගේ සුද්දී ???”

” ඔව්..ඇයි…එයා මගේනෙ ” ඒපාර කියපි.

” ඔ..ඔයාගෙ වෙන්නෙ කොහොමද එයා…” මං ඇහුව .

” එයා ඔය මට අයිය අයිය කිව්වට මං එයාගෙ ඇවැස්ස මස්සිනා….නෑනා අයිති ඉතින් මස්සිනාටනෙ….” මගේ දිහා හරි උවමනාවෙන් බල බල එයා එහෙම කිව්වා.

” ඒක නිකන් කියමනක් විතරයිනෙ. …සුදු මැණිකේ කැමති කෙනෙක්ව තමයි එයා දවසක බදින්න ඕන…”

” අපෝ…සුද්දී මට පණ ඇරලා…මං කොහොමත් ආයෙ රට යන්නෑ..මට බයයි මගේ සුද්දී ව කවුරුහරි මට කලින් අරන් ගියොත්…ඒ නිසා ඉක්මනටම එයාව මගේ කරගන්නත් එක්කමයි මං මේ ආවෙ …” මගේ දිහා බලල කිව්ව.කොහොමත් ඔයාට කලින් එයා මගේ උනා කොල්ලො .මං තමුසෙට නම් එයාව දෙන්නෑ.එයා මගේ .එයාව මගෙන් උදුරගන්න මං කාටවත් ඉඩතියන්නෑ..

“ඒ ඉතින් එයා ඔයාට කැමති උනොත් නේ.. .” මං හිනාවෙලා එතනින් එන්න ආව.

” තරුක සර්ගෙ හිතේ සුද්දී ගැන අදහසක් තියෙනවනම් ඒක හිතින් අයින් කරගත්තනම් තමා හොද..” මං එන්න එද්දි මූ එහෙම කියපි.වල් බල්ලා.තෝ කොහොමද යකෝ මට එහෙම කියන්න.

” හහ්…මටත් ඔයාට කියන්න තියෙන්නෙ ඒටිකම තමයි තුශාර .” මාත් කියල දැම්ම.මූණ නිකන් කරත්ත රෝදෙට අහුවෙච්ච ගොම්බෙට්ටක් වගේ උනා ඒපාර.මට මොකෝ.හොද වැඩේ මගේයි මන්දාකිණි ගෙයි ආදරේ මැද්දට ආවට.

මොනා උනත් මේ දේවල් වලින් මගේ හිත හොදටම රිදිලයි තිබ්බෙ.ඒනිසා මං වලව්වෙන් එන්න ආවෙ එදා සුදු මැණිකේ පොත් බලබල හිටිය දොල පාර ලගට.එතන හරිම නිස්කලංක තැනක්.දොල පාරෙ සද්දෙයි,හුලං සද්දෙයි,විටින් විට ඇහෙන කුරුල්ලන්ගේ සද්දෙයි ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ .ගලක් උඩ වාඩි වෙලා ගලන දොල දිහා මං බලාගෙන හිටියා.අපේ ජීවිතෙත් හරියට මේ වගේ ගලාගෙන යන දියපාරක් වගේ කියන්නෙ නිකන් නෙවේ කියල තේරුනේ දැනුයි .මොකද අපේ ජීවිතේට එක එක කාලවල්වලදි එක එක ප්‍රශ්න ,කරදර බාධා,හිරිහැර එනවනෙ.ඒවට මුහුණ දෙන්න හොදට ශක්තිමත් ව ඉන්න වෙනවා.එතකොට තමයි වැටෙන්නැතිව ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙන්නෙ.මේ දොල පාරත් ගල් වල වැදි වැදි කොහොමහරි එයාගෙ ගමනාන්තයට යනව වගේ …

කල්පනා කරකරම මං ගොඩක් වෙලා ගල උඩ වාඩි වෙලා හිටියා.එක පාරටම මගේ ඇස් දෙක කවුරුහරි වැහුව .ඒ සිනිඳු අත මන්දාකිණීගෙ කියලා අදුනගන්න මට අමාරු උනේ නෑ..

” මන්දාකිණි … ”

” හොරා…මං එනව දකින්නැති . ..” එහෙම කියල එයා මගේ ලගින්ම වාඩි උනා.

” නෑ..මට ඔයාගෙ අත අදුනගන්න අමරු නෑ…” මං එහෙම කියලා අහක බලාගත්ත ඇත්තටම මට එයත් එක්ක පොඩි තරහක් තියෙනව..

” අම්මෝ .මොකෝ මේ මූණ එල්ලන්…..” මගේ මූන එයාදිහාට හරවල එයා ඇහුවෙ මගේ ඇස් වලට එබිල.

” කවුද අර ආපු කුමාරයා….”

” සූ.. ….මෙයාට ඊරිසියා හිතිලා….තරූ……ඒ මගේ අය්යනේ… ”

” ඒ ඔයාගෙ අයිය යෑ…..ඒ ඔයාගෙ මස්සිනානෙ…..”

” අයියෝ මස්සිනා මොකෝ අයියා මොකෝ… ”

” ඒ උනත් නෑන අයිති මස්සිනාටලුනෙ….” මං කිව්වෙ මගේ හිත තව තවත් රිද්දගෙන.

” අනේ තරූ…නෑන අයිති මස්සිනාට වෙන්නඇති ….ඒත් මං අයිති ඔයාට කියලා මං දන්නවා.. .ඒක ඔයත් දන්නවනේ …මගේ හිතේ එයාගැන තියෙන්නෙ සහෝදර ප්‍රේමයක් විතරයි….මං ආදරේ ඔයාට විතරයි තරූ…මං දවසක බැන්දොත් බදින්නෙ ඔයාව විතරමයි ….” සුදු මැණිකේ එහෙම කියාගෙන මගේ උරහිසින් ඔලුව තියාගත්තා .දැනුයි මට සැනසීමක් ලැබුනෙ. මාත් එයාගෙ කර වටා අත දාල එයාව තවතවත් මගේ ලගට ඇදලා ගත්තා.

” කෝ දැන් එයා…??” මං ඇහුවෙ තුශාර ගැන.

“අයිය ගියා….”

“ගියා?? මං හිතුව ඌ නවති කියලා ..”

” නෑ. අයියලගෙ ගෙවල් තියෙන්නෙ එහා ගමේ….”

“ආපෝ…ඒ කියන්නෙ ඌ නිතරම දැන් මෙහෙ එන්න ගනිවි ….”

” හාපෝ මෙයාගෙ ඊරිසියාව ….”

” එහෙම තමයි …මං ඉම්ඹ මලක් මං ආයෙ වෙන කාටවත් දෙන්නෙ නෑ…” එහෙම කියල මං එයාගෙ රෝස කම්මුල් සිපගත්තා .එයා තව තවත් මය තුරුලු වෙද්දි මට මුලු ප්‍රශ්න සේරම අමතක වෙලා එයාගෙ ලෝකෙ තනි උනා.

***************************

ඔන්න හෙට සුදු මැණිකේගෙ ප්‍රතිඵල එනවා.කොහොම වෙයිද කියලා බලන්න එන්නෝනි හෙටත්..වලව්වෙ ආදර අන්දරයට.???

M.A.Rashmi

3 thoughts on “තරු මන්දාකිණී| දාහතරවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    මං කිව්වේ හිපාටුවෙක් එයි කියලා තරුයි මන්දාකිණියි මැද්දට.. ?????? මොනා උනත් මන්දාකිණි අයිති තරූට…එච්චරයි… වෙනස් කරන්නනම් එපා කතාව හාට් අැටෑක් එකක් හැදෙයි අපිට… ??? well done rashmi…. Best of luck

  2. ප්‍රශ්නයක් නම් දාන්න එපා හරිද,හුස්ම හිරවෙයි??? අම්මෝ මේ කතාව තව ටිකක් දුර ඇදන් ගියත් කමක් නෑ අප්පා????? ඒක නෙමේ නම දාන්න තිබ්බෙ වලව්වේ ආදර අන්දරය කියලා????? ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.